Monday, 20 August 2012

පරගස්දෙනියේ බුද්ධවංශාභිදාන කතා වස්තුව - Once upon a time....


එකල්හි අප මහා පස්වෙනි ජෝර්ජ් මහ රජාණෝ හිරු නොබසින අධිරාජයේ දැහැමෙන් සෙමෙන් රාජ්‍යය විචාරමින් කල් යවනා කාලයේ, ඉන්දීය සයුරේ කඳුළු බිඳුව නම් වූ විරුදාවලි ලද එක්තරා කොදෙව්වක බස්නාහිර පලාතේ සියනෑ කෝරළයේ පරගස්දෙනිය නම්වූ පසල් දනව්වේ විසුවා වූ කෙළෙඹි පුත්‍රයෙකි.

තම බිරින්දෑ සමග කාලයක් තිස්සේ පවුල් කෑවා වුවද දරුවෙකු නොමැති වූ නිසා ඔහු විසුවේ තරමක කණස්සලෙන් බව අද අපට සිතිය හැක.

මේ කාරණය නිසා හෝ වෙනත් හේතු කාරණා නිසා හෝ මේ අඹුසැමි යුවල අතර නොහොඳ නෝක්කාඩු, අමනාපකම්, හැල හැලැප්පීම්, වලි හෝ කචල් තිබුණේ දැයි පාරම්පරික ප්‍රවාදයෙහි සඳහන් නොවේ.

එසේ වතුදු මේ කෙළෙඹි පුත්‍රයාට තම බිරිඳ ගේ කණිටු සොහොයුරිය සමහ යම් පහිරු පාසානයක්, අනියම් සබඳකමක් ඇති කරගන්නට මූලික වූ යම් යම් කාරණා තියෙන්නට ඇත.

එකල්හි මේ ධර්මද්වීපයෙහි ප්‍රීතිය, මිතුරිය, කොණ්ඩොම්ය, මෝනිං ආෆ්ටර් ෆිල්ය යනාදී විවිධාකාර උපත්පාලන ක්‍රම නොතිබුණි. එසේ තිබුණේ වුවද, මේ පටලැවිල්ලට ඒවා අවැසි නොවන්නට ඇත.

මෙසේ කාලයක් කොටු පණිමින් සිටියායින් අනතුරුව, තම අනියම් බිරිඳ හෙවත් ස්පෙයාවීලය ගැබ්ගත් කල්හී අප කෙළෙඹි පුත්‍රයාණෝ කල්පනාකරන්නේ මා මේ නූපන් දරුද, උන් මෑණියන්ද දෙඇස මෙන් රකින්නෙමියි සිතා අදිටන් කොට ගෙන තම පසල් දනව්වේ අනිත් කෙලවර ගෙපැලක් අටවා තම ගැබ්බර පෙම්බරිය එහි පදිංචි කරාවාලූහ.

මෙසේ දසමස් ඇවෑමෙන් පින්වත් පුත් කුමරුවෙක් එමව්කුසෙන් මෙලොවට ජනිත විය. හේ බුද්ධදාස ලෙසින් නම් ලද්දේය.

තම පියා සපයා දී මව උයා පිහා දෙන අහරින් මනාව පෝෂණය ලද එකුමරු කෙමේ කෙමෙන් වැඩි පුෂ්ටිමත් දරුවෙක් බවට පත්විය. ගමේ පාසලේ ගුරුන් ගේ සිත් දිනා අකුරු උගත්තේය.

මෙලෙස තව කලක් ගත විය.

ආරෝහ පරිනාහ උත්තුංග දේහයෙන්ද, මනා ඡවි කළ්‍යාණයෙන්ද, පිරිපුන් සඳක්වන් පින්වන්ත මුහුණෙන්ද යුතුවූ අප බුද්ධදාස තරුණ තෙමේ ජන්මාන්තර පුරුද්දක් නිසා දෝ කල්පනා කලේ මහණ දම් පිරීමටයි.

බුද්ධදාස කුමරා වාසය කළ පසල් දනව් ග්‍රාමයේ තිබූ පන්සල වනාහී තායිලන්ත නිකායේ අස්ගිරි චැප්ටරයට අයත් වූවකි. මෙහි මහණ දම පුරන්නට වරම් ලැබෙන්නේ උභය කුල පාරිශුද්ධ නම් පමණි. එනම් මව්පිය දෙපල ගොවිගම කුලයේ විය යුතුය.

