ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday, 8 October 2012
සිල්වත් සාදු ගේ රහස - Brain drain?
මේ කතාව මට මතක් වුනේ සමනල ලේඛකයා ලියන "සමනල විප්ලවය" කියන පැරලල් ලෝක බ්ලොග් නවකතාවේ එක එපිසෝඩයක් කියෝපු වෙලාවෙයි.
හැබැයි මේ කතන්දරේ නං පැරලල් ලෝක කේස් එකක් නොවෙයි, හැබෑ ලෝකයේ වෙච්ච හැබෑම එකක්.
මං කියෝපු මේ කියන සමනල විප්ලවය එපිසෝඩ් එකේ තිබුණේ පැරලල් ලෝකයේ මන්ත්‍රී පොරක් මහණ වෙන එක ගැනයි.
මේ ලෝකේත් සමහරු වැඩිහිටි වයසේ දී මහණ වෙනවා තමයි. හැබැයි ලංකාවේ අද ඉන්න බහුතරයක් හාමුදුරුවරු මං හිතන්නේ පොඩි වයසේ දී ම මහණ දම් පුරන්න පටන් ගත්තු අයයි.
පොඩිම පොඩි කාලේ මහණ වෙන සාමනේර සාදුලා එහෙම මහණ වෙන්නේ සිදුහත් ලා වගේ සසර කළකිරීලා හෝ නන්ද ලා වගේ හොඳ ලස්සන බඩුවක් සෙට් කරගන්න හෝ හිතලා නොවෙයි. ඒවා කරන්නේ ලොකු අය.
අර රාහුල ලා වුනත් සුළැඟිල්ලේ එල්ලිලා ගිහිල්ලා ගියේ මහණ දම් පුරන්න හිතාගෙන නොවෙයි, දායාදය ඉල්ලා ගන්නයි.
මං හිතන්නේ සමහර පොඩි ළමයින්ට ආසා හිතෙනවා කහ සිවුරට. සසර පුරුද්ද කියලාත් සමහරු කියනවා නේ.
තව වෙන වැඩක් තමයි එක එක ටාගට් පුරෝගන්න ළමයි මහණ කරන එක. මේ ළඟදීත් තිබුණා එහෙම කේස් එකක්. අර අරංතලා ඝාතනයේ සංවත්සරය වෙනුවෙන් කුල දරුවන් අහවල් ගාණක් මහණ කරන්න ටාගට් එකක් සෙට් කරළාය කියලා.
එක්දාස් නවසිය බර ගණංවල ලොකු මිනිස්සුන්වත් එහෙම ටාගට් පුරවන්ණ මහණ කරගත්තු කේස් එකක් ගැන පහුගිය දවසක මාරයාගේ හෝරාවේ කියවුණා මට මතකයි.
අපි පුංචි කාලේ කරාටේ හරි ජනප්‍රියයි. ඉතිං කරාටේ ක්ලාස් එකක් පටන් ගත්තාම සූ ගාලා කොල්ලෝ. හැබැයි මාස දෙක තුනක් යනකොට එයින් බහුතරය හැලිලා යනවා.
ළමා වයසේ සීය හමාර මහණ දමට යොමු කරන පිරිසත් අන්න ඒ වගේ තමයි. හැබැයි එකම වෙනස බහුතරයක් සිවුරු හැරලා යන්නේ පොඩි කාලේ නොවෙයි, ලොකු මහත්වෙලා වැඩිහිටියන් වුණාමයි.
පිරිවෙණින් සමත් වෙලා විස්ස විජ්ජාලෙට එන සාදුලා ගෙන් සමහරු අවුරුදු තුන යන්න කලින්ම කලිසමට බහින්න පටන් ගන්නවා.
අන්තිමේ දී ඉතුරුවෙන්නේ අති සිල්වත් හාමුදුරුවරු විතරයි.
ඔය සේරම ලිව්වේ මේක කියන්නයි.
