Tuesday 12 April 2011

පුක යනු කුණුහරුපයක් ද - Is PUKA a four letter word?


මේ ප්‍රශ්ණය අද ඊයේ එකක් නෙමේ. කාලෙකට ඉස්සර මං තනිවමත්, තවත් අය එක්කත්, වාද කරලා කරලා පට්ට ගහපු ප්‍රශ්ණයක්.

ඉස්සෙල්ලාම මේ ප්‍රශ්ණයට මගේ උත්තරෙන් පටන් ගන්නං කෝ.

නැත! පුක යනු කුණුහරුපයක් නොවේ.

පුක යන්නට සමාන තේරුම් ගෙන දෙන ආස් සහ බම් යන වචන දෙකත් ඉංගිරිසියේ ෆිල්ති වර්ඩ්ස් විදියට ගනං ගැනෙන්නේ නෑ.

අනිත් අතින් බැළුවත් මං දන්න විදියට කොහොමටත් සාමාන්‍යයෙන් ඉංගිරිසියේ කුණුහරුප වචන විදියට සැලකෙන්නේ අකුරු හතරේ වචන කීපයක් විතරයි. පුක කියන අර්ථය දෙන වචනයක් ඒ ලිස්ට් එකේ නෑ.

නමුත් පුක කියන වචනය සාමාන්‍යයෙන් එලිපිට කියන එකක් නං නෙමේ. පඩය කියන්නෙත් නැතුව අධෝ වාතය කියන අය, පුක වෙනුවට අධෝ භාගය, පශ්චාත් භාගය, පස්ස පැත්ත, කක්ක පැත්ත, කක්කි පැත්ත වගේ වචන පාවිච්චි කරනවා ඇති.

නමුත්, ඒ එක වචනයකවත් පුක කියන වචනයේ තියෙන සරල, සුගම බව නෑ. ඒ වචනවල තියෙන්නේ මහ කෘතිකම ගතියක්. පුක කියල කියන කොට වගේ ස්වාභාවික ගතියක් නෑ.

අනිත් කාරණය තමයි, පුක කියන තනි වචනය විතරක් නෙමේ, ඕනැ පුකක් වගේ යෙදුමක් වෙනුවට වුනත්, ඕනැ පශ්චාත් භාගයක් කියල කියන එක නම් කීයටවත් ගැලපෙන්නේ නෑ.

පුක වචනෙත් එක්ක තවත් යෙදුම් තියෙනවා. ඒව මේ තර්කයට අදාල නෑ!

මුද්‍රිත මාධ්‍යවල දී නම් අපිට පුක කියන වචනය යොදාගන්න සීමාකම් තියෙනවා. කෙටිකතාවක, නවකතාවක වගේ තැනක දෙබසක වගේ ස්වාභාවික යෙදෙන පරිදි දාන්න පුළුවන්. වේදිකා නාට්‍යවල නං පුක කියලා විතරක් නෙමේ ඇත්තම කුණුහරුප වුනත් කියන්න පුළුවන්නේ.

හැබැයි, බ්ලොග් අවකාශයේ නං, ඒ සීමා නෑ. ඒ වගේ සීමා අපි අමුතුවෙන් දාගන්නත් ඕනෑ නෑ.

ඒ කාරණය සනාථ කරන්නයි මේ සේරම ලිව්වේ!

-කතන්දරකාරයා

ප/ලි
මෙන්න අද කතන්දරේ.

ඔන්න පුන්‍යදාස කියල මනුස්සයෙක් හිටියා. එයාගේ බිරිඳ ගේ නම කරුණාවතී.

මේ ජෝඩුවට ශනිදාවක් ඇදිල, ඒ සල්ලි වලින් ගත්ත බස් එකක්. මේ බස් එකට නම දැම්මේ පුන්‍යදාසගෙයි, කරුණාවතීගෙයි නම් දෙකේ මුලකුරු එකතු කරලායි.

මේ කතාව මුළු ලංකාවම දන්න එකක් නේ.

ඒ නිසා -ඉතුරු හරිය ලියන්නේ නෑ!

(image: http://www.backyardmissionary.com/2011/03/random-reflections-on-not-much-in-particular.html)

91 comments:

  1. ම්...ඇත්ත තමා...ඔය කියන එක වචනෙකවත් පුක කියන වචනේ තරමට සරල ස්වාභාවික ගතියක් නෑ

    ReplyDelete
  2. කපු ප්‍රවාහන සේවය....

