ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday, 14 March 2012
ඇත්තටම මේක ලියුවේ කව්ද? මහා ආන්දෝලාත්මක නිර්මාණයක්! - Don't kill the messenger!
හීනයක් බලමින් කෝච්චියේ යද්දී පරණ මතකයක් අවදිවුණා!
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ කලා කවයට අයිති නිර්මාණ පුවරුව ගැන මං විටින් විට කියලා තියෙනවානේ.
මගේ කයි-කතන්දරවල තියෙන කයි පද කෑලි අති බහුතරය මුලින්ම පලවුනේ ඔය කියන කලාකවය නිර්මාණ පුවරුවේ තමයි.
අපේ ෆයිනල් ඉයර් එකේදී වගේ මෙන්න මේ පල්ලෙහා තියෙන කවිය ඒකේ පලවෙලා තිබුණා.
කවියේ අදහස නිසාත්, පද ගැළපුමේ අපූර්වත්වය නිසාත් මට මේ කවිය විටින් විට සිහි වෙනවා.
මේක ආන්දෝලාත්මක කවියක්. ඒ නිසා, අවශ්‍ය අයට පුළුවන් පහලින් තියෙන ලින්ක් එකෙන් මෙතනින් වෙන හොඳ තැනකට යන්න.
http://kathandara.blogspot.com.au/2009/11/blog-post_08.html
නොගිය අයට මෙන්න ඒ කවිය.
||
||
||
||
||
||
||
||
||
||
||
||
\/
රැවුළු වවති හිස පීරති සුවඳ දියර ගතට ඉසිති
රට පිළියට පමණි කැමති කිහිලි පෙනෙන ලෙස පොරවති
ගැහැණු පතති කය සතපති වායු සමන රියෙන් වඩිති
අපිදු පෘථග්ජන කියමින් තවමත් මුන් සිවුරෙ වෙසෙති!
කොහොමද, වෙඩි වගේ නේද?
මේ කවියේ යටින් තිබුණු නම අපේ ජූනියර් බැච් එකක පොරකගේ බව මට හොඳට මතකයි.
මීට කලින් දවසක මේ කවිය සිහියට ආපු වෙලාවක පොරගේ ඊ-මේල් එක මා ලඟ තිබුණු හින්දා මං අහලා යැව්වා මේ කවිය ලිව්වේ පොරමද කියලා. ඌ උත්තරයක් එව්වේ නෑ!
එහෙම අහන්න හේතුව තමයි මේ වගේ කවියක් ලියන්න නිර්මාණාත්මක හැකියාවක් සහ භාෂා පරිචයක් තිබුණු කෙනෙක් තව කවි සහ නිර්මාණ අනිවාර්යෙන්ම කරලා තියෙන්න ඕනෑ.
නමුත් පොර මීට පෙර සහ පසු ඒ වගේ කවි ලියා පලකළාය කියලා මගේ මතකයේ නෑ!
මේ කවියේ අන්තර්ගතය ගැන නම් විවාද කරළා වැඩක් නෑ. වචන ගැලපුම සහ නිර්මාණ ශක්තියත් ඉතාම ඉහලයි කියලයි මට හිතෙන්නේ.
ඔහෙලාට මක්කයි හිතෙන්නේ?
-කතන්දරකාරයා
ප/ලි:
ආයේ ඊ-මේල් එකක් දාලා අහන්න ඕනෑ මේ කවිය ලිව්වේ පොරමද කියලා!
(image: http://www.art.com/products/p610878358-sa-i4038936/miller-john-one-rotten-apple-amongst-other-green-apples.htm)
Labels:
කයි-කතන්දර,
හාමුදුරුවරු
Subscribe to:
Post Comments (Atom)
මැක්සා!! යකඩෝ මට ඔහොම අදහස් පහල වෙන්නෑ නෙවැ කවි ලියන්ට.. :(
ReplyDeleteඑල......... එල....
ReplyDeleteඕක ලිව්වේ මම ..
ReplyDeleteඅනේ තව එකක් ලියන්නකො!
