ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Saturday, 4 January 2014
මහාචාර්ය ලා තුන් දෙනා ගේ කතන්දරේ - What if this is not true?
මේ කතන්දරේ මං අහලා තියෙන ලූ වර්ගයේ කතන්දරයක් මිසක් කෙලින්ම මගේ අත්දැකීමක් නොවෙන නිසා නම් ගම් වෙනදාටත් වඩා වෙනස් කරලායි කියන්න වෙන්නේ. ඔරිජිනල් කතන්දරේට වඩා පොඩි පොඩි වෙනස්කම් තියෙන්නත් ඉඩ තියෙනවා.
ඔන්න එකමත් එක රටක විශ්ව විද්‍යාලයක වැඩකරමින් හිටියා යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්නාම මහාචාර්යවරුය කියමුකෝ.
එක යාළුවෙක් ගමේ විදියට ම ඉන්න කැමති ගමේ පොරක්. නම පද්මසිරි.
අනිත් යාළුවා නම් පොෂ් විදියට ඉන්න පොෂ් පොරක්. හැබැයි පොරත් ගමේ කොල්ලෙක් තමයි මුල් කාලේ. පස්සේ තමයි පොෂ් වුනේ. කොටින්ම පොර තමන්ගේ ජයසූරිය කියන නම ජේ කියලා පොෂ් කරගෙනයි හිටියේ.
ජේ ගේ වයිෆ් තමයි ශ්‍රියා. ඒ ඇත්තිත් විශ්ව විද්‍යාලයක තමයි වැඩ. මේ යාළුවෝ දෙන්නා හිටපු එකේ නොවෙයි, වෙනිං එකක.
මේ තුන්දෙනා ගේ හිතවත්කම තවත් වැඩිවෙන්න හේතුවක් තමයි පද්මසිරියි, ශ්‍රියායි එකම ගමේ අය වීම.
ඔන්න එක දවසක් මේ තුන්දෙනාට දන්නා කියන කෙනෙකු ගේ අවමංගල්‍යයකට සහභාගී වෙන්න සිදුවුණා ලු. මළගෙදර තිබුණාය කියන්නේ නගරයෙන් ටිකක් විතර දුෂ්කර ප්‍රදේශයකයි.
කොටින්ම ඒ ගෙදරට වාහනේක යන්න පුළුවන් කමක් තිබිලා නෑ. තුන්දෙනා එකතුවෙලා පද්මසිරි ගේ කාර් එකේ ගිහින් ගමේ කඩමංඩියේ නවත්වලා බැලුවාම මළගෙදරට යන්න තියෙන්නේ කුඹුරක් මැදින් ලු.
මේක දැකලා අපේ ජේ ට ටිකක් අප්සෙට් වගේ ලු.
"අයි ඩොන්ට් නෝ වෙදර් ශ්‍රියා කැන් හැන්ඩ්ල් දිස් මඩී ෆුට් පාත් විත් හර් ෂුස්!" ජේ කිව්වා ලු පද්මසිරිට "මේ බී ෂී විල් හැව් ටු ස්ටේ බැක් ඉන් ද කා".
පද්මසිරි ගත් කටටම මෙහෙමයි කිව්වාය කියන්නේ.
"අනේ අපේ සිරියාවතීට මේ නියර උඩින් යන එක මොකක්ද? ඉස්සර අපි ඉස්කොලේ ගියේ හැමදාම මේ වගේ කුඹුරු උඩින් නේ!"
"ඔන්නොහෙ සපත්තු දෙක අතිං අරං යං බං ශ්‍රියෝ. කුඹුරෙන් එගොඩ වෙන තැනදි වේල්ලෙන් කකුක් දෙකේ මඩ හෝදා ගන්න බැරුවයැ?"
ජේ ගේ කට වැහුණා ලු.
