ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday, 23 August 2010
සීනි බෝතලේ
මං පොඩි කාලේ මට මතකයි අපේ ආච්චී සීනි බෝතලයක් කබඩ් එකකින් අරගෙන අපිට පෙන්නනවා "මෙන්න බලන්න ළමයිනේ ශත හැත්තැ දෙකේ සීනි රාත්තලක්!" කියලා.
ඒ විදියටම ආච්චී ලඟ ශත පාලහේ භූමිතෙල් බෝතලයකුත් තිබුණ මගෙ හිතේ.
අපේ ගෙවල්වල සමහර විට ගෙදර සීනි, ලුනු වගේ දේවල් බින්දුවක්වත් නැතුව යන වෙලාවල් තියෙනවා නේද? මාර කේස් එක තමයි මහ රෑක හෙම ගෙදර සීනි නැති බව තේරුණොත්. ඇයි වදේ, උදේ පාන්දරම අර ක්‍ෂණික එක්සයිස් එක කරන්නත් කලින් කඩේ යන්න වෙනවනේ.
අපේ ගෙදර නං ඕක වෙන්නේ නෑ. මොකද මං කතන්දර හාමිනේට උගන්නලා තියෙනවා හොඳ ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් ක්‍රමයක්.
ඒක අපේ ආච්චිගෙන් මගේ අම්මාටත්, අම්මාගෙන් මටත් ආපු ෆූල් ප්‍රෘප් ක්‍රමයක්.
අපේ ගෙදර සීනි බෝතල් දෙකක් තියෙනවා. එකක් ලොකුයි, කිලෝ බාගයකටත් වැඩියෙන් අල්ලනවා. අනික පොඩියි, එක දවසකට බොන්න විතර ඇති. ඔන්න සීනි ගෙනාපු දවසට අපි කරන්නේ ඔය සීනි බෝතල් දෙකම පුරවන එකයි.
ලොකු එක එදිනෙදා පාවිච්චියට ගන්නවා. පොඩි එක අරං තියෙනවා කබඩ් එකකින්.
ලොකු බෝතලේ සීනි ඉවර වුණු දාට තමයි පොඩි එකට වැඩේ දෙන්නේ. පස්සේ සීනි ගේනකං ඒකෙන් යැපෙන්න පුළුවනි.
මේකට කියන්නේ 2-බින් ක්‍රමය කියලයි ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් වල. පොඩි බෝතලේ තමයි සේෆ්ටි ස්ටොක් එක. ඒ කියන්නේ සීනි බින්දුවක්වත් නැති නොවන බවට වග බලාගන්නා උපක්‍රමය.
නිවැරදිව කරනවා නං ඔය පොඩි බෝතලේ තියන්න ඕනෑ, ලොකු බෝතලේ සීනි ඉවර බව දැනගත් වෙලාවේ ඉඳලා කඩෙන් සීනි ගේනකං පාවිච්චිට අවශ්‍ය සීනි ප්‍රමාණය විතරයි. ඒ කියන්නේ ලීඩ් ටයිම් එකේ ඩිමාන්ඩ් එකයි.
ඔය ඉංගිරිසි වචන එක්ක ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් මං ඉගෙන ගත්තේ අවුරුදු විසි දෙකේදී විතර අර අහවල් තිප්පොලේ ඉන්න කාලේ.
හැබැයි අපේ ආච්චි නං ඕක ඉගෙන ගෙන තියෙන්නේ ඔය එක එක තිප්පොලවල් වල ගිහින් නෙමේ.
ආච්චි මට පෙන්නපු ශත හැත්තෑ දෙකේ සීනි බෝතලේ තමයි -ඒ කියපු හදිස්සියකට සීනි නැතිවුනොත් පාවිච්චියට ගන්න තියා ගත්තු සේෆ්ටි ස්ටොක් එක.
