Monday 13 January 2014

බ්ලොග් ලියන අය ළමයි කාලේ කළ දේවල් ලිවීම සහ ළමයි වගේ බ්ලොග් ලිවීම - Childish poems


මං මේ මුලින් කියන කතාව සිංහල බ්ලොග් ලෝකයේ වෙන සමහර වැඩ වලට සම්බන්ධ කරගන්න නම් එපා!

විටින් විට අපි කොයි කාටත් ළමා වියට යන්න හිතෙනවා. ඒ කාලේ වගේ පොඩි පොඩි දඟ වැඩ කරන්න හිතෙනවා. පල ඇති ගස්වලට ගල් ගහන්න හිතෙනවා. අපිට වඩා දක්‍ෂ අය ගැන, අපිට වඩා එක එක ගැජමැටික් තියෙන අය ගැන පොඩි ඉරිසියාවක් හිතෙනවා. දෙමව්පියෝ අපට වඩා අපේ නංගීට හෝ මල්ලීට ආදරෙයි කියා හිතෙනවා.

සමහර විට ලොකු වුණාට පස්සෙත් ඒ ළමා ගති ටික ටික එළියට එනවා.

ඒ මොනවා වුනත් ළමා කාලේ මං කරපු, අදත් මං හරිම කැමති එක දෙයක් තමයි කවි ලිවීම.

මං තුනේ පන්තියේ දී "මුහුදු වෙරළ" ගැන කවියක් ලියපු කතාව කලින් දවසක මං ලිව්වා. ඊලඟට මට මතක පහේ පන්තියේදී ලියපු සුළඟ කියන කවියයි.

එතැන ඉඳලා අවුරුදු දාසයේ දී මුල්ම පෙම් කවිය ලියන දවස වෙනකම් මං ලියපු කවි ගැන මට වැඩි මතකයන් නෑ. එහෙම වෙන්න හේතඔව තමයි කිසිම ලිඛිත සටහනක් නැතිවීම.

ඒ හින්දා තමයි මං මේ අවුරුදු පහලොවේ දී ලියපු මේ අද මං පලකරන කවිය මට උණහපුළුවාට උගේ පැටියා වටිනවා වගේම වටින්නේ.

මේ කවි හදන්න තටමන කාලේ අපි කවුරුත් කරන්නේ ඒ ඒ කාලයට අදාල මාතෘකා අරගෙන කවි ලියන්න බලෙන්ම හදන එකනේ. මොකද ලව් කරන කාලේ වගේ කවි සිතුවිලි ගලාගෙන එන්නේ නෑ නේ.

මේ කවිය මං ලියලා තියෙන්නේ ජූනි මාසේ දහ අට වෙනිදාවකයි.

හේතුව ඉතා පැහැදිලියි! ජූනි මාසේ = පොසොන්!!

පොසොන්

මරු පරදවා බුදු බව ලැබ ගත් සමිදා
දෙසු දම් ලකට ගෙන ආ හිමි මිහිදු එදා
අම්බස්තලය වෙත සපැමිණි පුන් පොහොදා
සමරමි, පොසොන් දින බැතියෙන් සිත පහදා

දඹදිව එදා රජකළ ධර්මාශෝක
පැහැදුණි බුදු දහම දැක පිරි ගුණ නේක
පතුරනු පිණිස එදහම එක් පෝ දිනක
මිහිඳු රහත් හිමි මෙලකට වැඩි සේක

සමිදුන් තතාගත සම්මා තිලෝගුරූ
බුදු හිමියන් දෙසූ දම් අම රස මියුරූ
සියළු සතුන්හට වැඩ සිදුවන අයුරූ
සිරිලක රැඳේ ඉර හඳ පවතිනා තුරූ


පහලොස් වියැති මගේ අත් අකුරින් මේ කවිය පිටපත් කර තිබූ මගේ සටහන් පොතේ පිටුවේ ඡායාරූපයක් මෙන්න.