ඔන්න අපි පේරාදෙනියේ ඉන්න කාලේ ආට්ස් ෆැකල්ටියේ හිටි එක ශිෂ්‍ය හාමුදුරුවරුනමක්ව අනිත් සහෝදර හාමුදුරුවරු හැඳින්නුවේ කවදාකවත් සිවුර හැරලා නොයන නමක් හැටියටයි.
ඒ මොකද දන්නවාද?
මේ හාමුදුරුවන් ගේ ඒ වෙනකොටත් හිසේ පස්ස පැත්තෙන් පොඩි හඳක් පායලා. ඉස්සරහ පැත්තෙනුත් නළල පළල් වෙලා.
කොටින්ම අපි මේ හාමුදුරුවන්ව හැඳින්නුවේ අර තට්ටේ තියෙන හාමුදුරුවෝ ය කියලයි. ඒ නම හොඳටෝම ඇති. මොකද අනිත් හාමුදුරුවරු හැමෝම කොණ්ඩේ වවලා නේ හිටියේ!
-කතන්දරකාරයා
ප/ලි:
මෙන්න මගේ මහණ දම ගැන පරණ කතන්දරයක් කියෝලා නැති අයට.
http://kathandara.blogspot.com.au/2010/03/blog-post_10.html
(image: http://en.wikipedia.org/wiki/Channa_(Buddhist))
Subscribe to:
Post Comments (Atom)
අන්තිමට සිල්වත් හාමුදුරුවරු ඉතුරු වෙන කතාව ඇත්ත.
ReplyDeleteඅපිට නම් රකින්ට තියෙන්නේ පන්සිල් විතරනේ. හාමුදුරුවරු දෙසිය ගානක සිල්පද රකිනවා කියලා අහලා තියනවා.
අපි ක්‍රිකටුත් පැරදුනානේ.පිං කරලා මදිද කොහෙද? :(
තිස් තුන් කෝටියක් සන්වර ශීලය
Deleteහාමුදුරුවරු රකින්නේ කෝටියක් සංවර සිල්.
Deleteතිස් තුන් කෝටිය කියන්නේ දිව්‍ය ලෝකයේ ජන ගහණය.
http://kathandara.blogspot.com.au/2010/03/akons-trip-to-sri-lanka-and-my-trip-to.html
අපිට විතරක් නෙමේ සෝවාන් අයටත් රකින්ට තියෙන්නෙ පන්සිල් ම තමා. ඒත් ලොකු වෙනසක් තියෙනවා.......
Deleteකතන්දරට ආපහු සැරයක් ටැබූ සර් මතක් වුනාද?
ReplyDelete??
Deleteඇයි තට්ටෙ තියෙන කකා...
ReplyDeleteඑයා නං හරිම සිල්වත්!
Deletekone nam wewwata kamak netha, dhuracharaye noyanawa nam e athiya.
ReplyDeleteහරියට හරි!
Deleteආගමික ළිපිවලට කොමෙන්ට් කිරීම නැවැත්වූයෙමි.. කියන්නට කාරනා බොහෝය.
ReplyDeleteබුද්ධියගෙන් හොඳට අහගත්තට පස්සෙද?
Deleteආගමික ලිපි? මොනවද ඒ?
Deleteතලෙයිබාන් වරුන් හා තර්කයට යෑම මරු කැඳවයි..
Deleteඔච්චර තට්ටෙ තිබිලත් කකා මහණකමේ ඉතුරු නොවුණු එක නොවැ අරුමේ! :P
ReplyDeleteඅරුමේ ද, කරුමේ ද?
