Thursday 17 April 2014

බ්ලොග් ලෝකාර්ධයේ ඇතිවෙන වලි, වලියෙන් වලි සහ වලි පිට වලි! - A baila from Kathandarakaraya


කතන්දර 1,000 ක් ලියලා දාලා ඒ මහන්සියේ හති අරින්න මේ අවුරුදු කාලේ පොඩි පහේ නිවාඩුවක් විඳින අතරතුරේ ඔන්න ඔහේ නිකමට වගේ වචන දෙක තුනක් ටයිප් කරන්න හිතුණා.

හැබැයි, මේක කතන්දරයක් නම් නොවෙයි, අපේ සිංහල බ්ලොග් ලෝකාර්ධය ගැන පොඩි අදහසක් විතරයි. ඇත්තටම කියනවානම්, මේක සිංහල බ්ලොග් ලෝකාර්ධයේ විටින් විට ඇතිවෙන විවිධාකාර වලි ගැන මගේ අදහසයි.

වාද බයිලා සංදර්ශන දැකලා තියෙනවා නේද?

කාලෙකට ඉස්සර ටීඑන්එල් චැනල් එකේ වාද බයිලා සීරීස් එකක්ම ගියා මට මතකයි. ඒක ඒ දවස්වල මං කැමතිම වැඩ සටහනක්.

ඊට පසු කාලෙක රූපවාහිනීයේත් විටින් විට වාද බයිලා ෂෝ ප්‍රචාරය වුනා. නමුත් මේ කිසිම දෙයක ඩීවීඩී එකක් තාම මට හොයා ගන්න බැරි වුණා. යු ටියුබයේත් වාද බයිලා ෂෝ කීපයක්ම තිබුණත් ඊට වඩා ඉස්තරම් කොලිටියේ වාද බයිලා තිබුණු බවයි මගේ මතකය.

වාද බයිලාකාරයෝ එකිනෙකා ගේ මිතුරෝ, මිතුරියෝ වුණත්, වාද කරගන්න ගියාම නං ඒ මිතුරුකම් කැලේ! එකිනෙකාට උපහාස, අපහාස කරගන්නේ කටේ නොගෑවී නිකං උපන් ගෙයි හතුරෝ වගේ!

ඒ වගේම, බයිලා වාදේ ඉවර වුණාම, මං හිතන විදියට ඒ හතුරුකම් එතැනින්ම ඉවරයි.

ඔය වාද බයිලා වගේම, හිටු කියලා එකිනෙකාට උපහාස අපහාස කරගන්න තවත් තැනක් තමයි, කවි මඩු.

වාද බයිලා වගේ විවිධ තාල නැති වුණාට, සංගීතය නැති වුණාට, එක වගේ පද හතරක්ම රයිම් වෙන්න කියන්න ඕනෑ හින්දා වැඩේ ලේසි නැති වුණාට, කවි මඩුත් හරිම ජොලි වැඩ සටහන්. කාලෙකට ඉස්සර අයිටීඑන් එකේ හොඳ උසස් ගණයේ කවි මඩු සෑහෙන ගාණක් ප්‍රචාරය වුණා.

"කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට!" කියන කවි වාදය තමයි මං හිතන්නේ දැනට යූ ටියුබයේ තියෙන වැඩියෙන්ම හිට් වෙච්ච කවි මඩු වාදය!



කවි මඩුවලදීත් කොච්චර උපහාස, අපහාස කරගත්තත් ඒවා කවි මඩුවේ විතරයි! එතැනින් එළියට බැස්සාම ඒ සේරම ඉවරයි.

අන්න ඒ වගේ තමයි, මේ සිංහල බ්ලොග් ලෝකාර්ධයේ ඇතිවෙන වලි, කචල්, ගාල ගෝට්ටි තියෙන්නත් ඕනෑ.

මොකක් හරි දේශපාලන, සමාජ ආර්ථික කේස් එකක් ගැන විවිධ මත බ්ලෝවලදී හප්පා ගත්තාට, විවිධ උපහාස බස් හුවමාරු කර ගත්තාට, ඒ සියල්ල මේ අතත්‍ය ලෝකයේ දීම අවසාන විය යුතුයි.

තත්‍ය ලෝකයට පිවිසෙන කොට ඒ වලි, කචල්, ගාල ගෝට්ටි සියල්ලම අතත්‍ය ලෝකයේ ඒ ඒ තැන්වලට තියලා තමයි යන්න ඕනෑ. මොකද බ්ලොග්කාරයෝ වෙන්න කලින් අපි සේරම මිනිස්සු!

හැබැයි, ආපහු නැවතත් බ්ලොග් ලෝකාර්ධයට ආපු දවසක අර කලින් වලි නවත්තපු තැන ඉඳලා කරගෙන යන්නත්, ආපහු වලිවලට පැටලෙන්නත් දෙපාරක් හිතන්න ඕනෑ නෑ! මොකද අපි කවුරුත් පොලිටිකල් සත්වයෝ නිසා.

හති අරින බ්ලොග් නිවාඩුවේ මැද හරියට එන්නත් කලින් මට ආපසු සිතුවිල්ල තමයි ඒ.

-කතන්දරකාරයා

ප/ලි:
සයිබර් අවරුදු උත්සවයට වැඩ සේරම ලැහැත්තියි ලු!

(image: http://www.canamdvd.com/CyberFights-1-4-CYBER1-4DVD.htm)

130 comments:

  1. ඒක ඇත්ත, එකිනෙකා අතර යාළුකම වැඩි වෙන්නත් හේතුවක් වෙනවා.ඒ වගේම අනිත් අය හිතන විදිය තේරුම් ගන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. කකා ... සයිවර් සිහින බක්මහ උළෙලේ විජට්ටුව මයිනස් යන්න අරං. උගත් මැසිමදුරුවෙක් වෙච්චි කකා හොඳටෝම දන්නවා නෙව අතීතෙට ටයිම් ට්‍රැවල් කරන එකේ අමාරුව. හදිස්සියේ වත් කකා ගිහිල්ල සියා කොල්ල කාලේ මුල්ලිච්ච් උනොත් හෙම උන්දැ විස්සෝපෙටම සරමේ පිහදාගන්න වග මට ඉත්තේරුවෙන්ම කියතැකි. දැන් වත් ඔය මල උලව්ව ගලෝල විහික්ක කරලා දාන්න. ;)

      Delete
  2. කී බෝඩ් එකෙන් පිට ලෝකෙ හාල් කෑලි වෙන උන්ට තමුන්ගේ සයිබර් සිහින ලෝකෙ වත් වීරයෝ වෙන්න ඉඩ දෙන්න කකා !

