Thursday 4 March 2010

සීයා - හතරවෙන කොටස : ආච්චිගෙනුත් කතාවක්


හැමදාම සීය ගැන ම කතා ලියන්නෙ ඇයි නේද?

මං සීය ජෝන් මහත්තයගෙ හැකර කට වහපු හැටි ගැන ලිව්ව. සීය ගෙ ජීවිතේ දෛවෝපගත දිනයක් ගැන ලිව්ව. සීය ගෙ කෝට් එක නැතිවුණු කතන්දරේ ලිව්ව.

ඉතිං අද ආච්චිගෙ දවස!

අපේ ආච්චි ගෙ තාත්ත වෙද මහත්තයෙක්. ඒ කාලෙ ඉතිං ඉස්පිරිතාලෙ යන එකයි කොටින්ම බටහිර වෙදකමයි ගම්වල වැඩිය කෙරුණු දෙයක් නොවෙයි නෙ.

ඉතිං ආච්චි ගෙ තාත්ත ගෙන් බේත් ගන්න මිනිස්සු පිරිලා ලු උදේ හවස වෙනසක් නැතුව. විවිධාකාර මිනිස්සුන් ගෙ විවිධාකාර කතා අහන්න හැසිරීම් බලන්න ආච්චිලටත් ඒ නිසා ලැබුණා.

එක දවසක් වෙද මහත්තයගෙන් බේත් ගන්න ආපු ගමේ ලොකු පවුලක කාන්තාවක් කතා කරනව ආච්චිට ඇහිල තියෙනව ගේ ඇතුලට.

මෙන්න මෙහෙමයි එයා කතා කරල තියෙන්නෙ.

"ඒඛයෑහ්, වෙධ මහත්ථයෝහ්, මා ඊයේහ් රාඨ්‍රියේ පුධුමාකාර භය වීමඛ් භය වුනාහ්. මා අම්මාථ ඛඨා ඛලාහ්, ඛඨා ඛලාහ්, ඒත් ඇය ඛඨාහ් ඛලේම නෑහ්."

මං හිතන්නෙ අපේ වෙද මුත්තා හොයා ගන්න ඇති මේ ලෙඩාට තියෙන්නෙ මහාප්‍රාණ පිළිබඳ රෝගයක් බව!

මේ කතන්දරේ ලියන කොට මට අපේ නැන්ද කියපු කතන්දරයකුත් මතක් වුනා.

අපේ ගමේ ඉඳල තියෙනව ඒ කාලෙ ඉතා ප්‍රසිද්ධ භාෂා විශාරද පණ්ඩිතයෙක්. හෙළ හවුලෙ සාමාජිකයෙක් සහ කවියෙක්. එයාගෙ දුව අපේ නැන්දගෙ යාළුවෙක්.

ඉතිං මේ භාෂා විශාරදය කලකට පස්සෙ මිය ගියා. අපේ නැන්දත් ගියා අවමගුලට. එදා තාත්තගෙ ශරීරය ආදාහනය කරන වෙලේ චිතකය ගිණි ගනිද්දී එයා ගෙ දුව ඇඬුවෙ මෙහෙමළු.

"පියාණනි, පියාණනි, අහෝ කෙතරම් ඛේද ජනකද?"

"අහෝ! අහෝ!! අහෝ ඇවිලෙන ගිනි ජාලය!!!"

කොහොමද දුවගේ භාෂා විලාශය!

කතන්දරකාරයා

18 comments:

  1. ඔය හෙල හවුල ඇත්තටම අපේ බාසාවට ලොකු සේවයක් කරල තීනව තමයි. ඒත් එකෙ හිටපු අන්දානුකාර්නයොන්ගෙ මෝඩ කතා ගැන මාත් අහල තීනව.
    එකපාරක් ඔය හවුලෙ පොරක් හෝටලේක waiter කොලුවෙකුට කිවුවලු "එම්බා කොලුව, තෙල පෙනෙන හිම තලප මෙහි ගෙනෙව" කිවුවලු. ඉතින් තෙල් දාපු හිම නැති නිසා අර අහින්සක කොල්ල කිවුවලු " අනේ sir තෙල් දාපු හිම තලප නන් නෑ..ඒත් තෙල් බේරෙන වැලි තලපනන් දෙන්නන්" කියල.
    තව කතාවක් තමයි, ඔය එක්කෙනෙක් කොන්දෙක්ගෙන් ඇහුවලු "බස් පලුව, මෙහි කොල්ම්බට යා හැකිද " කියල. මේ බයිල කතාවට මල පැනපු කොන්ද කිවුවලු " බස් පලුවක් නෙමේ මහත්තය බස් එකම තමා යන මගුලක යන්නෙ "කියල.