එපමණක් නොව පැටිකිරියද පාරිශුද්ධ විය යුතුය.

අප කතානායක බුද්ධදාසයන්ට නොතිබුණේ මේ දෙවැනි සුදුසු කමයි.

සිය මව සිය පියාගේ නීත්‍යානුකූල බිරිඳ නොවූ හෙයින් ගමේ පන්සලේ සංඝරාජලාට අනුව බුද්ධදාස යනු අවජාතකයෙක් විය.

එදා සුනීතලා, සෝපාකලා, අංගුලිමාලලා මහණ දම් පිරුවේද, නන්දලා, ආනන්දලා, රාහුලලා සමග එකම සාසනයේ, එකම දෙව්දම් වෙහෙරේ, එකම අනාථපිණ්ඩිකස්සාරාමයේ බව මෙකී මහණුන්ට අමතක වී තිබුණි.

එයින් උකටල වූයේ අපේ බුද්ධදාසයන් නොවේ.

බුද්ධදාස තම මැණියන් සමග විසූ පසල්දනව්වට ගව්වක් දුරින් අල්ලපු ග්‍රාමයේ පිහිටි පන්සල අයත් වුයේ රාමඤ්ඤ නිකායටය. මේ නිකාය වනාහී පෙරකී තායිලන්ත නිකාය මෙන් කුල මල වත ගොත මත මහණකම දෙන නිකායක් නොවේ. එහෙයින් බුද්ධදාසයන් ගේ මහණදම් පුරණ ප්‍රාර්ථනය ඒ ආකාරයෙන් ම ඉෂ්ඨ විය. හේ පරගස්දෙනියේ බුද්ධවංශ නමින් පැවැදි දිවියට ඇතුලත් විය.

එතැන් සිට මෙම වෘතාන්තය ඉතා කෙටියෙන් පවසන්නේ නම් මෙසේය.

මනා ළෙස තම පිරිවෙන් අධ්‍යාපනය නිමවා ප්‍රාචීන පණ්ඩිතාදී උපාධි ලැබූ බුද්ධවංශ හිමියෝ පසු කලෙක ඉන්දියාවේ කල්කටා විශ්ව විද්‍යාලයට ඇතුලත්ව එහිදී ශ්‍රාස්ත්‍රවේදී සහ ශ්‍රාස්ත්‍රපති උපාධි දිනා යලි සිරිලකට වැඩම කොට පරිවේණාධිපතිවරයෙක් ලෙස සිය සඟ පරපුරටද, මධුර ධර්ම කථිකයෙක් ලෙස සිය උපාසක උපාසිකා පරපුරටද සේවය සලසමින් වැඩ ඉඳ, සංඝ නායක තනතුරකින්ද පිදුම් ලදුව, පසු කලෙක තම ආයුෂහරණය වූ කල්හී අපවත්වී වදාලහ.

-කතන්දරකාරයා

ප/ලි:
විසිවන සියවස මුල් කාලයේ පැවති සාසනය ගැන විස්තර දැන ගැනීමට පියදාස සිරිසේන ලියූ විමලතිස්ස හාමුදුරුවන් ගේ මුදල් පෙට්ටිය නමැති කෘතිය කියවන්න.

ප/ප/ලි:
කාලයකට පසු මගේ වෙන්ඩ කතන්දර සීයේ ලයිස්තුවෙන් එකක් ලියුවෙමි.

(image: http://www.lakehouse.lk/budusarana/2010/05/27/tmp.asp?ID=fea06)

77 comments:

  1. කුල මල භේද කියල දෙයක් හැදුනේ මොන කෙහෙල්මලකට ද මන්දා..
    තාම මිනිස්සු ඕවා කරපින්නං යන එකනේ වැඩේ මේ කොම්පියුටර් යුගය වෙලත්

    ReplyDelete
    Replies
    1. මේ කතාව පස්වෙනි ජෝර්ජ් කාලේ එකක්.

      Delete
  2. මේක ලියන්න හේතුව....?

    ReplyDelete
    Replies
    1. මාර වැඩක් නේ බං මේක...!!!

