Tuesday 21 January 2014

පිස්සන් කොටුවට ගිය සාදු සහ හිරගෙදරට ගිය සාදු - All in a days work!


මේ එක කතන්දරයක් නොවෙයි, කතන්දර දෙකක්. ඒ කියන්නේ ඔය පිස්සන් කොටුවට ගිය සාදු නොවෙයි දෙවෙනියට තියෙන හිරේට ගිය කතන්දරේ ඉන්නේ.

මේ දෙකම "ඒවං මේ සුතං" කතන්දර.

මුලින්ම කියන්නම් පිස්සන් කොටුවට ගිය සාදු ගේ කතන්දරේ. මේක හුඟ දෙනෙක් අහලා තියෙන එකක් නිසා මෙන්න ඉතා කෙටියෙන්.

ඔන්න එක දවසක් හාමුදුරුනමක් ගියාලු පිස්සන් කොටුවට බණක් කියන්න.

මුලින්ම තියෙන්නේ පන්සිල් දෙන එකනේ.

ඔන්න දැන් සාදු නමස්කාරය කියන්න කියලා, ටිකක් වෙලා ඉඳලා තිසරණය කියන්න පටන් ගත්තලු.

බුද්ධං සරණං ගච්ඡාමී

සාමාන්‍යයෙන් නමස්කාරය කියන්නේ ඉතා හෙමින් වුණාට අපි පිස්සෝ හැමෝම වගේ පුරුදු වෙලා ඉන්නේ තිසරණය සහ පන්සිල් සද්දෙ දාලා කියන්න නේ.

නමුත් මෙතන පිස්සන්ගෙන් කිසිම සද්දයක් නෑ ලු.

හාමුදුරුවෝ කෝකටත් කියලා ආපහු කිව්වා ලු.

බුද්ධං සරණං ගච්ඡාමී

පිස්සෝ ඒත් නිහඬයි ලු.

හාමුදුරුවෝ හෙමිහිට කිව්වා ලු, "පින්වතුනි මා කියන තුන් සරණය ඔබත් කියන්න" කියලා.

"සාදු කියන්න, සාදු කියන්න" එක පිස්සෙක් කිව්වා ලු.

මේ ඉතිං පිස්සං කොටුවක් නේ. ඉතිං හාමුදුරුවෝ දෙවෙනි පදේ කිව්වාලු.

ධම්මං සරණං ගච්ඡාමී

පිස්සෝ ඒක කියන පාටක් නෑ.

එකෙක් අතින් සංඥාවක් දාලා කිව්වාලු "සාදු කියන්න, සාදු කියන්න, ඔහොම යං, ඔහොම යං!" කියලා.

ඉතිං මොනවා කරන්නද? හාමුදුරුවෝ තුන්වෙනි පදෙත් කිව්වා ලු.

සංඝං සරණං ගච්ඡාමී

ඔන්න ඒක කියලා ඉවර වෙනකොටම මුලු පිස්සන් කොටුවම යුනිසන් කෑ ගහලා කියන්න පටන් ගත්තලු මෙහෙම.

ඔබෙ රාගී මන කැළබෙයි දෝ
ක්ලේශයෙ ඕඝයෙ නෑවේදෝ
ඔබ රාගී මන කැළඹෙයි දෝ
පිරිසිදු හදවත පෑරේ දෝ
එම විට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමී
එමවිට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමී
බුද්ධං සරණං ගච්ඡාමී
ධම්මං සරණං ගච්ඡාමී
සංඝං සරණං ගච්ඡාමී


බලාගෙන ගියාම මේ පිස්සෝ සේරම මොහිදීන් බෙග් ගේ හොඳ රසිකයෝ!



වෙසක් කාළෙට හෙම මේ සින්දුව කොච්චර අහලා තිබුණත්, ඔය උඩින් තියෙන වීඩියෝ එක බලනකොට නං ඇඬෙනවා. විනාඩි නමයක් තියෙනවා නම් "බලන්න"!

-කතන්දරකාරයා

ප/ලි
අද වෙලාව මදි හිරගෙදරට ගිය සාදු ගැන ලියන්න. ඒක හෙට!