-කතන්දරකාරයා
ප/ලි:
මෙන්න තවත් ආචාර්ය-මහාචාර්ය කතන්දර:
1. ආචාර්ය පියරත්න සහ මහාචාර්ය ගුණරත්න - Dr. Piyarathna and Professor Gunarathna
http://kathandara.blogspot.com/2010/03/dr-piyarathna-and-professor-gunarathna.html
2. කාලෝ ට සීට් එක දුන්න දා
http://kathandara.blogspot.com/2009/07/blog-post_11.html
3. ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ගේ අනන්‍යතාවය හෙළිවේ - Dr Vickramabahu Karunaratne's identity revealed
http://kathandara.blogspot.com/2011/06/dr-vickramabahu-karunaratnes-identity.html
4. ඇදුරුතුමාට තද වෙලා ලු! ඉතිං මට පාන් යැ? - Phone ethics
http://kathandara.blogspot.com/2012/09/phone-ethics.html
(image: http://peasantautonomy.org/mangalore-village-life-b.html)
Subscribe to:
Post Comments (Atom)
පසු කාලීනව පොෂ් වෙලා වැඩ කිඩ දාන පොරවල් ගැන කතා කරල වැඩක් නැත.
ReplyDeleteIs this all about to insult "Pra Jay" ?
Deleteපොෂ්වීම ම යනු අතාත්වික දෙයකි!
Deleteසිරියාවතී ඉස්සර ඉස්කෝලේ ගියෙත් ඒ වගේම ෂූස් දාගෙනලුද? :D
ReplyDeleteමටනම් කථාව තේරුන් නෑ...
Deleteජේ කියුවේ ඌට යන්න බෑ කියලත් නෙමෙයි...
ජේකාරයයි ශ්‍රියායි එක ගමේත් නෙමේයි...
සොරි වෙන්ඩ ඕනෑ පොඩ්ඩී ..වැරදි තැන කොමේට් කලේ...
Delete@ පොඩ්ඩි
Deleteසිරියාවතී ඒ කාලේ ඉස්කෝලේ යන්න දාන්න ඇත්තේ ඛැන්වස් සපත්තු. මේ කතන්දරේ කාලේ නං ඉතිං හොඳ හොඳ ෂුස් දාන්න ඇති, මහැදුරුනේ!
@ My life as a Gaijin!
Deleteජේ හෙවත් ජයසුරිය හැදුවේ නෝනාවත් පොෂ් කරන්නයි. නමුත් පද්මසිරි ඉන්න බව අමතක වුණා!
christmas-2013-around-the-world
ReplyDeletehttp://www.theatlantic.com/infocus/2013/12/christmas-2013-around-the-world/100651/
Photo number 35 is from Sri Lanka.
මා ගාවට එන්න කියන එක කීයක් හරි දෙන්න කියල තේරුම් අරන් වගේ!
Deleteනියම කතාව ගමෙන් ගියපු ගොඩක් අය ගේ තත්ත්වය ඔහොම තමයි ...
ReplyDeleteගොඩක් යැයි කියන්න බැහැ!
Deleteහහ් හහ් හා..
ReplyDeleteසිනා!
Deleteකවුද අර අන්තිම ටික කියල තියෙන්නෙ. පද්මසිරිද නැත්තම් අනිකද.එහෙමත් නැත්නම් වෙනින් පොරක්ද
ReplyDeleteපද්මසිරි ජයසූරියට - "අනේ අපේ සිරියාවතීට මේ නියර උඩින් යන එක මොකක්ද? ඉස්සර අපි ඉස්කොලේ ගියේ හැමදාම මේ වගේ කුඹුරු උඩින් නේ!"
Deleteපද්මසිරි සිරියාවතී ට - "ඔන්නොහෙ සපත්තු දෙක අතිං අරං යං බං ශ්‍රියෝ. කුඹුරෙන් එගොඩ වෙන තැනදි වේල්ලෙන් කකුක් දෙකේ මඩ හෝදා ගන්න බැරුවයැ?"
මේ වගේමය කිව හැකි කතා ටිකක් නත්තල් නිවාඩුවේදී කියෙව්වා කේ. ජයතිලකගේ 'රාජපක්ෂ වලව්ව' පොතේ.
ReplyDeleteමං ඔය පොත කියෝලා තියෙනවා සෑහෙන කාලෙකට කලින්. දැන් කිසිම මතකයක් නෑ අන්තර්ගතය.
Deleteහැබැයි ඔය ජේ. කියන මනුස්සයා මොනවා වුණත් අර ඇමෙරිකාවෙ ඉඳන් ලංකාවේ හැම මඟුලටම බැනලා බ්ලොග් ලියන අම්මණ්ඩිට වැඩිය නම් හොඳයි වගේ.
