Monday 17 February 2014

වැඩේ හිතෙන තරමටම ලේසි නෑ! - It was not that easy!


මාක් ෂුකර්බර්ග් ගේ ෆේස්බුක් උගුලට මං අහුවෙලා ඇබ්බැහි වෙලාද කියලා බලන්න සතියක උපවාසයකට නිරත වෙලා ඒක ජය ගත්තට පස්සේ මගේ ඊළඟ ව්‍යාපෘතිය වුණේ ලැරී පේජ් ගේ බ්ලොගර් එකෙන් ගැලවිලා සතියක් බ්‍රහ්මචරියාවෙන් ඉන්න පුළුවනි ද කියලා ටැස් කොරලා බලන එකයි.

ඒ සතිය අද උදේ ගෙවුණා.

මේ ලියන්නේ මගේ ඒ අත්දැකීම කෙටියෙන් හරි ඔහේලා එක්ක බෙදා ගන්නයි.

මං සතියකට කලින් සඳුදා දවසේ කෙරුවේ ග්‍රිනිච් වෙලාවෙන් මධ්‍යම රාත්‍රී දොළහට, ඒ කියන්නේ ලංකාවේ වෙලාවෙන් උදේ පහයි තිහට, මේ ඒක පුද්ගල බ්ලොග් ස්වයංවාරණ ව්‍යාපෘතිය ගැන ලියවුණු පෝස්ට් එක පළවෙන්න දාලා කෙලින්ම බ්ලොගර් එකවුන්ට් එකෙන් ලොගවුට් වුණු එකයි.

ඒ එක්කම කමෙන්ට් මොඩරේෂන් කරන්නත් දැම්මා, මොකද ආයෙත් සතියක් වෙනකං බ්ලොග් එක පැත්ත පළාතේ යන්නේ නැති නිසා.

ඊට පස්සේ කුරුල්ලා වගේ නිදහසේ හිටියා.

දවසක් ගියා.

දෙකක් ගියා.

ඔය අතරේ ෆේස් බුක් එකේ දී එහෙන් මෙහෙන් වෙනත් බ්ලොග් ගැන විස්තර දැක්කත් නොදැක්කා වගේ හිටියා. කතන්දර එකවුන්ට් එකෙන් අයින් වෙලා හිටියත් මගේ සාමාන්‍ය ගිනුමට එන වෙනත් බ්ලොග්වල ඊ-මේල් නොසලකා හිටියා.

නමුත් බදාදා හවස් වරුවේ ඒ වෙනතුරු ඒ සතියේ පාවිච්චි වෙනත් පරිගණයක් ඕන් කරපු ගමන් මෙන්න බොලේ කතන්දර ඊ-මේල් එක නිකම්ම ආවා.

කමෙන්ට්ස් කන්දරාවක්ම ඊ-මේල් විදියට ඇවිත් තියෙනවා දැක්කත්, ඒඑා හොයන්නේ නැතුව ලොගවුට් වුණා එතනිිණුත්.

ඒ වුණාට බ්‍රහස්පතින්දා උදේ නැගිට්ට වෙලේ ඉඳලාම අර ඊ-මේල් ටික ගැන හිතේ වැඩ කරන්න පටන් ගත්තු නිසා, දවල් වෙනකොට ඔන්න ඔහේ කියලා, කමෙන්ට්ස් ටික කියවලා දැම්මා!

නමුත් අනෙක් බ්ලොග් බලන එකවත්, කමෙන්ට් කරන එකවත් කරන්න හිත පෙළඹුනේ නෑ!

අන්තිමට ග්‍රිනිච් වෙලාවෙන් අද දවස උදාවෙන කොටම ලොගින් වෙලා අර කමෙන්ට්ස් ටික අනුමත කරලා, මාත් කමෙන්ටුවක් දැම්මා.

අප්පේ ඇඟට, හිතට දැනුණු සනීපේ!

නිකං ලෙමන් ෆෆ් එකක් කාලා, තැඹිළි වතුර ටිකක් බිව්වා වගේ.

දැන් මෙන්න මේ ව්‍යාපෘතිය අතරතුර මා ලැබූ අත්දැකීම් සාරාංශය.

1. බ්ලොග් ඇබ්බැහියෙන් අයින් වී සිටීම ලේසි නැත.
2. වඩාත් ලේසි වෙන්නේ තමන් නොලියා සිටීමයි.
3. වඩාත් අමාරු කාර්යය නම් වෙනත් බ්ලොග් නොකියවා සිටීමයි.

මේ අත්තකිලමතානු දුෂ්කරක්‍රියාවෙන් මං තරමක් හෝ දුරට පැරදුණා තමයි.

ඒ වුණත් මේ ලැබූ අත්දැකීම මට වැදගත් එකක්.

ඔහෙලාටත් එසේම වේවා!

