Wednesday 31 July 2013

අයියා, මල්ලී ආමන්ත්‍රණය "හයිරංකාර - බලු ගැත්තර" සංස්කෘතියක ලක්‍ෂණක් ද? - Superiority and inferiority complexes


පසුගිය දිනක මට ෆේස් බුක් එක හරහා පණිවිඩයක් ලැබුණි. එහි සිංහල පරිවර්තනයක් මෙසේය.

කතන්දර අයියේ

අයියා ට මාව මතකද?
මං අහවල් බැච් එකේ හිටියේ.
මට නං අයියාව මතකයි.
ඉතිං කොහොමද තොරතුරු?

සී යූ ලේටර්.

මීට අහවලා

ෆේස් බුක් එකේ විස්තර සොය බලන විට මේ අහවලා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උගත් මැවිසුරුවෙක් බව පෙනුණි. නමුත් අවාසනාවකට මෙන් අහවලා ගේ ෆේස් බුක් ප්‍රොෆයිලයේ තිබූ නමේ අග කොටස ඔහු ගේ වාසගම නොව මට හිතුණු විදියට නික් නේම් එකක් විය. ඒ නම සහ ඔහු ගේ ප්‍රොෆයිල් ඡායාරූපය දුටු මට කිසිවෙකු සිහි නොවුණි.

ඔහු ගේ සම්පුර්ණ නම තිබුණේ වුවද තත්වය ඊට වඩා වෙනස් වන්නට ඉඩ නොතිබුණි.

ඒ මගේ ප්‍රශ්නයක් නිසා නොව කාලය මැවූ අරුමය නිසාය.

අද සිටින්නේ, අර එදා සිටි අප නොවේ!

ඒ කෙසේ වෙතත් මේ කියන අහවලා එදා අපේ කාලයේ පේරාදෙනියේ සිටියෙක් දැයි මට ඇතිවුණේ සැකයකි.

ඒ සැකයට හේතුව නම් අහවලා මා ඇමතුවේ නමින් නොව "අයියේ" කියා වීමයි!

අයියා-මල්ලී (හෝ අක්කා-නංගී) කියා එකිනෙකා ඇමතීමේ විහිළුව අපේ කාලයේ විශ්ව විද්‍යාලයේ නොතිබුණි.

එය පසු කාලයේ සිදුවුණු පරිහානියේ ලක්‍ෂණයක් බව මම කලින් දිනයක මා ලියූ "අයියා මල්ලී වාගේ (පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උන්ට පමණයි)" නම් කතන්දරයේ සඳහන් කළෙමි.

අපේ කාලයේ නම් ජ්‍යෙෂ්ඨයින් සහ කණිෂ්ඨයින් වෙනසක් නොමැතිව අප එකිනෙකා ඇමතූවේ බොහෝ විට මුල් නමිනි. සමහර විට වාසගමෙනි. නැතිනම් ඒ නම්වල කෙටි යෙදුමකිනි.

විශ්ව විද්‍යාලයේ වසර දෙක තුනක් අඩු වැඩිව ගතකර තිබීම යමෙකු අයියෙකු හෝ මල්ලියෙකු කරවන හේතුවක් නොවීය.

මා පේරාදෙනියේ කල් ගත කළ වසර හතරයි මාස දෙක තුල කිසිවෙකුට අයියා හෝ මල්ලී කියා අමතා නැත. ඒ සමගම මා කිසිම ගෑල්ළමයෙකුට අක්කා හෝ නංගී කියා අමතා ද නැත. (අයියා මල්ලී විහිළුව අහවලා ඇතුළු පිරිසට බෝ වී ඇත්තේ පසු මා නොදන්නා පසු කලෙක දී බව අප අතර ෆේස් බුකිය හරහා පසුව ඇතිවුණු කතා බහෙන් මට පැහැදිලිවිය).

විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨත්වය මතම අයියා හෝ මල්ලී කීමේ විහිළුව තවත් රසවත් කරවන කාරණයක් නම් උසස් පෙළ තුන්වන වරට සමත් වී විශ්ව විද්‍යාලයට එන්නන් ද සිටින නිසාය.

මගේ එක බැචෙකු ගේ අයියා විශ්ව විද්‍යාලයට ඇතුලත් වුනේ අපට වසරකට පසුවය.

තවත් බැචෙකුගේ අයියා ආවේ අප විශ්ව විද්‍යාලයෙන් නික්ම යාමට මාසයකට පමණ පෙරය, එනම්, වසර හතරකට පසුවය.

ඒ අපේ මල්ලිලා ද ?

එදා "අයියා මල්ලී වාගේ (පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උන්ට පමණයි)" කතන්දරයේ දී මා කියූවේ විශ්ව විද්‍යාලයක් හෝ එවැනි උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙන ගන්නා අය මේ ආකාරයට අයියා-මල්ලී-අක්කා-නංගී සමාජයක් බිහිකරගෙන ජීවත් වීම සමාජ පරිහානියේ ලක්‍ෂණයක් බවයි.

අද මට මෙලෙස සිතේ.
ඔබට කණිෂ්ඨ අය ඔබේ නමෙන් නොව ඔබට අයියා කියා ඇමතිය යුතු යැයි ඔබට සිතෙන්නේ නම් එය හයිරංකාර මානසිකත්වයකි.

ඔබට වඩා ජ්‍යෙෂ්ඨ අයෙකුට නමින් නොව අයියා යැයි අමතන්නට ඔබට සිතේ නම් එය බලු ගැත්තර මානසිකත්වයකි.
-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න තවත් අයියා මල්ලී කතන්දර දෙකක්.

1. අයියා මල්ලී වාගේ අයියා මල්ලී - කෙල්ලන්ට ඇඩ්‍රස් දීම
http://kathandara.blogspot.com/2010/08/blog-post_16.html

2. අයිය ගේ යාළුවා සහ මල්ලි ගේ යාළුවා
http://kathandara.blogspot.com/2011/03/blog-post_31.html

(image: http://www.imdb.com/media/rm3291975168/tt0096320)

117 comments:

  1. මට නම් ඔය මොකා කියල කතා කෙරුවත් ගානක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔයා අද එක වෙලා නේ ? හොර ගෙඩියා !

      Delete
    2. @ Kenji
      නමුත් සමානත්වය තිබිය යුතු තැනක අයියා-මල්ලී කේස් එකෙන් වැඩේ අවුල්වෙනවා!

      Delete
  2. මමත් මේ වැඩේට කැමතිම නෑ. කතාගේ තර්කය 100% නිවැරදියි... මට නම් ඕන එකෙක් මචං.

    ReplyDelete
    Replies
    1. හා මචං!

      මේට්, බඩී, ඩුඩ් යනාදී ඉංගිරිසි වචනත් තියෙනවා.

      Delete
  3. “මිනිසුන් ඔවුන්ගේ ස්වචාරයන් (idiosyncrasies) වලින් ජීවත් වී ඔවුන්ගේම රෝග වලින් මිය යති,” කියලා වියට්නාමයේ කියමනක් තියෙනවා කාකා.

    ඉතින් කිසියම් අධ්‍යයනයක් කරන්නට මිනිසා විසින් හදන ලද කොන්දේසි මෙන්ම ස්වභාවික ලෝකය ද ප්‍රවෛගික (dynamic) වූවකි. මිනිසා මෙන් ම පරිසරය ද වෙනස්කම් වලට භාජනය වෙමින් පවතින්නකි. එක කාලයක දී එකතු කරන ලද තොරතුරු තවත් කාලයක දී තව දුරටත් සත්‍යය දැයි සොයා නොබැලීම දැඩි අඩුපාඩුවකි. මෙසේ කියද්දී මිනිස් ස්වභාවය සහ ලෝක ස්වභාවය ගැන සත්‍ය යැයි ඔප්පු කරන ලද වෙනස් නොවන සිද්ධාන්ත ගැන සැක පළ කිරීම බහුතරයාගේ සාමාන්‍ය සිරිතයි. එහෙත් ඔවුන් සැක පහළ කරගත යුතු වූව නොහොත් මිනිස් ස්වභාවයේ සහ ලෝක ස්වභාවයේ නිතර පවතින විවිධ වෙනස්කම් මොනවා දැයි විමසීමට අමතක කර දැමීම ද සාමාන්‍ය සිරිතයි!!!!!!