නමුත් වාසනාවට හෝ අවාසනාවට, සීනි රාත්තල එදා ශත හැත්තෑ දෙකේ ඉඳන් පහුකාලෙක විසි ගුණයක් විතර ගණං ගියත් ආච්චිට අර සේෆ්ටි ස්ටොක් එකට අත තියන්නවත් වෙලා නෑ.
එක අතකට අපරාදේ නේද?
කමක් නෑ, මේ කතන්දරේ හරි ලිව්වනේ ඒකෙ පිහිටෙන්.
-කතන්දරකාරයා
ප/ලි:
සීනි පන්සීයක් දැන් කීයද මන්දා?
Subscribe to:
Post Comments (Atom)
ඇත්තටම උදේම හොඳ කතාවක් දාල තියෙන්නේ. ඔය සේෆ්ටි ස්ටොක් එක අර අපි පුංචි කාලෙ අහපු මිටි හාල් කතාවට සමානයි නේද?. අපි කාටත් මේවා හොඳ පාඩම්. දැන් කතන්දරකාරයා හොඳ ඇඩ්වයිසර් කෙනෙක් වෙලා වගේ.
ReplyDeleteසීනි 500 ක් නේද? ඇයි අර සේෆ්ටි ස්ටොක් එකයි අනෙක් ස්ටොක් එකයි අවුරුදු කියකට කලින්ද ගත්තේ?
ඒකට කරන්න තියෙන්නෙ ඊලඟ ස්ටොක් එක ගෙනාපු ගමන් සේෆ්ටි ස්ටොක් එක වර්කිං ස්ටොක් එකට දාලා අලුතෙන් ගෙනාපු ඒවායින් අලුත් සේෆ්ටි ස්ටොක් එකක් හදන එක.
ReplyDeleteඑහෙම නැති වුනොත් අවුරුදු 20කට විතර පස්සෙ බැරි වෙලාවත් සේෆ්ටි ස්ටොක් එක පාවිච්චි කරන්න වුණොත් ?
අපේ අම්මාත් ඔය සේෆ්ටි ස්ටොක් එකක් තියාගෙන ඉන්නවා...
ReplyDeleteඅපරාදෙ අර ආච්චි අරන් තියපු සීනි ටික, ඒ සීනි දාලා තරහ කාරයෙකුට වෙඩි තියන්න තිබුනනෙ කූඹි කලා මැරෙන්න,,,
ReplyDeleteහොඳ උපදේශයක්. මගේ ළඟත් ඔය ක්‍රමය තරමක් දුරට තිබේ.
( වෙන මොකුත් හින්දා නෙවෙයි, අවේලාවේ කඩේ යන්න කිව්වම ගෙදර එක්කෙනා බනින නිසා ) :D
මචං, දැන් අර සත හැත්ත දෙකේ සීනි බෝතලේ මාර වටිනවා ඇති නේද ? උඹට ඒක පරම්පරාවෙන් උරුම උනාද ? ඒකෙ තියෙන සීනිත් කවදාවත් පාවිච්චි කරල නැති නිසා මාර ඇන්ටික් වැලිව් එකක් ඇති.
ReplyDeleteමොනව උනත් නියම ක්‍රමේ . . !
/මේකට කියන්නේ 2-බින් ක්‍රමය කියලයි ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් වල. පොඩි බෝතලේ තමයි සේෆ්ටි ස්ටොක් එක. ඒ කියන්නේ සීනි බින්දුවක්වත් නැති නොවන බවට වග බලාගන්නා උපක්‍රමය./
ReplyDelete1. ත්‍රී-වීලර් වල හා මෝටර් බයික් වල රිසර්ව් ටෑන්ක් කියලා තියෙන්නෙත් මීට සමාන ක්‍රමයක්. කාර් වල නම් එහෙම දෙයක් නැත්තෙ ඒවායෙ රියැදුරන් ෆුඅල් ගේජ් එක බලල තීරණය කරන්න තරම් මොළේ ඇති උදවිය කියල සුද්ද හිතන්න ඇති.