    ReplyDelete
  3. ඔය බයිලා ගැන අරූ ලිව්වා නෙද පොස්ටුවක් ...ලින්කුව දැම්මා නම් වටිනවා

    ReplyDelete
    Replies
    1. කකා මේ සැරේ අවුරුදු උත්සවෙට එනවද ????

      Delete
  4. ඕව මොනවද කකා අපි මැරෙන මිනිස්සු !!!

    සතියක් නිවාඩු කිව්වට සික් ලීව් දෙකක් නොවැ දාල තියෙන්නේ .. ඕ යේස්

    ReplyDelete
    Replies
    1. අැබ්බැහි වීම

      Delete
    2. උඹ එහෙම නිකම් මැරෙන්නේ නෑ පත්තරයා .. කවදා හරි මැරෙනවනම් ඉතිං මගේ අතින්ම තමයි ..ඕ....යේස් ...

      Delete
    3. ඔව් ඔව් ..මමත් ඉන්නෙ මරාගෙන මැරෙන්න..!! මං C4 කිලෝ එකක් තැනක හංගලා තියෙන්නෙ උඹට පාවිච්චි කරන්නම

      Delete
  5. නිවාඩු දාලා ඉන්නවා කිවුවට එහෙම ඉන්න බෑ වගේ..

    ReplyDelete
  6. කතාව ඇත්ත. ඒත් පුද්ගලිකව මම නම් වලිවලට ආසාම නෑ. :(

    කකා කැවුම් ගොඩක් කෑවද? :)

    ReplyDelete
  7. මාත් ආසම නැති දෙයක් වලි අප්පා..... :)
    ඒ වුනාට හැමෝම මට කියන්නෙ සිංහල බ්ලොග් ලෝකෙ මහා වලිකරු කියල..... මොකද මන්ද......
    මට තරහ කාරයොත් නැහැ....
    පොඩ්ඩි නංග ත් අවුරුද්දට මට විෂ් කලා මං විෂ් කලාම.... :) :)

    ReplyDelete
    Replies
    1. ඔබගේ වලි සුන්දරත්වය හා සබැදිව අැත

      Delete
    2. The wannabee Sinhala Play Boy character. LOL :P

      From Malaysia as Japan :P

      Delete
  8. වලි ඒ මොනාද අප්පා........................
    මං එහෙම ඒව දැකල නෑනෙ...
    ඔය කියන්නෙ මියුසිකල් එක්කට වගේ ගියාම පොඩ්ඩක් කොල්ලො සෙට් වෙලා ඇගපත රිදෙන්න අත පත ගාගන්න එක ගැනද

    ReplyDelete
  9. වලි කියන්නේ සංවාද වලට නේ. හැබයි මෙකේ යන්නේ සංවාද නෙමෙයි සංවාස. අනික මේකේ සංවාද කරන උන්ට ඇත්තටම සංවාද කරන්නවත්, විවාද කරන්නවත් බෑ. කරන්නේ පෞදගලික ජීවිත වලට මඩ ගහන එක. කකාට ගහපු මඩ කන්දරාව මම කිතන්නේ මුතුරාජවෙල මඩ කන්දරාවටත් වඩා ළොකුයි. ඒත් මමත් කියන්නේ ඒවා නැත්නම් මේ කෙරුවාවෙනුත් ඇති වැඩක් නෑ. මොකෝ අපි කවුරුත් නිවැරදි මිනිස්සුවත්, අපි කියන් දේ නිවැරදිවත් නෑ නේ. විරුද්ධ මතයටත් ඉඩක් තිබිය යුතුමයි.

    ReplyDelete
  10. මට නම් මෙහෙම හිතෙන්නේ නැහැ. විශේෂයෙන්ම අර පැංසොං ආමි බුවා ලියලා තියෙන දේවල් හා ලියලා තියෙන ආකාරය දැක්කාම මට හිතුණේ මූණට මූණ හම්බවුණොත් හෙම මේකා ඒ වෙලාවෙම කකාව බාවයි කියලා. ආමි එකේ යම් කිසි උප සංස්කෘතියක් තියෙනවා. බ්ලොග් ලෝකයේත් යම්කිසි උප සංස්කෘතියක් තියෙනවා. මේ දෙකේ වෙනස තේරුම් ගන්න බැරි මේ ආමි බුවා වගේ අමනයන් අනෙකුත් බ්ලොග්කරුවන් තමන්ගේ පහළ නිලධාරීන් සේ සලකා කටයුතු කිරීම වැරදියි. මේ වගේ එවුන්ට පුකට පයින් ගහලා එළවන්න ඕනැ.

    ReplyDelete
  11. බිලොග් ලෝකයේ සදාකාලික මිතුරෝ ද සදාකාලික සතුරෝ ද නැත. මම හරිද ? :)
    (මට නම් කොයි ලොකේ වත් සතුරෝ නැහැ)

    ReplyDelete
  12. විය යුත්තේ මෙන්න මේ දේ තමයි....

    ReplyDelete
  13. සිංහල බ්ලොග් ලෝකය ආරම්භයේ පටන්ම විවිධ වාද විවාද වලට තෝතැන්නක් විය. හැබැයි කකා කීවාක් මෙන්ම මේවා අතත්‍ය ලෝකයට සීමා වූ දේවල් විය. එතැනින් පිට පෞද්ගලිකව එකිනෙකාට මඩ ගසා ගැනීමක් නොතිබුණු තරම්ය. එකිනෙකාට පෞද්ගලිකව මඩ ගසා ගැනීමේ කැත සිරිත ආරම්භ කළ අය අතර වැප් නිශාන්ත (වෙනත් නම් වලින්) , මිගාර වීරක්කොඩි (හෙවත් No Frames, හෙවත් පිටියෙ අප්පු හෙවත් පද්දා), ඇනෝනිමස් ආතල්, ලකෆ්‍රාන්ස්, පෙරමුණේ රාළ වැනි අය වේ. මාරයාද මේ සමහරුන්ට වක්‍රව සහයෝගය දුන් කෙනෙකි.