    ඇත්තටම කාකා මොකද හිතන්නේ මේ ගැන? කාකා ඉතිං උගත් මැසිමදුරුවෙක් නේ. ඉතිං ඒ හින්දා කකාගේ මොලේ පාවිච්චි කරලා උත්තරයක්‌ දෙන්ට.

    ReplyDelete
    Replies
    1. පිස්සන් පිස්සියන් එක්ක තර්ක කරන්න යනවාට වඩා වඳුරන්ට ප්‍රංශ භාශාව කතා කරන්න උගන්වන්න උත්සාහ දරණ එක ඵලදායකයි. කකාට මොළේ තියෙන නිසා ඒක වැටහෙනවා. ඒකයි කකා තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නෙ, මිගාර වගේ කුජීත නොවී.

      Delete
    2. ලැජ්ජ නැතිව අරුණි ශපිරෝගෙ ඒව ගෙඩි පිටින්ම කොපි ගහනවා නේද

      Delete
    3. අනේ පලයං බං යන්න. එයා විකිපීඩියා එකෙන් කොපි කරන එකේ අපි එයාගෙන් කොපි කළාට මොකෝ? දැන් අර පැන්ෂොන් කර්නල්තුමාත් ඉන්ටර්නෙට් වලින් කොපි කරලා ලියලා ඒක තව කවුද රී-කොපි කළාම වලියක් ඇද ගත්තේ. ඉන්දියන් කාරයා සුද්දගෙන් කොපි කරපු මඟුලක් අපි රී-කොපි කරලා 'කොමන් මෑන්' හදලා සම්මානත් ගත්තේ.

      Delete
    4. ලැජ්ජ වෙන්නෙ මොනවටද බං එයත් කරන්නෙ ඒ ටිකමනෙ.....

      Delete
    5. ඒ උනත් බං මේ වගේ තීන්ත වේලෙන්නත් කලින් කොපි කොරන එක එච්චර හරි නෑ නෙ

      Delete
  4. මටත් හිටියා ඔයවගේ නංගි කෙනෙක් මට වඩා මාස් කීපයක් වැඩිමල්. මට තිබුන ප්‍රශ්නෙ, මෙයා කෙල්ලෙක් හින්දා, මට අය්යා කියන්න එපා කියලා කටක් ඇරලා කියන්න බැරිකම. වයස වැඩියි කියන එක ගෑනුළමයි අප්සෙට් යන කාරණාවක්නෙ.

    කතන්දරේට ආවොත්, අයියා පාට් එක සහ සහෝදරකම අතරෙ පොඩි වෙනසක් තියෙනවා කියලා හිතෙනවා. අපේ කාලෙ සමහරු හිටියා අයියා පාට් දාගෙන (අක්කා පාට් හිටියෙ නෑ ). උන්ට අයියා කියනවා තියා මම ගනන් ගත්තෙත් නෑ. ඒ අතරම හිටියා හෘදයාන්ගම සහෝදර සහෝදරියො. උන්ට අයියා අක්කා, නංගි කියලා ඉබේම කියවෙනවා. පුරුද්දක් හැටියට මම කාටවත් මල්ලි කියන්නෙ නෑ. සමහරුන්ට ඒක දිරවන්නෙ නැති හින්දා. නම දන්නවනම් නම හරි, නත්නම් මචං හරි තමයි.

    ReplyDelete
    Replies
    1. පවුලේ අයියා මල්ලී කියන කොට ඒ වයස නිසා, නිවුන්නුත් අතරත් අයියා, මල්ලී ඉන්නවානේ.

      සහෝදරත්වය යනු සමානත්වයක්, වයස් පරතරයක් නොවේ!

      Delete
  5. ”අද සිටින්නේ එදා සිටි අප නොවේ!”
    අදහස් වලිනුත් එදා හිටිය අය අද නොඉන්න පුළුවන්...ඇත්තටම ඒ පොර කතන්දරත් එක්ක පේරාදෙණියේ ඉඳලා ...පසු කාලේක අයියා මල්ලී කියන්න පුරුදු වෙන්න ඇති...
    දැන් ඔය සහොදරවරු කියලා කථා කරන අයත් ෂෝක් එකට නායක තුමා,අර තුමා,මේ තුමා කියලා කියන්නේ....

    අපි ගාව තාම තියෙන්නේ "අපේ ගම/මුවන්පැලැස්ස" ටයිප් එකේ සංස්කෘති ක්...ගමක තියෙන්නේ පිරිමිඩ් ටයිප් එකේ මිනිස් සම්බන්ඳතා.උඩ ඉන්න අය කියන එක පහල ඉන්න අය අහනවා...
    පහල ඉන්න එකා කරදරයක වැ‍ටුනාම උඩ ඉන්න එකා බේරගන්නවා..(පහළ ඉන්න කෙනා එහෙම හිතන් ඉන්නවා) එහෙම කල්පනා කලාම කතන්දර ගොඩ නඟන තර්කය පිළිගන්න පුළුවන්.
    පොඩි පරතරයක් තියෙන තැන අයියා-මල්ලි, ලොකු පරතරයක් තියෙන තැන අති-ගරු ,ශ්‍රිමතාණෝ..

    ReplyDelete
    Replies
    1. මගේ මේ කතාව තනිකරම විශ්ව විද්‍යාලයේ සිටි සමානයන් ගැන කතාවක් පමණයි!

      Delete
  6. කතාවට 100% ක් එකඟය, පේරාදෙණියේදී පළමු වසරේ සිටියදීත් අවසන් වසරේ සිසුන්ට අන්වර්ථ නාමයෙන් කතාකිරීම අප කාහටත් අරුමයක් නොවීය. කාලය ගෙවී අවසන් වසරේ සිසුන් ඉන්ටා වූ විට උන්ට සර් කීමට දිව නැමෙන්නේ නැත. අමාරුවෙන් හරි කිව්වත් "මොන ...ත්තක්ද යකෝ සර් කියන්නේ" කියා අසා ගැනීමට සිදුවේ.අද විවිධ ප්‍රදේශ වල, විවිධ ආයතන වල, විවිධ තරාතිරම් වල සිටින මේ මචන්ලා හමුවූ විටද පරණ නමෙන්ම කතා කිරීම සිරිතකි, එය අප්සැට් යයි කිසිම විටක නොසිතුනි. මේ පොස්ටුව දුටුවිට මතක් වුනේ අද වනවිට පේරාදෙණියේ මේ සියල්ල වෙනස් වී(කර) ඇති අරුමයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මං එදා කේස් එකේදීත් කිව්වේ මේක සමාජ පරිහානියේම කොටසක් කියලා.

      මං හිතුවේ අපේ කාලේ අය ඒ විපරියාසයට අහු වුනේ නැතිය කියලයි.

      Delete
  7. කකා, මම ඔයාට එහෙම පණිවිඩයක් එව්වෙ නැහැනෙ.. ඒ නිසා මාව ගාව ගන්න එපා ඕවට... :D
    විහිළු පැත්තකට දාමු... මං ගියෙ කටුබැද්දට, එහෙත් අයිය-මල්ලි තමයි... ගියපු දවසෙම සීනියර් බැච් එකේ දන්න එකෙක් එක්ක කතා කර කර ඉන්දෙද්දි, තවත් ඒ බැච් එකේම එකෙක් ඇවිත් මට කතා කරහම, මමත් 'මචං' කියල කතා කලා... පොර මං දිහා අමුතුවට බලන් ඉඳල යන්න ගියා.. මගෙ යාලුව කිව්වෙ, උඩ බැච් වල එවුන්ට මචං කියල කතා කරන්න එපා (ඌට කතා කලාට කමක් නෑ) කියලා... ෆස්ට් ඉයර් එකෙන් පස්සෙ ඒව අඩුයි... හොඳටම ෆිට් උන්ට මචං, අනික් උන් අයියලා...
    එතකොට එහෙම උනත්, පස්සෙ කාලෙක ඔය වෙනස්කම් නැති (හෝ අඩු) වෙච්ච කාලෙකට අයියෙ කියල කතා කරන්න හරි අමාරුයි... මම පස්තාච්චියක් අදින්න ආපු වෙලාවෙ එතන හිටපු මගේ ජූනියර් බැච් වල උන් 'අයියෙ' කියල කතා කරන්න ගත්තහම මං කිව්ව 'අයිය පාට් ඕනෙ නැහැ, මචං කියල කතා කරපන්, මමත් උඹලට කතා කරන්නෙ එහෙමයි' කියලා... උන් මගේ නමත් කියනවා, මචං කියලත් කියනවා... කිසි අවුලක් නැහැ...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඔබට හයිරිකාරකමක් නැති වුනත් අර ජූනියර්ස් ලා ට බලු ගැත්තර කමක් තිබිලා තියෙනවා!

