Monday 3 December 2012

මේක විට්ටර් අංකල් ගේ අන්තිම ලාස්ට් සීඩී එකද? - Victor Ratnayake's Nil Kandu Yaye


විට්ටර් අංකල් කියන්නේ එසේ මෙසේ පොරක් නොවෙයි. අපි පොඩි කාලේ ඉඳලාම සින්දු කියපු පොරක් නේ. මන්ද්‍ර සා එකේ ඉඳලා උච්ඡ සා එක එනකම්ම විතරක් නොවෙයි කෝමල ගා වුනත් හොම්බෙන් යන්න කියන්න පුළුවනි අංකල්ට.

මෙන්න විට්ටර් අංකල් ගේ මං කැමතිම "ලෝකෙට පරකාසේ" ටොප් ෆයිව් සින්දු ටික.

1. දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ
2. ආදරයේ උල්පත වූ අම්මා
3. බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
4. අපි ඔක්කොම රජවරු
5. මෝහෙන් මුලා වෙලා

මෙන්න විට්ටර් අංකල් ගේ මං ඇත්තටම කැමති "ගෙදරට මරගාතේ" ටොප් ෆයිව් සින්දු ටික.

1. හිත මිතුරු සුලඟ
2. සිසිල් සුලං රැල්ලේ
3. මුදු පරම සුපිරිසිදු ආදරයේ
4. පොඩි කුමාරිහාමියේ
5. පෙම්බර මධූ මගේ

විට්ටර් අංකල් පහුගිය දා අන්තිම සා එකත් කරළා පෙන්ෂන් ගිය බව දන්නවනේ කෂ්ටිය. නාවින්නෙන් කඩුවෙල පැත්තට යනවා කියලාත් පත්තරේකට කියලා තිබුණා.

ඔය සේරම ලිව්වේ මේක කියන්නයි.

මේ ලඟදී මට ලැබුණා විට්ටර් අංකල් ගේ අළුත්ම අළුත් සීඩී එක.

මේකේ නම නිල් කඳු යාය

මෙන්න සීඩී එකේ කවරේ.



සින්දු පරණ ඒවා. නමුත් ඒ සේරම අළුතින් රෙකෝර්ඩ් කරලා මුල්වරට තමයි සීඩී එකකට ගහලා තියෙන්නේ.



සීඩී එකක් රුපියල් 500 යි.

පේරාදෙනියේ ඉංජිනේරු පීඨ විද්‍යාර්ථීන් ගේ සංගමයේ සුබසාධක වැඩවලට මුදල් හොයන්න තමයි මේ සීඩී එක නිෂ්පාදනය කරළා තියෙන්නේ.

-කතන්දරකාරයා

ප/ලි:
විට්ටර් අංකල් ගේ මේ සීඩී එක පේරාදෙනිය ඉංජිනේරු පීඨයේ විද්‍යාර්ථීන් ගේ සංගමයේ කාර්යාලයෙන් ලබා ගත හැකි බව දන්වමි.

66 comments:

  1. පච පච 6කිව්වට 630ට තමා බඩු බනිස්වුණේ

    ReplyDelete
  2. ෂා.කඩුවෙල පැත්තටද එන්නෙ.එළැ.එළැ.
    තව සීඩී එකක් ගහපු එක හොදයි.සීඩී වල සින්දු කෝමත් නෙට් එකෙන් බාන ඇම්පීත්‍රී කෑලි වලට වඩා කොලිටියි.විට්ටර් අංකල් පැන්සොන් ගිය එකනම් හෙලා දකිනවා

    ReplyDelete
    Replies
    1. බුද්ධදාසත් ඔය ළග නේ ඉන්නේ ?

      Delete
    2. ඉතින් අපට පාන්ද?

      Delete
  3. ස නැවැත්තුවෙ මොකද අප්ප. :/

    ReplyDelete
    Replies
    1. 'ස' නැවැත්තුවේ වික්ටර්ට (කතන්දරකාරයාට හා මාරයාට මෙන් නොව), චාටර් වෙවී, චාටර් වන බව දැන දැනම, කාලයකදී ජනප්‍රියව තිබුණු යමක් ඔහේ ගෙන යායුතු නිසා ඉදිරියට කර ගෙන යාමෙන් වන්නේ දැවැන්ත හානියක් බවට අවබෝධයක් තිබීම නිසාය.

