Wednesday 15 January 2014

සිටුවරයා සහ වයිෆර්ලා සිව් දෙනා ගැන බුදු සාදු කියා තිබෙන ජොලි ම ජොලි කතන්දරේ :: Rich man and his four wives - evam me sutam


ගිය සති අන්තයේ බණ පිංකමකට යන්න සිදුවුණා. කියපු වෙලාවට වඩා පැයක් විතර පරක්කු වෙලායි මං එතැනට ගියේ, මොකද එතකොට පන්සිල්, ගාථා කීම් සහ බණ වගේ දේවල් මග හැරලා "සෝෂල් ඉවෙන්ට්" එකට විතරක් සහභාගී වෙන්න පුළුවන් නිසා.

නමුත් වැඩේ ටිකක් පරක්කුවෙලා පටන් අරගෙන තිබුණු හින්දා බණ පදයකුත් කනේ වැටුණා නොදැනුවත්වම වගේ.

ඇස් වහං හිටියත්, කට වහගෙන හිටියත්, කණ වහන්න බෑ නොවැ. ඉතිං මාත් අහගෙන හිටියා.

මෙන්න එදා හාමුදුරුවෝ කියපු බණ කතන්දරේ.

මේ බණ කතාව කියලා තියෙන්නේ බුදු සාදු කියලා තමයි කියවුනේ. හැබැයි මට නං ඒක ෂුවර් නෑ වගේ!

බුදු සාදු ලා ගේ කාලේ ඉතිං රජවරු ගාවට ඉන්න ලොක්කෝ සිටුවරු නේ. මේ අය අද ඉන්න සිටුවරු වගේ බිස්නස් ඩීල්ස්වල අතරමැදියෝ වෙලා ගාණ කපාගෙන සල්ලි හොයපු අය නෙමෙයි, කෙලින්ම බයින් ඇන්ඩ් සෙලින්වලින් සල්ලි හොයපු අය.

අනිත් වෙනස්කම තමයි, අද සිටුවරුන්ට වගේ මේ අයටත් වයිෆ්ලා තුන් හතර දෙනෙක් හිටියාට, ඒවා කෙරිලා තියෙන්නේ අද වගේ හොර රහසේ නොවෙයි, කෙලින්ම එලිපිට.

කොටින්ම බුදු සාදුත් දැනගෙන ඉඳලා තියෙනවා මේ සීන් එක! හැබැයි මොකුත් කියලා නෑ වගේ ඒ ගැන වරදක්.

බුදු සාදු කියලා තියෙන මේ කතන්දරේ ප්‍රොටැගොනිස්ට් සිටුවරයා ට ඉඳලා තියෙනවා වයිෆ්ලාම හතර දෙනෙක්.

පොර හැබැයි මේ හතර දෙනාට සලකලා තියෙන්නේ එක හා සමානව නොවෙයි, වෙනස් ආකාරවලටයි.

එක වයිෆරේකට හොඳට සැලකුවා ලු. සැප දුන්නාලු.
දෙවෙනි වයිෆරේට එච්චරම නැති වුනත් තරමක් හොඳින් සලකලා තියෙනවා.
තුන්වෙනියට ලැබිලා තියෙන්නේ මද සැලකිලි විතරයි.
හතරවෙනි වයිෆරේට කිසිම සැලකිල්ලක් ලැබිලා නෑ!

ඔය කොයි සිටුවරයාටත් වෙනවා වගේ ඔන්න ඉතිං අපේ මෑන්ස්ගෙත් කාලේ ඉවර වෙලා මරණය අත ලඟට ආවාලු.

මරණ මංචකයේ ඉන්න ගමන් පොරට හිතුණාලු දැන් මේ යන ගමන තමන් එක්ක එකට යන්න වයිෆ් කෙනෙකුට අඬගහන්න.

ඔන්න අර හොඳට සලකපු වයිෆ්ට කතා කලා ලු.

ඒ වයිෆ් ගත් කටටම කියලා තියෙන්නේ "අනේ ඩාලිං, ඔයා යන්න මට නං බෑ!" කියලයි.

ඉතිං පොර දෙවෙනි වයිෆ්ට කතා කරලා.

"අනේ ඩාල්, මං ඔන්නං එන්නං ඔයා එක්ක මේ වත්තේ මායිම ලඟට වෙනකං විතරක්!" අර තරමක් හොඳින් සැලකුම් ලබපු වයිෆ් එහෙම කිව්වලු.