බලන්න දැන් මගේ අත් අකුරු කොච්චර වෙනස් වෙලාද කියලා?



-කතන්දරකාරයා

ප/ලි:
අයියලාට පොසොන් සරුද?
http://kathandara.blogspot.com/2013/06/what-i-did-on-poya-day.html


http://what-buddha-said.net/gallery/index.php/Dhamma-illustrations/Poson-mihintale)

70 comments:

  1. කකා කියන්නෙ මහ අවස්ථාවාදී තට්ටයෙක්.

    ReplyDelete
    Replies
    1. අද ඔබ එක !
      මගේ සුබ පැතුම් පිලිගන්න.

      Delete
    2. සති අන්තයේ තමයි අවස්ථාවක් ලැබෙන්නේ තට්ටේ ගාන්න!

      Delete
    3. සම හරක් තට්ටෙ ගාන්නෙ සෙක්සි ලූක් එකක් ගන්න, තවත් සම හරක් තට්ටෙ ගාන්නෙ කෙස් හුඟක් ගිය ඔලු ගෙඩියෙ අඩු පාඩු මකාගන්න උපක්‍රමකයක් හැටියට. තවත් සම හරක් අනික් අය අනුකරණය කරන්න තට්ටෙ ගානාව. කකා සීය තට්ටෙ ගාන්නෙ අහවල් එහෙකටද?

      Delete
    4. හරකුන්ගේ කොණ්ඩේ තියෙනවද හලෝ තට්ටේ ගාන්න? මං නං තට්ට හරකෙක් දැකලාම නෑ.

      අපේ සියලා දෙන්නාත් තට්ටේ ගෑවේ නෑ. ඒ දවස්වල මේ තට්ට පැෂන් එක තිබුනේ යුරෝපයේ ස්කින් හෙඩ් කල්ලිවල විතරයි මගෙ හිතේ!

      Delete
  2. හෙක්.... හෙක්..... කකා වැඩිහිටි ලමා ගති එළියට එනකොට නිකන් අතකසනවා අගේ නේද?

    ReplyDelete
    Replies
    1. මගේ අදහස එතැන දක්වා ඇත.

      Delete
  3. ඒ කාලේ කකා මීට වැඩිය දස්සද මන්දා..

    ReplyDelete
    Replies
    1. හැක් ...හැක්...එල...

      Delete
    2. එදත් සූරයා, අදත් සූරයා!

      Delete
    3. පොසොන් කවිය දවස් තුනක්ම ලියපු හින්දා දස්සයෙක් කියන්න බෑ. මං කලින් එකකොට ඔය පින්තුරේ තිබ්බේ නැහැනේ කකා..

      Delete
    4. ඔව් කවියේ ෆොටෝ එක පසුව එකතු කලේ ගයිජින් සහ මහසෝන් පිල්ලිය ගේ කමෙන්ටුවලින් පසුව.

      Delete
  4. මට මගේ නොවන මගේම ළමා කාළයක් තිබුනා...

    ReplyDelete
    Replies
    1. මගේ එක නං මගේ ම යි!

      Delete
    2. මට වෙන්ඩ ඇති කියන්න අත්තේ ඉදගෙන

      Delete
  5. කකා ලෑම්මාට්ටරේ එල්ලිලා තොරං බලන්න ගියෙ නැතෙයි හීං එකා කාලෙ ???

    ReplyDelete
    Replies
    1. පුට් සයිකලෙන් ගිහිල්ල...

      Delete
    2. ඉතුරු ටික කොටු කොටු !!!

      Delete
    3. ගිහින් තියෙනවා පසු කාලේ පොලෙන්නරුවේ බැචෙකු ගේ නිවසට ගිය දවසක!

      Delete
  6. අර මුහුදු වෙරළේ කවි ටික මට හරි ලස්සණයි. :)

    ReplyDelete
    Replies
    1. සමහරු කැමතියි ළමා කවිවලට!

      Delete
  7. මේ පොසොන් මාසයද....???
    මටනම් ජුනි 30 තමයි....

