ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday, 16 April 2010
චමරියක කතාවක් -පවුලේ සැමට එකට කියවන්නට!
ඊයෙ මං දැම්ම ඇඩල්ට්ස් ඔන්ලි 18+ කතන්දරේ එච්චර කියලත් අහ අටට අඩු පොඩි අය කියවපු බව මට තේරුණා. අපේ ඈයො ඉතිං ඇඩල්ට්ස් ඔන්ලි කිව්වොත් කට ඇරගෙනනෙ බලන්නෙ.
ඉතිං මං අද හිතුව පවුලේ සැමට එකට කියවන්න පුළුවන් ජාතියෙ කතන්දරයක් ලියන්න.
මේ චමරියේ කතන්දරේ නැගල ගියොත් තව මේ වගේ කතන්දර දුසිමක් විතර තියෙනව කියන්න.
ඔන්න ඉතිං එකමත් එක රටක චමරියක් තිබුණ. මේකෙ හිටියේ අපේ මිත්තරයො තුන් දෙනෙක්. මෙතනට දවල්ටයි රෑටයි කන්න සෙට් වෙනව තවත් කීප දෙනෙක්. කට්ටිය ගොඩක් ඉන්න නිසායි, ඒ එක්කම මේ හැමෝටම වැඩ රාජකාරි වැඩි හින්දයි මේ චමරියෙ උයන්න පිටින් ගෑනු කෙනෙක් එනව උදේටයි හවසටයි.
කොහොමටත් මේ කෂ්ටියට උයන්න බෑ.
නෑ, නෑ, උයන්න පුළුවන්, එත් ඒ උයන ඒව කන්න බෑ.
සේරම අට දෙනෙක් විතර හිටියනෙ චමරියෙ කන අය. ඉතිං කෝකිය උදේ ඇවිල්ල උයල යනව, අපේ කට්ටිය තමන්ගෙ වැඩ රාජකාරී අස්සෙ ඇවිල්ල කාල යනව. එක එක්කෙනා එන්නෙ එක එක වෙලාවටයි.
ඉතිං මෙතන පොඩි ප්‍රශ්ණයක් ඇතිවුනා. ඒ කියන්නෙ දවල් එකට විතර බැළුවොත් කවුද කෑවෙ, තව කවුද කන්න ඉන්නෙ කියන එක හොයාගන්න. වැඩේ මේකයි, පහුවෙලාම එන අයට උනත් කන්න කෑම ඉතුරු කරල තියන්න ඕනැනෙ.
අපේ එක මිත්‍රයෙක් ඕකට ගෙනාව හොඳ විසදුමක්. චමරියෙ හැම කෙනාටම කාඩ් එකක් ගානෙ හැදුව. කුස්සියෙ ගැහැව්ව ඇණ දෙකක්. උදේට කාඩ් සේරම එක ඇණේක එල්ලනව. එන එන එක්කකෙනා කාල ඉවරවෙලා තමන්ගෙ කාඩ් එක අනිත් ඇණේ එල්ලල තියල යනව. පරක්කුවෙලා, අවේලාවෙ කන්න එන අයට හොයාගන්න පුළුවන් තව කීදෙනෙක් කන්න ඉන්නවද, නැත්තං තමන් අන්තිමයද කියල. තමන් අන්තිමය නං ඉතිං ඉතුරු වෙලා තියෙන චිකන් කෑලි සේරම ටිකට ගේම දුන්නැහැකිනෙ.
මේ කාඩ් ක්‍රමය හඳුන්වලා දුන්නු අපේ මිත්‍රය හොඳ සිංහල භාෂාව භාවිතාකරන්න කැමති කෙනෙක්. මං දන්නව පොර මේ කතන්දර බ්ලොග් එක කවද හරි බැළුවොත් පේලි දෙකකට වඩා කියවන්නෙ නෑ. පිරිසිදු හෙළ බසට තමයි කැමති. අර අපේ සීය ගෙ කෝට් එක ගැන කතන්දරේ හිටිය ප්‍රින්සිපල් නෝන වගේ.
ඉතිං පොර මොකද දන්නවද කලේ? කුස්සියෙ බිත්තියෙ අර ඇණ දෙක ගහල තිබුණු තැන ගැහැව්ව පොඩි දැන්වීමක්. මෙන්න මෙහෙම.
සහෘදයෙනි, භක්‍ෂණයෙන් පසු ඔබේ පත එල්වනු මැනවි.
ඕක දැකල අපිට මැරෙන්න හිනා.
හැබැයි ඊටත් වැඩිය හිනා ගියේ දවසකට දෙකකට පස්සෙ ඔය නෝටිස් එකේ අකුරු දෙක තුනක් වෙනස් කරල තිබුණු විදිය දැක්කහමයි.
ඒ විදියට නෝටිස් එක අළුත් වුණු විදිය මෙතන දාන්න තිබුණ මං මේ කතන්දරේ පටන් ගන්න කොටම මේක පවුලේ සැමට එකට කියවන්න පුළුවන් එකක් කියල ලිව්වෙ නැත්තං.
කතන්දරකාරයා
ප/ලිඃ
මේ චමරියේ කතන්දරේ නැගල ගියොත් තව මේ වගේ කතන්දර දුසිමක් විතර තියෙනව කියන්න කියල මං මුලින්ම ලිව්වනෙ. ඒව මේවගෙ කතන්දර නෙමේ, හොඳ ජොලි ඒව. මොකද කියන්නෙ, ලියන්නද, එපාද?
Subscribe to:
Post Comments (Atom)
අනිවාර්යයෙන් ලියන්න.
ReplyDeleteහැබැයි දැන් දැන් කතන්දර කෙටි කතන්දර වෙලා වගේ...
