ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Sunday 31 January 2010
ලියුං කැඩීම - තාත්තා ට පාඩමක්
තමන්ගෙ නමට එන ලියුං තවමත් ගෙදය අය කඩල බලනව කියල පිළිගන්න අය ඉන්නවනං ඒ අය කරුණාකරල අත උස්සන්න!
අපි පොඩි කාලෙ නං අපිට බර්ත් ඩේ කාඩ් එකක් ආවත් ආවෙ තාත්ත හරි අම්ම හරි බාරේ මෙන්න මෙහෙම ඇඩ්රස් එක ලියලයි.
කතන්දර කුමාර
කතන්දර කුමාරගේ තාත්තා බාරේ
101, පරකන්දෙනිය
ඉඹුල්ගොඩ.
ඉංගිරිසියෙන් ලියනව නං ලියන්නෙ Care of එහෙම නැත්තං c/o කියලයි.
ඔය මොන විදියට ලිව්වත් තාත්ත හෝ අම්ම බාරේ ලියුමක ඇඩ්රස් ලියන එක තැපැල් දෙපාර්තමේන්තුව පැත්තෙන් සලකන කොට නං කිසිම තේරුමක් ඇති දෙයක් නෙමේ. ඒ ගොල්ලන්ට ඕනැ ගෙදර තියෙන තැන හොයා ගන්න හැටි විතරනෙ! ගමේ නම, පාරෙ නම, ගෙදර අංකය විතරක් තිබුනම හොඳටෝම ඇති.
හැබැයි ගෙදර අයට නං මේ බාරේ කියල ලියන එකෙන් තේරෙන්නෙ ලියුමට බාරකාරයෙක් ඉන්නව කියන එකයි. ඒකනෙ ඒ ගොල්ලො ලියුම කඩල බලන්නෙ!
ඔන්න අපි ටිකක් ලොකු උනාම වෙසක් කාඩ් යවන කාලෙ ආව. දැන් යාළුවො එවන කාඩ් වල අර බාරේ කෑල්ල නෑ. හැබැයි අපේ කාලෙ මේ වෙසක් කාඩ් බොහෝ විට පෝස්ට් කාඩ් වර්ගයක් නිසා ඒවයෙ කොහොමටත් කඩල බලන්න ඕනැ කමක් තිබුනෙ නෑ. මුළු අන්තර්ගතයම එලියෙනෙ තියෙන්නේ!
ඒ ලෙවල් විභාගෙ කරල ගෙදර ඉන්න "ගන්ධබ්බ කාලෙ" තමයි ඉස්සෙල්ලාම ඉස්කොලෙ යාළුවන් ගෙන් ගොඩක් ලියුම් එන්න පටන් ගත්තෙ. අපේ හොඳම මිතුරන් පස් හය දෙනෙකුගෙ ක්ලික් එකක් තිබුන. ඉතිං ඒ කාලෙ සිතයකට ලියුං තුන හතරක් එනව.
මගෙත් වැඩේ දවල් කාලෙ පොත් බලනව, රෑට ලියුම් ලියනව. ඒවත් මාගල් වගේ දිග ලියුං. ඒ දවස්වල ඔය අද කොල්ලො කුරුට්ටන්ට වගේ අපිට Land Phone, Mobile Phone, SMS, MSN, eMail, Facebook යනාදිය තිබුනෙ නෑනෙ.
මං ගෙදර හිටියොත් කෙලින්ම මගෙ නමට එන ලියුං ටික මං ගන්නව පියුං කාරය එනකං මග බලාගෙන ඉඳල. මං පුස්තකාලෙට ගිහින් හෙම හිටි දවසක තාත්ත ගෙදර හිටියොත් කාගෙ නම තිබුනත් එයා ලියුං කඩනවාමයි.
මේ විදියට තාත්ත අන්තිමට කැඩුව මගේ නමට ආපු ලියමන එවල තිබුනෙ ජයන්ත කියන මගේ හිතවතායි.
ජයන්තය ඒ වෙනකොටත් පොරක්. කෙල්ලෙක් එක්ක සෙට් වෙලා අවුරුද්දක් විතර.
රිසල්ට්ස් එනකං ගෙදර අපි ගතකළ ඒ අසහනකාරී කාලය ගැන මගේ ලියුමක තිබුණු ආඩපාලි වලට උත්තර විදියට ජයන්තය ඒ තාත්ත කාඩපු ලියුමෙ ලියල තිබුණ මෙන්න මෙහෙම.
"මචං, කතන්දරේ, උඹට තියෙන්නෙ හරිම ලෙඩක්. ඕකට කියන්නෙ අසහනය කියලයි. උඹට තියෙන්නෙ ඉක්මනටම බඩුවක් දාගන්න එකයි."
"හොඳ බඩුවක් දාගනිං!"
එදායිං පස්සෙ තාත්ත කවදාක්වත් මගේ ලියුං කැඩුවෙ නෑ!!!
කතන්දරකාරයා
ප/ලි: හා, දැන් ඔය අත් උස්සගෙන ඉන්න ළමයි අත් පාත දාන්නකෝ.
Subscribe to:
Post Comments (Atom)
අපේ අම්මාත් ඔහොමයිනෙ ඒ කාලේ..හපොයි ..කාගේ නමට තිබ්බත් එයයි ලියුම් කඩන්නේ.