    ReplyDelete
  3. මෙ කවුරුත් දන්න පුක් සාහිත්‍යයයෙන් බිඳක්
    කපුටු පුක ඉස්සරහ ඉදන් පස්සට කියෙව්වත් පස්සෙ ඉදන් ඉස්සරහට කියෙව්වත් කපුටු පුකමයි.
    දෙවියො දුන්න මිනිහෙක්ට වරම් තුනක් පලවෙනි ඉල්ලීම මොකද්ද ඇහුවම මිනිහ කිව්ව ඕන පුකක් ස්වාමිනි මෙන්න මිනිහගෙ ඇග පුරාම පුකවල් දෙවෙනි වරමට මිනිහ ඉල්ලුව පුකවල් අරන් දාන්න කියල එතකොට තිබුන පුකත් නැතිවෙලා ගියා අවසාන වරම use කරලා තිබුන පුක ආපහු ඉල්ල ගත්ත

    ReplyDelete
  4. අර බස් එකට දාපු නම 'කපු ට්‍රැවල්ස්' වෙන්න ඇති නේද?

    ReplyDelete
  5. කතන්දර කාරයටත් ඕන් නැති පුකක් නැ ... ඇයි චිත්‍රපටිවලත් ඕනිම වචනයක් යොදා ගන්න පුලුවන් , සමහර විට රූපවාහිනි ප්‍රදර්ශනයේදී ඒ වචන අයින් කරයි

    ReplyDelete
  6. දැං ඉතිං ගොඩක් අයට ** මතක් වෙයි :D :D

    ReplyDelete
  7. පඩ කතා සීරීස් එකකට පස්සේ පුක් කතා සීරීස් එකක් යයි වගේ. :D

    ReplyDelete
  8. අයියා කියන කතාව හරියට හරි... අපි ලියන කතා වලදී සමහර තැන් වල... යෙදුන සත්‍ය දෙබසම අස්සේ කුනුහරුපයක් තිබුනොත් ඒකට * දාන සිරිතක් තියෙනවා... හැබැයි ඒකෙන් වෙන්නේ අදාල දේට හානියක් නෙමේ.. සභ්‍යත්වයද මෙකද්ද එක රැකගෙන කතාව ඒ විදියටම ඉදිරිපත් කිරිමක් විතරයි . මං හිතන්නේ ඒ සීමාව තිබුනට කමක් නෑ කියලයි...

    අනිත් එක ඉතිං පු* ලියද්දී shift එක ඔබාගෙන 8 ඔබනවට වැඩිය හරි නියුමරික් එකේ * ඔබනවට වැඩිය හරි "l" අකුර ඔබන එක කොහොමත් ලේසියි නෙව... :D

    ReplyDelete
  9. දවසක් ඔය පුන්‍යදාසගේ කොල්ලගෙන් මිනිහෙක් ඇවිල්ලා ඇහුවලු පුතේ තාත්තා ඉන්නවද කියලා?

    පුන්‍යදාස ඒ වෙලාවේ හිටියේ අර ගත්ත බස් එක හෝද හෝදලු.

    පුන්‍යදාසගේ කොල්ලා අර මිනිහට තාත්තා කරකර හිටිය වැඩේ කියපු විදිහත් රටම දන්නවනේ.

    ReplyDelete
  10. මොන පුකක්ද අපේ බ්ලොග් වල අපිට ඕන ඒවා ලියන්නේ. අකමැති අයට ඕන පුකක් කරගන්න කියන්න :D

    ReplyDelete
  11. මොකද්ද කතන්දර වුනේ? සදාචාරවාදියෙක්වත් සෙට් වුනාද කලින් කතාවක?

    ReplyDelete
  12. බස් එකෙන් හිතූ තරම් ආදායමක් උපයගන්න පුන්‍යදාසට බැරු උනාලු ඉතින් අනේ පුන්‍යදාස බස් එක විකුනන්න අරගෙන ගියාලු .. මිනිහෙක් ඇවිදින් පුන්‍යදාසගේ පුතාගෙන් අහපි කෝ පුතේ තාත්තා ?

    තාත්තා ..... විකුනන්න ගියා !

    මොකද්ද විකුනන්න ගියේ ගියලා රටම දන්නවනේ !

