ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday, 29 October 2010
මැදපු කමිස මොකුත් නැත!
ඔන්න දැන් අවුරුදු එකසිය පනහකට විතර කලින් ඇමෙරිකාවෙ ජනාධිපති වෙලා හිටිය ඒබ්‍රහම් ලින්කන්ව මුණ ගැහෙන්න ගියාලු දන්න අඳුනන පොරක්. ඒ යනකොට මෑන් සපත්තු කුට්ටමක් පොලිෂ් කර කර ඉන්නවලු!
මේක දැකපු හිතවතා ඇහැව්වලු ලින්කන්ගෙන් ආ, ඔහේම ද ඔහේ ගේ සපත්තු පොලිෂ් කරන්නේ කියල.
ලින්කන් ගත් කටටම කියල තියෙන්නේ ඇයි ඔහේ පොලිෂ් කරන්නේ කාගේ සපත්තුද කියලයි.
(මේ දෙන්නම දකුණෙ කට්ටිය හොඳේ? ඒකයි ඔය ඔහේ ඔහේ කියල කතාකරන්නේ).
මං ඔය කතන්දරේ කිව්වෙ වෙන කතන්දරයක් කියන්නයි.
ඔන්න මං දැන් අවුරුදු කීපෙකට කලින් රාත්‍රියක ගියා යාළුවෙකුගේ ගෙදර. මං යනකොට පොර දාඩිය දාගෙන ඇඳුම් මදිනවා. මාව දැක්ක ගමං පොර කියාපි "දැං ඉතිං අපිට මේවත් කරගන්න වෙලානේ!" කියල.
මං මුලින් හිතුවෙ පොර මේ කියන්නේ කලින් වයිෆරේ රෙදි මැදල දුන්න, දැන් මංඩලේ කචල් එකක්ද කොහෙද හින්ද පොරටම රෙදි මැදගන්න වෙලාය කියල. පස්සෙ බැලින්නං මේකයි. අපේ මෑන් එච්චර වෙනකං සතියේ ගමං බිමං වලට, වැඩට, අඳින රෙදි ටික සෝදල මද්දගෙන තියෙන්නේ ලොන්ඩරි සේවයකින්.
පුදුම වෙන්න දෙයක් නෑ. මේ තමයි අර කෝක් වානා කතාවේ මං ලියපු යාළුවා!
ලින්කන් ගේ කතාව අනිත් පැත්ත හරෝලා "ආ! ඔහේ මදින්නේ ඔහේ ගෙම රෙදිද? මම නං මදින්නේ අනුන් ගේ රෙදි" කියලා කියන්නේ නැතුව මං කිව්වේ මෙන්න මෙහෙමයි.
"මම නං රෙදි මැදපු කාලයක් මතක නෑ!"
ඒ කතාව බොරුවක් නෙමේ අමූලික ඇත්ත.
ඉඳල ඉඳල කතන්දර හාමිනේ බැගෑපත්ව ඉල්ලා හිටියොත් එතුමිය ගේ 100% කොට්න් බ්ලවුස් රාජිණියක්ව මං මැදල දෙනව. ඒ මිසක් අපේ ගෙදර නං, මම් තුමාවත්, හාමිනේවත් රෙදි මදින්නේම නෑ. මැදපු කමිස, කලිසම්, බ්ලවුස් ආදී ඇඳුම් අඳින්නෙත් නෑ.
කොටින්ම මගේ මැදපු කමිස මොකුත් නෑ!
ඔය උඩ තියෙන ෆොටෝ එක බලන්නකෝ. එකක්වත් මැදලා නෑ.
මේ කතන්දරේ කියවන හැමදාම මැදපු ඇඳුම් අඳින අයට අපි දෙන්නා හොඳ ආදර්ශයක් වේවි මයෙ හිතේ.
හොඳටම රෑ වුණා. මේ ගැන වැඩි විස්තර දවස් දෙකකින් විතර ලියන්නම්.