__________________
2. ශත හැත්තෑ දෙක යනු 70-77 කාලේ සිරිමා බණ්ඩාරනායකගෙ 'සමාජවාදී' ආණ්ඩුවෙන් සමූපාකාරයෙන් එක් අයෙකුට මාසයකට එක බැගින් ලබා දුන් සීනි රාත්තලේ පාලන මිළ පමණයි. මා අසා ඇති පරිදි මීට අමතරව කළු කඩයක් පැවතුනු අතර එහි සීනි රාත්තල මින් දෙතුන් ගුණයක මිළට අලෙවි වුණා. දුප්පතුන් විශාල ප්‍රමාණයක් තමන්ගේ සීනි රාත්තල විකුණා 'සීනි නැතුව තේ බිව්' බවත් අමතක කළ යුතු නෑ.
මේ ඒ යුගයේ ප්‍රකට මැයි දින සටන් පාඨයක්.
සීනි නැතුව තේ බොන්නං
මිරිස් නැතුව හොදි කන්නං
මැතිණි අපට කියනවනං
පිදුරු වුනත් අපි කන්නං
කතන්දර සූරීන් කියන්නෙ මේ කාලය ගැන නම් අර සත හැත්තෑ දෙකේ සීනි රාත්තල 'රිසර්ව්' එක වෙන්න බැහැ, ඔහුගේ පවුලත් කළු කඩෙන් තව සීනි මිළට නොගත්තා නම්. සමහරවිට අනෙකුන්ගේ සීනි පංගු එදිනෙදා භාවිතයට ගෙන ආච්චිගේ පංගුව රිසර්ව් එක කරන්න ඇති.
අපේ අම්මත් ඕක කරනවෝ....
ReplyDeleteහොද පොස්ට් එකක්
ඔය කරමෙ දැන් හරියන්නේ නෑ රජෝ. අපිඉන්න පර්චස් 6,7 ගෙවල් වල , සීනි, මිරිස්, තුනපහ ආදී මෙකී නොකී දේවල් ඔක්කොටම රිසව් බෝතලය ගානෙ තියාගන්න බෑ !. වෙන ක්‍රමයක් අපේ හාමීනේ අනුගමනය කරනවා . ඒකතමයි ගෙදර පැන්ට්‍රයේ පොතක් සමග පෑනක් තැබීම. සීනි පැකට් එක බෝතලේට දානවා, පොතේ ලියනවා සීනි කියලා. මිරිස් කුඩු නම් මිරිස් කුඩු.! දන්නේ නැතුවම මාකට් යන්න ලිස්ට් එක රෙඩි.!
ReplyDelete--------------
@Taboo Subjects
අර කව්යේ අන්තිම පදය 77 UNP වේදිකාවේ කිව්වේ
"මැතීණි අපට කියනවනමිරෙද්ද නැතිව අපියන්නම්"
මොකද ඒකාලෙ අධික රෙදි හිගයකුත් තිබ්බනේ!.
gamini
දැන් ඔය සේෆ්ටි ස්ටොක් එකට ඇවිල්ල රි-ඔඩර් ලෙවල් එකට එහෙම ආවම ඔටෝමැටිකලි පර්චෙස් ඔර්ඩර් එකක් හැදිලා බඩු ටික ගෙදරට එනවද?
ReplyDeleteනැත්නම් කතන්දරසූරීන් මැනුවලි පර්චස් ඔර්ඩර් එකක් දාලා.... ඉන්වොයිස් කරගන්නවද?
එහෙමත් නැත්නම් ඉන්වොයිස් එක විතරක් එනවද?
බලං යනකොට හැමෝම සේෆ්ටි සිටොක්ස් තියා ගන්නවා....හැබැයි ඔන්න කතන්දර කාරයගේ ළමයි දෙන්නා එකතුවෙලා සේෆ්ටි සිටොක් එක හොරෙන් එම්ටි ස්ටොක් කලොත් කතන්දර ගෙදර එදාට තේ බීලා හමාරයි...හී හී
ReplyDeleteකතන්දර බබාලා ඇත්තටම කොයි ඉස්කෝලේ යන්නේ...නෑ මම ඇහුනේ ඉතිං මඟදි හම්බවුනොත් කතන්දර බබාලට පොඩි අදහසක් දාන්න...