හිකිස්..මම නම් දන්නවා ඔය වෙනස්කම.. මොකද අපිට හිතෙන්නෙම කුණුහරුප වලින්නෙ.
ReplyDeleteඕක අහන්නත් දෙයක්ද? ලියන්න ලියන්න
ReplyDeleteඒවත් ලියන්න....හැබැයි මීට වැඩිය ටිකක් නැගල යන විදිහට ලිවුවොත් පොඩි ගතියක් තියෙයි!
ReplyDeleteඅර නොලිව්ව එක ලියල දාන්න ඔන්න ඔහෙ.....පොඩි එවුන් මේව කියවන්න හරි ආසයිනෙ
ReplyDeleteඔක්කම කතන්දර ලියන්න.. ඒත් අර දිව්‍ය ලෝක කතාව නම් හරිම ලස්සන කතන්දරේ. චමරි වල කතන්දරත් ලියන්න. හැබැයි මෙහෙම අපභ්‍රන්ස විදිහට කතාව නතර කරන්න එපා. දැන් බලන්න. මට මෙච්චර වෙලා ගිහිල්ලත් වෙනස්කරපු අකුරු දෙක තුන හිතාගන්න බැරි වුනා.(මම ටියුබ් ලයිටි එක වෙනම කතාවක්)
ReplyDeletecomment ලියන්න පරක්කු වුනෙත් ඒකයි. ...
වීසා කැන්සල් කරන එකක් නැහැ. දිගටම ලියන්න. මැරතන් එකත් මේ blog එකේම දුවනව නේද?
මම බාල්දි ලේස්ති කරන් ඉන්නේ....
බිපෙසි! :D
ReplyDeleteමටනම් හිතාගන්න පුළුවන් කොහොමද දැන්වීම වෙනස් වෙන්න ඇත්තෙ කියල...
ReplyDeleteඅනිත් චමරි කතා ටිකත් ලියමුකො බලන්ඩ
"ත" යන්න "ක" යන්න කෙරුවද?
ReplyDeleteලියන්න මහත්තයා ලියන්න........
ReplyDeleteහිකිස්...
ReplyDeleteඉතින් දැන් කී දෙනෙක් ඔය අකුරු දෙකේ එක එල්ලල ගියාද දන්නේ නෑ නේ. අපිට ඉතින් වල් දෙයක් නම් පට ගාල පත්තු වෙනවනේ.
කතන්දරේ ඕක අහන්න දෙයක්ද? අනිවා ලියන්න අපි එනවා හෑමදාමත් කියවන්න... ජය වේවා
ReplyDeleteha ha ha . . .ela ela .. .
ReplyDeleteituru tikath liyapan . .
haree.. mamath dannawooo.. eaka newi kathandara mahaththayooo.. kohomada me sinhala unicode walin type karanne ahh... podi kuppiyak daaanna berida? UCSC wala thiyana unicode singlish transliterate eken da?
ReplyDeleteවෙනස් කරපු විදියනම් හොයාගත්ත. කතන්දරේ හොඳම හරිය ඒක තමයි. ඒත් ලියන්න බෑනෙ නේද කිව්ව නාහන පොඩි එවුන් මේව කියවන නිසා.
ReplyDeleteඉතිරි කතා ටිකත් ලියල දාන්න ඔන්න ඔහේ...
හෙහෙ.. මටත් තේරුනා මම හිතනේ
ReplyDeleteචීයා කසූ ඔයා හරි නෝටි වේගෙන එන්නෙ. කමක් නෑ ලියන්න. අපි ඉන්නවනෙ කියවන්න. කියවල රස විඳල.. නොදකින් මේ වල් යකා කියල කමෙන්ට් එකකුත් දාල යන්නම්.
ReplyDeleteඅදයි ආවේ..කතන්දර අහන්න.
ReplyDeleteනියමයි...ලස්සනට ලියලා තියෙනවා.
චමරියේ කතා සේරම ලියන්න...
ලොකු වින්දනයක් ලැබෙයි කියලා හිතනවා.
@ ALL
ReplyDeleteසියළු දෙනාටම ස්තුතියි.
1. දිනපතා දාන නිසා දැන් එක කතන්දරයක් වචන 500 ට අඩුයි. ඊට වඩා ටයිප් කරන්න සහ අණෙක් වැඩ වලට වෙලාව නැහැ. කුටුම්බයත් රැකගෙන මේ වැඩ කරගන්න එක ලේසි නෑ. කෝච්චියේ යන එන වෙලාවේ තමයි වැඩි වැඩ කොටස කරන්නේ. ලැප බුදුවේවා!
2. කතා ගොඩක් ලියන කොට ඉතිං පොඩි පොඩි කොම්ප්‍රොමයිස් කරන්න වෙනවා. තත්ව පාලනය සම්බන්ධයෙන්.
3. කතන්දර බ්ලොග් එක නිතර දකින කුකුලාගේ කරමල සේ දිස් නොවේවා යැයි පතමි.
4. ඔය නෝටිස් එකේ තැන් තුනක් වෙනස් කර තිබුණා.
ලැප විතරද ඈයි කෝච්චිය ... කෝච්චියත් බුදු වේවා...
ReplyDeleteඔන්න මට එකක්නම් තේරුනා :-D
ReplyDeleteහැබැයි ඔය වාක්‍යය හෙළුවෙන් ලියපු එකක් නම් නෙවෙයි. මොකද හෙළුවේ ඔය මහාප්‍රාණ නෑ නොවැ
ReplyDeleteහෙළුවෙන් වනන්නෝ පකට වියත්හුය
ReplyDeleteOnna ohe nikan tiyana eka liyala dapan bo...
ReplyDelete