    ReplyDelete
  2. හා හා හා...
    මහා භයංකාර ඛථාවඛ් ණේ මේඛ

    /බිඟුවා...!

    ReplyDelete
  3. එකඟයි. හෙල හවුලේ ඇත්තො කරපු සේවය ගැනත් අමතක නොකිරීම වටිනා දෙයක්.
    මම අහලා තියන කථාව ඔයිට ටිකක් වෙනස්, නැති වෙච්ච leather wallet ගැන, "එම්බා බස් පලුව ( බස් පාලකය- කොන්දොස්තර ) තොප මාගේ සම් පහිය ( සම් පසුම්බිය) දු‍ටුවෙහිද?

    හ්ම්ම්... සීයා හොරණ. පානදුරේ සිට හොරණ අතර සිටි එකම හෙල හවුලේ සාමජිකයා හිටියෙ අපේ ගමේනෙ.KK ත් අපේ ගමේ පොරක් වත්ද?

    ReplyDelete
  4. භොමෝම රසවථ් ඛථාවඛ් :D

    "නියෙදි පහිණ පොළ" කියන නම නියෝජිත තැපැල් කාර්යාලය වෙනුවට නාම පුවරුවක යෙදුවෙත් අර දෙවැනියට කිව්ව වර්ගයේ කෙනෙක් තමයි ;-)

    ReplyDelete
  5. ඔයා දන්නවා ඇති අර ධර්මරාජෙ සිංහල ගුරුතුමා ගෙ දුව කොල්ලෝ හොරෙන් ජම්බු කඩනවා දැකලා '
    පියේ පියේ අන්න ළමෝ ජම්බු රුකේ ජම්බු නෙලත්" කියපු එකත් නේද?

    කතන්දරශූරින්ට ජය..!

    ReplyDelete
  6. කැණිය මා පිනට ඇරලව - එකෙම කිව්වෙ පඹුරණ හන්දියේ 'පින' නිවසේ උන් රිචර්ඩ් සිල්වා සිරිමතුන්. මම උන්නැහේ ව හම්බ වෙලා තියෙනවා. තාක්ෂණය කියන වචනෙ කියලා මම ඇණ ගත්තා ඇණ ගැනිල්ලක්..!
    තව නැගලා යන ඒවා තමා..
    මේ මා බිරිඳ සඳා - මේ මා බිරිඳ ඉඳා (ඉන්ද්‍රා)

    භල්ලා ලභුත්ථෙක්ඛ භථ් ඛාලා ලිබ්බොක්ඛේ භුධි..!
    (මම ජගත් අය්යගෙ කවි කියෙව්වෙත් මේ වගේ කියලා අපේ ගෙධර උන්ධැ ඛිව්වා.)

    ReplyDelete
  7. @ ඉන්දික
    අයිස් ක්‍රීම් = හිම කිරම

    @ බිඟුවා
    අතිභ් භයංඛාරයිහ්!!!

    @ සිරිබිරිස්
    මේ සීයා කියන්නේ අම්මගේ තාත්තට. නැන්ද කියන්නේ තාත්තගෙ නංගිට. ගම් දෙකක්.

    @ ආනන්දවර්ධන
    ඇයි තලබනුව? අහුබුදුවන් ට අනුව හෙලෝ කියන්නේ රාවණා කාලයේ තලබනුවෙන් බණන විට මුලින්ම හෙලයෙකු දැයි ඇසූ නිසා ඉන් පැවත ආ දෙයක්.

    @ හෂිත
    1. කෙල්ල ජම්බු ගහෙන් වැටුනාද?
    2.1 තාක්‍ෂණය යනු වඩු කර්මාන්තයයි.
    2.2 ඇයි අපේ පප්ප පොල් එක්ක පාන් කාල පානදුරේ පාලම ලඟදි පප් ගාල පැඩ්ඩේ!

    ReplyDelete
  8. @කතන්දරශූරීන්:

    කතාව නම්...
    අපූරුයි...
    සුබ පතනවා මම..හැමදාම ලියන්න ලැබේවා කියලා...