(image: http://www.freewebs.com/monkmania10/themonkmuesum.htm)

77 comments:

  1. Kaka, What do you think about Kenji's incident?
    I see something strange there.

    ReplyDelete
    Replies
    1. කෙන්ජයියත් දිල් අක්කා වගේම............හෙහ් හෙහ්

      Delete
    2. දැන් කෙන්ජිට සල්ලි එහෙම යවපු අය අත උස්සන්න..... ටිකක් උඩ පැනලා අත උස්සන්න

      Delete
    3. කෙන්ජි යනු සැඟවුණු චරිතයකි. ඒ චරිතය පිටුපස සිටියේ කවුද කියා නොදනිමි.

      ඔහුට හදිසි අනතුරක් සිදුවී ඇති බව සැලවී ඇත.

      Delete
    4. සුරාවෙහි ඇති අගයත්
      එහි ඇති මනා ගුණයත්
      බොන පුඟුලෝ දනිත්
      නොබොන අනුවන දනෝ නොදනිත්
      නේද කකා ?

      චියර්ස්
      කෙන්ජිට ඉක්මන් සුව. තුච්ච මත් පැන් භාවිතය මේ නිසාවත් අත හැරේවා !

      Delete
    5. ඔව්, ඔව්, ඔව්, ඔව්, ඔව්! නෑ, නෑ, නෑ, නෑ, නෑ!!
      http://kathandara.blogspot.com/2009/11/blog-post.html

      Delete
  2. What's going on with that so called Kenji @ ජපන් ?

    ReplyDelete
    Replies
    1. කෙන්ජි චරිතය නිර්මාණය කර පවත්වාගෙන ගිය හිතවතාට හදිසි අනතුරක් සිදුවෙලාලු!
      http://kenjij1.blogspot.com/2014/01/blog-post_19.html

      Delete
  3. විඩියෝව පසුවට බලමු !

    ReplyDelete
    Replies
    1. පවුලේ වීඩියෝ තියෙනවානේ බලන්න නේද?

      Delete
    2. සමාවෙන්න. මං වැරදි වීඩියෝ එකනේ දාලා තියෙන්නේ.

      දැන් හරිගැස්සුවා. මෙන්න සබැඳිය.
      http://www.youtube.com/watch?v=SddhiWIlIvc

      Delete
  4. අප්පෝ පිස්සො ගැන ලියන්ඩ එපා ප්‍රදීප් බනී

    ReplyDelete
    Replies
    1. අටමා ගැන ලියනකොට මොකද ප්‍රදීප් බනින්නෙ?

      Delete
    2. කවුද බොලේ මේ ප්‍රදීප්?

      Delete
    3. ප්‍රදීප් කියලා මෙතන කියනවා ඇත්තේ අංගොඩ රෝහලේ වැඩකරන වෘතීය චිකිත්සක කෙනෙක් වන ප්‍රදීප් චන්දන ගුනරත්න මහතා වෙන්න ඕන

      Delete
    4. ප්‍රදීප් චන්දන ගුනරත්න කියන කෙනා දොස්තර කෙනෙක් ලෙස පෙනී සිටින බවට ආරන්චියි.ඔකියුපේශනල් තෙරපිස්ට් මානසික වයිද්‍ය වරයා කියන දෙය ලෙඩාට කතාකොට කියන පුද්ගලයාය.ස්පීච් තෙරපිස්ට් කියන්නේ ඩොක්ටර් කියන ආකරයට කතා පුහුනුව දෙන කෙනාය.ෆිසියො තෙර්පිස්ට් කියන්නේ ඩොක්ටර් ලෙඩේ හොයාගෙන නියම කරන ව්යායාමය ලෙඩාට ලබා දෙන කෙනාය.ලේ බලන කෙනා,එක්ස්‍රේ ගන්න කෙනා වගේම මොවුන් අතුරු වයිද්ය සේවාවට අයත් අය වෙති.ඩොක්ටර්ස්ලා නොවෙති.එහෙත් මා දුටු පොදු කරුනක් වන්නේ මොවුන් බොහෝ දෙනෙක් සමාජයේදී තමන් දොස්තරලා ලෙස හැඟවීමට උත්සාහ දරන බවයි.ලංකාවේ මිනිස්ස්සු එතරම් මේවා ගැන නොදන්නා බව මේ කමෙන්ට්ස් වලිනුත් පැහැදිලි වෙයි.

