ඒ කාලේ මට අවුරුදු හතක් විතර ඇති. ඒ කියන්නේ මගේ මල්ලිලා ට වයස හයක් සහ හතරහමාරක් වගේ ඇති.
එදා රෑ අපේ අම්මා කුස්සියේ උයමින් හිටියා. අපේ තාත්තාගේ මහ ගෙදර කුස්සිය කියන්නේ පොඩි කාමරයක් නිකං අඩි 8x12 වගේ. ඒකේ එක පැත්තක බිම ලිප් තුනක් හදලා තිබුණා. උඩින් තිබුණේ ලීවලින් හදලා තිබුණු දුම. ඒ දුමේ තමයි හැලිවලං තිබුණේ.
කුස්සියේ අනිත් පැත්තේ මුළු ඉඩම පිරෙන්න ලොකු ලී පෙට්ටියක් තිබුණා අපේ තරමටම උස. ඒ පෙට්ටියේ තිබුණේ ආච්චී ගේ කුඹුර වගා කරලා ලබා ගන්න වී අස්වැන්නයි.
ඔය වී තිබුණු පළියටම බත් කන්න බෑ නේ. වී මුලින්ම තම්බබලා හොඳින් වේලාගන්න ඕනෑ. ඊට පස්සේ ඒවා වී මෝලට අරගෙන ගිහින් කොටාගෙන හාල් බවට පත්කරගෙන එන්න ඕනෑ. ඊළඟට ඒවා පොලලා හුණුහාල් සහ දහයියා අයින්කරන්න ඕනෑ. ඊටත් පස්සේ තමයි හාල් ගරලා, ගල් තියෙනවා නම් අයින් කරලා, උයන්නේ!
මීට අමතරව තිබුණේ පිඟන් රාක්කය, බිම තිබුණු මිරිස් ගල සහ හිරමණය සහ බංකු දෙක තුනක් විතරයි. කුස්සියේ වැඩ කෙරුණේ එක්කෝ බංකු හිරමණවල ඉඳගෙන නැතිනම් ඇණ තියාගෙන.
මේ කියන වෙලාවේ අම්මා පොල් ගැම, පොල් කිරි මිරීකම, හොඳි ඒදීම, ලිපේ තිබුණු බත් හැලියට ගින්දර දැමීම වගේ වැඩ කරමිනුයි හිටියේ.
මල්ලිලා දෙන්නා බංකුවල වාඩි වී සිටියා. මං කුස්සියෙන් එළියට යන දොරට හේත්තු වෙලා හිටියා.
අපි තුන් දෙනාම මේ ඉතා උනන්දුවෙන් මේ අහගෙන ඉන්නේ අම්මා කුස්සියේ වැඩ අතරතුර අපට කියන කතන්දරයයි.
ඔන්න අම්මා කතන්දරේ කියනවා.
"එක පවුලක හිටියා තාත්තයි අම්මයි ළමයි තුන් දෙනෙකුයි. මේ තාත්තා හොඳටෝම ලෙඩ වුණා. ඉතිං රස්සාවක් කරලා සල්ලි හොයාගන්න බැරි නිසා මේ ගොල්ලන්ට ගෙදර කන්න දෙයකුත් තිබුණේ නෑ."
"තාත්තාට අසනීප නිසා කැඳ තමයි හදලා දෙන්නේ. මේ අම්මා හිතුවා ලඟ ගෙදරකින් හාල් ටිකක් ඉල්ලා ගෙන එන්න තාත්තාට කැඳ උයන්න."
"කැඳ හදපුවාම ඒකේ බත් ඉතුරු වෙනවානේ. ඒ බත් මේ ළමයින්ට කන්න පුළුවනි ලුනු ටිකක් ඉහගෙන."
"ඉතිං ඒ අම්මා මෙන්න මෙහෙමයි ඒක කවියකින් කිව්වේ."
ලෙඩ වුණු තාත්තට කැඳ හදලා දෙන්නමේ කවිය අහලා ඉවරවෙන කොට අපේ ඇස්වල කඳුළු පිරිලා කඩාගෙන වැටෙන්න ඔන්න මෙන්න.
හාල් මනාවක් ඉල්ලා ගෙන එන්න
යනවා මාත් කන්දේ ගෙදරට ඔන්න
හවසට හැකි වේවි උඹලට බත් කන්න
අම්මා ඊලඟට කිව්වේ මෙන්න මේ කතාවයි.
"ඔන්න මේ වගේ එක අම්මා කෙනෙක් හිටියා. එයා වයසට ගිහින් තනියමයි ජීවත් වුනේ. ඒ පවුලේ තාත්තා නෑ. පුතාලා දෙන්නා වෙනම ගෙදරක හිටියා. දවසක් මේ අම්මාට හොඳටම බඩගිණියි. ඒත් කන්න දෙයක් ගෙදර තිබුණේ නෑ."
"ඉතිං මේ අම්මා බෙහොම අමාරුවෙන් අර පුතාලාගේ ගෙදරට ගියා කන්න මොකුත් ඉල්ලා ගන්න."
"අම්මාට දැකපු පොඩි පුතා කෙරුවේ මල්ලකට වී කිලෝ දෙකක් මැනලා දෙන එකයි."
"අනේ! මේ අම්මා දැන් මොනවද මේ වීවලින් කරන්නේ. වී තම්බලා, වේලාගෙන, කොටලා, හාල් හදාගෙන, ඒවා පොලලා, ගරලා, උයලා කනකං අම්මාට බඩ ගින්නේ තමයි ඉන්න වෙන්නේ."
"අම්මාට මතක් වුණා එයා මේ පුතාලා පොඩි කාලේ කන්න බොන්න හදලා දීලා ආදරයෙන් බලාගත්තු හැටි."
"ඉතිං එයා මෙන්න මේ කවිය කිව්වා."
බඩගිණිවෙලා මා ගිය කල පුතුගෙ ගෙටමේ කවිය අහලා ඉවරවෙනකොට මල්ලිලා දෙන්නයි, මායි තුන් දෙනාම අඬනවා.
මැනලා වී දෙකක් දුන්නයි මල්ලකට
ගන්දෝ නොගන්දෝ කියලා හිතුණි මට
මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට
අපේ අම්මා ඔය සෙට් එකේ ඉතුරු කවි තුනත් (ලේලිගේ කවිය, පුතා ගේ කවිය, අයියාගේ කවිය) අපිට කිව්වා සම්පූර්ණ කතන්දරේත් එක්කම විස්තර කරලා.
ඊළඟට අම්මා අපෙන් මෙහෙම ඇහැව්වා.
"හොඳයි, කවදා හරි මං වයසට ගිහිල්ලා ඔය තුන්දෙනා ලොකුවෙලා වෙනම ගෙවල්වල ඉනන දවසක මං බඩගිණි වෙලා ආවොත් මොනවද ඔයාලා මට දෙන්නේ?"
ඉස්සෙල්ලාම උත්තර දුන්නේ මගේ බාල මලයායි.
"මං වී කොටලා ගත්තු හාල් දෙනවා!"
මොකද එතකොට අර වී තම්බලා, කොටලා හාල්කරන අමාරු වැඩේ කරන්න ඕනෑ වෙන්නේ නෑ නේ අම්මාට, ඒකයි මලයාගේ හතරහමාරක පොඩි හිතට එහෙම හිතිලා තියෙන්නේ!
-කතන්දරකාරයා
ප/ලි:
මේ කතාව 2011 පෙබරවාරියේ ලියන්න සැළසුම් කළ මගේ වෙන්ඩ කතන්දර සීයෙන් එකක්. අදයි ලියන්න අවස්ථාව ලැබුණේ.