-කතන්දරකාරයා
ප/ලි
මේ කතන්දරේට මං දීල තියෙන ටොපික් එක කලින් අහල තියෙන අය මෙන්න මේකත් අහල ඇති.
මේ බල්ල බන බදා දාතු නටවා රිය පොලට එනවා.
Subscribe to:
Post Comments (Atom)
හිකිස්.. පට්ට ටයිටල් එක...
ReplyDeleteඑහෙනං කතන්දරට තියෙන්නේ බදාදා තුනට වාරියපොල ගිහින් උන්දෑව හම්බවෙන එක තරයි..හැබැයි ඉතින් ඔවා හාමිනේ දැනගත්තොත් අර මැද්දෑවට තවත් මොකුත් කියෙන විදියට අංගෝපාංග වෙනස් කිරීමකට ලක්වෙන්නත් බැරි වෙන එකක් නැහැ..
ReplyDeleteඔන්න අපිනං නැහැ ඔවාට...
හාපෝ මම බයවුනු තරම. මම හිතුවේ මැදපු කමිස මුකුත් නැහැ කියලනේ.
ReplyDeleteස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍ර වල සෝදන රෙදි පොඩි වෙන්නෙ නැහැ. මේත් එහෙම වැඩක්ද?
ReplyDeleteලින්කන් දකුණේ නෙවෙයි උතුරෙ කෙනෙක්. ලින්කන්ට දකුණෙන් චන්ද හම්බ වුනේ නති තරම්. කොහොම හරි උතුරෙ චන්ද වලින් ලින්කන් දිනුවට පස්සෙ උතුරයි දකුණයි අතරෙ ඇති වෙච්ච යුද්ධෙ තමයි ඇමරිකානු සිවිල් යුද්ධය
ReplyDeletehttp://en.wikipedia.org/wiki/American_Civil_War
කතන්දරට කවද ඉඳලද ඔව නැතිවුනේ හැබෑටම !.
ReplyDeleteමම තේරුම් ගත්තෙ මෙහෙමයි. අපේ කතන්දරටයි එයාගේ හාමිනේටයි මාස තුන හතරකට සෑහෙන ඇඳුම් තියෙනවා. එක සැරේම මාස ගානටම මැදලා තියනවා. ඔය උඩ තියෙන පින්තූරෙත් කමිස 50 ට වැඩියෙ තියෙනවා මගේ හිතේ. හික්.
ReplyDeleteඅපෝයි වෙච්චදෙයක්.....
ReplyDelete(මං කිව්වේ කමිස ගැන හොදේ)
මං හිතන්නේ සිල්ක් රෙදි වලින් මහපු ඇදුම් තදා කකා අයියා අදින්නේ.මම හරිදෝ.....????
ReplyDelete"ඉඳල ඉඳල කතන්දර හාමිනේ බැගෑපත්ව ඉල්ලා හිටියොත් එතුමිය ගේ 100% කොට්න් බ්ලවුස් රාජිණියක්ව මං මැදල දෙනව...."
කියපු එක හොදම ඉඟිය...
කොට්න් මදින්නේ නැතිව අදින්න බෑනේ...(අදින්න පුළුහන්...අපිටනම් අවුලක් නෑ..ඒත් ඉතිං සමාජෙට ඕක ලොකු අවුලක් වෙනවනේ...මේකා ඇදුමක් මැදලා අදින්නේ නෑ කියලා...හික්ස්)
කකා අයියගේ වැඩෙත් එල...ලයිට් බිලත් ඉතුරුයි නෙවැ....හික්ස්..