ReplyDeleteකකා මේ කතාවේන් හින්ට් එකක් ගහන්නේ ඇමරිකන් නෝනටවත්ද?
Deleteලඟදී ඒ නෝනා ලියපු මුකුත් කියවන්න බැරි වුණා.කෝ කකාත් රෝලෙන් හැලුවානේ.
මට ඇයට හින්ට් ගසන්නට අවශ්‍යතාවයක් නැත. මා ඒ බ්ලොගය කියවීම අතහැරියා පමණි. ඒ අර මියගිය සුනිලා අබේසේකර ගැන ක්‍රෝධයෙන් වගේ ලියා තිබූ ලිපියෙන් පසුවයි.
Deleteඑතකොට අර අන්තිම ටික කිව්වෙ කවුද
ReplyDeleteපද්මසිරි ජයසූරියට - "අනේ අපේ සිරියාවතීට මේ නියර උඩින් යන එක මොකක්ද? ඉස්සර අපි ඉස්කොලේ ගියේ හැමදාම මේ වගේ කුඹුරු උඩින් නේ!"
Deleteපද්මසිරි සිරියාවතී ට - "ඔන්නොහෙ සපත්තු දෙක අතිං අරං යං බං ශ්‍රියෝ. කුඹුරෙන් එගොඩ වෙන තැනදි වේල්ලෙන් කකුක් දෙකේ මඩ හෝදා ගන්න බැරුවයැ?"
පොෂ් වීම සුව කල නොහැකි රෝගයක් කියලනේ කියන්නේ
ReplyDeleteඅනුන්ට කරදරයක් නොවේ නං තමන්ගේ ආතල් එක සඳහා පොෂ්වීමේ වරදක් නැත.
Deleteමරු මරු... මේ වගේ ගොඩක් අය ඉන්නව නොවැ.
ReplyDeleteමේ ජේ හැර තවත් ජේ ලා ද සිටිති!
Deleteඕයි, මෙහෙම පෝස්ට් හිට් වෙන්නෙ නැහැ. shame shame Moratuwa professors ගමේකම අමතක කල කට්ටෝ වගේ ටයිටල් එකක් දන්න ඕනෙ හිට් වෙන්න නම්. ඒත් ලඟදි කට්ටන්ට ගහන්න හිහිල්ල ගූ ගොඩක් නාගත්තනෙ. ලැජ්ජාව කියල එකකුත් නැතුවයැ කක්ක තුමාට
ReplyDeleteඔය කතාවට සම්බන්ද මහාචාර්යතුමා දැන් ඉන්නෙ මොරටුවේ නෙවෙයි නේද?
Deleteමේ මහාචාර්යවරු තුන් දෙනාම දැන් විශ්‍රාමික විය යුතුයි!
Deleteමට සිංදුවක් මතක් උනා.
ReplyDeleteශ්‍රියා මනමත් වී මා ආගේ දැකලා උන්මාද වේවී හෘදේ.
ඇයි කොලොම් පුරේ ශ්‍රියා සින්දුව
Deleteකකා !!
ReplyDeleteසමහර රට ගිහින් එන ඇත්තන්ටත් ඔය පොස් ලෙඩේ සැරටම තියනවා !!
එතුමන්ලා ලංකාවට ආවමත් කතා කොරන්නෙ ඒ රටේ බාසාවෙං බාගයයි සිංහල බාගයයි නොවැ !!
බාට දෙකක් දාගෙන ෂෝටක් ගහං හංදියෙ වලක් බහින තරං සැපක් මට නං නෑ කකා ඕං ඇත්තම කීව !!!
Kakage Blog Ake Walak Ne.
Deleteඇත්තටම ඇමරිකාවේ, එංගලන්තේ ගිය අපේ අය ගෙදර ඇවිත් ඉංගිරිසි කියෝනවා වගේ ඉතාලි ගිය අය ලංකාවට ඇවිත් ඉතාලි භාෂාවෙන් ද කතාකරන්නේ.
Deleteමම දන්න ගාල්ලෙ පරපුරක්ම ඉන්න්ව ඉතාලියෙන් ගොඩ ගිය. උන්ගෙ නම් කුණුහරුප, එතකොට තව පොඩි ඉතාලි වචන මැදට දාල තමයි ලොකු උන් ක්තාව. පොඩි උන්නම් ඉතාලියෙම්ම තමයි ගොඩ වෙලාවට.
