Friday 17 January 2014

ටීනේජ් කාලේ කරපු තවත් ලාමක හොර වැඩ - What else can you do? You are just an inexperienced teenager!


ටීනේජ් කාලේ කියන්නේ ගැටවර වියේ කියන එකයි.

ටීනේජ් කිව්වාම ඒකේ හරියටම වයස් සීමාව, ඒ කියන්නේ තර්ටීන් (අවුරුදු 13) සිට නයින්ටීන් (අවුරුදු 19) දක්වා, ප්‍රමාණාත්මකව අඩංගු වෙනවා. නමුත් ගැටවර වියේ කිව්වාම ඔය කියන ගැටේ සයිස් එක ගැන හරියට ප්‍රමාණාත්මකව අදහසක් ගන්න අමාරුයි.

ගැටිස්සී කිව්වාම කේස් එක වෙනස් වගේ! සමහර විට ගැටිස්සියන්ට හිත යන කාලේ කොල්ලන්ට ගැටවරයෝ කියලා කියනවා ඇති.

ඒත් අර ගාමිණී ෆොන්සේකා හෙම රඟපාපු "ගැටවරයෝ" කියන ෆිල්ම් එක රූපවාහිනීයේ යනකොට ද කොහෙද බලද්දී මට පෙණුනේ ඒ ගැටවර නළුවෝ සෙට් එක නං ගැටවරයින්ගේ තාත්තලා වගේ වයසයි කියලයි.

මේ මොහොතේ මට මතක් වෙනවා ලෙස්ටර් ජේම්ස් පීරිස් හදපු "ගොළු හදවත" කියන චිත්‍රපටිය. ඒකත් මං බැලුවේ ටීවී එකෙන් ද කොහෙද. ඒකේ හිටිය ගැටවර, ගැටිස්සියන් ගේ වයස ගැනත් කතා කරලා වැඩක් නෑ. පස්සේ ආපු ටෙලියේ හිටපු සුදාරක ජයසේන සහ ගෑල්ළමයා නං ඕලෙවල් කෙසේ වෙතත් ඒ ලෙවල් වයසට හොඳට කාස්ට් කරලා තිබුණා!

ඒ අතුරු කතා කෙසේ වෙතත් මං එදා කියාගෙන ආපු විදියට මට ඔය ටීනේජ් කාලේ අවුරුදු දාසයේ දී විතර තමයි සීරියස්ලි කවි ලියන්න ආශාවක් ඇතිවුණේ.

ආශාවක් ඇති වුණාට ඉතිං කවියක් ලියන්න නිමිත්තක් තියෙන්න ඕනෑ නේ!

මුල කාලේ කෙල්ලෙක් බැලුවත් කවි දෙක තුනක්ම ලියනවා. ඒත් ඉතිං ඒවා හැමදාම වෙන වැඩ නොවෙයි.

ඉතිං එතකොට කරන්නේ අර පොසොන් කවිය වගේ නොයෙකුත් දේවල් ගැන හිතලා ඒවා කවිවලට පෙරලන්න ට්‍රයි කරනවා.

ජීවිතය තන අග පිණි බිඳුවක් කියන එක අපි පොඩි කාලේ ඉඳලාම අහලා තියෙන කතාවක්.

මං මේ පල්ලෙහා තියෙන කවියෙන් ට්‍රයි කලේ ඒ අදහස මගේ කවි බසෙන් කියන්නයි.

මේක දාසයයි මාස දෙකේ දී ලියපු කවියක්.

ජීවිතයත් තුෂාරයකි

හිරු පායා එන මොහොතේ
තණ බිස්සේ තණපත් අග
ලස්සන මුතු කැට විලසින්
පිණි බිඳු දිලිසේ

හිරු පායා එළිවීලා
ලා හිරු රැස් පතිත වෙද්දි
මරණ බියෙන් ඒ පිණි බිඳු
අඬනව දුකසේ

පිණි බිඳු වැලපෙන අතරේ
ලා හිරු රැස් සැරවීලා
හිරු පායයි ඊට වඩා
ඉහලින් අහසේ

සැඩ හිරු රැස් වැටෙන විටදි
පරිසරයම උණුසුම්වෙයි
පිණි බිඳුවල ඇති ජීවය
ටික ටික වැනසේ

ජීවිතයත් තුෂාරයකි
පිණි බිඳුවකි තණපත් අග
මරණය නම් හිරු හමුවේ
ගැලවෙනු බැරිවේ!