-කතන්දරකාරයා

ප/ලි
පසුගිය සතිය තුල මේ ස්වයංවාරණය නිසා මං ලැබූ ලොකුම වාසිය තමයි, වෙනදාට වඩා පැය දෙකක් විතර නිදා ගත්තු එක.

94 comments:

  1. @M.Conteur,

    J'ai appris le français une heure par jour. Gain de temps de ne pas lire votre blog.

    ReplyDelete
    Replies
    1. කතන්දර, ලියන්නකෝ "Shame Shame Peradeniya - නවකවදය හෙළා දකිමු" වගේ හෙඩිම දාලා පෝස්ට් එකක්.

      Delete
    2. Peradeniya - la honte!

      Delete
  2. මධ්‍යම ප්‍රතිපදාවෙන් සෑම කල්හිම ජීවත් වූවෙමු.

    සදාකාලික ව පවතින බ්ලොග් ද, ලියා ටික දිනකින් නැසී නැති වී යන බුකිය ද කියන දෙකම අල්ලා නොගෙන සිටිමු.

    සුන්දරය.

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, හැබැයි දවසට පැය අටක් විතර ඔන්-ලයින් නේද? ඇයි ක්‍රීකට් බලා බුකියේ කෙටීම?

      Delete
  3. මම හිතුවේ මේක මාර්කටින් ට්‍රික්ස් එකක් කියල. පෙනේද එකෙත් හැටි. කොමෙන්ටුවල අඩුව උනේ නැ මයේ හිතේ.

    ReplyDelete
    Replies
    1. මං ලඟ ට්‍රික්ස් නෑ!

      QK = කිව්වොත් කෙරුවා.

      Delete
  4. ඕක ඔහොම වෙනව කියල අපි දැනන් හිටිය :P

    ReplyDelete
    Replies
    1. බ්‍රහස්පතින්දා කතන්දර එකවුන්ට් එකේ ඊ-මේල් බලපු එක හැර වෙන නොසිතූ දෙයක් වුනේ නෑ!

      Delete
  5. `මට හිතෙන්නේ අපි බය " ඇබ්බැහිවීම " කියන වචනයට. පොදුවේ මේ වචනය යෙදුනේ නරක යැයි සමාජ සම්මත පුරුදු සමඟයි.

    බ්ලොග්, නැත්නම් අන්තර්ජාලය ගැන මට නරකට වඩා පේන්නෙ හොඳ. බුකිය ගැන උනත් තියෙන චෝදනාව වල්පල් කතාකරනවාය, ඕප-දූප හොයනවාය කියන එකෙනෙ? ඇයි ඉතිං අපි සරලයි, තාත්විකයි කියන පුරාණ ගැමි සංස්කෘතියෙ එව්ව තිබුනෙම නැත්ද?

    මොකෑ නැතුව, යස අගේට තිබුණා. සිල් ගන්න පංසල් ගියාමත් උපාසිකාවෙ කතාකලේ ඕප තමා. එතකොට ගමේ කෝපි කඩේ , ඕපයි, " මං පොර" කතායි. ඒක එහෙම නං අපි ඒකම අන්තර්ජාලෙ කලාම නරක වෙන්නෙ කොහොමද?

    කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා කව්දෝ ගොයියෙක් කියල තියනවා නෙව. ඉතිං අපි බ්ලොග් වලත් කරන්නෙ ඒකනෙ. එක එකාගෙ අත්දැකීම් කියවනවා, කතන්දර කියවනවා, එහෙන් මෙහෙන් ගොසිප් පාරකුත් ඔය අස්සට ඔබා ගන්නවා.

    ඉස්සර පොත් කියවන්න, යමක් දැන ගන්න නම් පුස්තකාලයට යන්නම ඕනෙ. අද පුස්තකාලත් ඔන්-ලයින්. පොත් කියවන්න ඇබ්බැහිවෙන එක වරදක් නොවේ නම්, බ්ලොග් කියවන එක වරදක් වෙන්න විදුහක් නෑනෙ?

    හැමදාම මිනිස්සු කලේ තමන් කැමති, තමන්ට වින්දනයක් ලැබෙන දේ. බ්ලොග්, බුකියටත් මේ ධර්මතාවය පොදු නැත්ද? ඕකට ඉතිං ආයෙ මොකටෑ වාරණයක්?