මද සැලකිලි ලබපු තුන්වෙනි වයිෆ් ගෙන් ඇහැව්වාම උන්දෑ කියලා තියෙන්නේ ඔන්නං සොහොන් පිටියට එන්නම් කියලා ලු.

දැන් ඉතිං මොකද කරන්නේ? සිටාණෝ ඇහැව්වා ලු අර තමන් කිසිම සැලකිල්ලක් නොකරපු හතරවෙනි වයිෆරේගෙන් තමන් එක්ක යන්න එනවාද කියලා.

"අයියෝ හබී, ඕකත් අහන්න දෙයක්ද? මං ඔයා එක්ක ඕනෑම තැනකට යන්න එනවා!" ඒ මනුස්සයා කිව්වාලු.

දැන් මොකක්ද අපිට මේ කතන්දරෙන් ගන්න තියෙන ආදර්ශය?

මට නං හිතුණේ, ඉන්නේ එක වයිෆරේ වුණත්, එයැයිට නොසලකා හරින එක තමයි පරලොව වෙනුවෙන් කරන්න තියෙන හොඳම වැඩේ කියලායි.

ඔහේලාට හිතෙන්නේ මොනවාද?

-කතන්දරකාරයා

ප/ලි:
බණ කතන්දරයේ ඉතිරි කොටස ලැබෙන ප්‍රතිචාර අනුව පසුව පළකරමි.

ප/ප/ලි:
ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාට ස්තුතියි.

මෙන්න එදා බණේ දී හාමුදුරුවෝ මේ කතාවේ තේරුම විග්‍රහ කරපු අන්දම.

මුල් බිරිඳ තමයි අපේ ශරීරය - කොච්චර සැප දුන්නත් අප යන කොට අප එක්ක එන්නේ නෑ.

දෙවෙනි බිරිඳ තමයි වස්තුව, ගෙවල් දොරවල්, ඉඩ කඩම්. අපි හොඳට සලකනවා නමුත් අපි යන කොට වත්තේ සීමාවෙන් එහාට අපි එක්ක එන්නේ නෑ.

තුන්වෙනි බිරිඳ තමයි නෑදෑ හිතවත්තු. අපෙන් තරමක් සැලකිලි ලැබුවත්, ඒ අය එන්නේ කතන්තට විතරයි.

හතරවෙනි බිරිඳ තමයි අපි කරන පින්. පින් කරන්න අපේ කිසිම සැලකිලක් නෑ. නමුත් අප පසුපස අපේ සෙවනැල්ල මෙන් එන්නේ අපි කරන පින් විතරයි.

මේ කතාවේ මූලාශ්‍රය ගැනත් මං හොයා බැලුවා. එදා බණ කියූ හාමුදුරුවෝ නම් කීවේ මේක බුදු සාදු කියපු කතාවක් කියලයි. නමුත් මට ඒක ෂුවර් නැති හින්දාත් (කොහොමටත් මේක මං අහපු කතාවක් හින්දාත්) තමයි මං මේ කතන්දරේ මාතෘකාවට ඒවං මේ සුතං කියලා දැම්මේ.

ඒ හාමුදූරුවන්ගෙන්ම අහන්න බැරිවුණත් මං වෙනත් හාමුදුරු කෙනෙකුගෙන් ඇහැව්වාම නං පිළිතුර ලැබුනේ මේක උපමා කතාවක් කියලයි.

ඊට කලින් මං අන්තර්ජාලයේ හොයා බැලුවාම මට පෙණුනේ මේ කතාව මුස්ලිම්, ක්‍රිස්තියානි සහ හින්දු ආගමික සම්බන්ධතාවයන් ඇති තැන්වල පළවී ඇති බව.

මෙතන ප්‍රතිචාරයක අඩංගු සබැඳියක් තුලින් පේනවා මේ කතාව මහායාන බුද්ධාගමේ සූත්‍රයක (ද කොහෙද) දැක්වෙන බව.

මෙන්න ඒ ඒ තැන්වලට සබැඳි.