-කතන්දරකාරයා

ප/ලි:
මෙතන තියෙන හොරකම තමයි මගේ නොවන අදහසක් අරගෙන ඒක කවියකින් ලිවීම.

මේක ලොකු හොරකමක් නොවෙයි, ඒකනේ ලාමක කියලා දැම්මේ! කොහොමටත් ඔය තණ අග පිණි බිඳු කතාව නොදන්න කෙනෙක් ඉන්නවායැ?

මේ කතන්දරේ බලන්න

සුනිල් ආරියරත්නටත් වැරදුණු තැනක් : නන්දා මාලනී ගේ අහවල් සින්දුවේ මූලාශ්‍රය කොතැනද? - Pushp ki abhilash
http://kathandara.blogspot.com/2013/01/pushp-ki-abhilash.html


(image:http://simple.wikipedia.org/wiki/Surface_tension)

82 comments:

  1. හොර වැඩේ මොකක්ද කියල තමා මට තාම නොතේරුණේ !

    ReplyDelete
    Replies
    1. හොරකම තමයි මගේ නොවන අදහසක් අරගෙන ඒක කවියකින් ලිවීම.

      මේක ලොකු හොරකමක් නොවෙයි, ඒකනේ ලාමක කියලා දැම්මේ!

      මේ කතන්දරේ බලන්න

      සුනිල් ආරියරත්නටත් වැරදුණු තැනක් : නන්දා මාලනී ගේ අහවල් සින්දුවේ මූලාශ්‍රය කොතැනද? - Pushp ki abhilash
      http://kathandara.blogspot.com/2013/01/pushp-ki-abhilash.html

      Delete
    2. දැන් කකාත් බුද්ධිමය දේපළ හොරකම් කරලා, ඒ වරදම කරපු නිහඬ සහන්ට බනින එක හරිද?

      Delete
    3. කකා මෙහෙම කිව්වේ නැහැ නේ ..

      මේ කයි මගෙන්ම පමණයි !!!

      මන් පිනි බිංදුත් එක්ක සම්බන්ධ උන කෙනෙක්. ඕව මගේ ඇහැට දැකපු කෙනෙක්. මගේ ජීවිතේම ගෙවෙන්නේ පිනි බින්දු එක්ක. අඩුම තරමේ මට මගේ හාමිනේ එක්ක වත් sms එකක් ගහන්න වෙලාවක් නැහැ… මේ රෙද්දේ පිනිබින්දුවක් හින්ද!

      අපි දෙන්නා ඉන්නේ තැන් දෙකක හලෝ . ඔයා ඔයාගේ ගේ වැඩේ කරන්න..මම මගේ කයි පද ලියාගෙන ඉන්නන් .. අපි දෙන්නා පෑහෙන්න යන්න ඕනේ නැහැ …

      කයි පදවල එලි වැටට නං දරුණු විකෘතියක් වෙලා තියෙනවා ..දැනට මට හදන්න විදිහක් නැහැ..වෙලාවක වෙනම කයියක් ලියල අප්ඩේට් කරන්නම් …

      මම මගේ අතේ තියාගෙන ඔය කයි ලියපු පොත.. එකේ පොටෝ ගහලා එවන්නද මේ දැන් …? ඕනේ නම් මගේ තට්ටේ උඩ තියලා පොටෝ ගහලා එවන්නද ??

      එකම හැඩේට බොලේ වගේ තිබ්බට හැම පිනි පින්දුවම එක වගේ නැහැ. ඉන්ටර්නෙට් එකේ රූප හොයලා ” ආහ්හ් මෙහ්හ් තියෙන්නේ අරක “ කියලා රැවටෙන්න එපා..

      හි හි :D

      Delete
    4. @මහසොහොන් පිල්ලිය,
      මේක තමයි දවසේ කතාව. ඕයී ලියනවකෝ ඔහෙත් බ්ලොග් එකක් අපිට කියවන්න.

      Delete
    5. මහසෝන් පිල්ලියට බ්ලොගක් තියෙනවා, එතැනදී නේ අපි දෙන්නා මුණ ගැසුනේ.

      Delete
    6. not updated it seems. his last article last april.

      Delete
    7. මං වත් මාස ගානකින් ඒ පාලු අම්බලමට ගිහිල්ල නැහැ. :P

      මේ මම පෞද්ගලිකත්වයට හානි නොවී නිදහසේ අදහස් කොමෙන්ට් කරන්න හදා ගත්ත ප්‍රොෆයිල් එකක් විතරයි Il mondo. මම ඉංග්‍රීසි වෙබ් අඩවි වල නමින්ම අදහස් ප්‍රකාශ කරනවා. නමුත් සිංහල බ්ලොග් වල එහෙම කරන්න අදහසක් නැහැ.

