ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday 28 September 2011
අංකල් ගේ පුත්තු දෙන්නා - Uncle and his two sons
මං කාලෙකට කලින් ලියල පලකළ කඩ්ඩ හොර අයට දෙන එංගලන්තේ යන ශිෂ්‍යත්වයක් ගැන කතන්දරේ මතකයි නේද? ඒ වගේ තවත් කතාවක් කියන්නයි මේ සැට් වෙන්නේ.
අපේ පරණ ගම් පලාත කිට්ටුව හිටියා අංකල් කෙනෙක්. ඒ අංකලුයි, ඇන්ටියි දෙන්නම යුනිවසිටි හෙම ගිය දෙන්නෙක්. අංකල් ප්‍රයිවෙට් සැට්ටරේ තමයි වැඩ කරන්නේ. ඇන්ටි නං මං හිතන්නේ ආණ්ඩුවට කඹුරනවා කොළඹ දෙපාර්තමේන්තුවක. මේ දෙන්නම ලොකු මැනිජර් ලා.
මේ ජෝඩුවට හිටියා පුත්තු දෙන්නෙක්. (අංකල් හොඳ හපනෙක් වගේ, නේද?). මං මේ කොල්ලෝ දෙන්නාව පොඩි කාලේ ඉඳලා දන්නවා.
ඉතිං ඔහොම කාලයක් ගිහින් ලොකු කොල්ලා පහේ පන්තියේ ශිෂ්‍යත්ව විභාගය හොඳින් පාස් වුණා. ඒ අනුහසින් ඊළඟ අවුරුද්දේ ඉඳලා කොල්ලා යන්න පටන් ගත්තා කොළඹ පැත්තේ ලොකු ජනප්‍රිය ඉස්කෝලෙකට.
ඊට අවුරුදු දෙකකට පස්සේ ඔන්න පොඩි එකා ගේ වාරේ ආවා සිස්සස්සේ කරන්න. ලොකු එකාව වගේම ඉතිං පොඩ්වාවත් ටියුෂන් පන්තිවලට ඇරියා. උපකාරක පොත් පත් ගෙනල්ලා ගෙදරදීත් උදව් පදව් කළා.
අනේ ඒත් කොල්ලා එච්චරම හොඳට පාස් වුනේ නෑ. කොළඹ ලොකු ඉස්කෝලෙකට තියා තරමක් ජනප්‍රිය එකකටවත් යන්න.
කොල්ලට යන්න පුළුවන් කම තිබුනේ ගෙදරින් කිලෝමීටර් දෙක තුනක් දුරින් තිබුණු මහා විද්‍යාලයට විතරයි.
ඒකත් හැබැයි ඒ ගම් පලාතේ හොඳම ඉස්කෝලයක්.
නමුත් අංකල්ගෙයි, ඇන්ටිගෙයි හිතට හරි නෑ. අයිය යන්නේ කොළඹ හොඳ නම ගිය ඉස්කෝලෙකට නේ.
ජෝඩුව හොඳ ජොබ් කරන නිසා, ආර්ථිකේ එච්චර අවුලකුත් නෑ. ඉතිං දෙන්නා තීරණය කළා පොඩි කොලුවා ව දාන්න පෞද්ගලික පාසලකට. අර ඉන්ටර්නැෂනල් ඉස්කෝල කියලා හැඳින්වෙන දේශීය පාසල් වලින් එකක්. ඉගැන්වීම ඉංගිරිසියෙන්. නිල ඇඳුම සුදු නෙමේ අවපාටක්. විභාග එංගලන්තේ ඒවා.
දැන් ලොකු පුතා ස්කූල් බස් එකේ ආණ්ඩුවේ ඉස්කෝලෙට යනවා.
පොඩි පුතා තාත්තා එක්ක කාරෙකේ ප්‍රයිවේට් ඉස්කෝලෙට යනවා.
ඔහොම අවුරුදු තුන හතරක් ගතවුණා.
ලොකු එකා උසස් පෙළ විභාගේ ඉතා හොඳින් සමත් වෙලා යුනිවසිටියට තේරුණා. පොර ගෙදර ඉඳන්ම ඉතිං බස් එකේ දුර ගෙවාගෙන යන්න පටන් ගත්තා කැම්පස්.
ඔය අව් අස්සේ පොඩි එකාත් ඇඩ්වාන්ස් ලෙවල් කළාය කියමුකෝ. පොඩි එකා කෙරුවේ නිකං ලපයි සිපයි ගේ ඇඩ්වාන්ස් ලෙවල් නෙමේ, හොඳ රට ෆොරීන් එක!
ඌත් ඒක පාස් වුණා ඉතාම ඉහලින්.
දැන් ඉතිං මොකද කරන්න වෙන්නේ? පොඩි එකාව යවන්න ඕනෑ පිටරට යුනිවසිටි එකකට!
මට අන්තිමට මේ අංකල්ව මුණ ගැහෙන දවසේ එයා මේ වැඩේට ලක්‍ෂ ගානක් හොයනවා. ඉඩමක් විකුණන්නයි අදහස් කරගෙන හිටියේ.
ලොකු එකා ඒ වෙනකොට යුනිවසිටියේ තුන්වන වසරේ. ගෙදර ඉඳන් බස් එකේ කට්ට කාලා කට්ට එපා වෙලා මේ වෙනකොට යුනිවසිටිය අහල පහල බෝඩිමකට ද කොහෙද සෙට් වෙලාලු!
දැන් නං අංකල්ගෙයි ඇන්ටිගෙයි පොඩි කොල්ලා පිටරට යුනිවසිටියට ගිහින් ඇති මට හිතෙන විදියට.
ලොකු එකා බෝඩිමේ වාතවෙන කොට සමහර විට ඌට හිතෙනවාත් ඇති අනේ මාත් ශිෂ්‍යත්වේ ෆේල් වුනා නං කියලා!
-කතන්දරකාරයා
ප/ලි:
තමන්ගේ දරුවන්ට කෙසේ හෝ හොඳ අධ්‍යාපනයක් ලබාදෙන්නට තැත් කරන දෙමව්පියන්ට මේ කතන්දරේ උපහාරයක් වේවා!
මං මේ කතන්දරේ ලිව්වේ දෛවයේ සරදම පෙන්වන්නයි.
(image: Microsoft Clip Art)
Labels:
මගේ පුතා හරි හපනා,
විශ්ව විද්‍යාලය,
ශිෂ්‍යයෝ
Subscribe to:
Post Comments (Atom)
මටත් පර්ත් වලදී හමුවෙන සමහර ස්ටුඩන්ට් ළමය් එක්ක කතා බස් කලාම දෛවයේ සරදමට ලක් වුන (ලොකු පුතා නෙමේ, පොඩි පුතා වගෙ) අයද කියල හිතෙනව. හුඟක් අය පාර්ට් ටයිම් ජොබ් කට්ටක් කරල, ඒකෙනුත් කීයක් හරි හොයා ගෙන,. ස්කුල් ෆීස් ගෙවන්න දෙමව්පියන්ටම බරක් නොවී ඉගෙනීමේ කටයුතු කරගෙන යනව.
ReplyDeleteඔය අතරෙ සුළුතර සෙට් එකක් ඉන්නව, ඉගෙන ගන්න ආවට නොකරන්නෙ ඉගෙන ගන්න එක විතරය්. අනිත් ඔක්කොම හරිය කරනව විතරක් නෙමේ, කසාදෙකුත් බැඳ ගන්නව.
ළමයට මහා විද්‍යාලෙට යන්න දීලා ටිකක් බලන්නනේ තිබුනේ . ශිෂ්‍යත්වෙන් ළමයින්ගේ බුද්ධිය තීරණය කරන්න බැහැ . එක එක ළමයාගේ බුද්ධි වර්ධන අවධි වෙනස් . සමහර විට සාමාන්‍ය පෙළ හොඳට පාස් වෙන්න තිබුනා . ඔන්න අය්යා කැම්පස් ගිහින් මල්ලි ට බැරි වුනා නම් එතකොටයි වෙන අතක් බලන්න තිබ්බේ .
ReplyDeleteදෙන්නටම සමව නොසැලකීම අසාධාරණයි පවුලක වුනත්.
දැන් නම් අන්කල්ට පොඩි පුතා පිටරට යවන්න ඕනි නෑ.මාලඹේ පුද්ගලික විශ්ව විද්‍යාලය තියෙනවනේ.(ජීව විද්‍යාව හදාලේ නම් පමණක් අදාලවේ)
ReplyDeleteඕක මානසික ලෙඩක්. කොල්ලා ටැලන්ට් නම් ගොඩ එයි. හැම දෙමව්පියන්ම කැමති දේ තමන්ගේ දරුවෝ රජ වෙනවා දකින්න. අනික හොඳම දේ ළමයිටත් කියළ කියනවනේ. ළොකු මාතෘකාවක්. මෙහෙම කොමෙන්ට් එකකින් කියන්න අමාරුයි.
