Friday 11 March 2011

දුටුගැමුණු ලා ගේ වැඩ-කිඩ අවසාන වෙයි!


සෑහෙන්න කාලයක් තිස්සේ මගේ හිතේ තිබ්බ දුටුගැමුණු ලා ගැන කතන්දරයක් මං දැන් අවුරුද්දකටත් ඉස්සර ලියන්න පටන් ගත්තා.

මේකෙ මුල් කොටස අයි ඩෝන්ට් නෝ වයි.

ඒ කතන්දර කෑල්ලෙදි මං දුටුගැමුණු ට පොර කිව්වයි කියල ඒක කියවපු කීප දෙනෙක් ආව රෙදි උස්සගෙන මා එක්ක ෆයිට් එකට.

මං හිතන් හිටිය විදියට දුටුගැමුණු පොරක් නෙමේ ලු! ඉතිං මං කතන්දර කෑල්ල පොඩ්ඩක් එඩිට් කළා.

දුටුගැමුණු කතාවේ දෙවන කොටස වීසා ඔන් ඇරයිවල් කියන නමෙනුයි පල කලේ.

ඒ අතරේ කැම්පස් කාලේ ලියපු හද්ද පරණ කවියකුත් මතක් වෙලා ඒක දැම්ම තුන්වෙනි කොටසේ.

අද හතරවෙනි අවසාන කොටසින් මං කියන්න යන්නෙ දුටුගැමුණු ලා ගේ වැඩ කිඩ ගැන වැදගත්ම දෙයක්. ඇත්තටම කියනව නං, මේ අදහස තමයි මං මුලින්ම ලියන්න ගියේ වෙනිං අතුරු කතාවලට පැටලිලා කතාව කුට්ටි කරන්න කලිං.

මේ හතරවෙනි කොටස බාගයකටත් වඩා ලිව්වට පස්සේ ලැප් එක මාරු කල නිසා බැක්-අප් එකකට කොටුවෙලා තිබිල මේ ලඟදී තමයි ආපහු හම්බ වුනේ.

දැන් ඔන්න අපි අහල තියෙන කතන්දරවල විදියට දුටුගැමුණු ගෙ පුතා තමයි සාලිය. පොර දවසක් තමන්ගෙ වැයික්කියෙ ටුවර් එකක් යද්දි අශෝක මල් නෙලමින් සිටි අශෝකමාලා කියන සැඩොල් පරම්පරාවේ අංශය දැක්ක.

ඒ දැක්ක විතරයි කෙලින් ම - හෙඩ් ඕවර් හීල්ස් - පොර අර කෙල්ලට දැපනෙ වැටුන. ලව් ඔන් ෆර්ස්ට් සයිට් කියන මහා බලසම්පන්න රසායන විද්‍යා සංසිද්ධිය දන්නවනෙ? ඒකයි එතනත් වුනේ අනිවාර්යයෙන් ම.

දෙන්න සොමියෙ ලව් කරන්න ඇති අශෝක මල් වනය මැද්දේ. මොකද ඒ දවස්වල පොලිසියෙන් එනවයැ කපල්ස් අල්ලන්න. ආවත් ඉතිං, රජා ගේ පුතා දැක්කම සැලියුට් එකක් ගහල යන්න යයි.

සාලිය ගේ තාත්ත ට මේ ලව් අෆෙයාර් එක ආරංචි වුනා ට පස්සෙ තමයි වැඩේ චා වුනේ.

ඒකට හේතුව දන්නවනෙ. කුල භේදය. රජ පවුලේ කොල්ලෙක් සැඩොල් කුලේ කෙල්ලෙක් ව බැන්දොත් රජවීම තහනම්.

ඉතිං ඇයි මේ කුලය ගැන ඔච්චර වොරි වෙන්නේ?

අවුරුදු දෙදාස් හයසියකට විතර කලින් අපේ බෝධිසත්ව දේවතාවා තව්තිසාවෙ ඉඳල සිද්ධාර්ථ කුමාරය විදියට මිනිස් ලෝකෙ ඉපදෙන්න ප්ලෑන් කරපු හැටි ගැන කතන්දරේ අහල තියෙනව නේද?