    ReplyDelete
    Replies
    1. පසුව අභීත රංගගේ බිරිඳට මඩ ගැසීම සඳහා තමන්ගේ බ්ලොග් එක විවෘත කර දුන් අවස්ථාවද සිහියට නැඟෙයි. අභීතට පෞද්ගලිකව පහර දීම පිණිස ඉන්දිකද තමන්ගේ බ්ලොග් එක ඇනෝලාට විවෘත කර දුන්නත් එයට සමාව දිය හැක්කේ ඔහු එහිදී අසාධාරණයට ලක් වූ පුද්ගලයා නිසාය.

      Delete
    2. කුඩු ලාල්, සාගර?

      Delete
  14. වලි යාම නරකම නැත. එහෙත් ඉන්පසු ඔවුන් බ්ලොග් ලිවීම, කියැවීම හා අදහස් දැක්වීම අතහැර දමයි නම් ඉන් අැති වල පලක් නැත (සයිලට් සහන් හා විශ්ව රංගනාත් කෝ)

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ බං ....උං ගොන්නු......

      Delete
    2. සහතික ඇත්ත විදානෙ මචං

      Delete
    3. සහනුයි, විශ්ව යි කියන්නේ එක්කෙනෙක් නේ, එකනේ එකපාරටම දෙන්නම අතුරුදහන් වුනේ

      Delete
    4. සැබෑම ගොන්නු නම් සහනයගේ කෙබර අහලා හුරේ දාපු අයමැයි

      Delete
    5. එසේමැයි .. කෝ බලන්න මූණ ??

      Delete
    6. @ අැනෝ
      //සහනුයි, විශ්ව යි කියන්නේ එක්කෙනෙක් නේ//
      මං හිතන් නෑ

      Delete
    7. පත්තර මල්ලි...... හෙක්...හෙක්..... එල බං .... :) :)

      Delete
  15. අද මාරයා අයියා පේන්න නෑ. ඊයෙ යූ. එන්. පී. මන්ත්‍රී වරුන්ට කුණු බිත්තර ගහන්න මත්තල ගිහින් තාම ඇවිත් නෑ වගේ.

    ReplyDelete
  16. වලි වලට නම් ආසාම නැත!
    හැබෑ ජීවිතේ තියෙන ප්‍රශ්න මදිවටද අප්පා මිනිස්සු බ්ලොග් වලත් වලි දා ගන්නේ කියලත් හිතෙනවා :(

    කොහොම නමුත් කිව්වා වගේම බ්ලොග් ජීවිතෙයි හැබෑ ජීවිතෙයි පටලගන්නේ නැතුව ඉන්න පුළුවන් තමයි හොඳ. හරියට වාද බයිලා කියන යාලුවෝ වගේ.
    කකාගේ පෝස්ට් දහසටත් සුභ පැතුම්!

    ReplyDelete
  17. වලි වලට නම් නැත.. මඩ ගසා ගැනීම් නම් ඇත. හදිසියේ මඩ වලට ලක්වූ පුදගලයාගේ ඉත රිදෙන බවක් පෙනේ නම් හමු වී හෝ සමාව ගැනීමේ පුරුද්ද නිසා කිසිවෙකුත් මා සමඟ නම් වලි නැත ( අනික කැහැටු මාව දැක්කහම ගහන්ඩ එන එකාටත් දුක හිතිලා ප්ලේන්ටියක්, වඩයක් වත් අරන් දීලා යනවා )

    ReplyDelete
  18. //බ්ලොග් ලෝකාර්ධය//
    ???????????

    ReplyDelete
  19. අවුරුද්දට ගියත් කාක නිවාඩු ඉල්ලා
    ඉන්නට සිත නැහැ වාගේ බ්ලොග් එක දාලා
    පුරුද්ද ලොකු වෙනවා ජන්මේ පරදාලා
    ඇවිත් යන්න තෙලිදිය උගුරක් තොලගාලා

    තෙලිදිය.blogspot.com

    ReplyDelete
  20. ගඳ ගහන සිංහල බ්ලොග් මඩ වලට මෙතෙක් පැණ නොතිබුණේ මාතලන්, හැලපයා, අරූ වැනි ඉතාම සුළු පිරිසක් පමණයි. අනෙක් ඔක්කෝම නම් ඒකෙ කර වටක් බැහැගෙන ජබ ගහ ගහා ඉන්නේ කාලයක් තිස්සේය. දැන් අළුතින්ම ඒකට බැහැලා තියෙන්නේ මාතලන් හා පැරාය. අපට ඉතින් මේවාට "අනේ අපොයි" කියනවා මිසක වෙන කියන්න දෙයක් නැත. ටැබූලා බියොන්ඩ් ෆ්‍රේම්ලා හැක් වෙන්න ඇත්තේ, සෑමලා කොලූලා සදහටම යන්න ඇත්තේ උන්ගේ පෙර වාසනාවටය. දැන් නම් සිංහල බ්ලොග් ලෝකය පිටකොටුවේ පොදු වැසිකිලි වළටත් වඩා ගඳ ගහයි.

    ReplyDelete
    Replies
    1. ඒ උඹ වගේ පතෝල ගෝත්‍රිකයෝ කීප දෙනකුට විතරයි මචං ......
      අපිට නම් මේක සුර ලෝකයක්.......

      Delete
    2. ඔව් ඔව්.. අලුතින් ආපු කබ්බෝ ටික පිනුං ගහනව නෙව කැරකි කැරකි.. කුහක කම පැත්තකින් තියලා නිරුවත් දෑසින් බලන්න සෑර්.ඉස්ස‍ර හොඳයි දැං නරකයි කියන තර්කෙ අවුට් ඔෆ් ෆැෂන් නෙ !!!
      මෙතන මෙහෙම පුද්ගලිකත්වය ඇදල අ‍රං ප්‍රොෆයිල් වලින් ගහගන්නව අඩුයි නේ.. එන්නෙ ඇනෝ මචංල නෙ සෑර්
      එතකොට ඔය ඇනෝල අස්සෙ ටැබූ ලා බියෝන්ඩ් ෆ්‍රේම් ලා වගේ සාධු චරිත නෑ කියල දෙන සහතිකේ මොකද්ද ඔබතුමා ????????
      අපි නං මඩ නාලා ඉන්නේ .. පුල් ආතල්..ඌ‍රන්ට මොන ඩෙටෝල් ද ආයිබෝං !!!

