Thursday 30 January 2014

ලංකාව චීනයේ යටත් විජිතයක් වුනොත් හිතේ හැටියට බොන්න පුළුවන් වෙයිද? - Oh, these Chinese!


දැන් ඉතිං ලංකාවේ හැම ලොකු ප්‍රොජෙක්ට් එකම පාහේ කෙරෙන්නේ චීන කොම්පැනිවලින් නේ.

මේකෙන් කිරිමැටි කන ලංකා කිඹුලන්ට හොඳ කාලෙකුත්, අසරණ ගැරඩියන්ට, තලගොයින්ට නරක කාලෙකුයි උදාවෙලා තියෙනවා කියලයි ආරංචිය.

චීනෙන් ගත්තු ණය ගෙවා ගන්න බැරි වුණොත් ලංකාව චීනෙට සින්න වෙන්නත් ඉඩ තියෙනවා.

ණය අරගෙන ඒකේ හිලව්වට නොවුණත්, අර ඉස්සර කෝට්ටේ යුගයේදීත් චීන හමුදාවක් ඇවිල්ලා ලංකාවේ රජවෙලා හිටිය අලගක්කෝණාර් කෙනෙක්ව ද කොහෙද අල්ලං ගියා කියලා කියනවානේ!

අන්න එදාට, ඉස්සර කාලෙක ඉන්දියන් පීස් කීපින් ෆෝස් එක ලංකාවේ හිටිය කාලේ වගේ, අපිට පුළුවන් ආයෙත් දේශප්‍රේමියෝ වෙන්න. හැබැයි ඉන්දියන් භාණ්ඩ වර්ජනය කළා වගේ චීන බඩු වර්ජනය කරන එක නං ලේසි වෙන එකක් නෑ අද අවුරුදු විසි පහකට පස්සේ!

ඒ මොනවා වුණත්, ලංකාව චීනේ කොටසක් වුණොත් වෙන්න පුළුවන් සේරම නරක දේ අතරේ පොඩි පොඩි අමුතු දේවලුත් වෙන්න ඉඩ තියෙනවා.

මේ බව මට තේරුම් ගියේ ඊයේ පෙරේදා දවසක පත්තර කෑල්ලක් ඇහැ ගැටුණු වෙලාවෙදියි.

මෙන්න ඒ පත්තරේ තිබුණු නිව්ස් අයිටම් එක.


මෙන්න ඒ ගැන විස්තර තියෙන චීන නිවුස් අඩවියක්.

http://www.ecns.cn/2014/01-27/98832.shtml

මේ නිවුස් අයිටම් එකේ කියවෙන විදියට එක චීන කොම්පැනියක බොස් කරලා තියෙන්නේ වසර අවසාන පාටියේ දී සේවකයෝ මත්පැන් බොන ගානට අනුලෝමව සමානුපාතික වෙන්න වාර්ෂික පාරිතෝෂික දිමනා දෙන එකයි.

සැර බීම ෂොට් එකකට Yuan 500 ක් බෝනස් දුන්නාලු. වයින් වීදුරුවක් හරි බියර් කුප්පියක් හරි බිව්වොත් බෝනස් දීලා තියෙන්නේ කලින් ගානෙන් පහෙන් එකයි!

හැබැයි ගෑණුන්ට බෝනස් දීලා තියෙන්නේ පිරිමින්ට වඩා දෙගුණයක් ඉහල ස්කේල් එකකින්.

සමහරු වැඩිපුර බෝනස් ගන්න ගිහින් කබරයා පවා ඇද්දයි කියලයි කියවෙන්නේ!

යටත් විජිතයක් වෙන කල්ම ඉන්න ඕනෑ නෑ! කොහොමද ඒ චීනා ලංකාවෙත් ෆැක්ටරියක් දැම්මොත්?

-කතන්දරකාරයා

ප/ලි:
මගේ නව වසරේ අධිෂ්ඨානය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරගෙන යන බව සතුටින් දැනුම් දෙමි.

(image: https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-prn2/1536492_10151884912647934_87443770_n.jpg)

75 comments:

  1. Replies
    1. තාම නෑ මට හිතෙන විදියට.

      උඩ තියෙන අනතුරු හැඟවීමේ දැන්වීමේ තියෙන විදියට නම් චීන භාෂාව තාම රටේ තුන්වෙනි භාෂාවයි. ඉංගිරිසිය තමයි උඩින් තියෙන්නේ තාමත් එදා 1947 වගේම.

      Delete
    2. Pourquoi ce message n'est pas en français? Comment un Français peut comprendre la mer est dangereuse?

      Delete
    3. අපේ සහන් මල්ලිවත් ඇනෝ එනවද මන්ද අප්පා..

