Tuesday 1 February 2011

තුට්ටු දෙකේ කතාවක්!


සිංහලෙන් කඩයප්පන් කියන්නේ සාමාන්‍යයෙන් අපි උදේට කන, ඉඳිආප්ප, ආප්ප, පිට්ටු, රොටී වගේ කෑම ජාතිවලටයි. දැන් නං අපි මේවා වැඩියෙන් කන්නේ රෑට.

මේ කඩයප්පන් කියන්නේ වචනය දෙමල වචනයක් මයෙ හිතේ - ක@ඩෙ අප්පම්. අප්පම් කියන්නේ ආප්ප, ඉඳි ආප්ප හෙම නේ. උදේට කන්න කඩෙන් ගන්න පාං වලට කඩයප්පන් කියල කියන්නෙ නැත්තේ ඒ හින්දා වෙන්න ඇති.

කොහොම වුනත්, ඉස්සර අපේ ආච්චි බඩු මිල ගැන කතා කරන වෙලාවට නිතරම කියපු දෙයක් තමයි, ආච්චිල තරුණ කාලේ ආප්පයක් තුට්ටුවයි කියන කතාව. තුට්ටුව කියන්නේ ශත එක හමාරට, මට මතක විදියට.

එතකොට තුට්ටු දෙකක් කියන්නේ ශත තුනකට.

හැබැයි, ඒ එක්කම ආච්චි කියන දෙයක් තමයි, ඒ කාලේ පොලි ගෙඩියක් ශතයයි කියන එක.

ආච්චිට කාල වකවානු වැරදිලා නැත්තං, පොල් ගෙඩියක මිළ වගේ එක හමාරකට ආප්පයක් විකුණනන්න පුළුවන් වීම තුලින් අපිට ඒ කාලේ සේවා ආර්ථිකය ගැන යම් අදහසක් ගන්න පුළුවන්.

මේ තුට්ටුව කියන්නේ වටිනාකමින් ඉතාම අඩු කාසියක් බවට නං සැකයක් නෑ. අර "ඉස්සන් මගුරන්" සින්දුවෙත් තියෙනවානේ "තුට්ටවෙ වාසියවත් මට ලැබෙන්නෙ ඔහෙලා වගෙ අයගෙන්නේ!" කියලා.

අපි පොඩි කාලෙ මේ තුට්ටු දෙකේ කතන්දර ආච්චිල සීයල දැනගෙන හිටියට, ඒ කාසි භාවිතයේ තිබුණෙ නෑ. වටිනාකමින් අඩුම කාසිය වුනේ ශතය. ඒක හැඩයෙන් රවුං එකක්. ඊලඟට ශත දෙක, හැඩයෙන් නිකං මලක් වගේ. ශත පහ හරි හතරුස් කාසියක් කොන් හතර රවුම්. ශත දහය, මුලින් කීව ශත දෙක වගේ හැඩය හැබැයි ඊට වඩා ලොකුයි.

ඒ දවස්වල ශතයක වුනත් වටිනා කමක් තිබුණ. මට මතකයි අපි කන්න කැමති නාරං බික් කියන ලොසින්ජර ජාතිය එකක් ශතයයි. නාරං බික් කියන්නේ නිකං වූචි සීනි කෑල්ලක් විතරයි. ව්රැප් කරලා තිබුණු ටොෆියක් ශත පහක් ද කොහෙද?

කොහොමින් කොහෙමින් හරි මුලින්ම ශතයේ, ශත දෙකේ කාසිවල වටිනාකම නැතුව ගියා. හැම බඩුවක්ම ශත පහේ ගුණාකාරයක් වුණාම සල්ලි ගෙවන්න, ඉතුරු සල්ලි දෙන්න ඒව මොකටද?

ඊලඟට, ඒ ඉරණමම ලැබුණා ශත පහේ, දහයේ කාසිවලටත්. සේරම ගණු දෙණු වෙන්න පටන් ගත්තා ශත විසි පහේ ගුණාකාරවලින්.