1. බුද්ධාගමට සම්බන්ධය
http://www.sinc.sunysb.edu/Clubs/buddhism/story/fourwives.html

2. ක්‍රිස්තියානි
http://www.kerysso.org/public/page131.htm

3. හින්දු
http://sites.tufts.edu/bhaktiyoga/entry/30

4. ඉස්ලාම්
http://www.islamcan.com/islamic-stories/the-merchant-with-four-wives.shtml#.UtfYy9IW1_A


(image: http://www.chinabuddhismencyclopedia.com/en/index.php?title=Dhamma_Day_(Asalha_Puja_Day))

81 comments:

  1. මට හිතෙන විදියට නම් එක්කෙනෙක්වත් නැතුව තනියම හිටියානම් සිටුවරයා තනියම යන්ට හිත හදාගන්නවා.

    හාමුදුරුවෝ ඔය බණ කීවේ ඇයි කියලා ඔන්න ලොකු කුතුහලයක් ආවා. ඔය පැත්තේ සිටුවරයින්ට නෝනලා හතර , පහ ඉන්නවද දන්නෙත් නෑ. :D

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ්... කෙළින්ම සීමාව උඩින් ලතුණු 6යි... :D

      Delete
    2. ඒ කාලේ කතා වල ඉන්න සිටුවරු ගොඩක් අය සැහෙන්න ස්ත්‍රී ලොල් කියල තමයි බණ කතා වලින් පෙනෙන්නේ. දැන් කාලේ අය නම් .... :D

      Delete
    3. @අංජා - මගෙ මිත්‍රයා මේ දවස්වල බ්ලොග්වලට බැහැගෙනම වැඩ නේද?
      සතුටුයි ආ.. :)

      Delete
    4. @sam මම බ්ලොග් කීපයයි Follow කරන්නේ... අනිත් ඒවා කියවන්න ආසා උනත් වෙලා නැහැ බං... දැන් මම ලියන්නෙත් නැති එකේ කියවන එක හොඳයි කියලා හිතුනා... හිහ් හිහ්...

      Delete
    5. මම ගිහිල්ලත් බැලුවා අන්ජා නැවත ලිවිම පටන් අරන්ද කියලත්..

      Delete
  2. KAKKA E KALE NIGANTAYEK WENNA ATHI.

    ReplyDelete
    Replies
    1. හැබැයි දැනුත් ඒ හැටි වෙනසක් නෑ.

      Delete
  3. ඕක උපමා කතාවක් නේද? මම අහල තියෙන කතාවේ නෝනලා තුන් දෙනයි. එහෙම වෙලා තියෙන්නේ එයා තරුණ කාලේ ඉඳන් විටින් විට තුන් පාරක් නෝනාල ගෙනා නිසාලු. හැබැයි එයා නාකි කාලේත් ගෙනත් තියෙන්නේ තරුණ නෝනලා. ඉතින් එයා තරුණ නෝනට තමයි වැඩි සැලකිලි දීල තියෙන්නේ.

    මට මතක විදියට නෝනලා උපමා කරලා තියෙන්නේ මෙහෙම:
    වැඩි සැලකිලි දුන්න නෝනා = ගේ දොර ඉඩකඩම් යාන වාහන (මැරුණම මේවා අරන් යන්න බෑ)
    මැද සැලකිලි දුන් නෝනා = නෑදෑයෝ (නෑදෑයෝ ඉතින් සොහොන ළඟට වෙනකං ඒවි )
    සලකුවේම නැති වයසක නෝනා = කරන පව් පින් (කොහේ ගියත් පස්සෙන් එනවා )


    මතක විදිය හරිද කියල කතන්දරට තමයි කියන්නේ වෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. මේක හරි මම හිතන්නේ... මටත් කතාව අහලා පුරුදු ගතියක් දැණුනට, මතක් වුණේ නෑ මේ කතාව...

      Delete
    2. 1st wife- our Body
      2nd wife- our Properties
      3rd wife- our relations
      4th wife- what ever bad and good things we have done ( Kusal- Akusal)

      budurajananwahanse deshana kala hama wadanakma sathyai....!

      Delete
    3. ඔව්..මම කියවලා තියෙන්නෙත් ඒ විදියට තමයි ...

      Delete
  4. ඒකත් එහෙමද......?
    හොද වෙලාවට මම මුල ඉදලම හතර වෙනියට ෆුල් සැප දීගෙන ඉන්නෙ... හෙක්...හෙක්.....!!!!!

    ReplyDelete
    Replies
    1. "අයෙක් නටත් සුරා මතින් " කියලා ඉස්කෝලේ යන කාලේ පොතක තිබ්බා.

      Delete
    2. මම ගිය කාලෙත් පොතක තිබ්බ මචන්...

