ගොඩක් දෙනෙක්ට තමගෙම ප්‍රේමකතාවක් තියෙනවා කියල රසවින්ඳින්න, හිනාවෙන්න, එහෙමත් නැත්නම් මතක්කරලා හඬාවැලපෙන්න. මම කියන මේ කතා ටිකක් වෙනස්, මේවා තුන්වෙනි පාර්ශවයක් විසින් ප්‍රේමය ගැන කරන නිරීක්ෂණ වගේ දේවල්. තුන්වෙනි පාර්ශ්වයක් හැටියට ප්‍රෙම කතාවකට සම්බන්ද වීම හරි උද්වේගකර, ත්‍රාසජනක, හිනායන ඒ වගේම පස්සෙ චොක්ලට්ස්, අයිස් ක්‍රීම් වගේ දෙවල් වලින් සැලකිලි ලැබෙන වැඩක් මේ කතාව මම කැම්පස් ෆස්ට් ඉයර් ඉන්නකොට වුන දෙයක්.මගේ ෆස්ට් ඉයර් එක ගෙවුනෙ වැඩිය මිත්‍රසමාගම් නැතිව. අපේ පන්තියෙ හිටිය වැඩිඩෙනෙක් කොලඹ සහ නුවර ඉහල පෙලේ බාලිකා සහ බාලක පාසල් වලින් ආව අය. ඉතින් කාලයක් ගියා යාලුවෙන්න. අපිට රැග් එක තිබුනෙත් නැති නිසා. ඒත් කවුරුත් කොතැනදි දැක්කත් හායි කියල කියගෙන යන සිරිතක් අපේ තිබුණ. ඒ අපේ ස්ටඩි ලීව් කාලෙ.මම එදා උදෙනම ලය්බ්‍රරි ආව, නෝට්ස් මිටියත් අරගෙන පිම්මෙ පඩිපෙල නගිනකොට (මගේ හෙමින් ගමන් නැහැනේ අපේ පන්තියෙ බැචියක් වෙන උමංගා පඩිපෙල කෙලවර ඉන්නව. මම එයට හායි කිව්වත් ,එයා මූන සෝබර කරගෙන යාන්තම් ඒත් දුකෙන් වගේ හිනාවුන. මම ඇහුව පාඩම් කරන්න යන්නෙ නැතිද කියල? ගෑනි හිමිහිට නැහැ කිව්වා. එයාගෙ මූනට හොඳටම එබිකම් කලහම යාන්තම් අඬපු වගක් පෙනුන. මම බොහොම සන්වර තාලෙට ඇහුවා මොකුත් කරදරයක් ද කියල? එයා හිමිහිට හීන් හඬින් කිව්වා එයාට පොඩි කරදරයක්, සමින්දට සනීප නැතුව නවලෝකෙ ඇඩ්මිට් කරලා කියල . එයාගෙන් හාර අවුස්සන ගියෙ නැතුවට මට මීටර් වුනා සමින්ද කවුද කියල ලෙඩාට කොහොමද මම ඇහුවා හ්ම්ම්...මට එයාගෙ ෆෝන් එකට කතාකරන්න විදියක් නැහැ, එයාගෙ අම්ම්ය් තාත්තයි දෙන්නම එයාගෙ ඇඳ ගාව, යාලුවෙක් ගෙ ෆෝන් නම්බර් එකක්වත් මට නැහැ එයාගේ. උමංගා හීල්ලුවා. හරි මට ආවා අයිඩියා එකක්, කවුද සමින්දගෙ ගෙදර මේ වෙලවෙ ඉන්නෙ මම ඇහුව. එයගේ නංගි විතරක් වෙන්න ඇති. උමංගා නොසැලකිල්ලෙන් වගේ කිව්වා. දෙන්න මට ගෙදර නම්බර් එක. උමංගා පුදුමෙන් වගේ ඇස් ලොකු කරගෙන නම්බර් එක දුන්නා. මම එයාවත් ඇදගෙන ඉක්මනට පුස්තකාලෙන් පහලට ගිහිල්ල නතර වුනේ කාසි පෙට්ටි දුරකතනය ගාව. දෙකේ කාසි අහුරක් අරගෙන මම නම්බර් එක ඩයල් කරන්න ගත්ත , උමංගා බයවෙලා කියනව එපා නංගි සැක හිතය් කෙල්ලෙක් කතාකරනකොට. සමින්දගේ අම්මා උමංගා කීප දවසක්ම එයට ගෙදරට කතාකලේ ඇය් කියල අහල තියෙනවා කියල පස්සෙ එයා මට කිව්වා. ඔන්න සමින්දගෙ නංගි ෆෝන් එක ගත්ත. සිහින් හඬක්. ගැහැනු ලමයෙක් ගේ. මම