Thursday 2 January 2014

ජයසේන ගේ අනතුරු හැඟවීම - Jaysena's warning


මා මුලින්ම බ්ලොගයක් ඇරඹුවේ 2005 වසරේ අප්‍රියෙල් මාසයේ ය.

(මේ අනුව මංතුමා අප දන්නා බ්ලොග් ලෝකයේ සෑහෙන්න සීනියර් පොරකි. නමුත් මේ අද පලවෙන කතන්දරයේ අරමුණ එය පැවසීම නොවේ. ඇත්තටම මේ බව මා කතන්දර බ්ලොගය ඇරඹූ දා ම පවසා ඇත).

ගුගල් ලා ගේ බ්ලොස්පොට් සේවය උපයෝගී කරගෙන, එදා මා මගේ මුල්ම බ්ලොගය එලෙස ආරම්භ කලේ අද මෙන් කතන්දර ලියන්නට නොව මා ලියා තිබූ කවි සංකල්පනා පල කිරීමට ය.

මේ කවි බොහොමයක්ම පාහේ සාදා තිබුණේ සිංහල ගී ගැයෙන සාමාන්‍ය අච්චුව අනුව නිසා, මගේ කවි සංකල්පනා සිංහල ගායක ගායිකාවන්ගේ සහ සංගීතඥයින් ගේ අවධානයට යොමුකර ගීත බවට පත්කරවා ගැනීම ඒ බ්ලොගය ආරම්භ කිරීමේ දී මගේ එකම අරමුණ විය.

බ්ලොග් කරන්නට පටන් ගත්තද ඒ කාලෙයේ අද මෙන් සිංහල යුනිකෝඩ් හෝ සිංහල අකුරු ලේසියෙන් පෙන්වන බ්‍රව්සර් හෝ නොතිබුණි. මා දැන සිටි එකම සිංහල අකුරු ක්‍රමය වූයේ ඒ දිනවල දිවයින පුවත්පත නිමා වූ කපුටාඩොට්කොම් ෆොන්ට් එක පමණි.

ඉතින් මා කළේ, කපුටාඩොට්කොම් ෆොන්ට් එකෙන් ගී පදමාලා ලියා, ඒවා ඉමේජ්ස් බවට පත්කොට අනතුරුව පිකාසා සේවාව මගින් ඒ ඡායාරූප බ්ලොගයේ පලකිරීමයි.

එලෙස සෑදූ මගේ ගී පදමාලා බ්ලොගය පිළිබඳ අන් අයට දන්නවන්නට මා හැකි සෑම උත්සාහයක්ම ගත්තෙමි. ඊ-මේල් යැවීමි. විවිධ වෙබ් සේවාවලට ඒ ගැන තොරතුරු යොමු කළෙමි.

ඒ සමගම මගේ පැරණි විසිටින් කාඩ් කිහිපයක් තිබී හමුවී ඒවායේ පසුපස බ්ලොග් අඩවියේ ලිපිනය ලියා හමුවෙන මිතුරන් අතර බෙදා හැරියෙමි.

මගෙන් එලෙස බ්ලොගය පිළිබඳ විස්තර ලැබුණු එක් මිත්‍රයෙක් වූයේ ජයසේනයි. එදින සවස නිවසට ගිය වහාම මගේ මේ අළුත් ඉන්ටර්නෙට් සයිට් එක කියවා බලන බවට ඔහු පොරොන්දු විය.

ඊලඟ සතියේ ජයසේන මුණ ගැසුණු විට ඔහු කතා කලේ තරමක් කල්පනාකාරීවය.

"මං ඔහේ ගේ ඉන්ටර්නෙට් සයිට් එක බැලුවා!" ඔහු කියා සිටියේය.

"ඒ කවි හොඳයි, හොඳ සින්දු හදන්නත් පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඒත් ඔහොම ඒවා හැමෝටම පේන්න ඉන්ටර්නෙට් එකේ දැමීමේ ලොකු අවුලක් තියෙනවා නේද?" ජයසේන අවධාරණය කර අසා සිටියේය.