(image: http://www.etsy.com/market/three_sons)
කකාගේ බ්ලොග් එකේ එක වෙන්න ඕන නිසාම මම අද උදෙන්ම ඇහැරුනා..
ReplyDeleteමම එකද ?
ඔව්, ඔබ අද එක! නමුත් මොකක්ද ඒකෙන් ඇති වැඩේ? මෝඩ සොමියක් පමණයි නේද?
Deleteඋදෙන්ම ඇහැරුණු එක නම් වැදගත්!
Me minihage katha balana eka modayinge somiya thamai.
Delete@ Anonymous 24 March 2014 06:05
Deleteඔබවැනි නුවණැත්තෙකුත් මෙහි ආ එක කොච්චර දෙයක්ද?
අම්මෝ නුවණ බේරෙනවා!
නුවණ තිබුණ නම් අපි මේ බ්ලොග් එක කියවනවයැ කකා, ඒ වෙලාවේ වෙනත් වැඩකට ඇති දෙයක් කර ගන්නවා මිස?
Deleteඇනෝ, තමන් අණුවන බව ඔබට වැටහීම හොඳ ආරම්භයක්. මගේ සුබ ඵැතුම්!
Deleteකකා... තමනුත් ඒක තේරුම් ගත්තනම් නේද හොඳ....
Delete/ඇනෝ, තමන් අණුවන බව ඔබට වැටහීම හොඳ ආරම්භයක්. මගේ සුබ ඵැතුම්!/
DeleteSame to you කකා...
අනේ පව් මට දුක හිතුණා...:(
ReplyDeleteමම මේ කල්පනා කලේ ඇයි මේ වගේ කතාවල පුතාලා ගැන විතරක් කියවෙන්නේ කියලා. දුවලා මෙහෙම කරන්නේ නෑලුද?
කකාගේ මහගෙදර කුස්සිය ගැන මවලා තියෙන චිත්‍රේ හරි ලස්සණයි.
එතැනත් දුවෙක් හිටියා. ඒත් ඒ මේ අම්මාගේ ලේලියයි.
Deleteමෙන්න එයා කියපු කවිය.
දු ක ක් නැතුව මා දැඩිකළ අම්මාට
මි ට ක් වත් දුන්නෙ නැත වී ඉල්ලු විට
දෙ ක ක් වී මැනල දීලත් මල්ලකට
මො ක ක් කියනවද මැහැලියෙ පල දොරට
//වී කිලෝ දෙකක්// හුණ්ඩු දෙකක් නේද?
ReplyDeleteඅපේ අම්මා ඔය කතාව කියලා දුන්න දවසෙ මාත් ඇඬුවා වගේ මතකයි..
හුණ්ඩුවලින් වී මණින බවක් මං අහලා නෑ. වී මැන්නේ කුරුණි සහ සේරුවලින් ඉස්සර. (මේ කියන කාලේලංකාව මෙට්‍රික් ක්‍රමයට හැරිලා කියන්නයි මං කිලෝවලින් කියලා යෙදුවේ!)
Deleteහුණ්ඩුවෙන් මණින්නේ හාල් නේද?
කකාගෙ මොළේ තරම හුන්ඩුවෙන් මනින්න පුළුවන්..
Deleteහුන්ඩුවෙන් මනින්නෙ කකාගෙ මොළේනෙ
Deleteකන් හැන්දෙන් නෙමෙයි ද ? :)
Deleteඑහෙම කියන්න එපා කකා උගත් බුද්ධිමත් මැසි මදුරුවෙක්.
Delete@ Anonymous 24 March 2014 09:27
DeleteYes, මගේ මොලේ හුණ්ඩු දෙකක් විතර ඇති.
මොකද ඔලුවේ සයිස් එකටනේ මොලේ.
ඔලුව එච්චර ලොකු නෑ!
අලි ඔලුවක් තිබුණා නම් මොලේ කිලෝවලින් මණින්න තිබුණා!
කාටද ඩෝ අලි ඔළුවා කිව්වෙ.?
Deleteකකා වෙනත් බ්ලොග්කරුවන්ට අලි ඔළුවා කියා අපහාස කිරීම හෙළා දකිමි.
Deleteහෙලා දකිමි! භංගවේවා!
Deleteකකා... බ්ලොග් අවකාශෙ ඉන්න අලි ඔළුවා කවුද?
Deleteකකා.. ඇත්තටම මාතලං අලි ඔළුවෙක්ද?
Deleteඉස්සර සීටී ප්‍රනාන්දු ගයපු සදවට රන් තරු ගීයේත් මේ කවිය තියෙනවා...පොඩි කාලේ ඒක මම කැමතිම සින්දුවක්............
ReplyDeleteමයියා - සොරි ඩොට් කොම්.
Deleteඔබ වැරදියි. මේ කවිය නෑ සීටී ගේ සින්දුවේ!
නැවත අහලා බලන්න.
කවියෙන් කොටසක් තියෙනවා. නැවත අහලා බලන්න කකා.
Deleteනැවතත්:
Deleteමේ කවිය ඒ සින්දුවේ නැත. එය වෙනත් කවියකි. මුල්පදය පමණයි සමාන.
නමුත් ඇත්තටම ඒක මීට වඩා හොඳයි!
ඉතින් ඒක තමයි කවියෙන් කොටසක් කියලා කිව්වේ. සිංහල තේරෙන්නෙ නැද්ද අයිසේ?
Deleteඅයිසේ ළමයට තේ එකක් ගේන්නද?
Deleteඒ දෙබස තුංමං හංදිය චිත්‍රපටයෙනි
Deleteකශූ ගෙ කුස්සියට අමතරව අපේ ඔට කියන ලිප් පේලිය උඩින් තිබුනා වී අටුවක් . වෙනම ලී පෙට්ටියකත් වී තිබුනා. තාත්තයි අයියයි වෙනම කුඹුරු යායවල් දෙකක් කරන කොට වී තිබුනා හොඳට..
ReplyDeleteමේ නයෙක් නේද, වෙනි?
Deleteනෑ කශූ අපේ පවුල දුප්පත් ගොවි පවුලක් .. නයෙක් නම් කියන්ඩ තිබුනා අපි මැණික් බිස්නස් කලේ කුඹුරු යායක්ම වැඩ කොරෝ ගත්තෙ අඳේට කියලා !
Deleteමොකද නැත්තේ, කුඹුරු තියා එක බිම් අඟලක් නැති අයෙකුට ඟේක නයෙක් නේ!
Deleteඅනික කුඹුරු තිබුණා නම් ඉඳලා හිටලාවත් ඉල්ලංකූරක් ඇනලා බැලුවේ නැතිද?
අපේ තාත්තලා වී ටිකට ගරු කලා මැණික් වලට වඩා..පස්සෙන් පහු නම් පතල් කපලා මැණික් හම්බ වෙලා සල්ලි උනා..අපේ ගම් වල හිටි පරණම ගම්වැසියො විදියට තාත්තලට ඉඩම් ගොඩක් තිබුනා..ඒක ගමේ අනික් අය එක්ක බලද්දි මහ ලොකු දෙයක් උනේ නෑ...ඒ හින්දා නයෙක් නෙවෙයි..
Deleteකකා මොනවද කිව්වේ ?? බත් උයලා දෙන්නම් කිව්වද ???
ReplyDeleteඇත්තටම ඔව්! මොකද මට වයස හතක් හෝ ඊට වැඩියි ඔය කාලේ.
Deleteමෙන්න මල්ලී ගැන තවත් කතාවක්.
http://kathandara.blogspot.com/2009/09/blog-post.html
කකා කිව්වලූ හංදියේ චයිනීස්සෙකෙන් චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙනත් දෙනවා කියලා. මේ මෙට්‍රික් යුගයනේ..