      Delete
    3. පොත් වල තිබ්බට මදි ඒවා කියවලා ජිවිතයට පාඩමක් කරගන්න ඕනේ හරිද "රන් ගොජෝ ".

      Delete
    4. Bull Shit Kenji !! This story is a quite famous one among Buddhists. If you don't know it keep your mouth shut and ask some one who knows it....

      Delete
  5. කකා, ඊයේ බ්ලොග් එකේ මේ ලිපිය බලන්න ආවම තිබුනේ වෙන කතන්දරයක්. මේ බ්ලොග් අඩවිය පටන් ගත්තු හැටි දාලා තබුන පොස්ට් එකක්. මොකක්ද උනේ?

    ReplyDelete
    Replies
    1. ලොක්කට ඊයේ පොඩි වැරදීමක් වෙලා වගේ...

      Delete
    2. විහිළුකාර අංකල් තවමත් පෙරසේ විහිළු කරයි.

      ඒත් අපි විහිළුකාර අංකල් සමග විහිළු නොකරමු.කතා නොකරමු.

      Delete
    3. තනි වෙන්න ඉඩ දෙන්න අංකල්ටයි, අංකල්ගේ හිතටයි
      වැළපෙන්න ඉඩ දෙන්න අංකල්ටයි, අංකල්ගේ හිතටයි

      Delete
    4. 1 st ඇනෝ.... හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........

      2 nd ඇනෝ ... තාලේ මොකක්ද දන්නේ නැහැ....

      Delete
    5. වෘෂණ කෝශ දණහිස්සේ වදින සද්දේ තමා. හා නැද්ද මාමේ?

      Delete
    6. sirawatama kenji joker kenek wage..hama thanama kota kotaa yanawa..tharahakata newe boza kyanne..ubata hoda experience ekak tiyenawa demand pita inna puluwan buwek...balapan halapa iyala, kakala..., ara photograpic karana buwa..(me lagadi lissala watune), henry, asimi dakimi soyami etc porawal hasirena widiha demand ekak tiyan..uba dan blog liyana widiha hodai..ube experiance eka diyan blog post walin.igena gatta padam aye tawa kenekta nowenna wage..ubata hoda place ekak ewe nikanma, mata nam blog kyawana eke nagalama giye rangala, tikak hina wenna awith yanna kyana dial liyapu kale..abe palayage post samahara ewaa man aye kiyawanawa godak dewal tiyanawa ewain igena ganna..(man uth ekka personal ganu denu karala nee eth u experiance eka share karana eka maara watinawa) ubath hadenna kiyawapan uge blog eka konaka idala..

      man noticed karapu deyak tama ubata hoda athdakim tiyanwa eth share karana widiha tama aula..

      good luck boz



      Delete
    7. කරුණාකර සංයමයකින් යුතුව අදහස් දක්වන්න.

      මට නැවත කමෙන්ට් මොඩරේෂන් දාන්න ඉඩසලස්වන්න එපා , please.

      කාර්ය බහුලයි!

      Delete
    8. @ AnonymousJanuary 15, 2014 at 10:45 AM
      මුලින්ම තැන්ක්ස් මා ගැන හිතනවට මචෝ...
      එක එක අය ලියන විදියට ලියන්න මට අවශ්‍ය නැත.
      උඹලගේ රෙද්දේ උපදෙස් යාන් හෑලි මට අවැසි නැත.
      මට මේකේ නම්බුනාම අවැසි නැත,
      උඹල එක්ක එක්ක පිස්සු කෙළියට ...
      මට තිබෙනවා මගේම වූ සුන්දර ලෝකයක්...
      මම ලියන දේවල් එක්ක ඇම්මක් නැත්නම් ආතල් ගනිල්ලා....

      Delete
    9. # # අපූර්වී December 25, 2013 at 6:45 PM
      This comment has been removed by the author.
      ඊලග වසරේ මීටත් වඩා හොදින් කරගන්න ලැබේවි ..
      අපිට එන්න බැරිවුනත් ෆේස් බුක් එක පුරා ෆොටෝ වීඩියෝ දැක්කා ,,එකත් සතුටක්

      # # Kenji @ JapanDecember 25, 2013 at 9:30 PM
      This comment has been removed by the author.
      නලින් මල්ලි ළමයි දෙන්නෙක් ඉන්න උඹට ත් පද්ම කුමාරයට තියෙන කැහිල්ල ඇති බව දැනගත්තේ සතියකට පෙර FB එකේ ළමයින්ට දාපු කොමන්ට් එහෙකින්.
      බලු කතා කියන බල්ලෙක් වෙන්න එපා තෝ......
      පරයට කක්කුසි හවුසියෙනුත් එලියට දානවා බලල වගේ...තුක් ...නොදකින්..පරයෝ..බොරු කියන...

