ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Saturday, 5 March 2011
කතන්දරකාරයා නාඩි වාක්‍යම් සාස්තරේ අහපු හැටි
දැන් අවුරුදු කීපයකට කලින් මට පොඩි චාන්ස් එකක් ලැබුණා, නාඩි වාක්‍යම් කියන සාස්තරය අහන්න යන්න.
වැඩේ සෙට් වුනේ මෙහෙමයි.
මගේ වැඩ පොලේ හිටියා චන්ද්‍රගුප්ත කියලා පොරක් ටිකක්. මිනිහට චන්ද්‍රගුප්ත කියලා මං ඒ නම දැම්මේ මිනිහා, ටිකක් නෙමේ හොඳටෝම, ඔය ගුප්ත විජ්ජා වැඩවලට කැමති හින්දයි.
කොටින් ම පස්සේ කාලෙක චන්ද්‍රගුප්ත කාරයා බබෙක් ගැනත් පිස්සු වැටිලා හිටියා. බබා ගේ නම හායි ද කොහෙද? ඒ දවස්වල කටේ නිතරම තිබුනේ ඔය "හායි බබා" ගැනයි.
ඉතිං "හායි බබා" හම්බ වෙන්න ඉස්සර කාලේ පොර අපට නිතරම වගේ රස කර කර කියනවා ඔය නාඩි වාක්‍යම් අනාවැකි ගැන කතන්දර.
මේ නාඩි වාක්‍යම් සාස්තර කොච්චර ඇත්තද කියනව නම්, තමන්ගේ නම, අම්මා, තාත්තා ගේ නම පවා හරියට කියනවයි කියලයි කියන්නේ. හැබැයි ඉතිං, ඔය කතාව චන්ද්‍රගුප්ත කියනවා අහලා මට නං හිතුනේ, ඒ අපි හොඳටම දන්න නම්, ගම් වගේ දේවල් වෙන කෙනෙකුගෙන් සල්ලිත් ගෙවලා අහගන්න ඕනැද කියලයි!
ඔහොම ටික දවසක් යන කොට අපේ වැඩපොලේ තවත් පොරකට හිතුනා මේ කියන සාත්තරකාරයා ගෙන් නාඩි වාක්‍යම් අහගන්න. පොර දවසක් මට කතා කළා කොළඹ යන ගමන් සෙට් වෙමු කියලා ඔය වැඩේට.
උගේ කාර්, උගේ ප්‍රැටෝල් හින්දා මාත් කැමති වුණා ඒ ගමනට.
ඔන්න මලිතු යි මායි එදා කොළඹ ගිහින්, කොළඹ අර ලොකු හන්දයෙන් හැරිලා, කොහෙද මන්දා ජනාකීර්ණ පැත්තක අතුරු පාරක් දිගේ ගිහින් කෙලවරේ තිබුණු ලොකු බිල්ඩිමක් ලඟ නැවැත්තුවා.
මේක කාමර කුලියට හෝටලයක්. නාඩි වාක්‍යම් කියන්න ඇවිත් ඉන්න ඉන්දියන් පොරවල් මේ හෝටලේ ඉඳන් තමයි ඔපරේට් වෙන්නේ.
කාරෙක නවත්තලා අපි එතනට ගියා. හාෆ් ෂීට් බාග දෙකකට දෙන්නගේ ඇඟිලි සලකුණු අරගෙන නම් දෙකත් ලියා ගත්තා. මං නං දුන්නේ තාත්ත ගේ නමයි වැඩි පරිස්සමට.
මලිත් ට ඇපොයින්ට්මන්ට් එක දුන්නා මාස දෙකකට විතර පස්සේ එන දවසක. ඊ ලඟට පෝලිමේ හිටිය මට දුන්නේ, මලිත් ගේ දවසට සති දෙකකට පස්සේ එන දවසක්.
ඔන්න නියමිත දවසේ මලිත් කාරයා ගිහින් සාස්තරේ අහගෙන ආවා. පොර සැටිස්ෆයිඩ් නෑ. නම පවා වැරදියටයි කියලා තියෙන්නේ.
ඒක හින්දා පොර අනාගතේ මහාචාර්ය කෙනෙක් වෙනවාය කියලා වගේ කියපු අනාවැකි කොහොම විශ්වාස කරන්නද, නේද?
සති දෙකකට පස්සේ ඔන්න මගේ සාත්තර ඇපොයින්ට්මන්ට් එකේ දවස එනවා -හෙට.
