ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday, 1 June 2012
සුදු හාමිනේ ට මොකටද සල්ලි හෙවත් බබාලයි අම්මා ගේ අවාසනාව - Lucky child, unlucky mother!
තුනේ පන්තියේ බුද්ධාගම පොතේ කියවුණු පරිදි සිදුහත් බබා ඉපදී සුළු කලකින් බබාලයි අම්මා මිය ගියාය.
ඒ බබා ගේ අවාසනාවයි!
ඒ "බබා ගේ අවාසනාව" කතාව බුද්ධාගම පොතේ කෙලින්ම නොකියවුණද එය අප විසින් විසින් තම තම නැණ පමණින් යුතුව අවබෝධ කර ගත යුතු කාරණයකි.
අපේ පුතු පැටියා ඉපදෙන්නට සති දෙකකට කලින් එන්ඩ බබාලයි වෙන්ඩ අම්මා විරැකියාවට පත්විය. ඒ තමන් කරමින් සිටි ජොබ් කට්ටෙන් ඉල්ලා අස්වීමෙනි. එය බබා ගේ වාසනාවයි. මක්නිසාද යත් අම්මා සමග මාස දහයක්ම උදේ හවා තුරුළු වී සිටින්නට පැටියාට හැකිවීමයි.
කතන්දරහාමිනේ පුර්ණකාලීන රැකියාවකට ගියේ දරු ප්‍රසුතියෙන් මාස පහලොවක් ගතවීමෙන් පසුවය.
මංතුමා ගේ මෑණියෝ රැකියාවක් නොකළහ. සැමදා මා ද මගේ දෙබෑයන් ද වෙනුවෙන් නිවසේ රැඳී සිටියාය.
උදේ පාසල් යන අපට පාතරසය සාදා දී සමුදෙන ඕ තොමෝ අප පාසල නිමවා නිවසට එනවිට දිවා ආහාරය සකසා පෙරමග බලමින් සිටියාය.
ඒ අපේ වාසනාවයි. නමුත් එය ඇගේ අවාසනාව වෙන්නට ඇත.
ඇගේ ඒ අවාසනාව පිළිබඳ මුල්ම සාක්‍ෂි වාර්තාවෙන්නේ කතන්දර බබා ඉපදී දින දෙකක් ඇතුලත දී ය.
මේ ඒ කතන්දරයයි.
කතන්දර බබා ඉපදුනේ ද, අපේ රෝස බබා ඉපදුණු කොළඹ කුරුදුවත්තෙන් පාරෙන් එහා පැත්තේ පිහිටි හොස්පිටිතාලේදීම ය.
ඒ වාසනාවන්ත කොලු පැටියා බැලීමට ජොන්සන් බේබි තෑගි පෙට්ටියක්ද රැගෙන පසුවතදාම වාගේ එහි පැමිණියේ බබාලයි අම්මා ගේ ලඟම ඥාතියෙකු වන "පෝසත් නැන්දා" සහ එම මාමා ය.
පෝසත් නැන්දා යනු කතන්දර බබා ගේ සීයා ගේ එක කුස උපන් නැගෙණියයි. ඇය පෝසත් වූයේ පරම්පරානුගත බූදලයකින් නොව සැමියා ගේ පොහොසත්කම නිසාය.
පාසල් ගුරුවරුන් වූ සීයාත්, ආච්චීත් දෙන්නා දෙපොලේ දැක්කු නිසා බබාලයි අම්මා කුඩා කළ කාලය ගත කර ඇත්තේ මේ පෝසත් නැන්දා ගේ නිවසේ ය.
එදා ඒ වාසනාවන්ත බබා ගේ පුර සඳවන් මූණත්තහඩුව දැක බලා සිත් සතන් පහන්කරගත් පෝසත් නැන්දා සහ මාමා යුවල, බබාලයි අම්මා සමගද සතුටු සාමීචියේ යෙදී සිට ලෙඩුන් බලන වෙලාව අවසානයේ පිටත් වෙන්නට සැරසුණි.