      Delete
  8. අපේ කාලෙ නම් කතා කලේ "යකෝ" "මචං" හෝ අන්වර්ත නාමයකිනි. එහෙත් ආචර්යවරුන්ට නම් සමහරු "සර්,මැඩම්" කියද්දී සමහරු ඩොක්ට ---- කියා ඇමතු බව මතකය.

    මා "සර්" කියා (මහා බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක ආචාර්ය වරයෙක් වන) මගේ PhD සුපර්වයිසර් වරයා (සුප්පා, සුපර්වයිසර් කාරයා ආදි නම්ද ලාංකිකයින් අතර ජනප්‍රිය ය ) ඇමතූ විට ඔහු සිනහා වෙමින් පැවසුවේ
    " I'm Not knighted YET! call me by my name" කියාය.

    මගේ ඇමරිකානු සුප්පා මා අමතන්නේ " Hi Man! how is the experiment" කියාය.

    ReplyDelete
    Replies
    1. ඔබේ ඇමරිකානු සුප්පා එසේ ඇමතුවද සමහර ඇමරිකන් පුරවැසියන් නම් නමින් කතාකල විට හෝ සමතැන් ගෙන අමතන විට "මුග්ධයා", "ආයෙ නාවාට කමක් නෑ" යනුවෙන් පවසයි....

      නමුත් "අක්කේ" යනුවෙන් අමතන විට හිස අතගා මහත් ගර්වයෙන් යුක්තව "අං දිග ගෝණෙකු" මෙන් හිස කෙලින් තබාගෙන පිලිතුරු දෙයි.....

      මෙය කවර ගණයේ මානසික මට්ටමක් ද?

      Delete
    2. ඇමෙරිකන් ඇමෙරිකන් කියා ගත්තට තියෙන්නෙ ලංකාවෙන් අපනයනය කරපු පජාත මානසිකත්වය තමයි. කඳ විතරයි ඇමෙරිකන්. ඔළුව ලංකන්.

      Delete
    3. කකා මම ඔබගෙ පෝස්ට් එකේ කොටසක් පහත පරිදි වෙනස් කරා.... කමක් නැද්ද මන්දා....

      ඔබට කණිෂ්ඨ අය ඔබේ නමෙන් නොව ඔබට අක්කා කියා ඇමතිය යුතු යැයි ඔබට සිතෙන්නේ නම් එය හයිරංකාර මානසිකත්වයකි.

      ඔබට වඩා ජ්‍යෙෂ්ඨ අයෙකුට නමින් නොව අක්කා යැයි අමතන්නට ඔබට සිතේ නම් එය බලු ගැත්තර මානසිකත්වයකි.

      Delete
    4. @ dawkinssdodo
      මේ චර්යාව මිනිසා නමැති සත්වයා ඇතැම්විට සිංහ වෙස් ගැනීමත් ඇතැම් විට නැට්ට පසුපස සඟවාගත් සිඟාල වෙස් ගැනීමක් විදියට වර්ග කළ හැකිද?

      Delete
    5. @ කතන්දර කාරයා

      ඔව් මේක උප සංස්කෘතිය තුල බල-ධූරාවලිය (hierarchy of authority) නිර්ණය කරගැනීමේ ප්‍රයත්නයක් විය හැකිවාක් මෙන්ම සූස්තිගුනේ විසින් රාජ්ගේ පෝස්ට් එකේ දාපු පැහැදිලි කිරීමත් විය හැකියි. කොහොම කිව්වත් මේ ධුරාවලියක් (hierarchy) හැම සමාජ උප-සංස්කෘතියකම තියෙනවා. නමුත් ඒක කරලියට ගෙන එන්නෙ නැතිව සුහදතාව උඩ සිස්ටම් එක දුවන(වා කියල පෙන්නන )කම් හැමෝම සතුටින්. ප්‍රශ්නයක් ඇතිවුන විට, සූක්ෂම ප්‍රශ්නයකදී තීන්දු තීරණ ගන්නේ දූරාවලියේ ඉහල අය නොවැ!

      Delete
    6. @ කසූ

      ඔව් මේක උප සංස්කෘතිය තුල බල-ධූරාවලිය (Hierrarchy of authority ) නිර්ණය කරගැනීමේ ප්‍රයත්නයක් විය හැකිවාක් මෙන්ම සූස්තිගුනේ විසින් රාජ්ගේ පෝස්ට් එකේ දාපු පැහැදිලි කිරීමත් විය හැකියි. කොහොම කිව්වත් මේ ධුරාවලියක් (Hierrarchy) හැම සමාජ උප-සංස්කෘතියකම තියෙනවා. නමුත් ඒක කරලියට ගෙන එන්නෙ නැතිව සුහදතාව උඩ සිස්ටම් එක දුවන (වා කියල පෙන්නන ) කම් හැමෝම සතුටින්. ප්‍රශ්නයක් ඇතිවුන විට, සූක්ෂම ප්‍රශ්නයකදී තීන්දු තීරණ ගන්නේ දූරාවලියේ ඉහල අය නොවැ!

      Delete
  9. එතකොට අයියා මල්ලි කියන්නේ සහෝදර කමට නෙමේ ද ?
    අද මම 1ද මන්දා ?

    මම එක ඇනෝ

    ReplyDelete
    Replies
    1. පවුලේ අයියා මල්ලී කියන කොට ඒ වයස නිසා, නිවුන්නුත් අතරත් අයියා, මල්ලී ඉන්නවානේ.

      සහෝදරත්වය යනු සමානත්වයක්, වයස් පරතරයක් නොවේ!

      එනිසා ඥාතීත්වයක් නොමැති තැන සමානත්වයක් අවැසි නම් නම හෝ මචං කියා හෝ කතා කළ යුතුයි කියායි මා හිතන්නේ!

      Delete
  10. මේ ඉන්තෙරෙස්තින් මැයකි. ලිවිසුරු සුන්දර නිහතමානි ද මැල් මේ ගැන තම 'මහින්දෙ තමයි ඉස්කෝලෙ' හිද කතා කරයි. ආදියෙහි සර්වෝදයේ සේවයේ නියුතු තමන්ගේම අයියා උපුටා දක්වමින් ද මැල් කියන්නේ මේ අයියා-මල්ලී කීමේ සම්ප්‍රදායය එන්ට ඇත්තේ සර්වෝදයෙන් බවයි. ඒ සර්වෝදය නිර්මාතෘ අහංගමගේ ටියුඩර් ආරියරත්නයන් වයස් භේදයකින් තොරව තම බැටළු කැළ ඇමැතූයේ "මල්ලි - නංගී" ලෙස බැවිනි.

    මේ කමෙන්ටුකරු ඊට එකඟ නොවෙයි. සර්වෝදයේ මුල් යුගයේ පවා මේ සිරිත ගුවන් විදුලියේ වූ බවට ගුණදාස ලියනගේ ගේ 'දෝන කමලාවතී' නවමුව දෙස් දෙන්නේය.

    සමහරවිට චූල සංස්කෘතීන්හි අංගයක්ව පැවැති මේ සිරිත මහා සංස්කෘතියට ඇතුළු වන්ට ඇත්තේ 1973 ප්‍රේමදාස උඩගම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් අනතුරුව වන්ට පිළිවන. මේ රැඩිකල් ප්‍රතිසංස්කරණ වල එක් පියවරක් වූයේ ගුරුවරුන් සිසුනට "පුතා, දුව" ලෙස හා සිසුන් එකිනෙකාට "අයියා-මල්ලී" හෝ "අක්කා-නංගී" ලෙස ආමන්ත්‍රණය කර ගැන්මත්ය. (මේ සම්ප්‍රදාය ආරම්භ කරන්ට යෝජනා වූ සමයේ එක් විපක්ෂ මන්ත්‍රීවරයකු "මෙහෙම ගියොත් ළමයි ගුරුතුමීට ලොකු අම්මා කියලත් කතා කරයි" රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී කී බවද දිනමිණේ ලොකු අකුරින් වාර්තා වී තිබුණේය.) කාලයාගේ ඇවෑමෙන් පාඨශාලාවන්හි නිපන් මේ සිරිත එකී පරම්පරා විසින් සමාජයට ගෙන ගොස් තියේ. කමෙන්ටුකරු ඒ ගැන පුදුම නොවෙයි.

