ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Sunday 25 September 2011
මෙන්න අර අහවල් ලිපිය "කොට කලිසං කාරයෝ" : Self appointed owners of my school need not read this!
සිකුරාදා කතන්දර බ්ලොග් එකේ පලවූ "ඉස්කෝලේ නම හංගන්නේ ඇයි?" කියන කතන්දරේ මං "වහෙං ඔරෝ" ක්‍රමයට සඳහන් කරපු මගේ සඟරා ලිපිය අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක යටතේ දාන්න හිතුණා.
මෙන්න ඒක. මේ ලියවිල්ලේ පාවිච්චි කරලා තියෙන භාෂා විලාසය ගැන නං ඉතිං සොරි තමා හොඳේ!
කොට කලිසම් කාරයෝ
දිගු කලකට ඉහත මා විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ අපේ කණ්ඩායමේ කුරුවිට නම් වූ ශිෂ්‍යයෙකු විය. රජරට සිය නිජ බිම කරගත් කාල වර්ණ චර්ම කල්‍යාණයෙන් යුතු අඩි පහක් පමණ උසැති කුරුවිට කාගේත් සිත් දිනාගත් විනෝදකාමී පුද්ගලයෙකි. සෑම විශ්ව විද්‍යාල සිසුවෙකුට ම වාගේ ඔහුට ද අන්වර්ථ නාමයක් පට බැඳ තිබුණි. එය කේ සෙවන් කුරේ නම් විය.
කුරේ යනු කුරුවිට යන වාසගමේ කෙටි ඇමතුම් නාමයයි. කේ සෙවන් යන්නෙන් අදහස් කෙරුණේ ඉංගිරිසි කේ අකුරු සප්තකයකි. කළු, කොට, කෙට්ටු, කැත, කපටි, කුපාඩි යනාදී විශේෂණ පද හතක් කේ සප්තකයෙන් නිරූපනය විය. මේ අන්වර්ත නාම වලින් සාමාන්‍යයෙන් හුදු විනෝදය මිස කිසිදු අපහාසයක් අදහස් නොකෙරුණු බව කිව මනාය.
මා අද කතාකරන්නේ කේ සප්තකයක් ගැන නොව කේ ති‍්‍රත්වයක් එනම් කේ.කේ.කේ ගැනය. කේ.කේ.කේ නමින් සාමාන්‍යයෙන් නම් හැඳින්වෙන්නේ ඇමෙරිකාව මූලස්ථානය කොට ගෙන කි‍්‍රයාත්මක වේ යැයි සැලකෙන කූ කුකල්ස් ක්ලැන් (කේ.කේ.කේ* නම් වූ කූප‍්‍රකට අන්ත ජාතිවාදී සුදු සංවිධානයකි.
එනමුදු, මගේ කෝෂ්ඨාගාරයේ කේ.කේ.කේ නමින් අදහස් වෙන්නේ කොට කලිසම් කාරයෝ යන්නයි. මා ”පමා නොවී එමි අකුරට” යන මැයෙන් මා ලියන මේ කොලමේ මුල් පියවර සඳහා මේ මාතෘකා නාමය යොදා ගත්තේ ඒ ඇසුරෙන් මගේ ගැටවර දිවියේ එක්තරා අත්දැකීමක් ඔබ හා බෙදා ගැනීමටයි.
”පමා නොවී එමි අකුරට” යන යෙදුම ඉගෙනීමේ යහපත් ප‍්‍රථිඵල ගැන ලියවුනු කවි පන්තියක එන්නකි. මගේ මේ කොලම සඳහා මා මේ පදය යොදා ගන්නේ ”අප්පමාදෝ අමත පදං” යන පාලි පාඨයට විකල්පයක් වශයෙනි. ධම්ම පදයේ එන ඒ පාලි පාඨය වනාහී මා කලක් උගත් කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදර්ශ පාඨයයි.
දැන් කිසියම් පැහැදිලි කිරීමක් කල යුතු ම වේ.
කලකට ඉහත කුලී නිවසක පවත්වාගෙන ගිය චමරියක එක හැලියේ බත් කමින් වසරකටත් වඩා සාමූහිකව ජීවත් වෙමින් සිට, පසුව සිත් අමනාපකම් ඇති කරගෙන වෙන්වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු, අනෙකා ගැන සඳහනක් කරමින් ” ඕකා ඉගෙන ගත්තේ ආනන්දේ කියලා කිව්වට, මේ, පස්සෙ ඉස්කෝලෙට ආපු එකෙක්” යැයි මා සමඟ කීවේය.
එතෙක් ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගත් සිසුන් අතර එවැනි බේදයක් ගැන දැන නොසිටි මගේ සිත තුල ඒ ප‍්‍රකාශය නිසා ඇතිවූ ඉච්ඡුා භංගත්වය නිසා දෝ, ඉන් පසු සෑමවිටම මගේ පෞද්ගලික විස්තර විමසන අයට මා පවසන්නේ ”මං උසස් පෙල කළේ ආනන්දේ” කියා ය.