අම්මෝ.ඔච්චර කමිස ගොඩක් මොකටද ඈ?මට නම් මගේ ඇඳුම් මදිවට ගමනක් යද්දී අම්මගෙයි තාත්තගෙයි,පෙළක් වෙලාවට අයියලගෙයිත් ඇඳුම් මදින්න වෙනවා :( හරි අසාධාරණයි
ReplyDeleteමට නම් හරියට ක්ලික් උනේ නැහැ. කසු ඇඳුම් ඇත්තටම මදින්නේ නැද්ද? නැත්නම් මොකක් හරි වෙන meaning එකක්ද?
ReplyDeleteEka tamai nahaya loku
ReplyDeleteමමත් ඇඳුම් මැදල ඇඳපු කාලයක් මතක නෑ.
ReplyDeleteකසූ හොඳටම ෂුවර්ද මැදපු කමිස මොකුත් නෑ කියලා.. මට නං නිකං අවුල් අවුල් වගේ...
රෙදි මදින එක නම් මට එපාම කරපු දෙයක්
ReplyDeleteමම පොඩි උදවුවක් ඉල්ලන්නවා, දන්න කෙනෙක් කියලා දෙන්න. සින්ඩියේ ටොපික්ස් බලද්දි අපිට නිතරම එක බ්ලොග් එකක (දන්නෝ දනිති.) පොස්ට්ස් ස්කිප් කරල (හෝ හය්ඩ් කරලා) බලන්න ක්‍රමයක් දන්නවද ? මොකද කියනවනම් එක්තරා බ්ලොග් එකකට ගියත් වෑදගත් ලිපි නැති බැවින්. සින්ඩියේ වැටෙන ටොපික් එකේ අන්තර්ගත වචන කිහිපයම පමණයි පොස්ට් එකේ තිබෙන්නෙත්. මෙය විවිද පුවත් (වචන කිහිපයකින්) දිනකට පොස්ට් ගනනාවක් ලෙස දානවා. එතකොට අනිත් අය අමාරුවෙන් ලියලා දාන පෝස්ට්ස් වලට නියම අවධානයක් යොමු වීම වලක්වනවා. එක්කො සින්ඩියෙන් දිනකට එකකට වඩා දාන පොස්ට්ස් එකට එකතු වෙන්න ක්‍රමයක් හදල දෙනවනම් පහසුවක්
ReplyDeleteමම දැකල තියෙනවා කතන්දර පොඩි රැල්ලක් වත් නැති ලස්සනට මැදපු සේද ඇදුම් ඇදන් ඉන්නව. ඇත්තම කියනව නම් ඒ පින්තූර දැක්කම හිතෙනවා කතන්දර කොයි තරම් ලස්සනට අඳින කෙනෙක් ද කියල.
ReplyDeleteකාන්තාවන්ට නම් සාරිය, ඔසරිය තරම් ලස්සන ඇදුම් වෙන නැහැ නේ.
පලි කොටසින් තමයි මුලු කතාවම තේරුම් ගත්තේ... හැබෑට මුකුත්ම නැත්තම් යන්න කෝ කටු ගෙට....
බෝම්බෙකටවත් අහු උනාද හැබෑට?
ReplyDeleteමේබල් ලබන බදාදා තුනට වාරියපොලට එනවා.
ReplyDeleteහික්ස්....වත් අක්කිගේ කොමෙන්ටුව දැක්කට පස්සෙයි ක්ලික් වුනේ....
ලොලේ ලොල්ස්....
නියමයි... වත් නියම උපදේසය දීලා තියෙනවා කසූට...
ReplyDeleteAno,
ReplyDeleteකෙනෙක් මහන්සි වෙලා ලියන එක ඔයාට බලන්න බැරි නම් නිකන් ඉන්නකෝ අනෙක් අයට කරදර නොකර.
වත්,
ReplyDeleteඅනේද කියන්නේ!
රතු කමිසෙ කෝ ... ඒක මෙතන නැහැ නේ...
ReplyDeleteඑතකොට මේ කතාව ඇතුලත්මුදලි මහත්තයට සම්බන්ධයක් නෑ?