මගේ කටහඬ පිරිමි ලමයෙක් වගේ මාරු කරල සමින්දගෙ යාලුවෙක් විදියට රඟපානව. එහෙම කරන්න මට හේතුවක් තිබුණ. ගොඩක් මගේ යාලුවො ඒ දවස්වල මට කියනවා පලවෙනි වතාවට මගේකටහඬ ෆෝන් එකෙනෙන් අහනකොට කොල්ලෙක්ගෙ වගේ කියල. කොහොමහරි ලෙඩාගෙ විස්තර ලැබුන, ඒතරම් අමාරු නැහැලු, වැඩි හොඳට නවලෝකෙට ඇඩ්මිට් කරලා තියෙන්නෙ, අම්මයි තාත්තයි ලඟ ඉන්නවලු, මම කෝල් එක ඉවර කල සැනින් උමංගට විස්තර විචාරෙ අකුරක් නෑර දුන්න. ඔන්න එතකොට එයගෙ මූණ ටිකක එලිය වෙලා තෑන්ක්ස් මනෝ කියල කිව්ව. මම එයාට යෝජනා කලා වඩයක් කාල ප්ලෙන්ටියක් බොන්න යමු කියල. මොනව හරි සමරන්න ඔනෙ වුනහම මම එහෙමතමයි. මට හිතුන අපි ටිකක් යාලුවුනා වගේ කියල. උමංගත් ටිකක් හිනාවුනානෙ ලෙඩාගෙ විස්තර දැනගත්තහම. ඔන්න ඉතින් ජිම් එකේදි උමංගා එකපාරටම හූල්ලල කියනවා අනේ මට සමින්දව බලන්න යන්න තිබුනනම් ඒත් මම නවලෝකෙ තියෙන තැන දන්නෙ නැහැ. කවදාවත් කොලඹ හිටියට බස් එකෙ ගිහිල්ල පුරුදු නැහැ තනියම. කොලඹ පාරවල් දන්නෙ නැහැ. හ්ම්ම් හරි පුදුමයි මේ කෙල්ලො. ජීවිත කාලෙම කොලඹ ඉඳලා නවලෝකෙ තියෙන තැන දන්නෙ නැහැ මගේ හිත කියනව. හැම සිකුරාදම 138 බස් එකේ ගෙදරයන්න කොටුවට යන මට නවලෝක හන්දිය හොඳට හුරුයි. උමංගා තේ එක හිමින් තොලගානවා ඔනවට එපාවට පාඩම් කරන්න යන්න හිතක් නැහැ වගේ. ඔයාට නවලෝකෙ යන්නම ඔනෙද මම ඇහුව, එයා හරි පුදුමෙන් මම දිහා බැලුවේ. හරියට නිකන් ඔයාට පුලුවන්නම් මාව මගේ සමින්ද බලන්න එක්ක යන්න කියල වගේ එයාගෙ ඇස් බැගෑපත්වුනා. යන්න පුලුවනි ඒත් ආන්ටිය් අන්කලුය් සමින්දගාව ඉන්නවනෙ, ඉතින් එයාලට සැක නැතිවෙන්න යන්න ඔනෙ උමංගා , මගේ තීක්ෂණ් බුද්ධි මහිමය මම එයාට පෙන්නුව. ආයෙත් ගෑනිගෙ මූන කලු වුනා. හ්ම් හරි මට කියන්න ඔය දෙන්න මුන ගැහුනෙ කොහොමද? කොහේදිද කවුද සමින්දගෙ හොඳම යාලුවො? මොනවද ඒ අයගෙ නම් සමින්ද ක්‍රිකට් ගහන්වද? මගෙන් ඔයවගේ ප්‍රශ්න වැලක් උමංගට යොමුවුනා, එයා පුදුමෙන් වගේ මා දිහා බලාගෙන උත්තර දෙනවා. හරි මෙන්න ප්ලෑන මම ජයග්‍රාහි ලීලාවෙන් එයාට කිව්ව. අපි කියමු කූරා (සමින්දගෙ අතිජාත මිතුරෙක් ) අපිට කිව්වෙ සමින්ද ලෙඩවෙලා කියල, ඒනිසා අපි දෙන්න එයා බලන්න ආවා, අපි දෙන්න සමින්ද දන්න කට්ටියම එකට IBSL ඉන්ග්ලිශ් කෝස් එක ෆලෝ කල නිසා කියලා. ඉතින් පාඩම පැත්තක දාල මම උමංගත් ඇදගෙන නවලෝකෙට ආවා ඔන්න. හන්දියෙන් බැස්සවිතරයි එයාට ඔනෙ වුන ලෙඩා බලන්න යන්න මොනවහරි ගන්න. එයාගෙ හිත ගියේ එතන මල් කඩේ තිබුන රතු රෝස මල් වලට. මෝඩි රතු මල් ගෙනිච්චොත් අපි අහුවෙනව මම එයාට කෑගෙහුව, යන්තම් එයා කැමතිවුනා ඇපල් ටිකකුය් මිදි ටිකකුය් ගන්න, ඒවා ලෙඩ්ඩුන්ට හොඳය් නෙ. ඒත් චොක්ලට් එකක් නම් ගන්නම ඔනෙ කිව්වා. මම එයා එකඟකර ගත්තා මම ඒව සමින්දට දෙන්නම්, කියලා මොකද උමංගා ඒ වැඩේ කරන්න ගිහිල්ලා හැඟිම් බර වෙලා වැඩේ දෙල් වෙය් කියල මට හිතුනා. ඔන්න අපි ඇතුලට ගියා කියමුකෝ දැන් ලෙඩාගෙ වෝඩ් නම්බර් එක හොයගන්න ඔනේ. අපි දෙන්න රිසෙප්ෂන් එක ගාව තියෙන දැන්වීම් පුවරුව ගාවට ගියා, උමංගා හැඬුම් බර මූනකින් මම දිහා බලන්වා, අනේ මනෝ සමින්දගෙ නම නැහැනේ මෙතන, එයා ගෙදර ගිහිල්ලද? හ්ම්ම්ම් මම හොඳට එබිල බැලුව නාමපුවරුවට. මොකක් වුනා කියලද හිතන්නෙ? ගෑනි තදියම වැඩිකමට කියවල තියෙන්න් පේශන්ට්ස්ලගෙ නේම් බෝර්ඩ් එක නෙවෙය් එදාට නවලෝකෙට චැනලින් වලට එන ඩොක්ටර්ස්ලගෙ නේම් ලිස්ටෙක. හ්ම්ම් ඉතින් මම හොඳ සිහියෙන් නිසා සමින්දගෙ වෝඩ් එක හොයගත්ත, හතරවෙනි තට්ටුවේ කාමරයක්. එතින් ලෙඩාගෙ කාමරේ දොරගාවටම අපි ගියා කියමුකෝ. මෙන්න උමංගා මගේ අත අල්ලගෙන කෙඳිරිගානවා. මනෝ මට බයයි කියල, එයගේ එක අතක ඇපල්, මිදි චොක්ලට් පාර්සලය. මම අත ගසාදාල කිව්වා බයවෙන්න එපා මේ කේස් එක මම ලීඩ් කරන්නම් කියල. මම දොර ඇරගෙනම ඇතුල්වුනේ හායි සමින්ද කියාගෙන, සමින්ද තක්කු මුක්කුවෙලා බලනව මම කවුද කියලා, මම කිසි ගානක් නැතුව කූරා තමයි විස්තරේ කිව්වෙ ඔයා ලෙඩ වෙලා නවලෝකේ කියල. වක්කඩේ කැඩුව වගේ කියනව ජිවිතේ පලවෙනිවතාවට දැකපු කොල්ලෙක් එක්ක කිසි සබකෝලයක් නැතුව. ඊටපස්සෙ වැඩ වරදින්න කලින් මම, කැමැත්තෙන්ම ඉදිරිපත්වෙලා අපි දෙන්නව හඳුන්වල දුන්න සමින්දගේ පේරන්ට්ස්ලට. මොකද ඒක කරන විදිය සමින්දටත් ප්‍රහේලිකාවක් වෙලා තියෙන්න ඇත්තෙ ඒ වෙලාවෙ සමින්දගේ ඇඟට ලේ ටිකක් උන්නන්න ඇත්තෙ උමංගා දැක්කහම වෙන්න ඔනේ . ඒත් මිනිහා ඇස් ලොකු කරගෙන බලා ඉන්නවා. ඔන්න ඉතින් අපි දෙන්නා පුටු දෙකක වාඩි වුනා සමින්දගෙ අම්ම ගෙන් ලද අවසරයෙන්. උමංගා සමින්දට කිට්ටුවෙන්ම තියෙන පුටුවක වාඩිවුන. මට දැනුන සමින්දගේ අම්ම අපිව හොඳට නිරීක්ෂනය කරනව කියල. එයා අපෙන් කඩ ඉම් ප්‍රශ්නත් ඇහුව සමින්ද දන්නෙ කොහොමද කියල, උමංගා බීතවෙලා ඉන්නකොට පැනල උත්තර බැන්දෙ මම. සමින්දගෙ තාත්ත පරණ පේරදෙනි කැම්පස් උගතෙක්, එයා අපි කැම්පස් බව දැනගෙන අතීත පේරාදෙනි විසිතුරු කියවන්න ගත්ත, ප්‍රොෆෙසර් සරච්චන්ද්‍ර ගැන එහෙම, යන්තන් මම