ශත පහේ කාසිය දැකල නැති ළමයින් ගේ ප්‍රයෝජනයට තමයි ඔය උඩ පින්තූරේ දාලා තියෙන්නේ. පේනව නේද ඒකෙ අමුතු හැඩය?

අපේ හොඳ යාළුවෙක් හිටියා පොර ගේ මුණ නිකං හරි හතරැස් ෂේප් එකෙන්. නමුත් ඉතිං මුණක් නිසා පොඩි රවුම් ගතියකුත් තියෙනව. ඉතිං පොරට කාඩ් එකක් වැදුණ සත පහ කියල.

මේ ලඟදි පොරගේ ෆේස් බුක් ප්‍රොෆයිල් එක දැක්කහම මට තේරුණේ දැන් අවුරුදු දහයකට විතර පස්සෙත් ඒ ෆේස් කට් එක වෙනස් වෙලා නෑ නේද කියල.

ඒ එක්කම ආව ලොකු ප්‍රශ්ණයක්.

දැන් අපේ කාලේ තිබුණු ඒ ශත පහේ කාසි භාවිතයේ නැති හින්ද, මේ වගේ හතරැස් මූණු තියෙන දැන් කාලේ කොල්ලන් ට දාන්න හොඳ සරදම් නම මොකක්ද?

තාමත් හිතනවා, ඒ ගැන!

-කතන්දර

ප/ලි
කොණ්ඩෙ බූ ගැවට පස්සෙ මගේ ඔළු ගෙඩිය නං හරියට බිත්තරයක් වගේ ලු කියල කියනව කතන්දර හාමිනේ.

39 comments:

  1. මගේ යාන්තං වගේ මතක හැටියට තුට්ටු හතරක් ශත එකයි වෙන්න ඔන..
    හැබැයි ඉතිං ඔය තුට්ටු දෙකේ කතා කියන්න ගිහින් අනිත් උන්දලා අපි කාගෙත් වයස එහෙම අල්ලගන්ට ඉඩ තියෙන හින්දා මං කියන්නේ මං නං ශත පහ දැකලත් නෑ ඔං...
    අදමයි ඔය දැක්කේ...

    ReplyDelete
  2. රුපියල් එකයි සත පහක් වටින කාසිය මතක් වුණා. දැන් භාවිතයේ නැති එකයි සත පහේ කාසි සෙට් එකක් මගේ කාසි එකතුවෙ තියෙනෝ. කවද හරි ඒවටත් හොඳ වටිනාකමක් ඒවිනෙ

    ReplyDelete
  3. කතන්දර පෙට්ටගමක් උඩ තිබූ දොන්තබබක්කගේ තුට්‍ටු දෙකටත් කතන්දරයක් හැදූ වගයි !

    ReplyDelete
  4. අපෝ කතන්දරට හෙන වයසයි නෙව!
    අපිනම් දන්නෙ ඔන්න රුපියලට තිබ්බ ටොපි විතරයි....:)

    මමනම් ඔය පරන කාසි සෙට් එකක් අරන් තියල තියෙන්නෙ පොඩි එකාට පෙන්නන්න.

    ReplyDelete
  5. කතන්දර,
    හිටපු අගමැති සහ හිටපු ජනාධිපති කෙනෙක් වන ආර්, ප්‍රේමදාස මහත්තය Face Book එකේ තවම ඉන්නවද? දිවංගත වෙලා සෑහෙන කල් නිසාත් ඒ කාලයේ මූණු පොත තිබුනද දන්නේ නැති නිසාත් මේ දැනගන්න ඇහුවේ.

    පරණ මිල දර්ශන ඉදිරිපත් කරනවා දැක්කම මතක් වුන දෙයක් දාම් කොටුව බෝතලේ රු 8/=ය්, පොල්ගහමුල කොටිය බෝතලේ 10/=ය් සමහරු ඕවට බල්ලන්ට ගහන ඒවා, දෙය්යන්ට ගහන ඒවා,කියල එහෙමත් කිව්වා.