නියම මෙතඩ් එකක්.....:))
ReplyDeleteහෆොයි.....කෙළිය නේද තාප්පෙටම.......
ReplyDeleteදැනට අවුරුද්දකට විතර කලින් දන්න කියන ආච්චි කෙනෙක් මියගියා. අවසන් කටයුතු ඉවරවෙලා එයාගෙ අල්මාරිය ඇරලා බලද්දි අලුත්ම චීත්ත 57 ක් තිබුනා. (දරු මුණුබුරන් අවුරුදු ගානේ තෑගි දීපුවා විය යුතුයි)
ReplyDeleteසේෆ්ටි ස්ටොක් එකක් කියලවත් හිතමු නේ?
@Grey,
ReplyDeleteමම හිතන්නේ කසූ හාමිනේ පර්චස් ඕඩර් හදලා, අයිටම් රි-ස්ටොක් කරලා ඉන්වොයිස් එක කසූට දෙනව වෙන්ට ඇති පේමන්ට්ස් කරන්ඩ.. (සීනි වල මිළ නොදන්නා බැවින් එසේ උපකල්පනය කෙළෙමි)නැත්නම් මේ බ්ලොග් වලට හිරවෙලා ඉන්න මනුස්සයට පර්චසින් වලට වෙලාවක් තියෙනවායෑ...
කතාව ඒ වගේනම් කසූගේ පර්ස් එකට තමා පාඩු...
(කාන්තා පාර්ශවයේ පර්චසන් ගැන හැමෝම දන්නවා නොවැ..)
ඔය ඉංග්‍රිරිස් අකුරු දාලා අලුතින් හොයා ගත්ත කියල කියන ගොඩක් ක්‍රම අපේ පැරණි සමාජයේ උදවිය දැන හෝ නොදැන භාවිතා කරල තියෙනව....
ReplyDeleteCleaner Production
Waste managemnet
ඒ අතිරින් කිහිපයක් තමයි... පංචවිධ සංකල්පය කියල ජපානෙන් හොයා ගෙන ලංකාවට වඩම්මන් ආපු ක්‍රමයත් බුදු හාමුදුරුවන් වදාරපු කරුණු කියලයි කියන්නේ....
කාටවත්ම තේරිලා නැහැ වගේ කතන්දරේ තියෙන අර සේෆ්ටි ස්ටොක් එකෙන් වැඩක් නැති බව. බැරි වෙලාවත් ඒ සෙෆ්ටි ස්ටොක් එක පාවිච්චි කරන්න වුණානම් උදේ පාන්දරම අර ක්‍ෂණික එක්සයිස් එක කරකරම ඉස්පිරිතාලෙට දුවන්නයි වෙන්නෙ.
ReplyDeleteහපොයි මේ මකරාටත් හිතෙන එව්වා
ReplyDeleteඇයි දෙයියනේ හදිස්සියෙ බැරිවෙලාවත් හරි සීනි ඉවර වෙලා අර 70 දශකයේ පෞරාණික සීනි ටික පාවිච්චි කරන්න වුණානම් කශූට වෙන දේ ඔනෙ මනුස්සයෙකුට තේරෙන්න එපැයි
ReplyDeleteඇයි අපේ අම්මල හාල් මිටක් අරගෙන මුට්ටියකට දාන්නේ...
ReplyDeleteඒකත් ඉතින් ඔය වගේ සේෆ්ටි ස්ටොක් එකක් නෙව...
@ප්‍රියන්ත
ReplyDeleteසීනි 500 ගාන දන්නේ නෑ. දැන් කිලෝ බෑග් ගන්නේ!