    කකා ආපහු ආපු එක හොඳා :)

    ReplyDelete
    Replies
    1. මේකනේ මිස්ටර් දොඹ ගහේ මූකලන් බස්සා ප්‍රශ්නේ. මෙතන තියෙන්නේ තොරතුරු වල ස්වභාවය වෙනස් වීමක් නෙමෙයි, තොරතුරු ප්‍රමාණයේ ප්‍රශ්නයක්. කොලිටිය එහෙම්මමයි, හැබැ‍යි කොන්ටිටි එක වැඩියි. අපි ස්වභාවයෙන්ම තොරතුරු පිපාසයෙන් පෙළෙන්නවුන් නිසා ඕකෙන් ලේසියෙන් ගැලවෙන්නත් බැහැ. ඉතිං එහෙම අපේ මොළය ඔවර්ලෝඩ් වෙනකොට අපිට ඒකෙ තියන 'නරක' ස්වභාවය දැනෙන්න ගන්නවා. බ්ලොග් වල ෆේස්බුක් වල ගත කරන කාලය සීමා සහිත කිරීම තමයි මම හිතන්නේ හොඳම විසඳුම.

      Delete
    2. හා, එහෙම නං බුකිය වහමු, බ්ලොග ඔහේ තිබිච්චාවෙ :)

      Delete
    3. මෙයා 'දොරකඩ ගහේ මූකලන් බස්සා' . :D:D

      Delete
    4. //දොරකඩ ගහේ මූකලන් බස්සා// - ඒ නම වැඩිය හොඳයි

      Delete
    5. @ D.G.M බස්සා
      මගේ අදහස නම් බ්ලොග් ලිවීම සහ කියවීමට කාලය ගත කිරීම හොඳයි බුකියේ කල්මැරීමට වඩා කියන එකයි.

      මං බුකිය සහ බ්ලොග් වර්ජනය සමග මේ කෙරුවේ පොඩි පර්යේෂණ දෙකක්. මට මේ දෙකම අත හරින්න බැරි තත්වයක් නැති බව වැටහුණා!

      Delete
  6. .ලෙමන් ෆෆ් කලා තැබිලි වතුර බොනවා .......මොන ජරා පුරුද්දක් ද ...හැක්
    කොම වුණත් බොගි වැඩේ අත්හරින්න අමාරුයි .,හැබැයි කියවලා කෙමෙන්ට් නොකර යන වැඩේ නම් ලෙසි ...මම කල අත්හදා බැලිමක් ...හැක් හැක්
    හොද කතා ඇතිනේ සතියක ඉක්මනින් දාන්න කියවන්න

    ReplyDelete
    Replies
    1. /* හැබැයි කියවලා කෙමෙන්ට් නොකර යන වැඩේ නම් ලෙසි ...මම කල අත්හදා බැලිමක් */

      හැක් හැක්! ලේසියි නේන්නම්!

      Delete
  7. මැදුම් පිලිවෙත හොදා !

    ReplyDelete
    Replies
    1. මම නම් නොමදිමි! මැදුම් පිලිවෙත නොදනිමි!
      http://kathandara.blogspot.com/2010/10/blog-post_29.html

      !

      Delete
  8. මට නං ඔහොම කරන්ඩ හිරේ යන්ඩ වෙයි

    ReplyDelete
    Replies
    1. ඇයි පවුල් පන්සල් වෙලා නේද ඉන්නේ දැනුත්?

      Delete
  9. අත්හැරීමෙන් ලොකු සැනසීමක් ලැබෙනවා,විශේෂයෙන් fb

    ReplyDelete
    Replies
    1. මැස්ලෝ ගේ තියරිය දන්නවා නොවැ?

      සෝෂල් නීඩ්ස් තියෙන්නේ මූලික අවශ්‍යතාවයන්ට වඩා පස්සෙන් (උඩින්)

      Delete
  10. අමාරුවෙන් මමත් ඔහෙන් මෙහෙන් බ්ලොග් ටික කියවල පිලිවෙලක් නැතිව කොමෙන්ටු දාගෙන බුකියෙ පිස්සුවකටත් ඩින්ගක් හේත්තු වෙලා අවශ්‍යතාවය පසු පසින් පා පහර දෙනකොට වැඩ කොරන්න යනව.මේ දවස් වල වෙලාව අඩුයි මේ වැඩේට. . .

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලාම කරනගන්න ඕනෑ බඩ රස්සාවයි. දෙවනුව කුටුම්භය, අනිත්වා ඉන් පස්සේ!

      Delete
  11. ,,වෙන කරන්න දේකුත් නැහැ කතා කරන්න කෙනෙකුත් නැහැ ඒ නිසා මට fb එකෙනුයි බ්ලොග් එකෙනුයි ඈත් වෙලා වැඩක් නැහැ ,,ඉන්න යාලුවෝ ඔක්කොම ඉන්නේ මෙකෙනේ,,සියා කතා කරන්නෙත් දවසටම වචන කිපෙනේ

    ReplyDelete
    Replies
    1. ඔමායා ගේ රැකියාව සුවිශේෂී එකක්. අපේ රැකියාවලදී නම් විවිධ පුද්ගලයින් සමග වැඩ තියෙනවා නේ.

      Delete
    2. cyber stalking වල‍ට සිංහලෙන් කියන එක කවුරුත් දන්නවාද?

