Monday 25 February 2013

පුකත්වය යනු කුමක්ද සහ පුකත්වය හෙළිදරව් වීම - Arseholedness exposed!


පුකත්වය යනු කුමක්දැයි හොඳින් සැකහැර දන්නන් කිහිප දෙනෙක් මේ කතන්දරය කියවන පිරිස අතර සිටින්නට ඉඩ ඇත. ඒ සමගම වචනය ඇසූ පමණින්ම පුකත්වය යනු කුමක්දැයි පිළිබඳව තරමක අදහසක් ඇතිකර ගැනීමට තවත් බොහෝ දෙනෙකුට හැකි වෙනු ඇත.

ඒ කෙසේ වෙතත්, මා මේ සැරසෙන්නේ පුකත්වය යනු කුමක්දැයි පහදා දෙන්නයි. වඩාත් නිවරදිව කිවහොත් පුකත්වය යනුවෙන් මා අදහස් කරන දේ ගැන පහදා දෙන්නයි. පුකත්වයට නිර්වචනයක් ලබා දෙන්නයි.

පුක යනු කුණුහරුපයක් නොවන බව බ්ලොග් ලෝකයේ දී මා කලකට ඉහත කළ ප්‍රකාශය අද පවා උපුටා දැක්වේ. ඒ ලෙසින්ම මේ පුකත්වය යන පදයත් සිංහල බ්ලොග් බස්වහරට අද සිට එක්වේවා යන්න මගේ පරම පැතුමයි.

පුකත්වය යනු ඉංගිලිසි පදයක තේරුම දෙන්නට නිර්මාණය කරගත් මැවිසුරුවා, පිරිවිතර, කොන්දොස්තර, මියැසිය, රිද්මය වැනි වදනක් නොවේ යැයි මම සිතමි. මා දන්නා පරිදි පුකත්වය යනු හුදු හෙළ නිපයුමක් ම වේ. මක් නිසාද යත් පුකත්වය පෙන්වන්නට, පුකත්වය එළිදරව්වෙන ආකාරයේ කටයුතු කරන්නට අපට පර සුද්දා ගේ වැඩ කිඩ හෝ වචන හෝ අවශ්‍ය නැති නිසාය.

පුකත්වය යන්නට ඉංගිලිසි වදනක් අවැසිම නම් ඒ සඳහා ආර්ස්හෝල්ඩ්නස් (Arseholedness) යන්න ගැලපේ යැයි මම සිතමි.

කෙටියෙන් නිර්වචනය කළහොත් පුකත්වය යනු නිරුවතයි.

නමුත් එක් වැදගත් වෙනසක් ඇත.

නිරුවත බොහෝ විට සුන්දර, සෞන්දර්යාත්මක, රාගය වඩවන, කලාත්මක, ආහ්ලාදය ගෙන දෙන දෙයකි. නිරුවත දැකීමෙන් බොහෝ විට සිත පිබිදේ. කුල්මත් වේ. ප්‍රීති ප්‍රමෝදයට පත්වේ. ඔකඳ වේ.

පුකත්වය එසේ නොවේ. පුකත්වය පිළිකුල් සහගතය. අප්‍රසන්නය. අපුලය. ඔක්කාරය ඇති කරයි.

නිරුවත හෙලිදරව් වීම තරමක් හෝ ඉවසිය හැකි වුවත් පුකත්වය හෙලිදරව් වීම ඉවසිය නොහැකි වන්නේ එනිසාය.

පුකත්වය එලිදරව් වූ විට මුළු පරිසරයම ගන්දස්කාර වේ!

පුකත්වය සඳහා මගේ දීර්ඝ නිර්වචනය එසේය.

දැන් පුකත්වය යන වචනය පහදා දීම සඳහා මේ අතීත කතාව ගෙන හැර දක්වමි.

මා පෙරේදා ලියූ නිරුවත හෙලිවීම නම් වූ කයි-කතන්දරය මතකද? ඒ කවිය ලියවුණු වකවානුවේ මා ප්‍රධාන වශයෙන් කල් ගෙවුයේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ අක්බාර්-නෙල් නේවාසිකාගාරයේ ය.

