
මං කවියෙක් වුනු හැටියි, මං පෙම් කවියක් ලිව්ව හැටියි ගැන ලියපු කතන්දර දෙක මතකද?
ඔය ගැන හිත හිතා ඉන්න වෙලේ, මට හදිස්සියෙම මතක් වුනා අපේ අංකල් කෙනෙක් ලියපු කවියක්. මේක ඇත්තටම අංකල් ලියපු කවි හතර පහක් තිබුණු කවි පන්තියකින් මට මතක එකම එක කවිය.
මෙන්න කියවලා බලන්නකො ඒ කවිය.
කන්න නොමැතිව බොන්න නොමැතිව අපට ඇතිමුත් පුරුදු වී දුක
බැන්ද බලකොටු රැකිය යුතු වෙමු තවත් බලකොටු තනමු සිරි ලක
පන්තියේ උවමනාවන් මත රටම ඇති සැරසෙමින් නෑ සැක
කන්දසාමි ගෙ සෝමපාල ගෙ නමින් සහතික කරමු ඒ ටික
අපුරු කවිය. හොඳ අදහස. එහෙම නේද?
හැබැයි ඕක නිකං බයිලා එකක්.
මේ අංකල් ගැන මං කලින් කතන්දරයක් ලියල තියෙනවා.
මෙන්න ඒකට ලින්ක් එක. http://kathandara.blogspot.com/2009/08/blog-post_06.html
කලින් ඒ පරණ කතාව කියවලා නැති අය කියවලා බලන්න. එතකොට තේරෙයි, අර කවිය බයිල එකක් වෙන්නෙ ඇයි කියලා!
කතන්දර කාරයා - දෙසැම්බර් 19 Sinhala Bloggers Union සාදයේ දී හමුවෙමු.
එතකං මගේ පරණ කතන්දර බලන්න.
ජූලි කතන්දර
අගෝස්තු කතන්දර
සැප්තැම්බර් කතන්දර
ඔක්තෝබර් කතන්දර
නොවැම්බර් කතන්දර
බයිලා වක් උනත් මට නම් කවියේ අවුලක් පේන්නේ නැහැ වගේ නේ..
ReplyDeleteමලී, මං ලියල තියෙනව වගේ කවිය හොඳයි. හොඳ අදහස. අපූරුවට ගලපල ලියල තියෙනව. අවුලක් නෑ!
ReplyDeleteහැබැයි අංකල් කවියෙන් සමාජවාදය පෙන්නන්න ගියාට වැඩ කටයුතු සිතුම් පැතුම් සපුරා වෙනස්. අවුල එතනයි!!
ක.කා.