"ඒ මොකක්ද ජයසේන?"

"නැ මං කියන්නේ ඉතිං ඔහොම ඔය කවි දැම්මාම ඕනෑ කෙනෙකුට පුළුවනි නේ ඒවා හොරෙන් අරගෙන සින්දු කරලා කියන්න!"

මා සිනාව නවත්වා ගත්තේ ඉතා අපහසුවෙනි.

"ඉතිං ජයසේන, ඒකම නේන්නං මට ඕනෑ කරන්නේත්! කවුරු හරි හොරෙන් අරගෙන හරි ඒවා සින්දු විදියට කියනවා නං කොච්චර දෙයක්ද?"

ජයසේනට මගේ තර්කය තේරුණු බවක් එදා, 2005 අගෝස්තුවේ දී පමණ, මට නොපෙනුණි!

ඔහුගේ අනතුරු හැඟවීම මට නොතේරුණු බව නම් ඔහුට පෙනෙන්නට ඇත.

-කතන්දරකාරයා







(image: http://www.anorak.co.uk/323068/news/323068.html/)

55 comments:

  1. 'මලක් සේ සුමුදු' ඔබේ නිර්මාණයක්ද?

    ReplyDelete
    Replies
    1. අඩෝ උඩ එකයි යට එකයි උඹලා ඩබලම ඉර පායන රටේ නම් ඉන්නේ බෝනේන්ක‍යි ගිය ඒකේ ෂීන්නේන්කයි එකකට හරි සෙට් වෙමු,

      Delete
    2. කෙන්ජි ප්‍රොෆයිල් පික්චර් එකත් මාරු කරලා.... මට මතක් වෙනවා අර නිල් බාල්දියෙ වැටිච්ච නරියගෙ කතාව....

      Delete
  2. රචකයාගේ නම් ගම දාල නේද?
    හැබැයි හිට් වේලා රිංග් ටෝන්ස් වලට එහෙම වැටෙන සයිස් එකකට එනකම් කකාට අවුලක් නෑ නොවැ?

    ReplyDelete
  3. මාගේ සුසුම නම් මල් හතයි.


    අම්මපා මං මේ අහන්නේ දැන් මේ කතන්දරේ සැගවුණු අරුත
    යටගිය දවස කකාගේ හිත : අඩේ මාගේ ගී කවුරු හරි මට හො‍රෙන් හරි අරන් රේඩියො එකක ටීවී එකේ යන සයිස් එකට මියුසික් හදලා ගයනාවනම් .

    ටුඩේ කකාගේ හිත:අපරාදේ මේව්වා නෙට් එකට අත හරියේ සල්ලි ටිකක් වි‍යදම් කරලා සිංදූ ටිකක් හදලා එෆ් එම් ටිකකට දුන්නානම් , කතන්දර බොගක් දාන එකට වැඩිය ලෙහෙසියෙන් රටේ පොරක් වෙන්න තිවුනා.

    වාගේ එකක්ද(සැගවුණ අරුත)?

    ReplyDelete
  4. ආඅ ඒ කියන්නේ උඩ තියෙන ඔක්කොම් ඔයාගේ පද රචනාද

    ReplyDelete
    Replies
    1. උඹ කොහෙද මකබෑවිලා හිටියේ...

      Delete
    2. එයා යද්දී යන්නේ fb එහෙමත් ඩිඇක්ටිවේට් කරලා ,,

      Delete
  5. සින්දු ටික ඔක්කොම ඇහුවා... බොහොමයක් ගීත හොඳ මට්ටමේ තියනවා... සාමාන්‍යයෙන් සිංදුවක මුලින්ම හිත යන්නේ තනුවට සහ සංගීතයටනේ... ඒ අනුව මගේ හිත ගියේ "දිනෙක මතුදා" කියන ගීයට.