නමුත් ඇත්ත වශයෙන්ම මා ආනන්දයේ ඉගෙනුම ඇරඹුවේ දහයේ පන්තියෙනි. එතැන් සිට වසර හතරකුත් මාස හයකට පසු පාසලෙන් අස්වෙන තුරුම දිනපතාම පාහේ පාසල් ගියෙමි. කණිෂ්ඨ විද්‍යාලයේ සිටි පස් වසරට පසු මා වැඩි කාලයක් ශිෂ්‍යයෙකුව සිටියේ ආනන්ද යේ ය. ”අප්පමාදෝ අමත පදං” යන පාලි පාඨය මා හද බැඳ ගත්තේ ඒ නිසාවෙනි. ”පමා නොවී එමි අකුරට” නමින් මේ කොලම නම් කෙරුවේද ඒ නිසාවෙනි.
දහය වසරේ සිට ආනන්දය ට පැමිණීම මගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් විය. මම ජීවිතයේ පහලොස් වන වසර ගෙවමින් ගැටවර වියට එළැඹෙමින් සිටියෙමි. අපට තනිවම ගමන් බිමන් යන්නට නිදහස ලැබුනේ ද, අපේ අතේ සුළු වශයෙන් හෝ මුදල් ගැවසෙන්නට පටන් ගත්තේ ද මේ සමගය.
මේ ගැටවර වියේ එක් සිහිනයක් වූයේ එතෙක් අඳිමින් සිටි කොට කලිසමට ආයුබෝවන් කියා දිග කලිසම් ඇඳීමට පටන් ගැනීමයි. නමුත්, දහවන ශ්‍රේණියේ ආනන්දේ ඉගෙනීම ඇරඹුවද මට එම වාසනාව එක්වරම උදා නොවුණි. මා පමණක් නොව මරදාන-බොරුල්ල පාර අද්දර ගොඩනැගිල්ලේ ඉහල මාලයේ පිහිටි මගේ පන්තියේ සිටි සිසුන් තිස් හය දෙනාගෙන් අඩු වශයෙන් දහ දෙනෙක් පමණ දෙනා තවමත් දිග කලිසම් සිහිනය සැබෑ කර නොගත්තෝ, එනම්, කේ කේ කේ ලා හෙවත් කොට කලිසම් කාරයෝ වූහ.
මා ද ඇතුළු කේ කේ කේ ලා බොහෝ දෙනෙකු තවමත් එතරම් උස මහතට වැඩුනු කොල්ලන් නොවුනි. එනිසා කොට කලිසම තවදුරටත් ඇඳීමේ මහා ප‍්‍රශ්ණයක් අපට නොතිබුන බව කිව හැකිය. එසේ වුවද, අප පිරිස අතර සිටි සුනෙත් කරුණාපේ‍්‍රම මිතුරා නම් ඒ වන විටත් වයසටම සරිලන උස මහත තරුණයෙකු වූ නිසා අපේ පන්තියේ කොට කලිසම් කාරයින් අතර ඔහු හොඳින් කැපී පෙනුනි.
නිරිත දිග මුහුදු කලාපය නිජ බිම කරගත් සුනෙත්, එඩිතර චරිතයක් ඇත්තෙකු වූවේය. ඕනෑම අසාධාරණයක් ඉවසා ගෙන ඉන්නට කුඩා කල සිටම අප බොහෝ දෙනෙකු පුරුදු වී සිටිය ද සුනෙත් නිසැකවම ඒ මානසිකත්වය පරයා වැඩුණු අයෙක් බව පෙනුණි.
දැන් මගේ මේ කතාවේ කූටප‍්‍රාප්තියට පැමිණෙන්නම්.
අපට ඉංගිරිසි විෂයය ඉගැන්වූයේ සේනානායක නම් වූ ගුරුවරියකි. දිනක් එක්තරා ඉංගිරිසි වදනක අර්ථය ඇය තේරුම් කර දෙමින් සිටියදී, සුනෙත් එකවරම පවසා සිටියේ ඒ හා සමාන නමකින් ඇමෙරිකානු පොප් සංගීත කණ්ඩායමක් ද ඇති බවයි. ඒ තැනට නොගැලපෙන සහ බාධාකාරී කතාව අසා කෝපයට පත් වූ ගුරුවරිය, සුනෙත් ට බැන වදිමින් ඔහුට නැගී සිටින්නට අණ කළාය.
අසුනෙන් නැගිට සිටගත් මේ උස මහත සිසුවා දුටු සැනෙන්, ඔහු කොට කලිසමකින් සැරසී සිටි නිසාදෝ, ඇය ගේ මුවට සිනාවක් නැගුණි. පාඩමට අදාල නොවන දේ කියා බාදා කිරීම ගැන සුනෙත් ට දොස් පවරද්දී ඇගේ මුවින් ”ඇවිත් මෙතන ජංගි කොටයක් ඇඳගෙන” වැනි වදන් කිහිපයක් පිටවිය.
සුනෙත් ගේ නිර්භය කම, අසාධාරණය නොඉවසීමේ ගතිය, මා ඉතා හොඳින් දුටුවේ එදාය.
