ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Thursday, 16 December 2010
ස්ට්‍රෝබෙරි ජෑම් කාපු හැටි
ස්ට්‍රෝබෙරි කියන කොට මට මුලින්ම මතක් වෙන්නෙම ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම්. ස්ට්‍රෝබෙරි ගෙඩි නං ඉතිං වැඩිය කොළඹ පැත්තේ දකින්න නෑනේ. නුවරඑලිය වගේ පලාත්වල නං හැදෙනවා.
පිං කරන්න ඕනැ ඉතිං ඒව කන්න. පින පල දීලා මාත් කාල තියෙනවා නුවරඑලියේ දී.
ස්ට්‍රෝබෙරි වලින් හදන්න පුළුවන් රසම කෑමක් තමයි ස්ට්‍රෝබෙරි ජෑම්. කතන්දර හාමිනේ පොඩි කාලේ, ඒ කියන්නේ ඒ ලෙවල් කරන්න සෙන්ට්‍රල් එකට යන්න ගෙදරින් පිටත්වෙන්න කලින් කාලේ, ගෙදර ස්ට්‍රෝබෙරි ජෑම් හදලා තියෙනවාලු ඕනැ පදං. සමහර විට කෂ්ටිය දැකලත් ඇති "ස්ට්‍රෝබෙරී ජෑම් ෆෝ සේල්" කියලා ගේ ඉස්සරහා බෝඩ් එකක් ගහලා තියෙනවා හෙම.
මෙන්න නැන්දම්මා ගේ රෙසිපි එක.
අවශ්‍ය ද්‍රව්‍ය
ස්ට්‍රෝබෙරි කිලෝ බාගයයි
සීනි කිලෝ බාගයයි
ක්‍රමය
කුඩාවට කපන ලද ස්ට්‍රෝබෙරි වලට සීනි සහ අවශ්‍ය නම් වතුර ස්වල්පයක් දමා මද ගින්නේ රත්කරමින් හොඳින් කවලම් කරන්න. හරි පදමට සෑදුණු පසු ලිපෙන් බා උණුවතුරේ තැම්බූ බෝතලයකට දමා හොඳින් වසන්න.
ඔය කිව්වට මං දන්න කාලෙක නං කතන්දර හාමිනේ ගෙදර ස්ට්‍රෝබෙරි ජෑම් හදලා නෑ. ඊට වඩා ලේසියි නේ අර කාර්ගිල්ස් එකෙන් ගත්තනං කියලයි එයා කියන්නේ!
මං පොඩි කාලේ කෑවේ නං එක්කෝ වට්ටක්කා ජෑම්. එහෙම නැත්තං තක්කලි ජෑම්. අපේ අම්මා හැදුවේ ඒ ජාති දෙක විතරයි. අපි ඉතිං පිං කරල තිබුනේ නැහැනේ ස්ට්‍රෝබෙරි හැදෙන පලාතක ජීවත්වෙන්න –ඔය කතන්දර හාමිනේ වගේ.
ඉතිං, පොඩි කාලේ ඉඳලම මගේ හිතේ තිබුණු එක්තරා සිහිනයක් වුනේ ස්ට්‍රෝබෙරි ජෑම් කන එකයි. මට අවුරුදු දොලහක් විතර කාලේ ඒකට චාන්ස් එකක් ලැබුණා.
මේ දවස්වල මං ඉස්කෝලේ නිවාඩුවට ගිහිං හිටියා අපේ පුංචි අම්මා කෙනෙකු ගෙදර. ඉතිං එහෙ ඉන්න අතරේ දවසක මායි පුංචි අම්මයි ගියා එයා ගේ යාළුවෙකු ගේ ගෙදරට.
කතා බහ, ඕපා දූප මැද්දේ ඔන්න තේ වෙලාව ආවා. තේ බොන්න කලින් එතනට ආවා ස්ට්‍රෝබෙරි ජෑම් ගාපු සැන්ඩ්විචස් පිඟානක් ම.
දැක්ක ගමන් කටට කෙල ඉනුවා කිව්වොත් -ඔබ හරි.
පැනපු ගමං මං සැන්ඩ්විච් එකක් අරගෙන මාර ජොලියෙන් කටේ දාලා කෑල්ලක් හපලා කෑවා.
බුදු අම්මෝ.. .!!!
මේ ස්ට්‍රෝබෙරි ජෑම් සැන්ඩ්විච් නෙමේ. තෙල් බේරෙන ලුණු මිරිසක් නේ පාන් වලට ගාල තියෙන්නේ. ලුණු මිරිසෙත් හොඳ බ්‍රෑන්ඩ් එක.
