
බ්ලොග් අවකාශයට ලඟදි එකතු වුනු අනේවාසිකයා ගේ අඩවියේ පලවුණු ධර්ම දූත සේවය හොඳ නං මිෂනාරි වැඩ නරක ඇයි? කියන ලිපිය කියවපු වෙලේ මට මතක් වුනා හොඳ කතන්දරයක්.
මෙන්න අහගන්නකෝ!
දවසක් අපි යාළුවො කීප දෙනෙක් එකතු වෙලා පොඩි සාදයක් තිබුණු වෙලාවක ඔන්න මං දැක්ක එතන හිටපු කාන්තාවො කීප දෙනා එක්කහු වෙලා බර කතාවක් බව. මං ඉතිං කොහොමටත් කෝක් වානා අරක්කු ඕනා වර්ගයේ කෙනෙක් වුනත් කෝටා එක පිළිබද පොඩි පොඩි ගැටළු තියෙන හින්ද "මධ්‍ය ප්‍රමාණයෙන් දෂ්ඨ කරල" පැත්තක් ගහලයි හිටියෙ ඒ වෙනකොට. පාළුවටත් එක්ක මං අර මහිලා සමිතිය පැත්තට ඇදුන.
ඔන්න එතන හිටිය මයුරී ලොකූ කතාවක්.
"ඉතිං අනේ එයා දැන් මුළුමනින්ම ක්‍රිස්තියානි ආගමට හැරිල නෙ!" එයා හරි විස්සෝපයෙන් කතාව. "මේ සේරම පටන් අරගෙන තියෙන්නෙ නිකං පාරෙ යනකොට අඳුනන්නෙත් නැති එක්කෙනෙක් එක්ක කතා කරල, ඊට පස්සෙ කතාවට වැටිල, හිතවත් වෙලා, ගෙදරත් ඇවිල්ල. අන්තිමේදි ආගමත් මාරු කරල. හිතන්න පුළුවන් ද අනේ?"
මට තේරුණා මේ මොකක්ද කතාබහ යන මාතෘකාව කියල.
"මාත් අහල තියෙනව ඔය විදියම කතාවක් ආගම මාරු කරපු එකක් ගැන" මං කිව්ව.
හැමෝම දැං මා දිහා බලාගෙන.
"ඔන්න මේ කියන මනුස්සය එක දවසක් අනුරාධපුර පැත්තෙ කැලෑ පාරක යනකොට කවුද කතා කළා ලු නමෙන් ම තිස්ස තිස්ස කියල".
"ඉතිං?"
"ඉතිං තමා, එතන එදා කතාව ඉවරවෙලා තියෙන්නෙම මේ මනුස්සය විතරක් නෙමේ එයා දන්න අඳුණන හැම දෙනාම ඒ ආගමට හැරිලයි".
"ආනේ!" මයුරි ඇස් දෙකත් ලොකු කරගෙන පුදුමෙන් වගේ. "කවුද අනේ ඔය තිස්ස කියන්නෙ, කොහේ කෙනෙක්ද ඔය ඔයාගෙ යාළුව?"
"මගෙ යාළුවෙක් නං නෙමේ, මේක මාත් තුන් හතර පාරක් ම අහල තියෙන මේ පරණ කතාවක්".
"මං නං ඔය කතාව ඇහුවෙම මේ අදයි".
"වෙන්න බෑ, ඇයි ඔයා තුනේ පන්තියෙදි බුද්ධාගම ඉගෙන ගත්තෙ නැද්ද?"
කතාව තේරුණු වනිතා පක්‍ෂය ලාමක කිචි බිචියක් පටන් ගත්ත. මයුරි ගෙ අතේ තිබුණු වඩේ එකෙන් ඔගෙ මුණට දමල ගහන්න කලින් මං එතනින් මාරු වුනා.
කතන්දරකාරයා
තිස්ස ගැන කතා ගොඩක් තියෙනවා. ඉස්සර අපි මහ රෑ ගෙවල් වලට කෝල් කරල "මම තිස්ස, අපේ මුවා එහෙම ඔය පැත්තේ ආවද" කියල අහනවා.