සිය බුරුත කබාය මෑත්කර බඳ පටියේ පොකැට්ටුවෙන් ලොකු නෝට්ටුවක් අතට ගත් මාමා "ආ! දුවේ මේක තියා ගනිං!" යනුවෙන් පවසා එය ඇඳේ වැතිර සිටි බබාලයි අම්මා ගේ අත මත තැබීය.
"තැන්කියු අංකල්!" යැයි කියන්නට කට අරින්නටවත් බබාලයි අම්මාට නොහැකි විය.
ඊට කලින් උකුස්සෙකු මෙන් වහා ක්‍රියාත්මක වූයේ පෝසත් නැන්දායි.
"සුදු හාමිනේ ට මොකටද සල්ලි මේ ඉස්පිරිතාලේ?" යැයි පැවසූ පෝසත් නැන්දා හිමින් සීරුවේ මුදල් නෝට්ටුව බබාලයි අම්මා ගේ අතින් රැගෙන තමාගේ හැට්ටය අස්සේ රුවා ගත්තාය.
අම්මා ගේ අවාසනාවන්ත කාලයේ ආරම්භය එයින් සංකේතවත් වුණි.
-කතන්දරකාරයා
ප/ලි: අම්මා ගේ අවාසනාවන්ත කාලය අවසන් වූයේ කතන්දර හාමිනේ ගේ වාසනාවන්ත කාලයේ අවසානයත් සමග එකම දිනයකදීය! එදා අම්මා ගේ අවාසනාව හාමිනේට සංක්‍රමණය විය. එහි සංවත්සරය පසුගිය දිනක යෙදුනි.
(image: http://www.lakehouse.lk/budusarana/2012/01/22/PrintPage.asp?REF=vision06)
Subscribe to:
Post Comments (Atom)
ලස්සන කතන්දරයක්!
ReplyDeleteහාමිනේගේ අවසනාවන්ත කාලය ඇරඹුනේ කතන්දර බැන්ද දවසේ ඉඳන්ද? දැකපු දවසේ ඉඳන්ද?:D
දැක්ක දවසේ ඉඳලා වෙන්න ඕනෑ.
Deleteමෙන්න මෙයාව නේ දැක්කේ.
http://kathandara.blogspot.com.au/2010/11/blog-post_26.html
ඒකයි නොතේරුණේ!
සුදුහාමිනේ කිවුවහම මට එකපාරටම ඔලුවට ආවේ යශෝරාවයේ සුදුහාමිනේ.. මේක මේ කකා බබාගෙ මගෝඩි කතාවක්නේ.. :)
ReplyDeleteඅනේ ආයිබෝං, මේ ඇස් ඇරලවත් නැති දවසක් වයස පැටියා මක්කා කරන්නද?
Deleteහා. කාලෙකට පස්සෙ සෝක් කතන්දරයක්...
ReplyDeleteජය!
හැමදාම නෑ, හැම තැනම නෑ!
Deleteහරියට හරි ඔය වාසනාවන්ත සහ අවාසනාවන්ත තත්වය ආදිකාලේ හිටං පැවත එන්නක් නේව...හැබැ ඔය අවාසනාව දෙපැත්තටම වාසනාව කරගත්ත අය නැත්තේත් නෑ...
ReplyDeleteපැමිණි දුක් පැනි රසයි.
Deleteමට නිබ්බුත පද කියන්න නම් ලොකු හැකියාවක් නෑ..
ReplyDeleteඒත් කතන්දරගෙ මේ කතාවට නම් මම එකඟ වෙන්න අමාරුයි..
“මෙවන් පුතෙන් ලද මවක්
මෙවන් සැමියෙකු ලද බිරිඳක්
නිසැකවම වාසනාවන්තය“
මම නම් මේක කිව්වෙ මාස ගාණක් තිස්සෙ කතන්දරගෙ බ්ලොග් එක බලලා හොඳේ..
ස්තුතියි.
Deleteමං හැමදාමත් උත්සාහ කරන්නේ තව තවත් හොඳ වෙන්නයි.
http://kathandara.blogspot.com.au/2010/05/blog-post_27.html
!!!