Deleteසංසාරේ කකා
Deleteජා ඇල හරියෙන් පටන් ගත්තම පුත්තලමට යනකම්ම (වෙන්නප්පුව හරියෙ සැරටම ) තියනව ඔය ලෙඩේ ..!!
පුරුද්දට ඉඳ හිට වගේ වචනයක් කියවීම ස්වාභාවිකයි !!!
නමුත් මේ ඒක නෙවෙයිනේ !! :D
වැඩේ තියෙන්නෙ කකා ඒ උදවිය ඉතාලියෙදි ඉතාලි අය එක්ක කතාකරන්නෙ වැඩිහරියක් අංග චලනයෙනුයි කැඩිච්ච ඉතාලියෙනුයි වීම !!!
Deleteසංසාරේ ටීක් බෝලේ !!!!
වැඩේ තියෙන්නෙ කකා ඒ උදවිය ඉතාලියෙදි ඉතාලි අය එක්ක කතාකරන්නෙ වැඩිහරියක් අංග චලනයෙනුයි කැඩිච්ච ඉතාලියෙනුයි වීම !!!
Deleteමේක නම් කවුරු කීවත් හැට් එක ගලවලම අතට දෙනවා.... මෙහේ සමහර ලාංකිකයෝ ඉතාලි භාශාව කතා කරන විදිය තේරුම් ගන්න ස්කෝලේ යන්න ඕනේ.
මේකනම් මඩ ගැහිල්ලක්
ReplyDeleteමෙය මගේ කතන්දරයක් නොවේ. ඇසූ එකක් නැවත කීමක් පමණි!
Deleteවෙන්ඩ පොෂ් ඛේදාන්තය
ReplyDeleteදන්නෝ දනිති!
Deleteඅද කතන්දරේටනම් දහයෙන් දෙක තුනකට වැඩිය දෙන්න අමාරුයි කකා.
ReplyDeleteකතන්දරේ සියුම්ව විග්‍රහා කරලා බැලුවාම මට පේනවා ,කකා මේ දක්වා දරපු මතවාදත් එක්ක අද කතන්දරේ පොඩි නොගැලපීමක් තියෙන විත්තිය.
1.පොෂ් එවුන් /ගොඩේ බයියෝයි උපතින් තීරණය කරලා තියෙන්නේ ගොඩේ බයියෙක්ට පොෂ් වෙන්න බෑ. ඒක නිකං ජොක් එකක්.කකා ගොඩක්තැන් වලදී අයිතීන් වෙනුවෙන් පෙනී හිටියා.වෙනස්වීමත් එක්තරා ආකරයක අයිතීයක් කකා.
2.කකා පොෂ් වීම කියන්නෙත් නයි ඈරිම වාගේම සාපේක්ෂ දෙයක්.
ජංඩියට පහටම නොවුනත් පිළිවෙළකට ඇඳලා ඉද්දී කවුරු කවුරුත් මඩට බහින්න කැමැති නෑ.කඩුවෙන් කෙටුවැයි,වෙලට බහින්න බෑමයි කිව්වාට එතැන මහ ලොකු පොෂ් වීමක් නෑ.මම කැමැති කකා වාගේම අතින් කන්න.,හැබැයි හැම මඟුලේම ගිහින් අපේ පුරුද්ද මේකයි,මේක තමයි අපේ ක්‍රමේ කියලා අපි අතින් කන්න යන් නෑනේද? අවස්ථාවට අනුව ගලපගන්නවා.
අද කතාවනම් ගැලරියට විසීල් ගහන්න ලියපු එකක් වාගේ.
සෑහෙන දුරට එකඟයි. එකඟ නොවෙන තැනුත් තියෙනවා. ගමේ ඉපදුන කතානායකයා, ගමක් දැකල නෑ වගේ හැසිරුනා වගේ හැඟීමක් එනවා. ඒකෙම අනිත් පැත්ත, ඔය කියන විදිහට් පොෂ් වෙලා , බිරිඳ හයි හීල්ස් එහෙමත් දාගෙන හිටියා නං, එහෙම කෙනෙකුට නියරක් දිගේ යන්න තියන අපහසුව.