      මං දැන් අවුරුදු දෙකක් විතර වෙන්ඩ කතන්දර ලයිස්තුවේ තියං ඉඳලා මාසෙකට විතර කලින් ලියපු මේ කතාවට තවත් හේතු දක්වන්නේ මොකටද?

      Delete
  3. පොත කියවලාම බලන්නම්...

    ReplyDelete
  4. මේක කතන්දරමද ලිව්වෙ? කෝ ලින්ක් එකක්වත් නෑනෙ..

    ReplyDelete
  5. ///එදා සුනීතලා, සෝපාකලා, අංගුලිමාලලා මහණ දම් පිරුවේද, නන්දලා, ආනන්දලා, රාහුලලා සමග එකම සාසනයේ, එකම දෙව්දම් වෙහෙරේ, එකම අනාථපිණ්ඩිකස්සාරාමයේ බව මෙකී මහණුන්ට අමතක වී තිබුණි.///

    ආයි ඉතිං වෙන මොන කතාද........
    කුල මල නැති බුදුන්ගේ සාසනේට ගිය කල.....

    ReplyDelete
    Replies
    1. සුනීතලා සෝපාකලා විතරක් නෙවෙයි අද පටාචාරාටවත් පන්සලකට යන්න බෑ. කොහෙද ගෑනියෙ හෙළුවෙන් දුවන්නෙ කියල එළව ගන්නවා. හැම පන්සලක් ඉස්සරහම දැන් පොලෝසියෙන් ගාඩ් කොට ගවුම්, අත් කොට හැට්ට ඇඳන් එනවද බලන්න.

      Delete
    2. උන්ට කියන්නේ සංස්කෘතික පොලිසිය කියලයි.

      බුදුහාමුදුරුවෝ හිටියා නං අමුතුවෙන් ගාථා හදලා කියන්න වෙනවා!

      Delete
    3. මුලින් මිහිඳු බෞද්ධයො, පස්සෙ අභයගිරි - මහාවිහාර බෞද්ධයො, ඉන් පස්සෙ ඕල්කොට් - ධර්මාරාම බෞද්ධයො, දැං තලේබාන් බෞද්ධයො. ප්‍රස්නෙ තීන්නෙ මීළඟට බෞද්ධයො නැතුව තලේබාන් විතරක් වෙන හැඩ තියෙන එකයි.

      Delete
    4. @ ඉන්දික

      ඊට පස්සේ මුරුගසං වරුසාව!

      Delete
    5. අනේ කොලුවනේ ඔය කකා වගේ මිත්‍යා දුරුස්ටිකයින්ගෙන් බුද්දාගම බේර ගන්න බ්ලොග් අවකාසෙම කීදෙනෙක් නම් හිටියද?

      පෙරමුනේ රාල හිටිය, මිගාර මහත්තැන් හිටිය, මාරයා අයියා හිටිය, වැප් උන්නැහේ හිටිය, මහ වෙදනා තුමා හිටිය...

      කෝ දැන් මේ කස්ටිය? බාවනා කොරළ රහත් වෙලාද දන්නෙ නෑ පේන්ඩ නැත්තෙ?

      Delete
    6. දළදා මාලිගාව ඉස්සරහත් ඉන්නවා පිස්සු ගැනියෙක්.දනිහිසට ඇන්දත් කොටයි කියන.. ඒ ගනී නං සංස්කෘතික පොලිසියේ නෙවෙයි, නිකන් පොලිසියේ...

      Delete
    7. @ Maal
      අර ගැල්ළමයින්ගේ සායවල්වල දිග මනින්න බලකායක් දාන්න ගියා නේද, කාලෝ ෆොන්සේකා ගේ සභාපතිත්වයෙන්? ඒකට මොකද වුනේ?

