ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Sunday, 19 January 2014
මෙන්න තවත් (අ)සාර්ථක වෑයමක් - Robber poetry
මා කුඩා කාලයේ කුමක් හෝ හේතුවක් නිසා අපේ එක් ආච්චී කෙනෙකුගේ ගෙදර ගොස් රාත්‍රියක් ගතකරන්නට සිදුවිය.
අර එංගලන්තෙන් ආ අංකල් හමුවූයේ එදා යැයි අනුමාන කරමි.
ආච්චී ගේ නිවසේ තිබූ පොත් අල්මාරියක තිබී මට කාලයකට කලින් මුද්‍රණ්‍ර කරන ලද "උදය" නම් වූ ළමා සඟරා එකතුවක් හමුවිය. මේවා අපේ එංගලන්තේ අංකල් ලා පොඩි කාලේ කියවපුවා විය යුතුයි.
ඒ එක් සඟරා කලාපයක පලවු තිබූ එක්තරා ලිපියක් මගේ සිත ගත්තේය. ඒ ලිපියෙන් කියවුනේ කුඩා ළමුන්ට කවි ලිවීමට උපදෙස් ය.
මේ සඟරා පලවූ කාලයට අදාලව මේ උපදෙස් දී තිබුණේ එලිසම සහිත සඳැස් කවි ලිවීමටයි. ඒ ලිපියේ උදාහරණ ලෙසට සැන්දෑ වරුවක නිවසේ ඉදිරිපසට වී බැස යන හිරු සහ පොල් ගස් දෙස බලමින් සිටි ළමයෙකු විසින් ලියවෙන්න ඉඩ ඇති කවි පන්තියක් ද එකතු කර තිබුණි.
එදා ආච්චිලා ගේ නිවසෙන් ආපසු අපේ ගෙදරට පැමිණි විගසම මා කළේ පොතක් සහ පැන්සලක් රැගෙන ඉස්තෝප්පුවට වී මිදුලේ තිබූ ලොවි ගස්, තැඹිලි ගස්, පොල් ගත් දෙසත් බලමින් කවියක් ලියන්ට උත්සාහ කිරීමයි.
ගස් තිබුණු පලියට කවි පල හට නොගන්නා බව මට එදා වැටහුණි.
කවි ලිවීමට හොඳ කෝෂ්ඨාගාරයක් මෙන්ම කවි සිතුවිලි ද උවමනා වේ.
මට ඔය දෙකම තිබුණේ නැත.
පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ යන ප්‍රසිද්ධ කියමන ආශ්‍රයෙන් මා වයස දාසයයි මාස දෙකේදී කවියක් ලියූ බව මා පෙර දිනයක කීවෙමි.
ඒ කාලයේ මා කවි සටහන් කර තිබූ පරණ දින සටහන් පොත දිගටම පිරික්සීමේ දී මට තවත් එවැනි ප්‍රසිද්ධ අදහසක් අනුසාරයෙන් මා ලියූ කවියක් හමුවිය.
මෙන්න ඒ කවිය.
නෙලන්න බැරි මල්
කිසිවෙකු හට නෙලා ගන්න
බැරි ලෙස අතු අග්ගිස්සේ
ලඟවෙන්න බැරි ලෙසිනේ
දණක් එරෙන වගුරු බිමේ
වනලැහැබෙන් එයා ඉමේ
විසපිරි කටු ඇති පඳුරේ
සුවඳ හමන ලස්සන මල්
නෙලන්න බැරි පියකරු මල්
ඇයිද පිපෙන්නේ?
අඳුරුව තිබූ මගේ දිවිය
එළිය කරපු නිල්මිණ වෙත
මගෙ හදවත තිබු පාළුව
මකා දැමූ මිහිරිය වෙත
කිසි දිනයක හිමි නොවෙනා
මට අහිමිවූ වස්තුවකට
මටත් හොරෙන් ඇයි මගෙ සිත
ඇදිලා යන්නේ?