      Delete
    3. වෙන වෙනම තේරුම් දෙක නම් දන්නවා .. CYBER කියන්නේ සත්වයෝ (මිනිස්සු ) සහ යන්ත්‍ර අතර පණිවුඩ හුවමාරු ක්‍රමයට (සයිබනෙතික)

      stalking - horse දඩමීමා /පඹයා (ඩික්ෂනරියෙන් හොදේ )

      මට හිතෙන්නේ සයිබර් ස්පේස් එක දඩමීමා කරගන්නවා වගේ අදහසක්

      Delete
    4. මන් හිතන්නේ උඩ ඇනෝ ඇහුවේ ඕක නෙවි කෙනෙකුගේ කැමැත්තක් සහ ඇතැම්විට අනුදැනුමක් නැතුව තව කෙනෙක් එයා යන යන තැන පස්සෙන් යනවට කියන්නෙ stalking කියලා. ඕක ෆේස්බුක් වල බ්ලොග් වල G+ වල වෙනකොට කියන්නෙ cyber stalking කියලා.....

      තනි සින්හල වචනයක් මම නම් දන්නේ නෑ.

      Delete
    5. එහෙමද ,,thanks මං අදමයි ඒක දැනගත්තේ ..ඒ වගේම හිනා .ඔයා දන්නවනේ ඇයි කියලා උඩ ඇනෝ අදහස් කරපු දේ තේරුණා :D

      Delete
    6. Cyber stalking විතරක් නොවෙයි stalking යන්නටත් සිංහලෙන් කෙලින්ම වචනයක් තවම ඇති යැයි මං හිතන්නේ නෑ.

      මං මුලින්ම stalking කියන එක ඇහුවේත් 1995 දී විතර.

      මෙයින් [stalking] අදහස් කෙරෙනේනේ කවුරුන් හෝ පසුපස හිරිහැරයක් වෙන පරිදි ලුහුබැඳ යෑම කියන එකයි. මේ වෙලාවට තමයි අර කෝට් ඕඩර් ගන්නේ අදාල අය ඉන්නා තැනින් මීටර් සීයක් දුරට එන්න බෑ යනාදී වශයෙන්.

      මෙයට දඩමීමා කියන එක වැරදියි. දඩමීමා උපයෝගී කර ගන්නේ දඩයම් කර මැරීම සඳහා නිසා.

      තනි වචනයක් සොයා ගන්නා තුරු "හිරිහැරයක් වෙන සේ පසුපස ඒම" යනුවෙන් කියමු.

      Delete
  12. එහෙමයි වුනා කියන්නේ එහෙනම්.....

    ReplyDelete
  13. මේ ඊයේ පෙරේදා දවසක මගේ ගෙදර ඉන්ටර්නෙට් නැති වුනා. මතක විදියට පැය පහක් විතර. ( මගේ මොබයිල් වල ඉන්ටර්නෙට් තිබුනා)
    එවෙලේ තමයි මම තේරුම් ගත්තේ මම කොයිතරම් ඉන්ටර්නෙට් ඩිෆෙන්ඩන්ට් ද කියලා. ඒ පැය පහ හෝ ඊට අඩු ගාණකට මම සර්විස් සෙන්ටර් කතා කලා දහ පාරක්. ඒවත් අවුට් හින්දා අන්තිමට ෆෝන් එකේ කනෙක්සන් එකෙන් ඉන්ටර්නෙට් ආවේ. මල්ලිට මැසේජ් කරද්දි මගේ ඇස් වල කඳුළුත් තිබ්බා කොයි තරම්ද කියනවා නම්.
    ඕනේ දෙයක් නැති වුනාට කමක් නෑ ඉන්ටර්නෙට් නම් නැතිව බෑ කියලා හිපියෙක් වෙන අදහසත් අත හරින්න හිතුනා. :)

    ReplyDelete
    Replies
    1. පව් අනේ ඔයා... නයි නැන්දා ගියාට පස්සෙ ඔහොම හරි නයෙක් අරින්න ඉන්නෙ ඔයා විතරයි.... ඔයා බ්ලොග් ලෝකෙට සම්පතක්....

      Delete
    2. තව එක්කෙනෙක් ඉන්නවා හැබැයි මෙයා අංක 1

      Delete
    3. කවුද මචෝ අංක දෙක?

      Delete
    4. @ රංගි
      ඔව්වාට සාමාන්‍යයෙන් කියන්නේ කියලයි. නමුත් නෙට් කනෙක්ක්‍ෂන් එක නැතිවුණු දුක නං ඇබ්බැහි වුණු කාටත් පොදුයි.