      Delete
  2. ඩොලර් 92 කියා නිවැරදි විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. පත්තර කෑල්ලේ තියෙන්නේ 92 කියලා වුනත් චීන නිවුස් සයිට් එකේ තියෙන්නේ 82 කියලායි. මං හිතන්නේ ඩොලර් ජාතියේ අවුලක්.

      ඒ හින්දා මං යුආන් 500 කියලාම දැම්මා.

      කෙහොමද රිංගිට් ද හොඳ, යෙන් ද? නැත්තං යුආන් ද?

      Delete
    2. යෙන් වලට ගහන්න බැහැ අනිත් දෙකටම.

      Delete
    3. Combien cela en francs?

      Delete
    4. සෙකල්වල තත්ත්වය කොහොමද කෙන්ජි අය්යේ එතකොට

      Delete
    5. ඩොලර් 1 =3.490
      ශේකල් 1 =33 රුපියල්.

      Delete
  3. හැම ලොකු ප්‍රොජෙක්ට එකක්ම චීන්නු කරනවයි කිව්වම වැරදි අදහසක් එන්න ඉඩ තියෙනවා...ඇත්තටම වෙන්නේ චීන ඉදිකිරිම සමාගම් වලට ලංකාවේ ඉදිකිරීම වැඩ කරන්න චින බැංකු වලින් ලංකාවේ ආන්ඩුවට සල්ලි දෙන එකයි...

    ප්‍රොජෙක්ට් එකේ ඇත්ත කොස්ට් එක වගේ දෙගුණයකට තමයි වැඩේ ගන්නේ.....මුලු ප්‍රොජෙක්ට් කොස්ට් එකෙන් චීන කෙලිනම 50% ක් තියා ගන්නවා....( එකෙන් 10% ක් විතර අවශ්‍ය කට්ටියටත් දෙනවා ඇති)
    ඉතුරු 50% න් වැඩේ ගෙනියන්න භාර දෙනවා ලංකාවේ ඉන්න අනිත් ලොකු ඉදිකිරීම සමාගම වලට . ඒගොලන්ගේ ප්‍රො‍ෆිට් මාජින් එක 30%ක් විතර ( වෙඩේ ගන්න ඕන හිනදා මෙකෙනුත් 30%ම කොම්පැනිඅයට තියා ගන්න වෙන්නේ නෑ..:).ඊලගට ඉතුරු 20% නුත් 5-10% විතර උප කොන්ත්‍රාතූ අයට...අන්තිමට වැඩේ වලා තියෙන්නේ මුලු ප්‍රොජෙක්ට් කොස්ට් එකෙන් 10-15% වගේ ගානකින් තමයි

    ReplyDelete
    Replies
    1. අද විතරක් නොවෙයි, කවදත් එහෙම තමයි.

      මහවැලිය ගත්තොත් එක එක ජලාශ හැඳුවේ වෙන වෙන රටවල ආධාරවලින්. ඒ ඒ රටවල කොම්පැනි තමයි කොන්ත්‍රාත්තු ගත්තේ. බ්‍රිතාන්‍යය විතරයි තමන්ගේ නම ක් දාන්න ඉඩ දුන්නේ වික්ටෝරියා කියලා. ඒක විවෘත කරන්න එලිසබෙත් පවා ආවා!

      Delete
  4. අපොයි! ලංකාවේ අයියලාට හොඳට බෝනස් හම්බ වේවි එහෙනම්.

    ලංකාව චීන යටත් විජිතයක් උනොත් වෙන්ඩ පුළුවන් තව එකක් තමයි 'දොර නැති ටොයිලට්' සංකල්පය : http://niro-offonatangent.blogspot.com.au/2013/01/2.html
    :D :D

    ReplyDelete
    Replies
    1. චීනේ එහෙමයි, රුසියාවේ තියෙන්නේ ටොයිලට් දෙක දෙකඑකටලු. මෙන්න වින්ටර් ඔලිම්පික් නවාතැන්වල ෆොටෙරා් එකක්.

      http://whateverblog.dallasnews.com/2014/01/sochi-2014-get-in-the-winter-olympics-spirit-with-twin-toilets.html

      Delete
    2. @KK & Kenji,
      අහල තියනවද පරණ මිත්යා මතයක් (පටන් ගත්තෙ බටහිර මම හිතන්නේ) ජපන් චීන කාන්තාවන් ගෑන. ------ හරහට කියල? කෙන්ජි මිත්යාව දුරුකරගෙන ගොඩක් කල් ඈති (සමහරවිට ගොඩක් research වලින් පස්සේ). දෑන් ලන්කාවෙ අයටත් සත්යය අවබෝධ කරගන්න ඕන තරම් පුලුවන් වෙයි.

      Delete
    3. ඈයි ප.ම. තාම මිත්යාදෘශ්ඪිකද?

