Tuesday 7 January 2014

අහිකුණ්ටික සාස්තරේ - Who wins the next presidential election? - Now that's the question to ask!


ඔය ලංකාවේ ඉන්න අහිකුණ්ටික කියන ජන කොටස ඔහේලා අපි වගේ නොවෙයි ඉතාමත් කිට්ටු ඉන්දියානු සම්භවයක් තියෙන අය. ඒ අය වැඩි දෙනෙක් කතා කරන්නේ ආන්ද්‍ර ප්‍රදේශයේ භාවිතාවෙන තෙලිඟු මිශ්‍ර භාෂාවක්.

මේ මිනිස්සු එක තැන ඉන්නේ නැතිව තැන් තැන්වල ඇවිදිමින් ජීවත්වෙන ජිප්සීස් ලා ජාතියක්. යුරෝපය පුරා පැතිරිලා ඉන්න රෝමානි ජිප්සීස්ලාත් මේ වගේම ඉන්දියාවෙන් එහේට ගිය ජනකොටසක් ය කියලයි කියවෙන්නේ. ඒ අය ගිහිල්ලා තියෙන්නේ නං දැන් අවුරුදු දාහකටත් වඩා කලින් කාලෙකයි.

මට මතකයි අපි පොඩි කාලේ තිබුණා චිත්‍රකතාවක් අහිකුණ්ටික කෙල්ලෙක් සහ පුටු-පුටු දඩුකජ්ජක නැගිලා යනෙන සිංහල කොල්ලෙක් අතර ලව් එකක් ගැන. පස්සේ මේකෙන් චිත්‍රපටියකුත් හැදුණා මට මතක විදියට රවීන්ද්‍ර රන්දෙණිය අහිකුණ්ටික රැහේ මහ එකාට රඟපෑවේ. මාලිනී ෆොන්සේකා දුව ද කොහෙද. චිත්‍රපටියේ නම සත්වෙනි දවස.

අහිකුණ්ටිකයෝ රස්සාවල් විදියට කරන්නේ (පිරිමි) නයි සහ රිලව් නටවන එකයි, (ගෑණු) සාස්තර කියන එකයි. දැන් නං මං හිතන්නේ මේ අයගෙන් බොහෝ දෙනෙක් අහිකුණ්ටික චර්යාවන් අතහැරලා සාමාන්‍ය ජීවිතවලට හුරුවෙලායි ඉන්නේ.

ඒත් දන්න කියන ශිල්ප ශාස්ත්‍ර අහක දාන්න පුළුවනියැ. ඉතිං ඉඳලා හිටලා දුර පළාත්වල යනකොට තාමත් තමන්ගේ හුරු පුරුදු රැකියාවල යෙදෙන අහිකුණ්ටිකයෝ අපට හමුවෙනවා. අනිත් කාරණේ, උඩ ඉඳලා යටටම ඉන්න ලාංකිකයින් අතරත් එන්න එන්නම මේ ගුප්ත විශ්වාස, කේන්දර, සාස්තර වගේ දේවල්වලට තියෙන කැමැත්ත වැඩිවෙනවානේ. ඉතිං අහිකුණ්ටික සාස්තරවලටත් පොඩි ඉල්ලුමක් තියෙනවා.

ඔන්න අපි එදා අනුරාධපුරේ ගිහින් අටමස්ථාන නරඹමින් යන අතරේ මිරිසවැටිය ලඟට ආවා. අපි වාහනෙන් බහින්නත් කලින් මෙන්න සාත්තර කියන සේවය සපයන අහිකුණ්ටික ගෑල්ළමයෙක් එතැන. හරියට අර විත්‍රපටියේ හිටපු අගටන්නා වගේමයි!

මේ කෙල්ලගෙන් සාස්තර අහන්න කියලා බේරිල්ලක් නැති වුනත් යාන්තං අපි ගියේ චෛත්‍යය දිහාවට ගියා.

මිරිසවැටිය චෛත්‍යයේ නව රිද්ම සංස්කරණය නරඹලා තුටුවූ පහන් සිත් ඇතිව අපි ආපහු එනකොටම මෙන්න සාත්තරකාර කෙල්ල ආවා වාහනේ ලඟට.

"මාත්තියා, සාත්තරේ අහන්න, බලං හිටියා වගේ කියනවා. රුපියල් විස්සයි මාතියා". මේ මනුස්සයා කැඩිච්ච සිංහලෙන් මට කිව්වා.

"ඔන්න ඔහේ කීයක් හරි දීලා දාන්න අනේ!" හාමිනේ මට අණ දුන්නා.