    අද මේ සම්ප්‍රදායය අනු යන්නෝ සරසවි සිසුහුම නොවෙති. සරසවි ආචාර්ය මණ්ඩලයද (විශේෂයෙන්ම තරුණ පිරිස) එකිනෙකා ආමණ්ත්‍රණය කර ගන්නේ එසේය. (" එච්.ඕ.ඩී. අයියා අද එන්නැද්ද දන්නෑ") එසේම එකම බැච් එකේ සරසවි සිසුන් අතර පවා වයසින් තරමක් වැඩිමහල්ලකුට "අයියා” හෝ "අක්කා" කීමත් ඇරැඹී තියේ.

    මෙය අළුත් දෙයක් ලෙස නොව අපට තවමත් අතැර ගන්ට බැරි වූ වැඩවසම් කල්තර ලක්ෂණයක් සේ මම දකිමි. බෞද්ධ භික්ෂූන් වහන්සේලාද අන්‍යොන්‍ය සමාචාර දැක්වීම් වලදී පැවිදි (එනම් උපසපන්) වයසට මෙවන් වැදගත්කමක් දෙන බවත්, උපසපන් වයස අපැහැදිළි අවස්ථාවන්හීදී එය නිර්ණය කරගනු පිණිස යොදන සම්‍යප්‍රයෝගයක් ගැනත් සිවුරු-ලූ බ්ලොග්කරුවකු ලියා තිබුණා මතකය.

    ReplyDelete
    Replies
    1. සේවා ස්ථානවල මේ අයියා මල්ලී කතාව ගැන ව්‍යාපාර පරිපාලනය ගැන ලියවෙන බ්ලොගයක ලිපියක් තිබුණා මට මතකයි.

      ඇත්තටම සේවා ස්ථානවල මේ අයියා-මල්ලී කතාව විශ්ව විද්‍යාලයටත් වඩා හානිදායකයි.

      මා මීට දිගු කළෙකට පෙර දුටු පරිදි කොස්තාපල්ලා සාජන්ට් ලා ට අයියා කියති! හැබැයි ඒ සාජන්ට්කාරයාම ඇස්අයි වුණු දවසට සර් කියති. (නමුත් ඇස්අයි යනු පොලීසියේ මාණ්ඩලික නිලයක් නොවේ. පහලම මාණ්ඩලික නිලය ඒඇස්පී ය.)

      Delete
  11. AIYA MALLI WAGEI, AIYA MALLI WAGEI, EKA HALI YEI BATH KANNE, EKA PADUREI NIDIYANNE, EKATI PADA, CHOO YANNE, EKATI JEE YANNE, AIYA MALLI WAGE.

    ReplyDelete
    Replies
    1. ශා.... කාලෙකට පස්සේ කණට මී පැනි ටිකක් වත්කරලා තියෙන්නේ.
      වන්න කිස් යූ මෑන්. උම්මාආආආහ්...

      Delete
    2. හා..හා.. මගෙ ඉස්සරහ ඕව දෙන්න එපා මල්ලියො.

      Delete
  12. KAKA, IF YOU DONOT PUBLISH MY COMMENTS, I WILL HAVE TO SEEK, OTHER BLOGGERS HELP, / AND OTHER WAYS AND MEANS.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම! මම අංකල්ට සපෝට්.

      Delete
    2. කකාගෙ කාලෙ නොතිබුනාට අපේ කාලෙ මේ කේස්එක තදින්ම තිබුන. ඒකෙ ඉතිහාසය මම දන්න තරමට මෙහෙමයි. මේක අදාල වෙන්නෙ රුහුණට.

      ඉස්සර ජේවීපීය මූලික කරගත්ත ශිෂ්‍ය සංවිධානය විශ්ව විද්‍යාලය තුල බිඳවැටීමට පස්සෙ, එකල නවක කාලයේදී ඇමතූ "ජේෂ්ට උත්තමය" වෙනුවට ආදේශයක් විදියට තමයි අයිය මල්ලි අක්ක නංගි ඇවිල්ල තියෙන්නෙ. මට මතකයි උඩ බැචෙක් අපිට කියනව,

      "අපි උඹලට කියන්නෙ නෑ අපිට ජේෂ්ඨ උත්තමය කියල කියන්න. අයිය කිව්වම ඇති"

      ඔන්න ඕකයි ඉතිහාසය.
      මේ කේස් එක මගේ පෝස්ටුවකදි කකා ඇද්ද මතකද. මෙන්න ලින්කුව. අනිවාර්යෙන්ම බලන්න. සූස්ති ගුණේ මේ ගැන නියම පැහැදිලි කිරීමක් කරල තියනව.

      Delete
    3. සොරි වෙන්ඩෝන අංකල්ගෙ පෝස්ටුව යටින් වැටිල.

      Delete
    4. අනේ කමන් නෑ.
      කමෙන්ට් එක විතරයි ඕන. තැන ප්‍රශ්නයක් නෑ..

      Delete
    5. තැන විතරක් නෙවෙයි... කොමෙන්ට් එකේ මොනවා තිබුනත් ප්‍රශ්නයක් නෑ.... තරුවක් උනත් කමක් නෑ.....

      Delete
    6. අරුණි ෂපිරෝගෙ බ්ලොගෙන් උස්සපු බර වචන තියන කෑල්ලක් නං වඩා හොඳයි නැද්ද?

      Delete
    7. නැත්තන් ඉතින්.... ඔය වචන ටිකක් එහා මෙහා කරලා ගැහුවම ටොපික් එකට හොදට මැච් වෙන කොමෙන්ට් එකක් දාන්න පුලුවන්.....

      පේන්නෙ නැද්ද කකා දාලා තියනවා ලිපියට අදාලව කෙමෙන්ටු දාන්න කියලා.....

      මේ ලිපියෙ කොහොමත් එයාගෙ ඒවා දාන්නම ඕනි.... මොකද එයානෙ බ්ලොග් අවකාශෙ "අක්කේ, අක්කේ" කියන අය ලන්කරන් ඉන්නෙ....

      කකා මේ හීනියට ගහලා තියෙන්නෙ එයාටත් එක්ක තමයි....

      Delete
    8. අක්කෙ ටිකක් එන්නකෝ - ඇවිදින් ඉඳ ගන්නකෝ
      පුංචි කතාවක් කියන්න තියෙනවා - පුංචි කතාවක් කියන්න තියෙනවා

      මල්ලි නිකා ඉන්නකෝ - මට යන්නට දෙන්නකෝ
      පච ලියන්න යන්නට මට තියෙනවා - පච ලියන්න යන්නට මට තියෙනවා

      Delete
    9. @ රාජ්
      මං ඒ අදහස් හුවමාරුව දැන් කියෙව්වා.

      අර පිටගමකට ගිහින් පාර අහන උදාහරණය තමයි නියමෙට ගැලපෙන්නේ. එවැනි තැනකදී අයියා කියන්නේ "මෙන්න බලන්න, මං නැට්ට දෙපරැන්දේ ගහගෙනයි ඉන්නේ!" කියන එක නේද?

      කොතනත් ඒ අර්ථයම තමයි!

      Delete
  13. මම මේ ගැන මහාචාර්ය අතුල සෙනවිරත්න සමඟ දීර්ඝව සාකච්ඡා කළා. අයියා මල්ලී කතාව තියෙන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාල සංස්කෘතියේ ලාක්ෂණික වටිනාකම් (Characteristic values of Pera) ප්‍රාමාණික දැනුමක් ඇති උගතුන් නොවෙයි.

    මේ නිසාම පසුගාමී බවක් ඇතිවී තිබෙනවා..... කකාගෙ වාර්තාවේත් බොහෝ අඩුපාඩුකම් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට.

      වාර්තාවේ අඩුපාඩු ටික කිව්වනං තමයි වඩාත් හොඳ!

      Delete
    2. උඹත් ඇන්ද ඇදිල්ල කකා.... මේකත් එඩිට් කරපු කොමෙන්ට් එකක්...

      Delete
  14. කකා, ඔබේ බ්ලොග්-රෝල් ප්‍රතිපත්තිය ගැන මට ගැටළුවක් ඇත.