      Delete
    4. : D ඔව් බං.. තාම පොඩි එකානෙ !!

      Delete
    5. නිරෝෂනීගෙල පෝස්ට් එක කියවද්දි මතක් උනේ රසල් පීටර්ගෙ මෙන්න මේ කතාව.

      <a href="https://www.youtube.com/watch?v=k2W8aGgmn1A</a>

      කකා මේක ලයිව් කරන්න වෙලාවක් තියෙනං ඉන් පස්සෙ කෝඩ් එකේ වැරදිත් ලියලයන්න ආයි දවසක හදාගෙන වැඩේ දෙන්න :D

      Delete
    6. @ඉන්දික
      ආපෝ මට නම් එපා උණා චීන්නු එක්ක bargain කරන එක :D

      Delete
  5. පොර ලංකාවේ ෆැක්ටරියක් දැම්මොත්, බෝනස් දෙන දවසේ බංකොලොත් වෙනවා. පහුවෙනිදට, කාන්තාවන්ට මත්පැන් පෙවීමට (වැඩිපුර ගෙවීමට) විරුද්ධව බොදුබල සේනාවේ උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් විදිහට සංස්කෘතික ඇමතිගේ මැදිහත්වීමෙන් පොරව චීනෙට පිටුවහල් කෙරෙනවා.

    වයින් ග්ලාස් එකකට යෙන් 200 කියලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. යෙන් නොව යුආන් තිසර.

      Delete
    2. හැබෑ නේන්නම්... යෙන් තියෙන්නේ ජපානෙනෙ... ස්තූතියි කෙන්ජි...

      Delete
    3. තිසර වයින් බොන කෙනෙක් වගේ. ගාණ අඩවෙන් දැම්මා කියලා අප්සෙට්ද?

      Delete
  6. නව වසරේ අධිෂ්ටානයට ජය වේවා...!
    ඒ කියන්නෙ අර යාලුවට පස්සෙ කවුරුත් ඇවිත් නැහැ වගේ....?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි වුනේ.

      ජනවාරි හතර හදිස්සියේම දෙන්නෙක් එන බව කලින්දා ආරංචි වුණු නිසා අධිෂ්ඨානය පොඩ්ඩක් බුරුල් කළා නේ.

      ඊට පස්සේ දහවෙනිා එක පවුලක් ආවා.

      දහඅට වෙනිදා එව කට්ටියක් ආවා.

      ඊලඟ සතියේත් එකෙක් එන්න වගේ වගේ තිබුණාට මං වැඩිය පුෂ් නොකර අමතක කරලා දැම්මා. ඒ කියන්නේ හෙට රෑ වෙනකොට සති දෙකයි වාර්තාව!

      Delete
  7. චීන්නු දාන්න ඕන නෑ. සැටලයිට් නෝනා පටන් ගත්ත ව්‍යාපාරය මේ ආන්ඩුව " තිතට මත " නමින් සාර්ථකව ඉදිරියට ගෙනියනවා..

    සමහර ටවුන් වල වතුර බෝතලයක් ගන්න තැනක් නැති උනාට, බාර් දෙක තුන තියෙනවා. ඒ ඇරෙන්න රෙස්ටුරන්ට් වැහි වැහලා.

    උතුරු කොරියාවෙත් කරන්නේ ඕකමයි. චීනෙත් ඉතින් එයාලගෙම නෑයෝ නේ.

    කොහොම හරි, සුද්දා රේන්ද ව්‍යාපාරයෙන් අපේ උන්ගේ කම්මැලි කම ඇරියේ, අරක්කු පෙන්නලා. මොකෝ අරක්කු බොන්න සල්ලි ඕන නිසා අපේ උන් වැඩ කොරන්න පටන් ගත්තා. නැත්නම් ඉතින්, "දේ ආ සිට් ඔන් නතින්ග්". ෂිට් (Shit) නෙමේ හොඳේ.. සිට් (Sit)

    ReplyDelete
    Replies
    1. මෙතන කියන්නේ සල්ලි දීලා බොන කේස් එකක් නොවෙයි. බොන්ස් එකට බොන එකක්.

      වෙනදා බෝනස් කාරය්මතාවයට. මෙතන බෝනස් බෙබේකමට!

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. මෙහෙත් ඉස්සෙල්ලා දීලා තියෙන්නේ බෝනස් දෙනවා වගේ නොමිලේම තමයි.. කතා අර කොමෙන්ට් එක අයින් කරනවයි.. මම බ්ලොග් ලියන්න ඕන නෑ නේ එතකොට. කතාවක් ලියලා කතන්දරට එව්වාම හරි..