”ටීචර් අපේ දුප්පත් කම ගැන ඔහොම හිනාවෙන එක හරිද?” ඔහු අසා සිටියේය.
”අපේ දෙමව්පියන් දුප්පත් නිසා, අපි අපිට තියෙන විදියට කොට කලිසමක් හරි ඇඳගෙන අපි ඉස්කෝලෙ එනව. දුප්පත් වීම වරදක් ද ටීචර්?” ඔහු ප‍්‍රශ්ණ කළේ, ගුරුවරිය තූෂ්නිම්භූත කරමිනි.
සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් ඇයට කට උත්තර නැතිවිය.
පාසල් සිසුවෙකු විසින් තම අයිතීන් රැකගැනීමට හෝ සමාජ අසාධාරණයට එරෙහිව කළ මා දුටු හොඳම ඒකල සටන එයයි.
සුනෙත් කරුණාපේ‍්‍රම, කලක් රජයේ හමුදාවේ නිලධාරියෙකු ලෙස සේවය කොට ඉන් මිදුණු පසු පෙර පිං බලයෙන් වීසා ලොතරැුයිය දිනා එක්සත් ජනපදයට සංක‍්‍රමණය කළේය. එහිදී ඔහු එක්සත් ජනපද යුධ හමුදාවේ සාමාන්‍ය භටයෙක් ලෙස සේවයට බැඳුණි.
පැය කිහිපයක් ඇතුලත ගුවන්ගත වී ලෝකයේ ඕනෑම තැනකට පැරෂූටයකින් බැසීමට තමා සූදානමින් සිටිනා බව සාජන්ට් කරුණාපේ‍්‍රම කලකට පෙර මට විද්‍යුත් ලිපියක් මගින් දැන්වීය.
එදා කොට කලිසන් කාරයන් පසු කලෙක, ඇවැසි නම්, ලොවම පාලනය කළ හැකි අය වූයේ එලෙස ය.
ප/ලි:
මේ ලිපිය දැකපු ඉස්කෝලේ අයිතිකාරයෙක් මට නොසෑහෙන්න දොස් කියපු බව මං සිකුරාදා කතන්දරේ ලිව්වා.
පොර ඇත්තටම කිව්වේ මං මේ ලිපිය ලියලා පාසලට නිග්‍රහ කරන වෙලාවේ ඒ වෙනුවට කරන්න තිබුනේ ඉස්කෝලේ ඉන්න කොට කලිසං අඳින ළමයින්ට දිග කලිසං අරං දෙන ප්‍රොජෙක්ට් එකක් කරන එකයි කියලායි!
දිගටම මේ ලිපි පල කෙරුවොත් ඒ ගැන තීරණයක් ගන්න වෙනවාය කිව්වා. ඒ තීරණය මොනවගේ එකක්ද කියලා නං මං දැන්මම එළිකරන්ණ අදහසක් නෑ.
මොකද මොනවා කළත් ඉස්කෝලේ කොල්ලෙක් නේ. මෝඩකම නිදහසට කරුණක් කරගන්න ඉඩ දෙනවා පොරට.
(image: http://www.sannasa.net)
Labels:
ඉස්කෝලේ,
සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා
Subscribe to:
Post Comments (Atom)
අරූ ඇමරිකාවේ. ටීචා තාම 11 පන්තියෙ..
ReplyDeleteඅපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ..
පොර ආනන්දෙන් නිකන් ඉගනගන, ලංකාවේ හමුදාවෙන් පුහුණුව අරගන ඇමෙරිකාවට පුක දෙනවා. අපේ ටීච ඒ වගේ අපතයෝ එකෙක් දෙන්නෙක් ඇරුනම තවත් දහස් ගණනකට යහ ගුණ කියල දෙන්න ඇති. සරත් ෆොන්සේකා වගේ රට ජාතියට ආදරය කරන.
Deleteකතන්දර නම් සිරාවටම ඉගෙන ගත්තේ ආනන්දේ කියලා කිව්වට, මේ, පස්සෙ ඉස්කෝලෙට ආපු එකෙක්. නැත්නම් තමන්ගේ බ්ලොග් එකට හිත එකක් දෙකක් දාගන්න මේ වගේ කුණු කතා කියයිද
@ Anonymous May 23, 2012 12:14 AM
Deleteමොකක්ද ළමයෝ මං කියපු කුණු කතාව. පොඩ්ඩක් උපුටා දක්වනවද?
අනික ඔයා මේ ලිපිය කියවා නැති බව දෙවෙනි ඡේදයේ මුල් වැකියෙන් පේනවා. මං ආනන්දේ හිටියේ අවුරුදු හතරයි මාස හතරයි. ඉතිං මොකද? මේ කේවල සිද්ධියට ඒක අදාල වෙන්නේ කොහොමද?
අනික මගේ පන්තියේ සගයා ඇමරිකාවට ගියේ ආමි එකෙන් හොරෙන් පැනලා නොවෙයි. පොර නියමිත කාලය සේවය සපුරා අස්වෙලායි ගියේ. පුදුම කතානේ ඔහේ කියන්නේ.
