Tuesday 28 January 2014

වයසට යෑම නොහොත් අද අද එයි මරු පින් කර ගන්නේ! - Donkey to Camel transformation


ළමා කාලේ ඉඳලා කොලු කාලෙට එළැඹීම හෙවත් කොල්ලා ලොකුවීම ගැනත්, එතැන් සිට තරුණ වියට පිවිසීම ගැනත් මං කතන්දර දෙකක් ලිව්වා දැන් ටික දවසකට කලින්.

ඒ දෙකටම පදනම වුනේ මගේ ම අත්දැකීම්.

මේ සති අන්තයම අවිවේකයෙන් ගෙවිලා, ඒ මදිවාට අද සඳුදා ගත්තු අතිරේක නිවාඩුවත් ගෙවිලා ගියාට පස්සේ තමයි තේරුණේ, ජීවිතයේ පසු කාලීනව එළැඹෙන අදියර වෙන් කරලා හඳුණා ගන්නේ කොහොමද, ඒ එක් එක් අදියරකින් ඊලඟ එකට පැනීම නිසැකවම තේරුම් ගන්නේ කොහොමද කියලා.

කාල වේලාව කොච්චර හිඟ වුණත් ඒ අත්දැකීම ගැනත් පොඩි වචනයක් දෙකක් ලියලා දාන්න හිතුණා!

මං යුනිවසිටි එකෙන් අවුට් වෙලා මුලින් කරපු ජොබ් තුනේම පඩි ගෙව්වේ සල්ලි කොලවලින් ලියුම් කවරෙක දාලායි. මේකට කිව්වේ පඩි පැකට් එක කියලා.

මට වඩා ජීවිතය ගැන දැනුම තේරුම තිබුණු මගේ බැචාලා තුන් දෙනෙක් ඔය මං කරපු තුන්වෙනි ජොබ් එකට ගිය කාලේ අසල තිබුණු ලංකා බැංකුවේ ගිනුම් ආරම්භ කළ මට මතකයි.

මං හිනාවෙලා නිකං හිටියා.

මට තිබුණේ මං තුනේ පන්තියේදී විතර අපේ අම්මා ආරම්භ කරපු තැපැල් කන්තෝරු ඉතුරු කිරීමේ ගිනුම විතරයි. ඒකේ තිබුණු සල්ලිවලින් මං ඒ ලෙවල්ස් කරලා ගත කරපු ගන්ධබ්බ කාලේ මගුල් ගෙදරක යන්න කමිස කලිසම් මහන්න සල්ලි සේරම වගේ ඇද්දා. ඉතුරු වෙච්ච රුපියල් සීයක් ද කොහෙද එහෙමම තිබිලා දැන් ගල්වෙලා ඇති.

මාසේ විසි ගණංවල පඩි පැකට් එක හම්බ වුණාම මං ඒක උඩ කමිසේ සාක්කුවේ දාගන්නවා. ඊට පස්සේ ඒකෙන් අරගෙන වියදම් කරනවා. මාරු සල්ලි විතරක් පොකැට් එකේ දාගන්නවා. බෝඩිමට ගියාම පඩි පැකට් එක මේසේ උඩට දාලා තියලා පහුවදා උදේ වැඩට එනකොට අඳින කමිසේ සාක්කුවට දාගන්නවා.

බෝඩිමට, කෑමට, චිත්‍රපටි බලන්න, ගෙදර යන කොට මොනවා හරි ගෙනියන්න, මල්ලිලාට දෙන්න හෙම පඩි පැකට් එකේ කොල ටික දියවෙලා ගිහින් කීයක් හරි ඉතුරු වුණොත් ඒක ඊලඟ මාසේ පඩි පැකට් එකට දා ගන්නවා.

ඉතුරුවක් කියල කරලා තිබුණේ එකතු කරපු රුපියල් පහේ කාසි ටික විතරයි. ඒකෙන් වුණු ප්‍රයෝජනය ගැනත් මං කලින් කතන්දරයක කිව්වා.