මං රුපියල් දහයක් අතට අරගත්තා මේ මනුස්සයාට දෙන්න.

ඒත් එතකොට මට හිතුණා "නිකං පිනට රුපියල් දහයක් දෙන එකේ, පොඩි වින්දනයකුත් රිටන් එකට ලැබුණට මොකද?" කියලා.

අපේ සමහරු පන්සලේ පිං පෙට්ටියට සල්ලි දාලා එලියට බැස්ස ගමන් ශනිදා වාසනාව ගන්නේ, ඒ පිං බලෙන් ලොතරැයිය ඇදෙයි කියලා හිතලා!

ඉතිං මං අර රුපියල් දහය අහිකුණ්ටික සාස්තරකාරී ට දීලා කිව්වා "විස්සක සාස්තරයක් නොවෙයි, මට කියන්න දහයක බාගේ සාස්තරයක්!" කියලා.

සාස්තරකාරී මගේ අල්ලේ රේඛා පරීක්‍ෂා කරලා බලනවා වගේ පෙන්නලා කියවන්න පටන් ගත්තා.

"මාත්තයා හරීම වාසනාවන්තයි.
හොඳ ලස්සන නෝනා තමයි හම්බ වෙනවා.
යාන වාහන, රැකී රක්‍ෂා හොඳට හම්බ වෙනවා.
හොඳට දේපල ඉඩ කඩම් ගෙවල් දොරවල් ලැබෙනවා.
ඒ වගේම හොඳ වාෂනාවන්ත දරුවෝ හතර දෙනෙකුත් තමයි ඉන්නවා".

අන්න ඒ අන්තිම වාක්‍යය තමයි මට ඇල්ලුවේ නැත්තේ.

"ආන්න බොරුවක්" මං කිව්වා. "මට ඉන්නේ ළමයි දෙන්නයි නේ!"

අන්න එතනදී තමයි මං ඇණගත්තේ.

"මාත්තයාට මේ කෂාදේ ළමයි දෙන්නා තමයි, හැබැයි මාත්තයාගේ අතේ රේඛාවලින් පෙන්නුම් කරනවා මාත්තයාට කලින් කසාදේත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා" කියලා මේ වනචර ගෑණි කියපි ගත් කටටම!

"හා, හා, ඔය ඇති, මෙන්න මේකත් අරං යනවා යන්න" මං තව රුපියල් දහයක් දීලා අහිකුණ්ටික ගෑනිව එළවා ගත්තා.

එතැනින් කාර් එක ස්ටාර්ට් කරපු පාර අපි නතර වුනේ කෙලින්ම මිහින්තලේ!

-කතන්දරකාරයා

ප/ලි:
අද කතන්දරයේ ඉංගිරිසි ටයිටලයෙන් කියවෙන්නේ මේ දිනවල සාස්තරයක් අහනවානම් ඇසිය යුතුම ප්‍රශ්නයකි!

(image: http://www.last.fm/music/Gypsies)

95 comments:

  1. මේක නං කලින් අහල තියනව.

    ReplyDelete
    Replies
    1. සාස්තරේ ඇහැව්වේ අනුරාධපුරේ දී ම ද ?

      Delete
  2. "කලින් කසාදේත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා"
    කලින් කසාදෙ කියල කියපු එක තව හොන්දයි අල්ලපුගෙදර නොකිය.
    Perils of forced monogamy!

    ReplyDelete
    Replies
    1. ඒක නං අහගන්න පුළුවනි සාස්තර නැතුවත්!
      http://kathandara.blogspot.com/2011/07/blog-post_27.html

      Delete
  3. මම කලිනුත් කාගේ හරි පෝස්ට් එකක ඔය අනුරාජපුරේ අගටන්නලා ගැන කකා කියන කතාවම කිව්වා.. ඒ කෙල්ලෝ ඇත්තටම හැබෑ ලස්සනයි.. මූණ කට විතරක් නෙමෙයි අඟ පසඟ පවා.. සාලිය කුමාරයට පිච්චු හැදිච්ච කතාව බොරුවක් වෙන්න බෑ.. මේ කෙල්ලෝ අනික් කෙල්ලන්ට වඩා සෑහෙන වෙනස්..

    සාත්තරේ අහගෙන නිකා නොඉඳ.. උන්ට පන්ඩිත කම් පෙන්නන්න ගියාම ඔහොම වෙනවා තමයි...