Deleteකකා එහෙම කියල හොරපාරෙන් ඔසී පැන්න නේද?
Deleteමාතලන්
Deleteකඩේකින් ටේක් එවේ ගෙනත් දෙනවා අද නම් කියලා මාත් ලියන්න හිතතලා, අම්මා මස්, මාංශ තෙල් කෑම පාවිච්චියක් නැති බව මතක් වී නොලියා හිටියා!
හෙක්... අම්මා එහෙම උනාට පුතා ගෙරි මස් ගිලිනවා...
Deleteහරක් මස් නොකා ඉන්නට මට හේතුවක් නැත. චිකන් ද, මට්න් ද, ලෑම්බ් ද කන්නෙමි.
Deleteනමුත් කිසි දිනක ඉබිමස්, මුවමස්, ගෝනමස්, මොනර මස් යනාදී දේ කා නැත!
//නමුත් කිසි දිනක ඉබිමස්, මුවමස්, ගෝනමස්, මොනර මස් යනාදී දේ කා නැත!//
Deleteමේ ප්‍රකාශයෙන් කියන්න හදන්නේ මොකක්ද? ඒ මස් කෑම වැරදිද?
ඉබ්බෝ, මුවෝ, මොණරු, ගෝන්නු අහිංසක සත්තුනෙ.
Delete@ Anonymous 24 March 2014 13:22
Deleteඉබිමස්, මුවමස්, ගෝනමස්, මොනර මස් යනාදිය නිතීගත මස් කර්මාන්තයට අයිති නැති හොරෙන් මැරූ ඒවා නේද? එනිසායි මා කා නැත්තේ.
පරෙයි මස් ද කොටුවේ හෝටලයක විකුණන්න තියෙන බවක් අසා තිබේ!
ඇයි ගොනෝ නීතිය විතර.. ආගම දහමක් කියා කිසිවක් ඔය ජීවිතේ නැද්ද...
Deleteපලයං පරිප්පුවා යන්න!
Delete1. එලෝළු ජීවිතේ - Living with vegetables
http://kathandara.blogspot.com/2011/05/living-with-vegitables.html
2. වෙජිටේරියන්ස් ලා ගේ ලෝකය - Carnivorous Vs Herbivorous (or is it Omnivorous)
http://kathandara.blogspot.com/2011/05/carnivorous-vs-herbivorous-or-is-it.html
3. මේක චිකන් ද, ෆිෂ් ද? - Is this chicken or fish
http://kathandara.blogspot.com/2011/05/is-this-chicken-or-fish.html
අඩෝ තට්ටයා... සද්ද දාන්නෙපා හරිද...
Deleteහරක් මස් කෑල්ලක රහ නොදන්න උන් ගැන මට නම් මාර දුකයි. බුදු හාමුදුරුවොත් සූකර වළඳපු එකේ ඇදලා ඇරපල්ලා බන්ලා...
Deleteමේ කතාව මම පොඩි කාලේ අහනකොට හිතුණේ අම්මට දුක හිතිලා තියෙන්නේ මැනලා දීපු නිසා කියලා, මනින්නේ නැතුව දුන්නා නම් අවුලක් නෑ කියලා මට හිතුනේ..
ReplyDeleteමං හිතන්නේ ඒ මැනපු කතාවත් එක නෝක්කාඩුවක් තමයි. ඒත් වී හාල් කරන්න වෙන මහන්සිය දන්න අපිට හිතුනේ නම් මේ අවුල බත් නැතුව වී දුන්නු එක කියලාමයි!
Deleteඔබ කියන්නේ බැන්දට පස්සෙත් ළමයි අම්මල ඉස්සරහ පොඩි ළමයි වෙනවා කියලද??
ReplyDeleteමට නම් මේ උත්තරේ මල්ලේ පොල් එකක්!
Deleteමට හිතුනා. මං අදහස් කරේ අර වී මැනල දුන්න දරුවා ගැන කියන්න. පොඩි කාලේ නං කකාගේ මල්ල වගේ වී හාල් කරලම දේවි. ඒත් ලොකු උනාම දෙන්නෙත් වී හුන්ඩු දෙකක් විතරයිද මන්දා/ ඒකයි කිව්වේ ලමයි ලොකු උනාමත් අම්ම ගාව පොඩි ළමයි වෙන්නම හදනවද කියල..
Deleteමේ පාර නිකං මොබියස් වලල්ල වගේ!
Deleteහැක් හැක්.. මෙහෙම හිතන්නකෝ... පොඩි කාලේ ඔය කවිය අහපු එකෙක්අම්මට කියනවා මං අම්මට වී සේරු දෙකක් දෙන්නං එහෙම උනොත් කියලා. ඉතිං ඇත්තට ආපු වෙලාවෙත් ඒකා බැදල ඉන්න කොටත් අම්ම ආවම වී සේරු දෙක තමා දුන්නේ..
Deleteඅර අනාගතයෙන් ආපු සයිබෝග් කෙනෙක් ගෙන් ඒ ටෙක්නොලෙජිය කොපි කරගන්නවා වගෙයි නේද?
Deleteබැඳලා විතරක් නෙමේ දේශා....වයසට යනකනුත් ළමයි අම්මලා ඉස්සරහා පොඩි එවුන් වගේ. අපේ අම්මා මට තාම කවනවා නිවාඩුවට ගෙදර ගියාම. අපේ මල්ලි හැන්දෑවට හාන්සියක් දාන්නේ අම්මා ගාවට වෙලා. ඌත් බැඳලා ලොකු ළමයි ඉන්න තාත්තා කෙනෙක්. අම්මලා පුත්තු කියන්නේ මහා පුදුම බැඳීමක්. දුවලාත් එහෙම ඇති. අපි කොල්ලො තුන්දෙනා වගේ නංගිලා අම්මා එක්ක හුරතල් වෙවී ඉන්නවා මම දැකලා නැහැ. නමුත් ආදරේ වෙනසක් නැහැ.
Deleteඉතුරු කවි ටිකත් දාන්නකෝ... (ලේලිගේ කවිය, පුතා ගේ කවිය, අයියාගේ කවිය) .මම අහලා නැහැ..
ReplyDeleteඅහලා නෑ? මොනවා? එහෙනං ඔයා ඕලෙවල්වලට සිංහල සාහිත්‍යය ඉගෙන නොගත් කෙනෙක් වෙන්න ඕනෑ. ඔයා සමහ සාහිත්‍යය කතා කරලා වැඩක් නෑ. නිකං යන්න ඟෙයා යන්න.
Deletehttp://aswanna.blogspot.com/2014/03/blog-post_9506.html?showComment=1395630748622#c5020589335310629577
ලේලිය.කියපු කවිය.
Deleteදු ක ක් නැතුව මා දැඩිකළ අම්මාට
මි ට ක් වත් දුන්නෙ නැත වී ඉල්ලු විට
දෙ ක ක් වී මැනල දීලත් මල්ලකට
මො ක ක් කියනවද මැහැලියෙ පල දොරට
පුතා තම බිරිඳට:
Deleteමැ න ලා ත් නැලි දෙකක් දුනි වී අම්මාට
වෙ න ද ත් ඔහොම දෙනවා අවුරුද්දකට
ක ව ද ත් ඔහොමමයි උන්දැගෙ සටකපට
නු ඹ සි ත් කෝප නොමගෙණ පලයන්කො ගෙට
මේ කතාව ඇසූ ලොකු පුතා තම මල්ලීට මෙහෙම කිව්වාලු.