      Delete
    8. තන අග පිණි බිඳුවක් :P :P

      Delete
    9. /// මම ඉංග්‍රීසි වෙබ් අඩවි වල නමින්ම අදහස් ප්‍රකාශ කරනවා. නමුත් සිංහල බ්ලොග් වල එහෙම කරන්න අදහසක් නැහැ./////
      @ මහ සොහොන්.......මම මේ ඇත්තටම අහන්නේ... එහෙම වෙන්න හේතුව ඇයි ? අපිටත් යමක් හිතාගන්න පොඩ්ඩක් කියලා දෙන්න.

      Delete
    10. ඒකෙ ඇති දෙයක් නැහැ අරූ ...
      1. නියම නමින් පැමිණ නියම දෙමවුපියන්ට කුණු කතා අස්සවා ගැනීමට කැමැත්තක් නැත. යකෙක් ගේ අම්මා මතක් කොට බැන්නාට මට ගානක් නැත.
      2. pseudonymity අදහස් ප්‍රකාශ කිරීමේදී බලවත්ම සහ නම්‍යශීලිම උපකරණයකි
      3. ආසියානුවන් අනුන්ගේ ඕප , පෞද්ගලික කුණු සෙවීමට ඉතාමත් කැමතිය. එම නිසා සැබෑ ජිවිතයෙන් වියුක්තව සයිබර් ජීවිතය පවත්වා ගැනීමට මේ මගින් හැකිය .
      4. අදහස් දැක්වීමකදී සිංහලයන් වැඩි දෙනෙක් තමන්ට විරුද්ධව දක්වන අදහස් පෞද්ගලිකව ගනී. ඉන්පසු පෞද්ගලික පලි ගැනීම් , අවලාද සහ මඩ ගසාගැනීම වලට පෙළඹේ. (ආසන්නතම උදාහරණය ලෙස චන්ද්‍රිකා/ටෙස්ලා/බිල්ඩින් වලිය ගත හැක ). pseudonymity තිබියදී අත පුච්චා ගැනීමට අවශ්‍යතාවයක් නැත. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩිය. තමන්ගේ ආරක්ෂාව සහ පහසුව පිණිස ගැවසෙන සමාජයේ හැටියට තමන්ගේ භාවිතාව සකස් කර ගැනීමේ වරදක් නැත.
      :)

      Delete
    11. ////// ආසියානුවන් අනුන්ගේ ඕප , පෞද්ගලික කුණු සෙවීමට ඉතාමත් කැමතිය. එම නිසා සැබෑ ජිවිතයෙන් වියුක්තව සයිබර් ජීවිතය පවත්වා ගැනීමට මේ මගින් හැකිය .//////

      @ මහසොහොන්.....සහතික ඇත්ත!!!

      කරුණු දැක්වීමට බොහොම ස්තූතියි!!

      Delete
  2. ජීවිතයත් තුෂාරයකි
    පිණි බිඳුවකි තණපත් අග
    මරණය නම් හිරු හමුවේ
    ගැලවෙනු බැරිවේ!////

    ReplyDelete
    Replies
    1. 1. ඉන්න ටිකේ ඉඳිමු සුදෝ ජොලිය දමාලා
      http://kathandara.blogspot.com/2010/07/blog-post_28.html

      2. මැරෙන එකත් පන යන වැඩක්
      http://kathandara.blogspot.com/2011/05/near-death-experience-of.html

      3. මල් නම් ජයරත්න, ජයරත්න නම් මල් - Such is life!
      http://kathandara.blogspot.com/2011/10/such-is-life.html

      4. තන අග පිණි බිඳුවක් නොවන්නේ කොයි පණ ද?
      http://kathandara.blogspot.com.au/2012/05/remembering-sanath-observer.html

      Delete
  3. මගෙ යාලුවෙකුත් හිටියා ඒ කාලෙ ඔය වගේ හොර වැඩ කොරපු.
    ඌ පනස් ගනන්වල හැට ගනන්වල ශ්‍රී සඟරා සහ රස වාහිනී වල තිබුන කවි දමනවා සරසවිය පත්තරේට උගේ නමින්

    ReplyDelete
    Replies
    1. සංස්කෘතික උප ඇමති ගේ නවකතා පොතෙන් අමු අමුවේ කොපි කළ කෙටි කතාවක්
      http://kathandara.blogspot.com.au/2013/09/short-story-plagiarised-from-ministers.html

      Delete
  4. අපිට අමතක නොවෙනම කාලය ඒක තමා. මොන වෙලාවෙත් හිත්න්නේ ටීනේජ් විදියට නෙව..