    ReplyDelete
  13. මොන පුකක්ද, ආයෙ ඔය හැම දෙයක්ම හිතෙන් මවාගත්තු බොරු සදාචාර කතා. ඇයි පුක කැත, එතකොට පස්චාත් භාහය කිව්වම ලස්සනයිද? දෙකම කියන්නෙ එකකට කෙමෙයි නම් ඔන්න අවුලක් නෑ. ඔය වචන දෙකෙන්ම කියන දෙයින් ප්‍රධාන වශයෙන්ම කරන්නෙ එක දෙයයිනෙ. ඕනෙ නං ඉතිං තම තමන්ගෙ මනාපෙට වෙන වෙන දේවල් වලටත් යොදාගන්න පුළුවන්. පුක කිව්වම චීයා කියන එවුන් හිරට හිරේ කලිසමක් ඇඳන් යන කෙල්ලෙක්ගෙ පුක දිහා බලාගෙන කෙළ හලන්න අමතක කරන්නෙ නෑ නෙ.

    ReplyDelete
  14. කතන්දරගේ හිතත් දුවන්නෙම ඔය පස්සෙනේ.
    එල පෝස්ට් කියන්නද?

    ReplyDelete
  15. ලොල්ය.. ඔවුව මොනාද බන් මම කක්ක කියල කිවුවම සමහරක් බනිනව කුනුහරුප කියන්න එපා කියල.. පුක, කුනුහරුපයක් කියල කියන්නෙත් ඒ වගේ ජාතියෙ උන් තමා.. හික් ය. මෙහෙම දෙයක් ලියපු එක හොදා

    ReplyDelete
  16. හප්පා... ඔය පුණ්‍යදාසගේ බස් එක පාරෙ දුවද්දි පස්සෙං එන බස් කාරයෝ ඕක කපාගෙන යනවට මොනවා කිව්වද දන්නෙ නෑ.

    ReplyDelete
  17. @හිස් අහස
    ඔය කතාව අපි අහල තියෙන්නේ "තාත්තා .... හෝදන්න ගියා "කියලා

    පුක ගැන හදපු කතාවක් මටත් මතක් වුනා
    ඔන්න එක මනුස්සයෙක් හිටියළු මිනිහ හරිම දුප්පත්.කොච්චර දුප්පත්ද කියනවනම් හරියට කන්න අදින්න වත් නැහැ.ඒ මදිවට කාත් කවුරුවත්ම නැතිළු.ඉතින් මිනිහ දවසක් දෙවියන්ට මෙහෙම කියනවළු "අනේ දෙවියනේ තමුන්නාන්සෙට මාව පේන්නෙම නැද්ද?මෙච්චර දුක් විදින මම ගැන කිසිම අනුකම්පාවක් දුකක් දැනිලම නැද්ද?"
    ඔන්න ඔය විදියට මිනිහ දෙවියන්ට දුක කියල අඩන්න ගත්තළු.මෙන්න බොලේ දෙවියන්ට දුක හිතිල මිනිහ ලගට ආවළු
    "හා..හා..ඕකට ඉතින් ඔච්චර නාහෙන් අඩන්න ඕනෙ නැහැ.මෙන්න මේ ගුලි තුන අරගෙන තමන්ට ඕන දෙයක් හිතල උඩදනවා.හැබැයි ඉතින් එක ගුලියකින් එක වරයයි.හොදට කල්පනා කරල වර තුන ඉල්ලනව" එහෙම කියල දෙවියා මිනිහගේ අතට ගුලි තුනක් දීල නොපෙනී ගියාළු.
    දැන් අපේ මිනිහට හරි සතුටුයි.සතුටු වැඩි කමට නිකං ඔළුවත් අවුල් වෙලා වගේ.පළමු ගුලිය.පලමු වරය ඉල්ලන විදියත් එක පාරටම හිතා ගන්න බැහැ අන්තිමේ පලමු ගුලිය උඩදාල
    "ඕන පුකක් ලැබියං" කියල උඩ දැම්මළු මෙන්න බොලේ එතකොට අර මිනිහගේ ඇඟ පුරාම එක එක ජාතියේ පුකවල් මැවුනළු.මිනිස්සුන්ගෙ විතරක් නෙවෙයි එක එක සත්තුන්ගේ පුකවල් හිටන් එක එක පාටින් මුළු ඇඟ පුරාම මැවුනළු.මූනෙයි කටේ හිටන් පුකවල්.
    හපොයි ඉතින් දැන් මොනා කරන්නෙයි ඉතිරි ගුලි දෙකෙන් එකක් උඩ දාල කිව්වළු(කිව්වැයි කිව්වට හරියට කතා කර ගන්නවත් බෑ ඇයි කටෙත් පුකක් මැවිලානේ)
    "හනේ ..පුකවල් එපෝ.පුකවල් එපෝ"
    මෙහෙම කියල දෙවෙනි ගුලිය උඩ දැම්ම විතරයි.මිනිහගේ ඇග පුරා තිබුණු පුකවල් සේරම අතුරුදහන් වුනාළු.ඒත් හරි වැඩේ තමයි.මිනිහගේ තිබුනු පුකත් එක්කම තමයි පුකවල් ටික අතුරු දහන් වෙලා තියෙන්නේ.දැන් මොනා කරන්නෙයි අන්තිම ගුලිය උඩදාල කිව්වළු
    "අනේ තිබුණු පුක ආපහු වරෙන්"
    ඔන්න අපේ මිනිහ දෙවියො දුන්නු වර තුන ගත්ත හැටි.මිනිහ තවමත් අර විදියමළු