      Delete
    3. PM +++++++++++++++++++++++++++++++++++

      Delete
  21. එහෙම වෙන්නෙ නැහැ බං ......

    ReplyDelete
  22. හති අරින කොටත් බ්ලොග් ලියන අපූරු එකෙක්..

    ReplyDelete
  23. වලි වලට නම් අපෙත් මනාපයක් නෑ...

    නිවාඩු ගන්න අතරේ වුනත් පෝස්ට් එකක් දාපු එක නම් හොඳයි..

    ReplyDelete
  24. ඒ අස්සේ අර දිලිනි දිලක්ෂිකා වගේ සට කපට ගෑනුත් හොඳට වැඩේ දුන්නා......

    ReplyDelete
  25. පුද්ගලික මඩගැසීම්, පලිගැනීම නැතිව, අදාල පෝස්ට්ටුවට විතරක් වලිදාගත්තනම්, මේකත් සොඳුරු උප සංස්කෘතියක්.

    ReplyDelete
  26. මමනං තාම මේවට අලුත්. නමුත් ඔබතුමාගෙ අදහසට හදවතින්ම ගරුකරනවා.

    ReplyDelete
  27. අතථ්‍ය වූ බ්ලොග් ලෝකාර්ධයේ වලි සැබෑ ජීවිතයට නොගෙනිය යුතු වෙනවා වගේම සැබෑ ජීවිතයේ වලි, ණය තුරුස්, ආඩපාලි බ්ලොග් ලෝකයට ගෙන නොයා යුතුයි කියලා මං හිතනවා. අපට අනුන්ගේ වලි ගැන කියවලා එපා වෙනව සමහර දවස් වලට.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් යනු කුමක්දැයි තාම වටහාගෙන නැතිබව පෙනේ. කිසිවකු ඔබට "අහවලාගෙ" බ්ලොගය බලන ලෙසට තර්ජනය කරන්නේද? ඒසේ නොමැතිනම් අකමැති දේ නොබල යාමට අවස්ථව ගූගල් විසින් දී ඇත.

      ලියන අයට "මේවා පමනක් ලියනු" යනුවෙන් කීම බ්ලොග් හි මූලික සංකල්පය වන වෙබ් ලොග් සටහන් වලට විරුද්ධව කරන තර්ජනයකි. එවැන්නන්ගෙන් වන්නේ වලි කාරයන්ට වඩා හෙනයකි.

      Delete
  28. ////////මොකද බ්ලොග්කාරයෝ වෙන්න කලින් අපි සේරම මිනිස්සු!///////
    මේ වාක්‍යය හොඳටෝම ඇති සැබෑව තේරුම් ගන්න. කකාගේ මේ පෝස්ට් එකේ අන්තර්ගතය තමයි මේ හැම වාදයක, සංවාදයක ආරම්භයටත්, අවසානයටත් පෙර කියවා සිතට ගත යුත්තේ.

    ReplyDelete
  29. කකා මේ කවිමඩුව නම් නියමයි. පුළුවන් නම් තව ලින්ක්ස් ටිකක් දෙන්නකො.

    ReplyDelete
  30. මේ වගේ වලි යන වෙලාවට, වලියට සම්භන්ධ හෙඩිමක් දාලා පොස්‍ටුවක් දැම්මා නම් හිට්ස් ටිකක් ගන්න පුලුවන්....

    හිට්ස් කැමති ඔබටයි මේ ආරාධනාව...!!!

    :)

    ReplyDelete
  31. මටනං බ්ලොග් ලෝකෙදියි හැබෑ ලෝකෙදියි වලිය තියෙන්නේ "පත්තර මල්ලි" කියන එකා එක්ක විතරමයි අම්මපා ,අහුවෙච්ච දවසක පණපිටින් එම්බාම් කරන්නේ ..ඕ ..යේස් ......

    ReplyDelete
    Replies
    1. මම උඹට කිසිම දෙයක් කරන්නෑ.. යට කරන්නෙම පස්ස රෝදෙට ..ආයෙ පත්තරයා කිව්වවොත් කිව්වා.. ඔය ටිපර් එහෙම යද්දි පොඩ්ඩක් අයිං වෙයන්..කොයි වෙලේක හරි මං එනවා..

      Delete
  32. දහසක් මත ගැටිය යුතුයි,දහසක් ගුරුකුල බිහිවිය යුතුයි.හැබයි සිමාව දැනසිටිම මුලිකම කාරනාවයි
    කවිමඩුව නම් නියමයි

    ReplyDelete
  33. සිංහල සයිබරයේ මහා මංගල්‍යයේදී සියල්ලන්ටම සමඟිව රැස්ව සමඟිව කටයුතු කර සමඟිව විසිර යාමට හැකිවේවා :)

    ReplyDelete
    Replies
    1. මාත් එනවා මෙදා පොටේ තව කොල්ලෙක් අල්ල ගන්න... හි හි...

      Delete
  34. මම ඉස්සර හිතාගෙන හිටියේ මේ බ්ලොග් අවකාශේ විසඳගන්න බැරි අවුල් තිබුනේ තරුණ ළමයින්ට කියලා. ඔය කැම්පස් යන වයසේ හෝ ඊටත් පහල වයස් කාන්ඩයේ ඈයෝ. ඒත් දැන් බලාගෙන ගියාම මේ අන්තිම කාලේ බ්ලොග් එක ජීවිතේම කරගෙන රන්ඩුවෙන්නේ යමක් කමක් තේරෙන වයස් වල අය කියලා දැක්කම කොහෙන්ද හිනාවෙන්නේ කියලාවත් තේරෙන්නේ නෑ.

    ඒ ඔක්කොටම වඩා මේ පිට කැසීම් හින්දා මේ අවුල් තවත් දුරදිග යනබවක් තමයි මට නම් තේරෙන්නේ.

    ReplyDelete
  35. වලි නැති බ්ලොග් පරිප්පු නැති හෝටල් මෙනි.

    ඒ නිසා...වලි නම් බ්ලොග්, බ්ලොග් නම් වලි...:D

    ReplyDelete
    Replies
    1. ඕ යේස් .. මගෙ කැකුණ බිස්නස් එකටත් හොඳ කලක් යයි !!

