ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday 22 November 2010
හාමුදුරුවෝ සරෙන්ඩර්!
අපේ සීය ගැන මං කතන්දර කීපයක්ම කියල තියෙනව මතකයි නේද?
සීය කොල්ල කාලෙ බූරුව ගැහැව්ව හැටි, කෝට් එක නැතිවෙලා හොයන්න ගිය කතන්දරේ, ඒ එක්කම සීය විදුහල්පති ජෝන් මහත්තයව නිහඬ කළ හැටි.
මේකත් අපේ සීයගේ තවත් වික්‍රමයක්.
කාල වකවානුව මීට අවුරුදු හතලිහකටත් ඉස්සර. සීය වැඩ කලේ මහා දුෂ්කර පලාතක. ඒ පැත්තට එක බස් එකයි ලු ගියේ. ඒකේ පැයක් විතර ගිහින් ගඟෙනුත් එහොඩ වුනාම තමයි සීය මේ දවස්වල මුල් ගුරුකම කරපු ඉස්කෝලෙ තිබිල තියෙන්නෙ. වැහැල වැහැල කුකුලේ ගඟ පිටාර ගලපු දවසට ඔරුකාරය වැඩ නැවැත්තුවාම, සීය මේ පැත්තෙ ඉඳල හුවක් කියල, ඉස්කෝලෙ කැන්සල් කරල ආපහු එනවලු.
ඔන්න ඉතිං එක දවසක්, ඉස්කෝලෙ ඇරිල සීය ආපහු ගෙදර එන බස් එකට නැගල තියෙනව බඩ දරු අම්ම කෙනෙක්. මේ මනුස්සය මේ යන්නේ බබා හම්බ වෙන වැඩේට ටවුමෙ ඉස්පිරිතාලෙට ඇඩ්මිට් වෙන්නයි. බස් එක ටිකක් දුර එනකොම මේ මනුස්සයට විළි රුදාව ඇවිල්ලා කෑ ගහන්න පටන්ගත්තලු.
මේ බව දැනගත්තු ඩ්‍රයිවර් කරලා තියෙන්නේ කිසිම තැනක මිනිස්සු ගන්නවත්, බස්සන්නවත් නවත්තන්නේ නැතුව කෙලින්ම ඉස්පිරිතාලෙටම බස් එක අරං යන එකයි.
බස් එකේ ඉස්සරහ සීට් එකේ හිටිය ගරුතර ගමේ පන්සලේ හාමුදුරුවන්ටත් මේ හින්ද ඉස්පිරිතාලෙට කලින් තියෙන ටවුමෙ පන්සල ලගින් බහින්න බැරිවුණා.
බඩ දරු අම්මව ඉස්පිරිතාලෙ ලඟින් බස්සල, ආපහු එන අතරතුරේ, තරමක් තද වෙලා හිටිය හාමුදුරුවෝ කියවන්න පටන් ගත්ත.
"මේ අම්මණ්ඩිල දන්නෙ නැත්ද දරුවො ලැබෙන්න තියෙන කාල වකවානු? බස් එකේ විළි රුදාව එනකං ඉන්නේ නැතුව කලට වෙලාවට ඉස්පිරිතාලෙට ආව නං මේ මිනිස්සුන්ට රස්තියාදු වෙන්න ඕනැ නෑනේ!"
දන්නවනෙ අපේ සීය තුමා?
බස් එකේ පස්සෙ සීට් එකක හිටපු සීය මහ හයියෙන් මෙහෙම කිව්වලු.
"අනේ හාමුදුරුවනේ, අර මහමායා දේවියටත් තිබුණ නේද කලට වෙලාවට කපිලවස්තු පුරේට යන්න. මේ අතරමග ලුම්බිණි වනයෙදි විලි රුදා හදාගන්නේ නැතුව?"
මේ කතාව ඇහිච්ච හාමුදුරුවො, පිටි පස්ස හැරිල බලල මෙන්න මෙච්චරයි කියල තියෙන්නෙ.
"ආ, මේ අපේ ඉස්කෝලෙ මහත්තයනේ!"
-කතන්දරකාරයා
ප/ලි:
අපේ සීය ගේ ඔය ස්ථානෝචිත ප්‍රඥාව මගේ ජාන වලින් සීයට උරුම වුණු එකක්.