ReplyDeleteApi ita passe a number ekatama kathakarala kiyanawa "hello mama me muwa kathakaranne thissa ehema mama ahuwoth ne kiyanna " kiyala...
DeleteLOL.. :D
ReplyDeleteමරු කතාව !!
ReplyDeleteගුටි නොකා බේරුනානෙ නේද? එහෙනම් කමක් නැහැ. මයුරිට පොළොව පලාගෙන යන්න හිතෙන්න ඇති... :P
ReplyDeleteතිස්ස ගෙ ආගම් මාරුව ගැන මතක් කරද්දි මට මතක් වෙන්නෙ
ReplyDelete" හෙලො ඔහෙට මුවෙක් ආවෙ නැද්ද මම තිස්ස කතා කරන්නෙ "
මරුම කතාව ඒක.....
ReplyDeleteබලනකොට රජ්ජුරුවොත් කරලා තියෙන්නෙ ක්ෂණික ආගම් මාරුවක්නෙ....
බි.පෙ.සි. නියම කතාව =))
ReplyDeleteදැන් කාලේ නම් මෙහෙම ලේසියෙන් ආගම මාරු වෙන්නේ නෑ
ReplyDelete/බිඟුවා...!
බුහාහාහාහ්!!! ඒක නම් මරු..!!!
ReplyDeleteගත යුත්තකුත් තියනවා!
ReplyDeleteඅම්මපා හැබෑව නේන්නම්....
ReplyDeleteනියම කතාව.
ReplyDelete:D
ඇත්ත තමයි......
ReplyDeleteනියමයි
ඔය කටේ මසුරන් දාල තව දෙදාහේ නොට්ටුත් දාන්න වටිනවා. පුතා තමයි direct කරේ මේකට....
ReplyDeleteසෑහෙන ටියුබ් ලයිට් සෙට් එකක්නේ අප්පා...!!
ReplyDeleteකොහොම හරි ගුටි කන්න කලින් මාරු උනා මදැයි...
දේවානම්පියතිස්ස රජතුමා ආගම වෙනස් කලා නම් වෙනස් කරන්න කලින් අදහපු ආගමක් තියෙන්න එපැයි.ඒ ආගම මොකක්ද?
ReplyDeleteඒක විජයගේ ආගම හෝ පඬු අබා ගේ ආගම වෙන්න ඕනෑ නේද?
Deleteපඬු අබා නම් කාලවේල ලා අදහන බවකුයි දැක්කේ ජැකෝනිස් ගේ සිත්තරේ.
ඔව්.ඉතිහාසයට ඉගෙන ගෙන තියෙන විදියට නම් මහින්දාගමනයට පෙර ලංකාවේ සංවිධානාත්මක ආගමක් තිබිල නෑ.(අසංවිධානාත්මකව මළවුන් ගස්ගල් ඇදහනවා හැර).නමුත් බෞද්ධයෝ නම් ඉදල තියෙනවා.තපස්සු භල්ලුක වෙලඳ දෙබෑයන් ලාංකිකයන් කියලනේ කියන්නේ.මේවන විට ඔවුන් වන්දනාමාන කිරීම සඳහා ත්‍රිකුණාමලයේ ගිරිහඬු සැය පවා ඉදිකර තිබුණා ජීවමාන බුදුන්වහන්සේ ගේ කේෂ ධාතු නිදන් කරලා.
Deleteඑළ!
ReplyDeleteමරු කතාවක් අම්මප ඒ කාලෙ ඔක්කොම ඔය එකම ෆන් එක අරන් තියෙනව නේද? අපිත් ඒකාලෙ ෆෝන් එකේ සල්ලි වැඩියෙන් තිබුනොත් මොකක් හරි නම්බරේකට කෝල් කරලා මුවා හොයනවා අෆ්ෆා...
ReplyDelete