අක්බාරයේ විසූ අප කෑම ගත්තේ එහි තිබුණු කැෆටේරියාව නොහොත් භෝජනාගරයෙනි. මෙහිදී මා රසවිඳි ගෙඩි ගෝවා මැල්ලුම සහ මූං ඇට හොඳි යනාදිය ගැනද, ටෙකිෆන්කන්ට් රූපවාහිනිය ගැන ද මා කලින් ලියා ඇත.

අක්බාර් කැෆටේරියාවේ කොන්ත්‍රාන්තුව මේ කාලය වන විට අප ප්‍රිය නරියා මුදළාලිගෙන් වෙනත් අයෙකුට පැවරී තිබුණි.

කවරෙකු කළා වුවද මෙය මහා ලාභ ගෙන දෙන ව්‍යාපාරයක් නොවේ. රුපියක් තුනයි පනහකට මිල නියමව තිබුණු කෑම පිඟානකින් කවර නම් ලාභයක් ගන්නද?

සතියේ දිනවල ලැබෙන පැයේදී දවල් කෑම අපි කෙසේ හෝ රස නොබලා ගිල දැම්මෙමු. රාත්‍රී කෑම ගැන තත්වය නම් එසේ නොවීය. අත ලඟ නොවූවද, වූස් එක, සංඝමිත්තාව, නාදන් එක යනාදී විකල්ප කිහිපයක් ද අක්බාර් වැසියන් සතුව තිබුණි.

මේ අතර මුදළාලිගේ තිබුණේ වෙනත් අරමුණකි. එය නම් ලාභාංශය අඩු බත් නොව ඉඳිආප්ප, ගෝදම්බ රොටී යනාදී වැඩි ලාබයක් ගෙන දෙන රාත්‍රී කැම වර්ග අපට කැවීමයි.

මේ හේතුව නිසා යාන්තම් හවස හත පමණ වෙන විට කැෆටේරියාවේ බත් අවසන් විය. එතැන් සිට අපට කන්නට තිබුණේ තවත් රුපියල් කීපයක් වැඩියෙන් වැය වෙන ඉඳිආප්ප හෝ ගෝදම්බ රොටිය.

ගෙදරින් ලැබෙන සොච්චමකින් ජීවිතය ගෙවන අප බොහෝ දෙනෙකුට මෙය දරාගත නොහැකි තත්වයක් විය.

අක්බාර් ශාලාවේ ශාලා කමිටු රැස්වීමට මුදළාලි කැඳවනු ලැබුවේ මේ ගැන විමසීමටයි.

"සර්, මං කීප දවසක්ම සෑහෙන පිරිසකට බත් උයලා සර්ලා පිටින් කාපු හින්දා ඒවා විසි කරන්න වුණා. ඒ හින්දායි මං බත් උයන ගාන අඩු කෙරුවේ" මුදලාලි නිදහසට කරුණු දැක්වීය.

"එහෙම රිස්ක් එකක් ගන්න මේ වගේ බිස්නස් එකක් කරන කෙනෙකුට පුළුවන් වෙන්න ඕනෑ!" කවුදෝ කොල්ලෙක් සභාවේ සිට කීවේය.

"අනේ සර් එහෙම ලිස්ට් එකක් ගන්න පුළුවනි නම් කොච්චර හොඳද? එහෙම නම් මට ඒ ලිස්ට් එකේ ගාණට හරියට උයන්න පුළුවනි!"

සභාවේ සිනා මැද මුදළාලි පොරොන්දු වූයේ ආයේ දිනයක එළෙස සවස 7:30 ට කලින් බත් අවසාන නොවෙන පරිදි වග බලාගන්නා බවත්, ඉන් පසු කෑම සඳහා ඉඳිආප්ප යනාදිය සපයන බවත්ය.

ඉන් සති දෙකක්වත් ගත වෙන්නට පෙර සිදුවූයේ මුදළාලි නොසිතු දෙයකි.