එදා ඒ විදියට තමන් කොතනද ඉපදෙන්නේ කියලා තීරණය කරන්න දෙයියෝ පාවිච්චි කළා ය කියන සිලෙක්‍ෂන් ක්‍රයිටේරියා එකට කියන්නෙ පස් මහ බැලුම් කියලයි. කාලය, දීපය, දේශය, කුලය සහ මව - මතකයි නෙ?

ඔය සේරම සාධක හොඳට ටිප් ටොප් එකට සෙට් වුන නිසා තමයි එතුමා තව්තිසාවෙන් චුත වෙලා හරියටම අර මහාමායා දේවිය නිදාගෙන ඉන්න අල්ල-පනල්ලේ නිකං හීනෙන් හීනෙන් වගේ ආපු සුදු ඇත්පැටියගෙ හොඬවැල රතු නෙළුම් මලක් එක්ක දේවියගෙ කුස තුලට ඇතුල් කරන වෙලාවෙම කුසේ පිළිසිඳ ගත්තෙ. (මේ මෙච්චර වැදගත් වෙලාවේ අපේ සුද්දෝදන තාත්ති කොහේ හිටියද මන්ද?)

ඔය පස් මහ බැලුම් වලදි ටිප් ටොප් එකට කාලය, දේශය, දීපය සහ මව තේරුවේ ඇයි කියන එක පැහැදිලියි නෙ. ඔතනදි කුලය කියල කියන්නෙ තාත්තගෙ පරම්පරාවටයි කියලයි අපිට ඔය කතන්දරේ කියපු හැමෝම වගේ කිව්වෙ.

ආදි කාලෙ පරම්පරාව එහෙම නැත්තං කුලය කිව්වෙ තමන් ගෙ පවුල ජීවත්වෙන්න කරපු කර්මාන්තෙටයි. තාත්ත ගේ රස්සාවමයි පුතා කළෙත්.

තාත්ත ගොයිතැන නං කරන්නේ පුතාත් ගොයිතැන ම කළා. තාත්තා වඩු වැඩ නං, පුතාත් වඩු වැඩ. තාත්තා මැටි වැඩ නං පුතාත් මැටි වැඩ!

දුවරු දීග දුන්නේත්, ඒ වගේම පවුල් වලටයි.

අද වෙන කොට මේ තත්වය වෙනස් වෙලා මුළුමනින් ම වගේ. එකම එක්සෙප්ෂන් එක තමයි, එදා වගේම අදත් තාත්ත ගේ ජොබ් එක දේශපාලනේ කිරීම නං, පුතාත් ඒකම තමයි ජොබ් එකට තෝරා ගත්නේ.

රජ කරන පරම්පරාවෙ සාලියටත් තාත්ත වගේ කවද හරි රජකම කරන්නයි නියමිතව තිබුනෙ අර වෙනස් පරම්පරාවක කෙල්ලෙකුට සෙට් වෙලා ඒකි මත්තෙම මැරෙන්න ගියේ නැත්තං.

තමන් ගෙ පරම්පරාවෙන් ම බැන්දෙ නැත්තං කොහොමද පවුලේ බිස්නස් එක ගෙනියන්නේ.

ඕක තේරුං ගත්තේ නැති අපේ සාලිය කොළුවා -ජොබ් එකට පයින් ගහලා කෙල්ල පස්සේ ගියා.

පවුලේ බිස්නස් එක සද්ධාතිස්සට ගියේ ඒ හින්දයි.

ඔන්න දුටුගැමුණුලා ගේ වැඩ-කිඩ අවසාන වූ හැටි!

-කතන්දරකාරයා

ප/ලි
මං අර අයි ඩෝන්ට් නෝ වයි කොටසේ කිව්ව වගේ මං සාලිය නං කරන්නේ තාත්තලා කියන විදියට රජ පවුලකින් බැඳලා, පස්සේ අර අශෝකා කෙල්ලව සෙට් කර ගන්නව අන්තහ්පුරේට.

එහෙම කළා නං දුටුගැමුණු පරම්පරාව අදත් රජ කරනවානේ!