    ReplyDelete
    Replies
    1. මේක කොපයික් නොවෙයි, මගේම ඔරිජිනල් කතාව. මං වෙන තැනක කමෙන්ට් එකක් විදියට දැම්මාද මතක නෑ!

      Delete
    2. සාලිය ගැන කතාව වැරදියි. අශෝක මාලා රොඩී කුලයේ. රොඩී කියන්නේ අහිකුණ්ටික නොවෙයි.

      මේ කියන අහිකුණ්ටික අර ආන්ද්‍ර ටැමිල් පිරිසක්.

      අශෝකමාලා ගේ කේස් එක ගැන මගේ කතන්දරේ මෙන්න.
      http://kathandara.blogspot.com/2011/03/blog-post_11.html


      Delete
    3. ආන්ද්‍රා වල ඉන්නෙ තෙලිඟු කතා කරන මිනිස්සු නේද? අගටන්නලා එහෙනම් ආන්ද්‍රා වල හිරිහැරයට පත්වෙචච මයිනෝරිටි ටැමිල් කට්ටියකින් පැවත එනව වෙන්න ඇති. හැම පුකක් ගැනම දන්න කක්ක තුමාටත් වැරදුනාද මන්ද?

      Delete
    4. ඔහේ, මම, අපි දන්නවාය කියන දේවල් බහුතරය අපි වෙන තැන්වලින් කියවපු, අහපු, දැකපු දේවල් නේ.

      මං ඔය කතන්දරේ උඩින්ම දාලා තියෙන්නේ තෙලිඟු කියලා, ඒ බව සඳහන් විකිපීඩියා වේ ලින්ක් එකත් එක්ක. ඒක දැක්කේ නැද්ද?

      මෙතන මේ උඩින් තියෙන පිළිතුරේදී මං "ආන්ද්‍ර ටැමිල්" කියන්නේ "අණ්ඩර දෙමල" කියන සිංහල අරුත දෙන්නයි!

      Delete
  4. වෙලාවට බාගෙ සාස්තරයක් අහගත්තේ...... නැත්තම් කකාගෙ කොල්ලො එක්ක තියෙන පලහිලව් ටික ඒකි ඇදල ඇරිය නම් කසාදෙ එතනම ඉවරයි.....

    ReplyDelete
    Replies
    1. එහෙම වුනානම් ඊලග කසාදෙනුත් තව දෙන්නෙක්. 6 !

      Delete
    2. @ Anonymous January 7, 2014 at 4:15 PM
      ඇනෝ හෙම යන්න එපා ඒ පැත්ත පලාතේ සාස්තර අහන්න!

      Delete
    3. @ Pra Jay
      ඒ නැතුවත් එහෙම වෙන්න ඉඩ තිබුණා!

      Delete
    4. දෑන් දෑන් මොනො KKගේ පොලි ප්‍රවනතාවයන් closet එකෙන් එබී බලනවා වගේ !

      Delete
    5. සමහර නංගිල සාස්තරෙන් පොඩි හයිලයිට් ටිකක් මුලින්ම කියනව බලෙන් කකා !!

      ඊට පස්සෙ ඉතිං කීයක් හරි දෙන්න හිතෙනවන්නෙ .
      අන්න ඊලඟට තමා ෆුල් බෑන්ඩ් ප්ලේ කරන්නෙ පොරි හැලෙන්න . .!!!!



      Delete
    6. හි හි

      Delete
    7. උණ,සෙම්ප්‍රතිශ්‍යාව වැනි ආසාදනහකට ලක්ව නැති අවස්ථාවක කිරි,දී කිරි,ගෝ මුත්‍ර,ගොම ඇත් දත්,සක් බෙල්ලන් තම්බා වතුර ස්නානය කිරීම මගින් පැරාට සහ කකාට ඇනෝලාගෙන් ලැබෙන අපල අඩුකරගත හැකි බවට ජෝතියා කියා ඇත.....

      Delete
  5. කකා ඉල්ලං කාල නොවැ . චැහ් !!

    සාස්තර නංගිට රුපියල් විස්සම දුන්නත් බාගයයි තමා අහගන්න වෙන්නෙ. !!

    මොකෝ අල්ලෙ ඉරි තියෙන්නෙ යාංතං නෙ !!

    ඔය ටික හරි කියන්න ඇත්තෙ මූන බලල වෙන්න ඕන !!!



    ReplyDelete
    Replies
    1. විස්සක්ම දීලා තමයි බේරුණේ.