      Delete
  5. THIS IS A DAN SAN SONG?
    MOHIDEEN BEG 'S FANS ARE LUNATICS?

    ReplyDelete
  6. මේක අහනකොට, ඩ්‍රම් පාරට නම් මාර බුද්ධාලම්බන ප්‍රීතියක් එන්නේ.... සිම්බල් එකට චෑස් ගාලා වැදෙනකොට නම් මට 'සාදු' කියලත් කියවුණා.

    ReplyDelete
    Replies
    1. තිත් දෙකයි කැපිටල් ඩී!

      Delete
    2. Thisaragen hera wena kaagen dhakinnadha me wage comment ekak
      :-)

      Delete
    3. අහන්න නොවෙයි මං කිව්වේ පුළුවනි නම් "බලන්න" කියලයි. මියුසික් මුල හරිය චා වුනාට පස්සේ ගානක් නැතුව යනවා.

      මේකට දාලා තියෙන ෆොටෝ ටික ආතල්.

      Delete
    4. සමාවෙන්න. මං වැරදි වීඩියෝ එකනේ දාලා තියෙන්නේ.

      දැන් හරිගැස්සුවා. මෙන්න සබැඳිය.
      http://www.youtube.com/watch?v=SddhiWIlIvc

      Delete
  7. ආ. කලින්ම කිව්ව ඔය වගේ දෙක තුනක්ම..

    පිස්සු කතා

    ReplyDelete
    Replies
    1. මේ "ලූ" කතාව මගේ පෙරකෑමට ලියපු එක. කියන්න ගිය කතාව ලියා ගන්න වෙලාව මදිවුණා!

      Delete
  8. සිංහලෙන් තියන දිගම සින්දුවද මේක?

    ReplyDelete
    Replies
    1. චිත්තරපටියක එකක් නේද? මං හිතන්නේ "අංගුලිමාල" ද කොහෙද?

      Delete
  9. කකා බ්ලොග් රෝලෙ ෂෝ ඕල් බටන් එක වැඩ නෑ.....

    ReplyDelete
    Replies
    1. මටත් තේරුණා. හොයලා බලන්නම්! ස්තුතියි.

      Delete
  10. මේවටත් බොදු බලෙන් කචල් දැම්ම නේද හම්බයෝන්ගේ සින්දු අහනවා කියලා....

    ReplyDelete
  11. මේ කතාව පොඩි කාලෙදී අහල තිබුණා..

    මේ ඒ කතාව එක්ක තිබුණ තව කතාවක් ..

    ඔන්න සන්ගිතය උගන්වන්න පොඩි ටිචර් කෙනෙක් පන්තියකට ගියාලු
    කොම හරි ඔන්න ළමයි අපි එහෙනම් පාඩම පටන් ගමු ,
    මම පලවෙනි පදය කියන්නම් ඊළඟ එවා ඔයලා තාලේට ගයනා කරන්න කිව්වාලු ..
    ඔන්න ටිචර් සර්පිනාව පොඩ්ඩක් වනලා ගන්නකොටම හුනෙක් වැටුණාලු එක උඩට ,
    එතකොටම පොඩි ටිචර් ""ඊ....යා '' කිව්වාලු ..
    ළමයි ටික එතකොටම ,,
    මර මර කොටා දමන්නා ,
    විල් බදුනා රිලා මොටයා කොටා.....

    ඔන්න ඔහොම වැඩෙ පටන් ගත්තාලු ...

    ReplyDelete
    Replies
    1. නියම කතාව.

      මට නං ඒ එක වචනයක්වත් තේරෙන්නේ නෑ ඔය සින්දුව කීප පාරක්ම අහලා තිබුණත්!

      Delete
    2. බොරු එපා සහෝ, ඔහේට දමඤ්ඤා කියලා ලියාගන්න අකුරු දන්නේ නෑ නේද? එහෙම නැත්තං පොඩි එවුන් ඒ අකුරු දන්නේ නැති බව පෙන්නන්නද සින්දුව එතැනින් නැවැත්තුවේ?

