Sunday 14 April 2013

රා බොමු, කවි කියමු! - Vi auguro un felice anno nuovo!


සති දෙකක පොඩි නිවාඩුවක් අරගෙන පොඩි පහේ චාරිකාවක් යන්න සැලසුම් කරලා තිබුණත් බ්ලොග් එක පාලුවට යවන්න දුක හිතුණු හින්දා පොඩි කඩල-රටකජු පාරක් දාන්නයි මේ සැට් වෙන්නේ. මේක කයි-කතන්දරයක් කියලා කියන්නත් පුළුවනි.

මං ජීවිතේටම රා බීලා තියෙන්නේ එක දවසයි. ඒ කිතුල්ගල අර බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි කියන චිත්‍රපටියේ ලොකේෂන් එකේ දී යි. ඒ දවස්වල ඩේවිඩ් ලීන් ලා ත් රා ගහන්න ඇති එතනදී.

මං එදා ඉගෙන ගත්තු රා ගැන සින්දුවක නැවත ප්‍රචාරයක් මෙන්න.

(තාලයඃ මුණී නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ)

ඇගේ රා ටික නං හරිම හොඳයි
විස්කි වගේමයි
ගැහැව්වම හොඳට වදිනවා
ඇගේ රා ටික නං හරිම ප්‍රනීතයි

නාලාගිරි ඇතා බිව්වෙ ඇම්බසඩර් රා
සිදුහත් හට බුදු වෙන්නට උදව් වුනෙත් රා
වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා

ඇගේ රා ටික නං හරිම හොඳයි
විස්කි වගේමයි
ගැහැව්වම හොඳට වදිනවා
ඇගේ රා ටික නං හරිම ප්‍රනීතයි

මෛත්‍රීපාල සේනා-නායකලත් බොන රා
සිරිම ට අගමැති වෙන්නට උදව් වුනෙත් රා
වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා

ඇගේ රා ටික නං හරිම හොඳයි
විස්කි වගේමයි
ගැහැව්වම හොඳට වදිනවා
ඇගේ රා ටික නං හරිම ප්‍රනීතයි


මෙන්න රා ගැන මං පොඩි කාලේ අහල තියෙන කවියක්. ඒ දවස්වල ගමේ පොරවල් රා බීලා, වෙරි වෙලා, පොරත්වය ඔළුවට අරගෙන කෑ ගහමින් රණ්ඩුවලට පැටලිලා නිකං අතපය කඩා ගන්න හැටි ගැනයි මේ කවිය ලියවිලා තියෙන්නේ.

රා බී සත පහක
වෙරි වී පනම් හතරක
දොඩවා රුපියලක
අහෝ ගුටි කති පවුම් සීයක


බීමේ ආදිනව ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ.

ඉස්සෙල්ලා යනවා එක ෂොට් එකක් දා ගන්න. ඒග ගත්තට පස්සේ තව එකක් ඕනෑ වෙනවා. ඊටත් පස්සේ තව එකක්. අන්තිමේ දී බීවේ මොනවද, කෑවේ මොනවද කියලත් අමතකයි.

මේ ගැන ඉංගිලිසියෙන් කියවෙන්නේ මෙහෙමයි.

එ මෑන් ටේක්ස් එ ඩ්‍රින්ක් (A man takes a drink)
ද ඩ්‍රින්ක් ටේක්ස් එ ඩ්‍රින්ක් (The drink taken a drink)
ද ඩ්‍රින්ක් ටේක්ස් ද මෑන් (The drink takes the man!)


මෙන්න අද මේ සන්ඩේ ඉස්පැෂල් ඇක්ස්ට්‍රා එකේ අවසානයට මං රා බීම ගැන අහලා තියෙන හොඳම කවිය.

බාප්පයි මායි ගිය කළ රා බොන්න
පීප්පෙන් අරං ගැසුවෙමු ඇති වෙන්න
බාප්පා ඔහු ද මා දැයි පවසන්න
ඩෝප් පිට අපට බැරිවිය හඳුනන්න


-කතන්දරකාරයා

ප/ලි:
ඔය උඩ ඡායාරූපයේ තියෙන්නේ ඉන්දියාවේ පාරක් අයිනේ කාන්තාවක් රා විකුණන ආකාරයයි.