      # # Kenji @ JapanDecember 25, 2013 at 9:40 PM
      This comment has been removed by the author.
      මෙන්න නියම වැව් හවුසියේ පොර සෝක කක්කුස්සි කටා
      යකෝ උඹට මම අරම කිව්වද පෂ්ෂ්ෂ කෝ...

      # # Kenji @ JapanDecember 25, 2013 at 9:54 PM
      This comment has been removed by the author.

      thamuse maha para ballek

      Delete
    10. හපෝයි ... කොමෙන්ට් මොඩරේෂන් නොකිරීම අහවරයි ! :D
      බොලා හින්ද තමයි අකලට කකාගේ තට්ටේ පෑදිලා තියෙන්නේ මයේ හිතේ :)

      Delete
    11. සෑහෙන්න කැපවෙලා නේ ඇනෝ හි හි
      (දැන් හිතනවා ඇති මෙයාගේ කට වැඩි හිටහන්කෝ දෙන්න වැඩේ )....හ්ම්ම් ඕනේ දෙයක් අනේ..අපි මේ සයිබරේට එන්නේ කාලේ ගෙවාගන්න වෙන අරමුණක් නැහැ..අනුන්ගේ දේවල් හොයලා ඔයා සතුටක් ලබනවා නම් අපෙන් බාධාවක් නැහැ.. kenji කියන්නේ මගේ හොදම යාළුවෙක්.. ඒ නිසා එයා මා වෙනුවෙන් නිතර කතා කරනවා ඇති, මිනිස්සු වෙච්ච අපේ හැටියක්නේ ඒක.. සතුටින් ඉන්න ඇනෝ

      Delete
    12. මයේ අප්පෝ කෙන්ජියගේ ඉතිහාසේම ස්ටො කොරගෙන ....
      හැක්....හැක්...
      මම නිකමට නෙමේනේ කියන්නේ කියන්නේ ....
      මම ඇවිල්ල සිහල බොගේ "තරුව" කියල.... හෙක් ...හෙක්.....,

      Delete
    13. කෙන්ජි..මේ ඇනෝට වෙනම හාර්ඩ් ඩිස්ක් එකක් එවපන්..නැත්තම් උබේ ඒවා ස්ටෝ කරලම උගේ එක පිරෙයි...පව් වැඩක් පොළක් කරන්න නැති දුප්පත් ළමයිනේ මචන්.

      Delete
  6. හැක් හැක් කතාව නම් අහලා තියෙනවා වගේ ,ඔය කතාවට ඔය පෙන අරථයට එහා ගිය කතාවක් තියෙනවා මගේ මතකේ හැටියට ,
    කොම වුණත් කකා 4 දෙනෙක් අරගෙන වැඩෙ චැක් කොරලා බලන්න අපිටත් දැන ගන්න..
    හැක් හැක් සල්ලි බාගේ මට නම් නෑ නැත්නම් චැක් කොරන්න තිබුනා ..

    ReplyDelete
  7. අඩුවෙන්ම සලකපු හතරවෙනි වයිෆ් තමා සිටුවරයගෙ ඇත්තම වයිෆ් වෙන්න ඇත්තෙ. පස්සෙ එන උන්ට සැප දුන්නට, අන්තිමට බලන්නෙ ඔරිමජිනල් වයපරේ නේ..

    කකා කියන විදිහට සැප නොදීම හිටියමද එයාල සලකන්නෙ???

    ReplyDelete
    Replies
    1. අද ඉදන් කිටියටත් හම්බෙන්නෙ හතරවෙනියගෙ සැලකිල්ල තමා :D

      Delete
  8. මං මේ දන්නෙ නැති හංදා අහන්නේ ඇත්තටම මේ //ප්‍රොටැගොනිස්ට් සිටුවරයා// කියන්නෙ කවුද?

    ReplyDelete
    Replies
    1. protagonist කියන්නෙ කතාවක ප්‍රධාන චරිතය කියන එකයි. කකා මේ කියන කතාවේ ප්‍රධාන චරිතය වන සිටුවරයා කියන අදහස තමයි ඔය කියන එකෙන් දෙන්නෙ...