      Delete
  6. ඉස්සරලා කසාදේ ලමයි ගැන කීවාම මම හිතුවේ හාමිනේ කතන්දරව ඇදගෙන යයි කියලා...:D

    //Who wins the next presidential election?// දැන් මේක මෙතනට දැම්මේ මොකෝ?

    ReplyDelete
    Replies
    1. කවුරු හරි ඒ ගැන අහනකං මං හිටියේ.

      ඒක තමයි මං මීලඟ සාස්තරේ අහන කොට සාස්තරකාරයාගෙන් අහන්න යන පළමුවෙනි ප්‍රශ්නය!

      Delete
  7. කකා අනුරාධපුරේ කිට්ටුව තඹුත්තේගම හරියට වෙන්න මෙයාලගෙ ගමක් තියනවා..එහේ ඉඳන් තමා මෙයාල හැමතැනටම ගිහින් තමංගෙ වෘතිය කරන්නෙ.. ප්‍රේමදාස මහතා ඔවුන්ව එහි ගෙනත් පදිංචි කරපු කතාවකුත් අහලා තියනවා ..ඒක වැරදිනම් නිවැරදි කරයි දන්න කෙනෙක් .

    ReplyDelete
    Replies
    1. හැබැයි සාස්තර කියන ගෑණු නං මං පිළියන්දල පැත්තේත් දැකලා තියෙනවා ටික කලකට පෙර.

      Delete
    2. තඹුත්තේ ගම උදාගමක් හදලා දුන්නා ප්‍රෙමදාස මහතා. මේ රැහේ නායකයා ආරච්චිල කියල තමා කියන්නේ. අනිත් රැහේ ඉන්නේ මැණික්හින්න කූරගෙංදෙණිය කියන ගම්මානයේ ඒ අය රොඩී කුළයේ කියලයි කියැවෙන්නේ

      Delete
    3. ස්‍තූතියි නලින් දැනුවත් කි‍රීමට !!

      Delete
    4. දැන් මහත්තය කිව්වට ඒ කාලෙ උත්තමයා කියලා නේද කියුවෙ?

      Delete
    5. ශ්‍රීමත් කියල කිව්වේ ඇයි අමතකද?

      Delete
  8. "මාත්තයාට මේ කෂාදේ ළමයි දෙන්නා තමයි, හැබැයි මාත්තයාගේ අතේ රේඛාවලින් පෙන්නුම් කරනවා මාත්තයාට කලින් කසාදේත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා"///හික් හික්
    "හා, හා, ඔය ඇති, මෙන්න මේකත් අරං යනවා යන්න" මං තව රුපියල් දහයක් දීලා අහිකුණ්ටික ගෑනිව එළවා ගත්තා.///
    රුපියල් 30ක්ම දෙන්න තිබුණේ//දරුවෝ 2දෙනා ගේ නම් ටිකයි ,අර තව ළමයි ඉන්නවා කිව්ව වයිපර ගේ නම්ත් කියන්න තිබුනා එහෙමනම්
    කකා තව ටිකෙන් තුන් වන ලොක යුද්ධය පටන් ගන්න තිබුණා ,හික් හික්
    අයේ සාස්තර ඇහුවෙ නැති ද ??/

    ReplyDelete
    Replies
    1. මං නාඩි වාක්‍යම් අහන්න ගිය කතාව දන්නවාද?
      http://kathandara.blogspot.com/2011/03/blog-post.html

      Delete
  9. සාස්තර නංගිලාට බැරිද තමන්ගෙ අතේ සාස්තරේ බලලා දැනගන්න තමන් මේ පස්සෙන් යන කෙනා සාස්තර අහන්න එකඟ වෙනවද කියල? කාර්යක්‍ෂම සේවයක් සපයන්න පුළුවන් එතකොට..

    ReplyDelete
    Replies
    1. ඒ සේරම විස්තර අතේ තියෙන්න ඉඩක් නෑනේ? තත්කාලයක්වත් බලන්න වේවි!

      Delete
    2. තත්කාලයක් බලනවා කිව්වෙ??

      Delete
    3. //තත්කාලයක් බලනවා කිව්වෙ??// කකාගෙ තට්ටෙට ටොක්කක් ඇන්නම බලාගන්න පුලුවන් :D

      Delete
  10. අම්මෝ සාත්තරනම් අහන්න නම් යන්න නරකයි .... කාකට වගේ ඇත්තම කිව්වොත් ......

    ReplyDelete
    Replies
    1. බොරු එපා රට යනවා කියලා කිව්වා නේද ඉස්සර අහපු සාස්තරේකට?