(image: http://www.thehindu.com/news/cities/Hyderabad/newage-trappings-tank-toddy-times/article4585494.ece)

73 comments:

  1. kohomada modayo siduhathta buduwenda raa udaw une.

    ReplyDelete
    Replies
    1. මෝඩයෝ ඕවා දන්නේ නැහැ තමයි!

      Delete
  2. මී රා කට්ටක් ගහන්න තිබ්බනං මේ උදේ..
    ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම samakayawate බ්ලොග ලියන නලින්

    ReplyDelete
    Replies
    1. මී රා බිව්වොත් බඩ යනව නලින්.මී රා කියන්න්නෙ මුට්ටියට කපපු හල් පොතු ටිකක් දාල කපපු මලට දාල ගන්න රා වලට.ඒ රා ලා දුඹුරු පාටයි.ඒවායින් පැණි/හකුරු හදන්නෙ.

      Delete
    2. මී රා කියන්නෙ තෙලිජ්ජ හෙවත් තෙලිදිය වලට. මලෙන් ගලාගෙන එන්නෙත් මී රා ම තමයි. මුට්ටියේ පතුළට රා මණ්ඩි ටිකක් දැම්ම ම ගානට පැහිලා මී රා "රා" බවට පත්වෙනවා.
      මුට්ටියේ පතුළට රා මණ්ඩි නොදා හල් පොතු කෑලි කීපයක් දැම්මම පැසීම මුළුමනින්ම නතරවෙනවා.කෙන්ජි කියන්න වගේ ඒවගෙන් තමයි පැණි/හකුරු හදන්නෙ.‍ඒ තෙලිජ්ජ ලා දුඹුරුපාටට හැරෙන්නෙ හල්පොතු කල් තියාගන්න දුමේ දාන නිසයි.

      Delete
    3. රාජපක්ෂ පවුලත් එක්ක අළුත් අවුරුද්ද සමරන්න තිබ්බ චෑන්ස් එක මිස් උනා.
      මම අහවල් එක වටේ යන අහවලා.

      Delete
    4. කෙන්ජි මොකද මේ ප්‍රකාශෙ ගැන ඔබේ අදහස?
      http://kathandara.blogspot.com/2013/04/sugar-coating-poetry.html?showComment=1365764793558#c1038817864498069562

      Delete
    5. දන්නවා... ඒත් උදේම එයින් කට්ටක් ගත්තාම නොකෑවත් අවුලක් නෑ.
      එක පාරක් මට යන්න ලැබුණා දැරණියගල සිටන් සිරිපාදෙට කැලැ පාරෙන් පයින් යන අවස්ථාවක්. දැරණියගල අටුපොද්දෙණි කන්ද විදුහලේ තමයි ගමන යන්න කලින් දා රෑ නැවතුනේ අපි.මේ අවස්ථාව ආවේ පුස්කොල පොතක තිබ්බ පාරන් හොයන් යන ගමනක් ගම්මු 200ක් විතර එක් වුණා මේ ගවේශනයට. එදා ගමන පිටත් වෙන්න කලින් හැමෝටම ලැබුණේ මි රා කට්ටක් තමා. ඒ ගමනේ දි දවල් කෑමට බත් එක ඔතා දුන්නේ කටු කිතුළ් පට්ටේ ඔතපු බත් ලබ්බක්. මේ මගේ වචනයක් නොවේ ඒ ගමවැසියන්ගේ වචනයක්.ගමන එහෙම පටන් ගත්තත් සැතපුමට බැරැන්ඩි මුඩියයි සංකල්පෙන් අපි පැය 18ක් කරුණා කර පාර හොයාගන පද්මෙට නැංගා.