    සමහර ගීත මීට වඩා හොඳ ශබ්ද පරිපාලනයකින් පටිගත කරලා තිබ්බා නම් හොඳයි කියලා හිතුණා. මේ ගීත බොහොමයක ගායකයා එක්කෙනාම වීමත් එක දිගට අහගෙන යනකොට දැනෙන මයිනස් එකක්. පද රචනාවන් ගැන කියනවා නම්... මට දැනුණේ බොහොමයක් ඒවා සුලබ, අපි මීට කලින් අහලා දැකලා තියන මාතෘකා... නැවුම් ආකාරයෙන් ගීතයක් ලිව්වා නම් හොඳයි දැන්....

    ReplyDelete
    Replies
    1. අයාල් සිත්ගෙ කොමෙන්ටුවට පස්සෙ දැක්කේ.... "රෝසමලේ" ගීතය නම් වෙනස් ආරක එකක් තමයි... මුලින් අහනකොට "බඹර තුඩග රස විඳින බඹරු පතලා" කැල්ල මීටර් වුනේ නෑ...

      Delete
    2. ස්තූතියි.. බොහොම හොඳ ලිපියක්... හොඳ සංවාද පසුබිමක්...

      //දැන් එව්ව ලිව්වට කියන්න ගායකයො නෑ// :D

      Delete
  6. සිංදු ටික ඔක්කොම අහලා දුවලා එන්නම්...:)

    ReplyDelete
    Replies
    1. සිංදු ටික ඔක්කොම ඇහුවාම ෂුවර් එකට දුවලා යන්න හිතෙන්නේ ටොයිලට් එකට. මුල් එක අහද්දිම බඩ කුරු කුරු ගෑවා. වහලා දාලා නිකන් හිටියා.....

      Delete
  7. ජයසේනගේ අරමුණ ඉටු වෙලා නෙහ්.. හැක්.. ජය වේවා.. අර කකා බ්ලොග් එක පටන් ගන්න කොට තිබ්බයි කියන අදහස හරිම වැදගත් එකක්. මේ තරං දුර එන්න ඒ හැගීම තමා බලවත් වෙන්න ඇත්තේ.. මට හිතෙන විදිය..

    ReplyDelete
    Replies
    1. // මේ තරං දුර එන්න//
      හෙක්...... හෙක්.... හෙක්........ මේ අපි(ඇනෝලා) නැත්තම් කොරයි කකා...... අපි තමා මේ බ්ලොග් එක ඇදන් ගියේ..... කකා කරේ පෝස්ට් දාන එක විතරයි....

      Delete
    2. ඔව් නේන්නං මම ඇනෝ තුමාලට අසාධාරණයක් කරාද මන්ද?

      Delete
    3. HARIYATA HARI MACHO

      Delete
  8. උඩ තියෙන ඔක්කොම් හොරෙන් අරගෙනද?

    ReplyDelete
  9. ජයසේන බොරු කාරයෙක් වගේ මටනම් පේන්නෙ.....ජයසේනට ගීත රචනය ගැන අල්ප මාත්‍රික හරි දැනුමක් තිබ්බනම් කියන්න තිබුනෙ මෙහෙමයි.....

    "මං ඔහේ ගේ ඉන්ටර්නෙට් සයිට් එක බැලුවා!"
    මොන ජරාවල්ද අයිසෙ ඒ..... තමුසෙට සින්දු ලියන්න බෑ..... අල්ලලා දාලා දන්න කියන රස්සාව කරගෙන ඉන්නවා..... නිකමටවත් මේවාට තනු දාලා ගායනා කරන්නනම් එපා..... එහෙම කරොත් ලෝක ඉතිහාසෙ පුරාවටම සංගීතයට වෙච්ච මහා අපරාදයක් වෙනවා...... ෂික්... මෙලෝකෙ රහක් නෑ....

    .............................................................................................

    එදා ජයසේන එහෙම නොකියුව එක ලොකු අතපසුවීමක්.....
    ඇත්තටම ඒක දෙවනි වෙන්නෙ එදා ලොව්තුරා බුදුරජානන් වහන්සේ ගෙන් ආයු සංස්කාර අත් හරින්න එපා... ලෝකවාසීන්ගේ හිතසුව පිණිස චිරාත් කාලයක් වැඩ වසන්න කියලා ඉල්ලන්න ආනන්ද තෙරුන්ට වෙච්ච අතපසුවීමට පමණමයි..........

