Sunday 19 December 2010

ඒ සල්ලිත් දාන්න අංකල් දෑවැද්දට...!!!


මේක මං අහපු කතන්දරයක්. ඒ කියන්නේ සෙකන්ඩ් හෑන්ඩ් අත්දැකීමක්. නමුත් අවිස්වාස කරන්න හේතුවක් තිබුනෙ නෑ කියපු කෙනා මගේ හොඳ මිත්‍රයෙක් වෙන රත්නායක මහත්තය නිසා.

මේ කතන්දරේ ඇහැව්වාම මට මුලින්ම ආවේ නවත්තගන්න බැරි හිනාවක්. හැබැයි ටිකක් වෙලා යනකොට, කතන්දරේ බලපතල කම තේරුණාම, ආවේ නං අමුතුම හැඟීමක්, ඒ කියන්නේ බය, ලැජ්ජාව, තරහ, කණගාටුව, මේ සේරම කවලම් වෙච්ච හැඟීමක්!

මගේ හොඳම යාළුවෙක් වෙන රත්නායක එක්ක එකට වැඩපොලේ ඉඳල තියෙනව එක විදියක පොරක්. එක විදියක් කියන්නේ මේ පොර ගැන පැතිරිලා තිබුණු විවිධ කතන්දර හින්දයි.

එයින් එක ජොලි කතාවක් කියන්නම් කෝ ඉස්සෙල්ලාම පොඩි ඇපිටයිසර් එකක් විදියට.

කොල්ලෝ කැම්පස් එකේ ඉන්න කාලේ ගෙදරින් සල්ලි දෙනවනේ ජීවත් වෙන්න. ෆයිනල් එක්සෑම් ලිව්වට පස්සේ පොරට කැම්පස් එකේම ඩිමොන්ස්ටේ්‍රර් ජොබ් එකක් සෙට් වුණා. විභාගෙ ඉවර වෙලා, ලැබ් රිපෝට්ස් හෙමත් ඉවර කරල පොර ගෙදර ගිහිං දවසෙන් දෙකෙන් ජොබ් එකට ආපහු ආවා. ඉතිං වෙනද වගේම, කලින් හිටිය බෝඩිමේ ඉඳල කැම්පස් යන්න ගත්තා.

ඔය ජොබ් කතා ගෙදරට කියන්නේ මොකටද?

ඉතිං වෙනද වගේම පොරට ඒ මාසේ අන්තිමටත් ගෙදරින් සල්ලි දුන්නා. ඔය අතර ඉස්ඉස්සෙල්ලාම පඩියත් හම්බ වුණා නේ කැම්පස් එකේ ජොබ් එකෙන්.

අපේ පොර කරලා තියෙන්නේ ගෙදරින් හම්බ වෙච්ච සල්ලි වලිනුත් ගාණක් දාලා මුළු පඩියම බැංකුවේ දාපු එකයි.

මාස ගණනාවක්ම පොර ඔය වැඩේ කෙරුව කියලයි ආරංචිය. මං හිතන්නේ විභාග ප්‍රතිපල ඇවිල්ලා පොර ආණ්ඩුවේ තැනක වැඩට යන්න වෙන පලාතකට ගියාට පස්සේ තමයි ගෙදරින් සල්ලි ගැනීම නවත්තලා තියෙන්නේ.

දැන් මෙන්න අද ප්‍රස්තූත කතන්දරේ.

ඔහොම අවුරුදු තුන හතරක් ගියාට පස්සේ අපේ පොර බඳින්න සෙට් වෙලා තියෙනවා. ප්‍රපෝසල් එකක් ද, ලව් මැච් එකක් ද කියල විස්තර නං මං දන්නේ නෑ. කොහොම වුණත් හොඳ පවුලක, හොඳ කෙල්ලෙක් කියල තමයි ආරංචි වුනේ.

ඉතිං වැඩපොලේ හුඟ දෙනෙකුටත් වෙඩිමට ආරාධනා කරල තිබුණ. අපේ කට්ටිය කතා වුණා, වෙඩිම දවසේ උදේ දහයට විතර වැඩපොල ලඟට සෙට් වෙලා සේරම කට්ටියම එකට යන්න. කාර් තුන හතරකුත් ලෑස්ති කරගත්තා, තියෙන තියෙන හැටියට.

කට්ටිය පිටත් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී මෙන්න බොලේ අපේ පොර එනවා මෝටර් සයිකලේක හති දාගෙන.

මගුල කැන්සල් කියලා කට්ටියට කියලා හැරුණු පයින් ආපහු දිව්වා.

අපේ කට්ටිය අන්දුං කුංදුන්.