    ඔබට අනුව ඔබ මාරයා, ඇල්කෙමියා ඇතුළු කිහිපදෙනකු නැවත වැද්ද ගැනීමේ බලාපොරොත්තුවක් නැතිව ඉවත් කොට ඇත්තේ ඔවුන් ප්‍රභාකරන්ගේ පුතා බාලචන්ද්‍රන්ගේ මරණය ගැන යම් 'නොමිනිස්' ප්‍රකාශ වගයක් කළ නිසාය.

    නමුත් ප්‍රභාකරන්ගේ පුතාට අවුරුදු පහකට පමණ වැඩිමහළු (ඔබේ දියණියගේ වයසේ) Trayvon Martin නම් කළු ජාතික නිරායුධ ශිෂ්‍යයා කෲර ලෙස ඝාතනය කළ George Zimmerman නම් ජාතිවාදී සුද්දාගේ ක්‍රියා කලාපය කිසිම පැකිළීමකින් තොරව සාධාරණීකරණය කළ, එසේම ඇමෙරිකාවේ සාපරාධී මනුෂ්‍ය ඝාතන වලට මූලික හේතුවක් වූ නිදහසේ තුවක්කු භාවිතා කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින, දැන් කොකා කෝලා හා කෘමි නාශක සමාගම් වලට කඩේ යමින් මේවායින් ඇතිවන සෞඛ්‍ය ප්‍රශ්නයක් නැතැයි ඉඳුරා වැරදි චිත්‍රයක් මවා පාන්නට උත්සාහ දරණ, ඇරුණි ශපීරෝ නැමැත්තියගේ බ්ලොග් එක ඔබ තවමත් ඔබේ බ්ලොග් රෝලේ තියාගෙන සිටින්නේ ඇයි?

    සාධාරණය ඉටු විය යුත්තේ බාලචන්ද්‍රන්ට පමණකැයි ඔබ සිතනවාද? Trayvon Martin ට සාධාරණයක් ඉටු විය යුතු නැද්ද?

    තවමත් ඔබ මාරයා හා ඇල්කෙමියාගේ ප්‍රකාශ පමණක් 'නොමිනිස්' සේ සලකා මේ අරුණි ශපීරෝගේ ප්‍රකාශ යහපත් සේ සලකනවාද?

    ReplyDelete
    Replies
    1. //කළු ජාතික නිරායුධ ශිෂ්‍යයා //
      ඌ කුඩ්ඩෙක්.... හොරෙක්...තමන්ගෙ ආරක්ෂාවට කරපු දෙයක් මේක...
      දන්න රෙද්දක් කතා කරපන්.... මීඩියා වල බොරු අහන්න එපා...

      Delete
    2. කකා, වෙනත් අවස්ථාවන්හි 'නොමිනිස්' බ්ලොග් පෝස්ට්, 'නොමිනිස්' කමන්ට්ස් ගැන නාහෙන් අඬන ඔබ මේ සිද්ධියේදී පමණක් මියගිය වින්දිතයාගේ නොව ප්‍රහාරකයාගේ පැත්ත ගන්නේ ඇයි?

      ඇමෙරිකාවේ බොහෝ යව්වනයින් මරිජුවානා භාවිතය අරුමයක් නොවේ. Trayvon Martin නම් කළු ජාතික ශිෂ්‍යයා එසේ මරිජුවානා භාවිතා කළ කෙනෙක් බව ඇත්තකි. එහෙත් නඩු විභාගයේදී විනිශ්චයකාරවරුන් පැහැදිළිව කීවේ ඒ කිසිත් නඩුවට අදාළ නැති බවයි. ඔහුගේ ඝාතකයා නිදහස් වන්නේ ඇසින් දුටු වෙනත් සාක්ෂි නැති නිසාත්, මියගිය Trayvon Martin ට සාක්කි දීමට බැරි නිසාත්ය.

      කකා, ඔබද මේ නරුමයින්ගේ පැත්ත ගන්නේද?

      Delete
    3. යකෝ මැරෙන මැරෙන හැම එකාගෙම මෙතන ඇඩ් දාන්න මේක අවමංගල දැන්වීම් තීරුව කියලා හිතුවද? අනේ නිකම් පළයන් බන් යන්න.....

      Delete
    4. මෙතැන මරණ දැන්වීම් දාන එක ගැන නෙවෙයි කතාව. අවසනාවන්ත විදියට ඝාතනය වන අහිංසකයින් තවත් පහළට දාලා කතා කරන අය ගැන කකාගේ දෙබිඩි ප්‍රතිපත්තිය. කකා මේ ගැන ඔබෙන් පැහදිළි ප්‍රකාශයක් අවශ්‍යයි.

      Delete
    5. @ Anonymous July 31, 2013 at 10:06 AM
      @ Anonymous July 31, 2013 at 1:18 PM
      @ Anonymous July 31, 2013 at 4:17 PM

      ට්‍රවොන් මාටින් ගේ මරණය ගැන මා දන්නවා. එහි නඩු තීන්දුව ආ දිනයේ ඒ අසා මා ද කම්පා වුණා. මා දන්නා පරිදි ඒ ගැන තව දුරටත් නීතිමය කටයුතු අවසාන නෑ. මෙය රොඩ්නි කිං සිදුවීම සේ තවත් විනාසයකින් අවසාන නොවීමත් ලොකු දෙයක්.

      නමුත් අරුණී මේ ගැන ලියා තිබෙනු මා දුටුවේ නෑ. මට මග හැරුණා විය හැකියි. කරුණාකර එය මට පෙන්වන්න.

      අරුණී ගේ මෙන්න මේ ප්‍රතිචාරය නම් මට මතකයි!

      arunishapiro | පෙබරවාරි 23, 2013 දින 5:14 ප.ව. ට

      !!!

      Delete
    6. තවත් එකක් කිව යුතුයි.

      මගේ බ්ලොග් රෝලෙන් ඈත් කල අය සමග මගේ අමනාපයක් හෝ තරහක් හෝ වෛරයක් හෝ අහවල් එකක් හෝ නැත.

      ඔබුන් ගේ ඒ අදහස් සහිත ලිපිවලට මගේ බ්ලොගයෙන් සම්බන්ධතා තිබිය යුතු නැති බවට තීරණයක් ගත්තා පමණි.

      Delete
    7. ලියලා තිබුණා මතකයි කකා, දැන් හොයා ගන්න බැහැ. මොකද එයා ලියන්නෙ මාතෘකා අනුව නෙවෙයිනෙ. අනෙක කකා වගේ ලින්ක් දාල සර්ච් ෆැටිලිටීස් හෙම දීල නැහැනෙ ඒ බ්ලොග් එකේ. ඔන්න කකා ලියපු දෙයක් නම් අවුරුද ගාණක් පරක්කු වුණත් අපි දන්නවා හොයා ගන්න!!!!!!!!!!!!!!!!!!!!!!

      අල්ලලා දාමු කකා. ආපහු ලිව්වොත් කියන්නම්.

      Delete
  15. ඒ කියන්නේ අය්යා මල්ලි කියන්නෙ වැරදි ආමන්ත්‍රනද ?

    ReplyDelete
    Replies
    1. අයියාට අයියා කියන්න. මල්ලීට මල්ලී කියන්න.

      සමාන අයට නම කියන්න. හිතවත්කම අනුව මචං, උඹ වැනි ආමන්ත්‍රණ භාවිතා කරන්න.

      රැකියා ස්ථානයේ දී ඉහල නිලධාරීන්ට සර්, මහත්තයා කියන්න. ඔවුන් නමෙන් කතාකරන්න කීවොත් එසේ කරන්න.

      (කාන්තා පක්‍ෂය සඳහාද මෙය අදාලයි)

      මා කියා ඇත්තේ හයිරංකාරකමට අනුංගෙන් අයියා කියා අස්සවා ගැනීම සහ බලුගැතිකමට අනුන්ට අයියා කියා කීම නුසුසුයි කියායි!

      Delete
    2. මේ කතාවට අනුවනම් කාලේ වෙනසකුත් තියනවා නේද ?

      Delete
  16. කකා ඔහොම ඉදලා හරියන්නෙ නෑ.... තමුන්ගෙ පොත පැරකුම්ට කියලා බ්ලොග් එක හරහා මාකට් කරගන්න බලන්න..... පැරා ඇඩ් එකක් දැම්මොත් සමාජවාදියොත් පොත සල්ලිවලට අරන් කියවයි....