මේ නෙලන්න බැරි මල් කවිය මා ලියා ඇත්තේ පෙර කී තණ අග පිණි බිදු කවිය ලියා විනාඩි පාළහකට පසුව බව සටහන් පොත කියයි.
මා මේ අදහස සොරා ගත්තේ කරුණ්රත්න අබේසේකර රචනා කර, මිල්ටන් පෙරේරා ගැයූ ගීයක මුල් දෙපදයෙනි.
නෙලන්න බැරි මල් අතු අග මොටද පිපෙන්නේ
ලැබෙන්නේ නැති වස්තුවකට කිම සිත යන්නේ
දැන් මෙන්න අද ඉරිදා ඔබේ රස වින්දනයට ඒ මිල්ටන් පෙරේරා ගැයූ ගීතයේ යූ ටියුබ් වීඩියෝව.
තාත්තා ගේ සින්දු පුතා කන හැටි අහන්න ඕනෑ නං මෙතනින් පුළුවනි.
-කතන්දරකාරයා
ප/ලි:
මා ලියූ මේ කවි සටහන් පොතෙන් මුල්වරට එළියට එන්නේ අද බවත් අදාල මූලාශ්‍ර සපයා ඇති බවත් කරුණාවෙන් සළකන්න.
(image: http://archives.dailynews.lk/2010/10/20/art02.asp)
Labels:
කයි-කතන්දර
Subscribe to:
Post Comments (Atom)
ෙ
ReplyDeleteමොකද නිකං කොම්බුව විතරක්?
Deleteඔබත් කවි අදහස් කොපි කර තිබෙනවා!
ReplyDeleteඑය කවි ලිවීමේ හොඳ අභ්‍යාසයක්.
Deleteඔබත් උත්සාහ කර බලන්න!
කකා දිනය පමණක් නොව වෙලාවද සටහන් කොට සටහන් තබන්නෙකු බව පැහැදිලිය. කකා ද ටයිම්කීපර්..
ReplyDeleteඔව්, මොකලද මං ඒ කාලේ සහමර කවි රාත්‍රීවල කවි පන්ති හත අට ලියනවා. උසස් පෙල කරලා හමාර වෙලා සතියකින් කවි පොතක්ම ලිව්වා!
Deleteතාත්තාගේ සින්දු පුතා කන හැටි ගැනනම් ඕනා තරම් උදාහරණ දෙන්න පුළුවනි. //"වනලැහැබෙන් එයා ඉමේ"// මේ කියන්නේ වනලහැබෙන් එහා ඉමේ කියන එක වෙන්න ඇති අකුරු ටැපැලීමක්ද..?
ReplyDeleteමෙතන ඇත්තටම නව රිද්ම සංගීතය නිසයි ගම කැවෙන්නේ.
Delete(ටයිපින් වරද පෙන්වීම ගැන තුති)!
නෙලෙන්න බැරි මල් අතු අග මොටද පිපෙන්නේ
ReplyDeleteවිඳින්න බැරි කවි බ්ලොගයේ මොටද ලියන්නේ
හි හි
Deleteමේක කයි-කතන්දරයකි.
Deleteකැමතිනම් කියවන්න, කැමති නැති නම් ඒත් කියවන්න!
විනාඩි 15 කට පස්සේ ලියලා තියෙන නිසා වෙන්න ඇති වේගයෙන් වගේ ලියලා තියෙන්නේ,,ඔයා ගොඩක් සතුටු වෙනවා ඇති මේවා ආයේ කියවද්දී ඔයාගේ ඒ ගැටවර කාලේ ගැන,,
ReplyDeleteමාත් ලියපු නිසදැස් පොතක් තියෙනවා ගෙදර ඕක මං හන්ගන් ඉන්නේ අපේ අම්මා හිතන්නේ නිකන් කවියක් ලීවත් ලව් එකක් පටන් අරන් කියලා ,, "කාටද මේක ලිවේ අහනවා" ආයේ ලංකාවට ගියාම අරන් එන්න ඕනේ ..