    ReplyDelete
    Replies
    1. වැඩි කල් නෑ, තව මාස පහයි!

      Delete
  8. කාකාට වැරදිලාවත්ද ජනවාරියේම පොසොන් ඇවිත් තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. අප කළ ගුරුකමක් වැරදුනේ නැත!

      Delete
  9. ළමා කාලෙට වගේම අපි කකාගේ ප/ලි කෑල්ලටත් කැමතියි !

    ReplyDelete
    Replies
    1. මෙන්න හොඳ නැති "පලි" වැඩ

      1. පලි ගැසීම
      2. පලි ගැනීම
      3. හිතුණු පලියට වැඩ කිරීම
      4. පලිබෝධ නාශක පානය කිරීම

      Delete
    2. පලිබෝධ නාශක බිව්වට අපි නම් පලි නෑ...

      Delete
    3. හොඳ එකක් කටට ආවා, ඒත් ලියන්නේ නෑ!

      Delete
  10. ලස්සනයි කාකා තුමාගේ කවි ටික..
    ---සුබ අලුත් අවුරුදක් වේවා ----

    ReplyDelete
    Replies
    1. මට අර්ජුන රණතුංගත් කතා කලේ ඔබතුමා කියලා!
      http://kathandara.blogspot.com/2011/07/arjuna-ranatunge-acts-joker.html

      !!!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මගේ කිසිදු කැමැත්තක් නැත. ප්‍රතිචාරයක් දැමීමමට නමකින් ඇමතීම අවශ්‍යමද?

      Delete
    4. හා. ok

      Delete
    5. සොරි කොමෙන්ට් එක රිමු,කරලා ඊලග ටැබ් එකෙන් බලද්දී ඔබේ ප්‍රතිචාරේ දැක්කේ.

      Delete
    6. මෙන්න ඔබේ කලින් ප්‍රතිචාරය.

      අපූර්වී has left a new comment on your post "බ්ලොග් ලියන අය ළමයි කාලේ කළ දේවල් ලිවීම සහ ළමයි වග...":

      හ්ම්ම්.. ස්තුති අකැමති නොවෙන බව ඇගවීම ගැන, .........., කෙලින් නමකියන්න අපහසු පුද්ගලයන්ට මං ඒ විදියට කතා කරන්න කැමතියි ..

      Delete
    7. ඇත්තටම කියනවා නම් අද ලංකාවේ ඔය ඔබතුමා කියන වචනය හරිම බාල්දු වෙලයි තියෙන්නේ.

      ඉස්සර නං ඔහොම කතා කෙරුවේ ගරු කටයුතු හාමදුරුවරුන්ට. පස්සේ මේ පඩ දේශපාලුවන්ට උතුමාණෝ, එතුමා වගේ දෙවල් කියලා දැන් තුමා කෑල්ල මස්තබාල්දු වෙලා.

      අර්ජුන ලා වගේ දේශපාලුවෝ මා වැනි පුරවැසියන්ට ඔබතුමා කියන්නේ කිණ්ඩියටයි. ඒ ගැන කිසිම සැකක් නෑ.

      Delete
  11. මේ සාහිත්‍ය මාසේ නෙමෙයි නේද..? කතාවකුත් එක්ක දාපු නිසා අවුලක් නෑ...

    ReplyDelete
    Replies
    1. මං කවදත් ලිව්වේ කයි-කතන්දර බව අමතකද මාතලං?

      Delete
  12. කකා පොඩි සන්දි‍යේ ඉදන් දස්සයෙනෙ බොල. . .කවි ටික නම් පන්කාදුයි.ඒත් මොකටවත් ගාවන්න එපා කියල පොසොන් කවියක් දාපුවාම මොක්ක හරි ඇති කියලමනෙ හිතෙන්නෙ. .

    ReplyDelete
    Replies
    1. වෙසක් වගේ නෙමෙයි පොසොන් කිව්වාම වැඩි දෙයක් නෑ තමයි.