-කතන්දරකාරයා
ප/ලි
කොහොම හරි ඉතිං, මං මුලින්ම ස්ට්‍රෝබෙරි ජෑම් කෑවේ වෙන්ඩ කතන්දර හාමිනේව හමුවෙන්න ගිය දවසක එයාට ගෙදරින් එවල තිබුණු බෝතලයකින්.
බුදු අම්මෝ ඒවයේ රහ!
පොඩි කාලේ ඉඳල තිබුණු මගේ ස්ට්‍රෝබෙරි සිහිනය සැබෑ වුනේ එදායි!!!
Labels:
කතන්දර හාමිනේ
Subscribe to:
Post Comments (Atom)
ආ..හා... තාම රස මතකයි වගේ... මමත් පිං කලේ එකම එක පාරක් ස්ටෝබෙරි ගෙඩි කන්න, එක පැක් එකක් වැඩිය නෑ රුපියල් 320යි. ගෙඩි තිබුනා 20ක් වතර තැලිච්චා 12ක් එක්ක.
ReplyDeleteමම නම් ස්ට්‍රෝබෙරි ඔන තරම් කාලා තියනවා. ඒත් රහම අර වැනිලා අයිස්-ක්‍රීම් උඩට දාපුවා.
ReplyDeleteMmm pelak strawberry lassana unata raha na ne....ambul.mehe gedara jam nam hadala na.dosi & chutney nam daanawa.ambaralla dosi,mango chatney...yum.
ReplyDeleteමම නම් වැඩිපුරම කාල තියෙන්නේ ස්ට්‍රෝබෙරි රස කළ වට්ටක්කා ජෑම් වෙන්න ඕන. අපේ ගෙදරත් ස්ට්‍රෝබෙරි පැළයක් තියනවා ඒත් එකේ හැදුන ගෙඩි වලින් මට කන්න ලැබුනේ එකම එකයි. අනික්වා සත්තු කාලද මන්දා????
ReplyDeleteඑක්කෝ මට ඔය කියන රස ම රස ස්ටෝබෙරි මෙතුවක් කාලෙකට හම්බුවෙලා නෑ.
ReplyDeleteනැත්නම් මගේ දිවේ අස්පට් එකක් හින්දා ස්ටෝබෙරි රස දැනෙන්නේ ඇඹුලට.
කොයි එකද මන්දා ..
මොකක් වුනත්, මම නම් කැමතිම අන්නාසි ජෑම් වලට.
ඔන්න අපේ ගෙදර උන්දෑට මේ රෙසිපි එක දෙන්නම්කෝ හදලා බලන්ට කියලා
අර කිව්වත් වගේ දුකා අයියට තියෙන ලෙඩේ මටත් තියෙනවද කොහෙද? මටත් ස්ට්‍රෝබෙරි රස දැනෙන්නෙම අමුතුවටනෙ,,,, මොනවට කනවද මන්දා ඒව!!
ReplyDeleteකතන්දර ස්ට්‍රොබෙරි කන්න පිං කරන්න ඕනේ කිව්වම මට හිතුනේ..කිසිම විශෙෂ රහක් නැති ඒවට වඩා හොදට ඉදුනු පැනි බේරෙන අඹ ගෙඩියක් කන්නයි පිං කරන්න ඔනේ..අපි හීන මවන්නේ ලංකාවට ඇවිත් අඹ,අලි පේර කන්න..ස්ට්‍රෝබෙරි ලස්සන සුවඳ උනාට ගොඩක් ඒවා රස නෑ..කපලා සීනි,දෙහි දාලා ගත්තම නම් හොදයි..ඒත් ඒ වගේද අපේ රටේ පලතුරු වල රස..අගෝස්තුවේ ගම් බලා ආපුවම මන්දාකිනි පලතුරු කෑවේ ජීවිතේට දැක්ක පලවෙනි වතාවට වගෙයි..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteකොහොමහරි අන්තිමෙට හම්බවෙලා
ReplyDeleteනියම රස ස්ට්‍රෝබෙරි ජෑම් ගන්න් පුලුවන් තැනක් තමයි හපුතලේ ඇඩිෂම් සෙමනේරිය. කෑලි හැපෙන රසම රස ජෑම්!
ReplyDeleteමටත් ස්ට්‍රෝබෙරි ජෑම් එච්චර කැමති කෑමක් නෙවෙයි... ලංකාවේ ඉන්නකොට අකමැතිම ජෑම් වර්ගේ. හැබැයි මෙහේ ආවට පස්සේ නිකන් ස්ට්‍රෝබෙරි විප් ක්‍රීම් එක්ක කන්න පුරුදු උනා..ඒක නම් පට්ට.. :)
ReplyDeleteහාමිනේව තෝරගත්තේ එහෙනං නැන්දම්මගේ ස්ට්‍රෝබෙරි ජෑම් කන්න පෙරේත කමේද කොහෙද.