Deleteඒත් මට ඔබේ තර්කය ඇතුලෙත් පොඩි නොගැලපීමක් පේනව. " වෙනස්වීමත් එක්තරා ආකරයක අයිතීයක් " කියන එක කකාට අදාල නැත්ද?
/ගමේ ඉපදුන කතානායකයා, ගමක් දැකල නෑ වගේ හැසිරුනා වගේ හැඟීමක් එනවා. //
Deleteටොමීයා මතු කරණ මේ කාරණය මාත් පිළිගන්නවා.අපි මුල අමතක කරන්න හොඳ නෑ.100% එකඟයි.හැබැයි සමාජේ බහුතරයක් පොඩිතැනක ඉදලා ඉහලට ගිය මිනිහෙක් දීහා බොහෝ විට බලන්න උස්සහා කරන්නේ "අන්න අරූ උඩින් යන්න හදනවා" නැත්තම් "ඕකා කලින් හිටියේ මෙහෙමයි .අහවල් ජරා වැඩේ කරලයි ඕතන්ට ආවේ"
මං ඕතැන ඉන්නේ කෙනෙක් අර විදිහට හැසිරේනවා දැක්කම " ඒ මනුස්සයාටත් ඒ මනුස්සයාගේ පැත්තෙන් සාධාරණ හේතුවක් ඇති කියලා හිතන තැන.
Delete/ " වෙනස්වීමත් එක්තරා ආකරයක අයිතීයක් " කියන එක කකාට අදාල නැත්ද?;//
මේතැනදී මට පොඩ්ඩක් පිට පනින්න වෙනවා.කකායි මායි එකම ඉස්කොලේ .මාත් ALකලේ 80 දශකයේ මුල.වැඩිම වුනොත් කකාට වැඩිය අවුරුද්දූ කීපයක් වයසින් වැඩි ඇති.අපේ කාලේ ශ්‍රේණියක් උඩ පල්ලයා මට්ටමේත් යම් දුරකට අයියා මල්ලී කියන එක තිවුනා.කකාත් ගොඩක් විට ඉස්කොලේදී අයියා මල්ලී පාවිච්චී කරන්න ඇති. හැබැයි කැම්පස් එකේදී ඒක වෙනසකට භාජනය වුනා විතරක් නෙමේයි..කකා ඒ සම්බන්දව ගොඩ නැගූ මතය බොහොම තර්කානූකුලයි ,එකඟ වෙන්න පුළුවන්[ මේ දේ මා දරන මතය ] මං එක කකාගේ මං දකින විදිහට ප්‍රගතිශීලී වෙනසක්.
කකාගේ කතන්දර වල මං පුද්ගලිකව අගය කරන ඔය ජාතියේ ප්‍රගතීශීලී මත ගණනාවක් තියෙනවා.
උඩ කතන්දරේ උපහාසය කකා හා මා දරන අදහස සමපාත නොවුන තැනක්. ඒහින්දයි මම උඩ කමේටුව කෙටුවේ .
අපි බලන් කොණ විවිධාකරයිනේ ටොමියෝ.ඒ හින්ද මං ලියුදේ නොගැලපීමක් ටොමියාට පේන එක්ත් සාමන්‍ය දෙයක්.
ඇත්ත. ලෝකය විවිධයි, විචිත්‍රයි. ගෝලාකාරයි නෙව :)
Deleteසුහදව, එත් තර්කාණුකූල සාකච්චාව ගැන මගේ සතුට
@ බඩු කාරයා
Deleteහැකි තරම් කෙටියෙන්.
මා මුලින්ම කියා ඇති පරිදිම මෙය මගේ කතාවක් නොවේ. ලිව්වේද ලු භාෂාවෙනි. ටයිටලයට දැමුවේ ද කියාය.
මා මෙය ලියුවේ ලියන්නට තියෙන කතන්දර ලැයිස්තුවේ තිබූ ඉතා අඩුම කාලයකින් ලියා දමන්නට හැකි එක වූ නිසාය.
මා මේ කතාව ඇසුවේ මීට වසර විස්සකට පමණ පෙරයි. මේ තිදෙනාම එවකටද මැදිවිය ඉක්මවා ගිය අය වූහ. දැන් පැන්ෂොන් විය යුතුයි.