සාමාන්‍යයෙන් සති අන්තයට අක්බාරයේ ජනගහනය අඩුවේ. ඒ කොල්ලන් කොටසක් ගෙදර යන නිසාය. මේ සති අන්තයේ කුමක්දෝ සර්වේයින් ව්‍යපෘතියක් වැනි දෙයක් යෙදී තිබුණු නිසාදෝ තත්වය වෙනස් විය.

එහි ප්‍රතිඵලය වූයේ හවස වැඩි වේලාවක් යන්නට කලින් බත් පමණක් නොව, මුදළාලිට වැඩි ලාභයක් ගෙනදුන් ඉඳිආප්ප, ගෝදම්බ රොටී යනාදිය සියල්ල විකිණී අවසාන වීමයි.

තවත් විසි තිස් ගණනක් රෑට කන්නට බලා සිටිති. කැෆටේරියාවේ කුස්සිය හිස්ය. බතුත් නැත. ඉඳිආප්පත් නැත. රොටීත් නැත. මුදළාලි ට තරු පෙනේ.

"ඔන්න මුදළාලියා ගේ පුකත්වය එළිදරව් වුණා!" මා මිතුරු ජෝෂප් මොරවැව ඒ අවස්ථාවේ උද්ගත වී තිබුණු තත්වය සංක්‍ෂිප්තව විස්තර කළේ එලෙසය.

ඒ මා පුකත්වය යන වචනය මුලින්ම ඇසූ දිනයයි. ඒ උදාහරණයෙන්ම වචනයේ අරුත පැහැදිලි විය.

-කතන්දරකාරයා

ප/ලි:
මේ කතන්දරය මා ලියා ඇති අනෙක් කතන්දර මෙන්ම සත්‍ය සිදුවීමකි. මෙය මගේ සිහියට ආවේ පෙරකී "නිරුවත හෙලිවීම" කතන්දරය ලියන අතරතුර ය. මේ ගැන අනවශ්‍ය පරිදි දිගට සිතා කොකු/තොප්පි දමානොගන්නා මෙන් කරුණාවෙන් ඉල්ලමි.


(image: http://www.sodahead.com/fun/arsehole-of-the-week-6/question-2460005/?page=2)

34 comments:

  1. බුහාරියට ගියා නම් රු.10 කට හොඳ කෑම වේලක් කන්න තිබුනානේ.

    ReplyDelete
    Replies
    1. රුපියල් විසි පහක් විතර තිබුණා නම් නුවර ගිහින් කාලක් දාලා ලියෝන්ස් එකෙන් කාලා එන්නත් තිබුණා.

      Delete
  2. කතන්දර ඔබේ ලිපිය ඉතා වටිනවා.මගේ නම් අදහස කුනුහරප කියා දෙයක් නැති බවයි.ඒ වාගේම පුක,බඩ කකුල වාගෙ වචන අපේ භාෂා උරුමය බව දන්නවාද?ඒවා ඉන්දු ආර්ය භාෂා වල නෑ.මේ රටේ ජනතාව සිංහල භාෂාවට හුරුවෙන්න ඉස්සර භාවිතා කළ භාෂාවේ ඉතිරි වෙලා තිබෙන්නෙ ශරීරාංග වලට කියන ඔය වචන ටික විතරයි.
    තවත් අවස්ථාවක කිම්බ වාගෙ වචන අසභ්‍ය වෙලා ඒකටම කියන යෝනිය කියන ඉන්දියානු වචනෙ සභ්‍ය වෙලා.අසභ්‍ය වෙලා නැතත් බඩ කකුල කියන වචනත් ග්‍රාම්‍ය වෙලා විදේශීය වචන ශිෂ්ට වෙලා

    ReplyDelete
    Replies
    1. පුක නම් අපේ උරුමයක් බවට කතා දෙකක් නෑ.

      (ඔය මුල් භාෂා වචන සංකල්පය තවත් සොයා බැලිය යුතු එකක්)

      Delete
    2. එහෙනම් ගෙදරදි කතාකරපිය අමු හින්ගලෙන්....උඹට පකෝ කියල කියන්නම්කො...කකාටත් ලගදි ඉදන් පිස්සුද කොහේද...