ReplyDeleteමාත් ස්ටෝබෙරි වලට වැඩි කැමැත්තක්නම් නෑ...අකමැත්තකුත් නෑ...
ReplyDeleteඒකෙන් මේකෙන් අන්තිමට දාන පලි කොටසෙන් කකා අයියා කකා අයියගේ දයාබර බිරිදගේ අම්මා නොහොත් නැන්දම්මාව ෂේප් කරගත්තා නේද....
අනේ අනේ කකා අයියේ....
මට නම් ස්ට්‍රෝබෙරි ජෑම් වලට පොඩි කාලේ ඉදන් ආසයි... ඒත් ස්ට්‍රෝබෙරි ගෙඩි නම් මට දිරවන්නෙත් නැහ... ඇඹුල් රසක් එන්නෙ
ReplyDeleteකතන්දරේ කියාගෙන යද්දි මට මැවිලා පෙනුනා පොඩි කොල්ලෙක් හිනාවෙලා පෙරේත කමට ස්ට්‍රෝබෙරි ජෑම් සැන්ඩ්විච් කන්ඩ ගන්න හැටි. ඊලඟ පේලිය කියවන්ඩ කලින් හිතින් මැවුනේ
ReplyDelete``ම්ම්ම්ම්ම්....`` කියලා ඇස්පියාගෙන ඒක රසවිඳින හැටි.
ඒත් මෙන්න ලුණු මිරිසක් ගැනැ කියනවා....!!!
ස්ට්‍රෝබෙරි මිශ්‍ර කරපු යෝගටුත් මරු. ඒත් ජෑම් වලින් නම් දිවුල් ජෑම් තරම් ජාතියක් මම කාලා නැහැ.
මමත් ස්ට්‍රෝබෙරි ජෑම් නම් කාල තියෙනවා, ස්ට්‍රෝබෙරි ගෙඩි නම් කාල නැතෝ. ජෑම් නම් රසයි, ගෙඩි කොහොමද දන්නෙ නෑ
ReplyDeleteමන්දාකිණි කියලා තියෙන එක හරි. ස්ට්‍රොබෙරි ඇඹුල් පලතුරක්. ලස්සනයි , සුවඳයි. එක්කෝ සීනි තවරලා හරි, නැත්නම් ලුනු, මිරි,ගම්මිරිස් දාලා හරි තමා කන්න ඕනෙ. ඒක නිසා ගිම්හාන කාලයේ , ගොවිපොල වලට ගිහිල්ලා කඩාගෙන කෑමට වැඩිය සුදුසු ස්ට්‍රොබෙරි නොවෙයි චෙරි තමයි.
ReplyDeleteඅපට නං, මේ ඇට මිඳුලු ගල්වෙන හීතලේ පවා ඝර්ම කලාපීය පලතුරුවල හිඟයක් නෑ, කැරිබියන් දූපත් වලට පිංසිද්ද වෙන්න. ගිම්හානයට නියම බීමක් තමා, අලිගැටපේර වලට ටින් කිරි දාලා, උඩිං වැනිලා අයිස් ක්‍රීම් ටිකක් දාලා ගත්තාම. තව ඔය, ලයිචීස් හරි ස්ට්‍රොබෙරි ගෙඩියක් උඩින් තියලා සරස ගන්නත් ඇහැකි.
අන්තිමට හිතෙන්නෙ, ඔය කොයි කොයිවත් තියන කොට එපා වෙනවා, නැතිකොට තමා අගේ වැඩි. හරියට දුක-සැප වගේ, එකක් නැතිව අනික අර්ථදක්වන්න අමාරුයි. හොඳට හිම වැටෙන දවසක, එලියෙ රවුමක් දාලා ඇවිත්, උණු-උණු කිරි කෝපි එකක් බීලා බලන්න, එච්චර රස කෝපි කලින් බීලා නෑ කියලා හිතෙයි.මං නං කරන්නෙ ටික කාලයක් නොකා ඉඳලා හිටපු ගමන් පෙට්ටියක්ම අරගෙන ඇදලා අරිනවා ඇස්ටි හැලෙන්න, එතකොට තමා නියමෙට රස විඳින්න පුළුවන්.
මගේ දුව ස්ට්‍රෝබෙරි ගෙඩි දියාරු කරපු උණු චොකලට් වල බස්සනවා. එළියට අරන් තිබ්බ ගමන් චොකලට් ඝනවෙලා ස්ට්‍රෝබෙරි ගෙඩිය වැහිලා. එයාලගෙ බැලේ නර්තන වල දී විවේක කාලයේ දී නාට්‍ය කණ්ඩායමට සල්ලි හොයන්න විකුණන්නෙ එහෙම සුදු හා දුඹුරු චොකලට් දාපු තඩි ස්ට්‍රෝබෙරි ගෙඩියක් එක්ක ෂැම්පේන් වීදුරුවක්.