      Delete
  14. අම්මෝ මම බය උණු තරම. මම හිතුවා ආපහු කකා එන එකක් නෑ කියලා. මෑතක ඉඳන් ලියන්ට ආසාවක් නෑ. ඒත් අනෙක් බ්ලොග්වලට ගිහින් කියවන්ටයි, කමෙන්ට් කරන්ටයි නම් ආසයි.

    ඒත් වැඩ ගොඩක් තිබිලා, එහෙ මෙහෙ යනකොට හීනෙන් වගේ මේ ලෝකේ මතක් වෙනවා විතරයි. අත් අරින්ට බැරි ගතියක් දැනෙන්නේ නෑ. :)

    ReplyDelete
    Replies
    1. නිකං සිහිනෙන් ගෑ සුවඳක් සේ දැනෙනවාද? ඕවා ඔහොම තමයි!

      Delete
  15. මට නම් ඈත් වෙලා ඉන්න බෑ.. එක්කෝ මගේ කම්පුයුටරේ කැඩෙන්න ඕන,එහෙම නැත්නම් නෙට් නැති වෙන්න ඕන.. ඔය දෙකම තියෙද්දී නම් මේකෙන් ඈත් වෙන එක මට නම් කරන්න බෑ..

    ReplyDelete
  16. කාකාටනම් පිස්සු කාකා.
    මට ගිය සතියම වෙන වැඩක් තිබ්බෙ නෑ මේ මගුලට ලොග් වෙවී, කාකා ආවද බලනව ඇරෙන්න.
    හිතුවෙම ඔය කීවට එයිම කියල.

    ReplyDelete
    Replies
    1. මීට පස්සේ කමෙන්ට්වලට සබ්ස්ක්‍රයිබ් කරන්න එතකොට ආපහු ආපහු එන්න ඕනෑ නෑ.

      Delete
  17. ගුඩ් මොනින්ග් කතන්දර, ඔහෙත් පේරාදෙණියේ පොරක්නේ. ඒ නිසා පහල ලියවිල්ල ගැන ඔහේගේ අදහස දැනගන්න කැමතියි

    --------

    රැග් වෙන්න බැරිනම් අල වෙයල්ලකො. කාගෙන් තහනමක්ද? රැග් වෙන්නත් ඇවිත්, පොරත්වය පෙන්නන්න ගිහින් සින්නන්ගෙ හම යවන මාධ්‍යකාරයන්ටයි පාලකයන්ටයි උඩගෙඩි දෙන මුට්ටි ඇල්ලිල්ලට සම්මාදන් වෙලා කොහෙවත් ඉන්න ළමයින්ට කෙළවන්න යනවා.

    කණ්ඩායමක ළමයි 1000ක් එක අවුරුද්දකදි කැම්පස් එකට ගන්නවනම්, 200ක් අල වෙනවනම් ස්ව කැමැත්තෙන්ම, බොරුවට මාධ්‍ය කුලප්පු කරන දෙන්න තුන්දෙනාටත් බැරි ඇයි අල වෙන්න?

    රැග් එක ඔය තරම් අමානුෂිකනම් අනිත් ඉතිරි 800ම බෙරිහන් දෙන්න එපැයි අපිට රැග් එපා කියලා....

    නැ අර උඩ පනින දෙන්න තුන් දෙනා හිතන්නේ උන්ට විතරයි මොරාල් එක තියෙන්නෙ කියලා... නැ බං ඕක ගොන් පොරත්වය. මුළු බැචස් හතරකටත්, සමස්ථ විශ්වවිද්‍යාල උපසංස්කෘතික පද්ධතියටමත් විරුද්ධ වෙලා ඒ දෙන්න තුන්දෙනාට පුළුවන්කම තිබුණනම් වීරත්වය පෙන්වන්න... (අන්තිමේ එහෙම අයට කොහොමත් කැම්පස් ඇතුලෙ වසන්න බැරි වෙන බව දැන දැනත්) අහවල් මගුලටද මැරෙන්න තරම් හිත දුර්වල කරගන්නේ....?

    රැග් වෙන උන් යසට වැඩ 40 ගොඩදාගෙන හොඳ හොඳ ජොබ්ස් වලට යනවා අන්තිමේ

    ReplyDelete
    Replies
    1. මෙහි මූලාශ්‍රය කුමක්ද? බුකියේ ගිය කතාවක්ද?

      Delete
    2. ඕක තිබ්බේ මෙතන වගේ මතකයි.

      Delete
    3. ස්තුතියි, ප්‍රධාන ලිපිය කියවූවා.

      ඉතිං එතන තියෙනව විදියට වද දීමේ සිද්ධියට වරදකරුවන් සොයා දඩුවම් දී අවසානයි නේද?

      මේ මරණය, මීනීබැරුමක් කියා සඳහනක් නෑ නේද?

      ඔබ මේ ඊළඟ කමෙන්ටුවෙන් කියා ඇත්තේ අතේ පැල කළ බොරුවක් නේද?