මං ඒ වෙනකොටත් හොඳටම එක්සයිටඩ්!
මගේ කරුමෙද මන්දා, එදා හවස ලංකාවේ පොඩි ග්‍රහයෙක් මාරු වුණා. පොඩි යි කියලා කියන්නේ -පොඩි පහේ බෝම්බයක් තමයි කොළඹ පිපිරුනේ. ඉතිං, පහුවදාට නියමිතව තිබුණු මගේ කොළඹ ගමන යන්න මට කතන්දර හාමිනේගෙන් අවසර ලැබුනේ නෑ.
නමුත් සති දෙක තුනකට පස්සේ කොළඹ ගිය දවසක මං අමාරුවෙන් හොයාගෙන ඔය කියපු තැනට ගියා. එදා මට ලැබුණු ඇපොයින්ට්මන්ට් එක තව මාස තුනකට පස්සේ එකක්.
ඒත් ඒ දවසේත් වැඩේ වැරදුණා. ඒ මට වැඩපොලේ නොවැලැක්විය හැකි වැඩක් යෙදුණු හින්දයි.
එහෙම වුනත්, මං නං නෙමේ නාඩි වාක්‍යම් බලන අදහස අතහැරියේ. ආයෙ ගිහින් ගත්තා ඇපොයින්ට්මන්ට් එකක්. ඒකත් හැබැයි තිබුනේ තවත් මාස දෙක තුනකින්. මං හිතන්නේ ඒ තරමට ඉල්ලුමක් තිබුණා ඒ දවස්වල මේ නාඩි වාක්‍යම් වැඩේට.
මගේ වෙලාව කියන්නේ, හරියටම ඒ තුන්වෙනි දවසට සතියකට කලින් වැඩපොලේ වැඩකට පිටරටකට ගිහින් එන්න සෙට්වුණා. නාඩි වාක්‍යම් බලනවා වගේයැ රාජකාරිය. මං වැඩේ අල්ලා දාලා රට ගියා.
ආයෙත් ඒ ගැන හිතුවේ මේ කතන්දර බ්ලොග් එකට ඒ කතාව ලියන්න තමයි. ඒ විදියට මේ නාඩි වාක්‍යම් සාස්තරේ අහන අදහස අතහැර ගන්න මට තවත් හේතුවක් තිබුණා.
මං ඔය තුන්පාරක් ම ඇපොයින්ට්මන්ට් අරගෙනත් නාඩි වාක්‍යම් සාස්තරේ අහගන්න බැරිවුණු බව අපේ චන්ද්‍රගුප්ත ට කිව්වහම, මිනිහ මොකක්ද දන්නවද කිව්ව කතාව?
අපි එක එක්කෙනා ගැන ඒ නාඩි වාක්‍යම් ලියන කොටම, ලියලා තියෙනවාලු, ඒ ඒ පුද්ගලයා සාත්තරේ අහන්නේ හරියටම කවදාද කියන එකත්.
ඊට කලින් කොච්චර සැරයක් හරි ඒ සාස්තරේ අහගන්න ගියාට වැඩේ කරගන්න බැරි අන්න ඒකයි!
අන්න ඒ නිසයි, මං අවුරුදු ගාණක් ම ගිහිනුත් තාම ඒ ගැන නැවත හිතුවේ නැත්තේ.
මගේ දවස තාම ඇවිල්ලා නෑ!
-කතන්දරකාරයා
ප/ලි:
වැඩේ කියන්නේ මගේ කේන්දරේ අපේ මාරයා ට කියලා බලා ගන්න ගිහිනුත් මට ඔය සිද්ධියම නේ වුනේ. තරගෙකින් දිනලත්, ඒ වැඩේ වැරදුණා දෙපාරක් ම.
මං හිතන්නේ මං මාරයාගෙන් මගේ කේන්දරේ බලෝගන්න දවස මගේ කේන්දරේ ලියවිලා ඇති.
සමහරවිට ඒ දවස ලියවිලා තියෙන්නේ මාරයා ගේ කේන්දරයේ වෙන්නත් පුළුවන්!
ප/ප/ලි:
මේක මගේ වෙන්ට කතන්දර සීයෙන් එකකි. ඉතුරු අනූ නමයේ ලයිස්තුව මෙන්න මෙතනින් බලන්න.