      Delete
    6. @Sumith N;
      ස්තුතියි පැහැදිලි කිරීමට.
      ඔබ කියන ක්‍රමය බලපාන්නෙ කිතුල් සහ තල් රා වලට වෙන්න ඇති.
      පොල් රා වල නම් ඔය මන්ඩි දැමීමක් නොමැත.පොල් මල ගානට පදම් කරල දින 21ක් පමණ කල් පිරුනලින් පසු මල කපන්න ගන්නව.පදම් කරගෙන යද්දී ගසේ පොල් පිත්තෙ උඩ නාරටියෙන් ගලවා ගන්නා පොත්ත සිහින් තීරු වලට ගලවා ගස උඩම දින දෙකක් පමණ තබා මල පිපිරී නොයන ලෙසට වෙලනව.ඔය පදම් කරන කාලය තුල පොඩ්ඩ පොඩ්ඩ මල නවන්න ඕන අර බස් ඇතුලෙදි නොදැනෙන්න හේත්තු කරනව වගේ.
      මල ඇතුලට ඔබන මැටි වලින් හදපු ගස් මුට්ටි ය දින දෙකක් වගේ ඇතුලත මන්ඩි බැදෙනව.

      Delete
    7. ජොලි ගුඩ් අළුත් අවුරුද්දක් ලබන්නට ඇතැයි සිතමි!

      Delete
  3. අනේ කකා නොනගතය වෙලාවේ pizza hut එකේ සෑමරුවේ රෝස බබාගේ උපන්දිනයද?

    ReplyDelete
    Replies
    1. නොනගතය වෙලාවේ අපි හිටියේ උඩු ගුවනේ!

      Delete
  4. RAA BIWWOTH NAM NIYAMA SEPA. ISSELLA PADA YANTA GANNAWA. E LANGATA JOKA GALAWILA, JEEYANTA, CHOO YANTA GANNAWA, OONA DAN EKATH PALIYATA EWITH SU KRA YANAWA. DAN ITHIN AWRUDU IWARI. AWRUDU KUMARAYA NIDI.

    ReplyDelete
    Replies
    1. අවුරුදු කුමාරයා විතරක් නෙමේ ඕන කුමාරයෙක් බඩු ගියාට පස්සේ නිදියනවා :)

      Delete
  5. awrududa udema ra beewama nam shooi. kakata suba pathum. mama pakawate bloga liyana choowa.

    ReplyDelete
  6. ඔබ ඇතුළු සැමට සුබ අළුත් අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
  7. @"සිදුහත් හට බුදු වෙන්නට උදව් වුනෙත් රා" - මොකක්? මේක පැහැදිලිවම අපහාසයක්.
    පිලිකුලෙන් හෙලාදකිමි.

    ReplyDelete
    Replies
    1. සිදුහත්ට බුදු වන්නට උදව් වුණේ රා(ගය) කීම මහින්ද මාමාට යුද්ධය දිනන්න උදව් වුණේ ප්‍රභාකරන් වගේ ප්‍රකාශයකි. එය හරියටම හරි නුවූවත් උපහාසාත්මක ගීයකට නොගැළපේය නොසිතමි.

      ජය ශ්‍රී වැනි මෝඩ බෞද්ධයින් විකාර කියවන්නේ රා බී නොව මෝඩකමට නොතේරී බව දත යුතුය.

      Delete
    2. හරි ෂෝක්, වචනයක පළවෙනි අකුර විතරක් ලියුවම ඇති ඉතුරු ටික අපි අතින් දාගන්න ඕනි. එහෙනම් රා කියන්නේ රාත්‍රිය වෙන්නත් පුලුවන්නේ. එතකොට රාක්ෂයා?
      අනේ බුද්ධිමත් නිර්නාමික මහත්තයෝ, මගේ මෝඩකමත් බෞද්ධකමත් මට තිබුනාවේ. ශ්‍රේෂ්ඨ උත්තමයන්ට අපහාස කිරීම සමහර නැණවත් අයගේ අමන ගතියක්.මෙහිදී කතන්දරට කෙලින් ම චෝදනාවට ලක්වෙන්නේ නැහැ ඔහු කළේ උපුටා දැක්වීමක් නිසා (ඒත් වක්‍රව එහුත් චූදිතයෙක්). මේ ගීතය ගයා රා මතින් සිද්ධාර්ථ කුමාරයාට අපහාස කරන අයටත්, ඒවා අගයන නිර්ණාමික ඔබ වැනි අයටත් අනුකම්පා කරනු හැර වෙනයමක් කළ නොහැකියි.

      Delete
    3. මටත් ඒ කේස් එක තේරෙන්නේ නෑ.
      දෙව්දත් නම් නාලාගිරියාට රා පොවා බුදුන් මරා තමන් බුදුවෙන්න ගිය බව අසා තියෙනවා.