      Delete
    3. බොරු එපා සහෝ, ඔහේට දමඤ්ඤා කියලා ලියාගන්න අකුරු දන්නේ නෑ නේද/////
      දන්නෙ නෑ කකා නිකන් පච වෙන්නෙ නැතිව එතනින් කොටන එක නැවැත්තුවා ,මොකටද ඇදගෙන නාන්නෙ ................හැක් හැක්

      Delete
    4. සන්ගිතය/////
      කකා මෙක දැක්කෙ නැතෙයි ,මට තවම හෙලකුරු බෑ ,මම තවම ඉගෙන ගන්නවා ...වැඩි කල් නෑ ..

      Delete
  12. මට තිබෙන ප්‍රශ්නෙ මේකයි.මොහිදීන් බෙග් ඔය ගීත ගයන කාලෙ ඕවගෙන් ආගමට අපහාසයක් වෙනව කියල ගෝරි දාන්න බල සේනා එහෙම හිටියෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. බෙග් ගේ අමුදු බුද්ධාලම්භන ප්‍රීතියකට කියපු සින්දුවක් නොවෙයි. මුල දවස්වල ඉඳලාම මාකට් එක තිබුණා මේ වගේ සින්දුවලට. ඒඑම්යු රාජ්, කරීම් ලා වගේ අයත් කිව්වේම බොදු බැති ගී තමයි!
      http://kathandara.blogspot.com/2012/02/what-happened-to-mohideen-beig.html

      Delete
  13. සම්පූර්ණ සින්දුවම ඇහුවා.ඕක කරපු එකා ඒ වැයකරපු වෙලාවේ නිදා ගත්තනම් ඔයිට වඩා දහස් ගුණයක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. අහන්න නොවෙයි මං කිව්වේ පුළුවනි නම් බලන්න කියලයි. මියුසික් මුල හරිය චා වුනාට පස්සේ ගානක් නැතුව යනවා.

      මේකට දාලා තියෙන ෆොටෝ ටික ආතල්.

      Delete
    2. කකා....වැරදි ලින්ක් දාල නිකන් කෑ ගහන්නෙපා හරී..

      Delete
    3. සමාවෙන්න බොස්, වැරදීම් වෙනවා, මනුස්ස ගතියනේ!

      Delete
  14. ගෙරි මස් කන කොනකපාල තම්බින් බුදු ගුණ ගයා බුද්ධාගම විනාශ කිරීම තරයේ හෙළා දකිමු. ගෙරි මස් කන ආගම් විරෝධී කකා එවැනි පිරිස් වලට ප්‍රචාරය සැපයීමද හෙළා දකිමු.

    ReplyDelete
    Replies
    1. බුදු දහමේ ආරක්ශකයෝ හරියට හෙලා දෑකීමේ ප්‍රවීනත්වයක් දරන අය වගේ? අබි දර්මෙද තියෙන්නෙ ඒක?

      Delete
    2. ඒ ගැන ප්‍රශ්න කරන "ප්‍රා ජේ" ලා ව ද හෙලා දකිමු!

      Delete
  15. කකා බ්ලොග් ලියන එකෙක් ඌට කොමෙන්ට් නැතිනිසා ලියන එක නවත්තන්න හදනවා . පොඩ්ඩක් ඌට පොඩි උපදෙසක් දෙනවද .http://nimmnaya.blogspot.com/2014/01/blog-post.html

    ReplyDelete
  16. මෝලමක් ගහනවද බෑන්ඩ් එකක් ගහනවද කියල හොයන්ඩ බෑ කකා !!! හැක්

    ReplyDelete
    Replies
    1. මියුසික් මුල හරිය චා වුනාට පස්සේ ගානක් නැතුව යනවා.

      Delete
    2. සමාවෙන්න. මං වැරදි වීඩියෝ එකනේ දාලා තියෙන්නේ.