    ඒක නිසා පිංවත..... මේ අද... වසරේ මුල්ම අමාවක පොහෝ දිනයේ සකල ලෝක වාසී සංගීතකාමී ජනතාතාව වෙනුවෙන් නැවත මෙවැනි අජ, චා, ජී..... සිංදු නිර්මාණය නොකරන මෙන් අපි සැම ඉල්ලා සිටිනවා....

    ReplyDelete
  10. 'දිනෙක මතුදා' සින්දුව නම් හිතට ඇල්ලුවා.
    'රෝස මලේ නුඹ නාඩන්නේ' සින්දුව මෙතනත් තියෙනවා කකා.

    ReplyDelete
  11. කකා පොරක් බව පිළි නොගෙන තවදුරටත් සිටිය නොහැකිය. ඇනෝ කමෙන්ට් දාන අයටත් (හෙනහුරා යනුවෙන් කමෙන්ට් කරන්නේ කකාම බව හෝ එවැනි ප්‍රලාපයක් කියා ස්වයං වින්දනයක් ලබනු හැර) කකා යනු පොරක් බව පිළිගැනීමට සිදු වනු ඇත.

    පදමාලා හොරෙන් අරගෙන ගීත බවට පත් කළාම ගීත රචකයා ඇනොනිමස් කියලද දාන්නෙ?

    ReplyDelete
  12. දිනෙක මතුදා බලද්දි හිනා ගියා බොලව්.. ගිතය හොදා.. යටින් දාන ඉංගිරිසි ලිරික්ස් වල,

    “ලොවේ - LOVE “ කියල වැටුන මම බැලුව මේ අහවල් එකක්ද කියන්නෙ කියල..

    ජයසේන කියූ දේ වෙලා - කකා පැතූ දේ වෙලා..

    ජය !!

    ReplyDelete
  13. සිංදු ටික ඔක්කොම වගේ ලස්සනයි. ඒත් මම නම් ආසම 'දිනෙක මතුදා ' කියන සිංදුවට. ඒකේ සංගීතයත් ලස්සනයි...:)

    කතනදර මාර දක්ෂයෙක්නේ. කතන්දර කියනවා. ගී ලියනවා. කවි ලියනවා. උයනවා. එලවලු වවනවා. මේ වගේ පිරිමි අය ගොඩක් අඩු ඇතිනේද? :D

    ReplyDelete
    Replies
    1. MEYATA ADU PIRIMI ANGAK WITHRAI.

      Delete
  14. ෂා....අයියත් හිතලා තියෙන්නේ මං දැනට ටික කාලෙකට කලින් හිතපු විදියට....
    //ඒකම නේන්නං මට ඕනෑ කරන්නේත්! කවුරු හරි හොරෙන් අරගෙන හරි ඒවා සින්දු විදියට කියනවා නං කොච්චර දෙයක්ද?"//
    දැන් නම් හැබැයි මම ඒ මානසිකත්වයෙන් මිදිලා.
    අයියා බොහොම හොඳ නිර්මාණකරුවෙක්. ජයවේවා...!!!

    ReplyDelete
  15. @PK, මොනවද අඩු ඒ අයගෙ?

    ReplyDelete
    Replies
    1. මේ අහලා තියෙන්නේ මගෙන්ද? මම කීවේ ගොඩක් පිරිමින්ට ඒ වැඩ හැම දෙයක්ම කරන්ට බැරි එකයි. මම දන්න සමහර අය ගෙදර ඇවිත් ටීවී බලලා කාලා, ඇඳට යන අය. එයාලට වැඩට ගිහින් ඇවිත් මහන්සියි. ඒත් වැඩට යන ගෑනු උදවිය වැඩ කරලා ඇවිත් ගෙදර වැඩත් ඔක්කොම කරනවා...සමහර පිරිමි අය නම් උයනවා. මල් වවනවා. ඒත් ඔය කියලා තියෙන දේවල් ඔක්කොම කරන්නේ නෑ. සිංදු ලියන අය නම් ඇත්තෙම නෑ.:D