      Delete
    2. ඉතිං මල හත්තිලව්වේ, "කතා නායක සි‍ටුවරය" කීවා නං අහවරයි නෙව? මේ අණ්ඩර දෙමල " ප්‍රොටැගොනිස්ට්" කෑලි දාන්නෙ නැතුව. හුටා ඒ වංගියෙ කකාටත් අර Pra Jay ගෙ ලෙඩේ බෝවෙලාද? :)

      Delete
    3. බොහොම ස්තුතියි තිසර...මං ඒත් මධුර එකේ ගහල බැලුවා.අකුරු වැරදිනිසා තේරුම ආවෙ නෑ

      Delete
    4. යකෝ මම අහක ඉදලත් බෑනුම් අහන්න වෙනවනෙ.
      Anonymous, මගේ ලෙඩේ විදිහට ප්‍රොටැගොනිස්ට් ලියවෙන්නෙ protagonist :-)
      මගේ රෝග ලක්ෂන කලාතුරකින් තමයි දෑන් මතුවෙන්නෙ

      Delete
    5. ප්‍රා ජේ

      හැක් හැක් !! හොඳ වැඩේ . !!

      Delete
  9. ඉන්න තරමක් උන්ට සැප දීල කියන්න ඕන තොපිල එකෙක්වත් මලායින් පස්සෙ මාත් එක්ක එන්න එපා මට පරලොකෙදිවත් නිදහසේ ඉන්න දීපියව් කියල :D

    ReplyDelete
  10. බණ කථාවේ අන්තිම කොටස අහලා නෑ වගේ.

    ඔය වයිෆ්ලා උපමාවක්...
    4 වෙනි වයිෆ් උපමා කරලා තියෙන්නේ කරපු පින් පව් වලට.

    ReplyDelete
  11. කකා,ඉස්සර කාලේ රජවරු ඔය සිටුවරුන්ට එක එක වර දෙනවා වාගේ සාත්තු සේවිකාවන්ට හෙද සහතිකය දෙනගමන් කුණු අදින්න රට යන අයට ඉංජිනේරු පට්ටමයි රියදුරන්ට pilot ලයිසනුයි දෙන එක ගැන ඔතුමගේ අදහස මොකක්ද?
    මිට
    අසුචි ඕබානා

    ReplyDelete
    Replies
    1. ඔයාට මම උත්තරක් දුන්නොත් බාර ගන්නවද මෙයා...

      Delete
    2. චංචලාට ගහද්දි මහලු මඩමේ ආතා අඩන්නේ ඇයි ?

      Delete
    3. කරුණාකර සංයමයකින් යුතුව අදහස් දක්වන්න.

      මට නැවත කමෙන්ට් මොඩරේෂන් දාන්න ඉඩසලස්වන්න එපා , please.

      කාර්ය බහුලයි!

      Delete
    4. අන්න අහපල්ලා ළමයිනේ. කකාට තරම් වැඩ දෙවියන්නාන්සෙටවත් නෑ. ඇයි වයිපරේලා කියලාම හතරක් නේ.

      Delete
    5. @kenji ඇනොලගේ මෝඩ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ ඇයි ? ගණන් ගන්න එපා රජිව් :D

      Delete
    6. PL කකා මොඩරේෂන් දමන්න එපා මට කියන ඒවාට විතරක්.
      අන් අයට කියන ඒවාට ඔබේ කැමැත්ත කරන්න.
      මේ අයට මගේ හෙට දමන පෝස්ට් එකෙන් උත්තර දෙන්නම්.
      මේ ඇනොලත් අපී කට්ටිය නේ.... හැක...හැක .... :)
      Thanks කකා....

      Thanks Omaa ......

      Delete
    7. විහිළු නොදන්නා විහිළුකාර අංකල්! - Know your limits, people!

      Delete
  12. කකා මේකද කථාව ?
    http://www.sinc.sunysb.edu/Clubs/buddhism/story/fourwives.html

    ReplyDelete
  13. @කකා, අර නිහඬ සහන් එක්ක වලිය ඉවරද දැන්?

    ReplyDelete
  14. පෝදා දහම් සිතුවිලි...
    ඉන්නෙ එක භාර්යාවක් උවත් ඇයට නොසලකා හැරීම ද පරලොව හිත පිණිස හේතු වේ...

    ReplyDelete
  15. මෙහෙම කියද්දි ගෑනුන්ට සලකන්න හිතෙන් නෑ කකා...