ReplyDeleteමටත් අල්ලන්නේම නැති වැඩක් තමා ඇඳුම් මදින එක. ඒත් මක්කා කොරන්නද ?
ReplyDeleteහය්යෝ මගේ කොමෙන්ටුව බලධාරියා කපලා දාලා
ReplyDeleteදැන් ගණුදෙනු මේබල් එක්ක ආ.....අනේ වාසනවන්.
ReplyDeleteකශු rear gate පැත්තෙ ගියෙ නැත්ද?
ගෙයි වැඩ කොහොමද?
මගෙන් වෙනදට අරකටයි මේකටයි විද්‍යාත්මක හේතු අහන චානක අරුණ මුණසිංහට මේ අභියෝගය.
ReplyDelete'ඇඳුමක් මදිනවාය' කියන ක්‍රියාවලිය විද්‍යාත්මකව පහදන්නේ කොහොමද?
මෙන්න කතන්දර සූරීන්ට අභියෝගය.
පුළුවන්නම් ඊළඟ පෝස්ට් එක කරන්න මට මේ වගේ විද්‍යාත්මක හේතුවක් අහන්න ඉඩක් නැති ටොපික් එකකින්.
කවුද දන්නෙ කතන්දර අයියා coat එකක් දාල වෙඩට යනවඩ කියලා. එතකොට කමිසෙ පෙන්නෙ නැහැනැනෙ. :)
ReplyDeleteඇයි
ReplyDeleteලාම් පුරේ පෙයාර් කෙරේ........
හින්දි පිල්ම් එකක් නෙමෙයි නෙ
_______ නැත්නම් ශොක් යකා
ReplyDeleteකව්ද කිවුවලු
I Love Kathandarakaraya කියල එකක් තිබුනනේ. ඒක දැන්න නැද්ද?
ReplyDelete@ Taboo Subjects
ReplyDeleteඅයණීකරණය කිරීමේදී ධන අයන, ඍණ අයන සෑදී ඒවා විකර්ෂණය වීම නිසා තමයි ඔය සංසිද්ධිය ඇති වෙන්නෙ.
@Taboo
ReplyDeleteරෙදි මැදීමේදී සිදුවන විද්‍යාත්මක ක්‍රියාවලිය බොහොම ලස්සනට පැහැදිලි කරල තියෙනවා විකිපීඩියාවේ,
http://en.wikipedia.org/wiki/Ironing
@කකා
හැබෑට මැද වෙන මොකුත්ම නැත්නම් තියෙන එක හරි ප්‍රයෝජනේට ගන්න එපැයි
කතන්දර : "මැදපු කමිස තුන නැත" කියල පාර්ලිමේන්තුවට ගහපු බෝම්බෙන් තුවාල උන ඇමති තුමෙක්, පිට රටක ඉදල එතුමගෙ තත්වෙ විමසල ටැලිගැරෑම් එකක් එවපු එතුමගෙ හාමිනේට රිප්ලයි එකක් යැව්වලු.
ReplyDeleteඔය කියන ඇමති තුමාගෙ නම මම දැක්ක උඩ එක කොමෙන්ට් එකක තියනව
ප.ලි. : "සූර තල්මසුන් විකීනීමට ඇත" කියල හංදියෙ ඇකියුරම් එකේ බෝඩ් එකක් ගහල තිබුනලු . . .
මාත් ඔය කතාව මුලින්ම ඇහුවේ පාර්ලිමේන්තු බෝම්බ සිද්ධිය සම්බන්ධව තමයි. මොනවා වුනත් ඉතින් කතන්දර මහත්තයට තියෙන්නේ ඇඳුම් මදින ප්‍රශ්නෙ විතරයි කියල දැනගන්න කල් මාත් අකම්පාල වෙලා හිටියෙ. මොනව වුනත් මනුස්සයෙක්නෙ නේද? :D :D
ReplyDeleteහරියට හරි කකා මේක තමා කතාව මමත් කියපු...
ReplyDelete