      Delete
    2. මං නම් නැහැ දැන් වලිවලට......

      Delete
    3. කොල්ලෝ නම් දිල්...දිල් නම් කොල්ලෝ...

      Delete
  36. කියනවනම් වාද බයිල කියමුකො ගොත ගොතා
    කකා මොකද ඉන්නෙ තවත් මෙහෙන් වහන් වෙලා
    කකා මොකද තවත් ඉන්නෙ මෙහෙන් වහන් වෙලා
    බයිලාවක් කියල බලමු තාලෙට හද හදා

    පාලුවෙන්ය මමත් ඉන්නෙ රටෙන් දුරස් වෙලා
    බ්ලොග් ලෝකය නැත්නම් මම මෙහෙන් තුරන් වෙලා
    බ්ලොග් ලෝකය නැත්නම් මම හුදෙකලාම වෙලා
    පාලුවෙන්ය ඉන්නෙ මමත් රටෙන් දුරස් වෙලා

    සිංහල බ්ලොග් ලෝකේ හොඳ වෙනසක් කරලා
    කකා දෙනවදෝ මේකෙන් පිටුවක් පෙරලා
    කකා දෙනවදෝ තව හොඳ පිටුවක් පෙරලා
    සිංහල බ්ලොග් ලෝකේ හොඳ වෙනසක් කරලා

    ReplyDelete
    Replies
    1. තෙලිදිය මචං, තෙලිජ්ජ බීල නං ඕව කියන්ඩ බෑ.. අන්න බාගයක් වත් තිබුනනං සලකල බලන්න තිබුනා :D

      Delete
    2. බයිල කියන්නට මොකටද ගල් පොල් කෑලී
      මේව අපේ කිතුලෙ හදපු තෙලිදිය මල්ලී
      මේව උදේ ගහෙන් බාපු තෙලිදිය මල්ලී
      බයිල ගොතන්නට එනවද පත්තර මල්ලී

      Delete
    3. අනේ මට බයිල නං බෑ මචෝ .. :D ගල් පොල් තෙලිජ්ජ කරිඥ්ඥං නං ඇහැකි !!!

      Delete
  37. පත්තර මල්ලි, ගහපන් උඹෙ බැන්ජො එක කපිරිඥ්ඥ තාලෙට..


    රස බර පැනි වෑහෙන මේ හිටිවන බයිලා
    අද කියනව වැඳ අහපන් දැන් තෙලිදිය පැනියා
    අද කියනව වැඳ අහපන් දැන් තෙලිදිය කළයා
    මේ රස බර පැනි වෑහෙන අර හිටිවන බයිලා

    මට උපශාන්ත නම තිබ්බට උපන් මොහොතට
    මල්ලි නැහැ ශාන්ත එනු වලියට බයිල පොරයට
    මල්ලි නැහැ ශාන්ත කිසිවිට මම බරය වළියට
    අර උපශාන්ත නම තිබ්බට උපන් මොහොතට

    හැබැයි කියන බයිල අද කියපන් එළිසම රැකලා
    මල්ලි පද නහදන් අහක ඉන්න අම්මට බැනලා
    මල්ලි පද නහදන් අහක ඉන්න ගෑණිට බැනලා
    හැබැයි කියන බයිල දැන් කියපන් එළිසම රැකලා

    ReplyDelete
    Replies
    1. උපශාන්ත කිව්වට දන්නෙමි තොගෙ වරුණ
      ඔය වලියට මම බය නැහැ මගේ නම අරුණ
      ඔය වලියට මම බය නැහැ මගේ නම අරුණ
      උපශාන්ත කිව්වට දන්නෙමි තොගෙ වරුණ

      කට තිබ්බට මූ බයවෙයි දැක්කම මරණ
      දෙල්කඳ ගම දනි මා ගැන කට්ටිය පරණ
      දෙල්කඳ ගම දනි මා ගැන කට්ටිය පරණ
      කට තිබ්බට මූ බයවෙයි දැක්කම මරණ

      Delete
    2. අනේ.. රට රට වල කරක් ගැහුවෙ ඉන්දික අයියා...
      උගෙ පුක වටකර නහය විද්දෙ අභීත ගොයියා..
      උගෙ පුක වටකර රට විකිණුවා අභීත ගොයියා..
      අයියො රට රට වල කරක් ගහපු ඉන්දික අයියා..

      ඔය සම්මාදං කෙරුවාවට කවදත් මුල් තැන...
      අපෙන් සල්ලි අභීතගෙන් දානෙට මුල් තැන...
      අපෙන් සල්ලි අභීතගේ නම යයි හැම තැන...
      අපොයි සම්මාදං කෙරුවාවට කවදත් මුල් තැන...

      අර ගිය පාරත් උත්සවේට කඹ දුන් නළුවා....
      මෙදා පොටේ දෙනව නේද ලණු අඹරවලා...
      මෙදා පොටේ දෙනව මචන් ගුලි අඹරවලා...
      මෑන් ගිය පාරත් උත්සවේට කඹ දුන් නළුවා....

      Delete
    3. ඒ අරුණලු මේ මෙයා - දාන
      බොරු පඩ ෂෝ ඉතා
      මේ දරුණු මෙමා සදා - කියමි
      බයිල අහන් සුදා

      දෙළ්කඳ ඒ පැත්තෙ මෙයා
      දන්නා උන් ඇත්තෙ
      උන් ඔක්කොම පොත්තෙ - ලැගපු
      පණුවන් එක අත්තෙ..
      උන් ඔක්කොම පොත්තෙ - ලැගපු
      පණුවන් එක අත්තෙ
      දෙළ්කඳ ඒ පැත්තෙ මෙයා
      දන්නා උන් ඇත්තෙ

      Delete
    4. ඇනෝ වරෙන් පුතා - ඇවිත්
      කියපන් රස ඉතා
      උඹෙ පද රස බෙදා
      අපි සෙට් වෙමු ඉරු දිනා

      අර කියාපු උඹ සතා - උගේ
      ලැජ්ජ නහර නැතා
      ඒක මීමුරෙය්ත් ඉතා - තදට
      අන්දනවලු මෙදා
      ඒක මීමුරෙය්ත් ඉතා - තදට
      අන්දනවලු මෙදා
      අර කියාපු උඹ සතා - උගේ
      ලැජ්ජ නහර නැතා

      Delete
    5. හුරේ .. අරින්ඩෙපා ඇරු ඇරු දිගටම ..සිරාවටම ‍රසවින්දා මචංලා ..ගහපියව් ගහපියව් ..