(photo: http://www.thesundayleader.lk/archive/20060528/review.htm)
Subscribe to:
Post Comments (Atom)
ඉතිං ඒ දවස ලියැවිලා තියෙනවානං එකපාරින්ම එදාටම අපොයින්ට්මන්ට් එකක් දෙන්නෙ නැතිව දවස් ගණන් රස්තියාදු කොරන්නෙ මොටද..!!??
ReplyDeleteඅනේ මාරයියේ කතන්දර අයියා ගැන අනුකම්පා කොරලා ඔය කේන්දරේ අදම බලලා දෙන්න :D
ReplyDeleteනාඩි වාක්‍ය ගැන බලංගොඩ ආනන්දමෛත්‍රී හාමුදුරුවො සෑහෙන්න විස්වාස කලා කියල සමුද්‍ර වෙත්තසිංහ ලිපාපු පොත් දෙකක තිබිල කියෙව්ව මම මෑතක. හැබැයි උන්නාන්සෙනම් එක එක පුද්ගලයන් ගැන වැදගත් තොරතුරු හෙළි කරගත්තලු, ඒ ඉතිං ලංකාවෙ නාඩි බලල නෙමෙයි ඉන්දියාවෙ ගියපු වෙලාවක. ක.කා.ත් ඉන්දියාවෙ පැත්තෙ ගියොත් ට්‍රයි එකක් දීල බලන්නකො. සමහර විට හරියන්න ඉඩක් නැතිවෙන එකක් නෑ.
ReplyDeleteමට මටක් උනෙ දොස්තර හොදහිත 1කෙ චව් චව් ව..
ReplyDeleteමිනිහ කියන්නෙම හරියන්නෙ නැ කියලනෙ..
මිනිස්සුන්ගෙ හිත් දුර්වල කරන්න නියම දේවල් තමයි ඔය නාඩි වාක්‍යම් වගේ ඒවා.තමන්ට තමන් ගැන ආත්ම විස්වාසයක් නැති වුණාම ඔය වගේ දේවල්වලින් ලැබෙන පිහිට කියලා වැඩක් නෑ.මෙච්චර විද්‍යාව,තාක්ෂණය දියුණු කාලයක ඇයිද මන්දා මේ හැටි ගුප්ත විද්‍යාව පස්සෙ මිනිස්සු යන්නෙ.මම නම් ඔය හොර තක්කඩින්ව තඹේකට විස්වාස කරන්නෑ.මම අවුරුදු 3 ඉන්දියාවෙ ජීවත් වුණා.ඒ නිසා ඔය මගඩි වැඩ ඇස් දෙකින්ම දැකලා තියෙනවා.අනිත් වැදගත් දේ තමයි ඉන්දියාවෙම මිනිස්සුවත් ඔය දේවල් එතරම් විස්වාස නොකිරීම.
ReplyDeleteවැල්ලවත්ත පැත්තට වෙන්න නේද තැන..? ඔය කියන තැනට මමත් ගිහින් තියේ. මට නම් හැබැයි හරියට කිව්වා සහ කිව්ව දේවල් හරි ගිහිල්ලත් තියේ. මේ ආත්මේ විතරක් නෙමෙයි ගිය ආත්මෙත් කියනවා.
ReplyDeleteඅනේ මන්දා, මං නම් විශ්වාසෙකට ගියා නෙමෙයි මගේ යාලුවෙක්ගේ වුවමනාවට ගිය ගමන් මාත් ඉන්න බැරිවට අහ ගත්තා..
:D
[ආ.., ඒ කියාපු දේවල් හරියටම අහගන්න දෙනවා කැසට් එකක රෙකෝඩ් කරලත් ඒ මිනිස්සු]
නාඩි වාක්‍ය ටිකක් හරි හරියට කියන කිහිපදෙනයි ඉන්නේ ..ඒ තමයි... දොස්තර මහත්තය සහ ගමේ ඉන්න වෙද මහත්තයා....
ReplyDeleteඅනිත් අය ගැන නම් නොදනිමි...
"මගේ වැඩ පොලේ හිටියා චන්ද්‍රගුප්ත කියලා පොරක් ටිකක්".
ReplyDeleteමම ටියුබ් ලයිට් හින්දද දන්නේ නෑ මට මෙතන තේරෙන්නේ නෑ.
මමත් ඔය කියන තැනට ගියා. මට කීවා කවුරු හරි, කවද හරි දවසක මට සමනල්ලු ගැන සින්දුවක් ලියනවා කියලා. ඒක නම් හරි ගියානේ.