සතියකින් විතර ඔන්න ආරංචි වුනා වෙලා තියෙන සන්තෑසිය.

වෙඩිමට කලින් දා කෙල්ල ගේ ගෙදර පිරිතක් ලු. මගුල් ගෙදරකට කලින් දානයක් දීල පිරිතක් කියන සිරිතක් සමහරුන් ගේ තියෙනවනේ.

පොරත් ගිහින් තියෙනවා පිරිතට ආරාධනය අනුව. ඔතනදී, දානේ, පිරිතෙ කටයුතු ගැන කතාකර කර ඉන්න ගමං මූට කියවිලා තියෙනවා මෙන්න මෙහෙම.

"අනේ මේ දාන වලට, පිරිත් වලට, වියදම් කරන සල්ලිත් දෑවැද්දට දුන්න නං ඉවරයිනේ!"

ඕක ඇහිච්ච කෙල්ලගේ තාත්තට කෙල කෝටියට කේන්ති ගිහිං.

එච්චරයි.

-කතන්දරකාරයා

ප/ලි
කෙල්ලගේ තාත්තට කේන්ති ගියාට පස්සේ වෙච්ච දේ ගැන ආයෙ දෙවෙනි පාරටත් ලියන්න ඕනැ නෑනේ, නේද?

27 comments:

  1. අර කෙල්ලගෙ පූරුවෙ පිනක් තිබිල තියෙනව අන්තිම මොහොතෙ හරි අර මල පෙරේතයගෙන් ගැලවෙන්න.. මට පෙන්නන්නම බැරි දෙයක් තමා ඔය මේ ලෝකෙ තියෙන වටිනාම වස්තුව සල්ලි කියල හිතං ඉන්න කුණු පෙරේතයින්ව..

    ReplyDelete
  2. පිරිතට වියදම් කරන සල්ලිද මේ ඉල්ලන්නේ... ශිරා මල පෙරේතයෙක් නේ මූ... මෙහෙම මිනිස්සුත් ඉන්නවානේ...

    ReplyDelete
  3. කකා.., ඔයාගෙ comment moderations වැඩ කරනව කියල ෂුවර්ද..?? අද comment එක දාලා අනිත් පැත්ත හැරෙනකොට ඒක publish වෙලා..

    ReplyDelete
  4. ඕකනේ අපි සල්ලිවලට පෙරේත නැති කෙනෙක් මුන ගැහෙනකල් පෙරුම් පුරන්නේ. ඒත් සල්ලි එපා නම් මේ පිරිමින්ට තව මොනව හරි ඕනි. බේරෙන්න පුලුවන් ජාතියක් නම් නෙවි.

    ReplyDelete
  5. වස නින්දාවනෙ
    හැබැයි ඔහොම මිනිස්සුන්ට එහෙමම තමා වෙන්න ඕනෙ ...
    හොඳ වැඩේ !!

    ReplyDelete
  6. දාන මාන පිංකම් වලින් ලැබෙන පින ඒ මොහොතෙ උනත් පලදෙන්න පුළුවන් කියල ඒකෙන්ම පේනව,, කෙල්ල පින පෑදිච්චි හැටි !!!!

    ReplyDelete
  7. ආපො ඊයා. කෙල්ලගෙ වාසනාවට බේරුනා.

    ReplyDelete
  8. කුන්නැහියො නම් ඕනෙම නැහැ....

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. @පොඩි කුමාරිහාමි

    "ඕකනේ අපි සල්ලිවලට පෙරේත නැති ....."

    අර දඬුකඳේ ඉන්න ගොයියව සලකා බැලුවොත් නරකද? ආයි හොය හොය මහන්සි වෙන්නෙ දේකුත් නෑ නෙව.

    හැබැයි මට නං හිතෙන්නෙ "ඕකනේ" කියන්නෙ , ඔය නං හිතේ පදං ෂොපිං ගිහිං, අර "හොයන උන්දැ" ව නට්ටං කොරන්න කුරුමානං ඇල්ලිල්ලක් කියලයි.

    ReplyDelete
  11. අර බයික් එකේ ආපු හැටි නං මැවිල පේනවා!

    ReplyDelete
  12. @පොඩි කුමාරිහාමි...

    දත ගලවන්න බලාගෙන ඉන්නෙ වගේ................

    ReplyDelete
  13. සිරිබිරිස්,

    "අර දඬුකඳේ ඉන්න ගොයියව සලකා බැලුවොත් නරකද? ආයි හොය හොය මහන්සි වෙන්නෙ දේකුත් නෑ නෙව."

    කොහොම හරි ඇඟ බේරගන්නනේ හදන්නේ?