තවත් අවුරුදු දෙක තුනක් විතර ගියාම බැංකු ගිණුමත් අරඹලා පඩිය ඒකට යන්න දැම්මා, ඒත් වුණු ඉතුරුවක් නම් නෑ. ඒ කරපු ජොබ් එක නං කොහොමටත් වගතුවක් නැති එකක්, සියයට හයක් තියා දහයක් ලැබුණත්!

කොටින්ම කසාද බඳින්නත් ආපදා ණයකට අයැදුම් කරන්නයි අන්තිමේදී වුණේ. නමුත් හොඳ වෙලාවට ණයකාරයෙක් නොවී බේරුණා!

මං හිතන්නේ ජීවිතයේ ඒ ජොලි කාලයෙන් ඊලඟ අවධියට පැනීම පෙන්නුම් කරන හොඳම සාධකය තමයි, සල්ලි ඉතුරු කරන්න, ගෙයක් දොරක් හදන්න සිතුවිලි පහල වෙන එක.

මං හිතන්නේ මං ඒ අවස්ථාව පහු කෙරුවේ මගේ තිස්වෙනි උපන් දිනය දා කියලයි. මොකද මගේ උපන් දිනයට මං හාමිනේට කීවේ ඒ දවස්වල ගම්පහ සතොසේ විකුණන්න තිබුණු මග් එකක් අරන් දෙන්න කියලයි.

මෙන්න ඒ මගේ එකේ ගහලා තිබුණු වැකිය.

I am 30 today. I think I should be a millionaire by now!

දැන් ඉතිං ඒ කූඩු හදන වඩු කුරුළු අවධියෙනුත් මගේ ජීවිතයේ තවත් අවධියකට පිම්මක් පණින කාලේ වගේ.

දරු පැටව් ටික ටික ලොකු වෙන කොට තමයි හිතෙන්නේ ඒ අයගේ අනාගතය ගැනත් හිතන්න ඕනෑ නේද කියලා.

ඒ එක්කම, කවදාක හරි මේ කරන ජොබ් කිරීම නවත්තලා, ආයෙත් අර ඒ ලෙවල් කරලා කැම්පස් යන්න කලින් හිටිය ජොලි කාලේ වගේ කිසිම වගකීමක් හිතට ගන්නේ නැතුව ඉන්න, තාමත් හරි හැටි හිතේ හැටියට කරන්න බැරිවුණු රට වටේ, ලෝකෙ වටේ ගමන් යන්න, හිතුණු හිතුණු දේවල් කරන්න, යහමින් සල්ලි ටිකක් හොයා ගන්න ඕනෑ නේද කියලාත් හිතෙනවා.

තව අවුරුදු දහයකින් පහලොවකින් කලවයස එළැඹෙන කල්ම ඉන්න ඕනෑ නෑ ඒකට. දැන් සිටම සැලසුම් කරලා, ඒ සැලසුම් ටික ටික හෝ ක්‍රියාත්මක කරන්න පුළුවනි.

අද අද එයි මරු පින් කර ගන්නේ!

ඔන්න ඕක ගැන වෙහෙසෙන්න තමයි දවස් තුනේ දීර්ඝ සති අන්තයෙන් ලොකුම කොටස ගතවුනේ.

ඔබටත් එසේම වේවා!

-කතන්දරකාරයා

ප/ලි
මෙන්න නැවතත් අද දවසේ උගත් පාඩම.

අද අද එයි මරු පින් කර ගන්නේ!

88 comments:

  1. හ්ම්ම් අදහස හොදයි...

    ReplyDelete
    Replies
    1. අද අද එයි මරු පින් කර ගන්නේ!

      Delete
    2. කකා වෙලාව වෙලාව කියල බලන්නේ නැතුව මේක අහන්න. ඔබ කැමති වෙයි. මම ස්පෑම් කරනවා කියල බනින අනිත් හිපාටුවන්ටත් නරකම නැහැ
      Millionaire Next Door by Thomas J. Stanley
      හැබැයි ඉතිං අපායේ යන එක නං වලක්කන්න බැරි වෙයි සල්ලි ගොඩ ගැහුවා කියල :D

      Delete
    3. @ මහසොහොන් පිල්ලිය
      ස්පෑම් දැම්මාම යන්නෙ බ්ලොග් අපායෙ....