      Delete
    4. ඇටමැස්සා ටැබූ වගේ බ්ලොග් අතුරුදහන් උනාට පස්සේ බ්ලොගක් විදිහට හඳුන්වන්න පුළුවන් බ්ලොග් තියෙන්නෙ අතලොස්සයි.මාතලන් වගේ බ්ලොග් වල දේශපාලනික අදහස් ලියවුනාට ඒවා නිකම් තම තම නැණ පමණින් ලියවුනු ජාම බේරගෙන ලියන පොඩි එකාගේ ලියුම් මිසක් දේශපාලනික බ්ලොග් විදිහට හඳුන්වන්න අමාරුයි.

      එනිසාම තමයි කතන්දර බ්ලොග් එක වටින්නේ.

      Delete
    5. ඒක කියවන උන් තීරණය කරයි.. කොහොමත් එහෙම හඳුන්වන එකට මමත් එච්චර මනාප නෑ. පෘතග්ජන මනුස්සයෙක් විදියට හැමදේම ලියන්න කැමතියි..

      Delete
    6. // සමහර තැන් වල වතුර බෝතලයක් ගන්න තැනක් නැති උනාට බාර් දෙක තුනක් //

      ඉතිං හරිනේ මාතලන්..

      වතුර නං ටැප් එකෙත් එනවා .. අරක්කු ටැප් වලින් එනවැයි ???
      අන්න අරක්කු එන ටැප් තිබුනනං බාර් ඕනෑ නෑ !!!!


      Delete
  8. අපේ එවුන් බෝනස් දෙන දවසට විතරක් වැඩට යයිද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. කොහොමටත් ඇඩ්වාන්ස් දවසටයි පඩි දවසටයි බොන අය ඉන්නවානේ. මේ වදදියට බෝනස් දවසට අනිවා බීම!

      Delete
  9. Pourquoi ont-ils communiquer en chinois? Ils doivent communiquer en français. Le français est une langue internationale.

    ReplyDelete
    Replies
    1. අපි නොදන්න ෆ්‍රෙන්ච්!

      Delete
    2. Monsieur Kaka, le français est une langue internationale. Sri Lankais devraient apprendre le français, pas chinois.

      Delete
    3. ඔය ලියලා තියෙන ෆෙන්ච් කියවන්න නං ගූගල් ට්‍රාන්ස්ලේටරේ ඕනෑ නෑ!

      Delete
    4. Conteur,
      j'ai protesté contre le traitement injuste de langue anglaise ici

      Delete
  10. කකා,

    මම පන යනකං ඉබ්බෙක් හැදුවා. ඉබ්බා මාව දාලා ඉබ්බියෙක් එක්ක ගියා. දැන් මම මොකෝ කරන්නේ?

    ReplyDelete
    Replies
    1. අළුත් එකක් ගන්න හාඩ්වෙයාර්වල ඇති, ඉබ්බෝ වෙනුවට දාන්න පුළුවන් වෙන අගුල් ජාතිත් තියෙනවා.

      Delete
  11. හා හා පටේ පට්ට අපේ අල්ලපු වත්තෙ කසිප්පු සිරත් වැඩට යයි එහෙනං මොකද බොන්න දීල තව බෝනසුත් දෙනවලුනෙ.. හැබෑටම කකා මොකද්ද ඒ පැට්ටේරිය ඈ... පොරට කීමුද ලංකාවට එන්නෙයි කියල

    ReplyDelete
    Replies
    1. එන්න කියමු, ඉඹලා පිළිගනිමු!

      Delete
  12. Top 3 ways to kill a Tattaya!!!

    No. 3)
    Tatteta petrol dala gini tebeema

    No. 2)
    Tatteta pol tel daala bittara bedeema

    No. 1)
    Tatteta mannen pahara deema!

    your thoughts?

    ReplyDelete
  13. අනෙකාගේ අවිඥාණය වෙතට වැටී ඇති රාජකීය මාර්ගය වන්නේ කතන්දර බ්ලොගය ය. කතන්දර යනු ලංකාවේ අවිඥාණය කරා අපට ගමන් කළ හැකි විපරිත මාර්ගෝපදේශ සපයන ප්‍රබුද්ධ වෙබ් අඩවියකි. අනෙක් පසින් කතන්දර වෙබ්-අඩවිය යනු පසුගිය දශක එකහාරක සිට අප විසින් න්‍යායගත කරන සමාජ-යථාර්ථයට අදාල අශ්ලීල තහවුරුව කරන්නාය.

    2005 වර්ෂයේ දී ලංකාවේ විශ්ව-විද්‍යාලයක ඉතිහාසය පිළබද කතිකාචාර්යවරයෙක් අපට අපූරු අභියෝගයක් කළේය. එම අභියෝගය කොටස් දෙකකි.