    ReplyDelete
  18. මගේ ඉස්සර දී එන කතාවකට ඔය වචනය දාන්දෝ නොදාන්දෝ කියලා දහඅතේ කල්පනා කර කර ඉද්දියි මේ පෝස්ට් එක කතන්දර ලිව්වෙ.....
    මොකද කතන්දර කියනව වගේ ඒකට සමාන වචන දාලා ඒ අවස්ථාවේ වගේම ඒ වැකියෙත් ඇත්ත රස මතු කරගන්න බැරි උනු හින්දා මම ඒ කතාව පෙන්ඩිං ගොඩෙයි තියලා තිබ්බෙ.

    දැං හරි!දැං මම නිදහස්....!! බය නැතිව හාහාපුරා කියලා අවුරුද්දෙන් පස්සෙ මුලින්ම දාන්නෙ ඒකයි

    ReplyDelete
  19. ඇයි ඔය බස් එක සෙනග පටෝගෙන පාරේ යන කොට මිනිස්සු කිව්ව දේ ...

    ReplyDelete
  20. ඔය වගේ තව කතාවක් මතක් වුණා. වි.ජ.මු. ලොක්ක ඒ දවස් වල හැමෝටම කිවුවේ සිංහල විදියට නම ලියන්න කියල. උදාහරණ විදියට සරත් නනද පෙරේරා කියන එක ස.න. පෙරේරා කියල. ඉතින් ඔය සිද්ධි එක්ක සමහරු පරණ විදියටම නම ලිවුවලු. මෙන්න නම් ටික.

    PKKL Silva - පුලුන්ගෙදර කංකානම්කාල්ගේ කණිෂ්ක ලුසාන්ත සිල්වා
    HKMD Pathirana - හුළංගම කංකානම් මුදියන්සේලාගේ දයාවතී පතිරණ
    HT Mohammed - හුරුළුගමගේ තුවාන් මොහොමඩ්

    ReplyDelete
  21. @buwa: බුදු අප්ෙපාච්චිෙය් ෙම් පුක අස්ෙස ඉන්න ෙසනග!

    ReplyDelete
  22. පුකට පුක නොකියා දේවාලෙ කියන්නද?

    ReplyDelete
  23. බොහෝම සතුටින් අවවාදය පිලිගත්තා, වරද නිවැරදි කලා
    අනුන්ගේ POST එකකට LINK දාන එක ලස්සන නම් නැතුව ඇති, ඒත් කතන්දර, මේ ලින්ක් එකට ගිහින් බලන්න.

    http://kolaputha.blogspot.com/2011/04/new-version.html

    ReplyDelete
  24. A/L පන්ති යන කාලෙ ඉඳ ගන්න බංකු වල ඉඩ මදි වුණාම කොහේ හරි යන්තම් ඉඩ තියෙන බංකුවක පැය 2ක් පුයන්නෙනුයි ඉන්ටවල් එකෙන් පස්සෙ ඉතුරු පැය 2 ඒ බංකුවෙම අනිත් කොනේ කයන්නෙනුයි හිටපු දවසුත් තිබ්බා

    ReplyDelete
  25. මම කියන්න හිටපු කතන්දර ඔක්කම ටික මට ඉහල ඉන්න කට්ටිය කියල....

