Monday, 6 January 2014

මිරිසවැටිය අසල සිටි අහිකුණ්ටික ගැහැණිය - Under construction


පොඩි කාලේ මට මතකයි අනුරාධපුරයේ අටමස්ථානවල පොටෝ එක්ක විස්තර ප්‍රින්ට් කරලා තියෙන ලොකු වෝල් පෝස්ටර් එකක් තිබුණා අපේ ආච්චිලා ගේ ගෙදර.

එතන තිබුණු රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනාරාමය වගේ අපි සාමාන්‍යයෙන් දන්නා ආකාරයේ චෛත්‍යවලට වඩා වෙනස් හැඩයක් තිබුණු චෛත්‍යයක් තමයි මිරිසවැටිය.

මං දෙකේ පන්තියේ දී ගිය අපේ පවුලේ විනෝද චාරිකාවේදී ඇස් දෙකින්ම දැක්කා මිරිසවැටිය චෛත්‍යයේ උඩ කැල්ල නැති බව. ඉතිං උඩ කෑල්ලයි, යට කෑල්ලයි දෙකම තියෙන දහසක් චෛත්‍ය අතරේ, මේ යට කැල්ල විතරක් තියෙන මිරිසවැටිය අසමසම (යුනික්) එකක් විදියට දීර්ඝ කාලයක් මගේ මතකයේ තිබුණා.

අනුරාධපුරේ තියෙන මොකක් දෝ චෛත්‍යයක් ගැන අපි පොඩි කාලේ අහල තිබුණු එක්තරා කතන්දරයක් මෙන්න මෙහෙමයි.

ඔය කියන චෛත්‍යය හදන්න නියෝග කරපු මහරජ දුටුගැමුණු මැරෙන්න යන කොටත් ඒකේ ප්‍රොජෙක්ට් මැනේජර්ට වැඩේ ඉවරකර ගන්න බැරිවුනාලු.

සමහරවිට කොන්ටිටි සර්වේයර්ස් ලා වර්ග අඩියකට යන මුදල වැරදි විදියට ගණනය කරලා තියෙන්න ඇති.

එහෙම නැත්තං සමහරවිට භාණ්ඩාගාරේ ඇලොකේෂන් එකට සද්ධාතිස්ස ගේ කට් එක, 20%, එකතු කරන්න අමතක වෙන්න ඇති. ඒ ක්‍රිස්තු පූර්ව දවස්වල තිබුණු රන් කහවනු අද දවසේ රත්තරං තරම් වටින්නේ නැති වුණත්, සල්ලි කවදත් සල්ලිම නේ. සද්ධාතිස්සලාත් සද්ධාතිස්සලාමයි.

රජවරු කවුරුත් කැමතියි තමන්ගේ ටිකට් කැපෙන්න කලින් නම තියෙන වැඩ දෙක තුනක් කරලා දාන්න. කොච්චර පොරක් වුණත් ඉතිං මහරජ දුටුගැමුණුත් රජෙක් නේ. ඉතිං බොහොම සෝකෙන් තමයි මරණ ඇඳේ ඉඳලා තියෙන්නේ යන්න කලින් චෛත්‍යයේ වැඩේ අහවරක් කරන්න බැරි වෙන එක ගැන.

මේ වෙනකොට සාලිය පුත් රුවන අර අශෝකමාලා කේස් එක හින්දා පවුලෙන් පන්නලා නිසා, රජ පවුලේ බාප්පා තමයි සැකන්ඩ් ඉන් කමාන්ඩ් සීන් එකේ ඉඳලා තියෙන්නේ. පොර කරලා කියන්නේ සුදු රෙදිවලින් චෛත්‍යයේ හදපු නැති තැන් වහලා, මැරෙන්න යන රජාව රවට්ටපු එකයි.

ඔය කතාව ඇත්තටම ගෙතිලා තියෙන්නේ රුවන්වැලිසෑය ගැනයි. නමුත් මං කාලයක් හිතාගෙන හිටියේ මේ කියන්නේ උඩකැල්ල නැති මිරිසවැටිය ගැන කියලායි.

මං හිතුවේ දුටුගැමුණු ට පස්සේ රජවුණු සද්ධාතිස්ස මිරිසවැටියේ කන්ස්ට්‍රක්ෂන් වැඩ එතැනින්ම නවත්තලා දාන්න ඇති, එයා සද්ධාතිස්ස කියන නම යන අළුත් ප්‍රොජෙක්ට්ස් පටන් ගන්න ඇති කියලයි.