      Delete
  8. සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  9. ඔබටත් පවුලේ සැමටත් උදා වූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  10. රාගය දුරලා
    බොදු බැති සිතින්
    මුනිදු පුදා
    දහම් සරණ යමු !!!

    මුල් අකුරුවලින් කියවේ කතන්දරේ.... :)

    රා
    බො
    මු
    ද ?

    ReplyDelete
  11. නෙද්දකින් මෙච්චර සුබ දවසේ බුදු දහමට අපහාස වෙන විදිහේ තුප්පහි සිංදුවක් දාලා !!!
    ශික් !!! අපි හිතුවේ නෑ කකා මේ තරමටම වසලයෙක් ය කියලා.... !!!

    නජච්ඡා වසලෝ හෝති
    නඡච්ඡා හෝති බ්‍රාහ්මණෝ.
    කම්මනා වසලෝ හෝති
    කම්මනා හෝති බ්‍රාහ්මණෝ

    ReplyDelete
    Replies
    1. මොනාද ඇනෝ මේ සුබ දවසෙත් ඔය වගේ පුංචි නොසැළකිය
      හැකි මට්ටමේ ඒවා ඇදන් කොක්කට එන්නේ ..බීලද ඉන්නේ ?

      නිකන් යන්න ඇනෝ යන්න මේකේ වෙච්චගේ හැටියට..:P

      ඔයාටත් කකාටත් කකා සුරැකීමේ ජාතික සංවිදානයටත් මටත්
      අපි හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ..

      Delete
    2. බීමේ ආදිනව ගැන කියවෙන මේ කතාවේ ඇති වරද මොකක්ද?

      Delete
  12. රෝස බබා කියන්නේ කවුද?

    ReplyDelete
    Replies
    1. උබ මේ බ්ලොග් එකට අළුත් ද ? රෝස බබා කියන්නේ කකාගේ කෙලි පොඩ්ඩ !

      Delete
    2. කොටන්න ! කියවන්න ! දැනගන්න ! ජය ගන්න !

      රෝස බබා !

      http://kathandara.blogspot.com/2011/06/pink-baby-girl-comes-home-in-red.html

      Delete
  13. ඔබ ඇතුළු පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
  14. නිවාඩුවකට යන ගමනුත් කතන්දරකාරයාට පාඨකයෝ අමතක වෙලා නෑනේ.:)

    ReplyDelete
  15. ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද වාසනාවන්ත නිරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  16. ඔය ගිය පැත්තෙත් රා තියනවද කියලා බලන්ටකෝ.:)

    කතන්දර, කතන්දරී සහ කතන්දර පැටවුන්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා. බ්ලොග් වැඩි, වැඩියෙන් ලියවේවා!!!

    ReplyDelete
    Replies
    1. suba upandinayak nathda? oya asse kakage pawle upandinayakuth thibuna, pizza hut eke..

      Delete
  17. සිදුහත් හට බුදුවෙන්නට උදව් වුනේ යසෝද"රා"

    රා වුනත් අමුවෙන් බොන්න එපා ලුණු කැටයක් හෝ උම්බලකඩ කෑල්ලක් එක්ක බොන්න....එතකොට අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් "රා"හුල නිසා වැඩේ කොට උඩ යන්න තිබ්බා...

      Delete
    2. රා - හුල කියා නම දැම්මෙත් ඒකයි නේද?

      Delete
  18. budunta apahasa kara liya athi kai padawal mathak kara api nava avurudda samaramu, api natamu, raa bee natamu.

    ReplyDelete
  19. api raa bomu, raa bibi kai kiyamu, kai paha paha kiyamin raa bomu, kai kiyamu raa bomu.

    ReplyDelete
  20. ada ape maha kai kaka uthuma raa gahala havas vena thuruma nidi. comments nehe. replies nehe.

    ReplyDelete
  21. Boga lokaye kirulu paladeemata sudusukam laba heta aniddama kirulu paladina ape kaka maharaja thuma ta noyekuth awalada nagamin, mada, choo, jee adiyen gasamin noyekuth apahasa, upahasa, karana wal Anola roththata, nisi danduwam laba denu manavi, maha raja thumani, mun wenuwen no osawana obathumage asipatha kos kotannada?