    මාරයා ඔය වයස හංගන්න හැදුවට,අපිට මතකය් ක.ශු. ගේ පොස්ට් එකකම වයස විතරක් නෙමෙය් පඩියත් දාල තිබුන,මොලේ සෛල හුඟක් හරිය දැන් මැරිල තිබුනට සමහර දේවල් මතක හිටිනවා, ඕකට සිංහලෙන් කියන්නේ,"selective memory" ද කොහෙද.

    ඉස්සර කොන්ඩෙ බැඳපු කෂ්ටියට "සෝමපාල" කිව්වා වගේ දැන් හතරැස් මූණු තියෙන යට "ප්‍රේමදාස" කිව්වැකි.

    ReplyDelete
  6. තුට්ටු දෙකේ කතාව අස්සෙ, අප දිලුම් වෙනුවෙන් තුට්ටු දෙකක් සොයා ගන්ට දරණ උත්සාහයට උදව්වක් කරන්ටය කියා කතන්දරගේ විදේශීය පාඨකයින්ගෙන් ඉල්ලන්ටයි මේ කමෙන්ටුව. ලක්වැසි පාඨකයින්ට (හා බ්ලොග්කරුවන්ට/කාරියන්ට)එකම අරමුණ වෙනුවෙන් දේශීය වශයෙන් කෙරෙන යම් කටයුත්තකට වඩා පහසුවෙන් දායක විය හැකියි.

    මෙන්න අපේ පිටුව:
    https://sites.google.com/site/handsfordilum

    මෙන්න ටැබූගේ ලිපිය: http://taboosubjects.wordpress.com/2011/01/31/240

    - Taboo

    ReplyDelete
  7. ඒ වුනාට ඒව තාම පාවිච්චි වෙන්නෙම නැ කියන්න බැ නෙ..මම 10 වසරෙදි මට මතකයි දවසක් අපේ අක්ක ඇවිත් මට බැන්න.අර මූණ සත 5 වගේ කෙල්ල හැමදාම ඉස්කොලෙදි තමුසෙ ගැන අහනව මල කරදරෙ කියල.
    අන්න එක තමයි මට මතකම සීන් එක.මොකො මම ගණං උස්සල කෙල්ල ගැන එයාගෙන් අහන්නෙ නැතුව අක්කගෙ ඉස්කොලෙ යන අපේ වයසෙ මූන සත පහ වගෙ කෙල්ලෙ ගැන සැහෙන අවධානයෙන් හිටිය නොවැ.

    ReplyDelete
  8. අෙප් ෙගදර තියනවා තඹ පාට කාසි... ඒ්වා තුට්ටු ද?

    ReplyDelete
  9. තව ටික කාලෙකින් කියාවි... "අර මූණ අයි පෑඩ් එක වගේ කොල්ලා" කියලා...

    ReplyDelete
  10. Wayasa prashnayak ne. Mama nam satha thune bage ticket eken bus eke gihilla thiyanawa.Thawama e ticket tikak mage gawa thiyanawa.Eth photo ekak comment ekata amunana heti danne nethi nisa danna be. Kathandarata ona nam mama ewannam.Mata hithena widiyata Kathandarath mage wayase.

    ReplyDelete
  11. මම ඉස්සර ඔය ලංකාවෙ සංගීත කණ්ඩායමක් එක්ක සම්බන්ධ වෙලා ඉන්නකාලේ, එක්තරා තරු හෝටලයක, ලන්කාවෙ එක්තරා ප්‍රසිද්ධ එලෙක්ට්‍රොනික උපාංග විකුනන ආයතනයක සුහද හමුවකට සංගීතය සැපයූවා. මේ සහභාගී වූවන්ට උත්සවයේදී එක එක ක්ෂණික තරඟ පවත්වා ඉතාමත් වටිනා තෑගි ලබා දුන්නා. මෙන්න මේ වගේ, ඉස්සෙල්ලාම කාන්තාවකගේ අඩි උස සපත්තුවක් රැගෙන ඉදිරියට එන පිරිමි කෙනාට වීඩියෝ ප්ලේයරයක්, ඉස්සෙල්ලාම පිරිමි එක්කෙන්ක්ගෙ බැනියමක් අරගෙන ඉස්සරහට එන්න ගෑනු එක්කෙනෙකුට අළුත්ම මහන මැෂිමක් වගේ...