Deleteමල්ලියෙ ඔහොම නොකරන් අපෙ අම්මාට
දෙතනේ කිරි දුන්ෙන් අපි දෙන්නාට
තියෙන දෙයක් දෙන්නෙත් අපි දෙන්නාට
බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට
ආ.... අර අය්යා මල්ලිට කිවුවා කියන කවිය නම් අහලා තියෙනවා. අනිත් කවි දෙක නම් අහලා නෑ ඇත්තටම.. කොහොම උනත් ස්තූතියි කකා.....
Deleteඒ කියන්නේ කකාගේ අම්මත් යැපුම් මානසිකත්වයෙන් ජීවත් වෙලා තියෙන්නේ. දැන් එතකොට කකා ජීවත් වෙන්නෙත් ඒ මානසිකත්වයෙන්මද...?
ReplyDeleteමාතලන්,
Deleteමේ කමෙන්ට් එක මාතලන්ගේ කියලා හිතන්නත් අකැමැතියි.
හැම කෙනෙක්ම මොකක් හරි දෙයක් මත යැපෙනවා.ගහක් කොළක් මත හරි.
“අම්මෙ බඩගිනියි“ කියාගන පොඩිකාලේ කුස්සියට යන්නේ බඩගිනි වෙලාමද කියලා මාතලන් මතක් කරලා බලන්න.
කකාගේ අම්මට හිතෙන්න ඇති,මේ වටවෙලා ඉන්න දරුවෝ (විශේෂයෙන්ම දෙමාපියන්ව බලාගන්න ගැහැණු දරුවෝ ඉන්න ඕනා කියලා ,මිනිස්සු අතර කියමනක් තියෙනවානේ)ගෙදරින් දවසක පිටවෙනවා නේද කියලා.ඒක හුදකෙලාවීම ගැන හැගීමක්.
එංගලන්ත සුද්දා ! :/
මෙහෙමයි මාතලන්, මං හිතන්නේ මේ කතාව තම දරුවන්ට කියන ඕනෑම අම්මා කෙනෙක් මං ආවොත් මොනවාද දෙන්නේ කියාත් අහනවා කියායි මට හිතෙන්නේ අනිවාර්යෙන්ම.
Deleteකොහෙමාටත් අම්මා යැපුනේ තාත්තාගෙන් නේන්නම්. ඇය වෙනම රැකියාවක් කළේ නෑ. දැන් තාත්තා නැති කාලයේත් වැන්දඹු පඩිය ඇයට ලැබෙනවා.
ඇය යැපුම් මානසිකත්වයකින් ඉන්නවාදැයි මා දන්නේ නෑ.
අම්මාගේ සම තත්වයේ වැන්දඹුවන් කීප දෙනෙක් මට තාත්තාගේ දානය දින හමුවුණා. ඔවුන්ගේ කතා නම් අති දුක්බරයි. ඒවා පසුව ලියන්න ඕනෑ!
කකා නෙමෙයි මාත් මේ කතාව මගේ පුතාගෙන් අහලා තියෙනවා. ඒකයි අපේ සංස්කෘතිය. මම මේ ප්‍රශ්ණෙ ඇහුවා කියලා කීයටවත් ලැජ්ජා වෙන්නේ නෑ, ඊයෙත් අපේ ඉස්සරහ ගෙදර අයියා එක්ක පොඩි ෂොට් එකක් දාන ගමන් මේ ගැන කතා උනා, එයාටත් ඉන්නේ එකම දුවයි. ඒ කෙල්ල රත්තරන් කෙල්ලෙක්. ඒත් අපි කතා උනේ එයාලගෙන බලාපොරොත්තු වෙන එක හොඳ දෙයක් නෙමේ නේද කියන එක. ඔවුන් සලකන එක වෙන දෙයක්. නමුත් අපේ ජෙනරේෂන් එකෙන් වත් මේ දේ නවත්තන්න ඕනයි කියන එකයි මගේ අදහස. එහෙම බලාපොරොත්තුවක් නැති උනාම, නොලැබුනා කියලා දුකක් ඇති වන්නෙත් නෑ.
Delete/* අම්මාගේ සම තත්වයේ වැන්දඹුවන් කීප දෙනෙක් මට තාත්තාගේ දානය දින හමුවුණා. ඔවුන්ගේ කතා නම් අති දුක්බරයි. */
Deleteමේ කතාව ලියන්න අදම පටන් ගන්න ඕනෑ. ස්තුතියි මාතලන්.
බඩගිණිවෙලා මා ගිය කල පුතුගෙ ගෙට
ReplyDeleteමැනලා වී පතක් දුන්නයි මල්ලකට
ගන්දෝ නොගන්දෝ කියලා හිතුණි මට
මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට
මං නම් අහල තියෙන්නෙ “මැනලා වී පතක් දුන්නයි මල්ලකට“ කියලයි.
කොහොම වුණත් කකාගේ කතාව කියවගෙන යද්දී අපේ පැරණි ගම ගෙදරක කුස්සිය අපූරුවට මැවිල පෙනුණා. බොරුවට පොෂ් කියල පෙන්වන්න දඟලන වර්තමාන සමාජයේ හිස් මිනිසුන් අතර කකාගේ නිහතමානිකමට මල් මිටක්.
ඉඩ ලද හැම විටකම කකාගේ කතා කියවනව. ඒත් අදහස් ප්‍රකාශ කරන්නේ නම් නැති ගානයි. මගේ අම්මා දැන් ජීවතුන් අතර නැති නිසා වෙන්න ඇති මට තදින්ම මේ පෝස්ට් එක දැනුණෙ.
අපි නම් අම්මට වී මැන මැන දුන්නෙ නැහැ. උයල කවල පොවල පෝෂණය කළා. ඒ සතුට හැමදාමත් මැරෙන කල්ම තියෙයි.
ස්තුතියි රුක්ෂිලා!
Deleteහිටගෙන උයන කුස්සියක් අම්මාට ලැබුනේ තවත් කාලෙකට පස්සේ. ඊට පසසේ තමයි ඕදිරිස් හිරමනයක් ගත්තේත්.
අර බංකු නං දැන් ඇත්තේම නෑ. කුස්සියේ තියෙන්නේ පුටුවක්!
මේක කාලෙකට කලින් කියවල තිබුන. නමුත් මට මීටර් උනේ මැනල දෙන කතාව විතරයි. කකා කියපු විදියට වී---> බත් කිරීමට යන මහන්සිය ගැන හිතුවම සෑහෙන්න වටින කවියක්.
ReplyDeleteහැබයි ඉතින් අම්මගේ කාළේ ඔය මැනලා දුන්න මල්ලත් අරගෙන පාරේ ගියානම්, ඒ අම්මට මහ උළු ගෙදරින් බත් කන්න තිබුනා සෑහෙන කාළයක්. හැබයි එහෙත් බත්ම දුන්නද කියලා කියන්න නම් දන්නේ නෑ.
Deleteමාතලන් දන්නවා වුනාට බාගෙටයි දන්නේ?
Deleteඔය කියන්නේ හාල් පොලු ගැන නේද? මට මතක විදියට බ්ලොග් අවකාශයේ ඔය ගැන ලිව්වේ ඔබ්සෝවර්.
මට මතක විදියට හාල් සේරු දෙකකට වඩා ගෙනි යැම තමයි තහනම් වුනේ, ඒ කළුකඩ නැවතීමටයි. මෙතන වී සේරු දෙකක් කියන්නේ හාල් සේරු දෙකට අඩුයි, එනිසා අවුලක් නෑ.
කකා නීතිය එහෙම උනත් ඊට අඩුවෙනුත් ඇල්ලුව කියල මම අහල තියනව.