      Delete
  11. සික් ඊලග ජනාධිපති බලාගන්න කියල ආවේ බලද්දි තියෙන්නෙ කකා අංකල්ගෙ දරුපලගැන සීන් එකක්නෙ :D

    ReplyDelete
    Replies
    1. අනේ නෑ අංකල්ලා ගැන නං මොකුත්ම කීවේ නෑ. අනික අංකල්ලා ගේ කතා මං දන්නවානේ!

      1. අංකල් ල ගෙ කතා - Uncle 1
      http://kathandara.blogspot.com/2009/08/blog-post_06.html

      2. අංකල් ල ගෙ කතා - අංකල් නම්බර් ටූ සහ අංකල් නම්බර් ත්‍රී
      http://kathandara.blogspot.com/2009/08/blog-post_10.html

      3. අනේ අපොයි අංකල් ගෙ බයිලා
      http://kathandara.blogspot.com/2009/11/blog-post_17.html

      4. මේක විට්ටර් අංකල් ගේ අන්තිම ලාස්ට් සීඩී එකද? - Victor Ratnayake's Nil Kandu Yaye
      http://kathandara.blogspot.com/2012/12/victor-ratnayakes-nil-kandu-yaye.html

      5. අංකල් කාල් ගේ තේ හැදීම - Uncle Carl makes Tea
      http://kathandara.blogspot.com/2011/12/uncle-carl-makes-tea.html

      6. සීයලා පස් දෙනෙක් අංකල් ලා කාලේ ඡායාරූපයක් - Who's who of Sinhala literature
      http://kathandara.blogspot.com/2013/02/whos-who-of-sinhala-literature.html

      7. අංකල් ගේ පුත්තු දෙන්නා - Uncle and his two sons
      http://kathandara.blogspot.com/2011/09/uncle-and-his-two-sons.html

      8. ඒ සල්ලිත් දාන්න අංකල් දෑවැද්දට...!!!
      http://kathandara.blogspot.com/2010/12/blog-post_19.html

      9. ගුවන් විදුලි ප්‍රශ්ණ විචාර තරගය - Take it or leave it!
      http://kathandara.blogspot.com/2010/05/radi-quiz-show.html

      10. පැන්සොන් මීටිම - When should a man retire?
      http://kathandara.blogspot.com/2012/03/when-should-man-retire.html

      11. එංගලන්තේ අංකල් ගේ කතන්දර කීපයක් - Once upon a time in England
      http://kathandara.blogspot.com/2013/07/once-upon-time-in-england.html

      12. විහිළු නොදන්නා විහිළුකාර අංකල්! - Know your limits, people!
      http://kathandara.blogspot.com.au/2013/12/know-your-limits-people.html

      !!!

      Delete
    2. හරි හරි අන්කල් කියනවට අකමැතිනම් මීට පස්සෙ කකා අයිය කියන්නම්කෝ :D

      Delete
    3. කතන්දරකාරයා කියා කියන්න!

      Delete
    4. මට අතීතය මතක් උනා

      Delete
  12. හි හි .ඔයාගේ වයිෆ් මොනාට හරි රණ්ඩු වුනාම සස්තරකාරි කියපු එක කියලා ඔයාව අවුස්සන්නේ නැද්ද කාකා තුමෝ ? ,,

    .ඇත්තටම මටත් අවුරුදු 4 කට කලින් අනුරාධපුරේදී සාස්තර කාරියක් සාස්තරයක් කීවා.මං කවදාවත් ඕවා අහන කෙනෙක් නෙමේ. ඒත් රුපියල් 50 ක් හෝ ඒ වගේ ගානක් නිසා ෆන් එකටත් එක්ක ඇහුවේ....හැබැයි අම්මව වත් ලගට ගන්නේ නැතුව තනියම ඇහුවේ.. එයාට මං මුලින්ම කීවා වෙච්ච දේවල් කියන්න එපා ,ඒවා ඔක්කොම වෙලා ඉවර නිසා වෙන්න තියෙන දේවල් කියන්න කියලා.වෙන්න තියෙන නරක දේවල් කියනන් එපා මං වැඩිපුර සල්ලි දෙන්නම් කියලා...එයා අනිත් අයට කියනව වගේ මටත් පුරුද්දට යම් යම් දේවල් කීවා.. ඒ හැම දේම මට මතකයි... සමහර දේවල් මං ඒම් විදියට පාවිච්චි කළා ..නමුත් මගේ උත්සාහයෙන් තමයි ඒවාට ලගා වුණේ....ඒ වගේම අතේ මැද්දේ තියෙන මැද ඇගිල්ල මැද්දට වෙන්න උඩටම ගිය රේඛාවක් පෙන්නලා කීවා දවසක කොටිපතිනියක් වෙයි කියලා.... මං ඒකට thanks කීවා... හි හි අන්න ඒක දිහා බලාගෙන තමයි යන්නේ මං ,,,

    ReplyDelete
    Replies
    1. එහෙම කරයිද? මොකද සාත්තරේ ඇත්ත වෙන්න ඉඩකඩ තියෙන්නේ තව ඉස්සරහට නේ!