ReplyDeleteලුනු මිරිස් ජෑම් ගාපු සැන්විච් කාල කතන්දර හිටපු හැටි මැවිල පේනව.
ReplyDeleteඔබ විසින් අනිවාර්යයෙන්ම කියවිය යුතු පොතක් Carl Muller ගේ A Funny Thing Happened On The Way To The Cemetary.
ReplyDeleteමගේ විනිශ්චය අනුව Carl Muller ලංකාවේ ඉන්න අංක එකේ කතන්දරකාරයා. මේක සීරියස් ප්‍රකාශයක්, මන්ද මා දෙවැනි තැනට දාන පිරිස අතර අමිත අබේසේකර, ගුණදාස ලියනගේ, සුනේත්‍රා රාජකරුණානායක වැනි ප්‍රවීණයන් රාශියක් ඉන්නා නිසා. කොහොම උණත් මා ඉහත පොත කියවන්න කීවේ ඒ නිසා නෙවෙයි.
එහි එන කතන්දර දහ නවයෙන් එකක් ලංකාවේ ස්ට්‍රෝබෙරි ජෑම් හැදීම සම්බන්ධයෙන් නිසා.
විස්තර:http://www.penguinbooksindia.com/category/Fiction/Funny_Thing_Happened_On_The_Way_To_The_Cemetary_9780140382631.aspx
මටත් ඔහොම ආසාවක් තිබුන නෙව. ඔහේ වගේම මම උන්නෙත් ඔය ඉස්ටෝබෙරි හැදෙන පලාතක නෙවෙයි. අපි උන්නු පලාතෙන් ඇස් ඇරපු බළල් පැටියෙක් වත් ගේන්න එපා කියල මොකෙක්ද අසම්මජාතියෙක් කියල තිවුන.
ReplyDeleteඔය කිස්ට් උනැහේ ගෙ සාප්පුවල නං තිවුන ඉස්ටෝබෙරි ජෑං. හැබයි ඕකෙ හිචියට ගහල තිබුන
අඩංගු ද්‍රව්‍ය:
පුහුල්, අනුමත රසකාරක, අනුමත වර්ණක, කල් තබා ගැනීමෙ ද්‍රව්‍ය......
ඉස්ටෝබෙරි ගැන නං මෙලෝ දෙයක් තිවුනෙ නෑ.
ඔයිං මෙයිං ආසාව අමතක වෙලා ගියා.....
අන්තිමට මම ඔය ජෑං දොළ සංසිංදගත්තෙ කසාදෙකුත් කරගෙන මීට අවුරුදු එකහමාරකට විතර කලිං පැණි හඳ බලන්න කන්ද උඩර හිය වංගියෙ තමයි.
නුවර එළියෙ පාක් එක ඉස්සරහ තියන පලතුරු කඩ පේළියෙං ගෙඩි පිටිං කාපුවයි, හපුතලේ ඇඩිසොං බංගලාවෙං ගනිපු ජෑං බෝතලෙයි.....
අම්මේ ඒවයෙ රහ.. ඔය ගෙඩි නං ඇඹුලයි, ජෑං නං රහයි, සීනි දාල මයෙ හිතේ...
අපි පොඩි කාලෙ ස්ට්‍රෝබෙරි ජෑම් ජාතියක් තිබුන ඒක ඇතුලෙ ගෙඩිත් තියෙනව. නම නම් මතක නෑ. මම අවුරුදු 4 විතර කාලෙ දවසක් ඔය ජෑම් බෝතලයක්ම තනියම කාල (හොරෙන්). ගෙදර කට්ටිය බය වෙල මොනා හරි ලෙඩක් හැදෙයි කියල.
ReplyDeleteකන්ඩ අඹ ගෙඞියක්
ReplyDeleteස්ට්‍රෝබෙරි ගෙඩිනම් කැවෙ නුවර එලියෙදි තමයි..
ReplyDeleteමෙහෙ නම් තියනව ගෙඩි ගන්න....
ස්ට්‍රෝබෙරි කැලියි අනිත් පලතුරි කලියි ටින් කිරි(මිල්ක් මෙඩ්) වල දාල කාල බලන්නකො
අපෙ ගෙදරනම් හඩන්නෙ දිබුල් ජැම්...
මෙහෙදි මම වැඩිපුට්‍ර කන්නෙ රටකජු බටර්..
ස්ට්‍රෝබෙරිවලට මගේ වැඩ කැමත්තක් නැහැ. දිවුල් ජෑම්වලට තමා මම වැඩියෙන් කැමති. ඒත් මට දැන් කල්පනා වුණේ කාලෙකින් දිවුල් ජෑම්වත් කන්න වුණේ නැහැ නේද කියලා. අද හෙටම ගෙනත් කන්න ඕනේ :))
ReplyDelete