      එහෙ ඉන්නෙ ඔක්කොම නයි ඇරපු, පොළු තියපු, ලිංගික වාසි ගත්තු බ්ලොග් කාරයො තමා....... යමපල්ලො ඔක්කොම ඇනෝලා තමයි.....

      උඹටත් එහෙදි අපි වැඩේ දෙන්නම්....

      Delete
    4. //යමපල්ලො ඔක්කොම ඇනෝලා තමයි.....//
      උඹලත් එහේ යන එකේ මම ගියාම මක්ක වෙනවයි. :D

      එක නෙමේ කකා අලුත් වාහනයක් ගන්න කාලේ හරි.
      තියෙන එක හපුටු වෙලා ගිහිල්ල නේද ?
      මැවිසුරුවෙක් උනාම හපුටු ටොයෝටා වල ගිහිල්ල හරියනවයි ?

      Delete
    5. @මහසොහොන් පිල්ලිය, Rencontrons-nous en enfer.

      Delete
    6. යමපල්ලො ඔක්කොම ඇනෝලා තමයි.....

      ++++++

      Delete
    7. @ඉන්දික උපශාන්ත

      ඒකනේ හොර වෙද්දුන්ට, කේන්දරකාරයින්ට, ණය අරන් පොලු තියෙන එවුන්ට ඇනෝලාව පේන්න බැරි.

      Delete
  2. ඒත් ඉතින් කරපු දේ ගැන කියලා නෑනේ. :)

    ReplyDelete
    Replies
    1. අනාගතය වෙනුවෙන් සැලසුම් කිරීම සුදානම් වීම ඇරඹීම, වෙන මොකක්ද?

      Delete
    2. මාත් අනාගතය වෙනුවෙන් සැලසුම් කිරීම ට සූදානම් වීම ඇරඹීම පටන් ගත්තා ටික කලකට ඉස්සර. පුස්නෙ කියන්නෙ ඇරඹීමෙ ස්ටේජ් එකේමනෙ තාම ඉන්නෙ..

      Delete
  3. සල්ලි ආයෝජනය කිරීම වගේ වැඩක් වෙන්ටැ කරන්න ඇත්තේ? මම නම් තාම ලොතරැයි ගන්නවා....

    ReplyDelete
    Replies
    1. ඔව් තිසර කකා ඇවිල්ල මොළ කාරයනේ.

      Delete
    2. සුවිප් ගන්න එක නම් අපරාදේ සල්ලි.

      Delete
    3. අන් සැමට විහිළු කරන විහිළුකාර අංකල්ට ඇත්තටම විහිළු නොතේරෙන බව අප දැනගත්තේය.
      විහිළුකාර අංකල් තවමත් පෙරසේ විහිළු කරයි.
      ඒත් අපි විහිළුකාර අංකල් සමග විහිළු නොකරමු.

      Delete
    4. හැක්...හැක්...හැමදාම කියන පුන්ති වීළු කමෙන්ට් එක පැතියෝ...
      කිති කවාගෙනම හිනැහෙන්නම්...

      Delete
    5. /* සල්ලි ආයෝජනය කිරීම වගේ වැඩක් වෙන්ටැ කරන්න ඇත්තේ? */

      ඒ වගේ එකක්.
      තවම වක්කඩක් හොයනවා.

      Delete
  4. අඩේ මගෙත් ඉතුරුවක් නෑ... හම්බ කරනවා... වියදම් කරනවා... ජොලි කරනවා... මාසේ අන්තිමට එද්දි ටයර් කටු තියා වීල් එකත් නෑ... මේ මාසේ හිතනවා කොහොම හරි ලබන මාසේ ඉතුරු කරනවා කියලා... ඒත් වෙන්නේ නෑ... අද නෑ හෙට වගේ තමා... :(

    ReplyDelete
  5. අර ආපදා ණය ඕන වෙන්නේ බැන්දට පස්සේ නෙවෙයිද? කොහොම වුනත් පොඩිකාලේ තේරෙන්නේ නෑනේ තරුනවෙනවා කියන්නේ ඒකාලේ වයසට යනවා කියන එකටමයි කියලා

    ReplyDelete
    Replies
    1. කලින්ම දන්නවානේ වෙන්න යන දේ!