    ReplyDelete
  5. අර උඩින් තියන රූපය මේකට ගැලපෙන්නේ කොහොමද කියලා මම මේ බැලුවේ

    ReplyDelete
    Replies
    1. ඒ ටීන්-ඒජ් කාලෙ කකා ඇඳේ නිදාගෙන ඉන්න හැටි ඔළුව පැත්තෙන් පෙණුනු හැටි. ඔය නිල් පාටට තියෙන්නෙ කොට්ටෙ. කළුපාටට තියෙන්නෙ කකාගෙ ඔලුව.

      Delete
    2. ඒ කාලේ කොන්ඩේ තිබිල තියෙනවා නේ ..
      මං හිතුවේ උපං ගෙයි තට්ටයෙක් කියල කකා :)

      Delete
    3. කව්ද දන්නෙ කොන්ඩෙත් අනුන්ගෙද කියල
      Follicular copyright violation = wig

      Delete
    4. @ යක්ෂයා,

      ඒ තමයි "G force". වැඩි විස්තර දැනගන්න ඕනනං ලින්ක් දෙක තුනක් දාන්න පුලුවන්.

      Delete
    5. ඔය පෘෂ්ඨික ආතතිය ගැන රූපයක්. පිණි බිදු හැදෙන්නේ ඒ නිසා නේද?

      Delete
  6. කයි පද වැටෙන විටදී...
    බ්ලොගයම මළානික වෙයි..
    කතන්දර වල රසය...
    ටික ටික වැනසේ.....

    ReplyDelete
    Replies
    1. කතන්දර වල රසය වැනසුනේ මුල් දවස් වලමයි. මේක මෙච්චර කල් දිව්වේ ඇනෝ කමෙන්ට් වල රසය නිසා. දැන් නම් ඒකත් වැනසෙන පාටයි පේන්නෙ.

      Delete
    2. මේ අවුරුදු පහලොවේ දී ලියපු කවියේ නීරස බව අනුව හිතා ගන්න පුළුවන් නේද ඟේ වයස දෙගුණ තෙගුන වෙනකොට කොහෙමට තියේවිද කියලා!

      Delete
  7. හහ් හහ් හ්... මෙයත් ඒව කොරල තියේ වගේ... හී... ඉදල හිටල ඕ වගේ දෙයක් කොරාට කමක් නෑ මෙයා.. මොකද අපි සම්පූර්ණයං හොරකං කරල නෑනෙ... නැද්ද මං අහන්නෙ... අපි කරනවට වඩා ලොකු ඒව ඔය සුදු කමිස සරං අදින අය කරන්නෙ

    ReplyDelete
    Replies
    1. ආ... මෙන්න ඇනෝලා පෙන්නන්න බැරි..... කොන්ද කෙලින් තියන මහත්තයා ඇවිල්ලා....

      Delete
    2. අක්ෂර වලින් ස්ත්‍රී පුරුෂ සහ නපුංසක බව හොයාගන්න තරම් දක්ෂයෙක්ලු නේ.

      Delete
    3. අනේද කියන්නේ? මරණං නියතං කියලා කවියක ආවත් ඒක ලාමක හොරකමක් නේද? ඇයි කලින් කවුරුහරි එකෙක් කියලා තියෙනවානේ ඒක!

      Delete
  8. නියම කටි ටික කකා.
    දිගටම කයිම ලියන්න කකා අපි අනිවාර්යෙන්ම කියවන්න එනවා. කකාට ජය වේවා !

    ReplyDelete
  9. කකා ලියූ කවිය
    නැහැනේ දැන් රසය

    ReplyDelete
    Replies
    1. කතන්දර වල රසය වැනසුනේ මුල් දවස් වලමයි. මේක මෙච්චර කල් දිව්වේ ඇනෝ කමෙන්ට් වල රසය නිසා. දැන් නම් ඒකත් වැනසෙන පාටයි පේන්නෙ.

      Delete
    2. හා මචං !

      Delete
    3. මේ අවුරුදු පහලොවේ දී ලියපු කවියේ නීරස බව අනුව හිතා ගන්න පුළුවන් නේද මේ වයස දෙගුණ තෙගුණ වෙනකොට කොහෙමට තියේවිද කියලා!