      Delete
  13. ප්‍රවීණ යැයි කියා ගන්නා බ්ලොග්කරුවන් ඊයෙ පෙරේදා පුංචි ළමයි වගේ මඩ ගහ ගන්නවා දැකලා ගොඩාක් කළ කිරුණා. වැඩියෙන්ම කළ කිරුණු හේතුව වෙනදා ඕවායින් ඈත් වී සිටින කකාත් මෙවර ඒකට එක් වීමයි. බ්ලොග්කරුවන්/කාරියන් මොන්ටිසෝරි වයසෙන් උඩට යන්නේම නැද්ද?

    ReplyDelete
    Replies
    1. බොහෝ දේවල් ගැන මට මගේ මතයක් ඇත. එය මගේම වන මගේ මතයකි.

      Delete
    2. මාතලන්ගෙ බ්ලොග් එකේ දාපු කමෙන්ට් එකක් ගෙඩිය පිටිම්ම ගෙනත් අතාරිනව ගැලපෙනව කියල "මට" හිතෙන හින්ද.

      //මාතලන්, බ්ලොග් ගැන කතාව හරි. මාත් එකඟයි. ඒත් අවුල තියෙන්නෙ කම්නෙට්ස් වල. ඒ කියන්නෙ බ්ලොග් ලියන කෙනා කමෙන්ට් හැන්ඩල් කරන විදිය.

      මම ලියන බ්ලොග් එකේ ඕන කෙනෙක් කියන ඕන දෙයක් දරා ගන්න පුලුවන් නම්, උපහාස චෝදනා විවෘත මනසින් අරගෙන අන්තගාමී නොවී, අපහාස නොකර උත්තර දෙන්න සූදානම් නම්, වැරදුන දෙයක් පෙන්නුවම ඒක ගැන විවෘතව කතා කරල අඩුපාඩු හදා ගන්න පුලුවන්නම් ඒක යහපත් දෙයක්.

      විශේෂයෙන් ටෙක්නිකල් ඩීටේල්ස් ගැන ලියද්දි.

      එහෙම නැතුව සීමාවක් නැතිව ලියන්න තීන නිදහස පාවිච්චි කරල "බිත්ති බඳින්න සිමෙන්ති වැලි මිශර කරන්නෙ 1;14 අනුපාතෙට කියල කවුරුහරි ලියපු ලිපියක තිබ්බොත්, ඒකට කමෙන්ට් දාන්න පහසුකම දීලත් තියෙනවනම් දන්න එකෙක්ගෙ යුතුකම තමයි "මිත්‍රය ඔබ වැරදියි ඕකෙ නිවැරදි අනුපාතය 1;6" කියල අර වැරැද්ද නිවැරදි කරන එක.

      එතකොට අර වැරදි දේ ලියපු කෙනා කියනවනම් "අනේ උඹෙ පල ඩෝ යන්න, මම මෙව්ව ඉගෙනගත්තෙ අපෙ සීයගෙන් ඌ තමයි සුද්දට බී එස් ආර් එකේ මෙව්ව ලියන්න උගැන්නුවෙත් හරිද ඩෝ පල නිකන් පීචන් නොවී,....හා දැන් බැහැපන් ගහෙන්" වගේ බජාර් එකේ බාසාවෙන් උත්තර දුන්නොත් මොකද වෙන්නෙ. අර මුලින් නිවැරදි කරන්න කිරීම දාපු එකත් බෝල්ස් ඇති එකෙනං දෙනව නේද රිටන් එක ලෙසටම.

      එකෙක් බොරු ලියනව. තව දෙතුන් දෙනෙක් ඒව බොරු කියල ලෝකෙට පෙන්නනව. කැමති අය පිළිගන්නව. බොරුකාරයගෙ මිත්‍රයො ටික "අනේ ඔයා බොරු නොකියන සත්තලන් පැටියෙක් ඔය මොකා මොනා කිව්වත්" කියල බොරුවම අහගෙන නිවන් යන්න බලනව. එච්චරයි...!