@ කාංචනා අමිලානි
ReplyDeleteතමන්ට සංවේදනය නොවූ පමණින් යමෙක පැවැත්මක් නැතැයි බැහැරකිරීම සෑම විටකම නිවැරදි නොවෙන්න පුළුවන්. ඕනෑම සමාජයක පැවැත්ම රඳාපවතින්නෙ ඒ ඒ සමාජයන්ට අනුව ගොඩනඟා ගනිපු සමාජීය හරපද්ධති මත. ඔබට විදුලිය දකින්න බැරි වුනාට ඒකෙ ප්‍රතිඵල දකින්න පුළුවන්. නමුත් අපි අක්ෂීගෝචර නොවූ පමණින් විදුලියේ පැවැත්මක් නැතැයි කියන්නේ නෑ නේද. ඒවගේමයි අනිත් දේවලුත්. ඇති බව හෝ නැති බව ප්‍රත්‍යක්ෂ කරගන්නා තුරු කලබල නොවී නිරීක්ෂණය කරන්න.
සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස් වල පානින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම
අයියනායක - විමලරත්න කුමාරගම
තව කතන්දර ටිකක් වැඩිපුර දාන්ට බැරිද? දවස් තුනෙන් ඔක්කෝම කියවලා ඉවරයි
ReplyDeleteතව කතන්දර ටිකක් වැඩිපුර දාන්ට බැරිද? දවස් තුනෙන් ඔක්කෝම කියවලා ඉවරයි
ReplyDeleteඅනේ මාරයෝ,
ReplyDeleteකරුණාකර මං ගැන අනුකම්පා කරල කතන්දර මහත්තයගෙ කේන්දරය බලල දෙන්න. එතුමා මේ අඳෝනාව දැන් කීවෙනි සැරයටද කිව්වෙ?
එදා තරගෙන් කොහෙද යන පොට්ට චාන්ස් එකක් වැදුනෙ මටනෙ. කතන්දර මහත්තය මේක මතක් කරන හැම වෙලාවකම අපේ අම්මට කිඹුහුං යනව ඇති. මං ගැන නැතත් අපේ අසරණ අම්ම ගැන අනුකම්පා කරන්න.
දැන් කවද විතරද නාඩි වාක්‍යම් බලන්න යන්න ඉන්නේ?
ReplyDeleteආහ්... තව කීයක් හරි දීලා සාත්තර කියෙන එකෙකුගෙන් ඒක අහගන්න පුළුවන් අයියට.
මෙයා මාරයාට කියල කේන්දරේ බලා ගන්න වෙන්න ඕන මේ හදන්නේ...
ReplyDeleteඅමාරුවෙන් හරි බලාගත්තොත් කාටද ආඩම්බර ඈ........
ReplyDeleteඔය කියන කොයි සාස්තරෙත් යම් පදනමක් මත ගොඩනැගුනු ඒව වෙන්ට ඕන මයෙ හිතෙ.
ReplyDeleteනමුත් දැන් ඉන්න සාස්තර කියන (බහුතරයක්) මහත්තයැන්ල නොනල ඒ ඒ සාස්ත්‍රය ඒ ඒ ව්ද්යාව එහෙන් මෙහෙන් ටිකටික ඉගෙන ගෙන,පටන්ගන්නව ඕන් සාස්තර කඩයක්.කීයහරි හොයාගන්නත් එපැයි...........
සාස්තරනම් ඇත්තද බොරුද දන්නේ නැහැ. අපේ තාත්තා දන්න කියන ඉන්දියාවෙන් ආපු සාමන්‍ය මනුස්සයෙක්නම් මගේ අත බලලා සාස්තරයක් කිව්වා. මේ වෙනකොටනම් එයා කියපු දේවල් ඇත්ත වෙලා තියෙනවා. ඉස්සරහටනම් කොහොම වෙයිද දන්නේ නැහැ... :)
ReplyDeleteපතාගෙන ආපු විදිහට නොවැ ඔතාගෙන යන්නේ කසූ. තාම කල දවස එළඹිලා නැහැ වගේ :)
ReplyDeleteමාරයියා මෙච්චර කෙන්දර බලනවා කකා ගෙනේ තාම බලලා නැත්තේ..ඔන්න හෙට යනවාලු බස් එකක්..ගොඩ උනා නම් හෙට දවස වෙන්න තිබ්බා...
ReplyDeleteමම නම් ඔය ජාති ගැන විශ්වාසෙකුත් නැ අවිශ්වාසෙකුත් නැ...කුතුහලේට හොදයි..