    සිංහයාගේ අඩවිය

    ReplyDelete
  16. මට මාර සැකයක් ආවා.. මහම්මද් බිරින්දෑවරු හතරක් ගන්න කිව්වේ මේ කතාව අහලදෝ කියලා. එතකොට එකෙක් හරි එනවා නේ සංසාර ගමන යන්න. දැන් හතරක් තියා ඉන්න එකටත් කන්න බොන්න දෙන්න අමාරු තත්වයක් තියෙන්නේ. නැතුව ඉතින් අපිත් ආසයි හතරක් නෙමෙයි, සුද්දෝධනලා වගේම ආතල් එකේ ඉන්න.

    ReplyDelete
  17. පව් පින් එනවා අප පසුපස්සේ

    ReplyDelete
  18. පළමු බිරිඳට උපමා කලේ ශරීරය නේද.. හතරවෙනි බිරිඳ නම් කුසල්.

    ReplyDelete
  19. මම නම් කකා ඔය හතර දෙනාගෙන් එක් කෙනෙකුටවත් කතා කරන්නේ නැහැ. ඒ ආවත් මේ සන්තැන්සියමනේ.

    ReplyDelete
  20. එකෙක් ඉඳලා
    එක කෙසකුදු නැත
    හතරක් සිටියේ නම්....

    ReplyDelete
  21. 1st wife- our Body
    2nd wife- our Properties
    3rd wife- our relations
    4th wife- what ever bad and good things we have done ( Kusal- Akusal)

    budurajananwahanse deshana kala hama wadanakma sathyai....!

    ReplyDelete
  22. දැන් මේකනේ වැඩේ . . . ඔය සිටුවරයා නම් හොදට සැප විදලා අන්තිමටනේ ඕක උනේ.දැන් අපිට ඕකේ අනික් පැත්තනේ වෙන්නේ.අපි නොසලකා හිටියොත් අපිට ජීවත්ව ඉන්දැද්දී සැපකුත් නෑ. . මැරුණම ආව කියමුකෝ ඒකත් එච්චරයි. . . අනේ එයිට වඩා ජීවත්ව ඉන්නකොට සලකල අපිත් සැපසේ ඉදල තනියම මැරෙනවා හොදා මට නම් . . .

    ReplyDelete
  23. සැලකුව කිව්වෙ මොන විදිහටද ඈ?

    ReplyDelete
  24. COMMENT MODERATE KARANNA BARINAM OONE PUKAK. APATA PAANDA YAKO/

    ReplyDelete
  25. තව වයිපරේල තුනක් අඩුයි කකා !!

    ReplyDelete
  26. kaka ta karya bahulalu,
    ai meka sakkarayane

    ReplyDelete
  27. මාත් ඔය කතාව අහල තියෙන්නෙ අර නිරංජලා කීව විදියට තමා ඕක උපමා කතාවක්... දන්න තරමින්
    ඔය උඩිං කොමෙන්ට් කරල තියෙන ඇනෝ ලව දැක්කාම දුක හිතෙන්නේය... වෙන මක්ක වත් නිසා නෙමේය උන්ගේ නමෙන් කමෙන්ට් කරන්න කොන්දක් නැති හිංදාය. කාට හරි බන්න්න ඕන නම් බනින්න නිදහස හැම කෙනාටම ඇත නමුත් ඒ නපුංසක ලීලාවෙන් නොවේය. තමං කවුදැයි පෙන්නමින් බනින්න පුළුවන් නං ඌට කොන්දක් ඇතැයි කිව හැක

    ReplyDelete
    Replies
    1. ඇනෝලා පෝලිම් කරලා බැලුවද?.ඊට කලින් ඔබේ කිරිපල්ල අතගාලා බලන්න

      Delete
    2. ඊයේ වෙන්ඩෑ ඉන්ටෙර්නෙට් කොනේක්සෝන් එකක් ගන්න ඇත්තේ !
      පහු වනකොට ඔයි ,
      කොමෙන්ට් කොටව් කොල්ලනේ ... නම තබා කොටව්
      කැරකිලා කොටව් කොල්ලනි ... නම කියා කොටව් ...

      ලෙඩ අඩුවෙලා යාවි ...

      Delete
    3. නම කියා කොටව් කිව්වොත් ඔය ඔක්කෝම ඇනෝ කමෙන්ට් කතන්දර, කතන්දර, කකා, කසූ, කතන්දර, කකා... වගේ හිටීවි.