      මෙන්න ඒ සම්බන්ධයත් එක්ක මං ලියපු කතන්දරයක්.
      http://kathandara.blogspot.com.au/2011/02/blog-post_23.html

      Delete
    8. එක ගැන නං මම දන්නේ නැ කකා.මේ එහෙම එකක් නෙමෙයි, ඒ ගැනීට පිස්සු.අන්තිමට මාලිගාවට ගියපු වෙලේ පාන්දර පහටත් ගැනු ළමයි දෙන්නෙකුගේ සායවල් වල දිග මැන මැන හිටියා මං දැක්කා.පිරිමි පැත්තේ ඉන්න පොලිස් අන්කල් " ඔය ළමයින්ට යන්න දෙන්න " කියලා කොච්චර කිව්වත් මේ ගැනී නෙවෙයි කනකට ගන්නේ. එතකොට කරන්න තියෙන්නේ හෙමින් සීරුවේ වැල් බෝධිය පැත්තෙන් ඇතුලට යන එකයි.එතනත් පොලිසියෙන් ඉන්නවා. මුකුත් උනේ නැ වගේ ගියාම කිසි අව්ලක් නැ.

      Delete
  6. අද මම හෙම්බා සුවෙන් ගෙදර පසුවෙමි!

    ReplyDelete
    Replies
    1. Kathandara Hamine20 August 2012 at 17:06

      මැක්සා.. ඕක නිව් මෝනියාවෙන් අවසන් වේවා..

      Delete
    2. මෙන්න බොලේ පිරිමි ඇනෝවෙක් ගෑණු වෙස් අරගෙන!

      Delete
    3. Kathandara HamineAugust 20, 2012 5:06 PM ගේ කමෙන්ටුව මුග්ද කමෙන්ටුවකට උදාහරණයකි.බ්ලොග් අවකාශයේ කක්කි කිරීමෙන් වැළකී ඒ සඳහා වැසිකිලිය භාවිත කරමු.

      Delete
    4. ඇත්තටම මටත් දැනුයි තේරෙන්නේ ඒ කමෙන්ටුවේ ඇති බරපතලකම.

      කොච්චර කුරිරු හීතක් තියෙන්න ඕනෑද, ලෙඩක් උත්සන්න වේවා කියලා ප්‍රාර්ථනය කරන්න.

      මේකත් ලෝකයක්ද මරතේලිස්?

      Delete
  7. කුල බේදය ගැන පියදාස සිරිසේන මහත්තයා තරම් අපුරුවට පෙන්නලා දුන්න වෙනත් කෙනෙක් නැති තරම් මගේ හිතේ ,කොන්ගොඩ වික්‍රමපාල කවදාවත් අමතක නොවන කතා චරිතයක් ...

    ReplyDelete
    Replies
    1. හැබැයි පොර ඒ අතින් ප්‍රගතිශිලි වුණාට තව් බොහෝ දේවල් ගැන අන්තිම ප්‍රතිගාමී අදහස් දරපු කෙනෙක්!

      Delete
  8. සමහර වචන තේරුනේ නෑ අයියේ... අර ප්‍රීතිල මිතුරි කිය කිය තිබුනේ...

    ReplyDelete
    Replies
    1. කමක් නෑ, කමක් නෑ!

      ඒවා ඒ පස්වෙනි ජෝර්ජ් කාලේ වචන නොවැ!

      Delete
  9. බුදුන්ගේ සාසනේට ගිය කල.....හාමුදුරුවරු කොණ්ඩෙ වවල බණ තලනව බ්ලොග් කාරයො තට්ටෙ ගාල බණ කතන්දර කියනව

    ReplyDelete
  10. එම්බා කතන්ද්‍ර, මේ පරගස්දෙනිය යනු පරකන්දෙනිය වන්නේ ද?

    ReplyDelete
    Replies
    1. මෙය කතන්දරයක් බව දනුව.

      ස්ථාන නාම පුද්ගල නාම එතරම්ම අදාල නොවේ. කතන්දරයේ හරය පමණක් ගනුව!

      Delete
  11. දැන් මොකද්ද මේ කකා කියන්ට තනන්නෙ?

    H1 = සියම් නියාකට වඩා රාමඤ්ඤ නිකාය මානුෂිකයි
    H2 = උත්සාහවන්තයා ජයගනී
    H3 = ජෝර්ජ් රජ්ජුරුවන්ගේ කාලෙත් මහින්ද රජ්ජුරුවන්ගෙ කාලෙ වගේමයි
    H4 = මේ හාමුදුරුවො මගේ නෑයෙක් බොලල්ලා
    H5 = පස් කණ්ඩියකට යට වුණාම සුද්ද වුණත් මළා!

    ReplyDelete
    Replies
    1. ඔය එකක්වත් නොවෙයි, මෙන්න මේකයි.