දෙකේ පන්තියේ දී අනුරාධපුරේ ගියාට පස්සේ මං මිරිසවැටිය අසලට ගියේ දැන් අවුරුදු හය හතකට විතර කලින් දවසකයි.

තිසාවැව පැත්තේ අපි නැවතිලා හිටපු තැන ඉඳන් සිතියමක් බලාගෙන එක එක ස්ථානේ කවර් කරගෙන ඇවිත් ඔන්න මිරිසවැටිය ලඟට ඇවිල්ලා වාහනේ පාක් කළා.

බැලින්නං අපි ඇවිල්ලා තියෙන්නේ නිකං රුවන්වැලි සෑය වගේ තැනකටයි. හැබැයි වටපිටාව වෙනස්.

එතකොට තමයි මතක්වුනේ මේ වෙනකොට මිරිසවැටිය චෛත්‍යයේ අර තිබුණු පෞරාණික, කෞතුක වටිනාකම නැති කරලා "පොෂ්" කරලා අරගෙන කියලා.

දැන් බලන කොට මේ මිරිසවැටිය රුවන්වැලි සෑයටත් වැඩිය ලොකුයි!

ඔන්න ඔතැනදී තමයි මට මේ අද කියන්න ප්ලෑන් කරපු කතන්දරේ කියවෙන අහිකුණ්ටික ගැහැණියව හමුවුනේ!

මේ කියන්නේ "පොෂ්" වුණු අහිකුණ්ටික ගෑණියෙක් ගැන නම් නොවෙයි. මෙයා මං දෙකේ පන්තියේ ඉන්න කාලේ හිටියා වගේම කෙනෙක්.

-කතන්දරකාරයා

ප/ලි
මටත් අර පඳුූරු තැලීමේ ලෙඩේ බෝවෙලා වෙන විස්තරයක් තමයි ලියවිලා තියෙන්නේ. ප්‍රස්තූත කතන්දරේ හෙට ලියන්නම්!


(image: http://upload.wikimedia.org/wikipedia/si/3/3f/Mirisawetiyaold1980.JPG)

71 comments:

  1. කෝ අහිකුන්ටික ගෑනු කෙනා ...?

    ReplyDelete
  2. මට නම් ගොඩක් මතක පවුලේ සැම සමග ගිය පොළොන්නරු ට්‍රිප...

    ReplyDelete
  3. පෞරාණික ස්ථාන පොෂ්( කලින් තිබ්බ විදිහට?) කරන වැඩේනම්.....හරිද වැරදිද කියලා කියන්න අමාරුයි..
    හැබැයි කවුරු හරි සීගීරියත් පොෂ් කරන්ඩ හිතලා කලින් තිබුන විදිහට මාලිඟා,සිංහ දොර එහෙම තිබ්බ විදිහට හදන්න ගියොත් එහෙම එතැන පෞරාණික අගය නැත්තටම නැති වේලා යයි...
    රුවන්වැලි සෑයත් එක්දාස්නවසීය බර ගණන් වල හදන්න කලින් මිරසවැටිය වාගේලූ නේද තිබිලා තියෙන්නේ?

    පොෂ් නොවුණ අහිගුණ්ටික මනුස්සයාගේ කතාව බලන්න "හෙට"(කකාගේ හෙට කියන්නේ අනිද්දාට නොවැ..) එන්නම්...

    ReplyDelete
  4. "ඒ ක්‍රිස්තු පූර්ව දවස්වල"
    Was is constructed in ක්‍රිස්තු පූර්ව period ??

    ReplyDelete
    Replies
    1. Dutugamunu (Sinhala:දුටුගැමුණු duṭugämuṇu), also known as Dutthagamani duṭṭhagāmaṇī) and Gamani Abhaya ගාමිණී අභය gāmaṇī abhaya, "fearless Gamini" was a Sinhalese King of Sri Lanka[1] who reigned from 161 BC to 137 BC.

      http://en.wikipedia.org/wiki/Dutthagamani_of_Sri_Lanka

      Delete
    2. තැන්ක් යූ

      Delete
    3. ගාමිණි අභයට, වෙට්ට ගාමිණි අභය කියලත් කියනවා, එයාට විජයභාහු කියලත් කියනවා.. එයා තමයි දඹුල්ල ලෙන් විහාරෙත් කෙරෙව්වේ..