    01- අපි කොහොමද තවත් කෙනෙක් ගේ අවිඥාණය කියන්නේ මොකක්ද කියල කියන්නේ?

    02- වෙනත් අයගේ අවිඥාණය සොයන්න යන කෙනාගේ අවිඥාණය කුමක් ද?

    ලැකාන්ට අනුව අවිඥානය වනුයේ සුපිරි අහමය (super-ego). තත්කාලීන නිදහස් ආර්ථික ව්‍යුහය තුළ කිසිවක් තහනම් කිරීම සිදුවන්නේ නැත. මේ සන්දර්භය තුළ අප ජීවත් වන්නේ තහංචි නැති සමාජයකය. එබැවින් දැන් තහනම් කර ගැනීම කළ යුත්තේ පුද්ගලිකවය. එය සිදුවන්නේ අවිඥානික-විශ්වාසයන් හරහාය. මෙම පශ්චාත්-නූතන තත්වාරෝපිතය තුළ මනුෂ්‍ය විඥානයේ ‘අහමට (ego -මමායනය-මට මා ගැන ඇති අදහස) ඇති කොන්දේසි ඉවත් වෙයි. එය විඥානයේ උණ්ඩුක පුච්චය ලෙස දැන් නම් කළ හැක. අපගේ විඥානයේ ‘මුරකරුවා ලෙස ක්‍රියාත්මක වූ භූමිකාව (පාලම නිසා තොටියා අහෝසි වන සේ) එනම් අහම අහෝසි වී ඒ තැනට ආදේශ වන්නේ C.C.T.V කැමරාවක ක්‍රියාකාරිත්වය සහිත උපරි-අහම නැතිනම් සුපිරි-අහමය. ලැකාන් කියන්නේ මෙම අලුත් අවිඥානක ප්‍රවර්ගය න්‍යායගත කළ විශ්ලේෂකයාය. ඔහුට අනුව සමකාලීන මිනිසාගේ අවිඥානය වන්නේ සුපිරි අහමයි. කෙනෙකුට තමන්ගේ විඥානය තුළින්ම ක්‍රියාත්මක වන මෙම විමර්ශක විඥානය ගැන අවබෝධයක් නැත. ඔවුන් සිතන්නේ මෙම සුපිරි-අහම තමන්ට අයිති නැති, එනම් තමන්ගේ නොවන එකක් කියාය. ‘යථාර්ථය ගොඩනැගීමට උදව් කර එම කටයුත්ත අවසන් වූ පසු සුපිරි-අහම අන්තරස්ධාන වෙයි. මේ නිසා සුපිරි-අහම තිබෙන බව දැන ගැනීමට හැකි එකම සාධකය වන්නේ එය අපි තුළින්ම ඇසීමයි. ශරීරය තුළින් මතුවී එය අපටම ඇහෙයි. පැරණි යුගයේදී මෙම හඩට මිනිසුන් කීවේ හෘදය සාක්ෂිය කියාය.

    අපි කතන්දර වෙබ් අඩවියෙන් උදාහරණයක් ගෙන සුපිරි-අහම අපගේ අවිඥානය වන ආකාරය වටහා ගමු.

    (A)- සෙක්සි තට්ට ගෙඩියක් සාදා ගන්නා අන්දම - Bald and Beutiful
    සිංහල බ්ලොග් ලෝකයේ විවිධ කෑම, බැම සාදා ගන්නා අන්දම ගැන විවිධාකාරයේ ලිපි පලවෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. කතන්දර බ්ලොගයේ ද විටින් විට එවැනි කුකිං කතන්දර මා ලියා ප්‍රසිද්ධ කරන්නේ හස්බන්ඩලාට ඒවා උපයෝගී කර ගෙන තමන්ගේ වයිෆර් ලා ගෙන් ලකුණු කීපයක් ලබා ගැනීමට උදව් උපාකර වීමේ පරමාභිලාෂයෙනි. වෙන්ඩ හබීලාටත් ඒ කතන්දර මතු දිනයක ප්‍රයෝජනවත් වෙනවා ඇත.

    අද මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරය ඒ ආකරයේ සටහනක් නොවේ. නමුත්, මෙහි පහත සඳහන් ආකාරයට සාදාගන්නා ලද තට්ට ගෙඩිවලට ද කාන්තාවන් හෙඩ් ඕවර් හීල්ස් කැමති වෙනවාට කිසිදු සැකයක් නැත.