Deleteපස්සේ පස්සේ ... දැන් වැඩ ... !! LOL
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසුපිරි කයි පද බැඳිල්ලක් නොවෑ.
ReplyDeleteE-fac නිර්මාණ පුවරුවට අයෙත් මෙ කවිය දැම්මට කමක් නැතිද දන්නේනැ :D
ReplyDeleteවෙඩි වගේ තමයි !!!
ReplyDeleteලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ
ReplyDeleteසමහරු...
රවුල් කපති පින් පාටට හිස බූ ගාති
රට පිලිගනුමට අසපු වලම වෙසෙති
පොෂ් වීමට පන්සල් නොයති අසපුව වෙතම වඩිති
ටි.වී එකේ පෙනී සිටිති ඇතමුන් රහත් බවද කියති
වදින්න ඕන තැනට මල්ටිබැරල් ගහලා තියෙන්නේ....මරු නිර්මාණයක්....
ReplyDeleteසම්බුදුවෙසින් කහ සිව්රෙන් විළිවහන
ReplyDeleteම...විහාරේ එම්බල මුඩු මහණ
ඇඳි සිල්වතෙන් ගුණදම් පළවෙද්ද
දෙව්දතුනටත් තිබුනා ඔය කහරෙද්ද
කවියට 10/10!
ReplyDeleteවචන නම් වෙඩි වගේ තමයි, නමුත් අනුන්ගෙ සැපතට ඔය විදියට ඊරිසියා කරන හරි නැහැ නේද?
ReplyDeleteඅනික සමස්තයක් විදියට ඕනෙම ආයතන ලොක්කෙක් ඔය වගේ නේද?
මේක ලියල තියෙන්නෙ වැනසී යන බෞද්ධාගම ගැන වේදනාවෙන් නම්, ("...තවමත් මුන් සිවුරෙ වෙසෙති!":- ඕවා කලාට කමක් නැහැ, සිවුරෙ ඉඳගෙන කරන එකයි වැරැද්ද වගේ) මේ කවිය තේරුමක් නැහැ. ප්‍රශ්නෙ තියෙන්නෙ බෞද්ධ සමාජ සෙටප් එකේම නේද? මම කියන්නෙ මුදුන්මල්කඩ ගැන තියෙන අවිචාරවත් ශ්‍රද්ධාව වගේ ඒවායින් නෙමෙයිද මේවා පෝශනය කරන්නෙ?
- සනාත
සනාත දාල තියෙන්නෙ අනාත කමෙන්ට් එකක්නෙ.
Deleteමේ කෑල්ල දැක්කෙ නැද්ද?
//මේ කවියේ අන්තර්ගතය ගැන නම් විවාද කරළා වැඩක් නෑ. වචන ගැලපුම සහ නිර්මාණ ශක්තියත් ඉතාම ඉහලයි කියලයි මට හිතෙන්නේ.//
හරි ඉතින්... ජනප්‍රිය කුනුහරුප සින්දු වලත් වචන ගැලපුම / නිර්මානාත්මක බව ඉතාම ඉහලයිනෙ. විවාදයකට නෙමෙයි මගේ අදහසයි කිව්වෙ..කමක් නෑනේ?
Delete- සනාත
එදත් අදත් කොතැනත් ඔය කාරණය
ReplyDeleteපුවත් මවත් නිරුවත් කර සාසනය
සිතත් මඩිත් කිව්වත් මහ දේසනය
රටත් දැයත් වනසනු ඇත මේ විනය ......
well said ,,,,
Deleteතරු දහයෙන් දහයක් ඒ නිර්මාණාත්මක හිතට
ReplyDeleteඑක ඇහැයි ඇරං උන්නෙ. කියෙව්වට පස්සෙ අනිකත් ඇරුන.
ReplyDeleteeka liwwe e porama wenna puluwan.
ReplyDeleteAhala nadda ara "S. Nipun Sanath Nandasiri ' gayana karana
"Eda meda thura , kandulata wiwararunu" kiyana sinduwa.
මේ නිර්මාණය එයාගෙ පළමුවැනි සහ අවසාන නිර්මාණය වුනානම්, කොහෙදි හරි දැකල හිතට අල්ලපු නිසා ලියල කලාකවය පුවරුවට දැම්ම වෙන්නත් පුළුවන්.
