ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Wednesday 3 February 2010
කීප් එ සයිඩ් - Keep aside - අන්තර්ජාලයේ ඉවුං පිහුං
අපි පොඩි කාලෙ අපේ අම්ම ගියා කුකිං ක්ලාස් එකකට.
එතනදි එයා ඉගෙන ගත්තෙ කේක්, පුඩිං, ඩෙසර්ට් හදන හැටි, අයිසිං කරන හැටි වගේ දේවල්. අපේ අම්ම පොඩි කාලෙ ඉගෙන ගෙන තිබුනෙ අග්ගල, හැලප, ලැවරිය හදන්න විතරනෙ. ආච්චිල ගෙ ගෙදර දර ලිප් වල මොන කේක් ද?
අම්මගෙ කුකරි ක්ලාස් නිසා අපිත් ඉගෙන ගත්ත අළුත් වචන කීපයක්ම. "රෙසිපි එක", "ඉන්ග්‍රේඩියන්ට්ස්", "මෙතඩ් එක" වගේ දේවල්.
ඒ සේරටම වැඩිය අපි කැමති වුනේ පන්තිය ඉවර වෙලා ගෙදර එකකොට අම්ම අරං එන කේක් කෑල්ලටයි. ඒකට කිව්වෙ "ෂෙයාර් එක" කියල.
දැං නං අපි කාට කාටත් ඔය කෑම හදන හැටි ගැන ටෙලිවිෂන් එකෙන්, අන්තර්ජාලෙන් හෙමත් ඉගෙන ගන්න පුළුවන්නෙ. කෑම බීම ගැන අපේ මරේ ල, නොදරුවල, මුචලින්ද ල, බූරුබබාල ඇතුළු කිහිප දෙනෙක් එකතුවෙලා "කමු බොමු" කියල බ්ලොග් එකකුත් පටන් අරගෙන. ඒක කියවන වෙලාවෙ තමයි මේ කතන්දරේ මතක් වුනේ.
මේක අන්තර්ජාලෙන් කුකිං ඉගෙන ගන්න ගිය මගෙ යාළු පොරකට වෙච්ච වැඩක්.
ඔන්න පොරගෙ වයිෆ් සති අන්තයෙ ජොබ් එකක් කරන්න පටන් ගත්ත. එයා බැඳපු කාළෙ ඉඳල ළමයි බලාගෙන ගෙදර හිටිය රැකියාවක් නොකර. නමුත් "වැඩ රුපියල් පඩිය ඩොලර්" ආකාරයේ ජොබක් සෙට්වුනු නිසාද කොහෙද මේ ජොබ් එක පටන් ගත්ත.
මේ වෙනසත් සමගම මගෙ යාළුව පටන් ගත්ත උයන්න ඉගෙන ගන්න. මුලින්ම බත් එකක් රයිස් කුකර් එකේ. ඊට පස්සෙ පරිප්පුවක් හදන හැටි. සොසේජස් බදින හැටි වගේ සරල දේවල් ඊළඟට.
පොරට මේ කුකිං වැඩේ නැගල ගියා. මෑන්ස් ටිකෙන් ටික පටන් ගත්ත විවිධ කෑම ජාති හදන්න. කොහෙද මන්ද ඉන්දියන් කඩයකින් කාපු බටර් චිකන් ද, කොර්ම ද මොකක්ද එකක් රහ වැටිල ඔන්න පොර අන්තර්ජාලෙ සැරිසරල ඒකෙ රෙසිපි එක හොයාගෙන එක සෙනසුරාදාවක සෙට් වුනා උයන්න.
ඔන්න ඉස්සෙල්ලාම, මස් ටික කෑලි කපල, ලුනුයි, විනාකිරියි, කහයි මිශ්‍ර කරල ශීතකරණයේ තිබ්බ ඉන්ටර්නෙට් එකේ කියල තිබුණු හැටියට.
ඒ අතරේ තුනපහ, මිරිස්, අබ, සියඹලා මිශ්‍ර කරල හැදුව පේස්ට් එකක්. ඒක "කීප් එ සයිඩ්", දැනට පැත්තකින් තියන්න කියලයි කියල තිබුනෙ.
දැං, භාජනයක් ලිපේ තියල, තෙල් දාල, ටිකකින් අර ෆ්‍රිජ් එකේ දාල තිබුණු මස් ටික තෙම්පරාදු වෙන්න දැම්ම. ඊට පස්සෙ කිරි ටික මිශ්‍ර කරල මදගින්නේ විනාඩි 30 ක් විතර උයා ගන්න කියලයි උපදෙස් තිබුනෙ.
පොර ප්‍රින්ට් අවුට් එක කුස්සියෙ මේසෙ උඩ තියාගෙන ඒ උපදෙස් අකුරට ම ෆලෝ කළා.
පැය භාගයක් විතර ගියා, වයිෆුත් ආව ගෙදර "මොනවද අනේ ඔයා උයන්නෙ අද?" කියල අහගෙන.
අපේ පොර වීරය වගේ සාස්පාන ඇරල පෙන්නුව බටර් චිකන් එක!
හැබැයි, අර කඩේදි කාපු එක තරම් සුවඳක්, පාටක්, රසක් නැහැ!!
මේ මොනවද මේ කියල වයිෆ් අහන කොටයි පොරට මතක් වුනේ අර "කීප් එ සයිඩ්" කියල තිබුණු නිසා පැත්තකින් අරං තියපු කුළුබඩු අඹරපු පේස්ට් එක මස් වලට දැම්මෙ නෑ කියල.
ඇයි එහෙම කරන්න කියල තිබුනෙ නෑනෙ ඒ අන්තර්ජාලෙන් ගත්තු රෙසිපි එකේ!!!
කතන්දරකාරයා
Labels:
රත්නායක මහත්තයා
Subscribe to:
Post Comments (Atom)
හික්ස්....
ReplyDeleteඔහොම තමා පොත බලාන කොරන කොයි වැඩෙත්...
පොඩ්ඩක් හරි "කොමන් සෙන්ස්" තියෙන්න ඕනෑ...
/බිඟුවා...!
හාහාහාහ...!! ඒක නම් මරු කෑම හැදිල්ල...!!
ReplyDeleteඑළ වැඩේ තමයි :P
ReplyDeleteහී හී හී
ReplyDeleteමටත් ඔහොම වැඩක් උනා
චොකලට් කේක් එකක් හදන්න ගිහින් කොකෝවා දාන්න අමතක උනා. දැන් නන් පන්සිය පාරක් කියවලා බලලයි හදන්නේ...
බිපෙසි! :D
ReplyDeleteMy wife once made a pudding, but it did not come out properly.I heard her explaining what it looked like and tasted to a friend also telling the friend ingredients she used (over the phone)The ingredient she did not use I noticed was eggs. So I told her...(that's how the fight started for that day)
ReplyDeletenow i realized last comment from uncle Oba
ReplyDelete