@චානක
ReplyDeleteඅපේ ගෙදර වෙන්නේ මෙහෙමනේ. සේෆ්ටි ස්ටොක් එක ඉවර වෙකං පාවිච්චි කරනවා. ඊටත් පස්සේ තමයි කඩේ යන්නේ.
ඉතිං හැමදාම පොඩි බෝතලේ අළුත් සීනි තමයි.
@හසී
ReplyDeleteඑහෙනං අම්මාගෙන් ඊලඟ පරම්පාරාවටත් ඒවි?
@හරී
ReplyDeleteඅයියෝ මං නං කූඹි අයින් කරලයි සීනි කන්නේ!
පව් අනේ ඔයාගේ හබියා, රෑ දෙවෙලේ කඩේ වෙන්න ඇති!
@දුමී
ReplyDeleteඒක අයිති අපේ අම්මාටනේ පරම්පරාවෙන්.
@ටැබූ
ReplyDeleteඔබ තරමක් දුරට හරි. අපේ ආච්චී සීනි පාවිච්චි කලේ නෑ, මං දන්න කාලේ ඉඳලාම. රෑට කෑවෙත් පරලු පාං පෙත්තක්. බිව්වේ ස්කිම් කිරි පිටි.
ඒවා සීරිමා කාලේ සීනි වෙන්න පුළුවන්. ඒත් මට මතක හැටියට ඒ සීනි සුදු සීනි. ගල් ඔය උක් සීනි රතු සීනි නේද, ඒ කාලේ.
@ඉලංදාරියා-
ReplyDeleteඅම්මාගෙන් පුතාට පාඩම ඉගෙන ගන්න. කොහොමටත් ඉලංදාරි වයසේනේ ඉන්නේ ළඟදී පෙලවහක් කර ගත්තාම ප්‍රයෝජන වේවි!
@ග්‍රේ
ReplyDeleteඅපේ ප්‍රිජ් එකයි, පැන්ට්‍රි කබඩ් එකකි ඉන්ටර්නෙට් රෙඩි ඒවා. ස්ටොක් ලෝ වෙන කොටම වෙබ්සර්විස් එකකින් ඕඩර් එක යනවා. කඩේ ඉඳලා කන්වේයර් බෙල්ට් එකකින් just in time බඩු ගෙදර.
@හසියා
ReplyDeleteඇයි මගේ කටෙත් පස් උඹේ කටෙත් පස් කියන්නද?
@හේමලයා
ReplyDeleteඔයායි, ඔයාගේ ෂැඩො එකයි දෙකම කමෙන්ට් කරලා, හැබැයි ෂැඩෝ ගේ කමෙන්ට් එක පොඩ්ඩක් විකෘති වෙලා වගේ නේද?
@චාමී
ReplyDeleteමගේ ආච්චිත් 1993 දී මිය ගියා. එයා ලඟත් හුඟක් රෙදි තිබුණා මහපු නැති මගෙ හිතේ.
@ජීව්
ReplyDeleteඅපේ ගෙදර තත්වය වෙනස්. හාමිනේ තමයි මගෙත් පර්ස් එක!
@වත්
ReplyDeleteබුදු හාමුදුරුවෝ නං පාත්තර දෙකක් අරං දනට වැඩියා කියලා මං අහලා නෑ!!!
@මකරා
ReplyDeleteඅනේ මකරෝ, උඹේ කටෙත් පස්, මගේ කටෙත් පස්!!!
@Sansarasidu
ReplyDeleteඇත්තටම ඉස්සර හාල් මිටක් මුට්ටියට දාන්නේ ගෙදරට එන හිඟන්න්ට දෙන්නයි. ඉස්සර ගෙදරට එන හිඟන්නෝ නයි මල්ලක් අරං එනවා හාල් ගෙනියන්න.
සියළු දෙනාටම ස්තුතියි!!!
ReplyDeleteමීලඟ කතන්දරය බ්‍රහස්පතින්දා.
ඊයා, ඈක්කා මගේ කටේනම් pus නෑ
ReplyDelete