      දැන් හරිගැස්සුවා. මෙන්න සබැඳිය.
      http://www.youtube.com/watch?v=SddhiWIlIvc

      Delete
  17. @යකා බෙග්ට මං දන්න විදිහට කචල් 1ක් දැම්ම ලංකාවෙන් දිරා මාරු වෙන්න කියල. ඒ වෙලාවෙ බෙග් මරු උත්තරයක් තමා දීල තියෙන්නෙ...
    මගෙ සිංදු තියෙන හැම කැසට් පීස් එකක්ම මට එකතු කරල දෙන්න එතකොට මං යන්නං.....
    ඔන්න ඔහොම කීවලු ඉතිං කාල වරෙන්කො... ඒව එකතු කරනව නම් බොරු නෙ ආයෙ කවුරුත් බෙග් ට කචල් නං දැම්මෙ නෑලු

    ReplyDelete
    Replies
    1. මේ කතාව කලින් අසා තිබුණේ නැ. ඒත් බෙග් ලා මුලින් සින්දු කියපු කාලේ නං තිබුණේ එල්පී තැටි හෙවත් රෙකෝර්ඩ්ස්.

      Delete
    2. ලු යන්නේන් ඉවර කරලා තියෙන්නේ ඒකයි. තමන්ට බ්ලෙම් එක එන්නේ නැති වෙන්න බොරු කීමට අනාදිමත් කාලයක් තිස්සේ භාවිතා කරපු අකුර ! :P

      Delete
    3. "ව ' දන්නවා සහ 'ගැන " අසා තියෙනවා වගේ තමයි

      Delete
    4. මං ඇත්තටම එල්පී තැටි හෙවත් රෙකෝර්ඩ්ස් ගැන අහල නෑ... මොකද මං ඒ ගැන දැනගන්න ඒ කාලෙ හිටියෙ නෑනෙ. ස්තුතියි කකා දැනුවත් කිරීමට.
      @පිල්ලිය මං ඔය කතාව කියවපු 1ක් පරණ පත්තරයකින් ටික කාලෙකට කලිං. කියවලා කාලයක් වෙන හින්ද තමා මට ප්‍රින්ටින් මිස්ටේක් 1ක් වෙලා තියෙන්නෙ. ඒත් කකා ඒ ගැන මගේ අමතක කම ගැන මාව අප්ඩේට් කලානෙ. ඔය කතාව කියල තිබුනෙ පරණ කාලෙ සැමරුම් ගැන කියපු කෙනෙක් මට එයා කව්ද කියල හරියටම මතක නැති හින්ද තමා මං ලු යන්න පාවිච්චි කලේ. ඊටත් මං අහපු කතාවක් මගෙ වගේ පළකරන්න මට කෝමත් ඕන නෑනෙ. ඒ හින්දත් ලු යන්න එතෙන්ට ගැලපෙනව. අනික මං දෙයක් ගැන කියනව නං ඒකෙ සම්පූර්ණ වගකීම මගෙ. නැත්තං ඇනෝ කෙනෙක් වගේ ඇවිත් නපුංසක පාට් 1ක් රගදක්වන්න පුලුවං නෙ
      @අපූර්වි අක්ක ඔයැයි කතාව නං මට තේරුණේ නෑ..

      Delete
  18. ඔන්න කකා කතන්දර . . ඕවා තමා ඕන . .හෙහෙ හ්හේ හ....

    බෙග් මහත්තයාගේ සින්දුවනම් පංකාදු හත හමාරයි ඔන්න හෙහෙ හෙහෙ

    ReplyDelete
    Replies
    1. නියම වචන ටික. කාගෙද මන්දා පදමාලාව.

      Delete
  19. මම නම් බෙග් මාස්ටර්ගේ සමහර සිංදු වලට කැමති නෑ. අතීතයේ පර්සියාවේ තිබ්බ කව්වාලි ගායනා මෙහේ ප්‍රචලිත කරවන්න බුදු දහම පාවිච්චි කලා කියලයි මට හිතෙන්නේ.
    මගේ පුද්ගලික අදහසක් විතරයි.

    ReplyDelete
    Replies
    1. පුද්ගලිකත්වය හරස්කරගන්න එපා ඓතිහාසික සාධක ඇති දේවල්වලට.

      ඒක පටු, නොමේරූ වැඩක්.

