Thursday 20 August 2009

කතන්දරකාර මී මැස්සියක ගෙන් කතන්දරකාරයාට ලිපියක්

කතන්දරකාරයා ලියන බ්ලොග් සටහන් වලට සාමාන්‍යයෙන් ප්‍රතිචාර හෙවත් කමෙන්ට්ස් ලැබෙනවා. ඔය දකුණු පැත්තෙ කොලමෙ තියෙන්නෙ ඒවායින් අළුත් ම අළුත් ලොට් එක.

කොයි බ්ලොග් කාරයාට වුනත් මේ කමෙන්ට්ස් ඉතාමත් වැදගත්. ප්‍රතිපෝෂණය හෙවත් ෆීඩ් බැක් වලින් තමා ඕනෑම ක්‍රියාවලියක් වඩා හොඳින් හරිගස්ස ගන්න පුළුවන් වෙන්නේ.

ඔය අතරම, කතන්දරකාරයා ගෙ ඊ-මේල් ලිපිනයත් දාල තියෙනවා ඕන්නං කෙලින් ම සම්බන්ධවෙන්න. මේකටත් ඉඳල හිටල එනව රසික ප්‍රතිචාර.

ඊයෙ උදේ බලනකොට මෙන්න බොලේ ඇවිත් රසිකාවියක ගෙන් ප්‍රතිචාරයක්. මේ එසේ මෙසේ රසිකාවියක් නෙමේ, එයත් කතන්දරකාරියක්. මෙන්න ඒ ඊ මේල් එක.

හිතවත් කතන්දරකාරයාණෙනි,

මේ සමග ඇමුණුම් ලෙස කතා දෙකක් එවමි. හොඳ දැයි නොදන්නෙමි. සුදුසු නම්, ඔබේ කතන්දර බ්ලොග් එකේ දාන්න.

මෙයට,

මී මැස්සී නමැති කතන්දරකාරිය

යුනිකොඩ් වලින් ම ටයිප් කරපු ෆයිල් දෙකක් අමුණලා තිබුනා ඒ එක්ක.

මං ඒ කතන්දර කියවල බැළුවා. කතන්දරකාරිය ගේ පාසල් කාලය ගැන ලියපු හරිම සිත් ගන්නා සුළු කතන්දර දෙකක්. මගේ සිතත් මගේ ඒ සුන්දර අතීතයට ඇදිල ගියා.

කොටින් ම කියනව නං කතන්දර දෙකම එළ.

ලියන්න හොඳ හැකියාවක් තියෙන, ඒ වගේම උනන්දුවකුත් තියෙන, ඒ වගේම කියන්න හොඳ කතන්දරත් තියෙන කතන්දරකාරියෙක් වගයි මට පෙනුනෙ මේ මී මැස්සී.

මං ඒ බවත් කියල රිප්ලයි එකක් දැම්ම පුළුවන් නං, මං මේ කතන්දර මගේ බ්ලොග් එකේ දාන්නං, අනිවා ඩෙෆා, නමුත් තමන්ගෙම බ්ලොග් එකක් පටන් ගත්තොත් කතන්දර ලිවීමේ කුසලතාවය තවත් වැඩි දියුණු කර ගන්න අවස්ථාව ලැබෙනවා ය කියල උපදෙසකුත් එක්ක.

ඉතිං අද ඔන්න මී මැස්සි එවල උත්තරයක්.

හිතාදර කතන්දරේ,

මගේ ම කියා බ්ලොග් එකක් කතන්දර දමලා හැදුවොත් නම් හොඳයි. ඒත් මට ඔය තාක්‍ෂණ වැඩ එතරම් බැහැ. ලඟ පාතක කවුරුවත් ඇත්තෙත් නැහැ උදව්වක් ඉල්ලා ගන්න. මක් කොරන්නද නේද? මගේ කතන්දර දානවට පිං හොදේ.

මෙයට,

මී මැස්සී

ඉතිං, දැන් සේරම සෙට්. මං හෙට ඉඳල මී මැස්සි ගෙන් ලැබෙන කතාත් දාන්නං මගේ කතන්දර බ්ලොග් එකේම.

එතකං මට ලියන්න.

මට කෙලින් ම ඊ-මේල් කරනවා නම්: kathandara@gmail.com

පරණ කතන්දර කියවන්න මෙතෙනට කොටන්නඃ http://kathandara.blogspot.com/

8 comments:

  1. මේකත් හෙන කතන්දරයක් නේ...

    :)

    ReplyDelete
  2. Re the stories from Queen Bee, be watchful and you might get a bad sting and or a stint! The story reminds me of short story by K. Jayathilake (can't recall the title due to old age!) written on a similar line. Let's read your B-queen's stories first!

    Where are you writing FROM:

    ReplyDelete
  3. ඒක හොදයි කොහොමත් එක්කෙනෙක් ගේම බ්ලොග් එකක් වෙනවට වඩා බෙදාගෙන කරද්දි හොද විවිධත්වයක් තියනවා.. දෙන්නම කථා ලියන්නකෝ එහෙනම්.

    ReplyDelete
  4. මට මාර කුතුහලයක් තියෙන්නේ... ඉක්මනට අර මී මැස්සි අමුණලා එවපු කතන්දරේ දාන්න...

    ReplyDelete
  5. මීමෑස්සියෙක්ගෙ නම් හොද පෑණි කතාවක් වෙන්න ඕනා. දාමුකො බලන්න.

    -Dappi-

    ReplyDelete
  6. දැන් එහෙමනං සතියකට කතා හතරක් වත් දාන්න පුළුවන් නෙ.

    ReplyDelete
  7. aththenma pani bearena kataawak wenna ati . . .. !
    ikmanaat daaandooooo

    ReplyDelete
  8. ෂිහ්!.. මට ඊමේල් එන්නෑනේ මීමැස්සියොන්ගෙන්. :P

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.