ප/ප/ලි
මේ ප/ලි කෑල්ල දැකල කතන්දරහාමිනේ මගේ බ්ලොග් එකට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරල, අන්තිමේදී හැක් කරල දායි ද දන්නේ නෑ! අද ඉඳල දවස ගානේ පාස්වර්ඩ් එක වෙනස් කරන්න ඕනෑ.

photo: http://www.bangaloremonkey.com/2007/10/sigiriya-signs.html

47 comments:

  1. ඔහොම කීවට කතන්දරට අසෝක මල් වනයක් මැද්දේ මල් නෙලන 'අශෝකමාලා' කෙනෙක් එහෙම හම්බ උනා නම් බලන්න තිබුනා වැඩේ? සාලිය වගේ ඉවසන එකක් නෑ මයෙ හිතේ.

    හැබෑට ඔය බෝධිසත්ව දේවතාවා 'පස් මහ බැලුම්' බැලුවේ ඇයි කියන එක කවුරුත් කියලා දීලාම නැද්ද?

    ReplyDelete
  2. ප.ලි.කෑල්ල දැක්ක ගමන් කතන්දර හාමිනේ මොනවා කියය්ද,කරය්ද කියල විචිකිච්චාවක් ආව,ඒ එක්කම ප,ප.ලි.කෑල්ලත් දැක්ක. කොමෙන්ට් වලට උත්තර බඳිනකන් ක.ශු.ජීවතුන් අතර තාම ඉන්නවද කියල පාඨකයො දැනගන්නෙ කොහොමද කියල මං මේ කල්පනා කොරන්නෙ.

    ReplyDelete
  3. "මං සාලිය නං කරන්නේ තාත්තලා කියන විදියට රජ පවුලකින් බැඳලා, පස්සේ අර අශෝකා කෙල්ලව සෙට් කර ගන්නව අන්තහ්පුරේට"
    ඕං බලපල්ලකෝ කතන්දරගේ ආසාව :D

    ReplyDelete
  4. අද නම් කතන්දර, හාමිනේගෙන් ඉල්ලගෙන කෑමක් වගේ. අනික සංස්කෘතිය විනාස කොරා කියල එහෙම චෝදනා එන්ටත් පුලුවනි (ලංකාවෙ සංස්කෘතිය ‍රැක බලා ගන්න බාරගත්ත සෙට් එකෙන්)

    ReplyDelete
  5. මොනව කරන්නද රජකමටත් වඩා ආදරය ලොකුවුනාම. හැබැයි ඒ සිද්ධාන්තය එදාට වලංගුවුනාට අද ඕවට විසදුම් තියෙනවා. හදිස්සියේවත් හොදට ඇහැට කනට පේන කෙල්ලෙක් ඔය කියන විදිය පහත් කුලේක නම් ඉන්නේ, රජ පුතාත් ඔය කෙල්ලම බදින්නත් ඕනම කියනවනම් රැවුලයි කැදයි දෙකම බේරගන්න, ඔය පහත් කියල කියන කුලේට තමන් ඉන්න කුලේ ගාවට එන්න ප්‍ර‍මෝශන් එකක් දේවි මටනම් හිතෙන්නේ...

    ReplyDelete
  6. මේ කථාවෙ මම ආසම කොටස තමයි අර පළවෙනි ප/ලි එක. සාලිය කියන්නෙ ගල් අම්බරුවෙක්නෙ..

    http://aluthkolla.blogspot.com/

    ReplyDelete
  7. දැං හරිනෙව. හෙට උදේ පාන්දර පුරුද්දට වගේ එන කතන්දර බ්ලොග් එකත් අපේ දේශමාමක. ජාති හිතයිශී ජනයා හැක් කොරයි ! අඳෝමැයි. මේ මනුස්සයටත් මේ පත්තුවෙන ගින්දරෙන් සුරුට්‍ටු පත්තුකරන්න ඕන උනානෙව. :D

    ReplyDelete
  8. ඒ කාලෙ තිබුනු සිරිත අනුව රජකම යන්නෙ තත්තාගෙන් පුතාටද නැත්නම් අයියාගෙන් මල්ලිටද කියන එක සොයලා බැලුවොත් නරකද?

    ReplyDelete
  9. එහෙනම් දැනුත් ඔය දුටු ගැමුණු පරම්පරාවෙන් පැවත එන උදවිය ඉන්නේ.
    ඇත්තට ආදරේ හින්ද මිනිස්සු කොච්චර දේවල් නැති කරන් තියනවද? පුදුමත් හිතෙනවා නේද? සමහර අය බොහෝ ඉසුරු සොයන් යනකොට සමහරු ආදරේ කරන්න ගිහින් තියන සියල්ල නැති කරගන්නවා..

