Friday 16 March 2012

පැන්සොන් මීටිම - When should a man retire?


තමන් ජීවත්වෙන රටේ පැන්සොන් ගන්න හැටි සහ පැන්සොන්කාරයින්ට තියෙන පහසුකම් ගැණ විස්තරාත්මක ලිපියක් ලියල පලකරපු ඔබ්සෝවර් හෙවත් ඔබා මාමා හෙවත් ඔබා-මා තුමා ඒ ලිපියේ අග්ගිස්සේ කවුදෝ පොරක් පෙන්ෂොන් ගන්න ගිහිල්ල වෙච්ච අකරතැබ්බක් ගැනත් වල් කතන්දරයක් දාලා තිබුණා!

ඒ වල් කතාව නං පහුගිය දවස්වල ඊ-මේල්වලින් ලෝකේ පුරා සංසරණය වුණු කතාවක සිංහල පරිවර්තනයක්.

ඒක කියවපු මටත් හිතුණා මං අහල තියෙන තවත් ඔය වගේ කතන්දරයක් කියල දාන්න. අපේ අංකල් කෙනෙක් මේ කතාව රස කරමින් කියනවා මං අහං උන්නේ මීට අවුරුදු විස්සකට විතර ඉස්සර දවසකයි.

ඔන්න පැන්සොන් වයස, ඒ කියන්නේ නොහැකි හෙවත් නාකි වයස එලැඹිලා එක පොරක් තමන් කරමින් හිටිය රස්සාවෙන් පැන්සොන් ගත්තලු. අන්තිම දවසේ ඔෆිස් එකේ තිබුණු පාටියෙන් පස්සේ හැමෝගෙන්ම සමුගෙන ඇවිත් පොර ගෙදර විවේක සුවයෙන් ඉන්න වෙලේ පොරගේ අවයව, අංගෝපාංග, පංචායුධ ටික හදිසි රැස්වීමක් කැඳවලා.

රැස්වීමේ මූලාසනය අරං තියෙන්නේ අවයවවල ප්‍රධානියෙක් වෙන මොලයයි.

"අද මේ රැස්වීම කැඳවන්න මූලිකම හේතුව වුනේ අපේ අයිතිකාර සුනෙත් විජේරත්න මහතාගේ විශ්‍රාම යෑමයි. ඔහු මේ අවුරුදු හැටක් වෙනතුරු වැඩපොල කරගත්තේ ඔහුගේ අවයව, අංගෝපාංග, පංචායුධ වෙන අපේ පිහිටෙනුයි. සුනෙත් විජේරත්න මහතාගේ අදහස නම් හෙට සිට ඉදිරි ජීවිතකාලය විවේක සුවයෙන් ගත කිරීමයි."

"මේ නිසා හෙට සිට අප කුමක් කළ යුතුද කියා සලකා බැලීඟට කාලය එලැඹ තිබෙන බවයි මගේ අදහස. ඒ ගැන ඔබේ අදහස් ඉදිරිපත්කරන මෙන් අද මෙහි රැස්වී සිටින සහෝදර අවයව, අංගෝපාංග, පංචායුධ ඔබ සැමගෙන් මා ඉල්ලා සිටිනවා."

කවුරුත් බලාපොරොත්තු වූ පරිදිම මොලේ ගේ කතාව ඉවර වෙන්නත් කලින් වගේ කතා කරන්න පටන් ගත්තේ සුනෙත් ගේ කට යි.

"උපන්දා කිරි ඉල්ලා අඬන් පටන් ගත්තු මොහොතේ ඉඳලා මේ වනතුරු සුනෙත් ගේ ජීවිතයට මගේ වුණු සේවය අප්‍රමාණයි. පොර ඔෆීසියේ දී ජාම් බේර ගත්තේ මගේ උදව්වෙන්. ගෙදර ඇවිල්ලා නෝනාගෙන් ගැලවිලා ඉන්නේත් මගේ පිහිටෙන්.
දැන් අපි මේ විදියට සුනේත් ට කැඹුරුවා හොඳටෝම ඇති."

"මා යෝජනා කරනවා අප සියළු දෙනාම පැන්සොන් යා යුතුය කියා!"

මහා අත්පොලසන් හඬක් නැගුණා.

ඊලඟට කතා කළේ සුනෙත් විජේරත්න ගේ දකුණු අතයි.

"උපන් දා සිට සුනෙත් තමන් ගේ බරපතල වැඩ බොහොමයක් කළේ මගේ උදව්වෙන්. ආහාර ගැනීම, දඟර පන්දු යැවීම විතරක් නෙමේ ඔහු කළ තරමක් ඇණ මුරුච්චි බුරුල් කළේත්, තද කළේත් මගේ උදව්වෙන්. මට කැමතියි අපේ කට සහෝදරිය ගෙනා යෝජනාව අනුමත කරන්න. අපි වහාම පැන්සොන් යන්න ඕනෑ!"

"මාත් ඒකට එකඟයි" ඊලඟට වම් අත කතා කළා. "කක්ක දාලා පස්ස පැත්ත හෝදන එක විතරක් නෙමෙයි මගේ සහෝදර දකුණු අතින් විතරක් කරන්න බැරි හැම වැඩකටම සුනෙත් ට මගේ සහයෝගය මා ලබා දුන්නා. හෙට සිටම පැන්සොන් යෑමේ යෝජනාවට මා එකඟයි."