Deleteඅන්තිමට සිල්වත් හාමුදුරුවරු විතරක් ඉතිරිවෙනවා ? කවුද කියන්නේ.. අර රුවන්වැල්ලේ සොභිත කියන කෙනා සිවුරු හැර ගියේ අන්තිමට වැඩ සෙට් වෙන බව දන්නා නිසයි. නැත්නම් ඌ කවදාවත් සිවුරෙන් යන්නේ නෑ. ලංකාවේ පැවිදි ජීවිතය කියන්නේ සමහර රජමහා විහාර වල වාසය කරන භික්ෂූන් වහන්සේලාට කප් රුකක් වන් ජීවිතයක් ..උදාහරණයක් වශයෙන් දඹුල්ල නගරය,අන්තර්ජාතික ක්‍රීඩා පිට්ටනිය,ආර්ථික මධ්‍යස්තානය පිහිටා තිබෙන්නේ එම රජමහා විහාරයට අයත් ඉඩම් වල.ඒවායෙන් පන්සලට තවමත් බදු ගෙවිය යුතුයි. ලංකාවේ සමහර පංසල් පැරණි වැඩවසම් සමාජ ක්‍රමය නූතනයේත් තහවුරු කරන සමාජ ආයතන්. කකා මේ ගැනත් පස්ස ඉස්සීම ද මොකද්දෝ පෝස්ටුවක් දාලා තිබුණා පහුගිය දවසක. නමුත් ඔහු කියන්නට උත්සාහ කළ කාරණාව යොදා තිබූ මාතෘකාවෙන් යටපත් වී තිබුණා. අවසාඅ වශයෙන් මට කියන්නට ඕනෑ වුණේ අන්තිමට ඉතුරු වෙන්නේ සිල්වත් හාමුදුරුවරුය කියන කතාවේ පොඩි කොස්සක් තියෙන බවයි. 1931 සම්මත කරන ලද විහාරගම් දේවාල පනත යටින් දිවෙන කතාව වෙන්නේ ,,ලංකාවේ ඇතැම් විහාරයින්හි සැබෑ භික්ෂු ජීවිත වලට මිලක් නියමවී ඇති ආකාරයයි ..අන්න ඒ නිසා තමයි නායක හාමුදුරුවෝ අපවත් වුණාට පස්සේ ගෝලබාලයෝ විහාරාධිපතිධූරය කා කොටා ගන්නේ.
ReplyDeleteමෙන්න අද රතු රජරට එකඟ වෙන්න පුළුවන් දෙයක් ලියලා තියෙනවා.
Delete1815 උඩරට ගිවිසුම ගැන කාලයක් තිබුණු දුර්මතයක් තමයි එය සුද්දා විසින් ලාංකිකයන් මත බලෙන් පැටවූ එකක බව. ඒත් ගිවිසුමේ සිංහල හා ඉංග්‍රීසි පිටපත් විමසිල්ලෙන් බලන කොට පැහැදිළියි වෙලා තියෙන්නේ මුලින් සිංහලෙන් ලියූ ගිවිසුම ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමක් කියලා. ඒ වගේම මුල් වගන්ති පහ වැදගත් ලාංකිකයින්ට මිස සුද්දාට නෙවෙයි. (ඇත්තටම සුද්දාට මේ වගේ ගිවිසුමක් අවශ්‍ය නෑ. බලය ගත්ත වහාම ගිවිසුම් තිබුණත් නැතත් තමන්ට ඕනැ දෙවල් කරන්නපුළුවන් බව දැන නොහිටිය නම් ඌ මෝඩයෙක්.)
එතකොට කාටද ගිවිසුම ඕනැ වුණේ? කවුද ඒක ලිව්වෙ?
ඔය විහාරගම් දේවාලගම් රැක ගන්න ඕනැ වෙච්චි උන්නාන්සෙලා තමයි.
/* අන්තිමට සිල්වත් හාමුදුරුවරු විතරක් ඉතිරිවෙනවා ? කවුද කියන්නේ.. */
Deleteකතන්දරයේ මාතෘකාව සහ අවසානය අමතක කරන්න එපා ළමයි!
අනේ මන්ද ..........
ReplyDeleteඔහොම හිතෙනවා තමා!
DeleteHaha, HaHhaa, Kakka, Joka, Puka, Choowa, Padaya.
ReplyDeleteතිසෝරස් එකකින් ඔයා ගේ නමේ තේරුම බැලුවා නේද?
