
ඉස්කෝලේ යන කාලේ දහයේ පන්තියේ වගේ ඉඳලා අඳුණන මගේ හොඳ යාළුවෙක් තමයි සුසන්ත සුරන්ජිත්. ක්ලාස් මේට් කෙනෙක් නං නෙමේ. කොහෙමටත් පොර බයෝ සයන්ස් නේ කලේ. මුලින් ටිකක් අඳුණාගත්තත් ඒ ලෙවල්ස් ඉවර වෙලා රස්තියාදු කාලේ තමයි හොඳටම ෆිට් වුනේ.
මං නිතරම පොරගේ ගෙදර යනවා. පව්ලේ කට්ටියත් හොඳට අඳුණවා.
දැන් නං මුණ ගැසුණු කාලයක් මතක නෑ. පොර ඉන්නේ පිටරටක නිසා. හැබැයි ඉතිං ස්කියිපියට පින් සිද්ද වෙන්න මුණත් තහඩුව නං ළඟදී දැක ගත්තා.
පොර ළඟක නැති නිසා මේ කතාව කියන්න බය වෙන්න ඕනැ නෑ මගෙ හිතේ.
ඉතිං ඔන්න විභාග ප්‍රතිපල අනුව පොර ගියා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයට.
පොර ගේ මල්ලී ගියේ අපේ ඉස්කෝළෙටමයි. මැන්ස් කළෙත් බයෝ. තව අවුරුදු දෙකක් විතර යද්දී මල්ලිත් තේරුණා රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්ය පීඨයට.
ඊළඟට හිටියේ පොඩි නංගියා යි. එයා නං ගියේ අපේ ඉස්කෝලෙට අල්ලපු බාලිකාවටයි. එයාත් කලේ බයෝ සයන්ස් ම තමයි ඉතිං පවුලේ ට්‍රැඩිෂන් එක පරිදි.
ඉතිං තවත් අවුරුදු දෙකකින් විතර මට සුසන්ත සුරන්ජිත් හමුවුණු වෙලාවක කිව්වා ඔන්න වූටි නංගී ඒ අවුරුද්දේ ඉඳලා යනවා කියලා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය විද්‍යාව කරන්න.
මගේ කටට කෙලින්ම ආවේ මෙන්න මේකයි.
"ඇති යන්තං මචං, දැන් ඉතිං තව අවුරුදු හතරකින් උඹලෑ පවුලට බේත් ගන්න පවුලේම වෛද්‍යවරියක් ඉන්නවා..."
කතන්දරකාරයා
ප/ලි
මේ ලඟදී තිබුණු සංදර්ශණයකදී දේශපාලකයෙකු ගේ රෝගී තත්වය බලන්න වෛද්‍ය ජයන්ත පෙරේරා ද කොහෙද ආවය කියන ආරංචිය දැකලා කවුදෝ කඩප්පුලි කතාවක් කියලා තිබුණා එයා ආවේ ඇයි එන්න තිබුණේ වෛද්‍ය ප්‍රමිත් නේද කියලා.
පස්සෙ බැලින්නම් මේ ප්‍රමිත් මගේ යාළුවාගේ නංගී ඉගෙන ගත්තු තැන උපාධිධාරියෙක් ලු.
ඒ කතාව අහලයි මේ ලියපු කතන්දරේ සිහියට ආවේ.
ප/ප/ලි
පල්ලම් පොලු විවේකය හොඳින් ගෙවේ!
ඇති යන්තම් අද කතාන්දරයක් ලියල.
ReplyDeleteමට ආරංචියි ඒ වෛද්‍යවරියගෙන්ම තමයි කතන්දරත්... එක්කොත් මොකටද නිකම් ආරංචි පතුරවන්නේ නේද කතන්දර..
෴ස්තූතියි ෴
෴සුබ දවසක්෴
අප්පේ ඇති කතන්දරයක් දාල තියෙන්නේ. අදනම් දවස හොඳවෙයි.
ReplyDeleteමේක අහල ඒ දවස්වල කියපු සත්තුන්ට බෙහෙත් කරන වෙදෙක් ගැන කතාවක් මතක් වුනා මං හිතන්නේ ඒක හැමෝම දන්නවා ඇති.
මේ අර සිස්සත්තෙට ගිය සුසන්තද?නැත්තන් හොඳ සුරන්ජිත් ද?
ReplyDeleteදැන් රෙස්ට් කරන්නෙ ඔය වෛද්‍යවරිය කියපු හින්දද?