      Delete
    6. යන්නට මට ඇතා - දැන්
      ගන්නට මගෙ පුතා
      උඹල සෙට්වී පද ගොතා - කියන්
      එන්නෙමි පසු ඉතා

      මම එන්නෙමි පසු ඉතා
      ආයි සෙට් වෙන්නට පතා
      අරගෙන මගෙ පුතා
      උගේ ඉස්කෝලෙන් කතා

      Delete
    7. අරං වරෙන් පුතා
      පොඩි එකා බලං ඇතා
      දුන් ටෝකට පුතා
      මට කට උත්තර නැතා :D

      Delete
    8. විච්චුර්ණ එපා ලොක්කා දෙමු රස අවු ලුවා
      වැඩ දැම්මොත් හොම්බට-මම රාජකීය බුවා
      වැඩ දැම්මොත් හොම්බට-මම රාජකීය බුවා
      විච්චුර්ණ එපා ලොක්කා දෙමු රස අවු ලුවා

      වටින් පිටින් සද්දේ දෙන්නේ පත්තර මල්ලි
      හොඳ එකාට අපිත් හොඳයි කටට දාමි සල්ලි
      හොඳ එකාට අපිත් හොඳයි කටට දාමි සල්ලි
      වටින් පිටින් සද්දේ දෙන්නේ පත්තර මල්ලි

      Delete
    9. අයියෙ පෙරහැරෙ යන ඇතා
      මෝලෙ කොට අදින්නෙ නැතා
      උඹ මාලිගාවෙ සතා
      වාසුදේවගෙ මං පුතා

      Delete
    10. අපි ආනන්දෙන් පිරි
      තව ප්‍රඥඥාවෙන් සරි
      මේ සිංහයො දැක හැරි
      දුවයි රාජකීය නරි

      මේ සිංහයො දැක හැරි
      දුවයි රාජකීය නරි
      අපි ආනන්දෙන් පිරි
      තව ප්‍රඥඥාවෙන් සරි

      Delete
    11. බෑඟිරි හඬ ගගා
      මෙයා කෑගහනවා නඟා
      අර පොඩි පුතාට කවා
      ඌව නිදි කරපන් සුවා

      අර පොඩි පුතාට කවා
      ඌව නිදි කරපන් සුවා
      බෑඟිරි හඬ ගගා
      මෙයා කෑගහනවා නඟා

      Delete
    12. ආනන්දෙන් හරි
      හරියට ප්‍රඥාවෙන් පිරි
      ඇතා දැකල හොරි
      සිංහයන්ගෙ බේරෙනවලු කැ$

      Delete
    13. පුතාට පොඩි කතා - නැතුව
      කියනව බොරු ගොතා
      ඒක බයවෙල බත් කතා
      ඒවි කියල "අරූ" සතා

      ඒවි "අරූ" කියන සතා
      ඒක බයවෙල බත් කතා
      පුතාට පොඩි කතා - නැතුව
      කියනව බොරු ගොතා

      Delete
    14. අඩෝ ඉන්දික..මේකට දාපන් පොඩි කපිරිඤ්ඤා මියුසික් පොඩි බීට් එකක් .මට තේරෙන්නේ නැහැ කොහොමද දාන්නේ කියලා. මේවා ටොප් වැඩ බන්.

      Delete
    15. පොඩි පුතාට කැව්වාද උඹ
      අනලා පරිප්පු
      එහෙම නැතොත් කන්න වෙනවා
      ගෑණු සෙරෙප්පු

      එහෙම නැතොත් කන්න වෙනවා
      ගෑණු සෙරෙප්පු
      පොඩි පුතාට කැව්වාද උඹ
      අනලා පරිප්පු


      Delete
    16. ටොප් කියන්නෙ ටොපේ ටොප් ඈ !!!!!!!

      Delete
    17. මං හිතන්නෙ එහෙම බැක්ග්‍රවුන්ඩ් මියුසික් අපිට දාන්න බෑ, ඒක දාන්න ඕනෙ බ්ලොගෙ ඇඩ්මිනිස්ටර් කාරය. ඌ අරෙහෙ මුල්ලෙ ගිහින්නෙ බන්. වෙන සෙල්ලමක් තියෙද කියල අපේ සොෆ්ට්වෙයාර් සූර ඇනෝරත්නගෙන් තමා අහන්න ඕන.

      Delete
    18. @පත්‍ර බ්‍රදර්..

      බේරුනු රන් කිරී... මල්ලි
      මේවා උදේ බාපු **
      තොපි වගෙ ගොන් නරි..පුතා
      නැවෙනවා මදි-හරි

      තොපි වගෙ ගොන් නරි..පුතා
      නැවෙනවා මදි-හරි
      බේරුනු රන් කිරී... මල්ලි
      මේවා උදේ බාපු **

      Delete
    19. මේ පද රස කර බෙදුවට අද බයිල අරක්කූ
      ඉතින් ගුටිකනවද උඹ ගෙදරදි ගෑණු සෙරෙප්පු..

      ඉතින් ගුටිකනවද උඹ ගෙදරදි ගෑණු සෙරෙප්පු..
      අරූ පද රස කර බෙදුවට අද බයිල අරක්කූ

      Delete
    20. පොඩි කෝල් එකක් ඇවිත් ලේට් උනානෙ මචෝ ...

      Delete
    21. උදේ බාන කිරි - කිව්වට
      නාකි තොඳොල් නරි
      ඕව හීනෙන් යන xරි
      ගිහින් බෙහෙත් ගනින් හරි

      Delete
    22. කට ගහනා මෝඩයින්ට- කියමි
      තොඳොල් කතා
      කොයි පැත්තෙද ගාව ගත්තේ
      අරූගේ පැණි -පුතා
      කොයි පැත්තෙද ගාව ගත්තේ
      අරූගේ පැණි -පුතා

      කට ගහනා මෝඩයින්ට- කියමි
      තොඳොල් කතා
      (පුතා කිව්වේ අපි උඹලාට. වෙන අර්තයක් නැහැ. බයයි.සමහරුන්ගේ ගොන් පාට්වලට.)