      ඔයා කොහොමද කියලා මම දන්නේ නෑ. තරහා වෙන්ට එපා ඉතින්...:)

      Delete
    2. මලුත් වවන්න ඕනෙද? :-)

      Delete
  16. හතදෙයියනේ කතන්දර කාරයගෙ ලිරික්ස් අර රසික සූරියාරච්චි කියන මනුස්සය හොරකම් කරගෙන නේද ඈ :D

    ReplyDelete
  17. කකාට සුබ පැතුම්. කකාට මෙහෙ ඉන්නට තිබ්බේ දැන්ය .එහෙනම් සුපර්ස්ටාර්ලා පෝලිමේ එයිය. කොහොම වුනත් මමත් කැමතිම සින්දුව නම් දිනෙක මතුදා සින්දුවම තමයි. ඉස්සර දවසක ගීතයටත් කැමතියි . ජයෙන් ජය කකා.

    ReplyDelete
  18. FRIENDS, IF YOU WANT TO LISTEN TO SINHALA , AND HINDI SONGS, PLEASE GO TO THE FOLLOWING SITES:
    1. VIJITHAYA. COM.
    2. MEEMESSA.COM.
    3. HINDI GEET MALA ETC.

    WHY WASTE YOUR TIME BY CREEPING TO THIS TOILET.

    ReplyDelete
    Replies
    1. ඇනෝ අංකල් කකාට කෙලින්න ගියහම නප්පියටම කෙලිනවා නෙහ් !!

      සුබ අළුත් අවුරුද්දක් වේවා ඇනෝ අන්කල් !

      Delete
    2. HAPPY NEW YEAR 2 U, MADURANGA.

      Delete
    3. උත්ප්‍රාසය හලෝ උත්ප්‍රාසය ... ඕක වත් දන්නෙ නැද්ද... කකා කියන්න තටමල තියෙන්නෙත් 1.44 pm ඇනෝ කියන දේම තමයි. හැබැයි වෙනත් විදියකින්.

      Delete
  19. නියම සිංදු ටිකක් කලා... සිංදු ඔක්කොම ඇහුවා... අපොයි බයිට් කියලා හිතුනෙම නෑ. එක සිංදුවක් මෙගාබයිට් 30 වාගේ සයිස්. අවුලක් නෑ.. අපිට ඉන්ටර්නෙට් නොමිලේනේ..

    දැං නම් මට සනීපෙට බොක යනවා කකා. කකාට පින් !
    මගේ මල බද්ධය සුවයි කකා !

    ReplyDelete
    Replies
    1. මටත් ඊයෙ ඔෆිස් එකේ මළ ජරාව ගිලලා බඩ අවුල් වෙලා තිබුනෙ.... මේ සින්දු ටික ඇහුවා විතරයි ඔක්කොම ෆ්ලශ් වෙලා ගියා..... මේ පෝස්ට් එක මම බුක් මාක් කරගත්තා බඩ විරේක ඕනි වෙලාවට බලන්න....

      Delete
    2. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  20. චැහ් !!

    අපේ කකාට අපි සලකනව මදිනේ !!

    අපූරු සිංදු ටික කකා !!

    සමන් ජයනාත් විදේශයකද ඉන්නේ ?? පේන්න නෑනෙ.

    ReplyDelete
  21. අපේ කකාට දැං

    " ප්‍රවීණ ගීත රචක / කලාකරු "

    කෑල්ල මුලට දාගන්න පුලුවන්නෙ , !!

    එක සිංදුවක් ලියපු අය දාගන්නවනං කකා දාගත්තම හෙන ගහනවද ?? ඔය තියෙන්නෙ සිංදු පෝලිමක් !!!