ෂහ් කතන්දර තාත්තා ජීවතුන් අතර හිටිය කාලයක දී නම් තිතට කේන්දරය බලවා ගන්න තිබුණා!!
ReplyDeleteකාන්චනා අමිලානි,
ReplyDelete"තමන්ට තමන් ගැන ආත්ම විස්වාසයක් නැති වුණාම ඔය වගේ දේවල්වලින් ලැබෙන පිහිට කියලා වැඩක් නෑ"
ඔයා හරියටම හිස් මුදුනටම ඇනේ ගැහුවා.
මමත් මගේ බිරිඳත් හිතන්නෙ, ඔය සාස්තර කාරයො, දේවාල, සහ මෙකී නොකී ගුප්ත දේ අදහන්නෙ, ආත්ම විශ්වාසය බින්දුවට බැහැපු අය කියල.
nawammawatha,
විදුලිය දකින්න බැරි වුනාට ඒකෙ ප්‍රතිපල තියෙනවා කියන එක, ගුප්ත දේවල් වලට ආදේශ කරන්නේ කොහොමද?
විදුලිය කියන්නෙ කව්රු හරි හොයාගත්ත දෙයක් නෙමෙය්, නිෂ්පාදනය කල දෙයක් කියන එකත් මතක් කොරන්න ඕනෙ. මං කතා කරන්නේ අපි එදිනෙදා පාවිච්චි කොරන විදුලිය ගැන මිසක් පනාවෙන් ඔලුව පීරන කොටත් උපදින ස්ථිති විදුලිය ගැන නෙමෙය්
ඔය ගුප්ත විද්‍යාත්මක දේවල් මමත් විශ්වාස කළේ නැහැ මුලින්ම ඒත් දවසක් අම්මා මගේ හඳහන බලන්න අරගෙන ගියා. මිහිහා මාව කලින් දැකලත් නැහැ. අපිව අඳුරන්නෙත් නැහැ අඩුගානේ අපේ නෑදෑයෙක්වත් / අසල්වාසියෙක්වත් අඳුරන්නේ නැහැ. අපෙන් කිසිම පෞද්ගලික තොරතුරක් ඇහුවෙත් නැහැ. මගේ හඳහන විතරයි ගත්තේ
ReplyDeleteටික වෙලාවකින් මෙන්න මිනිහා අතීත සිදුවීම් ටිකකුත් කියල වර්තමාන සිදුවීම් ටිකකුත් කියල මගෙන් ඇහුවනේ කෙල්ල දාල ගිය නේද කියල ? :O අඩුගානේ ගෙදරින් වත් එක ගැන දැනගෙන හිටියේ නැහැ. ඒ මිනිහ එක අහල මගේ පටි රෝල් කළා.
මොනවා උනත් එදා ඉඳන් මම හඳහන් විශ්වාස කරනවා.
ඇත්තටම ඔයවගෙ දේවල් ගැන මගේ වැඩි විස්වාශයක් නෑ. හැබැයි එහෙම උනා කියල ඒ දේවල් බොරු කියල මම කියන්නෙත් නෑ.
ReplyDeleteමාරය මගේ කේන්දරේ බලල කියපු දේවල් එකක් දෙකක් මේ වෙනකොටම වෙලා තියෙනවා. බලමු ඉස්සරහට.
මමත් අහල තියෙනව "ඔය නාඩි වාක්ය කියන අය ලඟ ලෝකෙ ඉන්න හැම කෙනෙක් ගැනම ලියවුනු පිටු තියෙනව කියල. ඇපොයින්ට්මන්ට් එක පහුවෙලා දෙන්නෙ, ඒ අදාල පිටු ටික ඉන්දියාවෙන් ගෙන්න ගන්න කල් යන නිසාලු"
@ ඔබ්සවර්
ReplyDeleteජල, පරමාණුක, සුලං, ගල් අඟුරු, සමුද්‍ර රැළි, භූ තාප විදුලිය නිපදවෙව්වෙ ස්වාභාවිකව පවතින චුම්බක ක්ශේත්‍ර භාවිතයෙන්. නමුත් ස්වාභාවිකවත් විද්‍යුතය නිපදවෙනව, ඔබගේ මගේ ස්නායු අතරෙ දත්ත හුවමාරුවට විද්‍යුතය උපකරී වෙනව. ස්වාභාවිකව ඇතිවෙන අකුණු හරහා විදුලිය උත්පාදනය වෙනව. පෘතුවියේ පවතින චුම්බක ක්ශේත්‍ර හරහා සූර්ය සුලං ගැටීමෙන් විද්‍යුතය ඇතිවෙනව. ඒ සේරම පැත්තක තියල මෙහෙම හිතමු. [ඉතුරු කොටස ඊලඟ කමෙන්‍ටුවේ]
@ ඔබ්සවර්
ReplyDelete[පලමු කමෙන්‍ටුවේ ඉතුරු කොටස]
බල්බයක් දැල්වෙනව ජීවිතේටම නොදැකපු මනුස්සයක් එක පාරටම දැල්වෙන බල්බයක් දැක්කම මොනව හිතයිද? ඔහු තමන් දන්නා කරුණු ආශ්‍රය කරගෙන ඒක පැහැදිලි කරගන්න උත්සාහ දරනව. ඒ හේතුන් සියල්ලම විදුලිය ගැන දන්නා කෙනෙක්ට සාපේක්ෂව නිවැරදි නෑ.