      බොරු ලියන එකාට උගෙ ලිවීමෙ අයිතිය වගේම ඒව තව එකෙකුට ඒ දේ බොරුයි කියල ලියන්නත්බ්ලොගර් අයිතිය දීල තියෙනව.

      දැන් අපි දකින සිංහල බ්ලොග් ගැටුමට හේතුව ඒකයි. ඒ කියන්නෙ ඒකත් බ්ලොග් වල ක්‍රමයෙම කොටසක්. ඒ නිසා කිසි විකෘතියක් කොහෙවත් වෙලා නෑ.

      හැබැයි කවුරුහරි කියනවනම් "ඔයා මොකටද ඉතින් එහෙ ගිහින් කමෙන්ට් දාන්නෙ" කියල, කියන්න තීන්නෙ "එයාගෙ බ්ලොග් එකේ බැනර් එකක් තිබ්බෙ නෑනෙ - කමෙන්ට් දැමීම මිතුරන්ට පමණයි" කියල. අනික එහෙම නැත්තන් එයාට තිබ්බ කමෙන්ට් මොඩරේට් කරල පිට කහන එව්ව විතරක් දාන් චූන් වෙන්න.

      ඇයි බොරුත් ලියල "මහජන අදහස්" වලට ඉඩත් දීල ඉල්ලන් කන්නෙ?//

      Delete
    3. මං නං බ්ලොග් ලියන්නේ විනෝදාංශයක් ලෙසයි. කියවන්නේ වින්දනයක් ලබා ගන්නයි.

      Delete
  14. IYA PUNCH SANDIYETH SHOAK KAI LIYALA THIYANAWA,
    EKALE LIWWE KAI THUNA THUNA DA?
    DAN NAM IYA KAI PAHA PAHA LIYANAWA.
    DAN IYA LOKUI NE,
    ME KAITH E KALE HASTHOPAK KARAME YODALA ELIYATA GATHTHADA?

    ReplyDelete
  15. ජනවාරි සිට උත්සාහ කලහොත් ජුනි මාසෙ වෙනකොට කූඩුවක් අටවගත හැක.

    කයි ලස්සනයි.

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අපි කූඩු වෙලා දැන් සෑහෙන්න කල් ;-p

      ස්තුති වේවා!

      Delete
  16. කකා දැන් ඉඳන්ම පොසොන් වලට ලැහැස්තිය වාගේ.

    ReplyDelete
  17. කතන්දරකාරයෙක් නෙවෙයි මේ කවියෙක්නේ. පස්සේ දෙන්න මාරු උනාද?

    ReplyDelete
    Replies
    1. කයිකතන්දරකාරයෙක්....

      Delete
    2. ඒ කියන්නේ දෙන්නා සමපාත වුණා!

      Delete
  18. //මං මේ මුලින් කියන කතාව සිංහල බ්ලොග් ලෝකයේ වෙන සමහර වැඩ වලට සම්බන්ධ කරගන්න නම් එපා!//
    කකා මේ කතාව ලියලා තියෙන්නේ, කලින් කතාවේ දී මහසොනා කියපු කකාට බුද්දාගම ඇලජික් කියන එකට පිළිතුරක් දෙන්න දෙන්න නොවැ. :D

    ReplyDelete
    Replies
    1. ගජිනි මම හිතන්නේ නැහැ කකා ඒක නිසා මේ කයි පද ලිව්වා කියල. කලින් ලියපු එකක් කියල කියලම තියෙනවා නෙව. නමුත් ඒක නිසා හරි/නැතා හරි මේක පලවුන එක ගැන නම් සතුටුයි. ශෝක් කයි ටික කකා. බොහොම ඉස්තුතියි ඔබට. මට කවි ඇලජික් නමුත් මේක ලියල තිබෙන සරල සුගම විලාශය හින්ද රස වින්ද.