      Delete
    2. කරවාම තමයි මං හුනා කිවා වගේ කියන්නේ ඉදගෙන :D

      Delete
    3. සාස්තර අහන්න ගිහින් හරිම වැඩේ නේද වෙලා තියෙන්නේ ...

      ඔය සාස්තර කියන අයගේ වචන හරි බලවත් කියල මම අහලා තියෙනවා. හරියට ඔය සමහර අය හොඳට හැදිච්ච ගහක් දැකලා හීල්ලුවහම ඒ ගහට මොකක්හරි වෙනව වගේ..

      Delete
    4. අපූර්වි... මට පුළුවන් මිනිස්සුන්ව කෝටිපතියන් කරන්න ක්‍රම දෙකක් යටතේ...

      1 ක්‍රමය - මේක තමයි ලේසිම, එකම සුදුසු කමයි ඕනෙ... ඒක තමයි මේ වෙනකොට ඔයා ප්‍රකෝටිපතිනියක් වීම. විනාඩි ගානකින් කෝටිපතිනියක් වෙන්න පුළුවන්.

      2 ක්‍රමය - මේකට නම් පොඩි ගාණයි යන්නෙ, ලංකාවෙ රුපියල් වලින් නම් 50-60 දාහක් ඇති...

      Delete
    5. ඒ කෝටි පතිනියගේ අත ගන්නා දයාබර වාසනාවන්තයා මා විය නොහැකිද.. :) :) ?

      Delete
    6. කෝටියක දෑවැද්දකුත් එක්ක නාකි හපුට්ටෙකුට කෙල්ලෙක්ව බන්දලා දෙනවා කියන්නෙ, එක්කො ඒ කෙල්ලත් ගෙදරට නාකි උන ලොන්ත කරත්තයක්, නැතිනම් ඔලුව හොඳ නෑ.

      Delete
    7. හි හි @ඇනෝ විතරද ?

      Delete
    8. Kenji, dosnt it smell bad when kapuwa shit in d temple

      Delete
    9. හුරේ !!

      කෙන්ජි මාමෙ ඕන්නං කියන්න මං ගානෙ
      ග්‍රැමොක්සෝන් බෝතලේකුත් එවන්නං !!

      Delete
    10. @ ඉන්දික...
      මචං .....අදාළ තැන කොටපන් කොමන්ටුව...
      බොරු ෂෝ නැතිව...මෙතනත් අර උඹේ සුවද වපුරන්නේ නැතිව,

      Delete
    11. ඉන්දික බොස් !!!

      පරන තරහක් ඇතෙයි අපි එක්ක ??? :D

      Delete
    12. පත්තරේ ඒක යවපන් කාන්තාරේ වේලෙන ඔටුවට...

      Delete
    13. හෑ මේ ගැන විහිළුවක් කොරල නේද කෙන්ජි මා එක්ක ඇරගන්න ආවේ.. ඕං වැඩේ දැන් එයාම ඒක කියනවා. වර්ණපාල තියරි.

      Delete
    14. කෙන්ජි මාමෙ.

      අපරාදෙ වෙයිද වහ බෝතලෙත් ???

      Delete
    15. නලින් උඹ නිකන් හිත යට තියාගෙන ඉන්න කෙහෙල් මල් ඇදගෙන මා එක්ක පැටලෙන්න එපා.
      ඉන්දිකගේ පෝස්ට් එකේ සහන් ට කට්ටිය වටවෙලා නෙලපු එක ගැන මාතලන්ගේ ලිපියේ ඉන්දිකගෙන් මම අහපු එකට එයා මෙතන කමෙන්ට් කරලා තියෙන එකටයි මම අහල තියෙන්නේ.
      උඹ පටලවාගෙන මේ රෙද්දවල් අස්සට රිංගන්න එපා.

      Delete
    16. @All
      මූලාසනයෙන් වචනයක්.