    ඒ අතරේ ඒ දිනවල තිබුනු අළුත්ම වර්ගයේ අඟල් 28 රූපවාහිනියක් පෙන්නලා කිව්වා මේක සතයකට විකුණනවා කියලා, හරියටම ගාන අරගෙන එන්න කියලා. කොහොමද වැඩේ. කට්ටියගේ ඇස් නිකන් උඩ ගිහිල්ල හැමෝම පර්ස් අදින්න ගත්තා. කිසි කෙනෙක්ගෙවත් ලඟ සතයක් තිබුනේ නෑ. ඊට පස්සෙ ගාන සත දෙක කලා.... ඒත් නෑ.... ඊට පස්සෙ සත පහ කලා. මෙන්න බොලේ එක්කෙන්ගෙ ගාව සත පහක් තිබිලා ඒක දීල ටී.වී එක අරගත්තා...... ඒ කාලේ ඒ ටී.වී එක රුපියල් 50,000 ක් විතර වටිනවා. මේ කියන්නෙ 1996 දිහාවෙ.

    එදායින් පස්සෙ මගේ පර්ස් එකේ සතේ කාසි තුනකුයි, සත පගේ කාසි දෙකකුයි තියෙනවා...

    ReplyDelete
  12. @මාරයා
    ඔබ්සර්වර් කියල තියෙන විදියට අපි නං මාරයා ගේ වයසත් පඩියත්දෙකම දන්නවා. මේ බලන්න.

    http://kathandara.blogspot.com/2011/01/xxx.html?showComment=1295677357227#c1301616449663354475

    අපේ ආච්වි නං කිව්වේ තුට්ටු දෙකක් ශත තුනයි කියලයි. මාරයා මුත්තා කියනවානං හතරයි කියලා පිළිගන්නං කෝ!

    ReplyDelete
  13. @Chanaka Aruna Munasinghe
    අපි නං අහුවෙයි ඕවට !

    ReplyDelete
  14. @නවම්මාවත,
    ඔය දොන්ත බබක්කා ඇවිල්ලා අපේ ආච්චී ගේ අක්කා.

    ReplyDelete
  15. @නිශ්,
    ඔය එලිවෙන්නේ ළමයාගේත් වයස

    ReplyDelete
  16. අපොයි..මං කොලේ මුට්ටිය දැමිල්ල විතරයි..
    ඔය පැන්නේ ආච්චිවත් විකුණගෙන..අනේ ඉතිං මොන තරං වයසක්ද..හෑ..?

    ReplyDelete
  17. @ඔබ්සර්වර්
    ඔයාගේ මූණ නං හරිම පිං පාටයි, ශත දහයේ කාසිය වගේමයි!

    ReplyDelete
  18. @ටැබූ
    මගේ යුතුකම මං කලා අද හවස.

    ReplyDelete
  19. @පැන්ඩා
    ඔයා ගේ මූණ ශත දෙක වගේ නිසා පෝසත් කෙල්ලට ට්‍රයි කරන්න බය හිතුණා නේද?

    ReplyDelete
  20. @සොඳුරු සිත
    හා, හා, ඔයා නේද, දොන්ත බබක්කා?

    ReplyDelete
  21. @Beetle
    හරියට, හරි.
    දවසේ කියමන!

    ReplyDelete
  22. @ කතන්දර

    ඒ කවුද ඒ... මම ඔයාගේ අක්ක නෙමෙයි හරිය.

    ReplyDelete
  23. @දුමී,
    අනේපව්! තාමත් ඒ ශත පහේ කාසිය තියෙනවාද?

    ReplyDelete
  24. තට්ටු කරන උදයෙම ඇවිදින් නිතර
    හෙට්ටු නොකර කියවන අපි නම් නිතර
    තුට්ටු වටින්නෙ නැහැ කියලා හිතුවත් නිතර
    කෙට්ටු වෙන්නෙ නැහැ කියවූවොත් නිතර

    මොනා ද ?