      Delete
  6. ඉතුරු කරන්න හිතෙද්දි ඉන්ෂුවරන්ස් එක.. ආයෙ හිතෙද්දි සර්විස් එක... ආයෙ හිතෙද්දි වෙඩින් දහක් විතර.. ආයෙ හිතෙද්දි... ආයෙ... ආයෙ....

    ඉතුරු කරගත්තෙ පින් ටික විතරයි.. ඊලග ආත්මේ ආයෙම පව් ගෙවන්න..

    ReplyDelete
  7. පඩියෙන් ඉතුරු කරනවා කියන එකනම් දැන්කාලෙ හීනයක්, හොදම දේ පඩියෙන් එදිනෙදා වියදම් කරල, මොකක්හරි අමතර ආදායම් මාර්ගයක් හොයාගෙන ඒකවත් ඉතුරුකරගන්න එක...

    ReplyDelete
    Replies
    1. අර රාජ් කියන එකා කරන විදිහට කරපන්.. පඩියෙන් බීලා ජරාවෙන් ජීවත් වෙනවා......

      Delete
  8. //දරු පැටව් ටික ටික ලොකු වෙන කොට තමයි හිතෙන්නේ ඒ අයගේ අනාගතය ගැනත් හිතන්න ඕනෑ නේද කියලා.//

    ඔන්න මට තියෙන කේස් එක. මං මැරෙනකංම ඕක කල්පනා වෙන එකක් නෑ..

    ReplyDelete
  9. කකා තව අවුරුදු තුනකින් කූරියා ගහන්ඩ ඉන්න එකේ පින් ටිකක් කරගන්න එක තමා හොඳම !

    ReplyDelete
    Replies
    1. Monsieur Kaka vivra 100 ans.

      Delete
    2. මෙහි පින් කරනවාය කියන්නේ මුදල් ආයෝජනය කිරීම ගැනයි.

      Delete
  10. මොකද කකා ඕස්ට්‍රේලියාවේ 2500න් ජීවත් වෙන්ඩ බැරිද? ඔන්න ඕක දමලා ගහලා මෙහෙ එන්ඩ කකා.

    ReplyDelete
    Replies
    1. මොනවද මේ අහන්නේ?
      මං කියා තියෙන්නේ අනාගතය සඳහා ආයෝජනය කිරීම ගැනයි!

      Delete
  11. ඉතින් දෙයියනේ ඕක අපි හැමදාම කියුවා.... අපිට පාස්වර්ඩ් එක දෙන්න ප්ලීස්.... ජීවිතේ වගේම බ්ලොග් එකත් වටිනවා නේද....

    ReplyDelete
  12. උදෙන්ම එළ කතාවක් ඒත් තාම අපි එකලාසයක් වෙන්න හිතල නැති එකේ ඔන්නොහෙ ඒ කාලෙටම හිතනව කකා....
    ස්තුතියි අදහසක් දුන්නට

    ReplyDelete
  13. ෂික් විතරක්........ මැදෑ..... අපි හිතුවෙ අද රෝල්ස් ගැන හරි පොල් කුඩු ගැන හරි පෝස්ට් එකක් කියලා..... කකා තමුන්ගෙ පුද්ගලික ජීවිතේ එව්වා අපිට වැඩක් නෑ......

    ReplyDelete
  14. ඒක නෙමේ, Kakaගෙ යාලුවා චන්ද්‍රගුප්ත පැන්ශන් ගියාද?

    ReplyDelete
    Replies
    1. සෑහෙන වෙලාවක් ගියා මේ අහන්නේ මොකක්ද කියලා හිතා ගන්න.

      චන්ද්‍රගුප්ත කියා කිව්වේ මෙන්න මේ උන්නැහේ නේද?
      http://kathandara.blogspot.com/2011/03/blog-post.html

      එයාව නං දැන් අවූරුදු පහලොවකින්වත් දැකලාවත් කතා කරලාවත් නෑ. අපිට වැඩිය ගොඩක් සීනියර් පොරක්. පැන්ෂන් ගියා වෙන්න ඇති.