@ අපූර්වි.
Deleteමට මතකයි දැන් අවූරුදු හය හතකට කලින් ජාලයේ කවි ලියූ එක් සිසුවියක් පෙම් කවියක් ලියා ඟෙය ඉඳුරාම කවියක්ඟ පමණි කියා ඩිස්ක්ලේමර් එකක් දැම්මා!
ඉස්කෝලෙ යන කාලෙ අපේ ජාතික ගීය කකා !!!
ReplyDeleteනෙලාගන්න බෑ
මගේ අත දිග නෑ
ඒත් අනේ තව මල පිපියන්
කෝටි ගනං තව මල් පිපියන් !!!
මේකයි හේතුව .. !!
Deleteවිලක දියක මල් පිපුනේ අපට නොවේමැයි
ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි
මල් සුවඳ උරා ඇදී යන්නෙ බමරුන් කෝමැයි
සඳලුතලාවට පැල්පත දුර නම් බෝමැයි . . .!!!!
ඔය "නෙලාගන්න බෑ" සින්දුව ගැන සුචරිත ගම්ලත් කිව්වේ ධනපති ක්‍රමයට උඩගෙඩි දෙන නිර්ධන පන්තිය ඉච්ඡාභංගත්වයට ඇද දමන නිර්මාණයක් කියලයි!
Deleteගොඩක් වෙලාවට අපි පොඩි කාලේදී කරන කියන දේට එහෙම බාහිර ඉන්ෆ්ලුවෙන්ස් වල බලපෑම් වැඩියි නේද
ReplyDeleteඔව්, මොකද අපි තාමත් ඉගෙන ගන්න අය නේ. අපේම අදහස් ඔළුවට එන්න ටික කලක් යනවා. ඒක තමයි චන්ද බලයත් අවුරුදු 18 න් දෙන්නේ.
Deleteකවියෙක් අංකුර අවධියට එන්නේ අහම්බෙන් නෙවෙයි සංජානය හෝ සංයෝගයක ප්‍රතිඵලයක් විදියටයි. ඔබ මූලාශ්‍ර කරගත්ත කාරණාවත් එක්ක හොඳ ප්‍රවේශයක් අරන් තියෙනවා..පුද්ගලිකව මම මගේ මුල්ම සිව් පදය ලිව්වේ අවුරුදු 9 දි..පාසල හැර වෙනත් පාසලකට යන හිතවත්ම මිත්‍රයෙක්ගේ සුදු ඩ්‍රෝවින් පොතක අග පිටුවේ..
ReplyDeleteමිතුර නුඹ යන දිසාවට
සුලං රල ලෙස පැමිණෙන්ට
නොහැකිමුත් තනි මට
මිතුදම එයි නුඹෙ තනියට
වැඩේ කියන්නේ ඔය කවියම කෙල්ළෙකුට ලිව්වා නම් ඒ දවස්වල වැඩ කෝටියයි නේද?
Deleteමාත් තුනේ පන්තියේදී තමයි මුල්ම කවිය ලිව්වේ!
මෙන්න ඒ කතාව.
http://kathandara.blogspot.com/2009/11/blog-post_08.html
ශා... අදත් කවියක් පඳ බැඳලා...
ReplyDeleteෂාහ්, ඔයාගේ නීරීක්‍ෂණ ශක්තිය නම් මාරයි!
Deleteකකා සාහිත්‍ය මාසෙ නෙමේ . . .කතාවක් දාන්න
ReplyDelete. .
හහ්, හහ්,
Deleteකවිය සාහිත්‍ය මාසයට සීමා කරන්න එපා!
හැම දිනම දරු නැලවිලි කවි ගැයෙනවා.
කතාවක් දැම්මානම් තවත් අගෙයි කකා....