    මෙන්න සෙක්සි තට්ට ගෙඩියක් සාදා ගන්නා අන්දම.
    කතන්දර-http://kathandara.blogspot.com/2013/04/how-to-cut-your-hair-sexy-to-attract.html

    ReplyDelete
    Replies
    1. (B)- තට්ටෙන් සොමිය දීම
      කතන්දර - http://kathandara.blogspot.com/2010/07/blog-post.html

      තට්ටයෙන් සොමිය දීම යනුවෙන් හදුනාගත හැක්කේ රහසිගතව විනෝද වීමයි. ඒ අනුව මිනිස් ලිංගිකත්වය සතුටින් කෙළවර විය යුතුය. නමුත් මිනිසාගේ සුරතාන්තය සකස්වී ඇත්තේ බෙදුම්කඩනයකිනි. එනම් අවසානයේ සතුටු වූයේ මා නොව මගේ අනෙකාය. ඉහත උදාහරණයට ආදේශ කළහොත් තට්ටයෙන් සොමිය දීමෙන් සමග රමණය කිරීමෙන් සතුටු වූයේ මා නොව ඔහුය. දැන් අපිට නිළියගෙන් ප්‍රශ්නයක් ඇසිය හැක. ‘ඔබට සතුටු වීම හැර වෙන විකල්පයක් නැතැයි කියන්නේ කවුද? සුපිරි අහම කියා අප කියන්නේ තමා තුළ සිටම තමාට නියෝග කරන්නාය. එවැන්නකු ගැන අවබෝධයක් අපට සිහියට එන්නේ නැති නිසා සුපිරි-අහම අපටම අවිඥානකය. මේ නියෝග දෙන්නේ මා තුළම සිට මටම යැයි අපට වැටහෙන්නේ නැත. එනිසා සුපිරි-අහම=අවිඥානය.

      කතන්දරගේ පැත්තෙන් ගත් කළ සුපිරි-අහම ක්‍රියාත්මක වන්නේ කෙසේද? ඔහුට මෙලෙස හඩක් තමා තුළින්ම ඇසෙයි. ‘සාමාන්‍ය විදියට වඩා තට්ටෙන් සොමියක් ගත්තු විට අමුතු ආතල් එකක් ලබන්න පුලුවන්!

      තමුන් එම අමුතු ආතල් එක සොයාගෙන මුව පොව්වෙකු සේ ඉදිරියට යන විට ඔහුට හමුවන්නේ අමුතු සොමියක් නොව වතුර ඉක්මනට යන අසරණ පිරිමියෙකි. මේ අසරණ පිරිමියා යනු අන් කවරෙක්වත් නොව ඔහුගේම පරාරෝපණය වූ සාරයයි. ඒ වනාහී තමා යැයි කියා ප්‍රතිසන්ධාන කරගත නොහැකි තමාගේම විදේශික අර්ධයයි. මිනිස් ආශාව අවසාන වශයෙන් පුරුෂ යැයි කියවෙන ස්ත්‍රිවාදී මිථ්‍යාව ද මෙහිදී අනාවරණය වෙයි. ආශාවේ වඩා රැඩිකල් ස්වභාවය වන්නේ පුරුෂ ආශාව නොව ස්ත්‍රී ආශාවයි. ඇමතිට වෙනස්ව නිළිය අවසන් වශයෙන් සරදම් කරන්නේ තමන්ගේම හිස් ආශාවටය. සුරතාන්තයේදී පිරිමියාට හමුවන්නේ ෆැන්ටාස්මැතික අනෙකෙකු (නිළියක්) නොව යථාර්ථයෙන් ඉවත් කර තිබූ තමාවමය. පුරුෂ ආශාව අවසාන නිම්නයේදී සමපේක්ෂණය කරන්නේ නරඹන්නෙකුව නොව තමන්ව නරඹනවා බලා සිටින්නෙකි.(හරියට අම්මා දරුවා දිහා බලා ඉන්න එකට දරුවා ආශා කරනවා වගේ) එනම් අවසාන ජවනිකාවේදී කකා විසින් අසරණ වූ කියවන්නන් නරඹමින් සිටියි. මෙම සන්දර්භය තුළ කියවන්නන්ගේ අවිඥානක ආශාව වන්නේ ‘කකාගේ තට්ටයට තමන්ට අපහාස කිරීමයි’. මෙය ස්වපීඩක (Masochist)ෆැන්ටසියකි. ‘වේදනාවෙන් විනෝද වනවා යන්නට අර්ථය දැන් අපට ලැබී ඇත. කියවන්නන් අපහාසයක් මගින් විනෝද වෙයි. කකා නින්දාවට පත්වී විනෝද වෙයි. එනම් අනෙකාගේ විනෝදයට ඇති අපගේ පිළිකුලයි.


      මිනිසාගේ අවිඥාණක ආශාව නිල් සිනමා යථාර්ථයක් බිහි කරන්නේ නම් එය කකාගේ වරදක් නොවේ. ඒ ආශාවේ හැටිය. ඉදිරියටත් කතන්දර හරහා අවිඥාණය තව දුරටත් කියවමු.