    හරියටම හරියන්න... වෙළද පොල ජය ගන්න...
    නාමෙ ලොව බබළන්න.... ඔබත් පැරකුම් ඇඩ් ගන්න......

    ඔබගේ අලුත ලියු හෝ පැරණි, නවකථාව... කෙටි කථාව..... ළමා කථාව.... නව ක්‍රමයකට නව වෙළද පොළක් කරා දිශානුගත කරන්න.... " නිව් පැරකුම් ඇඩ්" මතුගම....

    ReplyDelete
  17. පේරේ නෙවෙයි බං... කොහෙත් දැන් මේ විජ්ජුම්බරේ තියනවා... මොන විකාරයක්ද කියලා අපිටත් හිතෙනවා!

    ReplyDelete
    Replies
    1. ඉතිං? නවත්තන්න! කවුරුවත් බල කරනවද අයියා මල්ලී කියන්න කියලා?

      Delete
  18. කකා කමෙන්ට් කපනවා හිටු කියලා.
    අම්මාපල්ල මුට කමෙන්ට් දෙනවට වඩා හොඳයි බල්ලෙක්ට ආප්ප අරන් දෙනවා.

    ReplyDelete
    Replies
    1. විකාර කතා කියන්න එපා!

      Delete
  19. මූ නම් හොට කපපු පැස්බරෙක් නෙමෙයි මචං ලා. මූ අං දිග ගෝණෙක් !
    පේන් නැද්ද මහන්තත්ත කමට ඔලුව උදුම්මගෙන අපේ කමෙන්ට් ටික කපලා දාන හැටි. කමෙන්ට් ඌරා !

    ReplyDelete
  20. කකා... කොමෙන්ටු භක්ෂණය හෙලා දකිමි..... ඔබට කොමෙන්ටු ඌරා යයි නම වැටී ඇත.... කරුණාකර ඒකීය පුද්ගල නිදහසේ නාමයෙන් හෝ අපගේ කොමෙන්ටු වාරණය නොකරන්න.....

    නැතිනම් ඔබ වානරයෙක් ලෙස සලකා කටයුතු කරමි....

    ReplyDelete
    Replies
    1. ඒකීය පුද්ගලයාට කමෙන්ට් දාන්න නිදහස නැති බව අමතක වුනාද?

      Delete
  21. කකා පැරාගෙ කොමෙන්ට් වල දවස් ගානක් දැක්කා මාළු ඔලු කෑවාම මොළය වර්ධනය වෙනවා කියලා.... මෙය ඇත්තද?
    කකාටත් මාළු ඔලු ටිකක් එවන්නද?

    ReplyDelete
  22. කකා.... තමන්ගෙ කාලෙ සිද්ධ වෙච්ච සන්තෑසිය එහෙම්මම වෙන්න ඕනි කියල හිතන එක පසු ගාමී භාවයේ සංකේතයක් නෙවෙයිද?

    ප.ලි.යට උඩින් ඇති ඔබට සිතෙනා ආකල්පය අනෙක් අයටත් සැබවින්ම සිතිය යුතුද?

    ආනන්දෙට පැරෂුට්වලින් පාත්වී එහි වූ සංස්කෘතිකමය බැට කෑමෙන් පසු ඇතිවූ හීන මානය තවමත් ඔබෙන් ඈත්වී නැති සෙයක් පෙනේ......

    මෙයත් ආනන්දෙ මුල්ගුරුවරයා හා කැලේ ඉස්කෝලෙ මුල් ගුරුවරයා එක සමානයයි ඔබ සිතනා කඩප්පුලි මානසිකත්වයයි.....

    මාළු ඔලු කන්න.... සේරම හරියයි....

    ReplyDelete
    Replies
    1. 1. මා කියා ඇත්තේ එදා සමානත්වය අද අයියා-මල්ලී පරතරයක් දක්වා වෙනස් වීම පරිහානියක් බවයි. එසේ කීඟ පසුගාමීත්වයක් නොවේ. එදා රජවරු හිටියාට අදත් අපිට රජාලා ඕනෑ යැයි අපි කියනවාද?

      2. මා පවසා ඇත්තේ මට හිතෙන දේය. මගේ බ්ලොග් එක ඇත්තේ ඒ සඳහාය අන් අය මා සිතන ලෙස සිතිය යුතු නැත.
      http://kathandara.blogspot.com/2012/08/2-voltaire-no-more.html

      3. මා ආනන්දයට ගියේ විභාගයකින් උසස් ලෙස සමත්ව අයැදුම්පතක් ඉදිරිපත් කර, සම්මුඛපරීක්‍ෂණයකින් ද පසුවය. මා සමග එකම දින විද්‍යා විශයන් හැදෑරීමට සිසුන් 90 ක් පමණ ඇතුලත් වූහ. නොදන්නා උපකල්පන කර ඉන් පසු ඒ මත පදනම්ව අනුන්ට දොස් පවරන්න එපා.
      http://kathandara.blogspot.com/2010/09/blog-post.html

      4. ආනන්දේ සිටියේ විදුහල්පතිවරයෙක් මිස මුල් ගුරුවරයෙක් නොවේ. මා කැලේ පාසලකට ගොස් නැත. මා ගිය ප්‍රාථමිකය තිබුණේ කොළඹ සිට සැතපුම් පහලොවක් නුදුරින් පිහිටි සුන්දර ගමකය!

      Delete
  23. ජේශ්ට උත්තමයො කියන නාමපදේ සැර අඩුකරගන්න පසුකාලීනව ආපු වචනෙ තමා අයියා :D

    ReplyDelete
    Replies
    1. ඔය බ්ලොග් අවකාශෙ හිටපු අයියලා වගයක් ලොකු සද්දයක් දැම්මා නේද පහුගිය කාලෙ..... හරි පුදුමයි... කකා මොකද ඒ දවස් වල මේ පෝස්ට් එක නොදැම්මේ....

      Delete
    2. කකා වුණත් සරසවියෙ අයියලාට කෙසේ වෙතත් බ්ලොග් අවකාශ අයියලාට ගූ බයයි. අර කාලිංග අයියා, වෙද මහත්තයා අයියා, මාරයා අයියා වලියට එනකොට කකා ඇඳ යට හැංගෙනවා. හැබැයි කකා අක්කලාට බය නෑ.

      Delete
    3. @ ඕනමැන්ටල්

      ජ්‍යෙෂ්ඨ උත්තමයෝ සිටියේ සති කීපයක් පමණි. ඉන්පසු උන් සියලු දෙනා නමින් ඇමතුම් ලැබූහ.

      Delete
  24. //ඔබට කණිෂ්ඨ අය ඔබේ නමෙන් නොව ඔබට අයියා කියා ඇමතිය යුතු යැයි ඔබට සිතෙන්නේ නම් එය හයිරංකාර මානසිකත්වයකි

    ඔබට වඩා ජ්‍යෙෂ්ඨ අයෙකුට නමින් නොව අයියා යැයි අමතන්නට ඔබට සිතේ නම් එය බලු ගැත්තර මානසිකත්වයකි.///

    හෙ හෙ තව පුද්ගලයෙකු ආමන්ත්‍රනය කල යුතු ආකාරය ගැන විවිධ නීතී /සම්මුතීන් දමන කතන්දරද.....එවැනි අයියා මල්ලි මානසිකත්වයේ මිස්ෆයර් එකකි....:))

    ReplyDelete
    Replies
    1. මේ කකා ලියල තියෙන්නෙ ඌට හිතෙන හැටි.... ඒක උඩින්ම කියලා තියනවනේ...

      කවුරු හරි මොනවා හරි කිව්වාම ඒක නීතියක්... සම්මුතියක්... ලෝක ධර්මයක් කියලා හිතන උඹල වගේ එවුන් තමයි... දේවාල ගානෙ... සාත්තර කාරෙයො පස්සෙ... ධාතු වන්දනාවෙ... බුදුරැස් පෙරහැරේ යන්නෙ....

      බුද්ධියෙන් කියවපන් බන්...

      Delete
    2. එළකිරි රිප්ලයි එකක් මයියා අයියේ...... අද නම් අයියා කකාට රිදෙන්න ගහලා....

      Delete
    3. මයිය අයියා ඔය ලියලා තියෙන්නෙ ලෙසටම..... ඔයාලා ඉන්නකන් අපි තනි නෑ අයියේ...