ReplyDeleteනිර්මාණාත්මකව ඉස්තරම් කවියක් තමයි. හුඟක් අයට ඔය වගේ අදහසක් ඉදිරිපත් කරන්න කුනුහරප දෙකක්වත් කවියට ඇතුළත් කරන්න වෙනව.
පොර තාම හොඳින් ඉන්නවද?
ReplyDeleteඅම්මප සහතික ඇත්ත.....
ReplyDeleteදැන් වැඩියෙන්ම සිවුරු පොරෝ ගෙන ඉන්නෙ ඔය වගේ උන් තමයි.
වෙඩි වගේ! අදවගේ කාලෙක ලිව්වනං ලිස්ට් එක දිගවෙන්න පුළුවන්. මොනව කරන්නද.
ReplyDeleteකුසලානේ ලු මිදි යුශ
ReplyDeleteකුසලානෙ හැඩය ගනී
කුසලානෙ ලූ විෂ වුව
කුසලානෙ හැඩය ගනී
ඕකත් මට නිතර මතක් වෙනවා. හැබැයි ලිව්වෙ මම නෙමේ. මේක ලියලා තියෙන්නෙ ප්‍රසිද්ධ කවියෙක්... දැන් නම මතක නෑ
මහගමසේකරගෙ කවියක්.......
Deleteහප්පේ.... මාර පාරක්නෙ දීලා තියෙන්නෙ.
ReplyDeleteපවුඌඌඌඌ... සාධුලා අඬයි....
ReplyDeleteමේක දාන්න තියෙන්නේ බ්ලොග් එකේ නෙමෙයි... ස්ටේෂන් වල, බස් හෝල්ට් වල... ගෑණු ඇදන් කාමර අස්සට යන හාමුදුරුවරු ඉන්න පන්සල් වල...
ගණින්නාන්සේලා කිව්වොත් වඩා ගැලපෙනවා.
ReplyDeleteඅමුතුම සිතුවිල්ලක් සමාජයේ අමුතුම පැත්තකට යද්දි ඒක හරි අමුතුයි..
ReplyDeleteආ ඔය කවිය ලියපු එකා පොරක් කියල හිතාගෙන ඇති...
ReplyDeleteඅපි දැන්ම එවනව සුදු වෑන් එකක්.
මුං හිතං ඉන්නෙ මේ රටේ නීතිය බල්ලට ගිහින් කියල.
නීතිය ගිහින් තියෙන්නෙ බල්ලට නෙවෙයි ගෝතට!
වෙඩිම තමයි
ReplyDeleteසුපිරි !
ReplyDeleteමොනා උනත් මරු නිර්මානයක්...........
ReplyDeleteමම බැලුවෙ අර කොල ඇපල් ගෙඩි ටික යාන්තම් පොතු ඇරල පෙති කපල හොඳට මිරිස්කුඩු ටිකක් ලුනු කුඩු ටිකක් දාල ගත්ත නම්...ම්ම්ම්ම්...(අනේ මට කවි තේරෙන්නෙ නෑ ඒ නිසා ඇපල් ටික ගැන හිතුවෙ.)
ReplyDeleteමම හිතුවේ ඇපල් මල් ගැන කියන්ට හදනවා කියලා. එහෙමත් සිංදු තියනවනේ නේද?
ReplyDeleteමමත් ඉතින් කවුරු හරි කවියක් ලියලා එව්වොත් මිසක් කවි ගැන දන්නේ නෑ.:D
නියම කවිය! කවුරු ලිව්වත් වදින තැනට නියමෙට වදිනවා :)
ReplyDeleteනියමයි
ReplyDeleteනියමයි කතන්දර . . . "Don't kill the messenger!" hahaha :D
ReplyDeleteවෙඩි වගේ තමා!
ReplyDeleteකතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?
ReplyDeleteකතන්දරය වෙඩි වගේය...
"comment කෙරූ එකෙකුට හැර අනෙකුන්ට අවබෝධ වී ඇත.."