ReplyDeleteපවු අප්පා අයියා.... ඌ ලංකාවේ දුක්විඳිනවා, මල්ලි පිටරට සැප විඳිනවා.
ReplyDeleteකතන්දරට කියන්න . . . . මම තිරගම මහා විද්යාලයට යද්දි මගෙ සහෝදරය ගියේ ඇලෙක්සැන්ඩ්‍රා එකට, මම ශාස්ත්‍රාලෙට යද්දි බුවා ඇමරිකාවෙ . . . .මම ධර්මපාලෙට යද්දි බුවා ලයිසියම් . . . . . අද මම මගෙ වියදමිං ජීවත් වෙද්දි මලය තවත් රටක තාත්තගෙ වියදමින්
ReplyDeleteතාත්තට රට පටවන්න තිබ්බේ ඕනයව, අඩු ගානෙ ලංකාවට වත් සෙතක් වෙනව එහෙනං
ReplyDeleteබින්දි කියන්නා වගේ දෙමාපියෝ හිතට ගන්නෙ ඕනෙ කොයි දරුවටත් එක විදිහට සළකන්න. දෛවයේ සරදම් ගැන නම් ඉතින් කියලම වැඩක්නෑ :(
ReplyDeleteකතන්දර ප/ලි කොටසේ සදහන් කරලා තියන වචනනම් බොහොම වටිනවා.
ReplyDelete*වසිලිස්සා*
අදට මනාව ගැලපෙන කතාවක්. එක අතකින් කතන්දරගේ අන්කල්ටයි ඇන්ටිටයි දොසක් කියන්න බෑ. ඒ අය හිතන්න ඇති එංගලන්තෙ විභාග පාස් කරපු අයට ලංකාවේදී ඉහලට ඉගෙන ගන්න තියෙන අවස්ථා අඩුයි ඒ නිසා පිටරට හරි යවන්න ඕනේ කියලා.ඔය සිස්සස්සේ ද මොකද්ද එක නිසා පොඩි කොල්ලෝ කෙල්ලෝ කන පරිප්පුවක්.
ReplyDelete@Prasanna: "මල්ලි පිටරට සැප විඳිනවා"
මේ කතාවට නම් මම එච්චර එකඟ නැ. පිටරට ඉගෙන ගන්න සමහර ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ගෙවන ජීවිතේ දැක්කාම ලංකාවේ ඉන්න අය කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා.
ළඟදීම එනවා තීරය යාවත්කාලීන කර නැත!
ReplyDeleteමාත් සිස්සත්තෙ පේල්. අපේ අම්මටයි තාත්තටයි මං රට යවන එක ගැන හාංකවීසියක්වත් කල්පනා වෙච්ච නැති හැටි. එහෙම උනානං අද මං ඇංගලන්තෙ පංසලකින් දානෙ වේලක් කාල හරි කැම්පස් යනව නෙව. දෛවෙ හැටි !
ReplyDelete@ඔබා,
ReplyDeletePerth වගේ තමයි සමහරවිට ඊටත් වැඩිද මන්ද එංගලන්තයේ ලන්ඩන් නුවර. අප්පෝ.. ලංකාවෙන් ආපු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වැහි වැහැල. මෙහෙ අර්ධ කාලින රස්සා හොයාගන්න එක දැන් පුදුම අමාරු දෙයක් වෙලා තියෙන්නේ. ළමයි නොවිඳින දුක් විඳිනවා ඒ හින්ද. හැබැයි අර කිව්වා වගේ ඉගෙනගන්න එක ඇරෙන්න අනික් ඔක්කොම කරන උන් තමයි මෙහෙත් වැඩි... LOLzzzz ....
කාලය තමයි තීරනය කරන්නේ කුමන පිලිවෙතද හොඳ කියා;
ReplyDeleteපිට රට සැප යයි සිතීම මුලාවක්ම නොවන මුලාවකි.
මගේ මිත්‍රයෙක් කීවේ" එය සැපෙන් දුක් විඳීමක් බවයි"
තරඟ විභාගයෙන් හැලෙන අය මෝඩයන් නොවේ, මගෙ උපෙ පංතියෙ සිටි උපෙ ලකුනු මදිව විවි යන්නට බැරි වූ අය පු වෛද්ය විද්යාලයට ගොහින් දැන් ලොකු විශේසඥ්යන්.