හ්ම්. ඒකත් එහෙමද? කකා බබා හුරතලේට ඉන්න ඇති නේද ඒ කාලෙ. ඒ කාලෙත් කතන්දර කිව්වද?
ReplyDeleteකතන්දර අහගෙන ඉන්න ඇති!
Deleteකතන්දර මහත්තයෝ, අපි මේ ලෝකෙ ජීවත් වෙන්නෙ මනසින් පුංචි මිනිස්සු (petty people) අතර. ඔය පෝසත් නැන්දාත් ඒ වගේ කෙනෙක්. තමන්ගේ හස්බණ්ඩා දෙන්න ගිය මුදලටත් ලෝබ කරලා ඉල්ල ගත්තේ එනිසයි. නපුරු කමකට නෙවෙයි.
ReplyDeleteහැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේ වගේ දේවල් ජීවිතේ තියෙනකල් මතක තියාගෙන ඉඳලා, අනුන්ට කිය කියා ඉන්නෙත් ඒ වගේම මනසින් පුංචි මිනිස්සු. ඊට වඩා මනසින් ලොකු මිනිස්සු මේ පුංචි දේවල් අමතක කරලා ඉස්සරහට යනවා.
මනසින් පුංචි මිනිහෙක් වෙන්නද ලොකු මිනිහෙක් වෙන්නද කතන්දර මහත්තයා කැමැති?
Without that part the value of story goes down. Some one may say to remove the part on siduhath kumaraya, etc. better to understand the difference between a good story and a just story.
Delete@ Ano - June 1, 2012 9:24 AM
Deleteමේක නං අපූරු කියමනක්. ඇත්තටම හිතන්න වටිනවා.
හැබැයි ඇනෝ අපි මේ වගේ දේවල් අමතක කරලා දාලා බුම්මාගෙන හිටියොත් මුලු ලෝකෙම ඇනෝනිමස් ගෙදර වගේ වෙයි නේද?
"Small men discuss people,
DeleteAverage men discuss events,
Great men discuss ideas"
Thanks Ano - 5:23 PM
DeleteI will be a small man!
මිනිස්සුන්ගේ පෝසත්කම මනින්න ඕනේ මුදල් වලින් නොව ගුණ යහපත් කම් වලිනි. කතාව ලස්සනයි.
ReplyDeleteතුති!
Deleteහොඳ රස්සාවක් කරලා ලොකු පඩියක් ගන්න එක නම් වාසනාවක් තමයි. ඒත්.....
ReplyDeleteරැකියාවක් නොකරන නිසා දරුවන් සමග වැඩිපුර කාලය ගත කරන්න ලැබෙන අවාසනාවන්ත අම්මලා සහ අතදරුවන්ව ඩේකෙයාර් වල දාල රැකියාවට යන්න සිද්ධවෙලා තියන වාසනාවන්ත අම්මලා .
ජීවිතේ සුන්දරද මේතරම්..... ?
කරදර නැති නං ජීවිතේ නියම තේරුම දැනේනේ නෑ.
Deleteසතර පෙර නිමිති නැත්තං අපිට බුදු කෙනෙකුත් නෑනේ!
දරුවන්ව හදා වඩා ගන්න වෙන එක එක්තරා ආකාරයක අවාසනාවක් මෙන්ම වාසනාවක්ද වේ..තමන්ගේ කියා දරුවෙක් නැතිව දුක් විදින්නොද මෙලොව සිටි.ඔයවගේ කරදර වලට වැටෙන්නෙ ඉතින් විහින්නේ,නැද්ද මං අහන්නෙ.කතාන්දරය නම් එලය...
ReplyDeleteස්තුතියි!
Deleteපරණ ඇඩ් එකක් මතක් උනා...
ReplyDelete"වාසනාව උරගා බලන්න මහජන සම්පත අදම ගන්න"
වාසනාව දොර ඇරලා බලනවා....!!!
Deleteඒ මට මතක් වුණු සින්දුව.