    ReplyDelete
  22. තව දෙයක් කියන්න කැමැති මම සුදීක කියන බ්ලොග් කරු ගැන . ඔහු කෙටිම කෙටි ලොල් කතා යන නමින් තුට්ටු දෙකේ පෝස්ට් 30 කටත් වඩා දමමින් බ්ලොග් පාඨක සැමගේ පහත් වින්දනය දුන් අයෙකි. ඒ ඇරුණු කොට ක්‍රිකට් නැමැති ක්‍රීඩාවේ එක් එක් විකාර ගැන මුග්ධ පෝස්ට් දමමින් පාඨක සිත් සතන් අපහසු තාවට පත් කල මුග්ධ මිනිසෙකි . එවැනි බ්ලොගයක හිමි කරුවෙක් වශයෙන් කතන්දර බ්ලොගයට එරෙහිව ඔහු දරණා අදහස අප ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දකිමු . මෙයට තවත් බ්ලොග් පාඨකයෙක් .පදිංචිය වියට්නාමය .

    ReplyDelete
    Replies
    1. මේවා වෙනත තැනක කතා කරගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලමි.

      Delete
  23. kaka ada comment noda rep. noda luhutala gihilla heta anidda anith boga damai. muhuna denna apahasui. liyala thiyana wasala kai nisa.

    ReplyDelete
  24. මන් කියවපු හොඳම කවි සෙට් එක :)

    ReplyDelete
  25. kathandara karayage downfall started today.

    ReplyDelete
    Replies
    1. මයි ටූ වීක්ස් හොලිඩේ ස්ටාර්ටඩ් ඔන් දිස් ඩේ!

      Delete
  26. Ada aluth avurudu da kaka udenma raa beela, budunta apahasa karala, Kooriya gahalawathda?

    ReplyDelete
  27. thawa hondatama re unama kaka okkotama thank you kiyala, kathandare close karala. himihita shape wela heta wena kathawak damai.

    ReplyDelete
  28. රා බී සත පහක
    වෙරි වී පනම් හතරක
    දොඩවා රුපියලක
    අහෝ ගුටි කති පවුම් සීයක - -වී අවුගූරො උන් ෆෙලීචෙ අන්නො නුවෝවො :)

    ReplyDelete
    Replies
    1. Spero vi annuncio una bella celebrazione del Capodanno a Venezia!

      Delete
  29. රා බොන්න ලැබෙන සුබ නව වසරක් වේවා.

    ReplyDelete
  30. එතකොට 'සුරා' කියන්නේ වඩා හොඳ තත්වයේ රා ද?

    ReplyDelete
    Replies
    1. ඔව්, නරක ඒවට කියන්නේ දුරා!
      අර දුරාචාර කියලා වචනයකුත් තියෙන්නේ. ඒ නරක රා බී කරන වැඩ!

      Delete
  31. රා තියා ඇල්ටොත් නෑ මෙදා සැරේ අවුරුද්දට

    ReplyDelete
  32. මම නම් කිතුල් මලක පහස ලැබුවා මේ අවුරුද්දෙත්...

    කතාටත් සියළුම ඔස්ට්‍රේලියන් වාසින්ටත් සිරි සුභ අවුරුද්දක් වේවා..!!!

    එහේ අයට විෂ් කලේ මම විතරයි මයේ හිතේ.... හික්ස්

    ReplyDelete
    Replies
    1. ගෙදර යන්න බලාගෙන ඉන්න ගිලාඩ් මැතිණිය ඇතුළු සියලු රටවාසින් කියල කිව්වනම් තමා හරි.

      Delete
  33. නව සද බැලීමෙන් අප පවුලේ සෑම දෙනාගේම ඇස් පෙනීම වර්ධනය විය....

    මාගේ මෑනියන් පියානන් පමනක් නොව අවුරුදු 97ක් ආයු විදිනා මිත්තනියද කන්ණාඩි වීසිකර දමා පොත් කියවයි....