Subscribe to:
Post Comments (Atom)
මම මේ කල්පනා කරන්නේ ඔය ජාන සීයට දුන්නු මුනුපුරා ඔය වේලේ බස් එකේ හිටියනම් මොනවා කියයිද කියලා?
ReplyDeleteසීයට කොණ්ඩෙ තිබුනද?
ReplyDeleteජාන වලින් වගේම ආස්රය කරන වට පිටාවෙනුත් ,අධ්‍යාපනයෙන් වගේම, කියවන පත පොතිනුත් මේ වගේ හැදියාවන් එනවා...
ReplyDeleteඅනේ මට තියෙන දුක තමයි ඒ කාලේ මේ සිංහල බ්ලොග් කෙරුවාව එහෙම තිබ්බ නම් කොච්චර දෙයක් ද?
එහෙනම් සීය ඒ කාලේ ලියපු කතා අපිට කියවන්න පුලුවන්....
කතන්දරට ලියන්න තියෙන කතන්දරගොන්නෙන් කතන්දර ටිකකුත් අඩුවෙනවා...
ඊයේ මම පන්සලුත් ගියා... ඉස්සර පන්සල ගිය අය දැන් පන්සල් යන්නේ නැත්තෙ ඇයි කියල තිබ්බ නියම ලිපියකුත් කියවන්න ලැබුන.
පන්සල් ගියාට කමක් නැහැ මම මෙහෙම කියන්න ද?
සාධු සාධු සාධු හාමුදුරුවන්ට හොද වැඩේ ....
මම හිතුන දේ මට කලින් පොඩිකුමාරිහාමි ලියල ගිහින්.
ReplyDeleteකතන්දර තමයි දවසකටවත් පොර....
මුණුපුරාගේම සීයා නෙව . . . . !
ReplyDeleteහාමුදුරුවන්ට විළි ලැජ්ජාවෙ සංතෝසෙ බැරිවෙන්න ඇති.
ReplyDeleteනියමයි බන් උඹලගේ සීයා . .
ReplyDeleteඅන්න එහෙමනේ ඉන්න ඕන . .
හාමුදුරුවෝ දෙයියන්නාන්සේ උනත් කමක් නෑ කිව යුතු දේ කට කෑවත් කියන්න ඕන . . . .
@පොකු (පොඩි කුමාරිහාමි )
ReplyDeleteඑල එල නියම කමෙන්ට් එක . ..
දාන්න පහක්
අපරාදේ කියන්න බැහැ මුනුපුරා සීයාට නියම ජාන ටිකක්නේ දීලා තියෙන්නේ.
ReplyDeleteඅපරාදේ කියන්න බැහැ මුනුපුරා සීයාට නියම ජාන ටිකක්නේ දීලා තියෙන්නේ.
ReplyDeleteහෙ හෙ හාමුදුරුවො උනත් දෑනගන්න එපෑයි .......
ReplyDeleteඅම්මප මුනුපුරා උන්න නම් කොහොම වෙයිද
හාමුදුරුවන්ගෙ වාසනාවට සීය උනෙ
මල කෙළියයිනේ කතන්දර, ඔයාගේ ජාන වලින් සීයට ප්‍රඥාව අවානම්, ඔයා සීයට වඩා අම්බානෙට වයසයිනේ. අපි මෙච්චර කල් අයියා කියලා තියෙන්නේ, අපේ සීයලටත් වඩා වසයක සීයෙකුට. හී. හී... මැක්සා කතාව. එල.
ReplyDeleteබස් එහෙක වැඩපු හාමුදුරු කෙනෙක් ගැන මේ තවත් කතාවක්, මේක කලින් අහල ඇත්නම් සමාවන සේක්වා!!!
ReplyDeleteබස් එකේ කට කපල සෙනඟ, ඒ අවු අස්සෙ ටිකක් වැඩිවෙන්ඩ දාල සකෘදාගාමී තත්වයට ලංවුනු පිංවතෙක් හාමුදුරුවන්ටම හේත්තුව දාගෙන ඉන්නව,
බැරිම තැන හාමුදුරුවො කිව්ව මෙහෙම,
"හා, හා, නඟිනව, නඟිනව, මගෙ ඔලුව උඩටම"
සකෘදාගාමී පොර බැලුව හාමුදුරුවන්ගෙ තට්ටෙ දිහා, බලල කිව්ව මෙහෙම,
"තැන්කියු, මෙතන හොඳා, අවසර, ඔතන ලිස්සන්ඩ ඇහැකි"
කතන්දර,
සීයා ඉගැන්නුවෙ දැං ඔය පාලින්ද නුවර කියන හරියෙද?