Deleteඅපි දන්න හාල් පොලු තිබුනෙ 1971 විතර ඉඳල 1976 විතර කාලයේ. 1940-1945 දෙවෙනි ලෝක යුද්දෙත් එක්ක ලංකාවෙ ලොකු ආහාර හිඟයක් ඇවිත් තියනවා. ඒ කාලෙ මිනිස්සු කෑවෙ බජිරි කියන වර්ගය. ඒව කුඹුරු වල හැදුනු වල් ජාතියක්.
Deleteමේ ළඟදි ආපු දුර්භික්ෂය රාජ අනුහසින් වැළකුනා කියනවනෙ.
ගොජිරි බජිරි මාරුක් ඇතුළු වල් පැල
Deleteහාක්‍රොස්වලට වැනසිය හැක කුඹුරුවල
සරුවී වැඩෙයි සරුසාරෙට ගොයම් පැල
හාක්‍රොස් තමයි, වල්නාශක අති ප්‍රභල
http://kathandara.blogspot.com/2012/07/cruelty-at-its-best.html
ලියලා තිබුන විදිහෙන් කුස්සියත්, කට්ටිය අම්මගෙන් කතන්දර අහන්න ලෑස්තිවෙලා හිටිය විදිහත් මැවිලා පෙනුනා...
ReplyDeleteපව්.. හතරහමාරක පොඩි හිතට ලොකු දේවල් හිතෙන්නේ නෑනේ..
අවුරුදු පනස් ගානක් ගියා කියලත් කකාගෙ වැඩි වෙනසක් වෙලා නෑ.... ඒකනෙ නිතරම කක්කා චූ ගැන කතාව...
Deleteමටත් අද වගේ මතකයි. ස්තුතියි තුෂානි!
Deleteමැනල දීම ගැන මිසක් වී වේලා තම්බා කොටා පොලා ගරා ආහාරයට ගැනීමට සිදුවීම ගැන මටත් හිතිල තිබුනෙ නෑනෙ.
Deleteට්‍රැ අංකල්ලටත් නරකෙයි අපෙන් යමක් ඉගෙන ගත්තාම?
Deleteවී වේලන එක උදේ පින්න තුරන් වෙද්දි,මාගල් ටික එළලා වී ගෝනි ඇදන් ඇවිත් හලලාකාටුව නාගෙන වී අතුරන්න ඕනා.ඒකට වරුවක් යනවා කොන්ද ඉවරයි.ඊට පස්සේ උයන්න ඕනා හැමතිස්සෙම කල්පනාවෙන් ඉන්න ඕනා.
ReplyDeleteඕකට එන කුරුල්ලෝ,බල්ලො,බළල්ලු. ඊළගට අහස ගැන කල්පනාවෙන් ඉන්න ඕනා.මාගල් අකුලනවා කියන්නේ.
වී තැම්බිල්ල,වේලිල්ල ගැහැණු වැඩ නිසා වෙන්න ඇති,කකාට ඒකේ අපහසුව ලියවෙන්නැතිව ඇත්තේ.
ඒක ගැහැණු අයගෙන් තමා ඔය කොටස වන්නෙ ..ඔබ හරි මල්මි හි..........
Deleteගොයම් කපලා, මිටි ඇදලා තියෙනවා.
Delete\\අපේ අම්මා ඔය සෙට් එකේ ඉතුරු කවි තුනත් (ලේලිගේ කවිය, පුතා ගේ කවිය, අයියාගේ කවිය) අපිට කිව්වා සම්පූර්ණ කතන්දරේත් එක්කම විස්තර කරලා.\\
ReplyDeleteමේ ඉතිරි කවි තුන සහ ඒ අදාල කතාවත් ලියනවද හැකිනම්..
ආ.. සමවෙන්නෝනි.. කමෙන්ට් කියෙව්වෙ පස්සෙ. ඒ කවි තුනත් දාල තියෙනව නේද. කියෙව්ව ඒකත්, ස්තූතියි..
Deleteකකා ගේ කුස්සියයි මම පුංචි කාලේ මට මතක තියෙන කුස්සියයි එකම වගේ. මාමයිට් බෝතලෙන් හදපු ලාම්පුතෙල් කුප්පිය විතරයි අඩු.
ReplyDeleteWhy all the sad stories. Is every thing OK?
අපේ ගෙදර තිබුණා පිත්තලෙන් හදපු කුප්පි ලාම්පුවකුත්.
Deleteලාම්පු ගැන කියන කොට මේ පරණ කතාව සිහිවුණා!
http://kathandara.blogspot.com/2010/05/radi-quiz-show.html
ඔය පිත්තල කුප්පි ලාම්පු මම සීයලාගේ ගෙදර දැකලා තියෙනවා. පාන්කඩ තිරේ දාන ඒ කොටසත් එක්කම ගලවලා ඇරලා තමයි භූමිතෙල් දාන්නේ. පස්සේ කාලෙක ඔය බෝතල් කුප්පි වල ලාම්පු හදාගත්තා. කුප්පි ලාම්පු වලටයි. ඉස්සරහ චිමිනි ලාම්පුවටයි තෙල් දාලා ,චිමිනිය පත්තර කොලේකින් පිහිදාලා ඒවා ලෑස්ති කරේ සීයා. ඒ චිමිනි ලාම්පුවත් පිත්තල. චිමිනිය ලොකු ගෝලාකාර ක්ලවුඩි වීදුරු චිමිනියක්.
Deleteපුංචි කාලෙදි නිතර අහපු කතාවක් වුනත්, කකා මේක ලියල තියන විදිහෙන් කියවල ඉවර වෙන කොට දුක්බර හැඟීමක් ඇති වුනා. කලින් මගෙ හිතේ ඇඳිල තිබුනෙ වී 'මැනලා' දීපු එක වරදක් විදිහටයි. වී, හාල් කරන්නට යන වෙහෙස ගැන හිතුනෙ මේ කතන්දරේ කියෙව්වට පස්සෙ යි.
ReplyDeleteබඩගින්නට වී මක්කරන්නද? අම්මා කිරිල්ලියෙක් නොවෙයිනේ?
Deletehttp://kathandara.blogspot.com/2014/03/political-debates-among-middle-aged.html
කකා මගේ හිත අතීතයට ගියා සැනෙකින්. අපේ ගෙදර කුස්සියත් ඔය වගේ. අම්මා මලිටයි මටයි හැමදාම ඔය වගේ මොනවා හරි කතාවක් කියලා දෙනවා. නැත්තං කවි පන්තියක්. තවමත් මට අම්මගේ හඬින් සුදෝසුදු කවි පන්තිය ඇහෙනවා වගේ.
ReplyDeleteසුදෝසුදු පොතේ එන
Deleteඇයි අම්මේ අඬන්නේ ඔබ කඳුළුසලා කියන කවියත් අහනකොට ඉස්සර අපිට හරි දුකයි!
කේයස්ගේ ඔය කවි පොත තරම් මා හැඬවු කවි පොතක් නැහැ.
Deleteඇයි අම්මේ අඬන්නේ ඔබ කඳුළු සලා
Deleteමට දැනෙනවා යයි මගේ ඇත දිගට ගලා
නාදන් අම්මේ නාදන් මා විහිළු කළා
එන්නද ගිහින් බොරු කී කොල්ලන්ට තලා
//වී මුලින්ම තම්බබලා හොඳින් වේලාගන්න ඕනෑ//
ReplyDeleteඅපි කන්නෙ කැකුළු නිසා ඔය ටික අඩුවෙනව. ඒත් ඉතින් වී වේලල පස්සෙ මෝලට යන්න කලිනුත් හුළන් කරන්න එපාය. දැන් ගමේ ගිහින් ඔය සුමේ කරල වී ගෙනත් කනවට වඩා කඩෙන් ගන්න එකෙන් ලොකු ලාභයක් තීනව.