      H0: කියන්න කතන්දර ගොඩාක් තියෙන කතන්දරකාරයෙක් මං. හොර බොරු නෑ. වංචා නෑ. ප්‍රතිපත්ති ගරුකයි. මානුෂිකයි. ජාතිවාද නෑ. රියල් කතන්දර විතරයි. හැබැයි මං කැමති කතන්දර.

      Delete
  12. ඕවා පස්වෙනි ජෝර්ජ් ගෙ කාලෙ විතරක් නෙවෙයි...හත්වන මහින්දගෙ කාලෙත් අඩුවැඩි නැතුව සිද්ධ වෙනවා...

    ReplyDelete
    Replies
    1. හත්වැනි මහින්ද රජුද? පළමුවැනි පර්සි රජුද?

      Delete
  13. කාලෙකට පස්සේ කතන්දරයක් දාල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. කලකට පස්සෙමි, වෙළකට බැස්සෙමි!

      Delete
  14. කකා ගෙදර! හාමිනේ තරහ වෙලා.
    මට නං මෙලෝ දෙයක් තේරුනේ නෑ. පොත නං කියවල තියනව. ලිස්ට් එකේ තියන නිසාද දැම්මෙ?

    ReplyDelete
    Replies
    1. ලයිස්තුව බැලුවා, මාතෘකාව තෝරා ගත්තා, ලිව්වා, සතියකට විතර පස්සේ අද පබ්ලිෂ් කොළා!

      හැම දේකම අදට ගැලපුමක් හිතන්න යන්න එපා.

      Delete
  15. කථාවේ භාෂා විලාශයට මම නම් හරිම කැමතියි... බුද්ධදාස ගොයියගෙ පියතුමාට මොකද දන්නෙ නෑ උනේ...

    ReplyDelete
    Replies
    1. බුද්ධදාස ගේ පියා මැරුණායින් පස්සේ තමයි මං හිතන්නේ කොලුවා මහණ වෙන්ණ හිතුවේ.

      Delete
    2. මං හිතෙන්නෙ කියන්නෙ ඒකවත් දන්නෙ නැද්ද?

      Delete
    3. මං හිතන්නේ කියන්නේ මම එසේ සිතමි කියන එකයි, මම එය නොදනිමි කියන එක නොවේ!

      මේ කතන්දරයට සියලු අල ගිය තැන් මුල ගිය තැන් අවශ්‍ය නොවේ.

      Delete
    4. 'මං හිතන්නෙ' කිව්වම අනිවා එතන 'මං දන්නෙ නෑ' කියන එක තියෙනව..

      Delete
    5. උපකල්පනය සහ අනුමානය දෙකක්.

      සියයට සීයක් නොදන්නා දේ ගැනයි සම්භාවිතාව කියන විෂයයම ගොඩ නැගිලා තියෙන්නේ.

      Delete
  16. "තායිලන්ත නිකායේ අස්ගිරි චැප්ටරයට අයත් වූවකි. මෙහි මහණ දම පුරන්නට වරම් ලැබෙන්නේ උභය කුල පාරිශුද්ධ නම් පමණි. එනම් මව්පිය දෙපල ගොවිගම කුලයේ විය යුතුය"

    තායිලන්ත නිකාය හෙවත් සියම් නිකායේ එවැන්නක් ඇත්වුණේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සිදුකළ රාජඥාවක් නිසා. මහියංගණ ස්ථූපය වන්දනාවේ ගිය රජතුමාට පහත් කියලා සම්මත කුලවල පැවිදි වෙලා උපසම්පදා වුණු භික්ෂූන් කීප දෙනෙක් ඇවිත් වැඳීමත් එක්ක තමා කරුණු හොයලා බලලා රජතුමා මේ ආඥාව පනවන්නේ...

    ඒ වගේමයි සියම් නිකාය තුළ වුණත් උඩරට පහත රට භේදයකුත් ඇතිවෙනවා. ඒ යටතේ තමා පහතරට සියම් නිකායේ භික්ෂූන් වහන්සේලා "කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව" කියන එක පිහිටුවා ගන්නේ.