      Delete
    4. මයියා අයියගෙ රිප්ලයි එකට ඇහැට කදුලුත් ආවා.... එලකිරි මයියා අයියේ.....

      Delete
    5. @ මයියා

      අනේ මන්දා? මගේ කතන්දරේ කියෙව්වේ නැද්ද, තේරුණේ නැද්ද?

      ඇයි මනුස්සයෝ මගේ මතය ප්‍රකාශ කිරීම යනු එක එකාට නීති සම්මුති පැනවීමක් වෙන්නේ කොහොමද? මා ආරක්‍ෂක අමාත්‍යාංශයේ වැඩ කරනවා කියලද හිතුවේ?

      Delete
  25. කකා.... දීලා තියන ලින්ක් එකක ණය කේස් එකක් තියනවා නේද?

    බ්ලොග් අවකාශෙ වෙච්ච ණය කේස් එක මේ මාසෙ 15 විසදෙන්නයි තිබුන.... ඒකට මොකද උනේ කියලා දන්නවද?

    ReplyDelete
  26. අනේ බං ඔය යටගිය දේවල් අදින්නෙ නැතුව හිටපන්. ණයකරුවාද ණයහිමියාද බ්ලොග් අවකාශයෙන් නික්ම ගොස් බොහෝ කල්ය. අපි කුමට වොරි වෙමුද?

    ReplyDelete
    Replies
    1. ඔව් අලුත් එකෙක් ඇවිල්ලා උඹටත් ඒ විදිහටම පොල්ලක් තියලා ගිය දවසක තේරෙයි.... පරණ එකාම එන්නත් බැරි නෑ.....

      නැත්තම් උඹ ඌමද?

      Delete
  27. බ්ලොග් අවකාසෙ කවුද කකාට අය්ය කියන්නෙ, දරුවනේ කතන්දර මාම, කතන්දර මාම

    ReplyDelete
  28. I always call the young "malli".I feel more comfortable calling so..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි සුපීරියරිටිය පෙන්නීම කියලා කියන්නේ!

      Delete
  29. කකා.......මේ අය්යා මල්ලි ටෝක් එකනම් හරිම අප්පිරියයි.කැම්පස් ගැන නැතුව අපි ජීවත්ව ඉන්න සමාජෙට මේක ආවේ අර්ජුන අයියා,අරවින්ද අයියා,සනත් අයියා,ඒ *යියා,මේ *යියා ආදී වශයෙන් කියලයි මම හිතන්නේ.පාර්ලිමේන්තුවේත් දැන් ඉන්නේ අයියලා ඇන්ඩ් මල්ලිලාය.ඒ ජනාධිපතිතුමාත් අයියා කෙනෙක් නිසා වෙන්න ඇති මගේ හිතේ.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ 1995 දී විතර හිටියේ මහින්ද අයියා සහ ටිල්වින්, වීරවංශ මල්ලිලා නේද?

      Delete
    2. අන්න කතන්දර අයියට වැරදුණා ටිල්වින් වීරවංශ සහෝදරයෝ හිටියේ.

      Delete
    3. මං කියන්නේ ඒ දෙන්නා මහින්ද අයියා කියනකොට මහින්ද ඒ දෙන්නාට කතා කල (සහ සැලකූ) විදියයි!

      ඒ දෙපල සහෝදරයා කියාගන්න ඇති අනිවා. සමහරවිට දැනුත් කියනවා ඇති.

      Delete
  30. අයියා මල්ලී ඇමතුම තුළ සමාජ පරතරයක් සත්‍ය ලෙසම ඇතිවේ ද? නොඑසේ නම් එයත් හීනමානී ලක්ෂණයක් ද? මේ ආමන්ත්‍රණයන්ට වඩාත්ම සුදුස්සෙකුට අයියා ලෙස ඇමතීම බලුගැත්තර කමක් ද? ඉන් ඔබ්බට ගිය හෘදයංගම ඇමතුමක් නොවෙද එය?

    අර 7 පන්තියේ ඉගනගන්න දැරිවියක් බ්ලොග් එකක් ලියන්නේ (බ්ලොගේ නම අමතකයි හොයන්න හැදුවත් අසීරුවුණා) ඒ දරුවා කතන්දරට රසික කියා ඇමතුවොත් එය ඔබ පිළිගන්නේ කෙසේද? අනෙක් පිරිස ඇය දෙස කෙසේ බලාවිද?

    හොඳ තැනකට කතිකාව ඇවිත් තියෙන්නේ..ඒ වෙනුවෙන් ඇනෝලා මහ මෙහෙයක් කර තිබෙනවා උඩින්.

    මා නම් ගරු කළ යුතු පුද්ගලයාට කෙසේ හෝ ඇමතුමෙන් ඒ ගරුත්වය ලබා දෙනවා දෙනවා.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි අයියේ හැලප අයියේ.... හෙට ඉදන් උඹල දෙන්නත් මට කෙන්ජියයි හැලපෙයයි හරි ද. මටත් නම කියහල්ලා.....

      Delete
    2. මහින්දට බලු ගත්තර කම් කරන එකාට ඕවා තේරෙන්නෙ නෑ

      Delete
    3. පත්තර කාරයන් යනු බත් පතට හා බෝතලයට තමන්ගේ ආත්මය විකිණූ මිනිසුන්ය....

      Delete
    4. @ Naleen Dilruksha
      මා මෙහි සුවිශේෂීව කියා ඇත්තේ පොඩි ළමයෙක් වැඩිහිටියෙකු අමතන එක ගැන නොවේ!

      මෙතන කේස් එක සමාන අය දෙදෙනෙක් ගැනයි. ඇත්තටම බ්ලොග් ලියන්නන් දෙදෙනෙක් සමානයෝ තමයි. වයස එතනට ප්‍රශ්ණයක් නෑ.

      අර රාජ් දී ඇති ලින්ක් එකේ අදහස් හුමාරුව කියවන්න. එතකොට පැහැදිලි වේවි අයිට වෙනත් අයෙකුට අයියා යැයි අමතන්නට හිතෙන්නේ ඇයි ද කියා!

      Delete
    5. රාජ් ගේ තැනටත් ගියෙමි. එතැන විහිළු කමෙන්ටුවක් දා ආවෙමි. කොහොම වුණත් ඔබත් පිළිගන්නවා විචාරකගේ පෝස්ටුව. මාත් සතුටුයි එහෙම නැතුව සමානයෝ සේ සළකන්න සමාජයටම. ඒත් එයිට සරිලන පරිසරයක් තියනවාද අප අවට.
      මේ ආමන්ත්‍රණ කතාවලට කලින් විය යුත්තේ සමාජය එයට සරිලන සේ වෙනස්ව තිබීමයි.

      Delete
    6. නලින් අය්යේ මම මෙයිට පස්සේ උබලට කතා කරන්නේ කොහොමද කියහල්ලකෝ ,

      මටනම් මට වඩා දැනුම් තේරුම් තියෙන වැඩිහිටියන්ට කෙලින්ම නමින් කතා කරන්න දිව නැමෙන්නේ නැහැ එහෙම අයගේ නම අගට අයියා හෝ අක්කා කෑල්ලක් වැටෙනවා ඉතින් ඉබේම වගේ .. ඒ වචනය තුල මටනම් හැගෙන්නේ සහෝදරකමක් හිතවත් කමක් වගේ හැගීමක් මිස හීනමානය නිසා කියවෙනවාය කියන හැගීම නෙමේ ..,

      Delete
  31. අපේ කන්තෝරුවෙ ඉන්න සුළු සේවකයින්ට මා මහත්මයා සර් කියා ඇමතීමට පුරුදු වී සිටිමි. එනිසා ලොකු මහත්වරුන් මා සමග ඇයි හොදයි පැවැත්වීමට මනාප නැත. මන්ද ඔවුන්ට මහත්තයා කියන කටින්ම මම ඒ යකාගේ බත් එක උස්සාගෙන යන සරත් අයියාටද සරත් මහත්තයා යැයි අමතන බැවිනි.

    ReplyDelete
    Replies
    1. ආයතනයක යම් හයිරාකියක් අවශ්‍යයයි.

      ආමි එකේ නං අත්‍යාවශ්‍යයි ලු! අර විචාරක කියා තිබුණේ නෑනා ගේ පුතා පැමිණ මාමා කියූ කතාවක්.