      මට පෙනෙන හැටියට ඉන්දික කියූ දේ අදාල කොතැනට දැයි කෙන්ජිට තේරී නැත. නලීන් සඳහන් කර ඇත්තේද ඒ ගැනමය.

      වලියකට කාරණයක් මට නොපෙනේ.

      Delete
    17. ඔබ කියනවානම් මේ ගැන තවදුරටත් මා යමක් නොකියමි.
      පහදා දීම ගැන තුති.
      ලිපි ලියන සැමගෙන් විය යුත්තේ මෙයයි.

      Delete
    18. කතන්දර
      ඔබේ මැදිහත්වීම අගයකරනවා !!!

      Delete
    19. මට දුක සුපියල් 50,000 කෝටිපතියෙක් වෙන්නෙ කොහොමද කියලා එකෙක් වත් අහපු නැති එක ගැන... දැන් ඉතිං කියන්නෙම නෑ, ඇහුවත්....

      Delete
    20. පත්තරේ උඹ පැත්තක් නොගෙන කරන මෙහෙයට මගේ ප්‍රණාමය...
      අරිගතෝ ගොසයිමසු පත්තර සාන්....!
      අනිකුත් අයත් කවද හරි උඹ ඉන්න තත්වයට ඒවි....
      එතකන් බලා සිටිමු ...

      Delete
    21. @ තිසර
      හරි ලේසියි නේ තිසර. සල්ලි අරං වියට්නෑම් වගේ තැනකට යන්නද කියන්නේ. ඩොං වලින් කෝටිපතියෙක් වෙන්න?

      Delete
    22. කෙන්ජි මාමෙ
      ජීවිතේටම හොඳක් ඇහුවමද මන්දා බොල !!!
      මේ හිංගලෙන් ලියන එව්වො ටික දෙනා මරාගෙන
      කාකොටා ගත්තම බ්ලොග් ලියන්නෙ සුද්දොයැ ,, !!!!

      ආං ඒකයි කීවෙ . !! මේ දවස් වල මගෙ කැකුන බිස්නස් එක පාඩුයි බං ඒ උනාට :D

      Delete
    23. ඉන්දික කියන මගුලක් සිංහලෙන් කියපන්. නැත්නම් තේරෙන්නෙ නැති එවුන් ‍රෙද්ද කරට අරන් ගේමට එනවා

      Delete
  13. මමනං කොහොමත් තනියම තමා ඔය සාත්තර සින් අහන්න කරන්න එහෙම යන්නේ!

    ReplyDelete
    Replies
    1. අනුරාජපුරේ ඉඳලා කෝච්චියේ එනකොට සාස්තරයක් කියවුනොත් ඔය විදියට අර කෝච්චි පෙට්ටියේ ඉන්න ගෑල්ළමයිනටත් ඇහෙන්න එක්ක?

      Delete
  14. ඊළඟ ජනාධිපතිත් අපේ මහින්ද මහත්තයම තමයි.එතුමා වටේ ඉන්න උන් මොන කුණු වැඩ කළත් එතුමා අපේ රට තිස් වසරක දරුණු අමානුෂික ත්‍රස්තවාදයෙන් බේරගත්ත එකට කළගුණ සළකන්ඩයි, රටේ දැවැන්ත සංවර්ධනයකට හේතු වෙන පාරවල් හැදිල්ලයි හින්දා අනිවාර්යයෙන්ම අපේ රටේ උගත් බුද්ධිමත් ජනතාව එතුමාව තව දහපාරක් හරි ජනාධිපති කරවනවාමයි අත්දුටුවයි සත්තයි නිවාරණයි ඒස්වාහ්....පුඃ

    ReplyDelete
    Replies
    1. යකාගේ හැටියට විමානේ!
      You get what you deserve.

      Delete
  15. මේ කතාව මීට කලින් කියල තිබුණ වගේ මතකයි.

    ReplyDelete
    Replies
    1. මට නං මතක නෑ, මං වෙන කොහේවත් කමෙන්ටුවක් දාලා තිබුණද?
      හැබැයි ඔය සාස්තරේම තවත් කී දෙනෙකුට කියලා ඇතිද?

      Delete
  16. // මේ වනචර ගෑණි කියපි ගත් කටටම!//

    මේ ලියලද ලියවිලද?

    ReplyDelete
    Replies
    1. උඩ සිට හොඳින් බැලුවානම් පෙනේවී මුලින් ගෑල්ළමයා ටික ටික වනචර ගෑණි වෙන අන්දම!