    ඒ වගෙමයි මේ ගොවිගම නිකායට එරෙහිව වෙන භික්ෂූන් වහන්සේලා නිසා පසුව අමරපුර නිකාය සහ රාමඤ්ඤ කියන නිකායන් දෙකත් නිර්මාණය වෙනවා...

    මේ හැරෙන්න මහණ වෙන්න කලින් කේන්දර බැලීමක් සිදු කරන තත්වයකුත් ඇතිවෙලා තියෙනවා.

    මේ වගේ ඒවා නිසා සංඝ සමාජයේ නිමක් නොවෙන බෙදීම් රැසක් තිබෙනවා. සියම්, අමරපුර, රාමඤ්ඤ භේදය, උඩරට පහතරට භේදය, රාජ මහා විහාර සහ අනෙක් විහාර අතර භේද වගේ එකී මෙකී නොකී භේද.....

    "සුඛා සංඝස්ස සාමග්ගී" කියන එක හැමෝම අමතක කරලා :(

    ReplyDelete
    Replies
    1. හසිත,

      පියදාස සිරිසේන ලියා ඇති ආකාරයට ලංකාවේ විවිධ කුලවල අය තමන් ඉන්දියාවේ ඉඳලා ආපු විස්තර සහිත පරම්පරා පුස්තක ලියාගෙන තියෙන්නේ ඒ ඒ කුලවලින් ඒ ඒ නිකායවල ඒ ඒ පාර්ශවවලට අයත් පන්සල්වල මහණ වී ඉන්නා තමන්ගේ හාමුදුරුවරුන්ට කියලායි.

      ඒ දිනවල ගෙදරක දානෙකට පන්සල් කීපයකින් නිකාය කීපයක හාමුදුරුවරු වැඩම කලොත් දන් වළදඳා තියෙන්නේ තිර රෙදිවලින් කොටස් වෙන් කරගෙනයි.

      සුඛා සංඝස්ස සාමග්ගී කියන එකේ අකුරු පොඩ්ඩක් ගමේ ගොඩේ විදියට හිතලායි මේ අය වැඩ කරන්නේ.

      Delete
    2. @ Kathandara Karaya

      අපේ පන්සල අමරපුර නිකායේ පන්සලක්. අපේ පන්සලේ බුද්ධ මන්දිරයට මුල් ගල තියෙන උත්සවයට අපේ පැත්තේම තියෙන ප්‍රකට විහාරයක නායක හාමුදුරු නමකට ආරාධනා කරලා තිබුණා. නමුත් උන්වහන්සේ වැඩම කළේ නැහැ. හේතුව හොයලා බැලුවාම දැනගන්න ලැබුණේ උන්වහන්සේ සියම් නිකායේ නිසා අනික් නිකායන්වල විහාරවල උත්සවවලට වැඩම කරන්නේ නැහැ කියලා. [100% නිවැරදිද දන්නේ නැහැ. හුදු ආරංචියක් පමණයි]

      ඒත් විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපති වැලමිටියාවේ කුසලධම්ම හාමුදුරුවෝ සියම් නිකායේ හාමුදුරු නමක් වුණත් කිසිම බේදයක් නැතුව අපේ පන්සලේ චෛත්‍යට මුල්ගල තබන්න, සර්වඥ ධාතු නිධන් කරන්න. කොත් පළන්දන්න වගේම මෑතකදී සිදුවුණු පොඩි හාමුදුරුවන් දෙනමගේ උපසම්පදා උත්සවයට ආශිර්වාද කරන්නත් වැඩම කළා....

      Delete
    3. @ හසිත,

      හාමුදුරුවරු විවිධ වර්ණයේ සිවුරු අඳින්නෙත් කුල භේදය නිසාද?

      Delete
    4. @ හරී

      විවිධ වර්ණවලින් සිවුරු හදින්නේ කුල භේදයක් නිසා නම් නෙමේ. කහ, තැඹිලි සහ මෙරූන් පාට වගේ තමා භික්ෂූන් වහන්සේලාට අනුමත වර්ණ. ඒ ඒ භික්ෂූන් වහන්සේලා තමන්ට රුචි පැහැයේ සිවුරු හදිනවා. සාමාන්‍ය ආරණ්‍යවාසීන් භික්ෂූන් වහන්සේලා නම් ඒ පරිසරයට ගැලපෙන්නේ මෙරූන් පාට නිසා ඒ පාට සිවුරු හදිනවා.