ReplyDeleteහැබැයි ඔය වගේ ලියපු ලියුමක් එහෙම මට ආවොතින්, ඒ යාළුවත් එක්ක ආය යාළුකම් නම් අම්මට හොරෙන් තමයි, ඒතරම් බලපෑම් එයාගෙන්..හික්ස්..:-D
අපේ ගෙදරත් ඔය සීන් එක තාම තියනව.. මගෙ නමට එන එව තම කඩල බලනව. ජොලි වැඩේ කියන්නෙ ටෙලිපෝන් බිලත් ඔහොම කඩල බලනවනෙ..
ReplyDeleteබිපෙසි :)
ReplyDeleteහා හා හා
ReplyDeleteපස්සේ ඉතින් බඩුවක් දාගත්තද?
තත්තා බඩුවක් දාලා දුන්නද?
/බිඟුවා...!
අපේ ගෙදර එවුන්ටත් ඔය කැත පුරුද්ද තියෙනවා අප්පා... මට ඉතිං යකා නගිනවා, ඒ කාලේ..
ReplyDeleteදැන් නම් මං අවුරුදු ගානකින් ලියුමක් ලියලා නෑ, කොලේක..
මුන් ඇතුවත් බැරි , නැතුවත් බැරි යක්කු ජාතියක් කියන්නෙ එකයි. අපෙ එකෙක් මම බොන කාලෙ මට බොන්න අරන් දිලා එතනට තාත්තවත් ගෙන්නලා මාව චාටර් කරලා තියනවා. එ අතින් ඔයාගෙ ඉන්න ගජං පින් ටික හොදයි...
ReplyDeleteමට මතක හැටියට අපේ ගෙදරින් නම් මට ඔය කරදරේ තිබුනෙ නෑ. අපේ නංගිට කොල්ලෙක් එව්ව ලියුමක් නැන්දට අහුවෙලා මට ගෙනත් දුන්න රටක් රජ්ජයක් දිනා ගත්ත වගේ. මම කිව්ව ඒක අදාල පුද්ගලයට ලැබෙන්න සලස්සන්න, මීට පස්සෙ අනුන්ගෙ ලියුම් බලන්න එපා කියල. දෙමවුපියො වැඩිහිටියො තමන්ගෙ දරුවො ගැන සෝදිසියෙන් ඉන්න ඕන තමයි. ඒත් ඒකෙ සීමාවක් තියනවා. අනිත් කෙනෙකුගේ පෞද්ගලිකත්වයට, ආත්ම ගෞරවයට හානි වෙන විදිහට ඒ අයගෙ ජීවිත වලට එබිල බලන එක මහ නිහීන ක්‍රියාවක්. ඔය අනුන්ගෙ ලියුම් බලන කිසිම කෙනෙක් කැමති නෑ තමන්ගෙ ලියුමක් වෙන කෙනෙක් බලනවට. "අත්තානං උපමං කත්වා"
ReplyDeleteඅපරාදේ encryption දාලා නේ එවන්න තිබ්බේ යාලුවාට ;)
ReplyDeleteඅපේ ගෙදරට එන ලියුම් ගන්නේ ගොඩක් වෙලාවට මං.. ඒත් ඉතිං ලියුම් එන්නෙම නැති තරම්නේ මට.. මං නැති වෙලාවට මට එන ඒවා අම්මා කඩලා තියනවා.. ඒත් ඉතිං ඔය වගේ අවුල් ඒවා ඒවයේ නැති නිසා ප්‍රශ්ණයක් නෑ
ReplyDeleteඉස්සරනම් ගෙදරින් ලියුම් කඩනවා. දැන් නම් එහෙම කරන්නේ නැහැ ඒත් වැඩේ කියන්නේ ඉඳලා හිටලා සැක කටයුත් ඒවා තාමත් කඩනවා. හැබැයි ඉතින් දැන් ලියුමක් එන්නේ බිලක් ගෙවන්න කියලා විතරයි. ලියුම් ලියන එක තරම් ඊමේල් එස් එම් එස් කිසිම ගතියක් නැහැ
ReplyDeleteniyama katha
ReplyDeleteමට නම් ඉතින් ගෙදරට ලියුම් එන්නෙ විභාගෙකට Admission එකක් වගේ තමයි.. ජංගම ටැලිපෝං එකත් තියෙන්නෙ අම්මගෙ නමටනෙ.. :D
ReplyDeleteබිපෙසි :))
ReplyDeleteසිරා කතාව! බිපෙසි! :D
ReplyDeleteඅප්පෝ ඔව්..සීසර් කියල නෑ... මගෙ ෆෝන් බිල් එකේ සමහර නම්බර් වලට කෝල් කරලත් බලනවා...
ReplyDeleteකෙල්ලෙකුත් නැතිව....ගෙදරට මොකුත් මාට්‍ටු වෙලත් නැතිව ඔහොම ලියුම් කඩලා බලනකොට ඉතින් ඌරු ජුවල්....
හි හි දවසක් මගේ ගෑනු ලමයා එවලා තිබුනු ලියුමකුත් කඩලා තිබුනා හැබැයි ඒක කියවලා තිබුනා වගේම අලවලත් තිබුනා පස්සේ අපේ අම්මා මගෙන් අහනවා මොනාද එවල තියෙන්නේ කියලා මම කිව්වා උපන්දින කාඩ් එකක් කියලා....අම්මා වැරදිලා අහපි ලියුම දාලා තිබුනේ නැද්ද කියලා හි හි
ReplyDelete