      Delete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. "දැන් මොකක්ද අපිට මේ කතන්දරෙන් ගන්න තියෙන ආදර්ශය?"
    4 වත් ගන්න ඕනෑ හොද එකක් හොයා ගන්න

    ReplyDelete
    Replies
    1. අයියෝ නෑ.. නෑ.. ප්‍රා ජෙ

      හොද එකක් අරගෙන, පස්සෙ තව තුනක් ගන්නවා, මුලින් ගත්ත එකත් එක්ක කොම්පෙයාර් කරලා බලන්න. නැත්තම් කොහොමද දන්නෙ මුලින් ගත්ත එක හොදයි කියලා.

      මම නම් අපේ ගෙදර එක්කනාට කියන්නේ ඔහොමයි..!

      Delete
  30. ශා... මරු කතාව කකා. දිගටම මේවම ලියන්න. අපි සංයමයෙන් කමෙන්ට් කරන්නම්.
    ජය වේවා !!

    ReplyDelete
  31. @ All
    ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාට ස්තුතියි.

    මෙන්න එදා බණේ දී හාමුදුරුවෝ මේ කතාවේ තේරුම විග්‍රහ කරපු අන්දම.

    මුල් බිරිඳ තමයි අපේ ශරීරය - කොච්චර සැප දුන්නත් අප යන කොට අප එක්ක එන්නේ නෑ.

    දෙවෙනි බිරිඳ තමයි වස්තුව, ගෙවල් දොරවල්, ඉඩ කඩම්. අපි හොඳට සලකනවා නමුත් අපි යන කොට වත්තේ සීමාවෙන් එහාට අපි එක්ක එන්නේ නෑ.

    තුන්වෙනි බිරිඳ තමයි නෑදෑ හිතවත්තු. අපෙන් තරමක් සැලකිලි ලැබුවත්, ඒ අය එන්නේ කතන්තට විතරයි.

    හතරවෙනි බිරිඳ තමයි අපි කරන පින්. පින් කරන්න අපේ කිසිම සැලකිලක් නෑ. නමුත් අප පසුපස අපේ සෙවනැල්ල මෙන් එන්නේ අපි කරන පින් විතරයි.

    ReplyDelete
    Replies
    1. මේ කතාවේ මූලාශ්‍රය ගැනත් මං හොයා බැලුවා.

      එදා බණ කියූ හාමුදුරුවෝ නම් කීවේ මේක බුදු සාදු කියපු කතාවක් කියලයි. නමුත් මට ඒක ෂුවර් නැති හින්දාත් (කොහොමටත් මේක මං අහපු කතාවක් හින්දාත්) තමයි මං මේ කතන්දරේ මාතෘකාවට ඒවං මේ සුතං කියලා දැම්මේ.

      ඒ හාමුදූරුවන්ගෙන්ම අහන්න බැරිවුණත් මං වෙනත් හාමුදුරු කෙනෙකුගෙන් ඇහැව්වාම නං පිළිතුර ලැබුනේ මේක උපමා කතාවක් කියලයි.

      ඊට කලින් මං අන්තර්ජාලයේ හොයා බැලුවාම මට පෙණුනේ මේ කතාව මුස්ලිම්, ක්‍රිස්තියානි සහ හින්දු ආගමික සම්බන්ධතාවයන් ඇති තැන්වල පළවී ඇති බව.

      මෙතන ප්‍රතිචාරයක අඩංගු සබැඳියක් තුලින් පේනවා මේ කතාව මහායාන බුද්ධාගමේ සූත්‍රයක (ද කොහෙද) දැක්වෙන බව.

      මෙන්න ඒ ඒ තැන්වලට සබැඳි.

      1. බුද්ධාගමට සම්බන්ධය
      http://www.sinc.sunysb.edu/Clubs/buddhism/story/fourwives.html

      2. ක්‍රිස්තියානි
      http://www.kerysso.org/public/page131.htm

      3. හින්දු
      http://sites.tufts.edu/bhaktiyoga/entry/30

      4. ඉස්ලාම්
      http://www.islamcan.com/islamic-stories/the-merchant-with-four-wives.shtml#.UtfYy9IW1_A

      Delete
  32. ඔබේ පසු එකතු කිරීම ගොඩක් වටිනවා ස්තුතී

    ReplyDelete
  33. budu dhahamata niggraha karanna epaa.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.