      Delete
    4. ඇත්ත කතාව මේකයි. මහා වංශයේ එන 'ගාමණී' (ගැමුණු) කියන නම කිසිම සෙල් ලිපියක සඳහන් වෙන්නේ නෑ. එහෙම කියලා අපේ ජාතියේ වීරයා හිටියේ නැත කියන්න පුළුවනෑ? ඉතින් පුරා විද්‍යාඥයෝ උපකල්පනය කරනවා සෙල් ලිපි වල සඳහන් වන 'අභය' කියන නමත් එයාටම තිබුණු වෙන නමක් වෙන්න පුළුවන් කියලා. ඒක එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කවුරුත් දන්නෙ නැහැ.

      Delete
  5. අලුත් වැඩිය කරපු මිරිසවැටිය අසූගණන් වලදි කඩාගෙන වැටුණා නේද? ඊට පස්සේ ජේ ආර් හරි ප්‍රේමදාස හරි ආයෙම ඕක හැදෙව්වා... දොඹකරයකින් ජේ.ආර්/ප්‍රේමදාස ප්‍රතිසංස්කරණ වැඩ ආරම්භ කරන්න 'මුල්' ගල තියන්නද කොහෙද ගිය වෙලාවෙ මොකද්දෝ කලබගෑනියක් වුණා වගේ මතකයි....

    "පොෂ් කරලා" කියන එකට දාලා තියන ලින්ක් එක අද පෝස්ට් එකේ ලින්ක් එකමයි.

    ReplyDelete
    Replies
    1. මට මතක් විදිහට ප්‍රේමදාස තමයි මිරිසවැටිය පොෂ් කරන ගියේ ... එයා හිතන්න ඇති මේකේ හතරැස් කොටුවයි කොත් කරල්ලයි හදන්න දුටුගැමුණුට අමතක් වුනා කියලා. අන්තිමේදී වුනේ පරණ ගඩොල් ව්‍යුහයට මේ අතිරේක බර දරාගන්න් බැරුව කොත් පළඳන උත්සවේ දවසෙම චෛත්‍යයේ පදාසයක්ම කඩාගෙන වැටුණු එක.

      Delete
  6. අපරාදේ ඒ කාලේ අහවලා හිටියා නම් වර්ග අඩියක ගානත් හරියට හදලා construction එකත් ඉවර කරලා අකුනු සන්නායකයත් දාලා තමා පස්ස බලන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ.... මගේ මල්ලියට මොකුත් කියන්න එපා හරිය....

      Delete
    2. මිනිස්සුන්ට කතා කරන විදිහ දැක්කම මටත් හිතුනා ඒ ඔයාගෙම මල්ලියා වෙන්න ඇති කියලා

      Delete
    3. මලිත්ට ගහනකොට චංචලා අඬන්නෙ ඇයි?

      Delete
    4. දුක දන්නෙ වෙන කව්ද

      ඇස් දෙක තරම් . . !!

      Delete
    5. @ ඉන්දිකය ,
      මලිත්,චංචල වහෙන් ඔරෝ නැතිව අහන රෙද්දක් කෙලින් අහපන් බං....මගේ කඩොපුල් මල දවල් විකසිත නොකර...

      Delete
  7. කමක් නෑ ඉතින්. අහිකුණ්ඨික ගැහැනිය හම්බ උණේ මිරිසවැටිය ලඟදිනේ. ඒ හන්දා මිරිසවැටිය ගැන කියන්ට ඕනිමයි. දේශගුණය, එදා කාපු බීපුවා, ඇඳපු ඇඳුම්, දාගෙන ගිය සපත්තු වගේ වගේ දේවල් මතක නම් ඒවත්, කීවට කමක් නෑ.:)

    ReplyDelete
  8. හ්ම්... අහිකුණ්ටික කන්තාවගෙ විස්තර හෙට එහෙනම්...

    ReplyDelete
    Replies
    1. මෙයා ඉතිං අපේ ඉක්මන් කාරී නොවැ...

      Delete
    2. අයියෝ ඉතින් විස්තරේ දාලා තිබුනේ නෑ නේ ...