      Delete
  10. ටීනෙජ් කාලෙත් කකා හොඳ හොඳ වැඩ කරලා තියෙනවා එහෙනං..
    මොකද්ද කකා අර පින්තූරේ තේරුම ?

    ReplyDelete
    Replies
    1. ඒ තමයි "G force". වැඩි විස්තර දැනගන්න ඕනනං ලින්ක් දෙක තුනක් දාන්න පුලුවන්.

      Delete
    2. ඔය පෘෂ්ඨික ආතතිය ගැන රූපයක්. පිණි බිදු හැදෙන්නේ ඒ නිසා නේද?

      Delete
    3. අදම පෘෂ්ඨික ආතතිය වැඩි කරලා බල්නඩෝනි තන අග පිණි බිඳු හැදෙයිද කියලා !!!

      Delete
  11. ගැටවරයෝ හෝ ගොළු හදවත චිත්‍රපටි බැලීමේදී එහි නළුවන්ගේ වයස ගැන ප්‍ර්ක්ෂකයා අතරමං වූයේ නැහැ. එවා විශිෂ්ඨ කෘතිය.
    අද කාලයේ කොපි කර හෝ විශිෂ්ඨ නිර්මාණයක් බිහි කළ හැකිනම්....

    ReplyDelete
    Replies
    1. ඌ (ප්‍ර්ක්ෂකයා) නං අතරමං වුණාද නැද්ද මන්දා? හැබැයි මට නං හිතුනේ අර වික්‍රම බෝගොඩ ලා, අනුලා කරුණාතිලකලා වගේ වයස තිස් ගනංවල අංකල්ලා, ඇන්ටිලා කොමෙද මේ සාමාන්‍ය පෙල පන්තියේ ඉඳඟෙන වෙරළු කන්නේ කියලයි!

      Delete
  12. ලස්සන කවි ටික

    ReplyDelete
    Replies
    1. එදා වයස පහලොවේදී එච්චර ලස්සන නං අද වයස දෙකුණ තුන්ගුන වෙලා තියෙන කොට කොහොම ලස්සන ඇතිද, නේද?

      Delete
    2. කවි ඈ :D

      Delete
    3. නැතුව, නැතුව!

      ඉස්සර උන්මාද චිත්‍රසේනලා: http://kathandara.blogspot.com/2010/11/blog-post_26.html

      දැන් බෲස් වීල්ස් ලා වෙලා: http://kathandara.blogspot.com/2011/10/sri-lankan-bruce-wills.html !


      Delete
    4. ඇක්චුවලි ඒ ඔයාද ඈ ලස්සනයි පළවෙනි එකේ බෙල්ල ටිකක් දිගයි නේද ?

      Delete
    5. එය දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් එකකි.

      දේශපාලනයට හෝ වෙළඳාමට බැස්සා නම් බෙල්ල මහත් කර ගන්නට ඉඩ තිබුණි.

      Delete
  13. කකා.... මගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට කිට්කැට් අප්ඩේට් එක ඇවිල්ලා.....

    මම දැන් මොකද කරන්නේ.... අනේ කියන්න කකා ප්ලීස්... අප්ඩේට් කරන්න කලින් පෝස්ට් එකක් දානවද.... නැත්නම් අප්ඩේට් කරලා ඉවර වෙලා දාන්නද?

    ReplyDelete
    Replies
    1. up date karala iwara wela apan machan

      Delete
    2. මට නං තාම ආවේ නෑ!

      ඔහේට ආපු එක ගැන නං තන්තෝතයි!

      Delete
  14. Ano machanla Kakka gon katha liwwata kamak nehe, Umbala buddhiyen adhas palakarapalla.

    ReplyDelete
    Replies
    1. මොකද මේ වෙස් මාරු කරගෙන වගේ?

      Delete
  15. Machanla comments visible after approval wenna dan langai.