      Delete
    4. බොරුවක් නෙවෙයි ක‍තෝ. මේක ලියලා තියෙන්නේ පේරාදෙණියේ එකියෙක්මයි

      https://www.facebook.com/mama.siththaree/posts/361952487279048

      Delete
  18. අයියෝ !!! කකා මලෝගෙන කන හිට්ස් 97% කිං විතර අඩු වෙලා නේද ?
    දැන් ගෙදර කන්නේ බොන්නේ මොනවද ? මේ මනුස්සයගේ අලුගුත්තේරු අබුත වැඩ හින්ද අර නොදරුවොත් බඩගින්නේ ! නොදකින්! :)

    ඒක නෙමේ කකා , පේරේ සිසු මිලේච්චයෝ රැග් නාමයෙන් තමන්ගේ විකුර්ති කාම ආශා සපුරා ගන්න පුකට (©2014 කකා , All rights reserved ) අතවර කරලා විශ්වවිද්‍යාලයෙන් එලෝලා දැමම අර අහිංසක ශිෂ්‍යයා ගැනයි , විරුද්ධව සාක්කි දීම නිසා මරල එල්ලපු අනිත් සිසුවා ගැනයි මොනවාද හිතන්නේ ?

    එකෙක් මලා. අනිකාගේ ජිවිතේ ඉවරයි. දුෂකයෝ , මිනි මරුවෝ අත්හිටවූ සිරදඬුවම් ඇතුව ආතල් එකේ නිදැල්ලේ

    තම්බි ගෑනුන්ගේ රෙද්ද ගැන තියෙන මානුෂ දයාව මේකටත් ආදේශ කරලා අඩුගානේ shame shame කක්කා පේරේ කියලවත් දාමුද ලිපියක් ? ;)

    ReplyDelete
    Replies
    1. VILI LAJJAWE BA AIYO,

      Delete
    2. මෙහෙමයි... කකාට කාගෙ හරි ගැන දුක් වෙන්න නම් වින්දිතයා...

      01. දෙමළ ජාතිකයෙක්, හෝ සිංහල නොවන... අන්‍ය ජාතිකයෙක් වීම අනිවාර්යයි......

      02. ප්‍රසිද්ධ ( හොදින් හෝ නරකින් ) පුද්ගලයෙක් ගේ.... නෑයෙක්/ හිතවතෙක් වීම අනිවාර්යයි...

      03. සම/ද්විලිංගිකයන්ට ඉහල සැලකිලි....
      (දැන් මේ කේස් එකේදී කකා ගන්නෙත් කොළුකාරයගෙ පැත්ත..... ඒකයි කට පියන් ඉන්නෙ...... නැත්නම් අඩුගානෙ පෝස්ට් තුනක්වත් දාලා....)

      04. ඩොලර් ගැවසෙන...... ඇන්. ජී. ඕ. කාරයිගෙ අනුකම්පාව ලැබෙන....... පොරක් වෙන්න ඕනි....

      05. බුද්ධාගමට ගරහන.... අනිත් මිනිස්සුන්ගෙ විශ්වාස වලට ගරහන..... පොරක් වෙන්න ඕනි....


      06. සිද්ධියේ ප්‍රස්තුතය ගැන අවධානයක් දක්වන වැඩි පිරිස.... කකාගෙ සැබෑ ප්‍රති රූපය නොදැක ඉන්න ඕනි...
      ( උදාහරණයක් හැටියට..... කකා පේරෙ මුලින් අල වෙලා.... පස්සෙ පොඩි එවුන්ගෙ පුකවල් පලපු හැටි දන්න උන් අඩුම තරමෙ තුන්දෙනෙක් වත් මේකෙ ඉන්න නිසා කකා බයයි..... )

      Delete
    3. @ මහසොහොන් පිල්ලිය
      නිකං විහිළු කරවාද, නොදැන කතා කරනවාද?

      මා මොරටුවේ හිජාබ්/නිකාබ් කේස් එක ගැන ලිව්වේ ඒ ආයතනය විසින් පැනවූ බයි-ලෝ එකක් ගැනයි.

      පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පාලකයින් ලඟදී කළ එවැනි දෙයක් ගැන මා දන්නේ නෑ.

      මා දන්නා පරිදි කිසිම විශ්ව විද්‍යාලයක නවක වදයට අනුමැතිය දී නෑ.

      මෙතන කියා ඇති ලිංගික අතවර යනාදිය මා දන්නා නවකවදයේ නම් තිබුණේ නෑ. එය සාපරාධී වරදක්. හිංසනය ට දඬුවම් දණ්ඩ නීති සංග්‍රහයේ තියෙනවා.

      කෙසේ වෙතත් මේ කියන සිද්ධියේ දී සිදුවෙන්නේ රටේ තියෙන අපරාධ නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවීමයි.