කතන්දර බබාට පුදුම මතකයක්නේ තියෙන්නේ....
ReplyDeleteහික්ස්!
Deleteම් ..... කතන්දරේ නම් වැරැද්දක් නෑ ... ඒත් මේ හදිස්සියේ ඔහොම කතාවක් මතක්වුනේ මොකද මන්දා?
ReplyDeleteඅර සිදුහත් උපත ගැන කියපු කතාව ගැන නම් ඇත්තටම මට ප්‍රශ්නයක් තියනව. (ඇත්තටම සිදුහත් කුමරුගෙ අවාසනාවද?) මව් මරා උපන් කුමරු වගේ තර්කයක් පානදුරා වාදයේදීත් ප්‍රතිපාර්ශ්වය විසින් ඉදිරිපත් කළාළු. මම අහල තියන හැටියට බෝධිසත්වයන් බුදු වන ආත්මභාවයේදී ඔහු ඉපදී සත් දිනකින් මව මියයන එක නිකන් නියාමයක් වගේ දෙයක්ළු. ඇත්තද කියල මම දන්නෙ නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කරුණාකරල පැහැදිලි කරල දෙන්න.
මොන හදිස්සියක්ද? මේ කතන්දරේ ලියන්න ප්ලෑන් කළේ අවුරුදු දෙකකටත් එහා දවසක.
Deleteපස්සේ 2011 පෙබරවාරි වල දාපු වෙන්ඩ කතන්දර 100 ලයිස්තුවටත් දැම්මා.
නමුත් ඇත්තටම ලිව්වේ දැන් දවස් පහලොවකට විතර කලින්.
http://kathandara.blogspot.com.au/2011/02/blog-post_27.html
ඔය ලින්ක් එකේ ගිහින් අංක 25 බලන්න.
@ DDT
Deleteබුදුවන භවයේ බෝසතාණන් වහන්සේගේ උපත සිදුකරන මෑණියන් බෝසත් උපත සිදුවෙලා දින 7 කින් මිය ගිහින් තව්තිසා දිව්‍ය ලෝකයේ ඉපදෙන එක ධර්මතාවයක් විදිහටයි දැක්වෙන්නේ. ඒකට හේතුව විදිහට පෙන්වන්නේ බෝසතාණන් වහන්සේගේ ඉපදීමට පාදක වුණු ගර්භාෂයේ තවත් දරු උපතක් ඉන් මත්තට සිදු නොවීම...
කොහොම වෙතත් මව මියයාම සිදුහත් කුමාරයාගේ අවාසනාව කියලා ගන්න බැරි මහාමායා දේවියගේ සහෝදරිය වුණු මහා ප්‍රජාපතී ගෝතමී දේවිය [ඇයත් සුද්ධෝදන රජතුමාගේ මෙහෙසියක් වෙලා හිටියේ] තමන්ගේ පුතා වුණු නන්ද කුමාරයා රැක බලාගන්න එක කිරි මව්වරුන්ට පවරලාස් සිදුහත් කුමාරයාව තමන්ගේ දරුවෙක් වගේ රැක බලාගන්න ඉදිරිපත් වුනු එකෙන්. ඒ නිසා තමන් ජාතක කළ මව නැති වුණත් හදා වඩා ගන්න මවක් සිදුහත් කුමාරයාට හිටියා
තමන් ජාතක කළ මවට වගේම හැදූ මවටත් බෝසතාණෝ බුද්ධත්වයට පත් වෙලා කෘතගුණ සැලකුව ආකාරය හැමෝම දන්නවා නොවැ. තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කරලා අභිධර්මය දේශන කිරීමෙන් මාතෲ දිව්‍ය රාජයා සෝවාන් තත්වයට පත් වුණා.