ඔතන කවියෙ අග "මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට" කියන පදය නිසා සාමාන්‍යෙන් ඕන කෙනෙක්ට හිතෙන්නෙ අම්මට උන අවුල මේ වී ටික මැනල දුන්න එක කියන එකයි. වී හල් කරන දුක දන්න කකාගෙ මල්ලිට වෙනස්ව හිතුන එක හරි වගේම ඒක නොදන්න කඩෙන් හාල් කන අයට අරෙහෙම හිතෙන එකත් හරි!
අනෙක් පැත්තෙන් "ගඟේ මූදෙ දැම්මත් කිරල මැනල දාන්න ඕනෙ" කියල කියාදීපු අම්මට වී ටිකක් මැනල දීපු එක වැරදි නෑ ( වී දුන්න එක වැරදි උනාට ).
පෙන්ෂන් නැති, වත්තෙන් පොල්, පොල්ලෙන් තෙල් එන්නැති ජීවිතකාලෙ දරුවො ලොකු මහත් කරන්න දර දිය ඇදපු අසරණ තාත්තල අම්මල දරුවොන්ගෙන් යැපෙන්න බලාපොරොත්තුවෙන එක සාධාරණයි. දරුවො ඒ යුතුකම් රයිට නොකර රට හදන්න බයිල කීම හරිම අසාධාරණයි.
/* අසරණ තාත්තල අම්මල දරුවොන්ගෙන් යැපෙන්න බලාපොරොත්තුවෙන එක සාධාරණයි. දරුවො ඒ යුතුකම් රයිට නොකර රට හදන්න බයිල කීම හරිම අසාධාරණයි. */
Deleteමගේ අදහස් මීට වෙනස්.
මෙන්න එක අදහසක්.
http://kathandara.blogspot.com/2010/04/for-those-who-have-sensitive-hearts.html
අනික ගැන කතන්දර කීපයක් ලියන්නම් මීලඟට.
මම මුලින්ම ඇඳපු චිත්‍රේ 'ආච්චි අම්මා මිදුලේ වී වේලනවා' කියලා අම්මා කියනවා. මට නම් මතක නැහැ...
Deleteකලින් බොහෝ වතාවක් අහල තියෙන මේ කවිය අමුතුම විදිහට රසවින්දා අද.
ReplyDeleteකකා ඒ කාලේ කුස්සි වල තිබ්බා ඔය කියන සියලු දේට අමතරව ඇඹුල් කැත්ත කියලා එකක්. බිම එලපු ගෝනි පඩන්ගුවක හිටවන්න පුළුවන් ස්ටෑන්ඩ් එකක් වගේ තිබ්බ කැත්තක් . බංකුවක් (කොලොම්බුවක්) උඩ වාඩි වෙලා වතුර කොරහක් ළඟ තියාගෙන පන් වට්ටි කීපයක දාපු කොස්, පොලොස්, එළවලු කැපුවේ මේ ඇඹුල් කැත්තෙන්.
ඒක උඩරට පැත්තේ එකක් වෙන්න ඇති.
Deleteඅපේ ගෙදර තිබ්බේ, මන්නය සහ කැත්ත පමණි (මීට අමතරව පිහි තිබුණා!)
අපේ ගෙදර නම් තාමත් ඇඹුල් කැත්ත පාවිච්චි කරනවා අම්මා. ඇඹුල් කැත්ත කියන්නේ පොඩි බංකුවකට නවන්න දිගාරින්න පුලුවන් විදියට කැත්තක් හයි කරලා හදාගත්ත එළවළු කපන කැත්තක්...
Delete1. සමරරක් ප්‍රදේශයන්හිදී පිහා කැත්ත ලෙසද රජරට පළාතේ ඇඹුල් කැත්ත ලෙසද හැඳින්වෙන්නේ පිහිය නම් මෙවලමටය.
Delete2. ....වටහා ගත් ආච්චී ඒක්ෂණයකින් ඇඹුල් කැත්ත අතට ගත්තාය....
http://thilakasitha.blogspot.com.au/2013/08/blog-post.html
නෑ කකා wikipedia එකේ දීලා තියෙන තේරුම වැරදියි . ඇඹුල් කැත්ත කියන්නේ කැත්තක් වගේ ඒත් ඊට වඩා කෙටි මිටක් තියෙන උඩු අතට හිටවලා එළවලු කපන්න ගන්න පිහියට. කුස්සියේ, ගෙදර දොරේ පාවිච්චි කරන පිහි වර්ග ගොඩක් තිබ්බා . පොල් බිඳින්න ගත්තේ මන්න පිහිය, දර කෝටු කපන්න ගත්තේ වප්පිහිය(වක්+පිහිය), කිතුල් මදින්න ගත්තේ මල් පිහිය. පස්සේ තමයි ආවේ මේස පිහිය
Deleteනෑ කකා...ඇඹුල් කැත්ත කියන්නෙ පිහියක් නෙවෙයි. ස්ටෑන්ඩ් එකකට හයි කරපු කැත්තක්. ගොඩක් පැතිවල පන් වට්ටියෙ තියාගෙන උඩු අතට හරවපු මන්න පිහියෙන් එළවළු කපනවා තමයි. නමුත් ඒකට නෙවෙයි ඇඹුල් කැත්ත කියන්නේ...
DeleteThis comment has been removed by the author.
Deletehttp://tharuarundathi.blogspot.com/2014/03/blog-post_26.html
Deleteකතාව මීට කලින් අහල තිබුණත් සෑබෑ අර්ථය අද තමා දැන ගත්තේ. බඩගිනි අම්මට වී ටිකක් දුන්නම ඒවා කන්න හදා ගන්නකොට ඒ අම්ම කලන්තෙ දාල ඉඳීවි.කකා ගෙ චූටි මල්ලි ගැනත් දුක හිතුනා.පුංචි හිතට දැනුන විදිහටනෙ කියන්න ඇත්තෙ.
ReplyDeleteපොඩි කාලේ කතා බොහොමයක පොඩි දුකක් තියෙනවා තමයි. මං මේ වගේ කතා දැන් සිය ගානක් ලියලා තියෙනවානේ.
Delete7,6,41/2 එවුන්ට කදුළු එන්න කතාවල්/කවි කියන්න තරම් අම්ම විශිෂ්ට කාන්තාවක්ද,නැත්නම් ජානමය කවිකාර සිතිවිලි තිබුනද දන්නෙ නැහැ තිදෙනට ...
ReplyDeleteමම ඔතන 4 ර මාරේ එකා වෙලා ඉටියනම් අම්මගෙන් ආන ප්‍රෂ් වලට අයියිලට ජංගි වල චු ගිහිල්ල අම්මිගෙ බත රොස් වෙනව.
පොඩි කාලෙම ඔහොම සංවේදී වෙන උන් ලොකු වුනාම හරි කට්ටයෙලු...
අම්මා කවියට කැමතියි, කවි හදන්නත් තරමක හැකියාවක් තියෙනවා. සීයාත් කවි ලියා තියෙනවාලු!