      ඔය සිසුවා මරා එල්ලුවා කියාද අධිකරණ වෛද්‍ය වාර්තාවේ කියවෙන්නේ? මං ඒ බවක් කියවා නෑ වාර්තාවල.

      Delete
    4. දුක තමයි රංජනී !! ..
      කකා හොඳ පොතක් හම්බුනා Liberty Defined: 50 Essential Issues That Affect Our Freedom by Ron Paul

      Delete
    5. යකෝ අරුණි ගෙඩි පිටින් කොපි කරලා සිංහලට පරිවර්තනය කරලා, අපි අරුණිගෙන් කොපි කරලා හුදී ජනයාගේ හිත සුව පිණිස කකාගේ කමෙන්ට් තීරුවේ අලවන්නේත් මෙව්වාම තමයි. උඹලට සුද්දා කිව්වාම තමයි ලොකු. අපි මේවාම කියන කොට ලොකු නෑ.

      Delete
  19. අපේ පැත්තෙ ගිහින් කමෙන්ට් එකක් දාල තියෙනව දැක්කම නෝම්බි ඉවරද කියල අහන්න හිතිලත් ආයෙ නිකම් හිටියා... අවුරුද්දකට ආසන්න කාලයක් පැත්තෙවත් නෑවිදින් මේලක්වත් චෙක් නොකර හිටිය මමත් ආපහු ආවනෙ...

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි, ඕගොල්ලෝ නිකං නිහඬව ඉන්නවා වගේ නොමෙයි මං කෙරුවේ අඬබෙර ගහලා ස්වයංවාරණයක් පනවා ගත්තු එකයි!

      Delete
  20. කතාව සහතික ඇත්ත. මාත් වරින් වර දවස් තුන හතර ජාලේ නැති වෙලාවට ඔළුව කැරකෙනවා ලොග්වෙන්න කොහෙන් හරි. දවස් තුන හතරක් කියන්නේ ඉවසන්න බැරි කාලයක්.. ඒක ඇබ්බැහිය තමා.. කකාගේ නිගමන සේරම හරි..

    ReplyDelete
    Replies
    1. ඔව් කොහොමටත් මං මේ කතන්දර බ්ලොගය නවත්තපු දා ට, වෙන එකක් පටන් ගන්න තමයි ඉන්නේ!

      Delete
  21. බ්ලොග් නොලියනම් ඉන්න පුළුවන් ඕනෑතරම් කාලයක්....මටත් නොකියා තමයි ඉන්න අමාරුව..
    මං නම මේක ඇබ්බැහිවීමක් නෙමේයි ,හොඳ පුරුද්දක් කියලා හිතා ගත්තා.....හරියට කැම්පස් කාලේ හැමදාම පත්තරේ කියවන පුරුද්ද වාගේ...

    ReplyDelete
    Replies
    1. සමහරවිට නිකං තේ එකක් බොනවා වගේ නේද? නොබීවට ප්‍රශ්නයකුත් නෑ, නොබී ඉන්නත් බෑ!

      Delete
  22. //වඩාත් ලේසි වෙන්නේ තමන් නොලියා සිටීමයි‍‍// සහතික ඇත්ත.

    ReplyDelete
    Replies
    1. එකට දෙන්න තියෙන හොදම උදාහරණය ,,,,,හැක් හැක්

      Delete
    2. මටත් කියන්න තියෙන්නේ හැක, හැක කියා තමයි!

      Delete
  23. අපි වගෙ ඊයෙ පේරේදා ආපු උන්ටත් මේකෙන් ඈත්වෙන්න බැරිකොට කකා ලා කොහෙ ඈත් වෙන්නද?

    ReplyDelete
    Replies
    1. උඹ වගේ එවුන්නම් මේකෙන් අයින් වෙලා යන තරමට හොඳයි...

      Delete
    2. බොහොම ස්තූතියි උපදේශයට. ගාස්තුව කීයද කියන්නකො ඔබතුමාගෙ?? :-)

      Delete
    3. මිලියන 2.5.. ඊට සතයක්වත් අඩු නෑ...

      Delete
    4. පොඩි ඩිස්කවුන්ට් එකක් දෙන්න බැරිද?

      Delete
    5. උඹ වගේ කොල්ලොන්ට ඩිස්කවුන්ට් දීලාම මගේ ඔළුවෙ කෙස් හිඳිලා තියෙන්නේ....
      - මම මිලියන 2.5ට වැඩ කරන එකා -

      Delete
    6. තට්ටෙත් පෑදිලාද? එහෙනම් සොරි තමා. ණය පොතට දාගන්නකො. මම පස්සෙ කොටස් වශයෙන් ගෙවන්නම්. "ටොපියක් කන්න සතයක් නැති මට මොන මිලියන ගනන්ද?" හි… :-)

      Delete
    7. චතුරංග,
      හැබැයි මුළදී නැතුවම බැරි ඒවා පවා, කාලයක් යන කොට එපා වෙන්න ඉඩ තියෙනවා.