    ReplyDelete
  10. කතන්දර අද අනිවා එලියේ නිදාගන්නේ.... :P

    ReplyDelete
  11. කතන්දරට වැරදිලා. දුටු ගැමුණුලා ගේ වැඩ කිඩ ඉවර උනේ නෑ. පොර නම වෙනස් කලා. ඊට පස්සෙ මහාවන්සේ ගියෙ ඒ අලුත් නමෙන්. පොර නම වෙනස් කරේ සිල්වා කියල. ඒ පරම්පරාවේ අය අදටත් දැහැමෙන් සෙමෙන් රාජ්‍ය පාලනය කරනව.

    ReplyDelete
  12. මට නං කුමාරයා කිවුවම තව කුමාරයෙක් මතක් වෙනවා...

    හැබෑටම කුමාරයා වැඩේ කාගත්තේ නැත්තං රජ්ජුරුවන්ට පස්සෙ බාප්පා රජ වෙයිද, නැත්තං කුමාරයා රජ වෙයිද?

    ReplyDelete
  13. මේ කතාව කලින් පෝස්ටය සම්බන්ධ වයි.

    මේ කතාව කියන්න ගිහින් කට්ටිය අමනාප වෙයි ද දන්නේ නැහැ.එහෙත් වෙච්ච දේ ගැන පුද්ගලිකව වොරි වෙච්ච මනුස්සයින්ට, කතාවේ සියලු පැති දැන ගන්න සාධාරණ අයිතියක් තියෙනවා.

    පැරා ගේ මේ පෝස්ටයේ හිරු මල්ලි කියන කොමෙන්ට් කරුවා දැමු කොමෙන්ටුව ටැබූ ට බරපතල චෝදනා එල්ල කරන්නක්.

    මේක ඇත්ත කියා හිතාගෙන නොවෙයි මෙහි දැම්මේ. ඇත්ත නොවුනොත් මිනිහෙකුට බොරු බව කියා ගන්න සාධාරණ ඉඩකඩක් තිබිය යුතු නිසයි.

    ReplyDelete
  14. මං මේ කල්පනා කළේ.. දුටුගැමුණුයි අන්ත:පුරෙයි ඔය ගල උඩ ඉද්දි සද්ද බද්ද නොකර ඉන්න ඇති නේ... බඹරු ඇවිස්සෙන හින්දා...

    ReplyDelete
  15. හාමිනේලා යුද්ධ ප්‍රකාශ කරන්න ගත්තොත් පාස්වර්ඩුත් පඥ්ඤං! කතන්දර තාම දන්නැද්ද ඒක :D

    ReplyDelete
  16. සීතලයි කිව්වට පිලි නොගෙන ඇඟිල්ල තබා බලන්නට ප්‍රියකරන අපුරු කතන්දර කරුවෙක්. මේ දවස්වල ටැබූ අඩවිය වසා දැමීමෙන් රැකියා අහිමි වූ අයෙකුගෙන් නිබ්බුත පද අසා ගන්න හෙටම අවකාශ ලැබෙයි. මේ පොස්ටයත් වෙනස් කොරයි සමහරවිට.

    @Podi Kumarihami; පස් මහා බැලුම් බැලුවේ අයි කියන එක ඉස්කෝලේ කාලේ සාධාරණය කලේ උපදින බෝසතුන්ගේ දේශනය පිළිගන්න මේ කාරනා වැදගත් වන නිසා ය කියලයි. තර්කයක් හැටියට හරියි කියලා ඔප්පු කලේ දෙවියන් වහන්සේ ගේ ම එකම පුත්‍ර රත්නය. අහිංසක කෙල්ලකගේ බඩේ හොරෙන් පිළිසිඳ ගෙන, වඩු රාල කෙනෙක් කැපකරු පියා ලෙසට අරන් ඔය වැඩේ ම [දේශනා කිරීම] කොරන්න ගිහින් වෙච්ච සන්තසිය ඉතින් දන්නවනේ.