      Delete
  4. "දිනෙක හිරු බැස යන යන වෙලාවක , පෙම්බර මධූ මගේ"

    ඔය වගේ සිංදු ආයෙ ඇහෙන එකක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒවා ඇහෙයි මචං.. රෙකෝඩ් කරපු පරණ ඒවා තියෙනවානේ....

      Delete
  5. සීඩී එකේ තියන එව්ව එකක් වත් අහල නෑ මයෙහිතේ. 500ක් හොයාගන්ට වෙයි වගේ.

    ReplyDelete
  6. Sa ekath iwarey macho..? Oya cd eka online ganta beridoo..??

    ReplyDelete
  7. 'ස' කොහොමත් නවත්තලානේ තිබුනේ කාලෙකට ඉස්සෙල්ලා. මගේ අවුරුදු 35++ ජීවිතයේ 'ස' බලන්න (අහන්න ) ලැබුනේ ගිය පාර නිවාඩුවට ආපු කාලේ. අඩුගානේ ඊට අවුරුදු 20කට එහා පැත්තෙ ඉඳන්වත් 'ස' ප්‍රසංගේ නවත්තලනේ තිබුනේ......!

    කොහොමටත් තව අවුරුදු කීයක් හරි ගියාට පස්සෙ 'ස' ආපහු පටන් ගන්න හේතුවක් හම්බවෙන්න බැරි නෑ අපේ වික්ටර් අංකල්ට....!

    ReplyDelete
    Replies
    1. එතකොට අර සුජාතා නැන්දා කුලරත්න හෝල් එකේ සිංදු කිව්වා වගේ වෙයිද දන්නේ නෑ

      Delete
    2. සුජාතා නැන්දා කුලරත්න හෝල් එකේ සින්දු කිව්වේ කොහොමද කියලා නම් දන්නෙ නෑ. හැබැයි පහුගිය අගෝස්තුවේදි (හරි ජූනි/ජූලි මාසෙ හරි ) යූත් සෙන්ටර් එකේදි නම් සුජාතා නැන්දා කලේ කලින් රෙකෝඩ් කරපු ට්‍රැක් වලට කට හොල්ලපු එක විතරයි.

      Delete
    3. ඔය ටිකම තමයි මචෝ කුලරත්න හෝල් එකේදිත් කෙරුවේ.

      Delete
    4. ස නවත්වලානම් තිබුනෙ නෑ මම දන්න විදිහට...

      Delete
    5. මගේ අවුරුදු 35++ ජීවිතයේ //

      මේ + කියන්නෙ අවුරුදුද මාසද?

      @රතු රජරට
      දැං උඹද මේකෙ කොමෙන්ටු වලට උත්තර දෙන්නෙ?

      Delete
    6. ස නවත්තල තිබ්බෙ. මං හිතන්නෙ අසූ ගනවලින් පස්සෙ ආයි ස එකක් තිබ්බෙ එම් සී ඩී සෙන්ටර් එකෙන් එල්ෆින්ස්ටන් එකේ කරපු වී සී ඩී රෙකෝඩින් එකට. ඊටත් ටික කාලෙකට පස්සෙ තමයි ආයි පන ගහල ගත්තෙ ජයන්තයට සිහ ශක්තියෙන් වැඩ අඩුවෙනකොට.

      Delete
    7. @ඉන්දික උපශාන්ත,

      උඹ කොහොමද දන්නෙ ජයන්තයට වැඩ අඩු වුණා කියලා. උඹෙන් ණයක් ගන්න ආවද?

      Delete
    8. @ඉන්දික,
      15ව අරු සල්ලි දුන්නාම අපි "ස" එකක් ඕගනයිස් කරමුද මචන් ?