Deleteසීයට නම් ගියේ මගේ ජාන තමයි.
http://kathandara.blogspot.com/2010/11/blog-post_22.html
පුංචි කාලෙ එක එක ආදර කතා කියනවා. ඒත් ලොකු වෙනකොට ඒව ඒ විදියටම කරන්න පුළුවන් කියල හිතන්න බෑ. මැනල හරි තමන්ගෙ අම්මට වී ටිකක් දුන්න එකත් ලොකු පිනක්. මොකෝ අම්මට බැනල එලව ගත්තෙ නෑනෙ.සමහරවිට ඒ පුතත් ගොඩාක් අමාරුවෙන් ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්.තවත් එකක් ඒ දවස් වල සේරුවෙන් තමා හාල් මනින්නෙ. ඉතින් ඔය කියන පුතා හාල් තියෙන බාජනෙන් හාල් අරන් ඇත්තෙ ඔය කියන සේරුවෙන්(යම් බාජනයකින්).ඉතින් අම්ම ඒක දකින්න ඕනෙ එහෙම කියන්න.ඒක මැනුමක් විදියට ගනන් ගන්න බෑ.මොකද තරාදියකින් මැනල දෙන්නෙ නෑනෙ ගෙදරක. ඔය කවි පදය පසුකාලීනව නිර්මාණය වුවක් බව එයින් පේනවා.ඒකත් වැරැදි කවි පදයක් බව මගේ හැගීමයි
ReplyDeleteවැව්,
Deleteමෙතන කියන්නේ වී දිම ගැන හෝ හාල් දීම ගැන හෝ මැනලා දීම ගැන හෝ නොවෙයි,
මේ මොහොතේ බඩගින්නෙන් පෙළෙන කෙනෙකුට වියලි ආහාර නොවෙයි අවශ්‍ය පිසූ ආහාර!
කෝ මං දාපු කමෙන්ටුව ඈ ,එක අර මැලෙසියන් ගුවන් යානේ වගේ වුණාවත් ද ?
ReplyDeleteමෙය තමයි අද දවසේ ඔබේ එකම කමෙන්ටුව. මං ස්පෑම් ගොඩේත් බැලුවා!
Deleteකකා.....මේ පෝස්ට් එක බොහොම හිතට සමීප වුනා. මම කුඩා කාලයේදි දෙමව්පියන් සමග හැදී වැඩි නැතිවුනත්....අපේ හංවැල්ලේ බබාච්චි මට ඔය කවි කියලා දීලා තියෙනවා. මට බොහෝ කාලයක් යනකම් මේ කවි මතක තිබුනා. ඒ කවිවල අන්තර්ගතය නිතර නිතර චිත්‍ර වගේ හිතේ මැවිලා පේනවා. මතක් කිරීමත්, අතීතයට ගෙන යෑමත් ගැන ස්තූතියි. මේ සංඛේත මැනුම් උපකරණ නෙමේ බව කියවන අය සිතේ තබාගන්න එක හොඳයි.
ReplyDeleteස්තුතියි අරූ! ඔබේ සතුට මගේ බෝනස් එකයි!
Deleteඅපේ තිබුණෙ රතු කැකුළු හාල් නිසා අපි වී තැම්බුවෙ නෑ...
ReplyDeleteමට මේ කවි කියල දුන්නෙ අපේ බාල මාමා, මට බත් කවන ගමන්... බත් කට කටේ තියන් හපන්න සිහි නැතුව, චිත්ත රූප මවාගෙන, ඇස් දෙකේ කඳුළු පුරවන් අහන් ඉන්නකොට අත්තම්ම බනිනව පොඩි එකා අඬවනව, කවල ඉවර කරන්නෙ නැතුව කියලා...
අපේ මාමා කිව්වෙ 'මැනලා වී ටිකක් දුන්නයි මල්ලකට' කියලා...
මෙහෙමයි වෙන්න ඇත්තේ.
Deleteඅර ලේලි කියන කවියේ එලිවැටට දුකක්, ටිකක්, දෙකක්, මොකක් කියා කියවෙන නිසායි ඔය වී කිලෝ දෙකක් කියන කතාව ඈදෙන්න ඇත්තේ මුල් කවියට!
තමන් දිගටම වාරික ගෙවපු ඉන්ෂුරන්ස් කොම්පැනියක් අන්තිමේදී ආපදාවකදී කර ඇර යාම ගැන අන්දෝනාවක් නේද මේ කවි පේලිය ? මේ කවි කියා කියා දරුවෝ හදන දෙමවුපියන් කි දෙනෙක් ගේ ඔළුවට ඇත්තටම මේ කවියේ අරුත යනවද ? පියෙක් විදියට කකාගේ ඔළුවටවත් ගියාද දන්නෑ ?
ReplyDeleteලොකු වෙලා කතන්දර කියන්න කතන්දර ට අභාෂය ලැබුනේ පොඩි කාලේ මෙහෙම අහපු ආදර අම්මාගේ කතන්දර වලින් වෙන්ඩ ඇති :)
ReplyDeleteමේක සම්ප්‍රදායික කාන්තාවන් පුම්බන කතාවක්. නූතන යුගයට මේවා ගැලපෙන්නේ නෑ.
ReplyDeleteඅද තමයි මේ කතාව හරි හැටි දැන ගත්තේ.
ReplyDeleteස්තූතියි කකා...........
ඔය කවියට ඉස්සර මමත් අඬනවා.. අනිත් කවි ටික දන්නේ අද
ReplyDeleteකතාවත් කියෙව්ව, කමෙන්‍ටුත් කියෙව්ව. නියමයි, අර දාලා තියෙන පිංතූරෙ ඊටත් හොඳයි.
ReplyDeleteමෙන්න මගේ තුට්‍ටු දෙක:
මට හිතෙන හැටියට මේක මේ කවිටික ඇත්තටම අම්ම කෙනෙක් කියපු එකක් නොවන්න ඉඩ තියනවා. ඒ කියන්නෙ කාගෙ හරි නිර්මාණයක්. ඒත් මේ වගේ හෝ මෙයට සමාන සිදුවීම් එදත් වුනා , අදත් වෙනව, හෙටත් වෙයි.
මේක පරම්පරා මත ගැටුමක්.කවිවල තේමාව වෙලා තියෙන දෙමව්පියන්න නොසැලකීම.
1. මීට පරම්පරා දෙක, තුනකට කලින්, දෙමව්පියෝ දරුවන්ව බලාගත්තා. වයසත ගියාම දරුවො දෙමව්පියන්ව බලාගත්තා. අවුලක් නැ.
2. නව පරම්පරාව, දරුවන්ගෙන් යැපෙන්න බලාපොරොත්තුවක් නෑ. දරුවන් යනු, තවදුරටත් දෙමව්පියන්ගේ "ඉන්ෂුවරන්ස් පොලිසි" එක නොවන බැවින්, දෙමව්පියෝ දරුවන් නඩත්තු කරන්නෙ සීමිත කාලයයි. මේක තමයි බටහිර සංස්කෘතිය. හොඳ , සහ නරක දෙකම තියනවා. අද නව පරම්පරාව යන්නෙ මේ ක්‍රමේට, දෙමව්පියෝ අකමැති වුනත් කරන්න දෙයක් නෑ.
එතකොට කිරි මනින්නෙ නැතුව දීපු කතාවත් අදාල නෑ. ඇයි කිරි දීපු අම්මා ඉන්නෙ නවසීලන්තෙ සාරවත් තණ බිමක නකුට වන, වන නෙව. අද කොහොමත් ලදරුවන්ට , කිරි දෙන්නෙ මැණලා තමා.
ඔය කොට්ටාශ දෙක අතර පරම්පරාව ඉන්නව නේද? උන්දලට නං අබ සරණයි. ඇයි ඉන්ෂුවරන්ස් වාරික ලෙසටම ගෙව්වට, ප්‍රතිලාභ ලැබෙන්නෙ නෑ නෙව
මේ හැම දෙයක්ම මේ විදියටම මගේ පුංචි කාලේත් තිබුණා... හැබැයි උයලා ඉවර වෙනකල් බංකුව උඩ වාඩිවෙලා කතන්දර කිව්වේ මම... අහගෙන හිටියේ ඇය...