දැන් කොල්ලො කෙල්ල එක්ක යන්නෙත් කොට කලසන් ඇඳලා. සන් ග්ලාස් දාලා කොන්ඩෙ ජෙල් ගාලා. බලන්න ලස්සනයි. ඒත් සමහර වයසක අයට කොට කලිසම කැතයි. මේ තරම් පෝලීයෝ රෝගීන් පිරිසක් ලන්කාවේ ඉන්නවද කියල හිතෙනවා.
ReplyDelete1 වසරෙ ඉඳන් ඉගෙන ගත්තත්, 6 වසරෙදි ශිෂ්‍යත්වයෙන් ආවත්, උසස් පෙළ විතරක් කලත් ඔහු පාසලේ සිසුවෙක්. ඔහු ඇත්තටම තමන්ගේ පාසලට ආදරේ නම්, තමන් ඒ පාසලේ ඉගෙන ගත්ත බව ගෞරවයෙන් යුතුව සිහි කරන්න කැමති නම් එය ඔහුගේ අයිතිය.
ReplyDeleteපාසල් වල කොට කලිසමෙන් දිග කලිසමට මාරු වෙන්නේ , යම් පන්තියකදි කියලයි මම හිතුවේ.ඒ කියන්නේ ඔන්න අපි හිතමු 10දි කියල. 10 පන්තියට යන කොට කවුරුත් දිග කලිසම් අඳින්න ඕනි.අන්න ඒ වගේ.
ReplyDeleteඉතින් කවුද ඔයාලට කියන්නේ , “ හා ළමයි දැන් ඔයා දිග කලිසමක් අඳින්න “ කියලා.
කුරුවිට නම බ්ලොග් කිහිපයක දිම මුණ ගැහුන වගේ මතකයක් තියේ. එකම කුරුවිට ද , වෙනත් කුරුවිටලා ද දන්නෙ නැහැ.
ටීචර්ලගේ ඇතැම් ක්‍රියා කලාපයන් නිසා , ළමා සිත් රිදෙන තරම් නම් කියන්න වචන නැහැ. ඇතැම් විටක ඔවුන් වැඩි දුර දිග නොසිතා කීව ද, එයින් දැඩි හානියක් සිද්දවෙන බව නම් අත්දැකීමෙන් දනිමි. සමහර විටක අනාගතයේ බිහිවෙන්නට සිටින වැදගතුන් , හකුළා සුනු විසිණූ කර දැමීමට ඒ වච හේතු වෙන බව ඔවුන් නොදන්නවා වෙන්න පුලුවන්.
”අපේ දෙමව්පියන් දුප්පත් නිසා, අපි අපිට තියෙන විදියට කොට කලිසමක් හරි ඇඳගෙන අපි ඉස්කෝලෙ එනව. දුප්පත් වීම වරදක් ද ටීචර්?” කතන්දර මේ සිද්ධිය ඒකල සටනක් විදිහට දැක්කත්, මම මේ කතාව දකින්නේ අදට ද ඇතැම් කාරණා වලදි හරියන නිහඩ සිසුන් බහුතරයකගේ හඬ නැගීමක් ලෙසයි....
අද කතාවට අහසෙන් තරු ගොඩක් ...... ****************
ඒ වගේ නිර්භීත ආත්ම අභිමානයක් තියෙන කෙනෙක්ට මුළු ලෝකෙම දිනන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ...
ReplyDeleteකවුරු මොනව කිව්වත් මේ ලිපියේ භාෂා විලාසයට මම නම් කැමතියි.
ReplyDeleteපහුගිය දවස්වල සරමේ අභිමානය ගැන කතා කරමින් හිටපු නිසා කොට කළිසම ගැන කතා කිරීම විහිළුවක්. අනිත් එක අපට ඒ දවස් වල ඉහළ පන්තිවලට ගියාට පස්සේ කොට කළිසම් අඳින්න ලැජ්ජ හිතුනට දැන් කොට කළිසම විලාසිතාවක් වෙලානෙ. මට නං තවමත් කොට කළිසමක් ඇඳගෙන පාරෙ යන්න මොකක්ද වගේ. මම හිතන්නෙ අපේ පුතාලගෙ ඉස්කෝලෙනං දහයෙ පන්තියෙදි දිග කළිසම අනිවාර්ය කරලද කොහෙද. (සොඳුරු සිත කමෙන්ට් කළා වගේ)
මේ කතාවෙ මම දකින වැදගත්කම කොට කළිසම නෙමෙයි.
ගුරුවරුන්ගේ වචන ළමයින්ගෙ හිත් වලට බලපාන්නෙ කොහොමද කියන එක ගුරුවරුන්ට උගන්නනව ඇති කියලයි මං හිතාගෙන හිටියෙ. එහෙම කරන්නෙ නැත්තං අද ඉඳල හරි පටන් ගන්නම වෙනව. ගුරුවරු අතින් දරුණු වචන අනවශ්‍ය ලෙස පිට වෙන අවස්ථා තියනවා.