      Delete
  15. හොද ආයෝජනයක් නේද කෑන්ගරූ පනින තෑනක ගුවන් තොටුපොලක්. එහෙම නෑත්නම් මෙහෙන් එන බෝට්ටුවලට වරායක්?

    ReplyDelete
    Replies
    1. කකාගෙ කේන්දරේ ග්‍රහයො පිහිටලා තියෙන විදිහට නම්.... කකාට හරියන්නේ ජොක්කු බිස්නස් එකක් තමා.......

      Delete
    2. වෘෂණ කෝෂ එජේස්ට් කරන්
      කිටි කිටියේ යටට ඇදන්
      පෙළකට යන කොල්ලො බලන්
      අං දිග ගොනා තොල් ලෙවකන්

      Delete
  16. සල්ලි ඉතිරි කරන එක නම් මගේ අතින් වෙන්නෙත් නැති දෙයක්. . .මෙහෙ ඇවිත් අවුරුදු ගානක් උනාට තවම හරි හමන් දෙයක් කොර ගන්න බැරි උනා නෙව ./ ./ .

    ReplyDelete
  17. ඇත්ත ඇත්ත. දෙලොවටම හම්බ කරගන්න වෙනවා.

    ReplyDelete
  18. Kaka est le meilleur blogueur au Sri Lanka. Son blog est très instructif.

    ReplyDelete
    Replies
    1. en fait, il est un blogueur bien connu bisexuels

      Delete
    2. පොලිස්! පොලිස්! සින්හල ලෑන්ග්වේජ් පොලිස්. ඔයගොල්ල francophile ලද? මගෙ ඉන්ග්‍රීසි විතරද තහනම්?
      Frenchiesලට පුලුවන්ද?

      Delete
    3. Non, Monsieur Kaka n'est pas un bisexuel. C'est un homme respectable.

      Delete
    4. kaka est un âne .... il chie liens partout dans le cyber espace ... et vous savez .. ne pas faire confiance à ces basterds audacieuses jamais .....

      Delete
    5. Monsieur Kaka est un homme bon. Je lui fais confiance.

      Delete
    6. vous devriez être partenaire gay kaka alors ... Je ne veux pas casser votre amour ... vie heureuse ... profiter .... chauves sont le rite le plus sexy?

      Delete
    7. මාත් දැන් බාසා වෙල්ලෙක් more people used google translate -

      http://samakayawate.blogspot.com/2014/01/more-people-used-google-translate.html

      Delete
    8. AnonymousJanuary 28, 2014 at 2:39 PM

      Ne pas agir comme un imbécile.

      Delete
    9. තේරෙන බාසාවකින් කියපල්ලා බන් අර මර්වින් සිල්වා වගේ.

      Delete
    10. ලඟදි බෝතලේකට දාලා කක්කුස්සි වලකට දාපු බූතයෙක් ෆ්රෙන්ච් වලින් වත් ගොඩ එන්න දඟලනව වගේ.....අපිත් බලන් හිටියෙ ඇයි පරක්කු කියලා....

      Delete
    11. හැබෑටම අර නිස්සද්ද ගොයියා කෝ බං?

      Delete
    12. vous êtes le plus grand idiot que j'ai jamais vu .... vous êtes un homme sans pénis .... costumes Kaka bien .... allez en enfer vous deux ....

      Delete
    13. මේ මෝඩයා "suits Kaka well" අර්තයෙන් "costumes Kaka bien" කීමෙන් ම මූ ගූගල් ට්‍රාන්ස්ලේටරය මිස ප්‍රංශ නොදන්නා මැටි මෝලෙක් බව පැහැදිලි ය. ප්‍රංශ බසින් costume කියන්නේ ඇඳුම් වලට මිස ගැලපීමට නොවේ. බැරි බැරි කැඩුනු ඉංග්‍රීසිය ඔන්ලයින් ටූල් එකකින් ප්‍රංශයට හැරවීමට යාමේදී suit යන්න costumes ලෙස පරිවර්තනය විය. "homme sans pénis" (ලිංගයක් නැති මිනිසා) යන්නෙන් ද පෙනෙන්නේ පොන්නයාට කියන ඉංග්‍රීසි හෝ ප්‍රංශ වචනය නොදන්නා ගොනෙකු බවයි.