      Delete
    9. 15 ඌ සල්ලි දුන්නොත් 23 ලෝකෙ විනාස වෙන එක වෙනමයි. ඒ නිසා මට ඒක පාළහ ලැබෙනවට සැකයි. ඌ අර වෙන එකෙක්ට හිරෙ ට්‍රය්ල් එකක් ගිහින් ආවෙ ඊළඟ පාර කාලෙකට යන්න වෙන්න ඇතිනෙ. ඒ නිසා "ස" නෙමේ උගෙ "රී" තමයි අපිට බලන්න වෙන්නෙ.

      Delete
    10. @ඉන්දික උපශාන්ත,

      මේ ලියන්නෙ නම් උඹ ගැන අන්තිම අනුකම්පාවෙන් මචං. මං හිතුවා ඕක මේ මාසෙදිවත් ලිහෙයි කියලා. යකෝ බ්ලොග් අවකාශෙ ඉන්නෙ මේ වගේ පට්ට මෝඩයෝද? මුලින්ම ඔබා මාමා අහුවුණා. ඊට පස්සෙ මාරයා අහුවුණා. දැන් උඹ අහුවෙලා. උඹ ඔය ඔක්කෝම කිව්වයින් පස්සෙත් තව එවුන් අහු වෙලාලු. තොපි ඔක්කෝම ඔය වගේ මෝඩයෝද මේ වගේ හොරා කියලා දැන දැන එකෙකුට සල්ලි දෙන්න?

      Delete
    11. @AnonymousDecember 4, 2012 3:20 PM,

      මට කලින් අහු උන උන් වහෙන් ඔරෝ බාසාවෙන් නොකිය කෙලිම්ම කිවුවනං මාත් අහුවෙන්නෙ නෑ. මොකද ඕනයගෙ පොස්ට් එක කියෙව්වෙට හොරා කවුද කියල තිබ්බෙ නැති නිසා සහ චැට් රූම් වලට බස් වලට සෙට් නොවුන නිසා මට විස්තර ලැබුනෙ නෑ. ඒත් මම ඔක්කොම කියල තියෙද්දිත් අහු උන එකා මොකාද කියල බලන්න ඕන. කොහොම උනත් අපි එකතු වෙලා මූට විරුද්ධව උසාවි ගියොත් ගේම ලේසි වෙනව සහ මූට ඇප නැතිම වෙන නිසා. ඒක නිසා අහු උන එකෙක් මේ කමෙන්ට් එක දැක්කොත් විස්තර ඇතිව මට මේලක් දාන්න.

      Delete
    12. මෙක දැන් දකින එකෙක්ට මූ කව්ද කියලා කිව්වොත් හොඳයි නේද.....

      මෙන්න දැම්මා සක්කිලියගෙ ප්‍රොෆයිල් එකම

      එදිරිසින්හ ආරච්චිගේ අභීත උදය බණ්ඩාර එදිරිසින්හ
      https://www.facebook.com/abeetha325?ref=ts&fref=ts

      මූනෙන්ම අඳුනගෙන තියාගන්න... මොකද කටින් ගහල රෙදිත් ගලවන් යන ජාතියෙ පොරක් මූ...

      හැබැයි කල කම් පල දෙන්න තව වැඩි කල් නැහැ...

      @ ඉන්දික උපශාන්ත, ඔබේ උත්සාහයට අපෙන් දිරි.....

      Delete
  8. සිහිල් සුළං රැල්ලේ..ඔබේ සුවඳ මුසුවේ... <3
    ඒ වගේ සින්දු නම් ආයේ බිහිවෙන එකක් නෑ..

    ReplyDelete
  9. වික්ටර් ගේ මා ප්‍රියතම ගීත මෙන්න මෙවයි
    1.ආශා නිරාශා මැවූ
    2.තනිවෙන්නට මගේ ලොවේ
    3.සද කැන් වැටිලා

    ReplyDelete
    Replies
    1. මේ මගේ ප්‍රියතම ගී
      1. ආශා නිරාශා මැවූ
      2. අපි ඈතට ඈතට පා නඟලා
      3. සඳ කැන් වැටිලා

      Delete
    2. ළගින් යනවා නේද මචං

      Delete
    3. ලගින් යනව තමයි බන්, හරකයි මී හරකයි බට තණකොල කන්න එක වගේ ආසයි නෙ..... බොල දෙන්නත් ඒ වගේමයි...