      Delete
  9. //සමහරවිට කොන්ටිටි සර්වේයර්ස් ලා වර්ග අඩියකට යන මුදල වැරදි විදියට ගණනය කරලා තියෙන්න ඇති//
    කැකුණ!

    //එතකොට තමයි මතක්වුනේ මේ වෙනකොට මිරිසවැටිය චෛත්‍යයේ අර තිබුණු පෞරාණික, කෞතුක වටිනාකම නැති කරලා "පොෂ්" කරලා අරගෙන කියලා//
    ගෙදර පේන්ට් කරන්න තිබුන අදහස අත්හැරිය. කවද හරි කෞතුක වෙන්නැතෑ.

    ReplyDelete
    Replies
    1. ඇයි රත්තරන්? (රත්තරන් මිල)

      Delete
  10. පඳුරුත් දැකල තියනව, තලනවත් දැකල තියනව. ඒත් මෙහෙම පඳුරු තැලීමක්නම් ජීවිතේට දැකල නෑ.
    පඳුර විතරමයි තැලිල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මම නම් ඒ තරම් පඳුරු දැකල නැහැ. දැන් හුඟක් දෙනෙක් පඳුරු කප්පාදු කරන නිසා. සමහර වෙලාටව උදලු ගාලම දානවා.

      Delete
  11. නටබුන් සංරක්ෂණයේදී කියැවෙන මූලික සිද්ධාන්තයක් තමයි නටබුන් ඇති ලෙසින්ම, කිසිම වෙනස් කිරීමකින් තොරව සංරක්ෂණය කිරීම. හේතුව අළුතින් සංරක්ෂණය කළාම ඒකෙ තියෙන පුරා විද්‍යාත්මක වටිනාකම සම්පූර්ණයෙන්ම නැති වෙනවා. හැබැයි ඉතින් අපේ උපාසක අම්මලාට වගේම රාජ්‍ය නායකයින්ටත් මාර දේවල් නෙ ඕනෑ කඩා වැටිච්චි දේවල් නැතුව. ඉතින් පුරා විද්‍යාත්මක අගය සම්පූර්ණයෙන්ම විනාශ කරමින් මළ විකාර කරනවා. මිරිසවැටියත් කෑවා. ජේතවනාරාමයත් කෑවා. දැන් අභයගිරියත් බාගෙට කාලා.

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලම කෑවෙ රුවන්මැලිය. ඒත් වෙලාවට ඒකෙ පොඩි අනුරුවක් ඉතුරුවෙලා තිබ්බ හින්ද ඒ විදියටම හදල තිබ්බත් ඒක සංරක්ෂනයම නෙවෙයි.

      Delete
  12. "මිරිසවැටිය අසල සිටි අහිකුණ්ටික ගැහැණිය 2" සමග නැවත හමුවෙමු :D

    ReplyDelete
  13. පොෂ් කරපු මිරිසවැටිය ලහදි සැට් වුණු පොෂ් අහිකුන්ටික ගැහැනිය ,හෙට බලාපොරොත්තු වන්න ,

    ReplyDelete
  14. ඒ ගෑණු කෙනා සාස්තරයක් වත් කිව්වද කකා ??

    ReplyDelete
  15. කකා
    මිරිසවැටිය ලඟයි රුවන්වැලිසෑය ලඟයි අහිගුන්ටිකයො කෙසේ වෙතත් වඳුරොයි රිලවු‍යි නං ඉන්නවා ගමකට !!

    උන්ව දැක්කෙ නෑ ??

    විරිත්තුවනං ටොපිය තමා !!!

    ReplyDelete
    Replies
    1. මිරිසවැටියෙ ඉන්න රිළවු රුවන්වැලියෙ අයිතිකාරයො වගේ රුවන්වැළි ගුණමයි ගයන්නෙ. ඒත් උන් මලාට රුවන්වැළිය වඳිනව දැකල නෑ!

      Delete
    2. සංසාරේ : D

      රිලවුන්ට මොන චෛතයද ඉන්දික බොස් !!

      උනුත් වඳිනව. හැබැයි ගාථා කියල බිම පෙරලිලා නෙවෙයි !!!