නාඩි කියන්නෙත් ඒවගේ දෙයක් කියල තමයි මට හිතෙන්නෙ. මම කියන්න උත්සාහ දරන්නෙ, පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධක නැත්නම් කිසිවක් එකවර පිළිගැනීම හෝ බැහැර කිරීම නොකළ යුතුයි කියන එකයි.
@All
ReplyDeleteසියළු දෙනාටම
කතන්දරේ කියවා ප්‍රතිචාර දැක්වීම පිළිබඳ මගේ ස්තුතිය. සති අන්තයේ මාර විදියට බිසි වීම නිසා ප්‍රති-පිළිතුරු දීම නම් කල් ගියා.
සාත්තර පිළිබඳ මගේ මතය නම් - ඕවා නිකං විනෝදෙට කළ යුතු වැඩ කියායි. ඒ මත ජීවිතය ගොඩ නැමීම නම් නොකළ යුතුයි.
අපේ ජීවිත පිටපත් කලින් ලියා තබා නැති යැයි එක හෙළාම කියන්න බෑ. හුඟ දෙනෙකුගේ හැසීරීම් කොහෙමටත් හයිලි ප්‍රෙඩික්ටබල් නේ.
හරිහමං විදිහට ශිල්පෙ දන්න කෙනෙක් ගාවට ගියොත් හරි අනාගත විස්තරයක් දැනගන්න පුලුවන්. නැත්තං අර කනත්ද රකිව්වා වගේ නම ගමයි අතීතෙයි තමා සල්ලි දිලා බලාගන්න වෙන්නේ
ReplyDeleteමමත් ගියා ඔය කියන සාස්තර අහන තැනට...සාස්තර අහන්න කලින් ප්‍රශ්න 200ක් විතර අහල තමයි ඔක්කොම කියන්නෙ...එතකොට ඉතින් අපෙන් අහගන්න පුළුවන් ඔක්කොම අහගෙන ඉවරයි...මිනිහට ඊට පස්සෙ කරන්න තියෙන්නෙ අපෙන් අහගත්ත ටික ආපිට අපිටම කියන එක තමයි...එක හින්ද රැවටෙන්න එපා කියල තමයි මම නං කියන්නෙ...
ReplyDeleteහැබැයි කේන්දර බලන්න මම නම් ජීවිතේටම ගිහින් තියෙන්නෙ එක පාරයි. උපන් වෙලාව විතරයි ගත්තෙ. මම වෙලාව කියල ඉවර වෙන්න ඉස්සෙල්ලා ලග්නෙ කිව්වා. එතන ඉඳන් මට කට හොල්ලන්නවත් මූණෙන් ඉඟියක් දෙන්නවත් වෙලාවක් තිබුණෙ නෑ. ඇත්තද අහන්න නැවතුණේ නෑ. කියාගෙනම ගිහිල්ලා තමයි නැවතුණේ. බොරු එකක් වත් තිබුණෙ නෑ. දින වකවානු එක්කම ඇත්ත....
ReplyDeleteමාත් මේ තාම හිතනවා!
Mage yaluwekuth ethanata giya. Salli deela ammagei thaththagei nam ahagena apahu awa. Anith chapters walata wenama aya karanawa. Nam deka kiwweth eyage katinma gaththa akuru walin. Samawenna sinhala typin baruwata.
ReplyDeleteමෙහෙම දෙවල් ගැන විද්‍යාත්මක තත්වය කොහොමද ?? කියවල බලන්න ... https://sandaruwn.blogspot.com
ReplyDelete