ReplyDeleteඅනුන්ට මඩ ගහන්න ගියාම තමන්ගෙ ඇගෙත් මඩ ගෑවෙනව කියල ඉස්සර හිටපු මිනිස්සු කියල තියෙන්නෙ නිකං නෙවෙයි වගෙ ... හිහ් හිහ් ...
ReplyDeleteනියම කතාව....සුබ දවසක්........:))
ReplyDeleteඅපි ඊයෙත් ඇවිත් හැරිලා ගියානේ, ඇති යාන්තම් පවුලේ දොස්තර නිසා හරි විවේකය කඩන්න හිතුනු එක
ReplyDeleteඑල එල.. :)
ReplyDeleteඇති යන්තම් අද කතාවක් ලියලා...
ReplyDeleteඔය කතාව බයෝ සයන්ස් වලට නේද?
ReplyDeleteයාලුවාට තරහ යන්න් ඇති එකසිය ගානට..හේ..
ReplyDeleteපියානන්ගේ රොගීතත්වය කොහොමද...?
හික් හික්....
ReplyDelete@Wath
ReplyDeleteමං හිතන්නේ වත් තමයි ඔය කුණ්ඩලිය සංකේතය වැඩියෙන්ම පාවිච්චි කරන කෙනා. මොකක්ද මේකේ රහස?
@ප්‍රියන්ත
ReplyDeleteඔය කියන්නේ අර මලගෙදරකට කඩා වැදුණු දේශපාලඥයා කළ කතාව ගැනද?
@ඇනෝ-1
ReplyDeleteමෙයා සුසන්ත සුරන්ජිත්. වෙන චරිතයක්. සිස්ස්සෙස ගිය සුසන්ත මළා නේ, මතක නැද්ද?
@nishan
ReplyDeleteඅපෝ නෑ, ඒ වෛද්‍යවරිය දැකපු කාලයක් මතක නෑ.
මං මේ රෙස්ට් කරන්නේ ගෙදර වෛද්‍යවරිය ගේ උපදෙස් පරිදියි.
@ඇනෝ-2
ReplyDeleteමඩ වැඩ ඇග්‍රිකල්චර් වැඩනේ. මේව හොඳ වෙටනරි සයන්ස් වැඩ.
@හේමලයා, හරී, වැම්පයර්
ReplyDeleteආවට ස්තුතියි! කතන්දරේ කියෙව්වට ස්තුතියි!! කමෙන්ට්වලට ස්තුතියි!!!
@sameerausa, පිස්සා පලාමල්ල
ReplyDeleteආවට ස්තුතියි! කතන්දරේ කියෙව්වට ස්තුතියි!! කමෙන්ට්වලට ස්තුතියි!!!
@seradeepaya
ReplyDeleteඔව් ඔව් බයෝ සයන්ස් කලොත් තමයි මෙඩිසින්, වෙට් කරන්න පුළුවන්!
@ ඉලංදාරියා
ReplyDeleteතාත්තාට නම් කිසිම ගුණයක් නෑ. මොනවා කරන්නද? දුක තමයි.
මම පොඩි කාලෙ එක පශු වෛද්‍යවරයෙකුට හරිම ආසා කළා. ඒ තමයි දොස්තර හොඳ හිත.
ReplyDeleteසත්තුන්ට දෙන ගොඩක් බෙහෙත් මිනිස්සුන්ට දෙන ඒවාම තමයි. මාත්‍රාව වෙනස්. සත්තුන්ට කියල විශේෂයෙන් හදන බෙහෙත් ගොඩක් අඩුයි. ඒක හින්දා පශු වෛද්‍යවරයෙක්ගෙන් වුණත් අපි මිනිස් සත්තුන්ටත් බෙහෙත් ගන්න පුළුවන් .
හැබැයි Exceptions තියෙනවා
උදා: පූසන්ට පැරසිටමෝල් කියන්නෙ මිනිසුන්ට සයනයිඩ් වගේ. පූසන්ට උණ හැදුනම දෙන්නෙ වෙනම බෙහෙතක්.
අපෙ ගෙදරත් පවුලේ වෛද්‍යවරියක් ඉන්නවා. ඉතින් මමත් ටික ටික දන්නවා සත්තුන්ට කරන ගොඩ වෙදකම් ;-)
@Chanaka
ReplyDeleteමකරුන්ට බේත් කරන්නේත් ඉතිං දොස්තර හොඳහිතලා නේන්නං!
@කතන්දරකාරයා
ReplyDeleteඔව් ඒ කතාව තමයි.
යන්තම් කතාවක් දාලා. මේක නැති උනාමත් හිතට හරි නැහැ වගේ අප්පා.
ReplyDelete:)