ඔය සේවාස්ථ පුහුණු අරව මේව කෙළවරක් නැතුව තියෙනවනෙ. ළමා මනෝ විද්‍යාව වගේ විෂයයන් දැන් හුඟක් දියුණුයි.
මා අතිනුත් මගෙ ළමයින්ටයි මගෙ හාමිනේටයි තවත් අයටයි හිත රිදෙන වචන නොකියවෙනව නෙවෙයි. ඒත් එක පාරක් කියවුනාම මට වැරැද්ද තේරුනොත් ආයෙ එහෙම කරන්නෙ නැ මමනං. මොකද කියනවනං සමහර වෙලාවට කියවුනු වචනයක් ආපහු ඇදගන්න බෑ. නිවැරදි කරන්න බෑ. මම ඒ වචනෙන් අදහස් කළේ එහෙම එකක් නෙවෙයි මෙහෙම එකක් කියල කොමෙන්ට් කරල හරියන්නෙ නෑ.
"එනව මෙතන කොට කළිසමක් ඇඳගෙන" කියපුවහම ඒක එක පැත්තකින් ජාතිවාදය වගේ දෙයක්. ජාතිය හෙවත් ජන්මයට නිග්‍රහ කරනව වගේ තමයි දුප්පත්කමට හෝ එහි ප්‍රතිපලයකට නිග්‍රහ කරන එකත්.
ජන්මයත්, පැවතුන දුප්පත්කමත් තමන්ට වෙනස් කළ නොහැකි දේවල්.
-ට්‍රැෆික්
මේ ලිපියේ භාෂා විලාසයට මමත් කැමතියි.
ReplyDeleteගුරුවරු අතින් උනත් පොඩි පොඩි වැරදි සිද්දවෙනවා.
ආදර්ෂමත් චරිතයක්...කාලෙකින දකින්න නොලැබෙන කොන්ද පන තියන මනුස්සයෙක්..දැකල නැති වුනාට අහන්න ලැබීමත් සතුටක්.........
ReplyDelete"සකල බුජං" මතක් වුනා
ReplyDeleteකතන්දරගේ මේ කතාවේ කේ.කේ.කේ.ගැන කොටසට වැඩ මගේ හිතට දැනුනේ ගුරුවරුන්ගේ ක්‍රියාකලාපය හමුවේ ළමයෙන්ගේ මානසික අද වැටීම ගැනය්.අපේ ශා.තෝමස් බාලිකාවේ හිටිය විද්‍යා ගුරුවරියගේ වචන මාලවනම් ඒ දවස්වල හරිම පහත තත්වෙක තිබ්බේ පොඩි දෙයකට උනත් අනවශ්‍ය වචන වලින් බනින්න මේ ගුරුවරිය හරිම දක්ෂ්ය් හැබය් හොදින් ඉගැන්නුවා බවත් කියන්නම ඕන.අපි කට්ටියක්ම සා/පෙ ට කිට්ටු කරලා තියෙද්දී නළු නිලි පින්තුර අලවපු සමරු පොත් හැදුවා හැබය් මේවා පාසලේ තහනම්.කොහොමහරි අපි කට්ටියගෙම පොත් ඉස්කෝලෙට අහුවෙලා අපිට දඩුවම් කලා.මේ අහුවුනේ පන්තියේ හොදට ඉගනගත්ත ඒවගේම,බොහෝ අයගේ දෙමව්පියන් ලග නැතුව පාසල් ආපු අය.ඉතින් මේ විද්‍යා ගුරුවරිය අපි කට්ටියව පේලියට තියලා නොසහෙන ලෙස බැනල අවසානේ "අවජතකයෝ" කියලත් බැන්න දැන් කට්ටියටම ඇඩෙනවා,දෙතුන්දෙනෙකුගේ අම්ම හෝ තාත්තා අන්ත්රවෙච්ච එක්කෝ නීතියෙන් වෙන් වෙච්ච එහෙමත් නැත්නම් පිටරට හිටපු අය තමය් වැඩිපුර හිටියේ..එත් එක්කම අපේ එක යාලුවෙක් තරහින් කිව්වා මිස් වැරදි කරත් අපි අවජතකයෝනම් නෙවි කියල.
ReplyDeleteකොහොමහරි අපි වැඩිහිටියෝ මාර්ගෙන් ප්රින්චිපල්ට කියල මිස්ට තදින් අවවාද කරලා තිබ්බා වචන බාවිතය ගැන.දැන්නම් මේ ගුරුවරි හොදින් හැසිරෙනවා කියල අරන්චිය්
*වසිලිස්සා*
බටු ඇට සයිස් පොඩි උන් හැමදාම කොට කලිසන් ඇඳන් ඇවිත් හිටපු ගමන් දිග කලිසන් ඇඳන් ඇවිත් ඉන්නවා දැක්කම නම් ටිකක් හිනා යන්නත් එනවා , ( අපහාසෙකට නෙමේ, පොඩි උන් ලොකු වෙන්න හදන විදිහ දකින කොට ) ,ගොඩක්ම පුංචි ළමයි ට ගැලපෙන්නේ නෑ.