      මා කියා ඇත්තේ එක සමානයෝ අතර එකිනෙකා ඇමතීමේ පටිපාටිය ගැනයි!

      Delete
    2. ඒ කියන්නේ තැනේ හැටියට ඇණේ කියලනේද

      Delete
    3. තැනේ හැටියට ඇණේ කියන්නේ වෙනස් වෙනසුළු ප්‍රතිපත්තියක් ගැනයි.

      මං කියන්නේ සමානයෝ අතර සහ සමාන ව්‍යත්තිකයින් අතර අයියා-මල්ලී කතා තේරුමක් නැති විහිළු බවයි.

      නිතරම කියවෙන පරිදි ලංකා ක්‍රිකට් කණ්ඩායමේත් ඔය වරද තියෙනවා.

      Delete
  32. මේ පොස්ටුවට කොමෙන්ට් වැඩි නිසා මම කොමෙන්ටුවක් නොදමමි

    ReplyDelete
    Replies
    1. බුදල්මි. සියොවැ ආමි.
      සීගිරි බැලිමි.
      බැලු බැලු බොහො දනා ගී ලීලුයෙන් නොලීමි.

      Delete
  33. R A A A J = THOUSAND THANKS

    ReplyDelete
  34. අයියා මල්ලි වාගේ අයියා මල්ලි .

    //අයියා-මල්ලී (හෝ අක්කා-නංගී) කියා එකිනෙකා ඇමතීමේ විහිළුව අපේ කාලයේ විශ්ව විද්‍යාලයේ නොතිබුණි.
    එය පසු කාලයේ සිදුවුණු පරිහානියේ ලක්‍ෂණයක් බව //

    සහතික ඇත්ත කතාවක් .

    ReplyDelete
    Replies
    1. ඊලඟට එන්නේ අයියාට ලොකු තැන, මල්ලීට පහල තැන ලැබීම. එතනින්නම සමානත්වය අවසානයි!

      Delete
  35. මට නම් නම කියනවට වඩා සමීප බවක් දැනෙනව අයියා මල්ලී කියන කොට.

    ReplyDelete
    Replies
    1. ඒ ඔබ එවැනි පරිසරයකම හැදුණු නිසා විය යුතුයි.

      දැන් බලන්න හාමුදුරුවරු ඕනෑම කෙනෙකුට කියන්නේ මහත්තයා කියලනේ. එවැනි කෙනෙක් උපැවිදි වුනත් ඒ විදයටම කරයි.

      Delete
  36. මගේ ඔෆිසියෙත් හිටියා මෝරා වලින් ආපු අය ගොඩක්. මෙහේ ගොඩක් තැන්වල බීඇස්සී නන්බීඇස්සී කන්ඩායම් අතර අවුල් තියෙනව කියලා කතාවක් තියෙනවා. ඒත් අපේ ඔෆීසියේ හිටපු මෝරා වලින්ම ආපු බොහෝම හොඳ කලමනාකරුවෝ නිසා ඒ වගේ ප්‍රශ්න ඇතිවෙන්න ඉඩක් තිබ්බේ නෑ. මගේ වාහනේ උදේ හවා වැඩට ආගිය මට කට පුරා අයියේ කියපු මෝරා මළන්ඩියෙක් දවසක් එයාගේ මිතුරෙක් එකක් මඟදී මාව හම්බවෙලා මාව එයාට අඳුන්නලා දෙන්න ගිහින් මේ අපේ අයියා කෙනෙක් කියලා කියවෙන්න ගිහින් මඟදි නවත්තලා . . මේ අපේ ඔෆිසියේ කෙනෙක් කිව්වා. මගේ හිත රිදුනා අම්බානකට. ඒ කියන්නේ තමන් ඉගෙන ගත්තු කැම්පස් එකේ අයියලා විතරයි අයියලා මට එහෙම අහන්න හිතුනත් නිකා හිටියා.

    ReplyDelete
    Replies
    1. දුකාට නැත්නම් කාට දුක හිතෙන්නද?

      ඒ කියන්නේ එතන අයියා කියන්නේ "සීනීයර් කට්ටෙක්" කියන එකටයි. ඒකයි දුකාව ඒ ගොඩට නොදැම්මේ. මොකද ඩෙෆිනිෂන් එකට ගැලපෙන්නේ නැති නිසා.

      Delete
  37. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 105
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 6
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 42
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 27
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 30

    සටහන් : කකාගේ ස්පෑම් කමෙන්ට් වාර්තාව මේ වන විටත් ලැබී නොමැති හෙයින් මෙම සංගණනයට එම කමෙන්ටු ඇතුලත් නොවන බව කරුණාවෙන් සලකන්න. ස්පෑම් වාර්තාව ලද විගසම පල කරන බව සතුටි දන්වා සිටිමි.

    සංගණන ඇනෝ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      මේ වැඩෙන් ඔබට සතුටක් ලැබෙන බව පෙනේ!

      Delete
  38. I went not to a university but to an equivalent institute of higher education. In my days Aiya Malli stuff was not there. But now I see it not only among the students but also after they come to the profession. To me it sounds not only servile but very unprofessional.

    ReplyDelete
  39. @ All
    සියළු දෙනාටම ස්තුතියි!

    මේ පාර නම් හිතේ හැටියට ප්‍රතිචාරවලට උත්තර දෙන්න ඉඩ ලැබුණා.

    හෙට හමුවෙමු!

    ReplyDelete
  40. සමාජවාදී රටවල එකිනෙකාට සහෝදරයා කියාත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල මහතා මහත්මිය ලෙසත් අමතනවා.අයියා මල්ලී ආමන්ත්‍රනය හොඳයි හෘදයාංගමයි.කකාට ඕනෙ අනුන් ලවා සර් කියවගන්නයි.කකා ගෙ බ්ලොග් කියවනකොට එයාගෙ මානසිකත්වය මම තේරුම් ගත්තෙ ලිපි දෙක තුනකින්.කොහොමටත් ඉතින් කකයි බ්ලොග් කියන්නෙ දෙකක් නොවේ එකක් කියන තරමට සමීපයි.මේ වගෙ අලුත් දේවල් මතු කරන්න.අපිටත් මොනවහරි කොටන්න බැරියැ නේද ඉන්ජිනියර් සර් ( විහිලුවට ඈ )

    ReplyDelete
  41. ඔබට කණිෂ්ඨ අය ඔබේ නමෙන් නොව ඔබට අයියා කියා ඇමතිය යුතු යැයි ඔබට සිතෙන්නේ නම් එය හයිරංකාර මානසිකත්වයකි.

    ඔබට වඩා ජ්‍යෙෂ්ඨ අයෙකුට නමින් නොව අයියා යැයි අමතන්නට ඔබට සිතේ නම් එය බලු ගැත්තර මානසිකත්වයකි.

    මොනවා වුනත් දැන් මේ මානසිකත්ව දෙකම මාත් ඇතුළුව මෙහෙ බොහොමයක හිත් වල මුල් බැහැල ඉවරයි..
    වෙනස් කරන්න නම් අමාරුයි... :/

    ReplyDelete
  42. අය්යා මල්ලී යනු මට නම් සුහද බවේ සන්කේතයක් මිසක බලුගැත්තර කමේ හෝ හයිරන්කාර කමේ අවශ්‍යතාවක් නොවේ. අපි ඉස්කෝලෙ යන කාලයේ බස් එකෙ ඩ්‍රයිවර ට කීවේ මාමා කියලාය. ඒ ඩ්‍රයිවරගේ දුව කස්සද බැඳගැනීමේ උවමනාවට නොවේ. අපි උසස්පෙල කරන කාලය වෙනවිට මාමා වෙනුවට අය්යා කීවෙමු. ඒ මම හැදුන වැඩුන පරිසරයෙන් මට උරුම ලක්ශණයකි. අපේ ගමේ හයිරන්කාරයාට කීවේ චන්ඩියා කියලා මිසක අය්යා කියා නොවේ. මා හැදුනු වැඩුනු පරිසරයට පින් සිද්දවන්නට තාමත් කවුරුහරි කෙනෙක් මට මල්ලී කියා හෝ අය්යා කියා හෝ ආමන්ත්‍රණය කරනා විට මට දැනෙන්නේ සුහද බවක් මිසක හයිරන්කාර කමක් හෝ බලුගැත්තර කමක් නොවේ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.