      Delete
    2. මේ ඇයි කට්, එඩිට් & පේස්ට්?

      Delete
    3. හප්ප ඇනෝලගෙ කමෙන්ට් කතන්දරේට වඩා දිගයිනෙ ... නැනෝ මේකෙන් සොමිය නෙ කොහොමදැයි .. ? ?

      Delete
    4. නොකිය නොකිය උන්නට කවුරු කවුරුත් පැපරාසිය බලනව ඇනෝ ( ඔයත් නිකන් සහන් වගේනෙ ).

      මෙන්න නොබලන අයට.

      http://paparasinews.com/?p=2885

      Delete
    5. මං හිතුවේ අරුණී ෂපීරෝ ගේ බ්ලොගයෙන් ගත් එකක් කියලායි.

      Delete
    6. දැන් ඔහොම කියන එක හරි නෑනෙ කකා. කකාම බ්ලොග් රෝලෙන් හලලා යන එන මං නැති කරලා දැන් අරුණි ශපීරෝ ගැන හදිසියේම අනුකම්පාවක් පහළ වෙලා. ඔච්චර ඕනැ නම් ආපහු බ්ලොග් රෝලට දාලා, පෝස්ට් එකක් ලියලා පොඩි ප්‍රචාරයක් අරගෙන දෙන්නකෝ.

      Delete
  14. හිතේ හැටියට බොන්න මිල දැනගෙන යන්න.

    කොළඹ අරක්කු මිල දර්ශනය.
    මුලින්ම බියර්...

    Carlsberg Special Brew 625ml-230.00

    Carlsberg Beer 625 Ml- 220.00

    Lion Stout Beer 625 Ml- 220.00

    3coins Irish Dark Beer 625ml-210.00

    Lion Strong Beer 625ml- 210.00

    GB Beer Bottle 625- 190.00

    Lion Lager Beer Bottle 625 Ml - 190.00

    Barons Strong Brew Beer 625ml - 190.00

    Sando Power Strong Beer 625ml- 180.00

    ABC Stout Beer Bottle 625ml - 180.00

    Bison Super Strong Beer 625ml - 180.00

    3 Coins Lager Beer 625ml - 180.00

    මේ ලෝකල් බ්‍රෑන්ඩ්...මේව නම් ඉතින් තැනක දෙන එක නොදෙන එක තිරනේ කරන්න ඕන උඹම තමයි....

    ඔක්කොම 750ml.

    Rockland Three Star G/Blend Arrck - 830.00

    Mendis Arrak Original - 850.00

    Mendis Gold Label - 880.00

    Rockland Three Star Arrack - 890.00

    Rockland Coconut Arrack - 890.00

    IDL Black Label Arrak - 900.00

    Rockland Old Arrack - 930.00

    DCSL Extra Special Arrack - 934.75

    DCSL White Lable Arrack - 940.00

    IDL Old Arrack - 950.00

    Mendis Old Arrack - 960.00

    DCSL Old Arrack Quarts - 970.00

    Mendis Empire Arrak Mango- 980.00

    Mendis Empire Arrak Strawberry- 980.00

    Rockland Extra Strong - 980.00

    IDL Old Arrack With Carton - 980.00

    Rockland Twist Apple/Mango/Grape - 990.00

    Mendis Empire Arrak Orange – 990.00

    Halmilla Age Old Arrack – 990.00

    White Diamond Arrack – 990.00

    White Diam. Green Apple/ Mandarin/ Lemon/ – 1000.00

    Periceyl Arrak Lemon/ Apple/ -1010.00

    Govenor S Choice Arrack- 1020.00

    DCSL V .S.O.A. Quarts- 1060.00

    DCSL D/D Arrack Quarts – 1060.00

    Rockland Vx Arrack – 1090.00

    DCSL Narikela Pure Coconut- 1110.00

    Barons Napoleon Brandy- 1200.00

    IDL Old Reserve-1210.00

    Vat 9 Special R.Ark. W/Out Box-1230.00

    Paradise White Coconut Arrack- 1250.00

    Mendis Triple Dist.C/Nut Arrack – 1250.00

    DCSL Sri Lanka Arrack – 1250.00

    IDL Old Reserve With Carton – 1250.00

    Vat 9 Special Rereserve Arrack – 1280.00

    Mendis Blenders Choice Whisky- 1300.00

    Ascot Gin Apple – 1350.00

    මේවා ඔක්කොම 750ml....