    හැබැයි ඔව්ව ඉතින් පෙරලුනු පිට හොඳයි වගේ කතා. බැරි වෙලාවත් බුදුන් වහන්සේ සැඩොල් කුලයක උපන්න නම, ඒ කිතුල් ගහෙත් මොනවා හරි තණකොළ ටිකක් හොයා ගන්න පුළුවන් වෙයි.

    මෙතනින් නවතින්නම්, මගේ අහිංසක කවි බ්ලොග් එක හැක්‌ [හෝ සෙල්ෆ් ඩිලීට්] වෙන්න ඉඩ ඇති නිසා.

    ReplyDelete
  17. කතන්දර ... මොනාද අර වරහන් ඇතුලෙ තියෙන්නේ....

    ඉතිහාසය ඝාතනය කරනවා..... මෙහෙමත් කතන්දර ලියනව ද? අපේ පොඩි ළමයි මේව බලල මොනාද ඉගෙන ගන්නේ... වහාම පැමිණිලි කරන්න තියෙන්නෙ ඉහලට....

    ReplyDelete
  18. මට පෙන්නෙ ඔබතුමා විහිලුවලට නොගතයුතු චරිත මෙතනට ඇදගන විහිලුවට හැල්ලුවට අරන් තිබෙනවා,එය ඉතාමත් නරකයි,අනාගතෙදිවත් මෙසේ නොකරයි කියා බලාපොරත්තුවෙනවා

    ReplyDelete
  19. @Podi Kumarihami
    මොකක්ද සාලිය කරපු ඉවසීම?

    අපි ඉගෙන ගත්තු පස් මහ බැලුම් මෙන්න.
    උඩ බැලුම්, බිම බැලුම්, ඉස්සරහ බැලුම්, පස්ස බැලුම්, රබර් බැලුම්.

    ReplyDelete
  20. @Observer
    @රංග
    @Grey
    @බුද්ධි

    හාමිනේ කතන්දරේ බලපු බවත් මං තුමා ට කිසිදු අතුරු ආන්තරාවක් නොමැති බවත් චිත්තප්‍රීතියෙන් යුතුව දැනුම් දෙමි!

    පාස්වර්ඩය ද සුරැකී ඇත.

    ReplyDelete
  21. @පූසා
    ඇයි නරක් වෙලා හිටියි!

    ReplyDelete
  22. @දිනේෂ් දීපාල්
    දැන් නං ඔය කුලය/පරම්පරා රැකියාව නෑනේ. මං කිව්ව වගේ දේශපාලනය ඇර වෙන කිසිම ජොබ් එකක් දැන් කාලේ තාත්තාගෙන් පුතාට යන්නේ නෑ!

    ReplyDelete
  23. @අළුත් කොල්ලා
    සාලිය ල හිටියේ බුද්ධ වර්ෂ දෙවන සියවසේ. ඒ කාලේ තිබුනේ අපි අද ඉන්නවට වැඩිය වෙනස් සමාජයක්. ඔය සිංහල දෙමල ප්‍රශ්ණෙත් වෙනස් තේරුමක් ඒ දවස්වල!

    ReplyDelete
  24. @නවම්
    පත්තු වෙන එකෙන් පත්තු කර ගත්තොත් ගිනිකූරක් ඉතුරුයි නේද?
    කාටද ආඩම්බර?

    ReplyDelete
  25. @blog
    ඇයි පණ්ඩුකාභය ගෙන්, මුඨසීව ගෙන්, දේවානම්පියතිස්ස ට ගියේ?
    චන්ද්‍ර ගුප්තගෙන්, බිම්බිසාරගෙන්, අශෝකට ගියේ?

    ReplyDelete
  26. @ප්‍රියන්ත ඒ.බී
    @මුහුදුකොල්ලකාරයා
    නූතන දුටුගැමුණු ලා ගැන දන්නවනං, ඒ දුටුගැමුණු බඳින්නෙත් නැතුව ඉඳියි!

    ReplyDelete
  27. @ප්‍රියන්ත ඒ.බී
    බයික්මොටෝ එක පරිස්සං කරගන්න මලේ!

    ReplyDelete
  28. @Sampath Sri
    කොයි බාප්ප ද?

    ReplyDelete
  29. @sujeewa kokawala

    දැන් මේක හොඳ ස්පයි ස්ටෝරි ප්ලොට් එකක් වගේ නේද?

    ReplyDelete
  30. @Jeew
    ගල උඩ නං හිටියේ කාශපයි, එයාගේ සෙට් එකයි!