      Delete
  24. නවක වදය නිසා ජීවිතයක් අහිමි වුන එක ගොසිප් කාරයෝ හිමීට ශේප් කරලා දාලා. ස්වයං වාරණයක් . මේක රාජ පක්‍ෂරෙජ්මයේ වැඩක් වෙන්න බැ. ගොසිප් සයිට් ජෙප්පංගේද ? http://www.gossiplankanews.com/

    ReplyDelete
    Replies
    1. මං නං ඔය කියන ගොසිප් සයිට් එකක්වත් බලන්නේ නෑ. ඔන්න අද එක තැනකට යැවුණා මහසෝන් ගේ ලින්ක් එක නිසා.

      Delete
  25. delayed gratification සීන් එකක්ද කකා ?

    ReplyDelete
    Replies
    1. නැහැ මේක testing the water කේස් එකක්!

      Delete
  26. මෙහෙට වෙලා තනියම ඉන්න ගමන් කාලය ගෙවා ගන්න බ්ලොග් බලන එක තමයි කරන්නේ....ඒකට නම් ඇබ්බැහි වෙලාද කියලත් හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ වෙන කරන්න දෙයක් නැත්තටම ණැත්තං මේක හොඳයි!

      Delete
  27. එතකොට එහෙමයි උනේ... හාකො හාකො...
    ආපහු ආවනෙ කෝම උණත්
    එළ...

    ReplyDelete
    Replies
    1. මම Army!

      ඇයි Navy කියලද හිතුවේ?

      Delete
  28. කකා... කැපිටල් ඇනෝ නැතුව ඇත්තටම පාළු නැද්ද?

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ පොරට අනන්‍යතාවය පිළිබඳ ගැටළුවක් ආවා. ඔහු ඉන්නවා ඇති, කියවනවා ඇති. නමුත් කමෙන්ට් නොකරනවා ඇති.

      Delete
  29. ඇබ්බැහි, බ්‍රහ්මචරියාවෙන්, ස්වයංවාරණ , දවසක් ගියා, කුරුල්ලා වගේ , දැනුණු සනීපේ,
    නිදා ගත්තු එක.
    ෆ්‍රොයිඩියන් ඈනලිසිස් එකකින් මොනව කියයිද? ලියපු එකා සහ වචන කපා ගත් එකා දෙදෙනා ගෑනම :-)

    ReplyDelete
    Replies
    1. ඇයි ළෙමන් ෆෆ්, තැඹිලි වතුර?

      Delete
  30. මටනම් ඉතින් වෙලාවක් හොයාගෙනම තමයි බ්ලොග් වලට එන්න වෙලා තියෙන්නේ .... ඕනෑකමින් හිතලම ආවේ නැත්නම් මාසයකට සැරයක්වත් එන්න වෙයිද දන්නේ නැ .....

    ReplyDelete
  31. මම දන්නව කකා වැඩි දවසක් මේ සෙල්ලම නොකරන බව.අද ලංකාවෙ ඉන්ටනෙට් පාවිච්චිය සාපේක්ෂව අඩුයි.ඒ නිසා ඇබ්බැහි වුන යකාල කකාල අඩුයි.කකා රට හිටියත් මෙහෙ එකෙක් වගේනෙ ඒකයි එහෙම කිව්වෙ.ඒත් අනාගතයෙදි මේක සමාජ ප්‍රශ්නයක් වෙන්නත් බැරි නෑ කියල මට හිතෙනව.මමත් නෙට් එකට ඇවිත් වැඩිම වුනොත් මාස හයයි.බ්ලොග් ලියන්න අරන් මාස දෙකයි.මම නම් ඇබ්බැහි වෙලා.මාරයි

    ReplyDelete
  32. මම නම් ඉතින් ටුවර් එකක් ගිහින් එනකන් වාරණේ ඔටෝ එනවනේ.. මටත් තියෙන දුක අනිත් ඒවා කියවලා කොමෙන්ට් එකක් දාන්න බැරි එක..

    ReplyDelete
  33. කකා කෝ අලුත් කතා

    ReplyDelete
    Replies
    1. දිනක් හැර දිනක් වෙනුවට දින දෙකක් හැර දිනක්!

      Delete
  34. කකා.....මට සුමානයක් දිගටම නොයෙකුත් වැඩ නිසා බ්ලොග් මිස් වුනා. දැන් පස්සෙන් පන්නලා හති. මමත් ඇඩික්ටඩ් මගේ හිතේ.

    ReplyDelete
  35. //..3. වඩාත් අමාරු කාර්යය නම් වෙනත් බ්ලොග් නොකියවා සිටීමයි....//

    …මේක සහතික ඇත්ත :)

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.