ඒකෙනුත් ගොඩගියා හූමිටි තියලා, පලිප්පු දාලා. වෙලාවට පේරාදෙනි සාහිත්ය යුගය ගැන කියවල තිබුන නිසා. ඒත් මට යාන්තමට පේනව උමංග , සමින්ද එක්ක ඇස්වලින් කෝල කතාවක්, සමින්දගේ අම්ම ඒ දෙන්න දිහා බලාගෙන, පෙම් කරන්න ගියහම සිහිය නැහැනෙ මට හිතුන වැඩ වරදීවි කියල. මම එකපාරටම කිව්ව උමංග අපි යමු පාඩම් කරන්නත් තියෙනවනේ කියල. එයාගේ මූන කලුවුනා. ඔන්න ඉතින්න් සමුගන්න වෙලාව. මම සමින්දට ඉක්මනට සනීපවෙන්න කියලා විශ් කරල උමංගගේ අතේ තිබුන පාර්සලය ගන්න හදනකොටම උමංග ඒක සමින්දට දුන්න. සමින්ද එයාගෙ අත හෙමිහිට මිරිකුව. ආන්ටිගෙ උකුසු ඇස් ඒ දෙන්නා ගාව. ඒ එක්කම ආන්ටි කියපි, දුවල ඉන්න ටිකක් මමත් එනවා ෆාමසියට යන්න සමින්දගේ බෙහෙත් ගන්න. මම තවත් හිතන්නෙ නැතුව උමංගගෙ අතින් ඇදගෙන ඉක්මනට කාමරෙන් පිටවෙලා ලිෆ්ට් එක එනකන් ඉන්නෙත් නැතුව තට්ටු හතරම පඩිපෙල බැහැල නැවතුනේ 138 කොට්ටාව බස් එකක. |
ආයෙ දවසක හමුවෙමු. මගේ ම කතන්දර මෙතනින් බලන්න. http://kathandara.blogspot.com/
හාහාහා....!!!! මේක දැක්කම මටත් මතක් උනා ක්ලාස් කට් කරලා යාළුවෙක් එක්ක හොස්පිටල් ගෑටුව දවසක්!! හික් හික්...
ReplyDeleteමේක ලිව්ව කෙනාටයි.. කතන්දරකාරයාටයි දෙන්නටම තෑන්ක්ස්!
thanx for writing the first comment to my first story :)
ReplyDeletethunwenni :)
අඩේ.. ඒකත් රස ජොබ් එකක් නේ !
ReplyDeleteහයියෝ මගේ එක්කෙනාටත් ඒ වගේ යාළුවෙක් හිටියනන්.........
ReplyDeleteතුන්වැන්නී වන මමත් බ්ලොග් කතන්දර ගැන හිත වැටිලා,අහස් ගව්ව කියලා මගේම බ්ලොග් එකක් පටන්ගත්තා.ඔයාලට ඉඩ පාඩු තියෙන වෙලාවක මගේ අහස් ගව්වටත් එන්න හොඳේ.
ReplyDeleteමෙන්න ලිපිනය http://ahasgawwa-tmg.blogspot.com/
ඒ ගැන වැඩි විස්තර කත්න්දර කාරයත් කියල එවාවි.කමෙන්ට්ස් ලියන හැමෝටම ස්තුතියි හොඳේ
මීට
තුන්වැන්නී,හෙවත් TMG හෙවත් ,මනෝ
හරිම ජොලි කතාවක්!
ReplyDeleteසිරා කතාව. ආදර කතා තරම් ආතල් එකක් ලැබෙන කතා තව කොහේ තියෙනවාද මන්දා. සමහර වෙලාවට විරහව. සමහර වෙලාවට රාගය. සමහර වෙලාවර විරාගය. සමහර වෙලාවට හිනාව... ඉතින් ආදරේ මරු!
ReplyDeleteමෙහෙම කතා කියෙව්වාම මටත් මුකුත් නොලියා ඉන්න බෑ වගේ........... හිහ්......
ReplyDeleteසින්හලෙන් බ්ලොග් එකක් පටන් ගන්න ඕනෙ කියලාමයි හිතෙන්නෙ...... මටත් හරි හරි දේවල් තියෙනවා ලියන්න........... ඕනෙ කෙනෙකුට කියවලා හිනවෙන්න, දුක් වෙන්න, ප්‍රේම කරන්න හරි ඇහකිනෙ..................