      Delete
    23. කියන තොඳොල් කතා මේක හරිම පුන්චි පුතා
      වරෙන් පහත් වෙලා දෙන්න කිරි ජුන්ඩක් දොවා
      අනේ වරෙන් පහත් වෙලා දෙන්න කිරි ජුන්ඩක් දොවා
      කියන තොඳොල් කතා වලට අරූ පුන්චි පුතා

      ඇත්ත තමයි, පොළිසියෙන් පනීද දන්නෙ නෑ අපි සගිස්කුරුතිය වනසනව කියල :D


      Delete
    24. කෑගැහුවට නරි
      තොපිල ටාසන් වැඩ බැරි
      පත්තරයගෙ හොරි
      කහල ගිනි පිඹපං හරි

      Delete
  38. අම්මටහුඩු මේ තියෙන්නේ ආතල් ලෝකයක්..වැඩේ නං පංකාදු පහයි බොලව්.. මං ගහන්නං පොරි හැලෙන්ඩ .. අල්ලල යනවා වැඩේ . ෂහ් !!!!

    ReplyDelete
    Replies
    1. දහසක් සිත් සදා - ජේසු
      පිබිදුනි යළි උදා
      ඒ පාස්කු දින සොඳා - බයිල
      කියනෙමි මම හදා
      ඒ පාස්කු දින සොඳා - බයිල
      කියනෙමි මම හදා
      දහසක් සිත් සදා - ජේසු
      පිබිදුනි යළි උදා

      පත්තර මගෙ සුදා - වාසු
      දේවගෙ උඹ පුතා
      අද ගහපන් වැඩ දමා - දෙමුකො
      බයිල රසය බෙදා
      අද ගහපන් වැඩ දමා - දෙමුකො
      බයිල රසය බෙදා
      පත්තර මගෙ සුදා - වාසු
      දේවගෙ උඹ පුතා

      Delete
    2. මොකාගෙ පුතා ??අඩෝ මඩ ගහන්ඩ ඔට්ටු නෑ හරී !! ඊට නම්බුයි මට වේ$# පුතා කියපං .වඳින්නං : D

      Delete
    3. යකෝ, වාසුදේව කියන්නෙ ඒ පරය නෙමෙයි ක්‍රිෂ්න දෙවියන්ගෙ තාත්ත.

      Delete
    4. අම්මට බොල මං හිතුව ඌ කියල..ආ ක්‍රිශ්නගෙ තාත්ත නං මරු.. :D

      Delete
  39. මොකද මල්ලි බයිලා පරක්කු
    වෙද මහත්තයා දෙන්න කිව්වේ පරණ අරක්කු...
    ඔය ඉස්සර කියපු බයිලා පද දෙකක්...මම නෙමේ...අපිට හිටපු දක්ෂයෝ.

    ReplyDelete
    Replies
    1. මොකද මල්ලි මොකද මල්ලි.....ලෙස වෙනස් විය යුතුයි.

      Delete
    2. අඩෝ ඇස් පේන්නෙ නැද්ද? ඔන්න දෙකක් දාල තීන්නෙ...හූ

      කෝ මේ සංගීතෙ දෙන එකා...

      Delete
    3. @ ඉන්දික,,පත්‍ර ...
      මචෝස්ලා මට දැන් පොඩි වැඩක් තියෙනවා. මේ වගේ සොඳුරු සංවාද තමයි බ්ලොග් ලෝකය සජීවීයව තබා ගන්නේ. අපි ආපහු හමු වෙනකම් මම එක බයිලාවක් ගහන්නම්. උඹලා උත්තරයක් දීලා වහමු.

      හතර වටේ ගහලා තියෙන
      මැටි පෝස්තර
      මේ අරුණ මල්ලි පැලඳුවේ
      නැහැ ගොන් මෝස්තර
      මේ අරුණ මල්ලි පැලඳුවේ
      නැහැ ගොන් මෝස්තර
      හතර වටේ ගහලා තියෙන
      මැටි පෝස්තර

      මට සක්විතිකම අපා-මල්ලි
      ලොව රජකම එපා
      මගෙ දයාරත්න පපා- පෙන්නු
      මනුස්සකම සැපා
      මගෙ දයාරත්න පපා- පෙන්නු
      මනුස්සකම සැපා
      මට සක්විතිකම අපා-මල්ලි
      ලොව රජකම එපා


      Delete
    4. මචං මම හිතනවා කතන්දර හෙට මේ පිට තව පෝස්ට් එකක් ඕවලෝඩ් කරොත් මහන්සි වෙලා ලියපු කවි ටික අපතේ යයි කියලා..සිරාවටම පට්ට බයිල පාර..
      අරූ හරි ඉන්දික හරි කකා හරි මේ ටික කොපි පේස්ට් කරලා බ්ලොග් පෝස්ට් එකකට දාපල්ලාකො බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් එක්ක . අල්ලල යයි වෙනසකටත් එක්ක බං..හිතල ලියන්න බෑ මේව ..!!!!!

      Delete
    5. එල නෙරංජ .... ++++++++++++++++++++++++

      Delete
    6. මම පුන් සඳ සේ සදා - අඹරෙ
      දීළෙන විටදි අරා
      මේ අරූ නමැති හොරා - වගෙයි
      කළා මැදිරි කුරා

      උඹ සොඳුරු මිතුරු අරා
      අද කිව්ව බයිල සිරා
      අපි සෙට්වෙල යලි වරා - මෙහෙම
      බෙදමු බයිල පෙරා

      අපි සොමි පද රස ගොතා - කරපු
      වළිය හරිම සිරා
      මේව බලල සිතින් සිතා - උඹල
      ඉගෙන ගනින් පුතා

      සුභ රාත්‍රියක් කිව්ව මචෝ...මාත් යනව එහෙනං මූණු පොතේ මාර ආතල් බලන්න.