    අප නිවසේ සිටින බල්ලා අහම්බෙන් නැකැත් වෙලාවේ දුටු නවසද හේතුවෙන් ඇස් පෙනීම වර්ධනය වී කි.මී. 15 දුරින් වූ මාගේ රාජකාරි ස්ථානයෙන් මා පිටවූ මොහොතේ පටන් වලිගය වැනීම අරඹයි....

    තවද එදින මාගේ ඇසේ ලේ ගමනාගමනය වැඩිවී ඇතිවූ "සුරත් තඹරු පෙති දෙනත" තවමත් මදක් රත් පැහැතිය.....

    මේ සා ප්‍රබුද්ධ වූත් ප්‍රායෝගික වූත් අසම සම දැනුම සම්භාරයක් අපට බෙදා දුන් මහා පණ්ඩිත, ජෝතිශ්‍ය ශිරෝමණී, ජෝතිරත්න මහතාට පින් පිණිස ලියා පල කරන ලදී....

    ReplyDelete
  34. බ්ලොග් ලෝකෙ ලොකුම මල සමයම... සිXX XXරා

    ReplyDelete
  35. sathi dekaka nathnam avrudu 2ka nivaduwak gathath apata paanda?

    ReplyDelete
  36. //Vi auguro un felice anno නුඔවො

    කකා නම් බාසා වෙල්ලෙක්. ඉතාලි බාසාවත් දන්නවා !

    ReplyDelete
  37. සුබ අලුත් අවුරුද්දක් හතර දෙනාටම!

    කවි ටික පංකාදුයි. ඉතිහාස කාරණා වලින් මම දන්නෙ නැත්තේ සිදුහත් කුමාරයටයි, සිරිමා නෝනටයි රා උදව් වුනේ කොහොමද කියලා.... දැක්ක දවසක උත්තරයක් දෙන මෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මාත් ඔය ගැන හිතුවා මේ සින්දුව මුලින්ම ඇහුණු දා ම.

      1. නාලාගිරි ඇතා රා බිව්වේ සිදුහත් බුදු වූවායින් පසුවයි. බුදු හාමුදුරුවෝ ඒ රා මත නැතිකර නාලාගිරියාව දමනය කළා. මේ කේස් එක පදමාලා රචකයා වරදවා වටහාගත්තා විය හැකියි.

      2. සිරිමා ගේ කේස් එක නං මට තේරණේ - මෛත්‍රීපාල ගේ රා බීම නිසා ඔහුට අගමැතිවන්නට, නායකත්වය සඳහා ෆයිට් කරන්න බැරිවෙන්නට ඇති බව මෙයින් කියවෙන බවයි. (නමුත් ඇත්තම හේතුව එක්කෝ කුල-මල කේස් එකක් නැතිනම් මෛත්‍රීපාලගේ වයිෆ් දෙමල වීම විය යුතුයි!)

      Delete
    2. ස්තුතියි කේකේ!

      Delete
  38. පත්තර තට්ටුවට තවත් පත්තරයක් !

    "සමාධි"

    ReplyDelete
  39. meka pissek moota pissu nathnam oowage kavi liyawida

    ReplyDelete
    Replies
    1. ඔහේ මේ කවි/සින්දු ලියපු අයව දන්නවා වගෙයි.

      ඔතන තියෙන අර රා බී සද පහක කියන කවිය නම් දැන් අවුරුදු 100 විතර පරණ එකක් මං දන්න විදියට.

      Delete
  40. මන්තරයකි දවසකට තුනවරක් ජප කරන්න
    ජය ලැබේ!

    හොරා රා බීලා තුඃ තුඃ
    බුඃ බුඃ බුර බුරා
    ජරා කරා හූරා
    අල්ලා මරා
    සිරා පොරා

    ReplyDelete
  41. සියළු දෙනාටම සුබ නව වසරක් වේවා!

    මගේ සති දෙකකුත් දවස් දෙකක නිවාඩුව අදින් අවසන් වූ බව ප්‍රීතියෙන් දැනුම් දෙමි.

    ReplyDelete
  42. රා ගැන හොඳ කවි කිහිපයකුත් කතාවකුත් කියවන්න ලැබුණා. “රා බී සත පහක .... “ කියන කවියෙ ඉතිරි පද හොයාගෙන යමන් තමයි මෙතැනට ගොඩවැදුනේ. බොහොම ස්තුතියි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.