      Delete
    4. තැන්කිව් මචං. උඹත් ආසා බට තණකොල වලටද ?

      Delete
    5. හරකෙක් තෑන්ක්ස් කියනව ඇහුවමයි.. ඔන්න මගෙ ගානෙ බට තණකොල ගෝනියක්ම....

      Delete
    6. මේ තණ්කොල කපලා ජීවත් වෙන හාදයා හරිම කරුණාවන්තයි.

      Delete
    7. @Anonymous,
      මචන්, මේ බට තණකොළ ටික කොහොමද?

      1) අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
      2) මල් ලියකම් ඇඳි
      3) තනි තරුවේ

      Delete
  10. අපි ලංකාවෙ මිනිස්සු... වයසක මනුස්සයෙක් ගැන කතාකරන පිලිවෙලක් තියෙනව නේද... මම කියන්නෙ හෙඩිම ගැන...

    ReplyDelete
    Replies
    1. උඹ ලංකාවෙ මිනිහෙක් උනාට බං, කකා ඕස්ට්‍රේලියාවෙ මිනිහෙක්නෙ.

      Delete
  11. ITHIN APATA PAAN DA.

    ReplyDelete
  12. Meka wayasaka, wadihiti. ugath, janapriya katath katha karanne uge nosandalakama penwana, third grade bashawen. Mugen meeta wedi deyak balaporoththu wenna behe.

    ReplyDelete
  13. මාත් කැමතිම ගායකයෙක්..නන්ස්ටටොප් හිප්හොප් අතරෙ තාමත් එහෙමම යි
    .

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  14. රුපියල් 500ක්? අයියෝ සල්ලි.

    ReplyDelete
  15. දැන් අපිට කොහෙන්ද මේක මිලදී ගන්න පුලුවන්???

    ReplyDelete
  16. මොකක්ද යකෝ වික්ටර් රත්නායකගේ ලෝකෙට පරකාසේ කියන්නේ. තෝ පේරාදෙණියේ හඩු ඉන්ජෙක් කියලා සියල්ල දත් වගේනේ හැසිරෙන්නේ. තෝ වගේ ජංගි කතා හුජ්ජ කතා වික්ටර් සින්දුවලින් කියලා නැහැනේ. තොපි වගේ ද්‍රව්‍යවාදය භෞතික වාදය කරපින්නාගත් පාහරයන්ට කොහෙද යකෝ ගීරස වින්දන හැකියාවක් තියෙන්නේ. තොට පුරුද්ද අපහාසේම තමයි. දැන් තොට තේරෙනවද අපහාසය කොයිතරම් නරකද කියලා බල්ලෝ.

    ReplyDelete
    Replies
    1. භෞතිකවාදීන්ට ගී රස වින්දන හැකියාවක් නැද්ද ඇනෝ ?
      අදමයි ඇහුවේ.

      Delete
    2. දැන් උඹද මේ බ්ලොග් එක ලියන්නෙ? මී හරක වගේ හැම එකටම කොමෙන්ට් කරන්නෙ... නොදී යනවද...

      Delete
    3. දැන් තොට තේරෙනවද අපහාසය කොයිතරම් නරකද කියලා බල්ලෝ?

      බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව්

      (බල්ලාගෙ උත්තරේ තමයි උඩ තියෙන්නෙ.)

      Delete
    4. //දැන් තොට තේරෙනවද අපහාසය කොයිතරම් නරකද කියලා බල්ලෝ?//

      /බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව් බව්

      (බල්ලාගෙ උත්තරේ තමයි උඩ තියෙන්නෙ.)/


      බල්ලගෙ උත්තරේ ගූගල් ට්‍රාන්ස්ලේශන් එක....

      මේ නරියට තේරුනේ නැති උනාට මට තේරුනා... මේක ගූ බ්ලොග් එකක්..