ReplyDeleteමං හිතුවේ මෙතන කතාවකුත් තියෙනවාය කියලයි.
Delete1. මට හමුවු ළමා සඟරාව සහ එහි ලිපිය
2. කවි හැදීමට ඉගෙන ගන්න ට්‍රයි කරපු හැටි
3. පසු කලෙක මා ලියු කවියක්
කවි නැති කතාවක්.
Deleteඑදා සහ අද අතර කවිය කොච්චර දියුණු වෙලාද ...
ReplyDeleteකවි ලියන්න ආස තරුන කාලේ කාගේ හරි කවියකින් පොඩි කෑල්ලක් අරගෙන නැත්නම් තමයි පුදුම වෙන්න ඕන කකා. ඒක සොඳුරු අත්හදා බැලීමක් කියලයි මම හිතන්නේ. මම අහලා තියෙනවා පත්තර වල කවි පිටුවලට යවන ආධුනිකයින්ගේ සාර්ථක නිර්මාණ ගෙඩි පිටින් උස්සපු උදවිය ගැන. නම් වශයෙන් කියන්න මතකයක් නැහැ.
ReplyDeleteප්‍රියංකර පෙරේරාට වඩා ගොඩාක් සාර්ථකව මේ ගීතයම චලක චමුපති කියනවා මම අහලා තියෙනවා.
දාසයයි මාසයයි දිනපොතයි කවි ටිකයි !
ReplyDeleteපරණ සටහන් පරිස්සම් කර ගැනීමේ දුර්ලභ පුරුද්ද හරි වටිනා දෙයක් . අර කිව්වා වගේ ඒ කාලේ මොකක් ලිව්වත් වැඩිහිටියෝ හිතුවේ මේ කාට හරි දෙන්න තමයි ලිව්වේ කියලා.
කතන්දරගෙ සින්දු බවට පත් උනු සින්දු සෙට් එක දැකලා මටත් හිතුන ඉස්සර ලියපු සින්දු කවි ටිකක් බ්ලොගේ දාන්න. මොකද අපි කතන්දරලා දිහා බලලා බ්ලොග් ලෝකෙට ආපු අයනෙ.
ReplyDeleteආධුනික උනත් ලියල තියෙන කවිය නම් නියමයි. අද අපි අහන music දාපු රචනා වලට වඩා නම් ගොඩක් ඉස්සරහින් තමයි තියන්න වෙන්න.
ReplyDeleteමාත් කාලෙකට උඩදි ඔහොම සිංදුවකට පේලි උස්සලා කවියක් ලියලා තියෙනවා.. මේක කියවද්දී මතක් වුනේ..
ReplyDeleteඕකට මං හිතන්නේ අපේ අධ්‍යාපන ක්‍රමේත් බලපානවා ඇති. රචනයක් නම් ඒකට වෙනම මාතෘකා සැට් එකක් තියනවා. 'අපේ ගම', 'මම නිවාඩුව ගත කල හැටි', මම මාළුවෙක් වෙමි', 'හරකෙක් කතා කරයි', 'මගේ ගුරුතුමී' ඔය වගේ... චිත්‍රත් එහෙමයි... 'අපේ පවුල', 'ඉර බැසගෙන යන දර්ශනයක්'... ඒ නිසාම ඒ කාලෙ ලියන කවිත්, අපේ ඔලුවට දාපු මාතෘකාවකින් ලියවීම පුදුමයක් නෙමෙයි.
ReplyDeleteඅවුරුද්දු 15,16දී මටත් තිබුනා විද්ය ප්‍රබන්ධ ලියන පිස්සුවක්,හැබැයි අර කියුවැයි වාගේ ලාමක හොර වැඩ තමයි.
ReplyDeleteකකා... ඊයෙ රෑ බලනකොට තිබ්බ ඇනෝ කොමෙන්ට් ටික කෝ.... ඒවා ගිල්ලද? ලස්සන කවිටිකකුත් තිබ්බා......