    ඒ “ දුකට පුං ගහන්න “ කියල තමයි කියන්න වෙන්නෙ හිහි ....

    ReplyDelete
  26. ඔන්න හරක් පත්තියක් හිතියා එක මනුස්සයෙකුත.
    මෙයාගේ නම... පුබ්බෝවේ කලු බන්දා.
    අලුතින් ලැබුන හරක් පැතියෙකුගේු වම් පැත්තේ සය්ද් එකේ් හන ගැහුවලු මේ විදියත නම කෙති කරලා.. "පු.ක. බන්දා" කියලා.
    පස්සේ ගමේ මිනිස්සු හිනා වෙන්න ගත්තලු.

    අනේ ඉතින් අපේ මෑනන් කොරලා තියෙන්නේ, අර වම් පැත්තේ තියෙන කෙති නම, තව ඉරි තිකක් ගහලා කපලා දාලා, හරක් පැතියා අනිත් පැත්ත දාලා, මේ මනුස්සයාගේ සම්පූර්න නම හන ගහපු එක.
    වැදේ ඉවර වෙලා බලද්දී,.. හරක් පැතියා මැරිලා හිතියා කියලා තමය් ඇසින් දුතුව අය කිව්වේ..

    ReplyDelete
  27. පුක ෆෝ ලෙටර් නෙවෙයිනේ...පුක ටු ලෙටර්
    ඒ කියන්නේ කුනුහරුපයක් නෙවෙයි. :P

    ReplyDelete
  28. "රෙන්ඩ පුකේ ගූ නැතත් ගහන්නෙ බ්‍රිස්ටල්" කියල ඉස්සර කතාවක් තිබ්බ. ඕක "මලපහ කොරන්න ගුධයේ අසුචි නැතත්.... " යනාදී වශයෙන් කියනකොට කොය් තරං....

    අනේ මන්ද?

    ReplyDelete
  29. මගෙ අම්ම ඔය සමහර අය කුනුහරප කියල කියන වචන ගැන දරපු (අම්ම දැන් ජීවතුන් අතර නැති නිසා) මතයත් ඕකමයි. ඒ දවස් වල අම්මගෙ කටේ නිතරම තිබුන කතා කීපයක් තිබුන . . . . එකක් "පුකට පුක නොකිය දේවාලෙ කියන්නද ?", අනික "රෙන පුකට මොන රේන්දද ?"

    ReplyDelete
  30. @බීටා
    ඔබ හරි. අකුරු දෙකයි පුක සරලයි. ඒ වගේම ස්වාභාවිකයි. බලන්නකෝ ඔය තක්කලි ගෙඩිය දිහා.

    ReplyDelete
  31. @vidulahasaranga

    කපු කපු කපු කපු ප්‍රවාහන සේවය!

    ReplyDelete
  32. @Praසන්ன

    අපොයි නෑ!
    කපු කපු කපු කපු කපු ට්‍රැවල්ස්.

    ReplyDelete
  33. @buwa

    තියෙන පුක ඇති මට!
    ඇයි කුණුහරුප යන කොට බීප් කරනවා අහල නැද්ද?

    ReplyDelete
  34. @හරී-පිණිපලස
    හැම දෙනාටම පාහේ බැමදාම උදේට ඕක මතක් වෙනවා!

    ReplyDelete
  35. @..ChAnDiKa..

    ඉතිං පටන් ගමු!
    ඔයා ලියන්න ඊ ලඟ එක.

    ReplyDelete
  36. /*
    අනිත් එක ඉතිං පු* ලියද්දී shift එක ඔබාගෙන 8 ඔබනවට වැඩිය හරි නියුමරික් එකේ * ඔබනවට වැඩිය හරි "l" අකුර ඔබන එක කොහොමත් ලේසියි නෙව... :D
    */

    මේක නං නියම කතාව. හරියට හරි!

    ReplyDelete
  37. @rajith abeysinghe

    ඇයි ඔයා ඒක හෝදන්නේ නැද්ද? අපි නම් දවසට දෙපාරක්ම හෝදමු.