      පෙරලුනොත් සොරිනේ බං . රිලවුනේ :-):-)

      Delete
  16. විද්දෙ පදුරට වැදුනෙ හාවට කීවලු කෝ අඩේ අහිකුණ්ටික ඇන්ටි.. එයාට මක්ක උනෙයි.. අමතක උනා.. හා.....

    ReplyDelete
  17. මිරිස වැටියට වඩා නම් රුවන් වැලිසෑය ලොකුයි .. රුවන්වැලි සෑය උනත් ගරා වැටිල තිබ්බේ..
    http://www.kandylamissi.com/articals/old_sl/Ruwanweli%20seya.JPG

    ප්‍රශ්නයක්...
    ලංකාවෙ ලොකුම චෛත්‍ය මොකද්ද දන්නවද ?

    ReplyDelete
    Replies
    1. මට මතක විදියට අභයගිරිය වෙන්න ඕනේ සමියෝ

      Delete
    2. අභයගිරිය නෙමේ ජේතවනාරාමය තමයි ලෝකෙ විශාලම ගඩොල් ගොඩනැඟිල්ල. ඒ වගේම විශාලම දාගැබ. පුරාණ ලෝකයේ උසින් තුන්වන තැන හිමිවෙන ගොඩනැඟිල්ල. (පළමු තැන ඊජිප්තුවේ පිරමීඩයකට. ඒක අඩි හාරසීය අනූවයි. දෙකත් පිරමීඩයක්. හාරසිය හැත්තෑවයි. මේ ජේතවනය තුන්වන තැන ගන්නවා) ආඩම්බරයි නේ මුදියෝ

      Delete
  18. කාකා එයා කියපු සාස්තරේ හරියටම හරි නේද ? මටත් කීවනේ එකක් ...

    කඩාවැටිච්ච දාගැබක් ප්‍රතිසංස්කරණය කලාම ඒක හොද දෙයක්,, ඒත් මිරිසවැටිය නම් අපරාදේ එහෙම කරපු එක...අපේ මතකයේ රැදිලා තිබ්බ රූපේ වෙනස් වෙලා ඒකත් සාමාන්‍ය දාගැබක් විතරක් වෙලා ...

    හෙට හාවටම ෂොට් එක දෙන්න කාකා තුමණි.

    ReplyDelete
  19. //පොර කරලා කියන්නේ සුදු රෙදිවලින් චෛත්‍යයේ හදපු නැති තැන් වහලා, මැරෙන්න යන රජාව රවට්ටපු එකයි.//

    මම නම් අහල තියෙන්නේ සද්ධාතිස්ස දුටු ගැමුණු රජ්ජුරුවොන්ව රවට්ටන්න හැදුව නෙවෙයි, වැඩ ඉවර කරාම මෙන්න මෙහෙම තියෙයි කියල සුදු රෙදි ඇදල පෙන්නුව කියලයි.
    ....ප්‍රොටොටයිප් එකක් :)

    ReplyDelete
    Replies

    1. කොන්ත්‍රාත්කාරය දාගැබ් ඈමතිට පගා දෙන්න සල්ලි ඉතුරුකරගන්න නෙමෙයිද?

      Delete
    2. කවුරු කාට කොච්චර පගා දුන්නත් වැඩක් නෑ අන්තිමට බලන් යනකොට, වංශකතා ලියපු අයට තමා ලොකුම කමිෂන් එක දෙන්න ඕනේ :D

      Delete
  20. මම බැලුවා කෝ කියලා කතාව. දඩාර කැකිල්ල පදුරක් තලලා වගේ

    ReplyDelete
  21. පුරා විද්‍යාත්මක කටයුතු විද්යාත්මකව කරන්න අපහසුයි විහාරදිපති හාමුදුරුවරු සහ දෙශපාලන අවශ්යතා නිසා.
    BTW KK, originally 1/2 දාගෑබ් වර්ගයක් තියනව "කොට වෙහෙර" කියල - දෑදිගම ලාහුගල යාල සහ දෑලිවල

    ReplyDelete
    Replies
    1. ප්‍රා ජේ උන්නැහේ දන්න එව්වා !!!
      BTW ක්‍රමයෙන් වෙන යුනිකෝඩ් සංක්‍රමණයට සුබපැතුම්
      අප්පිලා ඇත්තොන්ගේ යුනිකේත වරිග සබාවට තව කීප දොහකින්ම හොඳ උනෑකි
      එතෝට නෑ යක්කු නටෝල (නෑ යක්කු නං දැනටත් නටනවා මං දැක්ක ඊයේ ඉන්දිකගේ බ්ලොගේ ) පාටියක් දාමු... ;)