      Delete
  19. දැම්ම නෙවේ තව මාසෙකින් දෙකකින් මේක ගොඩාක් වටිනවා. මොකද එතකොටනේ හා පුරා කියලා පඩියක් අතට ගන්නේ

    ReplyDelete
  20. පඩි පැකට් යුගය ඉස්සරහට නැත්තටම නැතිවේවි.ඒකෙත් හැටි නේද කකා

    ReplyDelete
    Replies
    1. මං දං දශක දෙකකින් විතර වගේ දැකලා නැ!

      Delete
  21. අපේ යාළුවෝ සෙට් එක එකා දවසකට රුපියල් 15 ගානේ සීට්ටුවක් දානවා .. අන්තිමට මාසෙ අවසානේදී අපිට හොඳ පාටියක් දාන්ඩ හැකියි .. ඒතමයි මම නම් දන්න ඉතිරි කිරිල්ල .

    ඉතිරි කොරලා නම් මේ කපේ ග්පොඩ යනවා බොරු ..ඕං සුදු කැස්බෑවෙක්වත් හම්බුනානම් ආත්ම හතක් ගොඩ ..

    ReplyDelete
  22. ඔව් හෙට දවස ගැන බලා නොඉද ලැබෙන ප්‍රස්තාවයි අල්ලගන්න ඕනේ. මාත් ඒ දේම තමයි කරන්නේ.දෙමාපියන්ගෙන් ලැබෙන යමක් හෝ ස්වාමිපුරුෂයා මත්තේ යැපීමක් ගැන අදහසක් නැහැ. අද සතුටින් ජිවත් වෙනවා අනාගතේ සතුට වෙනුවෙනුත් කොටසක් තියලා. ජිවිතේ පහසුයි .ආරක්ෂිතයි

    ReplyDelete
    Replies
    1. මට හිනා අනේ. දැන් ඊළගට ඇනොලා මොනාහරි කීවොත් ඔන් මං නැහැ හි හි .. thanks

      Delete
    2. හි...හීඊඊඊඊහ්..

      Delete
    3. ඇක්සිඩන්ට් වෙලා කියලා නිවුස් ගියහම කෙල්ලො අඬන් එන්නේ දැන් ලොන්ත නාකි තරුණ කාලෙ නවකතා වල.....දැන් කෙල්ලො එච්චර මෝඩ නෑ.....ගොන්පාට් දාලා කැපුනු ලකුනු ආයෙත් දා ගන්ට....


      Delete
    4. ඒ දෙන්නට පාඩුවේ ඒ දෙන්නගේ අතල් එක ගන්න දෙමු අපි ඇනොලා කොක්ක නොදා. මොකද බලු පුට්ටු වලට ගල් ගහන එක පවු වැඩක්.

      Delete
  23. කකා......මට පලවෙනි පඩි පැකට් එක මතක් වුනා. ඒ කාලේ1980 ගල්කිස්සේ තිබුනු ප්‍රසිද්ධ හෝටලයකින්. සාමාන්‍යයෙන් හොටෙල් ට්‍රේඩ් එකේ පඩි ස්කේල් එක අඩුයි. සර්විස් චාජ් සහ ටිප්ස් තමයි සේවකයින්ව ජීවත් කරන්නේ. මගේ පඩිය රුපියල් අසූවයි. මොකක්ද කපලා හැත්තෑ දෙකයි ගානක් තමයි මාස තුනක් යනකම් ලැබුනේ.