      Delete
  40. ඔන්න එනව මෙන්න එනව බයිල සෑනකෙලි
    අරින්නෙපා මල්ලිල ටික බයිල දිලි දිලි
    මල්ලිල ටික අරින්නෙපා බයිල දිලි දිලි
    අවුරුද්දට මෙන්න එනව බයිල සෑනකෙලි

    රකිනා සෑටි එලිසම නුඹ මට කියනවද
    උපශාන්ත බලපන් කලිසම තියෙනවද
    උපශාන්ත බලපන් නුඹ අද හෙලුවෙන්ද
    රකිනා සෑටි එලිසම මට නුඹ කියනවද

    එන්න නංගි මල්ලි එන්න බයිල කියන්න
    බයිල ගොඩේ පෙරලි පෙරලි පිනුම් ගහන්න
    පෙරලි පෙරලි බයිල ගොඩේ පිනුම් ගහන්න
    නංගි මල්ලි එන්න එන්න බයිල කියන්න

    ReplyDelete
  41. ආරාධනෙ පිලි අරගෙන කියුවට බයිලා
    එක එක දාල දෙන්නම් තෙලිදිය මීරා
    මම එක එක දාල දෙන්නම් තෙලිදිය මීරා
    ආරාධනෙ පිලි අරගෙන කියුවට බයිලා

    බයිල කියපු සෑමදෙනාට බොහොමත් ස්තූතියි
    ඒව බලල රස කරාපු සෑමටත් ස්තූතියි
    ඒව බලල තලුමරාපු සෑමටත් ස්තූතියි
    බයිල ගොතපු සෑමදෙනාට බොහොමත් ස්තූතියි

    ReplyDelete
  42. පට්ට වාද බයිලා ටික

    ReplyDelete
  43. එළ..... අපි අරෙහේ සෙට් වෙන කොට මෙයාලා මෙහේ සෙට් වෙලා...

    ReplyDelete
  44. අපි අවුරුදු උත්සවේට ගිය අතෙර් මෙතැන බයිල ගහල...

    සුපිරියි..

    ReplyDelete
  45. කකා... මොනව හරි ලියන්නකො මෙයා... අපිට හරිම පාළුයි...

    ReplyDelete
  46. ඕන් හුග කාලෙකින් ආවා මේ පැත්තේ.. :D

    ReplyDelete
  47. යකඩෝ කතන්දර 1000ක් ලිව්වා කිව්වම සෙල්ලමක්ද . . ආඩම්බරයි ඈ . .
    බ්ලොග් ලෝකේ වලි ගැන නම් කියලා වැඩක් නෑ අප්පා . . අකුරු වලින් මරා ගන්න වෙලාවට කෑල්ලක් ගලෝල ගන්න වගේ මරා ගන්නවා .. හැබෑවට මුන ගැහුනාම අඩේ මූත් එක්ක නේද මම මරා ගත්තෙ කියලා හිතුනාම බදාගෙන ඉඹින්න හිතෙනවා . . ඒක මාර ආතල් හැඟීමක් අප්පා . . .

    ReplyDelete
  48. ලේසියෙන් ඉවර වෙන්නේ නැති හැමදාම තියෙන සටනකුත් තියෙනවා. ඒ තමයි ගෑනු හා පිරිමි අතර සටන.

    ReplyDelete
    Replies
    1. වනිතා ඔයා ඔය පාවිච්චි කරන වචනේ හරිම වැරදි,පිරිමියා කියන්නේ අපේ හතුරෙක් නෙමේ අපේ ජීවිතවලට කිට්ටුම කෙනා.අපි දෙගොල්ලෝ අතර සටනක් නැහැ තියෙන්නේ ආදරණීය බැඳීමක් විතරයි, ඇයි ඔයා මේ විදියට හැම බ්ලොග් එකකම මෙහෙම පිරිමින්ට බනින්නේ. පිරිමියා කියන්නේ තමන්ගේ කසාද මිනිහට විතරක් නෙමේ, තමන්ගේ මල්ලි, අයියා, මාමා, බාප්පා, තාත්තා,සීයා විදියට අපේ මුළු ජිවිත කාළය පුරාම අපිත් එක්ක සමගාමීව ජිවත් වෙන චරිතයක්. ඔයාට ඒ ගැන පැහැදිළි කරන්න තරම් මෝරපු කෙනෙක් නෙමේ මම, ඒත් ඔයාට පුලුවන්නම් Allen සහ Barbara pease දෙන්න රටවල් 30 ගානක ගිහින් පර්යේෂණ කරලා ලියපු Why men don't have a clue & women always need more shoes කියන වටිනා පොත හොයන් කියවන්න. ඒක සිංහල භාෂාවෙන් තියෙනවා. "ගැහැණුන්ට වඩා පිරිමි වෙනස් ඇයි කියලා" මා එක්ක කේන්ති ගන්න එපා. මිනිස්සුන්ට වයිර කරන්න සහ තලාපෙලන්න නිතරම හිතන්න එපා, සතුටින් සැහැල්ලුවෙන් ජිවත් වෙන්න, මේ පොත මං දැන් කියවන නිසා කියන්නේ, ඔයාට ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබේවි,

      Delete
    2. like,like,like....................

      Delete
  49. කෝ කාකා ඔයා තාම ලංකාවෙද? පෝස්ට් එකක් ලියන්නේ නැත්ද . අපි බලන් ඉන්නවෝ

    ReplyDelete
  50. kakata mak welada
    kooriya gahalada

    ReplyDelete
  51. what has happened to kaka,
    poor stupid bugger

    ReplyDelete
  52. visible after approval, means
    bugger is still living

    ReplyDelete
  53. මමත් ටික කාලෙකට පස්සේ බලන්න ආව

    ReplyDelete
  54. ඔබේ පොත ගැන අගනා විවරනයක් මෙතැන ඇත.http://samakayawate.blogspot.com/2014/05/ananada-college-colombo.html

    ReplyDelete
    Replies
    1. ඉක්කා වැටුනද ඈ

      Delete
  55. නෝ කකා
    නෝ සිනා
    කොයි කකා
    මේ යකා
    මල යකා

    ReplyDelete
  56. වලිනං මොනවද කකා. මෙව්වයි බඩු. බලන්ටකෝ කකාවත් අදුරනවද කියලා මෙයාව

    http://pappagecartoon.blogspot.com/

    ReplyDelete
  57. ලංකාවට ගිය කකාට මොකද උනේ ..
    කවුද මේකට වග කියන්නෙ ..

    සෝඩා මහාචාරියා ...
    කේන්දර කුකුළා ...
    පත්තරේ නරියා ...
    අවිචාරවත් පෙන්සොන්තුමා ...
    තරු මැසිම ...
    කොච්චරක්ද ?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.