ReplyDeleteඅපි 10 වසරට පාස්වෙලා මුලින් දිග කලිසම් ඇඳගෙන ඉස්කෝලේ ආපු දවස බාලදක්ෂ කණ්ඩායමේ රැස්වීමක් තිබුණු දවසක්.
ReplyDeleteඅපේ ජ්‍යෙෂ්ඨ අයියලා අපෙන් ඇහුවා "කෝ මල්ලිලා L- Board එක ???" කියලා :))
එළ එළ..... ටීචර් වුනත් කවුරු වුනත් කියන්න තියනදේ කෙලින් කියන්න ඔන
ReplyDeleteහප්පේ . . . කකුල් දෙකටම දිග කලිසමක් ඇඳගෙන ස්කෝලෙ යන දවස ගැන තිබුන ආසාවක් දහය වසරට එන්න කලිං . . . . .
ReplyDeleteකථාවනම් පට්ට. පොඩිකාලෙ ඉදන් අත් දකින ඇතිනැති බේදය පටන් ගන්නෙ මේ වගේ පොඩි දේවල්වලින්. පහත් තැනින් ගලා යයි ජලේ කියලත් කියනවනෙ.
ReplyDeleteඉස්කොලෙ නම ගැන නම් කියන්න තියෙන්නෙ මේ කියපු දේවල් වෙන්නෙ ජනප්‍රිය යැයි සම්මත පාසල්වල.සමහර පාසල්වල එකම වසරේ අවුට් වුනාට ආදි ශිෂ්‍ය කණ්ඩායම් 2,3ක් තියනවා කියලා මම අහලා තියනවා. ඉස්කොලෙට ආපු වසරේ නමින්,අවුට් වුනු වසරේ නමින් වගේ.(එතකොට සමහර කණ්ඩායම් වල ඔක්කොම ළමයි set වෙන්නෙ නෑ.)
එතරම් සල්ලි කාරයන් නොහිටි පලාතක වූ මා උගත් පාසලේ සපත්තු දැමීම අනිවාර්ය වීම නිසා [ඒ හරියේ එහෙම නීතියක් තිබ්බේ එහෙ විතරයි] ඒ කාලේ විප්ලවකාරයෙකු වූ මා ද උරණ වී හිටියා. අපේ ඉස්කෝලේ උසස් පෙළ එනකම් දිග කලිසම් තහනම්. ඇඟ පත නැති අපි ඇන්දට ගානක් නැහැ. ඒත් 11 වසරේ තඩි කොල්ලන් අඳින කොට නම් පොඩි අවුලක් තිබ්බ. මිශ්‍ර විදුහලක් නිසා කෙල්ලෝ නම් ඒ නීතියට කැමති වෙන්න ඇති. [අන්තිම වගන්තිය මරණ වරෙන්තුව අතින් ලියා ගැනීමක් විය හැක]
ReplyDeleteඇත්තටම එහෙම ලමයි තමා ස්කෝල වලට ඕනා... සමහර ගුරුවරු හිතාන ඉන්න විදිහ වැරදි කියලා ඔප්පු කරන්න පුලුවන් එහෙම අයට....
ReplyDeleteදැන් නම් ඒ ටිච පැන්ශන් අරන් ඇතිනේ......
[[දැන් නම් ඒ ටිච පැන්ශන් අරන් ඇතිනේ......]]
ReplyDeleteබුදු අම්මෝ කතන්දරගේ ඕ ලෙවල් ටීචර් නේ. දැන් ඇත්තේ අලුත් පත්වීමක් ලැබී දුෂ්කර සේවයේ. තේරුනා නේ :)
[වයසට හිනා වෙන ඒක නවත්තන වයසට පැමිණ ඇති මුත්, සමහර ගති ලේසියෙන් යන්නේ නැත]
@ All
ReplyDeleteදැන් නං පොඩි කොල්ලන්ටත් කඩෙන් ඩෙනිම් සහ අනෙකුත් දිග කලිසම් ගන්න තියෙනවා.
අපේ කාලේ කලිසම් මස්සවන්න ඕනෑ රෙදි අරගෙන.
මං පොඩි කාලේ ඉඳලා පාසලට ඇන්දේ කොට කලිසම්. සුදු අඳින්න නියම වුණු කාලේ පිටට අඳින්න නිල්පාට හෝ කළු පාට කොට කලිසම් ලැබුණා.
දිග කලිසමකට යන ගාණෙන් කොට කලිසම් දෙකක් මහන්න පුළුවනි.
එනිසා මට දිග කලිසම් ලැබුනේ එකොලහේ පන්තියට ගියාමයි.
ඒවාත් අරං දුන්නේ මගේ ඥාතීන්.
හැමෝම කොට කලිසම් ගැණ මිසක් මට බැනපු පොර ගේ තර්කය ගැණ අළුතින් යමක් කියලා නෑ. මටත් හිතෙන්නේ පොරට බැනලා පලක් නෑ කියලයි.
ස්තුතියි. ජයවේවා!