මහා ප්‍රජාපතියට භික්ෂුණී ශාසනය අරඹන්න බුදුන් වහන්සේ අවසර දුන්නා වගේම එතුමියත් රහත් තත්වයට පත්වුණා. ඒ වගේමයි බුදුන් වහන්සේ පසු ගමන් කළ එකම අවස්ථාව වුනේ මහා ප්‍රජාපතිය පිරිනිවන් පෑමට ආරාමයෙන් පිටවුණු අවස්ථාවේ. ඒ ආකාරයෙන් තමන් හැදූ මවට බුදුන් වහන්සේ ගෞරව කළා
එතෙන්දි අවාසනාවන්තය නන්ද කුමාරයද එතකොට?
Delete@ හසිත,
Deleteඔයා කියපු කරුණු මමත් අහල තිබුණට හරියටම දැනගෙන හිටියෙ නෑ. ස්තූතියි ඔබට.
@ All
Deleteදරු උපතින් පසු ඇතිවන විවිධ රෝගාබාධ නිසා කාන්තාවන් මිය යාම විසිවන සියවසේ පවා සුලබව තිබුණා.
විවිධ කතා හොතන්න පුළුවනි අවශ්‍ය පරිදි.
සිදුහත් බබා ඉපදුණු නිසාම අම්මා මැරෙන නියමයක් තියෙනවාය කීම මිත්‍යාමත පැතිරවීමක් පමණක් නොවේ මහා අපරාධයක්.
ඒ කියන්නේ තුසිතයේ සිට පස් මහ බැලුම් බලනවාය කියන්නේ මරණ දඬුවම දෙනවාය කියන එකද?
මෛත්‍රී ගේ ටාර්ගට් එක කවුද දන්නේ නෑ?
මං හිතන්නේ මේ කතා බුදුන් ලෙස අප දන්නා මිනිසාට අනවශ්‍ය දේවත්වයක් ආරෝපනය කිරීමට ඒ කාලයේ හින්දු බලපෑම නිසා ආරෝපනය කෙරුණු ප්‍රලාප.
ප්‍රජාපතී ගේ පුතා ද නන්ද කියන්නේ. ඒ කියන්නේ නන්ද නාකි වෙනකං ඉඳලානේ ජනපද කල්‍යාණිව කසාද බඳින්න. ඒ දවස්වල බඳින්නේ දාසයයි මාසයෙන් නේද?
පස් මහ බැලුම් තුළින් "මව" තෝරාගැනීමක් සිදුකරන්නේ ඒ සඳහා ප්‍රාර්ථනා කර තිබෙන නියමිත කාන්තාව තෝරා ගැනීම.......
Deleteබෝසතුන්ට උපත ලබාදෙන මව මියයාම අපරාධයක් විදිහට කතන්දර කිව්වත් සෑම බෝසතාණන් කෙනෙක්ටම උපත ලබාදෙන මව මිය ගියාට පසුව තව්තිසා දිව්‍ය ලෝකයේ දිව්‍ය රාජයෙක් වෙලා උපදින නිසා ඒක එච්චරම අපරාධයක් නෙමේ කියලයි මට නම් හිතෙන්නේ......
සෙල්ලම්ද හොඳම දිව්‍ය ලෝකයක දිව්‍ය රාජයෙක් වෙලා උපදින එක :)
මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ අම්මාත් ඒ ආකාරයෙන්ම දින 7 කින් මිය ගිහින් තව්තිසාවේ උපදීවි
මහා ප්‍රජාපතියගේ පුතා තමා නන්ද කුමාරයා. නන්ද කුමාරය බඳින්නේ 35 න් වගේ. 35 ත් වයසක්ද :D
අපෝ ලෝභ නැන්දෙක්නේ.. මේක කතන්දර බබාගේ අම්මා කිව්ව එකක්ද නැත්නම්..ඉපදිච්ච ගමන්මත් ඔපදුප අහන් උන්නද.
ReplyDeleteහික්ස්!
Deleteරීඩර් එකෙන් කියවනකොට කමෙන්ට්ස් දාන්න බැරිද?
ReplyDeleteඅනිත් අය දාපු ඒවා පේනවා නං පුළුවනි.
Deleteෂහ් මාරයිනෙ ඈ..... :-)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
මේ සුභ වේවා කියන එක අව්‍යක්තයි නේද? සුභ කියන්නේ විශේෂණ පදයක් නේ.