අන් අයට කරදරයක් නොවී කවුරු පොෂ් වුනත් කවුරු ඩි-පොෂ් මට ප්‍රශ්ණයක් නැත.
මේ කතන්දරයේ මගේ මතවාදයක් ඉදිරිපත් කර නැත. කතන්දරයක් කීවා පමණි.
@ ටොමියා
Deleteමේ කතාව මට කියූ පුද්ගලායා ඒ දවස්වල ඉන් අදහස් කලේ ජයසූරිය ගැණ විහිළු කතාවක් කීම බව සිතමි. යුනිවසිටි චරිත ගැන සිසුන් එලෙස විහිළු කතා (ඇත්ත සහ මඩ) කියනවා නොවැ!
මේ ජයසූරිය චරිතය හෝ ශ්‍රියා මා කිසි දිනක දැක ණැත. පද්මසිරි පමණක් එක් දිනක් අහම්බෙන් දුටුවෙමි.
@ බඩු කාරයා
Delete/* .කකාත් ගොඩක් විට ඉස්කොලේදී අයියා මල්ලී පාවිච්චී කරන්න ඇති. */
මා ඔය කියන පාසලට ගියා වසර හතරක්. දුම්රියේ සහ බසයේ මට වඩා වැඩිමහල් අය සහ බාල අය සමග ගමන් කලා. අප කිසිවෙකු අතර අයියා මල්ලී කතාවක් තිබුණේ නෑ.
*
ReplyDeleteඉහලින් බඩුකාරයාගේ කොමෙන්ටුව හා එකඟ වෙන අතරේම කෙනෙක් සභාවකදී අහනවා ඇසුනා කට්ට කරවල හදන්නේ තෝර මාලුවලින්ලු නේද කියලා, මට පට්ට ශුවර් ඒ මහත්තය හොඳට කරවල කාපු මහත්තයෙක්
ReplyDeleteදයාල් , මගෙත් ප්‍රියතම කෑමක් කරවල. ටොන් ගානක් කාල ඇති මේ වෙනකොට. (කරවල තෙල් දාල , පොල්සම්බෝල , කිරිහොදි එක්ක තම්බපු කොස් එහෙම මතක් කර ගන්නකො ) එත් මම දන්නෙත් නැහැ කට්ට කරවල හදන්නේ තෝරගෙන්ද , මෝරගෙන්ද කෙලවල්ලගෙන්ද නැත්නම් මුදු අශ්වයගෙන්ද කියල.
Deleteඔය මාළු ඔක්කොම එක තැනක් තිබ්බොත් මොකා මොකද්ද කියන්නවත් මට අබ මල් රේණුවක දැනුමක් නැහැ... (ඒ දැනුම නැත්තේ මම ඒ දැනුම ලබාගන්න මහනිසි නොවුණු නිසා , උනන්දුවක් නොතිබුන නිසා සහ පිසූ ආහාර මේ දක්වා ලැබෙන නිසා කඩේ යාමට ආහාර පිසීමට අවශ්‍යතාවයක් නොතිබුන නිසා ) හැබැයි එකෙන් ගම්‍ය වෙනවද මම මෝඩයෙක් කියල ? මනුස්සයෙක් ( හෝ යකෙක් ) මේ ලෝකේ තියෙන සෑම දෙයක්ම දැනගතයුතුයි කියන ගොඩක් දෙනෙක් ට තියෙන දුර් මතය බොහොම ලාමක එකක් ...
වෙන විදියකට කියනවා නං තමන් දන්නා සාමාන්‍ය දැනුම සම්බන්ධ සියලු දේ අනිත් අයත් නිසගයෙන්ම දන සිටිය යුතුයි .. නැත්නම් ඒක මහා මෝඩයෙක් කියන ලාමක දුර් මතය....
මම සාමාන්‍ය දැනුම හැටියට ගන්න ඔබ කිසි සේත් නොදන්නා කොච්චර නං දේවල් තිබේද ... නමුත් ඒවා නොදන්නා පමණින් කිසිවෙකු විසිලුවකට ගැනීමට නං මට නොසිතේ....
ඇත්තටම කට්ට කරවල හදන්නේ මොන මාළුවාගෙන්ද?