@Sujeewa Kokawala
ReplyDelete//මිශ්‍ර විදුහලක් නිසා කෙල්ලෝ නම් ඒ නීතියට කැමති වෙන්න ඇති.//
හලේ පිස්සුද කෙල්ලෝ දිග කලිසම් අඳින අය්යලා දිහා දත කට මැදගෙන අනිමිසලෝචනය කරන්නේ. ඒ දවස්වල අපි ඉස්කෝලේ යද්දී 'ලෝන්ග්ස් අඳින' අයියල ට තිබුන වටිනාකම වැඩියි. මම නම් හිතන්නේ කොල්ලෙක්ගේ ස්මාට් ගතිය ඒකෙන් කැපිලා පේනවා ඇති...
කතන්දරගේ යාලුවා සුනෙත් ගැන මට ඇතිවෙන්නේ ගව්රවයක් ! බය නැති කොන්ද කෙලින් තියන් ඉන්න කෙනෙක් වගේ.
හි හි කතන්දරගේ ඉස්කෝලෙට අනම් මනම් කිව්වොත් ඉස්කෝලේ අයිතිකාරයෝ කෙසේ වෙතත් ගෑනු ළමයින් ගෙන් ටොකු කන්න වෙයි! මොකද ඔය ඉස්කෝලේ මම ඉස්කෝලේ යන දවස්වල බාලිකාවන්ගේ ප්‍රියතම ඉස්කෝලයක් :P
Uba koi kaleda anande hitiye?api yanakotanam 10di aniwaryenma digakalisan andinna ona.eka guruwariyakage kathawak nisa uba karana me weden anande namatai hari naththe!so meeta wada tikak hithala weda karanna yaluwa.ubata onakare guruwarungen lamainta wena akatayuthukam gena kiyannane.ekata iskole nama wedak ne ne.ube basha wilashenma therenawa uba iskoleta adarayak ne kiyala.ethakota mata matak wenne ara pudgalaya kiyapu kathawa."aru anande kiwwata passe anandeta apu ekek"
ReplyDeleteUba koi kaleda anande hitiye?api yanakotanam 10di aniwaryenma digakalisan andinna ona.eka guruwariyakage kathawak nisa uba karana me weden anande namatai hari naththe!so meeta wada tikak hithala weda karanna yaluwa.ubata onakare guruwarungen lamainta wena akatayuthukam gena kiyannane.ekata iskole nama wedak ne ne.ube basha wilashenma therenawa uba iskoleta adarayak ne kiyala.ethakota mata matak wenne ara pudgalaya kiyapu kathawa."aru anande kiwwata passe anandeta apu ekek"
ReplyDelete@ Ano October 23, 2011 8:34 & 8:35 AM
ReplyDeleteසෑබෑ සිදුවීමක් හංගන්න කියලද ඔහේ කියන්නේ? නැත්තං මට බොරු කියන්න කියලාද කියන්නේ.
ඔහේ නම් පාසල් කාලයේ උගත් දෙයක් නෑ වගේ!
අනේ පව් කියා සිතේ.
Mama thamai uda coment kare .Uba dan boru kiyanna be kiyala iskole nama gama wisthara kiwwane.kathawa thawa aththak bawa oppu karanna ube nama gama wistharath meke dapanko
ReplyDelete@ Ano October 23, 2011 10:44 AM
ReplyDeleteඇනෝ ලා ට මගේ නම මොකටද? මාත් ඇනෝවෙක් යැයි සිතන්න.
ඒ විහිළු නෙමේ පුතා, ඔය සිද්ධිය වෙනකොට ඔයා ඉපදිලාත් නෑ.
තමන් ගේ පාසල කියා වැරදි වහන්නයි, තමන්ගේ රට කියා මිනීමැරුම් වහන්නයි වගේ වංචා වැඩ හිතේ තිබේ නම් අත අරින්න.
ඔබට ස්තුතියි.
ජය වේවා.
Anonyms une mama me site eka use karanna danne nathi nisa.mata mage wathagotha hanganna awashya ne ubata wage.mama chinthaka sameera 2005 al maths kare.dan ube wistharath heli karapan.
ReplyDeleteUbe geni wesiyek kiyala danagaththoth uba ekath me blog eke liyanawada?ai uba thamange rata kiyala weradi wahanne nathi ekekne!yako eka iskole wereddak nemei ube maha loku yaluwagema wereddak.u e welawe padamata adala nathi aluguththeru kathawak kivve naththam oya wage kathawak e madam kiyanne ne ne.e wage awasthawaka guruwarayata kenthiyaama sadaranay.guruwaraya kiyanneth samanya minihek.methana prashne tiyenne uba iskole nama maha ihalin dapu ekai
ReplyDelete@ Ano October 23, 2011 7:22 PM aka Chinthaka Sameera A/L 2005
ReplyDeleteළමයා, ඔබ එකම කමෙන්ටුව නව වරක්් දමා තිබී මං එයින් අටක් ඉවත් කළා.
ඔබේ මුළු ඇඟේම ආනන්දේ බව පෙනේ. සතුටුයි!