    ReplyDelete
  25. සල්ලි 1 = සත 1/2
    තුට්ටු 1 = සත 1 1/2
    රිදී 1 = සත 15
    පනම් 1 = සත 6
    සිලිං 1 = සත 48
    පවුම් 1 = රුපියල් 10
    ගිණි 1 = රුපියල් 10 සත 50

    http://lakdiva.org/coins/british_ceylon/victoria.html

    ReplyDelete
  26. ඔය ළමායි සත කාල එහෙම දැකල තියෙනවැයි?

    තාත්තගෙ කාසි එකතුව නිසා මම නන් ඔය ආදී කලෙ කාසි දැක තිබේ............ :P

    ReplyDelete
  27. වැඩි කල් යන්න කලින් රුපියලේ කාසියට වෙන්නෙත් ඔය සතේ, සත 5, 25 ඒවට වෙච්ච දේම තමා.

    ReplyDelete
  28. මමත් රැ5කාසියක් පර්ස් එකේ තියා‍ගන ඉන්නවා දුමී කිව්ව වගේ ලගදිම LCD TV එකක් ගන්න

    ReplyDelete
  29. මම හිතන්නේ ඔය තුට්ටුව කියන්නේ ලංදේසී කාලෙ ලංකාවේ පාවිච්චි කරපු මුදල් ඒකකය වෙන්න ඕනා.

    දැන් රුපියල් දහය කොළය වෙනුවට එන්නේ කාසියක් . තව අවුරුදු 50 කින් කතන්දරගේ මුනුපුරා කියයි ඒකාලෙ චුයින්ගම් එකක් රුපියල්10 යි කියල.

    by the way, 5000 rupee note is comming to town

    ReplyDelete
  30. සතේ පහේ ඒවා දැකලා තියෙනවා.. ඒත් දැන්ං එකක්වත් නෑ.

    ReplyDelete
  31. ප්‍රේමදාස මහත්තයා මැරුණු වෙලාවෙ මිනිය හොයාගත්තෙත් ඔය සත පහ වගේ මූණු බලබලා ගිහින්ලු. (මේක විහිලුවට කියපු කතාවක් මයෙ හිතේ)

    ReplyDelete
  32. 10,000+50,000 and 100,000 notes will follow very soon,or we will have to take a wheelbarrow when going shopping instead of a purse.

    ReplyDelete
  33. @සොඳුරු සිත
    ඔය කියන්නේ කතන්දර බ්ලොග් එක ගැන නේද?

    ReplyDelete
  34. @All
    අදහස් දැක්වු සියළු දෙනාටම ස්තුතියි.

    රයිටර්ස් බ්ලොක් කෙසේ වෙතත් මං ජනවාරි වල කතන්දර 15ක් දාලා තියෙනවා.

    නමුත් පෙබරවාරියේ ඒ වේගය අඩු කරන්නයි ඉන්නේ.

    ReplyDelete
  35. thuttu dekak sathayai kiyalai ape thaththai ammai kiyanne

    ReplyDelete
  36. අපි දන්න කාලේ නං අඩුම වටිනාකම ශත විසිපහ.

    හැබැයි ඕනෑම කාසියක් සතපහ වගේ හදාගත්තැකි රේල්ලුවකට ඇල්ලුවම.

    ReplyDelete
  37. දැන් ඉතින් රත්තරන් පාට පොඩි රුපියලේ කාසි ආපු කාලේ මටත් ඇම්මක් ආවා ඒවා එකතු කරන්න. ඉතින් ඒ රුපියලේ කාසි එකතු කිරිල්ල බරටම ගියා. ඒවා වීදුරු භාජනේක තමා දාලා තිබ්බේ. රත්තරන් පාටත් එක්ක මාරම ගතියක් තිබ්බා.

    කාසි 200 ක් විතර එකතු කරද්දී වැඩේ එපා වෙලා අතෑරලා දැම්මා

    ReplyDelete
  38. තාමත් ඔය එක එක වැඩවලට සතේ කාසිය ගන්නවානේ. සිංහල බෙහෙත් බඩුකඩවල තියෙන මේ සතේ කාසි හරි ගණන්. කොහොමද සතේ කාසිය ගිය උඩ

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.