Deleteදැන් මේක ඇහුවම මාත් මොඩිෆයි වෙච්ච පොශ් වෙනවද මන්දා. ඒත් මගේ ආසම කෑමක් වුනාට මම ඒක හදන මාළුවා ගැන දන්නේ නෑ.
කට්ටා කරවල හදන්නේ කට්ටා නමැති මාළුවාගෙනි. සමහර දිනවලට පමණක් මාලු ලෑල්ලේ විකිණීමට තිබේ!
Deleteවේලන්නේ නැතුව රහ නැත.
ඔව්ව මොනාද මචන්සල. මේ ලඟදි මෙහෙ ලංකාවෙ කඩේට ආපු ලංකාවෙ සිංහල ගෑණු කෙනෙක් බඩු තෝර තෝර උන්නු අපෙ වයිෆ්ගෙන් අහනව "මේ දෙල්ද පොලොස්ද කියල". ඊට ටික වෙලාවකට කලින් ඒ පුරස්නෙම අහපු මගේ ලොකු කොලුවට ( 6+) උත්තරේ කියල දීල තිබ්බ නිසා මිනිහ අම්මගෙන් අහපු එකට පැනල රිප්ලයි කරනව "දෙල් දෙල්" කියල. ඇන්ටිගෙ මූන දෙල් උනා!
Deleteකට්ට කරෝල හදන්නෙ කට්ට මාලුවගෙන්. ඒකව උයල කන්න බෑ. මෙලෝ රහක් නෑ, දියවෙලා යනව උයද්දි ( මේ මම දන්න තරම - වැරදිනම් නිවැරදි කරන්න. මොකද අපි කට්ට කියල හිතන් ඉන්න මාලුව මොකාද කියල එතකොට දැනගතෑකි. ඕනයා මෙහෙ වරෙන් ප්ලීස් )
ඉන්දික......ඔබලා හරි....කට්ට කරවල හදන කට්ටාවා කියන මාලුවා කරවලටම උපන් එකෙක්ද කොහෙද. බොම්බිලිත් එහෙමනේ. කට්ටාවා මෙලො රහක් නැහැ උයලා. කරවෙන්නම බැද්දොත් ලුනු ගෝනියක් විතර දාලා කන්න පුළුවන්.
Deleteකට්ටාවා හරි වචනෙ. වේලලාමයි කන්නෙ. වයඹ පැත්තෙ තමයි වැඩිපුර අහුවෙන්නෙ
Deleteමේ කට්ටෙක් මතක් කරලා මම කට්ට කරවල හදලා බත් කෑවත් එක්ක. ඔබලා කියන දේ වෙන්න ඕනේ මම මාළු කඩවල කට්ටා මාළුවෙක් දැකලම නෑ. නැත්නම් මට ඌව මිස් වෙන්න බෑ නේ. බොම්බිලි කාලත් නෑ. හැබැයි ඉතින් ලංකාවේ එළවළු පළතුරු හා ගස් වර්ග නම් මම නොදන්න දේවල් නෑ වෙන්න ඕනේ. ලංකාවේ මිනිස්සු මම කන සමහරක් එළවළු දන්නෙත් නෑ.
Deleteපත්මසිරිය මරු ඩයල් එකක්නේ. . .ඔහොම නේන්නං කතා කරන්න ඕනි . . . .
ReplyDeleteපද්මසිරි ගැණ තවත් මා අසා ඇති කතා ඇත.
Deleteපොෂ් වෙන්න ඕන තැනයි ,නැති තැනයි අඳුනගන්න බැරි උදවිය නිසා තමයි වැඩේ ලෙඩේ වෙලා තියෙන්නේ..ආප්ප ,ඉඳිආප්පත් හැඳි ගෑරුප්පු වලින් කන්න ට්‍රයි කරන ලංකාවේ අය දැක්කාමනම් ස්ට්‍රෝ එකක් අරන් සුප් එක පොවන්න හිතෙනවා.
ReplyDeleteකොෂ් කාල පොෂ් වෙච්ච ඇත්තෝ :D
ReplyDeleteඔහොම පොෂ් වෙන්න යන අය අද සමාජේ ඕන තරම් ඉන්නවා..
ReplyDelete