Deleteඅනේ යකෝ ලියන්න දේවල් නැත්නම් බුදියගනින්. උබ හිතුවද අපි මේවගේ දෙකයි පනගේ පොස්ට් බලන්න බ්ලොග් එකට එනවා කියල. උබේ බ්ලොගය දැන් පට්ට චා ..ඔයි
ReplyDeleteදැන් පට්ච චා කියන්නේ වැඩි දියුණු වෙලා. මොකද මේක ඉස්සර ඊටත් වඩා චා!
Deleteඅනේ මන්දා... මම නම් පෞද්ගලිකව පොඩි ළමයි මහණ කරනවාට ඒතරම් කැමැත්තක් නෑ... අර ආනන්ද මෛත්‍රීය හාමුදුරුවෝ පොඩි කාලේ මට මහණ වෙන්නොනෑ කිය කිය වර්ජන කරනවා නම් මහණ කාලාට කමක් නෑ.. හැබැයි ටාගට් වලට මහණ කිරිල්ල නම් ගොන් වැඩක්....
ReplyDeleteඉස්සර ගමේ ගොඩක් ළමයි ඉන්න පවුල් වල එකෙක් දෙන්නෙක් මහණ කලා අඩු ගානේ කාලා ඇඳලා වත් ඉදියිනේ කියලා... ඒත් දැං..
අපේ සිංහල පංතියේ හිටපු හාමුදුරුවරු සෙට් එක කොල්ලන්ට අන්තයි... ඔක්කොටම තට්ටෙ ගාන්න කිව්වොත් විතරයි තට්ටෙ ගාන්නේ... බොහොම පිංපාට හාමුදුරුනමක් හිටියා.. අපි කිව්වේ මිහිඳු හාමුදුරුවො කියලා.. පස්සේ කාලෙක ඇක්වයිනාස් ක්ලාස් යද්දි මේ හාමුදුරුවොයි තව හාමුදුරුදෙනමකුයි අන්තිම අවලස්සන විදියට ( හාමුදුරු නමකට නොගැලපෙන විදියට) කැකෝ ගගහා ඉන්නවා දැකලා ළඟට ගිහින් කියලා ආවා “ මේ අන්‍යාගමික තැනකවත් සිවුරෙ ගෞරවය ආරක්ෂා වෙන විදියට හැසිරෙන්න “ කියලා....
අර රතු රජරට කියනවා වගේ ///ලංකාවේ පැවිදි ජීවිතය කියන්නේ සමහර රජමහා විහාර වල වාසය කරන භික්ෂූන් වහන්සේලාට කප් රුකක්///.. ඒත් ඔය පොඩි කාලේ මහණ කරවන අයට ලොකු වෙනකොට මහණකමේ ආසාව ගිහිල්ලා.. අනිත් එක දැනුම් තේරැමි තියෙන වයසට එනකොට ගොඩක් අයට තේරෙනවා මහණකම හරියන්නෑ තියලා.... ගොඩක් අය ඉගෙනගෙන ඉවර වෙලා සිවුර අතාරිනවා.. වැරදියි කියන්න බෑ... අඩු ගානේ සිවුරෙ ඉඳන් සිවුරෙ ගෞරවය නැති කරනවාට වඩා සිවුරු අරලා යන එක හොදයි කියලා මම හිතනවා....
හරියට හරි!
Deleteම් ම්ම් කිව්වත් වගේ සිල්වත් උදවිය විතරක් ඉතුරුවෙනවා වෙන්න බෑ . . සිල්වත් උදවිය කැලේට යනවා නැතිනම් දුස්සීලයෝ නිසා හිත රිදෝගෙන සිවුරු හැර යනවා අසිල්වත් උන්දෑලා පන්සල් ආරාම වල ඉතුරු වෙනවා කියන්න වෙයිද මන්දා . .
ReplyDeleteකතන්දරයේ මාතෘකාව සහ අවසානය අමතක කරන්න එපා ළමයි!