Deleteඒක සුභ දවසක්, සුභ අනාගතයක්, සුභ සන්ධ්‍යාවක් වගේ යෙදුමකයි පාවිච්චි වෙන්න ඕනෑ.
නිකම්ම සුභ වේවා කියන එක අර්ථ විරහිතයි.
මට නං ඕං එච්චර තේරුනේ නෑ..!!!! :D
ReplyDeleteපව්!
Deleteළමයි දාල වැඩට යද්දී හිතෙනවා ගෙදර ඉන්න . ගෙදර ඉද්දි හිතෙනවා අය්යෝ ආයේ වැඩට යන්න . ඔහොම තමයි ජිවිතේ , . කතන්දරේ ලස්සනයි . පව් බබා .... නෑ අම්ම
ReplyDeleteබබා සහ අම්මා ඉස්සර නේ.
Deleteදැන් පව් හාමිනේ.
අර පෝසත් නැන්දා නම් දිරවන චරිතයක් නෙවේ
ReplyDeleteසමහර විට එයා එච්චර පෝසත් නැතුව ඇති?
Deleteහිතන්න දේවල් තියන කතාවක්. අපූරුයි.
ReplyDeleteස්තුතියි!
Deleteහිතන්න දේවල් නම් එමටයි, ඒත් කම්පා වෙන්න නරකයි! ඇත්දැකීම්, පරාජයන් ජීවිතයට කොයිතරම් දේවල් නම් උගන්නනවද!
ReplyDeleteෆේලියර්ස් ආ ද පිලර්ස් ඔෆ් සක්සස් කියනවා නේ.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඇයි මැකුවේ.
Deleteඔයා ක්‍රින එක හරි මාමා ට තිබුණා ආයෙත් සල්ලි දෙන්න.
දෙන්න කතාවෙලා කරපු වැඩක්ද, පෝසත් නැන්දා ගේ දුප්පත් කම නිසා වුණු දෙයක්ද මන්දා?
mata hithuna eka sera vedi athi kiyala....
Deleteතමන් ගේ අදහස කියන්න බය වෙන්නේ ඇයි? මං හින්නේ අද රටේ තියෙන මර්ධනය නිසා අපි අපිවම ස්වයං වාරණය කර ගන්නවාද?
Deleteowww..mama mawama swayan varanyak karala thiyenney..api kiyanna giyoth , loku prashna wenna puluwan..ee hinda shup up my mouth ...
Deleteනෑයෝ වෙලාවකට පුදුම වදයක් .....
ReplyDeleteඇති ඈයෝ, නැති ඈයෝ, අයියෝ නෑදෑයෝ!
DeleteLassana kathawak
ReplyDeleteSthuthiyi
DeleteSIDUHATH KUMARA UTH PATHTHIYATA SAMA KARA GANNA EPA. ANEK WAL PAL OONE EKAK.
ReplyDeleteමාර පෝසත් නැන්දා කෙනෙක්නේ...
ReplyDeleteසෝයි කතන්දරේ....
ReplyDeleteමං මේ කල්පනා කලේ සීයාගේ නංගි කොහොමද නැන්දා උනේ කියලා...:D
ReplyDeleteමට මතක් වුනේ “ෆර්පියුම්“ චිත්තර පටිය.
ReplyDeleteඒ කතාවේ ,ඒ දරුව ඉපදුන දවසෙම ඒ දරුවයෙ අම්ම මිය යනවා.
ඒ දරුවා හදා ගන්න තැනින් වෙන මනුස්සයෙක්ට විකුණළ සල්ලි ගත්තම , ඒ සල්ලි ගත්ත කෙනා මිය යනවා.
ඊට පස්සේ ඒ කොල්ලව අයිති කෙනා ඒ කොල්ලව සුවඳ විලවුන් හදන්නෙකුට විකුණුවම ඒ විකුණපු මනුස්සය මිය යනවා.
