Friday, 19 March 2010

සාදු, සාදු, පොඩි උදව්වක් කරනවද?


දේශපාලන විද්‍යා විශේෂ උපාධිය පන්ති සාමාර්ථයක්, ඒ කියන්නෙ ක්ලාස් එකක් එක්ක පාස්වුනත්, ජොබ් කට්ටක් සෙට් වුනේ නැති නිසා ගෙදර තල බෝල, තල කැරලි හදල බයිසිකලෙන් ගිහින් තමන් ඉගෙන ගත්ත යුනිවසිටි එකේම කැන්ටින් වලට බෙදපු පොරක් ගැන රසික සූරියආරච්චි ලියපු කවිය මතකනේ.

ඔය වගේ ක්ලාස් තියෙන ග්‍රැජුවේට් ල ට ඒ කාළෙ හිටපු මන්ත්‍රීල කියල තියෙන්නෙ නං, ස්වයං රැකියාවක් හැටියට ඒ ක්ලාස් එක කරගෙන ඉන්න කියලයි, රස්සා ඉල්ලලා ආණ්ඩුවෙ ඉහමොල කන්න හදන්නෙ නැතුව.

අද කතන්දරේ ඇත්තටම ස්වයං රැකියාවක් විදියට ඒ වගෙ ක්ලාස් එකක් කරපු පොරක් ගැනයි.

පොර බ්‍රයිට. ඒ ලෙවල් විභාගෙත් ටොපේ ටොප් එකට පාස් වුණා. මැතට තමයි පොර ඉතාමත් දක්‍ෂ. අපි වගේ මැත හොර නිසා කවි කතන්දර ලිය ලියා ඉන්න පොරක් නෙමේ.

මිනිහ ටියුෂන් කරන්න පටන්ගත්තෙ කැම්පස් එකට යන්නත් කලින්. ලොකු ටියුෂන් කඩ නෙමේ, නිකං එදා වේල හම්බ වෙන, අර ගෙවල්වලට ගිහින් කරන ජාතියෙ ක්ලාස්.

ඔය අස්සෙ පොරට සෙට් වුනා පිරිවෙනක මැත්ස් ක්ලාස් එකක් කරන්නත්. මිනිහ කැම්පස් එකේ වැඩයි, ටියුෂන් වැඩයි දෙකම අපූරුවට කරගෙන ගියා අවුලක් නැතුව.

ඔන්න දවසක් පොර කැම්පස් ඉඳල ගෙදර ගිහින් පිරිවෙනට ගියා මැත ක්ලාස් එක කරන්න. ටිකක් පරක්කු වුනු හින්ද කඩිනමින් ගිහින් පොර පන්සලට ගොඩවුනේ දාඩිය දාගෙන.

නායක හාමුදුරුවො පොරව දැකල තුවායක් දීල ලිඳ ලඟට යැව්ව මූණ කට හෝඳගන්න. මෑන්ස් ඒ වැඩේ ඉවර වෙලා පන්තියට යන්න යන කොටයි දැක්කෙ කොණ්ඩෙ හොඳටම අවුල් වෙලා කියල.

ඉතිං මෙහෙම යන්න බෑනේ උගන්නන්න.

වහාම පොර ගියා නායක හාමුදුරුවන් ගෙ කාමරේ පැත්තට.

"සාදු තව උදව්වක් ඕනැ."

"මොකක්ද මහත්තයා?"

"සාදු මට පනාවක් දෙන්නකො කොණ්ඩෙ පීරගන්න."

නායක හාමුදුරුවන්ට බකස් ගාල හිනා ගියා.

"මං ලඟ කොයින්ද පනා මහත්තයො?" කියල ඇහුනමයි අපේ පොරට මතක් වුනේ හාමුදුරුවරු කොණ්ඩෙ තට්ටෙටම කොට කරල කපන බව.

නායක හාමුදුරුවො කොහොමටත් කොණ්ඩෙ බූ ගාලයි ඉන්නෙ. හරියට කතන්දරකාරයා වගේ.

ඉතිං මේ කතාවෙ අද තත්වයත් කියන්නංකො. ටියුෂන් ක්ලාස් ව්‍යාපාරයත් කරගෙන, කැම්පස් එකේ ඉගෙනීමෙ වැඩත් හොඳට කරගත්තු අපේ පොර අන්තිමේදි හොඳ "ක්ලාස්" එකක් එක්කයි විභාගෙ පාස් වුනේ.

ඒ හින්දමද කොහෙද තාමත් පොර ක්ලාස් කරන එකනං අත හැරල නෑ.

කතන්දරකාරයා

5 comments:

  1. (සංස්කරණය කරන ලද දර්ශන)
    "සාදු තව උදව්වක් ඕනැ."
    "මොකක්ද මහත්තයා?"
    "සාදු මට පනාවක් දෙන්නකො කොණ්ඩෙ පීරගන්න."
    නායක හාමුදුරුවන්ට බකස් ගාල හිනා ගියා.
    "මං ලඟ කොයින්ද පනා මහත්තයො?"
    '' අනිත් දවසේ එද්දි මතක් කරලා ජෙල් ටිකක් ගාලා කොන්ඩෙ හදං එන්ඩ. ''

    ReplyDelete
  2. "මිනිහ ටියුෂන් කරන්න පටන්ගත්තෙ කැම්පස් එකට යන්නත් කලින්. ලොකු ටියුෂන් කඩ නෙමේ, නිකං එදා වේල හම්බ වෙන, අර ගෙවල්වලට ගිහින් කරන ජාතියෙ ක්ලාස්."


    අම්මේ... හරියට මං ගැනම කීව වාගේ. මමත් එදා වේල හම්බ කර ගන්න දුර්වලම දුරවල ළමයි දෙතුන්‍ දෙනෙකුට භෞතික විද්‍යාව ඉගැන්නුවා ඒ කාලේ. කීප‍ දෙනෙකුට භෞතික විද්‍යාව මම දන්න මට්ටමටම ආව නිසා ඒව පුනරීක්ෂණ පන්ති බවට හරව ගන්න සිද්ධ වුනා. පස්සේ කිසිම පුදුමයක් නැහැ මම විශ්ව විද්‍යාලේ අවසන් වසරේ ඉන්දැද්දී ඒ ළමයි ආවා නොවැ පළමු වසරට! එතකොට ගුරුතුමා සබ්ජෙක්ට් ඇණ ගෙන ඉන්නවා දැකලා ඒ ළමයින්ට මොනවා හිතුනද දන්නේ දෙයියො තමයි!!!

    ReplyDelete
  3. @ All
    Thanks for comments

    @ Haka
    හරාකිරි කරගන්න හිතුනෙ නැද්ද?

    ReplyDelete
  4. අයියො ඔක මහ ලොකු දෙයැක්යැ කොන්ඩේ පිරන එක මොකො පන්සලේ කෙල්ලෝ ඉනවයි.

    මොනවත් නැත්නම් පොල් තෙල් ටිකක් ගාගත්තනම් වැඩේ ගොඩ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.