    ReplyDelete
  38. @පූසා
    පොන්ත නෝනා ගේ පුක පොන්ත නෝනා මිරිස් වතුරෙන් හේදුවාලු නේ?

    ReplyDelete
  39. @පිටස්තරයා
    නෑ, නෑ, ඉස්සරහටයි හොඳ කතා එන්නේ!

    ReplyDelete
  40. @හිස් අහස
    දන්නෝ දනිති, අපි නොදනිති.
    බස් එකේ ටයර්වල පුලං ගිය කතාව අහලා නැද්ද?

    ReplyDelete
  41. @nawamamawatha

    ඇත්තටම ඇයි පුක කියන එක සමහරු කුණුහබ්බයක් කියා සලකන්නේ, මට හිතා ගන්න බෑ!
    පිට, කොන්ද, තට්ටම, බත් කෙන්ද, විළුඹ?
    ඒවත් පස්ස පැත්තේ නේ තියෙන්නේ!

    ReplyDelete
  42. @Podi Kumarihami

    බය බෝයි ආයුබෝං. මොකුත් ලියන්නේ නෑ.

    ReplyDelete
  43. @සුලඟිල්ල

    මට ඕනෑ වුනේ, අපි හැමෝම දන්න දෙයක් නැවත කියා එය ස්ථාපනය කිරීමයි. වැඩේ හරියයි වගේ.

    ReplyDelete
  44. @charmi

    පුන්‍යදාසලා ගේ බස් එක කොට කොට යි ගිහින් තියෙන්නේ. මිනිස්සු කියනවාලු අන්න පුක කොට කොට යනවා කියලා!

    ReplyDelete
  45. @JHOTHISHALANKA

    නියම කතාව. මේකේ තේරුම ඕනෑ පුකක් කියලා කියන්න කලින් ටිකක් හිතලා බලන්න ඕනෑ කියන එකයි.

    ReplyDelete
  46. @බුද්ධි

    මීයා, ඇට දෙක කතා දාපු චූටි මහත්තයා පුක පල නොකර හිටියා කියලා හිතන්න අමාරුයි මට නං.

    ReplyDelete
  47. @Shammika N. Abeysinghe

    එසේම වේවා!

    ReplyDelete
  48. @buwa

    ඔය කියන්නේ පුකේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ කියපු කතාවද?

    ReplyDelete
  49. @මිගාර
    /*
    HT Mohammed - හුරුළුගමගේ තුවාන් මොහොමඩ්
    */

    මේක නං වෙන්න බෑ? මෙයා තිලකරත්න මුදියන්සේලාගේ දිල්ෂාන් ගේ නෑයෙක් ද?

    මේකයි පොයින්ට් එක. හුරුළුගම ගේ වගේ වාසගමක් එක්ක මුස්ලිම් නම් පැටලෙන්න බෑ.

    මං දන්න විදියට මෙයා - හුසේන් තුවාන් මොහොමඩ්.

    ReplyDelete
  50. @Sampath Sri Sitinamaluwa

    එහෙමත් කියන්න ඇති සමහරු. ඒත් මං නං කියන්නේ බුදු අම්මෝ පුකේ ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නෑ කියලයි.

    ReplyDelete
  51. @Kawshala

    දේවාලේ කිව්වට නං කමක් නෑ, පූජා භූමිය පිරිසිදුව තියාගන්න.

    ReplyDelete
  52. @samadhi

    ලින්ක් නොදැම්මොත් තමයි වරද. ලිනක් නැත්තං වෙබ් කොයින්ද, තියෙන්නේ ලයින්ස් ටිකක් විතරනේ.

    හැබැයි වැඩ කරන ලින්ක් දාන්න. වටේට Anchor (A tag) ටැග් එකක් දාන්න.

    ReplyDelete
  53. @Chanaka Aruna Munasinghe

    අනේ පුක ට දීලා තියෙන වදයක්!

    ReplyDelete
  54. @සොඳුරු සිත

    දුකට පුං ගැසීම කට්ටට බෙර ගැසීමට වඩා යහපති.

    ReplyDelete
  55. @ Senaka

    අමාරිස් අයියා ගේ නමත් - පුවක්පිටිය කංකාණමලා ගේ අමාරිස්.

    ReplyDelete
  56. @Observer

    මෙන්න තව කතාවක්.
    පුක චූටි වුනත් ටොන් ගානක් රීල ඇති.