      සිවුරු පෙරවීමේදී නම් ප්‍රධාන නිකායන් තුන අනුගමන කරන්නේ ආකාර දෙකක් බවයි අහලා තියෙන්නේ. එක පිරිසක් දෙවුරම වැහෙන විදිහටත් අනෙක් අය එක් උරයක් වැහෙන විදිහටත් සිවුරු පෙරවීමක් කරනවාලු...

      Delete
    5. සිවුර අඳින තුන්වෙනි ක්‍රමයක් තියනවා. ඒ තමයි අර චක්‍රවර්ති උන්නාන්සේ වගේ එක උරේට සිවුර ඈඳලා පොට පිට පැත්තෙන් අරන් අනිත් උරේ වසා ගැනීම.

      http://archives.dailymirror.lk/2004/04/24/imgs/monks.jpg

      මේක සාරි අඳින සමහර ගැණූ අයත් කරනවා. උදා රෝසී සේනානායක.

      http://3.bp.blogspot.com/_qusOR6d2v4g/TNtnulJhR0I/AAAAAAAACZ8/o1-LXKKgZns/s400/Rosy.jpg

      .

      Delete
    6. මෙන්න එක උරයක් වසා සිවුරු ඇඳීම. මාදුළුවාවේ සෝබිත සාදු.

      http://www.ucanews.com/wp-content/uploads/2011/11/bud.gif

      Delete
    7. මෙන්න උරිස් දෙකම වසා සිවුරු ඇඳීම. මඩිහේ පඤ්ඤාසිහ සාදු.

      http://sinhalabuddhist.com/wp-content/uploads/2012/02/Madihe_Pannasiha_Thera.jpg

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. @ Kathandara Karaya

      එහෙම බලද්දී නම් තව විදිහක් තියෙනවා. ඒ බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ සිවුරු පෙරවපු විදිහ. මහානායක හාමුදුරුවෝම කියන විදිහට ඒ ආකාරයට සිවුරු පෙරවලා තියෙන්නේ බලංගොඩ උන්වහන්සේ වැඩ සිටිය පන්සලේ බුදු පිළිමයයි. උන් වහන්සේයි විතරමයි :)

      [im] http://www.communigate.co.uk/lakes/buddhistgroupofkendal/php1tcGDa [/im]

      Delete
    10. ඒක නිකං අනගාරික පෙරවීම වගේ නේ, නේද?

      මෙන්න වැඩකරන ලින්ක් එක: http://www.communigate.co.uk/lakes/buddhistgroupofkendal/php1tcGDa

      Delete
    11. @ Kathandara Karaya

      ඔය වැඩ කරන්නේ ලස්සනට ඒ ලින්ක් එකත් :)

      Delete
  17. මහන වුනාට පස්සේ කතාව කෙටිම කෙටි වෙලා තියෙන්නෙ හරියට සසර කෙටි වුනා වගේ.

    ReplyDelete
    Replies
    1. "සසර" කියන වචනේත් හරිම කෙටියි නේ, "පරිනිර්වානය" තරම් දිග නෑ.

      Delete
  18. අපේ මිනිස්සුන්ට පිස්සු. එකම කුලේ වෙලත් උප කුලේ වෙනස් හින්දා බඳින්න වෙයිද ශුවර් නැති කපල් එකක් මම දන්නවා....

    ReplyDelete
    Replies
    1. මළා!
      එහෙම උප කුලත් තියෙනවද? බුදු අම්මෝ!

      නිකං
      ගොඩ ගොවිතැන,
      මඩ ගොවිතැන,
      හේන් හොවිතැන,
      හයිඩ්‍රෝෆොනික් ගොවිතැන
      වගේද?

      Delete
    2. @ දිනුක, Kathandara Karaya

      ඔව් කුල ඇතුළෙත් උප කුල තියෙනවා. එතකොට ඒ උප කුලවලත් ඉහළ පහළ කුල තියෙනවා. උදාහරණයක් විදිහට සලාගම කුලයට අයත් වුණු කුරුඳු තලපු මිනිස්සු කරපු විවිධ කාර්යය නිසා ඒ කුලයේත් උපකුල තියෙනවා. නවන්දන්න කුලයට අයිති වෙන රන්කරුවන්, කම්මල්කරුවන් උප කුල දෙකක අය මේකෙන් රන්කරුවෝ උසස් මම දන්න විදිහට නම්

      Delete
    3. සමහර කුලවල ධුරාවලියේ කොටස් හතක් පවා තියෙන බව මා කියවූ සමාජ සමීක්‍ෂණ පොතක තිබුණා.