ReplyDeleteසමතික්‍රමණය කවි ලිවීමේ පළමු පියවරයි.. මමත් ඕක කරල තියෙනව
ReplyDeleteමම ඉගෙන ගත්තේ බලු දුක් විඳලා. මම දෙයක් කියන්නම්. පොඩි කාලේ මම බල්ලෙක්ට කෑම දාපු පත්තර කොළයක් දැක්කත් බල්ලා බත් ටික කාලා ඉවර උනාට පස්සේ කෙළ ටික අතින් පිහ දාලා ඒක අරන් කියවනවා. අදට උනත් මම එහෙමයි. අපේ අම්මා අහනවා මොකද ළමයෝ ඔය කියලා. ඒ වගේම මගේ කෑම එකේ බත් ඇට දහයක් ඉතුරු උනත් මම ඒ කෑම ටික සතෙක්ට කන්න පුළුවන් තැනකට ගෙනහින් තියනවා තට්ටු ගාණක් බැහැලා උනත්. කිසිම දෙයක් අපතේ යවන්නේ නැහැ. මිනිස්සු මට හිනා වෙනවා.
ReplyDeleteමිනිස්සු මට හිනා උනාට මම එනකම් අහිංසක බල්ලෝ පූසෝ ඉන්නවා මග බලාගෙන. මම පාරේ ඇවිදගෙන ගියොත් පාරේ ඉන්න බල්ලෝ ඇවිත් මාව බිම පෙරලගන්නවා ආදරේට . ඒත් මම එනකම් මග බලන් ඉන්න මිනිස්සු නැහැ මට ( මගේ තාත්තා ඇරෙන්න. එයා ඇරෙන්න මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් මට නැහැ ) . මට ඕනෙත් නැහැ. සත්තු ළඟ තියෙන ගුණේ නැති අය මට එපා.
රමීශාගේ පල් හෑලි මෙතන ලියන්නේ ඇයි.....
Deleteමම ඉගෙන ගත්තේ බලු දුක් විඳලා. මම දෙයක් කියන්නම්. පොඩි කාලේ මම බල්ලෙක්ට කෑම දාපු පත්තර කොළයක් දැක්කත් බල්ලා බත් ටික කාලා ඉවර උනාට පස්සේ කෙළ ටික අතින් පිහ දාලා ඒක අරන් කියවනවා. අදට උනත් මම එහෙමයි. අපේ අම්මා අහනවා මොකද ළමයෝ ඔය කියලා. ඒ වගේම මගේ කෑම එකේ බත් ඇට දහයක් ඉතුරු උනත් මම ඒ කෑම ටික සතෙක්ට කන්න පුළුවන් තැනකට ගෙනහින් තියනවා තට්ටු ගාණක් බැහැලා උනත්. කිසිම දෙයක් අපතේ යවන්නේ නැහැ. මිනිස්සු මට හිනා වෙනවා.
ReplyDeleteමිනිස්සු මට හිනා උනාට මම එනකම් අහිංසක බල්ලෝ පූසෝ ඉන්නවා මග බලාගෙන. මම පාරේ ඇවිදගෙන ගියොත් පාරේ ඉන්න බල්ලෝ ඇවිත් මාව බිම පෙරලගන්නවා ආදරේට . ඒත් මම එනකම් මග බලන් ඉන්න මිනිස්සු නැහැ මට ( මගේ තාත්තා ඇරෙන්න. එයා ඇරෙන්න මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් මට නැහැ ) . මට ඕනෙත් නැහැ. සත්තු ළඟ තියෙන ගුණේ නැති අය මට එපා.
රමීශාගේ පල් හෑලි මෙතන ලියන්නේ ඇයි.....
DeleteIya Dan Shoak Kai liyanawa, Issara nam liwwe, kai paha paha, Dan wili samaya nathi kaith liyanawa, Shoak.
ReplyDeleteThis is not me ( Cap. ano )
Delete