      Delete
  17. අද කතන්දරයේ ඉංගිරිසි ටයිටලයෙන් කියවෙන්නේ එකක් කතාව එකක්. කමක් නැහැ කකාගේ SEO තියරි. ඔහොම කට කැඩිච්ච කථා තමයි උන් කියන්නේ.

    ReplyDelete
    Replies
    1. අද කතන්දරයේ ඉංගිරිසි ටයිටලය තමයි මං මීලඟ සාස්තරේ අහන කොට සාස්තරකාරයාගෙන් අහන්න යන පළමුවෙනි ප්‍රශ්නය!

      Delete
  18. වැඩේ තියෙන්නේ ඔය සාස්තර එලියට එන්නේ කොටස් වශයෙන්. ඉතුරු ටික අහන්න ඕනේ නම් තව කියක් හරි දෙන්න ඕනේ. මුලින්ම දෙන්නේ සමරිය විතරලුනේ

    ReplyDelete
    Replies
    1. අර නාඩි වාක්‍යම් ක්‍රමයට චැප්ටර් බයි චැප්ටර්!

      Delete
  19. මිහින්තලේට යනකන් වාහනේ දෙයියනේ කියලා යන්න ලැබුනනම් පුදුමයි..

    ReplyDelete
  20. මම මේ කල්පනා කලේ බැරි වෙලාවත් කිව්ව නම් "හොඳ වාෂනාවන්ත දරුවෙක් ඉන්නවා" කියලා.. ඊට පස්සේ මොනවයින් මොනා වෙයිද කියලා....

    ReplyDelete
    Replies
    1. දරු පල නෑ කිව්ව නම්, ඊටත් එහා!

      Delete
  21. අවේලාවේ දමපු පෝස්ට් එකක් නිසා කොමන්ට් නොකරමි.
    ඒ මන්ද කියතොත් මා ඔබ සමග එයට උරණ වී ඇති බැවිනි....

    ReplyDelete
    Replies
    1. තරහද?
      එහෙනං අර පොඩි කාලේ කියනවා වගේ හරහට පොල්ලක් බැඳ ගන්න!

      Delete
  22. //හැබැයි මාත්තයාගේ අතේ රේඛාවලින් පෙන්නුම් කරනවා මාත්තයාට කලින් කසාදේත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා//
    අර පස්තාච්චී කුපාඩි වැඩෙට ගිහින් කකා කොච්චර කාලයක් විතර තායිවල හිටියද?

    ReplyDelete
    Replies
    1. ඕකට වැඩි කලක් යනවායැ. පැය දෙක තුනක් ඇති නොවැ!

      Delete
  23. දහක් දුන්න තරහට තමා ඔහෙම කතාවක් කියන්න ඇත්තෙ..

    ReplyDelete
    Replies
    1. හා නෙමේ බං ...දහයක්....ළමයි කතාව කිව්වම තව 10 ක් දීල ඇත්ත කිව්වට...

      Delete
    2. ඕවා කට පාඩමෙන් කියන සාස්තර. තමහර විට මොනවා කියනවාද කියලා ඒ අයවත් දන්නේ නෑ!

      Delete
  24. කකා :-
    සිඟමන් නොයා මාවතේ
    මහදේ රැඳෙන් රූපිකා
    සසරේ ගෙනා ආදරේ
    පඬුරයි ඔබේ දෝතටා . . . !!


    සාස්තර නගා;-

    මගෙ පාඩුවේ
    යන්ට යනවා ඔහේ
    අනේ ස්වාමි
    හැන්දෑ වෙලා . . .!!

    ReplyDelete
  25. තව පොඩි දෙන්නෙක් පස්සෙ හම්බවෙන්න ඉඩක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. අපි පොඩි පවුලක්. ටිකයි, හොඳයි!

      Delete
  26. කකා සාස්තර කෙල්ලව බයිට් කරන්න ගිහිල්ලා කකා බයිට් වුනා නේද? උන්ගේ මාර කටවල් තියෙන්නේ...දවසක් මගේ යාළුවෙක් ඔය කෙල්ලෙක් එක්ක රන්ඩුවෙලා. ඒකි එක පාරටම කෑගැහුවාලු මේ මාත්තියා මට නිදියගන්න කතා කරනවා සල්ලිවලට කියලා. වහ බොන්න හිතුනලු.

    ReplyDelete
  27. කකාට සුවර්ද හාමිනේ කිසිම හැකයක් හිතුවේ නෑ කියල?නිකමටවත් සැක කටයුතු බැල්මක් දැම්මේ නෑ ?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.