    අපිට කවදාවත් ඉතුරු කරන්න ලැබුනේ නැහැ. අපි දෙන්නාට සිද්ධවුනේ මගේ මහගෙදරට උදව්කරන්න බොහෝ වෙලාවට. හැබැයි කකා අපේ මිශන් එක දැන් ඉවරයි වගේ.අපිට සල්ලියක් මහ ලොකු දෙයක් නැතිවට අපේ ළමයට දැන් අවුරුදු 24යි. අපි හම්බකරපු හැම දෙයක්ම ඇයගේ ඉගෙනීමට තමයි යෙදෙව්වේ. දැන් පුදුම නිදහසක් දැනෙනවා. පොඩි අය ඉන්න මගේ යාළුවන්ට නම් මම කියන්නේ දැන්ම ඉඳන් ළමයිගේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් දැන්ම ඉඳන් හැකි පමණින් ඉතුරුවක් කරන්න කියලා. අපි දෙන්නා කාපු කට්ට දන්න නිසාම තමයි මෙහෙම කියන්නේ. ඒක ලෙහෙසි නැහැ.

    උඩ ඩොන්කි කැමල් කතාව දැකලා මේක මතක් වුනේ. 1987 මම ඔමාන් වල ඉන්නකොට බූරුවන්ගේ පිටේ බඩු පටව ගෙන රුවි,මස්කට් කියන ටවුන්වල ආපු මිනිස්සු කිහිප දෙනෙක් හිටියා. අද මොන තරම් වෙනසක් ඇති වෙලා ඇතිද..

    ReplyDelete
    Replies
    1. මටද මන්ද ඩොන්කි කැමල් කීවෙ. . . කතාවනම් ඇත්ත. . .

      Delete
    2. අනේ නැහැ මගියෝ....මම කිව්වේ කකාගේ Donkey to Camel transformation දැකලා. මට අරාබියේ හිටපු නිසා යම් යම් දේවල් මතක් වුනා. මම අරාබියෙත් හෙන පිස්සු නැටුවා. මම බැඳලා හිටපු නිසා වෙන පිස්සු නම් නැටුවේ නැහැ...බිව්වා කෑවා ..ජොලියේ හිටියා...උඹ කියනවා වගේ මටත් එච්චර බරක් පතලක් තේරුනේ නැහැ. ඔය මම කොච්චර ලොකු ටෝක් දුන්නත් අපි කාලයත් එක්ක තමයි එකින් එක එකින් එක දේවල් ඉගෙන ගන්නේ. කොන්ඩේ පැහෙන්න පටන් ගත්තාම ටිකින් ටික තේරෙයි. එතකොට ඕවා ඉබේම හරි යනවා. වැඩිය සීරියස් වෙන්න එපා. හැබැයි මතක තියා ගනින් priorities .

      Delete
  24. මමත් සල්ලි ඉතුරු කරන්න මාර විදිහට ට්‍රයි එකක් දෙනවා වැඩේ කියන්නේ මොනවට හරි වියදම් වෙනවා ඉතුරු කරපු ටික.

    ReplyDelete
  25. අනේමංදා ගන්න ගාන මාසේ අහවර වෙන්නත් කලිං වියදං වෙනවා... ඔන්න ඔය වෙලාවට නං රට පනින්නත් හිත ට එනවා.. බලමු ඉදිරියට..

    ReplyDelete
    Replies
    1. නලියා......ඒ දවස්වල නම් ඩුබායිවල ගල්ෆ් නිව්ස්, කාලිජ් ටයිම්ස් වගේ පත්තරවල ලංකාවේ අය වැඩ කරා. බීබීසි සංදේශය, වෙරිටාස්, චීන ගුවන් විදුලිය වගේ දේවල් ට්‍රයි කරන්න බැරිද?

      Delete
    2. නලින් මහත්තයා නැවතත් පරවුන සකුරා මලත් එක්ක විහිලු කරන නිසා වෙන රටක ජොබ් එකක් හොයාගන්න එක හොදයි. මතකනේ ගිය පාර වගේ රස්සාවෙන් අස්කරලා දායි.