      මේ කුල කතාබහ මේ කතාවට අදාල නෑ, වෙඩ්-ලොක් එඛෙන් පිට දරුවෙක් ඉපදුණු එකයි ප්‍රශ්ණේ.

      රජකාලේ යකඩ දෝලියකට ඉපදුණු පුත්තු මහණ වුනේ මොන නිකායේ ද මන්දා?

      Delete
    4. @ Kathandara Karaya

      යකඩ දෝලි බිසෝවරුන්ගේ පුත්තු හුඟක් වෙලාවට ප්‍රාදේශීය පාලනය කරපු බවයි පේන්නේ. මහනුවර යුගයේදී බණ්ඩාර කියන නම් හුඟක් වෙලාවට පාවිච්චි වෙලත් තියෙන්නේ එයාලට. ප්‍රාදේශීය පාලනය කරන අතරේ ඉදලා හිටලා පොට්ට චාන්ස් වැදිලා රජවුණෙත් නැතුවාම නෙමෙයි. ඒත් මහණ වුණු කතා නම් මම අහලා නැහැ.

      හැබැයි මහණ වෙනවා නම් පොතේ හැටියට මහණ වෙන්න ඕනේ සියම් නිකායේ....

      Delete
  19. ඔය කුල මල ගැන කිව්වහම මතක් වුනේ. අපේ ගෙවල් පාරෙත් තියෙනවා පංසලක්. ඕකට අපේ ආච්චිලා යන්නේ නෑ අඩු කුලේ පංසලක් කියලා. අපේ තාත්තා, ලොකු තාත්තලා එහෙමා අච්චිට කොපමන දොස් පැවරුවත් ආච්චි නෙමෙයි තම අදහස වෙනස් කරේ.

    ReplyDelete
    Replies
    1. ආච්චී නියමෙට වසල සූතය දන්නවා වාගේ!

      Delete
    2. දන්නවා දන්නවා. හැම පෝයටම වගේ සිල් ගන්නවනේ..

      Delete
    3. දන්නවා..දන්නවා..හැම පෝයටම වගේ සිල් ගන්නවනේ..

      Delete
  20. මචන් කකා මේ වැඩේ හරියන්නෙ නෑ... බ්ලොග් එක නැගල යන්න නම් ඇදුරු තුමාගෙ නයෙක් වත් මේකෙ දිග අරින්න වෙයි... කෝ බන් කිසි ආතල් එකක් නෑනෙ....

    ReplyDelete
    Replies
    1. මේක මුග්ධ ප්‍රතිචාරයක්ද?

      Delete
  21. DAN MEKE NAYEK THIYA PIMBUREK DIGA ARIYATH NAGGANNA BEHE. DAN ANOLA HUNGAK MEKATA ENNE NEHE.ME ANOLA NAMIN INNETH BOGALA KIHIPA DENEK. ANNICHCHAWATHA SANKARA.

    ReplyDelete
  22. මෙහෙ ඉද්දී පියරු බබා වගේ හැදිලා ඉගෙන ගෙන තමුන්ගේ කුල ප්‍රශ්නයක් හින්දා සිංහල සමාජය එක්ක වෛරයෙන් ඕස්ට්‍රේලියාවට වෙලා ඉඳිමින් මේ සමාජයට කෙලවන්න කියලා හිතං නැති පාණ්ඩිත්‍යයක් පෙන්නමින් දඟලන වයසක පොට්ට කාසි වලින් උපදෙස් ගන්න යන්න එපා.. (from w3lnaka )

    මේ කියන්නේ ඇත්තද කතන්දර ?

    ReplyDelete
    Replies
    1. එය මා ලියූවක් නොවේ.

      මා මගේ නම නැතුව කමෙන්ට් දාන්නේ නැත.

      Delete
  23. Wasawarthi unnanse dewra wasanne Pachcha kotapu eka penawata.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.