      Delete
  17. මෙන්න කතන්දරට සුබ ආරංචියක්. ටොයිලට් සහ කක්කා කිරීම සඳහාම වෙන්වුන තීම් පාර්ක් එකක් කොරියාවේ පටන් අරන්

    http://articles.economictimes.indiatimes.com/2012-11-27/news/35385590_1_world-toilet-organization-jae-duck-suwon

    ReplyDelete
    Replies
    1. එහෙනම් පෝස්ට් එකක් ෂුවර් !

      Delete
  18. වික්ටර් මහත්තයා මේ රටේ සම්පතක්. ඒ වගේ කෙනෙක්ට මෙහෙම කියන එක නම් හරි නෑ. ඒත් කකා මේක ලිව්වෙ ඇයි කියලා නම් මම දන්නෙ නෑ. අපහාසෙටද? වෙන අදහසකටද?

    මම ආසම තනි තරුවට......

    ReplyDelete
    Replies
    1. මම කිව්වෙ අර ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කතාව ගැන. එයාගෙ සිංදු වලට එහෙම කිව්වෙ 'එයාට' අපහාසයක් හැටියටද නැත්නම් වෙන අදහසකටද කියලා මට තේරුනේ නෑ. ඒකයි මම එහෙම ඇහුවේ. මගේ නොතේරුම් කම වැරදීමක් උනා නම් සොරි..

      Delete
    2. උඹ මෝඩය කියල අපි දන්නව මචන්... අවුලක් නෑ...

      Delete
  19. මං කැමතිවා....

    පෙම්බර මධූ මගේ
    අඳුර බිඳින්නට රැයක් දවාලූ
    සිහිල් සුළං රැල්ලේ
    තොටුපොල අයිනේ
    වෙන් වෙන්නවාත් දෝ ලංවූයේ
    නියපෙල සිඳලයි දෑත පාන්නේ
    හිත මිතුරු සුළඟ
    රූකඩ මඩු යාග පොලේ

    හප්පේ තව මතක් වෙනවා...

    ReplyDelete
  20. අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
    තුන් සින්හලයම නෑදෑයෝ...
    1915 හම්බය කියල කැත්තෙන් කැපුවෙ...
    මගෙ කට්ට කහන්ඩව අයියා....

    ("ස" අමරනීයයි )

    ReplyDelete
    Replies
    1. හික්... හික්.... හී.... මටත් මතක් උනා BMICH තිබුන 500 වෙනි "ස" ප්‍රසන්ගෙ පෝස්ට් රෙකෝඩින් එක...

      Delete
  21. Kathandara kaaraya4 December 2012 at 16:07

    @ All

    සියළු දෙනාටම ස්තුතියි.
    හරිම බිසි කාලයක්.
    වැඩ, වැඩ, වැඩ!

    ReplyDelete
  22. Moo hari busy comment walata replies denna bari nisa. Mage comment kapa dala. wasalaya.

    ReplyDelete
  23. මං මේ කල්පනාකලේ වික්ටර්ගේ මං අකමැතිම සිංදුව මොකක්ද කියල එකක් නම් "දාගැබ් වගේ වැව් බැන්දේ" කියන එක ඒකට ගේතුව ඒක ප්‍රේමදාස ලියපු එකක් නිසා .

    ReplyDelete
  24. මේ සින්දුවලට කව්ද අනේ ආස නැත්තේ.

    ReplyDelete
  25. Mata uncle kiyanna mama umbe ammage iyada miniho. Vic. Rat.

    ReplyDelete
  26. My three favourites

    Sangawa Ganu Mena Obe Ruva
    Sonduriya Obage Uvana Malak nam
    Navum Suvandin Obe Muva Dutu

    ReplyDelete
  27. විට්ටර් අංකල් ගේ මේ සීඩී එක පේරාදෙනිය ඉංජිනේරු පීඨයේ විද්‍යාර්ථීන් ගේ සංගමයේ කාර්යාලයෙන් ලබා ගත හැකි බව දන්වමි.

    ReplyDelete
  28. අඩේ මම හදපු කවරේ නේද මේ?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.