      ප/ලි
      හොඳට හොඳයි කියනවා වගේම නරකට නරකයි කියලත් කියනවා... දෙකක් නැහැ. එහෙම නොකරන එක මහ වංක නීච වැඩක් නෙව. බුද්ධාගම ඇලජික් වීම නං ඉතිං කවියක් ලිව්වා නොලිව්ව කියල වෙනස් වෙන්නේ නැහැ. ඒක ගොඩක් දිගට කතා කලයුතු දෙයක්. දැනට නං එකට වෙලාවක් නැහැ.

      Delete
    2. තම මතය අනුව යමින් අදහස් දක්වන මහසෝනා ගැන මට ඇත්තේ ප්‍රසාදයකි.

      නමුත් මා මෙය ඒ ආකාරයට හිතා මතා ලියා පල කළ කවියක් නොවේ.

      මෙය ඇත්තටම මා අවුරුදු පහළොවේ දී ලියූ එකකි. මේ කවි ලියා තිබූ පරණ දිනපොත මා සතුව තිබුණද, මේ කියන කවියේ දිනය මා නිවරදව දුටුවේ හරියටම පෙරේදා ය. ඒ දැක මම ද පුදුමයට පත්වීමි.

      මහසෝන් පිල්ලිය සහ ගයිජින් සඳහා මගේ පහලොස් වියැති අත් අකුරින් ලියන ලද කවියේ ඡායාරූපයක් මෙයට එක් කරන්නම්!

      Delete
  19. ඔය තරම් පොඩි කාලෙදි මම කවියක් ලියනවා තියා හිතලවත් නැද්ද මන්දා.. මම ඉස්සෙල්ලම ලිවුවේ O/L කරද්දී...

    ReplyDelete
    Replies
    1. කවි ඇහුණාම, කියෙව්වාම තමයි ලියන්න හිතෙන්නේ.

      Delete
  20. නියමයිනෙ... මාත්‍රා ගණන, එළිසමය එහෙම රැකලා අගේට ලියලා තියනවා...

    ReplyDelete
    Replies
    1. පහලොස් වියැති මගේ අත් අකුරින් මේ කවිය පිටපත් කර තිබූ මගේ සටහන් පොතේ පිටුවේ ඡායාරූපයක් දැන් එකතු කළා.

      ඊයේ මේ කයි-කතන්දරය ලිවීමේ දී මා කළ සුලු සංස්කරණය දැන් ඔබට පෙනෙනවා ඇති.

      Delete
  21. මොකද ලව් කරන කාලේ වගේ කවි සිතුවිලි ගලාගෙන එන්නේ නෑ නේ.//////හැක් හැක්

    ReplyDelete
    Replies
    1. ලව් එක ඔළුවට ගහපු කාලේ එක සතියකින් කවි පොතක් ලියලා තියෙනවා!

      Delete
  22. ඔන්න ඒ කාලෙ කාකගේ කාක් අකුරු.කවි ටික ලස්සනයි.අර කවි කොලේ පොසොන් 4 කියලා තියෙන්නෙ මොකක්ද?පොසොන් ගැන මීට වඩා කවි ලිව්වද???

    ReplyDelete
    Replies
    1. කවි කියූ කුඩා දිනසටහන් පොතේ මෙය හතරවෙනි කවියයි. එකතුව 60 ක් ඇත.

      Delete
  23. අත් අකුරු වල වෙනස්වීම පැහැදිලිව පෙනෙනවා. මටනම් මේ මලදාන යතුරු පුවරු වලට හුරු වෙලා පෑනක් අතින් අරන් ලියන්න බහ අත වෙවුලනවා. අකුරු ලියන විට පටන්ගන්න තැන මතක නැහැ. කවිත් සුන්දරයි. මට ඔය හපම්කම කරන්න බැහැ.

    ReplyDelete
  24. කවි ටික ලස්සනයි... අත් අකුරු කොච්චරනම් වෙනස් වෙලාද ...

    ReplyDelete
  25. අද වගේමයි එදත් ඔය ගින්දර පහට ලියල තියෙන්නෙ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.