ඕනයා ගැන ඔබ්සර්වර් ලියපු කෑල්ල තමයි හොඳම කෑල්ල.
ReplyDeleteඔබ්සර්වරුත් කොච්චර සේවයක් ද ලංකාවට කලේ රට ගිහිල්ලා!
@ All
ReplyDeleteසියළුම අංකල්ලාට, පුතාලාට (ඇන්ටිලාට සහ දුවලාට) ස්තුතියි!
මේ දවස්වල මංඩලේ පොඩි සීන් එකක් නිසා කමෙන්ට් කරන්න වෙලාවක් නෑ. මේ කතන්දර රෙඩි මේඩ් තියෙන නිසා හොඳයි. සන්ඩේ ස්පැෂල් විතරයි අළුතින් ලියන්න වෙන්නේ.
ඉස්ස-ඉස්සෙල්ලාම කසූ සහෝ ගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් ලියන්නයි හදන්නෙ!මෙච්චර කලක් කියෙව්වට තාම කමෙන්ට් එකක් නම් දාන්න වුණේ නැහැ!
ReplyDeleteඉන්ටර්නැෂනල් ස්කූල් වලින් එළියට දාන්නේ එක ජාතියක සුද්දෝ ටිකක් විතරයි.උන් විභාග පාස් කරලා එහෙම ලංකාවේ සල්ලි කකා එහේ යුනිවසිටි වල ඉගෙන ගන්නවා.පස්සේ ලංකාව කියලා රටක් දැකපු වත් නැති එවුන් වගේ එහේම පැළපදියම් වෙනවා.
මට තියෙන දුක ලංකාවේ එවුන්ට වටින කියන ඩිග්රියක් ගහගන්න තියෙන ලංකාවේ යුනිවසිටි ටිකත් සුද්දන්ගේ ටුවරිස්ට් හෝල් ගානට පැටවෙන එක ගැන.අන්තිමේ ලංකාවේ කොල්ලොන්ට සල්ලි ගෙවා ගෙන පිටරට ගිහින් සුද්දෝ වගේ ඉගෙන ගන්නයි වෙන්නේ!
සික් අපරාදෙ මමත් සිස්සත්තෙ පාස්උනාට කිසි වෙනසක් නොවිච්ච හැටි!
ReplyDeleteඔහොම කමෙන්ට් කරලා යන්න ගියාට මේ වගේ කතා මමත් දන්නවා ඕන තරං.... වැඩේ කියන්නෙ දෙමව්පියන්ට සල්ලි තිබේ නම් දරුවට වෙලාව තියෙනං ශිෂ්‍යත්වෙ නෙමේ ඒලෙවලුත් පඥ්ඤන්ද කිව්වලු.
............
ඕනයා අදහස් දක්වද්දි මටත් හිතුනෙ ඔබා අයියා දෙවෙනි පාර තියලා තියෙන දේට.....
බහු විධ බුද්ධි න්‍යායය ගැන කියවන්න
ReplyDelete-ට්‍රැෆික්
දෙමවුපියෝ ඉතින් කොහොමහරි උත්සාහ කරන්නේ ළමයට හොඳක් කරන්න නේ ! ඉතින් මේ දෙමවුපියොත් එහෙමයි .
ReplyDeleteඔබා අයියගේ දෙවනි කමෙන්ට් එකට මගෙන් +++ ගොඩක්
දෙමව්පියන්ගෙ පැත්තෙන් වරදක් කියන්නත් බෑ....
ReplyDeleteමමත් ඔබා මාමගෙ දෙවෙනි කමෙන්ට් එකට හිස නමා ආචාර කරමි..
විපරීත කාලේන කජ් ෙජ්න පුහුලං
ReplyDeleteඔබා ඇතුලු රැල . . . . .
ReplyDeleteතොපේ කී බෝඩ් වලට හනම ගහනව . . . . .
මොනාවා කියන්නද මන්දා. කෝකද හොඳ කෝකද නරක . තේරෙන්නේ නැහැ අප්පා :))
ReplyDelete@ All
ReplyDeleteසියළු දෙනාටම ස්තුති වේවා!
ඕනයාටත් විශේෂ ස්තුතියක්.