කාලෙකට පස්සෙ හිනාව තද කොරාගෙන කියවන්න නියම කතන්දරයකුයි ඒකටම හරියන කොමෙන්ටු ටිකකුයි වැටිලා. රවීයගෙ කතාව අදයි ඈහැව්වෙ. ඒකත් මරු!
ReplyDelete.............
ගැස්සි ගැස්සි යන බස් එකේ සීයා, අරෙහෙම කියද්දි හාමුදුරුවෝ
"ආ, මේ අපේ ඉස්කෝලෙ මහත්තයනේ!" කියපු ටික මට නං මැවිලා පේනවා.
තනියම හිනාවෙන්න බැරි කමට ඔන්න ගෙදර කට්ටියට ඈහෙන්න හය්යෙන්ම කියෙව්වා.
ReplyDeleteදැං දැන ගන්නැතැ ගෙදර කට්ටියටත් සීයලා මුණුඹුරාලගේ ජාන වල කෙරුවාවල්......
@All
ReplyDeleteහැමෝටම වෙන වෙනම උත්තර දෙන්න විදියක් නෑ අද. Thanks all.
මං හිටියනං කියන්නේත් ඔය ටිකම තමා. ඇයි මගේ ජීන්ස් නේ සීයාට ගියේ?
හාමුදුරුවරු උනත් ඉතිං ඒ හුඟ දෙනෙක් අපි වගේ පෘතග්ජන මිනිස්සුනේ. අනික ඔය බඩ දරු අම්මලා ගේ ප්‍රශ්ණ ගැන වැඩි වැටහීමක් නෑ නොවැ. බුද්ධ චරිතය අමතක වීමයි වරද.
සීය වැඩ කලේ වැද්දගල පැත්තේ. තව කතන්දර කීපයක් තියෙනවා. පස්සෙ දාඤ්ඤං.
මං කතන්දර පහලොවක් ලියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ අවුරුද්දේ අවසානය වෙනකං බඩු හෑව්!
-KK
KK ගෙදර වැඩි වැඩක් නැහැ වගේ නේද ?
ReplyDelete@Ano,
ReplyDeleteමං කතන්දර ලියන්නේ කොච්චියේ යන එන ගමං, මෙයා!
චාමි අහලා තියෙන්නේ සීයගෙ කොන්ඩෙ ගැන.....
ReplyDeleteසීයට කොන්ඩේ තිබුනත් නැතත් දැන් කමක් නෑ හොඳ වෙලාවට ඒ කාලේ පොඩි කුමාරිහාමි නොහිටියේ.....
ලියාගෙන යද්දි මතක් උනේ. ඒ කාලෙත් පොඩි කුමාරිහාමිගෙ අත්තම්මා හිටියානෙ. හැබැයි ෂුවර් එකටම කා.කා ගෙන් ජාන සීයට ගියා වගේ පොඩි කුමාරිහාමිගෙන් ජාන අත්තම්මට ගිහින් නෑ.බැරි වෙලාවත් එහෙම උනානම් ඔය කතාව කියන්න සීයත් නෑ, ඒ කියන්නෙ කා.කාත් නෑ කියන එකනේ..........
වැඩි දුර තොරතුරු සඳහා, මෙන්න පොඩි කුමාරිහාමිගෙ අලුත්ම පෝස්ට් එක
http://podikumarihami.blogspot.com/2010/11/blog-post_27.html
"අනේ හාමුදුරුවනේ, අර මහමායා දේවියටත් තිබුණ නේද කලට වෙලාවට කපිලවස්තු පුරේට යන්න"
ReplyDeleteමොනවා උනත් සීයා වැරදියි!
මොකද ඕක කපිලවස්තු පුරට යන ගමනක් නොවේ. කපිලවස්තු පුරෙන් එන ගමනක්නේ.
@ Ran
ReplyDeleteමෙහෙමයි මගෙ හිතේ. ලුම්බිණිවල ට ලඟම හොස්පිටල් එක තිබිල තියෙන්නෙ කපිලවස්තුවේ.
(ඒ බොරු, මේක මගේ වරදක්. ස්තුතියි).