නමුත් ඔබේම තර්කය අනුව, ඔබ මේ වගේ කමෙන්ටු තව දුරටත් දැමීමෙන් ආනන්දයේ නම ඔබ වැනි එක ආදී සිසුවෙකු නිසා කැත වීමට ඉඩකඩ තියෙනවා නේද?
ඔබට සැප සතුට ජය පතමි.
Ane palayan ban yanna.meke inne babbu nemeine.kiyanna tiyena deyak kelin kiyanna ona.uba nikan gale paharapu balalek wage ube athin una weredda wena widiyakata wahaganna hadanawa thaman athe wereddak ne kiyala.
ReplyDeleteAne palayan ban yanna.meke inne babbu nemeine.kiyanna tiyena deyak kelin kiyanna ona.uba nikan gale paharapu balalek wage ube athin una weredda wena widiyakata wahaganna hadanawa thaman athe wereddak ne kiyala.
ReplyDeleteAne palayan ban yanna.meke inne babbu nemeine.kiyanna tiyena deyak kelin kiyanna ona.uba nikan gale paharapu balalek wage ube athin una weredda wena widiyakata wahaganna hadanawa thaman athe wereddak ne kiyala.
ReplyDeleteAne palayan ban yanna.meke inne babbu nemeine.kiyanna tiyena deyak kelin kiyanna ona.uba nikan gale paharapu balalek wage ube athin una weredda wena widiyakata wahaganna hadanawa thaman athe wereddak ne kiyala.
ReplyDelete@ Ano October 24, 2011 5:06 PM
ReplyDeleteඔබ සෑබෑ self appointed අයිතිකාරයෙකුගේ උණ රෝගී ලක්‍ෂණ පෙන්නමින් සිටී. බොහොම ස්තුතියි. මේ ලිපියට අවශ්‍ය වුනේ ඔබ වැනි කෙනෙකුගේ ප්‍රතිචාර තමයි.
මේ ලිපිය සඟරාවක පලවුණු එකකි. උඩින් ඇති රූපය ද ඒ සඟරාවේම එකකි.
මේ එකම කමෙන්ටුව දෙතුන් පාරක් දාන්නේ ඇයි?
Uba borune ban kiyanne.lipiye kiyala tiyenawa e yaluwa ubage panthiye yaluwek kiyala.dan uba kiyanawa eka sangarawaka lipiyak kiyala.sangarawak kiwwata eka me ube blog eka wage thuttu deke sangarawak wenna athi
ReplyDeleteUba borune ban kiyanne.lipiye kiyala tiyenawa e yaluwa ubage panthiye yaluwek kiyala.dan uba kiyanawa eka sangarawaka lipiyak kiyala.sangarawak kiwwata eka me ube blog eka wage thuttu deke sangarawak wenna athi.gosip thiyena
ReplyDeleteUba borune ban kiyanne.lipiye kiyala tiyenawa e yaluwa ubage panthiye yaluwek kiyala.dan uba kiyanawa eka sangarawaka lipiyak kiyala.sangarawak kiwwata eka me ube blog eka wage thuttu deke sangarawak wenna athi.gosip thiyena
ReplyDeleteඔබ නැවතත් මෝඩකම පෙන්වා පාසලට අපහාස කරයි!
Deleteළමයෝ ඒ සඟරාවට ලිපිය ලිව්වේ මං. ඕකවත් තේරෙන්නේ නැද්ද?
කතන්දරේට එක වචනයයි දෙන්න තියෙන්නේ "සුපිරියි"
ReplyDeleteඋඩම කොමෙන්ටුවක් දාලා තියෙන මී හරක් ඇනෝ ගැන මට නම් ඇත්තේ අනුකම්පාවකි.... ඌ කියනා විදියට ඇමරිකාවෙන් අධ්‍යාපනය ලබා විද්‍යාඥයකු වුවහොත් ඔහු සේවය කල යුත්තේ ඇමරිකාවට පමණි... එසේ වී නම් ලාංකිකයකු කාර්,වෑන්,බස්,ලොරි සොයා ගැනීමට දායක නොවූ නිසා අප යා යුත්තේ තවමත් බර කරත්තයෙනි........ ඇනෝ ෂුවර් එකටම අඩුවෙන් නාලා ඔලුව කොලොප්පම් වූ අයෙක් විය හැක......
ReplyDeleteමේ ලිපිය සහ කොමෙන්ට්ස් කියෝලා ආපු හිනාව තාම නැවතුනේ නැහැ,,,
ReplyDeleteහිනාම වැඩේ තමයි අර ඇනොනිමස් හාදය ඒ ලෙවල් වසර හෙළි කොලා විතරයි, කතන්දර ආමන්ත්‍රණය කලා "ළමයා .." කියල - ප්‍රයිස්ලස් !
[තමන්ගේ ගම, ඉස්කෝල, කැම්පස් හදවතට බොහොම ලොකුවට (තම රට පවා) අරන් ආවේගශීලී වෙන අයවලුන් ගැන මට එන්නේ හෙන කම්මැලි-කනගාටුදායක හැගීමක් ..]