      Delete
  3. සමාවෙන්න කතාව හරියට පැහැදිල් මදි.(කොටසක් අඩුයි වගේ මට හිතෙනවා - ලිස්ට් එක ගැන කියන කතාව?).අනපේක්ෂිත ලෙස පාරිභෝගිකයන් වැඩි වීම නිසා මුදලාලිගේ පුකත්වය හෙලිවන්නේ කෙසේද? මෙයින් සිදුවී ඇත්තේ මුදලාලි පැවසූ නිදහසට හේතු යලි තහවුරු වීමක් ම නේද?

    ReplyDelete
    Replies
    1. ලිස්ට් එක ගැන කතාව ඇත්තටම අතුරු කතාවක්.

      මුදලාලි බත් අඩුවෙන උයන්නේ ඉඳිආප්ප වැඩියෙන් විකුණා වැඩි ආදායමක්/ලාභයක් ගන්නයි. නමුත් එය කළ හැකිව තිබුණු දවසේ පැහැදිලි වුණා ඔහුට ඒකටවත් වැඩ පිළිවෙලක් තිබී නැති බව.

      Delete
  4. ඊයේ ඔය පේරාදෙණිය පැත්තෙන් ගියා ගම්පොළට. මට දැන් පේරාදෙණිය කිව්වම මතක් වෙන්නේ කතන්දර තුමාවයි, රත්ගමයයි.

    ReplyDelete
    Replies
    1. අපෝ තව අය ඉන්නවා. මේ පහත කතන්දරයේ අග බලන්න.

      http://kathandara.blogspot.com/2011/11/comradery-or-decadency.html

      Delete
  5. oonna KAKKA thuma thamata paraweni subject ekakata awithla, me kathawa okkoma kiywanta oone nehe comment karanna, subject eka kiwwama athI PUKA, JEE, PADA, CHOO, JOKKU

    ReplyDelete
    Replies
    1. මං ඔය කියන මාතෘකා ගැන (UKA, JEE, PADA, CHOO, JOKKU) ලියූ කතන්දර ප්‍රමාණයට වඩා ඔබ ඒ ගැන සඳහන් කමෙන්ටු දාලා තියෙනවා.

      ඔබට ඒ ගැන ලැබෙන සම්මානය මටත් සතුටක්.

      Delete
  6. liyanta deyak nathnam puka gena liyana ekath watinawa.

    ReplyDelete
  7. මෙයින් කියවෙන අතුරු කතාවේ කතන්දර ගොඩාක් තියෙනවා.

    "පුක නෑ"

    ReplyDelete
    Replies
    1. ඇයි කාටද දුන්නේ.... ?

      Delete
    2. R.P. S. ට තමයි මෙයා හැමදාම දෙන්නෙ....

      Delete
    3. උඹලත් දෙන්න එන නිසානේ දන්නේ... "පුක නෑ"
      අර මට ඉස්සරහින් උන්නෙ උඹද....?

      Delete
  8. ඇනෝගේ පුකත්වයත් හෙළිවුනා නේද?
    නැවත පරණ කමෙන්ට් කුමයට ආවාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මේකේ target එක ඇනෝ තමයි

      Delete
  9. ඕනෑම දේක මේක තියනවා දැන් විදුලි පන්දමක් ගත්තම මුනත පැත්ත තියනවා බල්බ් එක තියෙන්නේ ඒ පැත්ත . පුක පැත්ත තමයි බැටරි දාන්නේ. පුක කියන්නේ ශිෂ්ඨ වචනයක්. කාර් එකේ පුක පැත්ත කිව්වම වැරදිද?
    හැබැයි පුකත්වය නම් අලුත්ම නිර්මාණයක්.

    ReplyDelete
  10. ටයි දාපු මහත්තයාගේ පුකත්වය නම් පහුගිය දවස්වල ඕනෑවටත් වඩා එලිවුනා.

    ReplyDelete
  11. එදා මුදලාලියගේ පුක මූට්ටු වෙනැනැති නේද කකා ...

    ReplyDelete
    Replies
    1. මම අහවල් එක වටේ යන අහවලා

      Delete
  12. කකා කියන්න හදන කතාව තේරුනා.