      ග්‍රෝ අප්!

      Delete
  20. සින්දුව අහනගමන් පෝස්ට් එකයි කොමෙන්ට් ටිකයි කියවුවේ..හිරගෙදරට ගිය හාමුදුරුවන්ගේ කතාවත් ලියන්න එපැයි අප්පා.. මියුසික් ගොඩක් ෆාස්ට් වගේ දැනුණේ..

    ReplyDelete
    Replies
    1. මේ ලිව්වේ පෙර කතාවයි. හිතන් හිතපු කතාව ලියන්න වෙලාව මදි වුණා. හෙට බලන්න.

      Delete
  21. කතාවනම් අදමයි ඇහුවේ. අච්චර ලස්සන සිංදුවක් කාලා මියුසික් බුවා. දන්සැල් ඉස්සරහ නටන එවුන් මතක් වුනා.
    පිස්සන් කොටුවේ සෙට් එකද දන්නේ නැහැ මියුසික් දුන්නේ?

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් නව රිද්ම මියුසික් එකක් දාලා පරණ කටහඬට යටින්. මියුසික් මුල හරිය චා වුනාට පස්සේ ගානක් නැතුව යනවා. මේකට දාලා තියෙන ෆොටෝ ටික ආතල්.

      Delete
    2. කකා.......ෆොටෝ තියෙන්නේ කොහෙද? ඔය පෙන්න තියෙන එකම තමයි නේ දිගටම තියෙන්නේ. මම දෙසැරයක් බැලුවා.

      Delete
    3. සමාවෙන්න. මං වැරදි වීඩියෝ එකනේ දාලා තියෙන්නේ.

      දැන් හරිගැස්සුවා. මෙන්න සබැඳිය.
      http://www.youtube.com/watch?v=SddhiWIlIvc

      Its a nice selection of photos to match the message embedded in this song.

      Delete
    4. අන්න කකා ඒක නම් නියමයි. මියුසිකුත් ටොප්. වීඩියෝ එකත් ටොපේ ටොප්. මම නම් කැමතියි!!

      Delete
  22. කතා දෙකම කියවන්න හිතගෙන හිටියේ.. අනිත් කතාවත් ඉක්මනටම ලියන්න .

    ReplyDelete
    Replies
    1. ලියන්නයි ඉන්නේ අදම. බලන්න හෙට උදේ.

      Delete
  23. සින්දුව අහලම කොමෙන්ටුවක් දමන්නම්

    ReplyDelete
    Replies
    1. කෙන්ජිට වුණා යැයි කියවෙන හදිසි රිය අනතුර ගැන ආරංචියක් නැද්ද?

      Delete
    2. මම දැන් කතා කරා කෙන්ජිට නලින් ගෙන් ලැබුණු ටෙල් නො එකෙන් ... කතාව ඇත්ත තාමත් හොස්පිටල් එකේ... එත් දැන් සැහෙන්න සුවයි කිව්වා.... හෙට ඩිස්චර්ජ් කරලා ගෙදර යනවා කිව්වා .... බ්ලොග් එකෙන් සුව පාර්ථනා කරපු හැමෝටම සිතුතියි කියන්න කිව්වා .....

      Delete
    3. හොද ආරංචියක්.
      ස්තුතියි මැලේ රාල!

      Delete
  24. ඒ වීඩියෝ එකනම් ඉවරවෙනකල් බලන්න පුළුවන් ඒ වගේම ඒක බලාගෙන ඉද්දි සින්දුව ගැන අවදානයක් නැතිවෙනවා ,thanks

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ රූප පෙල අපූරුවට පෙළගස්සවා තියනවාය කියලයි!

      Delete
  25. පිස්සො ටික පටන් ගන්න තැන වැරදියි..ඔතනදි මම අහපු පිස්සන් කොටුවෙ සෙට් එක හරි තැනින් පටාන් ගන්නවා. ඒ අය කියන්නෙ එම විට පවසනු මුවින් ඔබේ කියන තැනින්..

    ReplyDelete
  26. කතන්දර කාරයාගේ කතා සමස්තයක් ශයෙන් නියමයි.............සුපිරිම සුපිරි කතා..........

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.