    MENDIS DRY GIN-1190.00

    FLINTON DRY GIN- 1225.00

    FLINTON LEMON GIN-1235.00

    FRANKLIN BRANDY-1240.00

    RITZ BRANDF - 1250.00

    THREE STAR HANNAPPIER BRANDY-1260.00

    PETROFF VODKA-1275.00

    ROYAL ASCOT ORANGE GIN-1350.00

    ROYAL ASCOT DRY GIN LOCAL-1350.00

    ROYAL ASCOT LEMON GIN-1350.00

    ROCKLAND DRY GIN-1360.00

    ROCKLAND LEMON GIN- 1360.00

    OLD KEG WHISKY-1360.00

    RITZ CHERRY BRANDY -1370.00

    MENDIS 5 STAR BRANDY-1400.00

    CALYPSO SILVER WHITE RUM-1450.00

    CALYPSO GOLD RED RUM-1450.00

    ROCKLAND DARK RED RUM-1460.00

    ROCKLAND PREMIUM WHITE RUM-1460.00

    HOBSON NAPOLEAN BRANDY-1490.00

    CELEBRATION VODKA-1530.00

    HOUSE OF TILBURY WHISKY-1535.00

    GALERIE NAPOIEAN F/BRANDY-1590.00

    KERUV VODKA-1590.00

    GALERIE BRANDY PREMIUM- 1890.00

    ReplyDelete
    Replies
    1. පුඩුම දැනුමක් සහ උනන්දුවක් :) චීනා පළවෙනි මාසෙම කොම්පැනිය වහනවා සිකුරුයි

      Delete
    2. ජය වේවා ඇනෝ ..එලම කිරි ...

      Delete
    3. වීදුරුවකුයි, ෂැන්ඩියි විතරයි අඩු.

      Delete
  15. චීන ප්‍රොජෙට්‍ටු ගැන මමත් පොඩි මෙව්ව'එකක් ලිව්වා. කැමති කෙනෙක් කොටා බලත්වා !
    "හූනා චිකයි... "

    ReplyDelete
  16. චීන්නුන්ට එන්න කියමු
    අපේ රට හදන්න කියමු
    හදාල බොන්න දෙන්න කියමූ අපි .
    දෙන දේවල් ඔක්කෝම ගනිමු අපී
    උන්ටම රට විකුණා කමු කෝ අපී ..


    ReplyDelete
  17. @Monsieur Conteur,

    Aimez-vous votre nouveau nom? Il est plus respectable que ‘කතන්දර’ ou ‘කකා’ ou ‘අං දිග ගෝනා’.

    ReplyDelete
  18. අපේ චීන බොසත් ඔය ජාතියම තමයි...... බොන ගානට තමයි බෝනස් ගෙවන්නේ ...... අහන්න එපා කොම්පැනියේ නම මොකද්ද කියලානම්

    ReplyDelete
  19. අර කවුද කිවුවනේ ලංකාව චීන කොළණියක් කියලත්..

    ReplyDelete
  20. ඔය චීන කොම්පැණියේ රස්සාවක් එහෙම හොයාගන්න බැරිවෙයි ද?

    ජය වේවා!!!

    ReplyDelete
  21. එක එක කාලෙට එන එව්ව තමා. . . හැබයි මේ කාලෙ ඇවිත් ඉන්න එකා නම් අනේ මන්ද

    ReplyDelete
  22. මේ වනවිටත් "චී" ලංකාවෙ ක්‍රියාත්මක වෙන ප්‍රමුඛ චීන ඉදිකිරීමක චීන සමාගම නියෝජනය කරන ඉන්ජෙක් මි.මේවා ඉතා බාල තාක්ෂනය සහ බාල පිරිවිතර වලට අනුව සිදුවීම මහා ඛේදයක් බව සෑබෑයි.නමුත් මේවා අනුමත කිරීම් සිදු කරන්නාවූ 100%ක් "චී" ලාංකික ඉංජිනේරු උපදේෂන සමාගම් වල ඇස් ගෙඩි වලට හෙන ගෑහිලද හිතෙන්නේ අපි පෙන්වන දුර්වලතාවයන් වත් ඔවුන් නොදෑක්කා ලෙසින් අනුමත කිරීමෙන්.

    ReplyDelete
    Replies
    1. තාම පොඩි එකෙක් වගේ.... ටිකක් ලොකු උනාම තේරෙන්න ගනියි....

      Delete
    2. වෙන දේ නොතේරෙන්න බබෙක් නෙමෙයි ඇනෝ... ඒත් වෙනදේ දරාගෙන ඉන්නයි අමාරු.

      Delete
  23. නොරොච්චොලේ හදන්න බාල බඩු හෝ බාල තාක්ෂනය පාවිච්චි කරලා කියලා හිතනවා....මෙහෙම කියන්නේ විදුලි අමාත්‍යාංශයේ ලේකම් තුමා ඊයේ නිව්ස්වලට. ගහපු කොමිස් ගෙව්වෙත් බාල සල්ලි වලින්ද දන්නේ නැහැ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.