    ReplyDelete
  57. @ ඕනයා
    අම්ම වගේ ඇත්ත කියන්න බයවෙන්න එපා! Call spade a spade.

    ReplyDelete
  58. @ කතන්දර‍ - රජතුමා විසින් ගම්වර දීපු මුස්ලිම් අය ඉන්නවා. මේ අය බොහොමයක් වෙද්දු. ඒ අය කමන්ගේ නමට කලින් ඒ දීපු ගමේ නම පානිවිච්චි කරනවා.

    ReplyDelete
  59. සම්හරුන්ට පොතක් වගේ දෙයක් ඉල්ල ගන්න තියෙන හදිස්සිය නෑ ගෙනත් දෙන්න. එතකොට කියන්නේ "මූට රෙන්න තියෙන්න හදිස්සිය පුක හෝදන්න නෑ" කියල

    තදට වහිද්දී කියන්නේ "අද හිටගෙන පුක හෝදන ගානට වහිනවා" කියල

    මොකුත් කර ගන්න බැරුව අන්තෙටම බංකොළොත් වුණාම කියන්නේ "රෙන්න පුකේ ගූත් නෑ" කියල.

    බංකොළොත් වුණත් පරණ පුරුදු "රැස්පොට්" දාගෙන ඉන්න එවුන්ට කියන්නේ "පුක බිම ඇණුනත් බෙට්ට කෙළින්" කියල.

    දරුණුම උපහාසයකට කියන්නේ "මට පුකෙනුත් හිනා" කියල.

    ReplyDelete
  60. @මිගාර
    ඔබ හරි. ඇයි අර ඇතා එක්ක සල්ලි කොලේක ඉන්න මුස්ලිම් පොරටත් ගම්වරයක් දුන්නාය කියනවනේ.
    ඒ කාලෙනේ ඉන්න තිබුනේ අයි ඩෝන්ට් නෝ වයි?

    ReplyDelete
  61. @මිගාර
    මිගාරත් දන්න දේවල් පුක සහ ඒ සම්බන්ධ දේවල් ගැන. චීයා!

    ReplyDelete
  62. මට තේරෙන හෙටියටනම් කුණුහරුප කියන්නේ පුහු සංකල්පයක් .. ඒ මතයට ගරු කරලා කතන්දර අයිය මගේ කමෙන්ටුව පබ්ලිෂ් කරයි කියල විශ්වාශ කරනවා.

    පුක කිව්වත් , ගුදය කිව්වත් අදහස් වෙන්නේ එකමයි

    පක කිව්වත් ශිෂ්ණය කිව්වත් අදහස් වෙන්නේ එකමයි

    හුත්ත කිව්වත් යෝනිය කිව්වත් අදහස් වෙන්නේ එකමයි

    අදහස එකනම් වචනයෙන් සභ්‍යත්වය මනින්නේ කොහොමද

    අදහස හොදනම් , හැසිරීම හොදනම් වචනයෙන් නිරපේක්ෂව සභ්‍යයි .

    අදහස කැතහනම් , හැසිරිඊම වල් නම් වචනයෙන් නිරපේක්ෂව අසභ්‍යයි ..

    adahasa

    ReplyDelete
  63. හෙන සෙනගක් පුක ගැන හෙනට කතා කරලා ගිහිල්ලානේ.

    මට කියන්න බැරි උනා. කුරුලු හමුදාවේ වෙන හැම සිද්දියක්ම වාගේ නැවත කතාබහට ලක්වෙද්දි සරළම, මුලිකම, තේරුම් ගැනීමට පහසුම උදාහරනෙ විදිහට ගන්නෙත් ඔය පුකම තමා.

    උදා- විහින් අමාරුවෙ වැටුනා කියන එකට කියන්නෙ, ඉල්ලලා පුකේ තියා ගැනීම කියලා. ඒ වගේ හැම එකටම ආවේනික වචන තියෙනවා හැබැයි ඈතුලෙ පාවිච්චියට විතරයි.....

    ReplyDelete
  64. ඔය පුණ්යදාසලගෙ ගෙදට්ට දවසක් හඩිසියෙ ගමනක් යනගමං ගොඩවෙන්න නෑයෙක් ආවලු. ඉතිං කතාබහ කරල රෑ වෙන නිසා යන්නං කියල නැගිටින්න හදනකොට කමල කියනවලු "අනේ පොඩ්ඩක් ඉන්න දැන් පුණ්යදාස මග එනවත් ඇති" කියල. එතකොට පුතා මැදට පැනල කියනවලු "ඔව් නැන්දෙ තව ටිකක් හිටියොත් තාත්තට කියල පුකේම දාල අරින්න තිබ්බනෙ" කියල...