    ReplyDelete
  22. දිනෙක මතු දා සිංදුව විතරයි ඇහුවේ මොබිටෙල් ඩේලි ඩිලයිට් වලින් සෑහෙන ප්‍රමාණයක් ඒකට ගියා.. අයියෝ සුපියල් 20 !!!!
    ඒ සිංදුව නං ලස්සනයි කකා.
    අනිත් ටික අහන්න බයිට් ටිකක් එවන්ඩ කකා !

    ------------------------------------------------
    ඩේලි ඩිලයිට් දවසක ඩේටා සැලැස්මක් රුපියල් 20ක් පමණයි !!
    ඔබට මෙගාබයිට් 100ක් හිමිවේ
    ක්‍රියාත්මක කර ගැනීමට D20 ලෙස ටයිප් කර 7678 ඇස් ඇම් ඇස් කරන්න !

    මොබිටෙල්.
    වී කෙයාර් ඕල්වේස් !

    මෙය මුදල් ගෙවා පල කල දැන්වීමකි.

    ReplyDelete
  23. ජයසේන කිව්වා හරි නේන්නම්...කශූගේ සින්දු ටික සේරම හොරකං කොරලා රසික සූරියාරච්චි කියන මනුස්සයා..තට්ටෙ පලන්නයි වටින්නෙ අහු උනොත් එහෙම !
    සින්දු ටික බා ගත්තා නිවී හැනහිල්ලෙ අහන්නම්කො..

    ReplyDelete
  24. JAYASENA, KIWWE, RITIGALA JAYASENADA?

    ReplyDelete
  25. ජයසේන එහෙම කිව්වෙ අවංකවමයි,
    මිනිහ දැකල තියෙනවා මේ ගීත වලට හොද අනාගතයක් තියෙන බව.
    ලස්සන සිංදුටික,
    ජයවේවා!!

    ReplyDelete
  26. නියමයි කාකා තුමණි. ඔයානම් හරිම දක්ෂයෙක්,,ලොවෙන් එකෙක් දෙක තුනකට නෙමේ කිපයකට වෙයි සමත කියලා .මාත් ඔයා වගේ හොදට උයන්න පුළුවන් කෙනෙක් තමයි කවදාහරි මැරී කරන්නේ හි හි ;)

    ReplyDelete
    Replies
    1. මම ඔයාට හැමදාම උයල දෙන්නම් පැටියෝ...
      උයල,අනල අතිනුත් කවන්නම් මණික..

      Delete
    2. හි හි අනේ මන්දා ඇනෝ ඔහොම කියන සුන්දර හිත් තියෙන අනෝලමනේ කුණුහබ්බ කියලා බයින්නෙ ඉදගෙන එතකොත නම් දුකයි

      Delete
  27. ඒ කියන්නේ නිර්මාණ අන්තර්ජාලේ දාන එකේ පොඩි වාසියකුත් තියෙනවා එහෙනම්..

    ReplyDelete
  28. මොනවා කරන්නද අපි දුප්පත් ඉගෙන ගන්න ශිෂ්‍යයෝ නොවැ. ලිමිට් එක පැනලා හින්දා බ්ලොග් කියවන්න විතරයි පුළුවන්. සින්දු ටික අහන්න 5 වෙනිදා වෙනකල් ඉන්න වෙනවා. නැතිනම් ලැප් එකත් අරන් කැම්පස් එකට යන්න වෙනවා

    ReplyDelete
  29. තමන් ගෙ වැඩකට වෙන කෙනෙක් නම දා ගන්නකොට දුක හිතෙන එක සාධාරණ යි. මොකද ඉතින් අපි රහත් වෙලා නෑ නේ. ඒත් ඉතින් දැන් අලුත් නිර්මාණ කරමු නේද?

    ReplyDelete
  30. කකා එක පැත්තකින් සාර්ථකයි ,

    ReplyDelete
  31. මිනිස්සු වැඩියෙන් කැමති තමන්ගේ නිර්මානයටයි අනුන්ගෙ ගෑනුන්ටයි

    ReplyDelete
  32. අපි නම් කොහොමත් කකා වැඩකරු කියලා දැනගෙන හිටියනේ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.