    ReplyDelete
  16. //"මුල කාලේ කෙල්ලෙක් බැලුවත් කවි දෙක තුනක්ම ලියනවා"// .කකා කවි ලියලා තියෙන හැටියට ගෑල්ලමයි මාර විදිහට කකාගේ මූණ බලලා තියෙනවනේ . ඒ කියන්නේ කකාගේ මූණ එච්චරම ලස්සනයිද ඒ කාලේ

    ReplyDelete
    Replies
    1. සහන් මිත්‍රයා. මා හැමදාමත් කී පරිදි ඔබ විශ්මිත් පුද්ගලයෙක්. “ලංකාවෙන් යවපු චන්ද්‍රිකාවට සහන් දායක වුනේ නැද්ද? ඒ කියන්නේ අපේ රෝහිත බේබි සහන්ටත් වඩා දන්නවා ….හැක හැක ..ඔන්න ඔය වෙලාවට තමයි සහන් මුන්ව මරාගෙන මැරෙන්න හිතෙන්නේ

      Delete
    2. මේ මොනවා කියනවාද? එයින් අවූරුදු දහයකට පස්සේත් උන්මාද චිත්‍රසේන කියලයි නම පට බැඳිලා තිබුණේ.

      http://kathandara.blogspot.com/2010/11/blog-post_26.html

      දකින දකින කෙල්ලෝ වශී වෙනවා, පිස්සු වැටෙනවා.

      Delete
  17. Monawada halo me ahana moda prasna.

    ReplyDelete
  18. ගැටවර වියේ මේ වගේ කවි ලියන්ට හිතුණු එක පුදුමයි. :)

    ReplyDelete
    Replies
    1. ගැටිස්සියෝ ගැනත් ලිව්වා!

      Delete
  19. ඔය කාලෙ හොර වැඩ තමා කුරුම්බා කැඩීම,කෙහෙල් වත්තෙන් කෙහෙල් කෑම,පැලපොල් හොරකම් කිරීම,අල්ලපු ගමේ තොරනේ ෆ්ලෑශර් කොටේ කොපි ගැසීම,තව මොනවද?. . . . ආ හොරෙන් උනගස් කැපීම,තොරන් වයරින් කරන්න ටෙලිකොම් එකේ කේබල් කැපීම. . .

    ReplyDelete
    Replies
    1. /* තොරන් වයරින් කරන්න ටෙලිකොම් එකේ කේබල් කැපීම */

      ඒක තමයි මං හොඳටම කැමති කෑල්ල.

      එතකොට තොරණ හදන්න නයිට් ගහන වෙලේ බෝතලේකට දෙකකට සෙට් වෙලා, හාවෙක් මරාගෙන බයිටක් හදාගෙන..........

      Delete
    2. ඔය තියෙන්නෙ කකා.කරුමෙට ඒ කාලෙ බිවෙ නැහනේ.තොරන් ගහනකොට අපේ හිටි ඔක්කොන බිව්ව.මම බිව්වෙ නෑ.බොන එක කැම්පස් ඩිග්‍රිෙකේ මයිනර් එක බීම. . .

      Delete
  20. දාසයයි මාසෙදි කයි පද සැහැල්ලුයි . දැන්නම් බොහොම බර ගතියක් තියෙනවා!!!!

    ReplyDelete
  21. ජීවිතයත් තුෂාරයකි
    පිණි බිඳුවකි තණපත් අග

    ReplyDelete
  22. Teen age kale lamaka hora weda karala dan hora detuwek wela.

    ReplyDelete
  23. ටීනේජ් කාලේ හැමෝම කවි ලියනවද මන්දා. මමත් ලිව්වා ඔහොම කවි... ඔහොම එක පාරක් ගුණසේන ඉංග්‍රීසි කවි තරඟයකින් දිනලා පොත් ගන්න වවුචරයකුත් හම්බුණා මතකයි :)

    ReplyDelete
    Replies
    1. එහෙනං නිරෝශිනී හොද කවිකාරියක්!

      Delete
  24. ටීනේජ් කාලේ කවි නොලියපු අයත් ඉන්නවාද කකා? මම පොඩි පොතකුත් ලිව්වා කවි වගේ එව්වා දාලා. කවුරුත් ඒක වැඩිය දැක්ක නැති එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. අපෝ ඉන්නවා. කවි කියවන්ණ කැඟති අය ගේ ප්‍රතිශතය මං හිතන්නේ 50% අඩුයි!

      පෙදෙහි රස හව් විඳිනා
      දෙනෙතා ඉතා දුලබෝ කිව්වලු!

      Delete
    2. ඔය අන්තිම කවි පද දෙකනම් ඇත්ත
      , මට කවී ඇලජීක්,ඇස් පේන් නැති හින්දා කණ්නාඩිත් දානවා
      :D

      Delete
  25. මමත් කවි ලියන්න ආසයි....ලියනවා ඉතිං කොපි කරලා ලියලත් බලන්න ඕනා...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.