ඔය අතරේ සභාවේ එක කොනකින් හීන් හඬක් නැගුණා.

අනේ මටත් ඕනෑ හැකි ඉක්මණින් පැන්සොන් යන්න!

කවුද මේ කතා කරන්නේ, මොනවද කියන්නේ කියලා කාටවත් තේරුණේ නෑ.

"කවුද ඒ? කරුණාකර, ටිකක් හයියෙන් කතා කරන්න". මූලාසනයේ සිටි මොලේ කිව්වා.

අනේ මටත් ඕනෑ හැකි ඉක්මණින් පැන්සොන් යන්න!

"කවුද හලෝ ඔය? කියන දෙයක් පැහැදිලිව කියනවකො හලෝ පොඩ්ඩක් නැගිටලා!" අවයව, අංගෝපාංග, පංචායුධ සභාවේ පොරක් වන දකුණු කකුල එහෙම කිව්වා.

"නැගිටලා කතාකරන්න? නැගිටින්න පුළුවන් නං පෙන්සොන් ඉල්ලනවද ඕයි?"

ඔන්න ඒ පාර නං කවුද මේ කතා කරන්නේ කියලා හැමෝටම පැහැදිලි වුණා!

-කතන්දරකාරයා

ප/ලි:
මේ කතන්දරේ ඔරිජිනල් වර්ෂන් එක කියපු අපේ අංකල් නං හැට පැන්නත් පැන්සොන් ගියේ නෑ. දැන් පොර කන්සල්ටන්ට් කෙනෙක් විදියට උපදේශක සේවාවක් දාලා.

(image: http://societies.dsu.ca/DalOUT/resources/symbolsdoc)

23 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සොරි වචන පැටළුනා.. ඒකයි කමෙන්ටුව මැකුවෙ.. :D

      Delete
    2. ඉතින් මකන්න හුඟක් තිබුනද?

      Delete
  2. අම්මෝ ඔය සමහරු ඉන්නේ අවුරුදු 80 වෙද්දිත් පැන්ෂොන් යන්නේ නැතුව අලුත් අලුත් ඒවාට සෙට් වෙන :)

    ReplyDelete
  3. සුපිරියිනෙ. කකා ඇඟට පතට නොදැනෙන්න කතාව කියල තියෙන්නෙ.

    ReplyDelete
  4. Replies
    1. කවුද අංකල්ද පවු....:DDD

      Delete
    2. නෑ අංකල්ගෙ වයිෆ්

      Delete
  5. උදේ පාන්දර කට පුරා හිනා වෙන්න එකක් ලියලා :D

    ReplyDelete
  6. මෙන්න නියම කතාවක්!!!

    පණ නැතිව ගියාම ප්‍රතිජීවක ඖෂධයක් දෙකක් යූස් කරලා බලන්ඩ......!සමහර විට පණ එයි... :P

    ReplyDelete
  7. මට නං තේරුනේ නෑ :-)

    ReplyDelete
    Replies
    1. මේ කතාව ඔයාගෙ කතාව වගේ වල් කතාවක් නෙවෙයි.

      Delete
  8. ඒ අතරේ කවුද කෑ ගහනවා ඇහුනා

    "ඔයා බය වෙන්න එපා මම ඔයාව නැගිටුවන්නම්"

    හැමෝම බැලුවා කව්ද ඒ නිර්භීත පොර කියලා

    කව්ද දන්නවද ...? පොඩි ටැබ්ලට් එකක්

    නම ව්‍යාඝ්‍රා...

    ReplyDelete
    Replies
    1. Praveena PalipanaMar 15, 2012 07:07 PM

      අපොයි පව්...:D

      priyanthaMar 15, 2012 07:41 PM

      කවුද අංකල්ද පවු....:DDD
      නරකයා....!!Mar 16, 2012 12:05 AM

      නෑ අංකල්ගෙ වයිෆ්

      ඇයි පවු?
      අංකල්ගෙ වයිෆ් ඕක ඇනිල මළොත්!

      Delete
  9. මේක සිරාවට කියන කතාවක්. පැන්සොන් ගිහයම අවයව පැන්සොන් ගන්න එකනං ඇත්ත. මගෙ බොස් වෙලා හිටපු එක්කෙනා පැන්සොන් ගත්තට පස්සෙ අවුරුද්දක් විතර ඇතුළට හාට් එකට පැන්සොන් දුන්න.
    ඒ නිසා, රස්සාවෙන් පැන්සොන් ගත්තට කවදාවත් නිකං විවේක සුවයෙන් ඉන්න හිතන්න හොඳ නැහැ.

    ReplyDelete
  10. සිරාම කතාව.. ඒකට නැගිටින්න බැරිනම් පැන්ශන් යන්නම එපැයි..

    ReplyDelete
  11. පංචාගුදය මතක් කරන්න එපාය. පොර ගූගල් යූස් කරන්නත් එපා කීවේය.. :)

    ReplyDelete
  12. 60 පැන්නත් පැන්ෂන් යන්නේ කීයෙන් කීදෙනාද?

    ReplyDelete
  13. අපි නම් දැන්ම පැන්සොන් යන්නේ නෑ... තවම දඟකාර වයසෙනේ ඉන්නේ...

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. කතන්දර බයවෙලා නේද ගැජට් එක පැන්ශන් යයි කියල ???? බයවෙන්න එපා මෙතන බලන්න

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.