    පොඩි නිවැරදි කිරීමක් කරන්නම් තරහ නැත්තම්... දුරකතනයට කියන්නෙ... 'තෙළබනුව' කියලයි.. (තළබනුව නෙවෙයි )..

    තෙළ = දුර / බනුව = කතා කරන උපකරණය

    :))

    ReplyDelete
  9. ලොල්ස්ස්ස්ස්ස්!!!!

    ReplyDelete
  10. 1. කෙල්ල ගැන නොදනිමි.
    2.1 රිචඩ් සිල්වාණෝ ඔබැ කියූ දේ මැ පවසා මා කිච කළහ.
    2.2 අඵේ ඵඵ්ඵා ඵුඵ්ඵ ඵුඵ්ඵ ඝියා..

    ReplyDelete
  11. මදිරා දෙමාලසිංහ නෝනා
    ඛවුද?
    මෙහෙ ඉන්න ඛවිද?
    කියලා අහනවා නේද යුගාන්තයේ.

    හෙල හවුල ගැන වෙනම ලියමු..

    ReplyDelete
  12. මාත් ඔය හෙළ හවුලෙ හාදයා බස් එකකට නැගල කරපු කතාව මේ විදියට අහල තියෙනවා.

    හෙළ හවුලේ හාදයා: එම්බා බස් පළුව, මට මයිල දෙකක් පමණ යෑමට ටිකිත්තක් දෙව

    කොන්දොස්තර: මහත්තයා තේරෙන සිංහලෙන් කතා කරන්න. මේ බස් එකේ පළුවක් නෙවෙයි යන්නෙ, මුළු බස් එකම යනවා.

    හෙළ හවුලේ හාදයා: හා හා බස් පළුව, මා වැනුවේ හෙළුවෙනි. තොපද හෙළුවෙන් වනව.

    කොන්දොස්තර: #*&?$%#$@@?

    ReplyDelete
  13. ඒඛයැ ඛථණ්ධර ඛාරයෝ , ධන්නවධ වැඪඛ්, භභාණිෂ්ඝෙ භළ්ළා ළභුඨ් එඛ්ඛ භථ් ඛාළා ළිඵ් භොඛ්ඛෙ භුධි

    ReplyDelete
  14. පකට පුගුලෝ හෙලුවෙන් වනති..
    (ප්‍රසිද්ධ පුද්ගලයන් සිංහලෙන් වර්ණනා කරති)

    ReplyDelete
  15. හරිම රසවත් කතා ටිකක්, කියවන්න ලබුණා
    බලගෙන ගියාම කතන්දර ශූරීනුත් කැළේනේ අපේ අයියලා වැඩ පෙන්නන්න ගත්තම... :)

    මටත් මතක් උනා හෙළ හවුලෙ සාමජිකයෙකුගෙ කතාවක්..

    87~89 භීෂණ කාලෙ කවුරු කවුරුත් ගෙවල් වලට වෙලා දොරවල් වහල ලයිට් නිවාගෙන හිටියෙ. ඔන්න දවසක් රෑ කට්ටියක් ඇවිල්ල මෙතුමන්ගෙ ගෙදර දොරට තඩිබානවලු. මෙතුමත් භයෙන් භයෙන් උනත් පුරුෂ ධෛර්යය වඩවගෙන ඇහුවලු,

    "කවුද?"

    "දොර අරිනවා, අපි ආමි."

    මේක ඇහුන ගමන් මෙතුමට කාල ඉන්න බැරුව, ගත් කටටම කිව්ව,

    "හා හා පුතා, අපි ආමි යන්න ව්‍යාකරණානුකූලව සාවද්‍යය. එය අපි ආමු වශයෙන් නිවැරදි විය යුතුය" කියල.


    (ප.ලි: මේ මම බ්ලොග් එකකට දාපු පළවෙනි කමෙන්ටුව)

    ReplyDelete
  16. බොහොම අගනා කතාවක් නොවැ. තව තවත් ලියන්න දිරි.
    ඔය අහුබුදු වන්ගේ බැංකු ගිණුමෙ නමනං තියෙන්නෙ " S. S. Ashubodha" කියල.

    ReplyDelete
  17. @Nawammawatha - Ashubodha kiyanna ahubuduge duwa .. Oyath babata namak purchase kalaa wage ..

    ReplyDelete
  18. ඒක නම් පට්ට කතාව යාළුවා

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.