    පුකත්වය එලිවුනාට පස්සෙ වත් "සමාවෙන්ට" කියලා අහක දාන රෙද්දක් අරන් වත් පුක වහ ගන්න නිහතමානී කමක් නැති කම පුකත්වය එලිවෙනවට වඩා අවුල් වගේ . .

    ReplyDelete
    Replies
    1. පුකත්වය අපි හැමෝටම තියනවා පුක නැති එවුන් නැහැ නේ, වැඩේ තියෙන්නේ ගල් යුගයේදී විතර මිනිස් වානරයා හම් කෑල්ලක් ඇඳල පුක වහන්න පටන් ගත්තා. කපු කටින්න ගත්තට පස්සේ රෙදි වලින් අමුඩය ගහල පුක වහ ගත්තා ඊට පස්සේ ඉතිහාසය පුරා දීර්ඝ ගමනක් ඇවිත් දැන් යටින් ජොකා ඇඳල ඊට උඩින් කලිසම ඇඳල පුක වහන ගානට මිනිස් ශිෂ්ඨාචාරය පුක කවර් කරලා පුකත්වය ප්‍රදර්ශනය නොකරන සංස්කෘතියක් තියන කාලෙක අපි අයෙත් හම් කෑල්ලක් වත් නැති වානර යුගයට ගිහින් පුක එලියට දාල පුකත්වය ප්‍රදර්ශනය කරන එකයි.

      Delete
  13. පුකත්වය හෙලි උනාට පස්සේ ඉදලත් වැඩක් නෑ.
    -සනාත

    ReplyDelete
  14. pukathwaya, jokathwaya, jeethwaya, choothwaya, pakathwaaya. etc so many more.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ඔය හැම එකක් ගැනම කකා පෝස්ට් ලියලා තියෙනවා.
      බලන්නකෝ "ඕනෑ පුකක්" ටැග් එක

      Delete
  15. පුකත්වය විතරක් නෙවෙයි පXත්වය කියල එකකුත් තියෙනවා.... පුකත්වය එලිවෙනකොට සමහරුන්ගෙ පXත්වය ඉස්මතු වෙලා පේනවා.... එහෙම නැත්තම් පXත්වය පෙන්නනවා.....

    ප්‍රතිලෝමය තමයි පුකත්වය එලිනොවෙන තාක් කල් පXත්වය හැන්ගිලා තියෙනවා.... එතකොට ඉතින් බබා හුකුන්.....

    කොහොම වුනත් පුකත්වය වහගෙන හිටියට පXත්වය වහගෙන ඉන්න අමාරුයි....... ඒක නිසා ඔය වහගෙන එන එව්වා තාවකාලිකයි....

    ReplyDelete
    Replies
    1. පුක කියන්නේ කුණුහරුපයක් නොවේ නම් පX කියන්නේ අණුවක්ද පරමාණුවක්ද ?
      දාන්න කකා ලින්ක් එක.

      Delete
    2. තාර්කික අර්ථ නිරූපණයක්. ඇයි බ්ලොග් අවකාශයේ සමහරු එක එකාගේ පුකත්වය නැති කරලා පිහිදගන්න ටිෂූ හිටන් දෙන්නේ. ඒවා ගැනත් කතා කරමුකෝ.

      Delete
  16. @ All
    සියළු දෙනාටම ඉතාමත් ස්තුතියි.

    ජයවේවා!

    ReplyDelete
  17. පුක්යාභාවය ගැන දන්නවද ? උඹට නම් නැතිවෙලා ගොඩක් කල් වෙන්නැති

    ReplyDelete
  18. @ uditha......../////කපු කටින්න ගත්තට පස්සේ රෙදි වලින් අමුඩය ගහල පුක වහ ගත්තා/////

    රෙදි අමුඩෙන් වහගත්තේ පුක නෙමේ උදිත *ක :D

    ReplyDelete
  19. Puka became prominent because we have been used to cover it for very long time.... my worry is sooner their will be another similar thing called "katathwaya" owing to prolonged use of masks...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.