Deleteදැන්නම් ඔය තට්ටේ කියන කතන්දරේ වලංගු නා නේද තව දුරටත්?.අද වෙනකොට තට්ටේ කියන දේ විලාසිතාවක් වෙලා. ගිහියොත් ඕන තරම් තට්ටෙ ගානවා. වෙන එකක් තියා නිලියොත් තට්ටෙ ගාලා ඒකෙ පච්ච කොටා ගෙන ඉස්ටැයිල් කරන්නේ. අද කාලේනම් ඔය වගේ හමුදුරුනම්ක් උන්නනම් අවුලක් වෙන් නෑ නේද?.:-)
ReplyDeleteතට්ටයෝ තමයි ලොව රජ කරන්නේ. අර රොනී ලීච් සින්දුවකිනුත් කියන්නේ.
Deleteඑතකොට බ්ලොග් ලෝකේ රජ කරන්නෙ තට්ට කකා ද?:)
Deleteනෑ බන්, "පට්ටම් තකා"....
Deleteදිලිසෙන සියල්ල රත්තරන් නොවේ වගේ දිලිසෙන තට්ට ඇති සැවොම මහණුන් නොවේ! :-)
ReplyDeleteටාගට් ගැහිල්ලට මහණ කිරීමට නම් මමත් විරුද්ධයි. අනික මහණ විය යුත්තේ සසර කළකිරීමකින් නොව සසර පිළිඹද අවබෝධයකින් කියලයි මගේ මතය. එහෙම අවබෝධයක් ඇතුව මහණදම් පුරන උදවිය අතින් සසුන හැරයාමක් සිදුවන්නේ නෑ.
ReplyDelete" Targat purawa ganna lami mahana karana eka " = AI THAWA -50 cents bogalath targat purawaganna, pada, jokku, jee, choo , hotu, wage dewal ganath posts danne,
ReplyDeleteමමනං තාම සිල්වත් කියන හාමුදුරු කෙනෙක් දැකලා නෑ.ඒකත් හරියට රහත් හාමුදුරුවරු ගැන වගේම තමයි.අහලා තියෙනවා, සමහරු දැක්කාය කියනවා ඒත් මම දැකලා නෑ.සමහර විට මගෙ පව වෙන්ඩැති.කවුද දන්නේ.
ReplyDeleteවිශ්වවිද්‍යාලයේ භික්ෂු ප්‍රජාව ගැන කතා කළොත් බෞද්ධ භික්ෂූන් කියලා කියන්න පුලුවන් අය අතලොස්සයි ඉන්නේ. හුඟක්ම ඉන්නේ චීවරධාරීන්. අපේ බැච් එකේ හිටිය හාමුදුරුවරු 65 නමගෙන් පළවෙනි අවුරුද්ද ඉවර වෙන්න කලින් 5 දෙනෙක්ම පැවිද්දෙන් ගිහි ජීවිතයට නිෂ්ක්‍රමණය වුණා.
ReplyDeleteකතාවේ හැටියට කැම්පස් ආපු ගමන් 3 නමක් සිවුරු ඇරලා තියෙනවා.විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙද්දී භික්ෂූන් වහන්සේලාට තියෙන වරප්‍රසාදය පාවිච්චි කරන්න තමා එයාලා නම් මහණ වෙලා තියෙන්නේ.
මේ වෙද්දී මම හිතන විදිහට 65 නමගෙන් ඉතුරු වෙලා ඉන්නේ 40 වගේ ප්‍රමාණයක් වෙන්න ඕනේ.
සිවුරෙන් නික්මෙන අය ගැන යමක් කියන්න ඕනේ. එයාලා කැම්පස් එන්නේ පට්ටෙටම "රොක්" වෙලා. මාල දාලා, ජෙල් නාලා, ඩෙක් ෂූස් දෙකක් දාලා, සිරා ටී ෂර්ට් එකක් දාලා වගේම හරිම ෆැෂනබල් විදිහට.
හිර කරගෙන හිටිය ආසාවන් පිටට පැනලා නොවැ :D
@ All
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි!
මගේ අදහස නං කවුරුන් වුනත් ගිහි ගෙය අතහැර සිර ගෙයකට යා යුතු නැති බවයි. අභිනිෂ්ක්‍රමණය ද ප්‍රායෝගිකව අද මෙන්ම ටු වේ විය යුතුයි!