ඒ කියන්නේ ඒ දරුවා ලග තියා නොගෙන ඒ දරුවා වෙනකෙකු අතට පත් කරපු ගමන් කලින් පුද්ගලයා බොහොම ක්ෂණිකව අහඹු විදිහට මිය යනවා.
සමහරු අවාසනාව කරපින්නන් උපදිනවා කියලා අදටත් සමහරු විස්වාස කරනවා.ඒ විස්වාසය නිසා බොහොම කුඩා අවදියෙම සමහර පුංචි දරුවො තම දෙමාපියන්ගෙන් වෙන් කරනවා.(ඉස්සර කාලේ )
කාලේකට පස්සේ කතන්දර මහත්තයා ලස්සන ලින්ක් ටිකක් දාලා. කොහේ බලන්ඩද ඒ මැද්දට ලස්සන කතන්දරයකූත් ඔබලනේ
ReplyDeleteකකා ඉඳල හිටල පෝස්ට් එකක බුද්ධගමට පොඩි හින්ට් එකක් දාන එකට නම් මගෙ ඒ හැට් පැහැදිමක් නෑ.
ReplyDeleteමේ පොස්ට් එක ගොඩක් දේවල් කියන්න තේරුම් ගන්න වටිනවා. ස්තුතියි කතන්දර.
ReplyDeleteකාගේවත් වාසනාව හින්දා කවුරුවත් උපදින්නේවත් වැඩිකල් ජීවත්වෙන්නෙත් නැහැ ඒ වගේම කාගේවත් අවාසනාව හින්දා කවුරුවත් ලෙඩවෙන්නේවත් මැරෙන්නේ වත් නැහැ. තමුන්ට සිද්දවෙන්නේ තමුන්ගේ කරුමවල විපාක මිස අනුන්ගේ විපාක නෙවෙයි.. අර වගේ දුර්මත බුද්ධ චරිතයට ආරෝපණය කරලා අපහාස කරන එකයි නරක.. සිදුහත් කුමරාගේ මව මියගියේ අයගේ ආයුෂ අවසන් නිසා ඇයගේ කර්මානුකුලවයි.. ඔහොම හිතුවොත් සිදුහත් කුමාරයා ගිහිගෙය ඇරලා ඝියේ රාහුල කුමාරයා උපන් දවසේ එයාගේ පවා හින්දා වෙන්න ඕන.. හෆොයි අපේ සමහරක් බන කතා ජාතක කතාවලට දීල තියෙන නිර්වචන බුදු සමයට කරන අලාබය දෙවෙනි වෙන්නේ සමහරක් ප්‍රසිද්ද හාමුදුරුවරුන්ගේ හැසිරීමෙන් වෙන අලාබයට විතරයි ..
ReplyDeleteමෝඩ කතන්දර පව්!
ReplyDeleteසිදුහත් කුමරු ඉපදී දින 7 කින් මියගියේ කුමාරයාගේ අවාසනාව නිසා කියන එක අද ඊයේ නෙමෙයි ඈත අතීතයේ ඉදලාම කියන කතාව.
ReplyDeleteමට අද කියවන්න ලැබුණු සතර මහා වාද කියන පොතේ තියෙන ගම්පළ වාදයේදී ක්‍රිස්තියානි පාර්ශවයෙනුත් ඒ ප්‍රශ්නය නගලා තියෙනවා.
ඒකට පිළිතුරු විදිහට මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් කියන්නේ ඒක සිදුවන්නේ සිදුහත් කුමාරයාගේ අවාසනාව නිසා නොවන බවත් "පස් මහ බැලුම් බලද්දීම බෝසතාණන් වහන්සේගේ තෝරාගන්න මවගේ ආයු කාලය දස මස් දින 7 ක් වන නිසා" කියලා. ඒ නිසා මහාමායා දේවිය මියයන්නේ ආයු කෙළවර වීමෙන්
උපකල්පන රැසකට යටත්ව වුනත් මේක හොඳ පැහැදිලි කිරීමක් හසිත.
Deleteඔබට ස්තුතියි.