    ReplyDelete
  31. @සොඳුරු සිත
    කාටවත් නොපෙනුන වරහන - ඔයා විතරද කණ්නඩි දාල ඉන්නේ?

    ReplyDelete
  32. @ශ්‍රීමත්
    මොකක්ද මේකේ තියෙන විහිලුව?

    ReplyDelete
  33. අපිට උඩ පරම්පරාවෙ නම් කුල භේදෙ මහ ඉහළින්ම තියෙනවා. අපේ පරම්පරාවත් එක්කවත් ඕක නැති වෙලා ගියොත් ලොකු දෙයක්.

    ReplyDelete
  34. සාලිය කුමාරයගේ තිබිලා තියෙන්නෙ රියල් ලව් එකක්..............

    ReplyDelete
  35. @kathandara

    [වරහන]

    මේක මිස් උනාද? කන්නාඩි නැතුවට අපෙත් ඇස් පේනවා.

    "සීතලයි කිව්වට පිලි නොගෙන ඇඟිල්ල තබා බලන්නට ප්‍රියකරන අපුරු කතන්දර කරුවෙක්. මේ දවස්වල ටැබූ අඩවිය වසා දැමීමෙන් රැකියා අහිමි වූ අයෙකුගෙන් නිබ්බුත පද අසා ගන්න හෙටම අවකාශ ලැබෙයි. මේ පොස්ටයත් වෙනස් කොරයි සමහරවිට."

    ඔය කිව්වේ වරහන ගැන තමා. කලින් පෝස්ටයේ දාපු මගේ කොමෙන්ටුවේ තියෙන ප්‍රකෝප කිරීමේ ඇස්පෙක්ට් එක මේකටත් වලංගුයි.

    :)

    ReplyDelete
  36. අසෝක මල් ? මමනම් ඒව ගැන අහල විතරයි දැකලා නෑ . අසෝක වීදුරු නම් දැකලා තියනවා මම ඒවට තේ බීලත් තියනවා .

    සාලියට තිබුනේ රජ වෙලා ශේප් එකේ වැඩේ ගොඩ දාගන්න .අපෝ ඔය කුල හොයන එක අපේ ගමේ අම්බානෙට . අපේ පැත්තේ කොල්ලෝ කෙල්ලෝ යන්තම වස ඩිංගක් තොලේ ගාගෙන රෝහල්ගත වෙනකොට දෙමාපියන්ට කුලේ අමතක වෙනවා .

    ReplyDelete
  37. This comment has been removed by the author.

    ReplyDelete
  38. this is not good you're insulting our religion and history.... go to hell man . i have doubt whether you sri lankan or not. don't insult any religion.

    ReplyDelete
  39. @ Anonymous November 21, 2011 4:16 PM

    ඔබ නිදුක්වෙත්වා, නිරෝහී වේවා, සුවපත්වේවා, සැපවත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකින්වා!
    May you be safe and protected, May you be peaceful and happy, May you be healthy and strong, May you have ease of well being.

    මා පරිභව කර ඇත්තේ කවර ආගමටද? කෙලෙසද? කොතැනද?
    What religion have I insulted how and where?

    මා පරිභව කර ඇත්තේ කවර ඉතිහාසයකටද? කෙසෙලද? කොතැනද?
    What history have I insulted how and where?

    ReplyDelete
  40. කතන්දර දන්නේ නැති දෙයක් තියනවා. ඒ කාලේ රජකම පැවතුනේ සහෝදරයාගෙන් සහෝදරයට. එකයි රජකම සද්ධාතිස්ස රජතුමාට ගියේ. පොඩ්ඩක් ඉතිහාසය දැනගෙනම ලිව්වොත් හොදයි නේද ගොන් ආතල් දෙන්න කලින්. රජකම දෙන්න සහෝදරයෙක් නැති උනාම තමයි පුතාට රජකම ගියේ. දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ ඉදන්ම එහෙමයි.