    ReplyDelete
  14. @ Wickum Malinda

    ඔයාගේ දත ගලවන්න බලාගන නෑ අනේ!

    ReplyDelete
  15. මාර පොරක් නෙ...
    පොර යාලුවන්ට කියන්න ඇති..
    "මචන් වෙඩිම කැන්සල් උනට කමක් නැ දෙන්න හිතා හිටපුව දෙන්න " කියල...

    ReplyDelete
  16. හුහ්, මොකාද බොල මේ දත් දොස්තර? එහෙමත් පුළුවන්ද, වලව්වෙ ඇත්තන්ට අපහාස කරන්න දෙන්න? මුන්දලා දන්නෙ නෑ කුමාරිහාමිගෙ හැටි, කෙලින්ම දඬුකඳේ ( අර "හොයන ගොයියා" වත් ඇතුලුව, හී,හී..). ඉරිසින්නාන්සෙලා, තාපසයො බුරුතු පිටින් ගෝනි මල්ලෙ. ඇයි එතකොට කොබෝ නයි....

    ReplyDelete
  17. කසු පළවෙනි පාර පාඩමක් ඉගෙන ගත්ත නිසා දෙවනි පාර කට පරිස්සන් කොරන් ඉන්න ඇති නේද. කසු දෙවනි පාර දෑවැද්දට කීයක් හම්බ උනාද ?

    ReplyDelete
  18. @All
    සියළු දෙනාටම ස්තුතියි මේ ප්‍රතිචාර වලට.

    පොඩි කරෙක්ෂොන් එකක් කරන්න තියෙනවා.

    වෙඩිම කැන්සල් කියල කියල තියෙන්නේ අපේ "පොර" ගේ අයියලු.
    හැබැයි කට්ටිය දැකලා තියෙනවා "පොර" මෝටර් බයික් එකේ යනවා.

    ReplyDelete
  19. හැම මැස්මටම වඩා හොඳ අරපිරිමැස්ම කියන සංකල්පේ අම්බානකුත් තව පොඩ්ඩක් කරන්න ගියාම ඔහොම වෙනවා තමා :))

    ReplyDelete
  20. @ Buratheno

    කසූගේ තාත්තා නැතිවුණා කියලා අපිට දැනුම් දීපු පෝස්ට් එක දාපු වෙලේ කසූ comments moderation අයින් කළානේ. ඒක ආපහු දාලා නැහැ තාම මම හිතන විදිහට

    ReplyDelete
  21. මුගෙ කටේ මසුරන් දාන්න එපායැ.

    ReplyDelete
  22. මෝටර් බයික් එකක් ගැන කියපු නිසා අහන්නෙ. පොර අපි දන්න "මෝටර් සයිකල් පදින" කෙනෙක් එහෙම නෙවෙයි නේද ?

    ReplyDelete
  23. සමහර් විට කෙල්ලගේ වියදම් ගන කොල්ලා දැනගෙන හිටියද දන්නේ නෑ.

    මේ ගෑනි ෆැශන් කරන විදිහට මාමන්ඩියාගෙන් හොඳ දෑවැද්දක් නොගෙන මිසක් නඩත්තු කරන්න බෑ කියලා හිතලද දන්නේ නෑ එහෙම කිව්වේ . .

    හික් හික්

    ReplyDelete
  24. එක අතකිං මිනිහා කියපු එකත් හරි.. සල්ලි නැති උනාම තමා හැම ප්‍රශ්නෙම එන්නේ. ඉතිං ඒවයිං බේරෙන්න දාන දීලා පිරිත් කිව්වත් ඒකයි ඒක දෑවැද්දට දුන්නත් එකයි :D

    ReplyDelete
  25. හපොයි!!! මටත් අහන්න තියෙන්නෙ දුමී අහපු එකමයි

    ReplyDelete
  26. පිරිමි මොනතරම් නෑ කිව්ව්ත් හැමෝම කැමතියි ලොකු දෑවැද්දක් එක්ක ලස්සන ගෑනු ලමයෙක් ලැබෙනවනම්..

    ReplyDelete
  27. @All
    මේ දෑවැද්ද කියන සංකල්පය ඇවිත් තියෙන්නේ ඉස්සර පවුලේ ඉඩ කඩම්, කුඹුරු, හරකබාන පුතාලට අයිතිවෙන නිසා, අල්ලපු ගම්වලට ගෙනියන්න පුළුවන් දේ දුලාට දෙන්න වුණු නිසායි මට හිතෙන විදියට.

    නිවරද ක්‍රමය පවුලේ දේපල නිසි පරිදි සමාන කොටස්වලට බෙදා දීමයි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.