      Delete
  26. මම නම් ඕනෑවටත් වැඩිය ඉතුරු කරලා තියෙනවා එකම ප්‍රස්නේ ඒවා මට ඕන වෙලාවට ආයෙත් ගන්න බැරි එකයි

    ReplyDelete
  27. කකා.....මේ අයගේ මේ අපිට නොදන්න භාශාවලින් අදහස් ප්‍රකාශ කිරීමේ විසුළු ස්වභාවය නවත්තන එක වැරැද්දක්ද....එහෙම නැත්නම් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ අඩංගුවක්ද? අනේ මන්දා කකා...මේ යක්කුන්ට පිස්සුද..එහෙම නැත්නම් වඳුරන්ට ඉලෙක්ට්‍රික් ශේවර් හම්බුවෙලාද...

    ReplyDelete
  28. ඉතුරු කරන්න කියලා හිතුවොත් මොකක් හරි වියදමක් සෙට් වෙනවමයි.. එපා වෙනවා ඒ වෙලාවට නම්.. නෝර්මල් එකේ යන ජීවිතේ නම් හොදයි.. හැබැයි දැනට..

    ReplyDelete
  29. තව ටිකක් කල් යනකොට පන්සලේ පදිංචි වෙයි වගේ.. අපිටත් කියයි, බණ අහන්න, පින් කම් කොරන්න, පන්සල් යන්න, සිල් ගන්න කියලා හෙම..

    ReplyDelete
    Replies
    1. ඒක ජීවිතයේ ඊලඟ අවධිය වෙන්න පුළුවන්.

      මේ කතාවේ තියෙන්නේඊට කලින් අවධි දෙක ගැනයි. මෙතන පින් කර ගන්නේ කියලා මං අදහස් කළේ රැකියාවක් නොකරන කාලය සඳහා මුදල් සොයා ගැනීමට ආයෝජනය කිරීම!

      Delete
  30. //කොටින්ම කසාද බඳින්නත් ආපදා ණයකට අයැදුම් කරන්නයි අන්තිමේදී වුණේ.//
    කකා ගැන නෙමෙයි මං මේ කියන්නෙ. මේ වාක්‍ය කියවද්දි හිනා ගියා. "විවාහය" කියන එකට මරු අර්ථයක් තියෙනවා මේකෙ..

    ReplyDelete
    Replies
    1. ආපදා ණයට ඉංගිරිසියෙන් කියන්නේ distress කියා බව දන්නවාද?

      Delete
  31. මමත් කසාද බඳින්න කලින් වැඩකරන තැනින් ආපදා ණයක් ගත්තා . මේ අනාගතේ සැලසුම් කරන එකනම් පටන් ගන්න කල් හරි . කාලෝ අයන්තේ !!

    ReplyDelete
  32. pissu kelalaa kelalaa kelalaa wal kupaadikam okkoma karalaa wal kathaa daas gaanak liyalaa dan thamayi marenawaa kiyana eka danilaa thiyenne. ikmanin marilaa pala

    ReplyDelete
    Replies
    1. මෙහෙමත් මෝඩයෙක්...!

      මනුස්සයෝ මේ කියන්නේ අනාගතය සඳහා ආයෝජන කරන එක ගැනයි. ඉස්සෙල්ලා සිංහල කියවලා තේරුම් ගන්න ඉගෙන ගන්න.

      පස්සේ පුළුවනි සිංහලෙන් ලියන්න ඉගෙන ගන්න.

      Delete
  33. @ All
    කාලවේලා ප්‍රශ්නය නිසා මං අද පිළිතුරු බැන්දේ මගෙන් කෙළින්ම ප්‍රශ්නයක් අසා ඇති අයෙහනුත් කොටසකට පමණි.

    කියවූ, කමෙන්ට් කළ සැමට ස්තඔතියි!

    ReplyDelete
  34. අපේ හබී ට දවසක් අර මුණ බලා ශාස්ත්‍ර කියන චීන පොරක් කිව්වලු, එයාගේ අංග ලක්ෂණ අනුව හම්බකරන හැම දෙයක්ම වියදම් කරනවා කියලා!
    මම නම් පොඩි කාලේ ඉඳන්ම ඉතුරු කරා. හැබැයි මාස දෙක තුනක් සල්ලි එකතු උනාම ඒකෙන් කතන්දර පොතක් ගන්නවා. :D

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.