    ReplyDelete
  41. අහම්බෙන් මා මේ ලිපිය කියවීමි. සිද්ධාර්ථ බෝධිසත්වයෝ ඉපදීමට පස්මහ බැලුම් (පංචවිලෝකන) බැලුබව ඹබ දැනගත් මුලාශ්‍රය (ත්‍රිපිටකය, මහායානික ග්‍රන්ත, පාලි අටුවා, ජාතක පොත) කුමක්‍ද? සිහිනයකින් පිලිසිදගත් බව ඔබ දැනගත් මුලාශ්‍රය කුමක්‍ද? මහා පරිනිබ්බාන සූත්‍රයේ ‍ද කිසිම සදහනක් නැත. ත්‍රිපිටකයේ කිසිම තැනක එසේ සදහන් නොවේ, මෙය ඔබ දැනගත් ආකාරය දැන ගැනීමට කැමතියි. මා දන්නා තරමින් බෝධිසත්වයෝ උත්තම මනුෂ්‍යයෙකි. උන්වහන්සේ පස්මහ බැලුම් බැලුවා යන්න මුසාවකි. අනෙක් කාරනයද එවන්ම මුසාවකි. මිනිසුන් මුලා කරන මෙවන් ප්‍රකාශන වල‍ට නියාමනයක් නොමැති වීම දුකකි. කාලවේලා මදි හෙයින් මින් නතර කරන අතර පාලුගෙයි වලං හොරාට බිදින මෙවන් ප්‍රකාශන පලකරන ඔබලා වැනි මනිසුන් ගැන කනගාටුවෙමි. අනුවන අනුගාමිකයන් ගැනද එසේමය. බුදුන් වදාල දර්මය - වල්පොල රාහුල හිමි කෘතිය කියවන ලෙස කරුනාවෙන් ඉල්ලමි

    ReplyDelete
    Replies
    1. පස්මහ බැළුම් ගැන ඔබ කියන මූලාශ්‍ර කුමටද? මා කියා ඇත්තේ අප කුඩා කල සිට පාසලේ, දහම් පාසලේ ඇසූ කතන්දරයක් ගැනයි.

      /* අවුරුදු දෙදාස් හයසියකට විතර කලින් අපේ බෝධිසත්ව දේවතාවා තව්තිසාවෙ ඉඳල සිද්ධාර්ථ කුමාරය විදියට මිනිස් ලෝකෙ ඉපදෙන්න ප්ලෑන් කරපු හැටි ගැන කතන්දරේ අහල තියෙනව නේද? */

      මෙවැකි ලංකාවේ සෑම බුද්ධාගම් පවුලකම පොඩි ළමයෙක් දන්නා කතාවල මූලාශ්‍ර අහන්නේ සිහිබුදධියෙන්ද?

      ඔබ කියා ඇති පරිදි මෙය මුසාවක් නේන්නම්. එච්චරද මුසා තියෙන්නේ? සිදුහත් ඉපදුන ගමන් ඇවිදීම, කතා කිරීම, වප් මගුලේ බාවනා කිරීම සිට කොපමණ මුසා ඔය බුද්ධ චරිතය තුල තියෙනවාද?

      Delete
    2. වචනෙෙය් පරිසමාප්ත අරුතින්ම කතන්දර යනු සත්‍ය ෙනාවන බව ඔබම පිලිගනී. ඒෙස් නම් ඔෙබ් කතන්දර (ෙබාරු ) ප්‍රකාශයට පත්ෙනාෙකාට අනුවන දනන් චුන් කර ෙමා්ඩ වින්දනයක් ලබාෙනාදී සිටීම මැනවි යැයි සිතම්. සත්‍ය යැයි පිලිගත හැකි, ඒවා දැන කියවා මිනිසුන් ෙග් ජීවිත යහපත් කරගත හැකි යමක් ප්‍රකාශනය කරන ෙලස කාරුණිකව ඉල්ලමි. හැකි නම් බුදුන් ෙග් ෙද්ශනා කියවා නුවනින් වටහාගන්න, අවැසි නම් මා ලග අැති ෙපාත පත ඔබට ලබාදිය හැක. ඉන්පසු ඔබ ෙමම කාලය මිනිසුන්ාග් යහපත ෙවනුෙවන් ෙයාදවන්න.

      Delete
  42. About Dutugemunu Story :
    Saliya did not get kingship because his mother is low-caste.
    Since Mahanama thero (who wrote Mahawansa) wanted to show only good in Dutugemunu, all the blame was gone to Saliya.
    This is explained in Lusion's Rathu Hettakari

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.