      Delete
    2. දැදිගම කොට වෙහෙර කියන්නෙ ලංකාවේ විද්‍යාත්මකව සෑරු පළමු හා එකම දාගැබ. එයින් හමුවූ ඇත් පහන වගේ දේවල් කිහිපයක් තවමත් ඒ අසල පොඩි කෞතුකාගාරයක දකින්න පුළුවන්. හැබැයි මහා ලොකු දෙයක් නම් නිදන් කරලා තිබිලා නැහැ.

      Delete
  22. තව ටික කාලයක් යද්දී අභය ගිරිය එහෙමත් මේ වගේ ලස්සනට හැදේවි කියලා තමයි මට හිතෙන්නේ

    ReplyDelete
  23. අනේ කකා, කකා කරපු කැත වැඩේ නිසා අපේ අක්කාට "අක්කේ සුභ අළුත් අවුරුද්දක්!" කියලා විෂ් කරන්නත් හිටියේ පස් දෙනයි මේ සැරේ.

    ReplyDelete
  24. හෙටම දාන්නම් කොමෙන්ටුවක්

    ReplyDelete
  25. සුභ අලුත් අවුරුද්දක් වේවා!!! ඔබටත් පවුලේ සැමටත්!!!

    ReplyDelete
  26. කකා, අහිකුණ්ටික ගෑණියෙක්ටවත් නිකං ඉන්න දීලා නෑ වාගේ! :D

    ReplyDelete
  27. හනේ දෙයියනේ....අහිංසක අහිකුණ්ටක ගෑණී.... හෙව්වට නෑ නෙව

    ReplyDelete
  28. STATISTICS OF COMMENTS:-
    COMMENTS RECD = 50.
    NOW ADD YOUR REPLIES = 50 + (THEN IT IS 100)
    NEXT ADD 25 ANO COMMENTS + YOUR REPLIES = 50 HTS
    TOAL 150.

    DAN SHOAK NEDA KAKKA THUMANI.

    ReplyDelete
    Replies
    1. මේ කැපිටල් ඇනෝ අංකල් යනු කුමක් හෝ බ්ලොගයක් ලියන, නමුත් කිසිවෙකුගෙන් ප්‍රතිචාර නොලබන කෙනෙක් දෝ හෝ යි මට සාධාරණ සැකයක් ඇතිවේ.

      පව්!

      Delete
  29. ඇත්තටම කකා යමක් සංරක්ෂනය කරනවා නම් ඒක අගය කල යුතුයි. ඒ වුනාට කකා කියනවා වගේ මේ පොශ් කිරිල්ල හරිම නරකයි නේද? සංරක්ෂනය කිය කිය පොශ් කිරිල්ල ආරම්භවුනේ ප්‍රේමදාස යුගයේද? ඔය ගැන පොලොන්නරුවේදි හමුවුනු උගත් පරණ කෙනෙක් තදබල කලකිරීමකින් කතා කරා වරක්.

    ReplyDelete
  30. අහිකුණ්ඨික ප්‍රේම පුරානය අහන්න ආසාවෙන් ඉන්නවා! (නම අගටන්නා නෙමෙයිනෙ)

    ReplyDelete
  31. www.33000.lk වෙත ප්‍රෙව්ශ විය නොහැක්කේ මන්දැයි යමෙකුට කිව හැකිද?

    ReplyDelete
  32. Patta chater blog ekak. poddak gaurawa karala katha karala liwwanam , supiri

    ReplyDelete
  33. කොහොම උනත් චෛත්‍යයක් ගැන ලියද්දි සංයමයකින් වචන පාවිච්චි කරනවනම් මම කැමතියි.
    ඒත් ඉතිං මාව දන්නැති ඔයා මගෙ කැමැත්ත දනීද.. ඒකෙන් ඔයාට වැඩක් තියෙයිද...?
    රුවන්වැලි සෑය කියන්නෙ බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව ඒකියන්නෙ නලලේ අස්ථි තැම්පත්කළ චෛත්‍යයක්.. ලොකේටම තියෙන්නෙ ඔච්චරයි

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.