ReplyDeleteඑහෙම කලේ පහේ ශිෂ්‍යයත්වයෙදී රචනා වලට මට වැඩි ලකුණු අරගන්නය කියලා ලොකු වුණාම දවසක ඇය කිව්වා...මැනලා වී දුන්නේ නැතත් අද මම ඇයට ගැනලා සල්ලි දෙනවා... ඒ වුනාට මේ කතාවේ අම්මා වගේ ඇය මට නෝක්කාඩු කියන්නේ නම් නැහැ...
ස්තූතියි කකා පොඩි වෙලාවකට හරි අතීතයට අරගෙන ගියාට... මේ එක්කම මට මතක් වුනේ මාව නළවද්දී ඇය ගයනා කරපු මගේ ලේවලටත් මිශ්‍රවෙලා ඇතිය කියලා හිතෙන ගීතයක්... යූ ටියුබෙන් හොයාගෙන ආයේ ඇහුවා... :)
http://www.youtube.com/watch?v=BKgxcHGqtSA
ඒ කාලේදි මම වැඩියම ආසා කල, දැන්නම් පොඩ්ඩක්වත් ආසා නැති සිංදුවේ අන්තිම කෑල්ල ඔය ඇටෑච්මන්ට් එකේ නෑ...
Deleteඅම්මයි අප්පයි දෙදෙනා, හත්දෙයියනෙ දෙයියනෙ කියලා
චූටි කුරුල්ලා ඉඹලා මහ හයියෙන් විලාප දුන්නා
කොයි කාගෙත් සැප දුක බලනා මේ මුලු තුන් ලෝකෙට ලොක්කා
සුදු පුතා බදාගෙන හඬනා ඒ මවගේ දරු දුක දැක්කා
හිත උණුවීලා අනුකම්පාවෙන් වැහිබිඳු අහසට ඇදගත්තා..
පායා හිරු පෙර වාගේ දිලුනා වනමල් පිපිලා නැටුවා
ඉන්පසු අම්මයි අප්පයි චුට්ටයි සතුටින් කල් ගෙව්වාලු සුවසේ.
පුතුනේ මේ අහගන්න පුතුනේ... පුතුනේ මේ අහගන්න...
මම කැමති ගීයක්. ලිව්වේ කරුණාරත්න අබේසේකරයන්. මියුසික්P.L.A. සෝමපාලයන්. චිත්‍රාල් සෝමපාලගේ තාත්තා. මේකේ හින්දි ගීතයත් මිහිරි බව මතකයි.
Deleteසමාවෙන්න ඕනෙ, මේ ට්ක කියන්න නං මීයට අඳින්නම වෙනවා :)
Deleteසංවේදී පිලිතුරක්, මටත් අතීතය මතක් වුනා.ඕනම පුතෙකුට අම්මා උතුම්. " අම්මා බුදු වේවා" කියල පච්ච කොටාගන්නෙ ඒකෙ නෙව ( හැබැයි , අම්මලට බුදු වෙන්න පුළුවන්, මහායානෙ විතරයි)
මේක සංකීර්ණ ප්‍රශ්ණයක් කියලයි මට හිතෙන්නෙ. ප්‍රශ්නෙ පටන් ගන්නෙ, පුතා අළුත් ලේලිව කැන්දන් ආවට පසුවයි. අම්මා කියන්නෙත් ගැහැණියක්, ගෑණු දෙන්නෙකුට එකට ඉන්න බෑ, විශේෂයෙන්ම පුතාව සාධාරණ විදිහට බෙදාගන්න බෑ. මේක ස්වභාවිකයි, සාමාන්‍ය මනුස්ස ගතිය , ඉස්මතුවෙනවා
මේ කවියෙ, ලේලිගෙ නපුරුකම ඉස්මතු කරල තිබුණට,සාමනයයෙන් කෙනහිලිකම් වෙන්නෙ නැන්දම්මගෙ අතින්. අවසානෙ , අළුත් ජෝඩුව වෙනම පදිංචියට යනවා. ප්‍රතිඵලය, ඔය කවියෙ තියනවා.
මේ විශම චක්‍රයෙන් ගැලවෙන්න නම්. දෙමව්පියන් දරුවන්ගෙන් යැපෙන පුරුද්ද නවත්වන්න ඕනෙ. අපේ තියෙන සංස්කෘතික, සමාජ සහ ආර්ථික බලපැම් නිසා මේ වැඩේ හිතන තරම් ලේසි නෑ. කෙසේ වුවත්, හැමෝම " අනේ, අපිනං එහෙම නැ, අපි නං සලකනවා" කිව්වට, බොහෝ දෙමව්පියන්ගේ තත්ත්වය සෝචනීයයි. අතපල්ලෙන් වැටිල වගේ තමයි ජීවත්වෙන්නෙ. සමස්ත සමාජයේම වැඩිහිටියෙන් කෙරේ තියෙන්නෙ, "ඔන්න චමින්ද කෙනෙක්" ප්‍රයිවට් බස් මානසිකත්වය.
එහෙම නොවන, අවස්ථා දැකල තියෙනවා. ඒ හැමතැනකම, දෙමව්පියන් තමන්ගෙ ස්වායත්තබව රැකගෙන තිවුණා. හොඳම උදාහරණෙ " ආඩම්බර තාත්තා". ඔය ඉන්නෙ යස අගේට , මුළු හත්මුතු පරම්පරාවන නඩත්තු කරගෙන
මලයනම් කොටල පොලපු හාල් හුන්ඩු දෙකක් වත් අඩුගානෙ දෙන්න ඇති. කකා මොනවද දන්නෙ නැහැ ඔස්ට්‍රෙලියාවෙ ඉඳල දුන්නෙ. ඇපල් කූඩයක් තැපෑලෙන් ඇරියද? හාල් වගේද ඇපල්.
ReplyDeleteමම බොහො කලකට පසු, මගෙ හිත මිතුරු රසික ලියන බ්ලොග් එක කියෙව්වා. මේ කතාව නිසා මට සාමන්‍යවෙන් පූජ නොකරන විදිහෙ අට පිරිකරක් අපෙ අම්මට අරන් දෙන්න හිතුන. රසික ගේ කතා ඇවිල්ල අපේ කතා ය. මගේ අම්මට මම සදා ණය ගැති ය. තත්තටත්, මගේ මාමලා නැන්දලාටත් එසෙමය. ලගදි දානෙ ගෙදරක ගෙනියන්න අම්මට අට පිරිකරක් අරන් දුන්න. මම සාමන්‍යයෙන් ගන්න අට පිරිකරට වඩා ගොඩක් විතර විතර මිල ඇති , අටකට වඩා ජාති ඇති, රිදී පාට කැටයම් පාත්තරයක් සහ ඒක තියන්න ස්ටෑන්ඩ් එකක්ද ඇති රසික පස්තාච්චි ඇද්ද රටේ නිශ්පාදනය කරපු එකක්. මේක පූජා කරපු මගේ අම්මගෙ මූනෙ ඇදුනු හිනාව මට කිසි දිනක අමතක නොවේ. මගේ අම්මටත්, මාත් ඇතුලු සියලු අම්මලාටත් තාත්තලාටත් මේ පින අනුමොදන් වේවා. නිදුක් නිරෝගී බව, චිර ජීවනය සහ සෙත ශාන්තිය වේවා. සියලු දෙමව්පියන්ට යහපත් දරුවෝ ලැබෙවා.
ReplyDelete