    තව ඔය " මුලින් කරන්න තීන වැඩේ අගට කරල අග වැඩේ මුලුට කරල අනාගන්න උන්ට කියන්නෙ "කලින් පුක හෝදල පස්සෙ රෙන අය" කියලනෙ.

    මේ පුක් කතාව කතන්දර කියපු නිසා මිස වෙනකෙක් කිව්වනං පුකෙං තමයි යන්න වෙන්නෙ!

    ReplyDelete
  65. @Indunil,

    ඔයා හරි, වෙනසක් නෑ.
    හැබැයි සමාජ සම්මතයක් තියෙනවානේ. ඒක නිසයි අපි සමහර වචන පාවච්චි නොකරන්නේ.

    ReplyDelete
  66. @බුද්ධි

    පුක ගැන මුළු සාහිත්‍යයක් ම තියෙනවා!

    ReplyDelete
  67. @ඉන්දික උපශාන්ත
    /*
    මේ පුක් කතාව කතන්දර කියපු නිසා මිස වෙනකෙක් කිව්වනං පුකෙං තමයි යන්න වෙන්නෙ!
    */

    ඉතිං කරලම බලමුකෝ!

    ReplyDelete
  68. @කතන්දර : සමාජ සම්මත වචන හා කුණු හරුප වර්ගීකරණයේ පදනම මොකක්ද කියන එක මටනම් තාම ගැටළුවක් .. අර්ථය එකනම් එකක් අනිකට වැඩ සභ්‍යයි කියන්නේ කොහොමද ?

    ReplyDelete
  69. @Indunil
    මටත් ගැටළුවක්. මේක සමාජ විද්‍යාඥයෙකුගෙන් ඇසිය යුතුයි.
    සමාජ සම්මතය හැම විටම නිවරදි නෑ. වමත හුරුවීම නරක යැයි සිතූ කාලයක් තිබුණා. ඇයි වම් පය පෙරට තබා යෑම.
    සම ලිංගික සම්බන්ධතා ගැනත් එළිපිට කතාකරන්නේ නෑනේ.
    සමාජයයේ ටැබූ සබ්ජෙක්ට්ස් තියෙනවා නේ.
    හිටපු බ්ලොග්කරු ටෑබූ පුක හැන ලියූ ලිපියක් මෙන්න බලන්න.

    ReplyDelete
  70. මේ පොස්ට් එක අදනේ දැක්කේ. මටත් මතක් උනේම චානකගේ කතාවමයි. අපි AL ටියුෂන් ගිය කාලෙත් හිටියේ පැය 2ක් පු යන්නේන් ඉතිරිය ක යන්නේන් තමා...

    ReplyDelete
  71. දරුණු ම දඩුවමක් කියනවනේ "පුක මහල බඩයන්ට බෙහෙත් දෙන" එක.!

    ReplyDelete
  72. http://pavithra994.blogspot.com/2011/04/blog-post_20.html
    ඕන් මාත පුක ගැන හා කක්ක ගැන ලිවුවා.. :D

    ReplyDelete
  73. @සුළඟිල්ල
    උඹේ පෝස්ට් එක නම් මහා ජරාවක්.හිනාවක් එක්ක අප්පිරියාවක් දැනුනා.දැන් බලහන් කතන්දර "පුක" ගැන ලියපු පෝස්ට් එකේ අමුතුම ගතියක් එක්ක වැදගත් කමක් තියෙනවා.ඒකට උඹ, මීට හොදයි අර සයිබර් අවුරුදු උත්සවයට ගිහිල්ල පිට්ටනිය මැද හැමෝටම පේන්න රුන්නනම්.නොදකින් මල පෙරේතයා,

    ReplyDelete
  74. ඔයවගේ සමහර වචන කාළයා විසින් කුනුහරප ගොඩට දාලනොවැ. මේකයි මචෝ..ඔය කාළයා තමයි ඕකට වැරදි කාරය!

    ReplyDelete
  75. පුක ගැන ලියුවහම කට්ටිය පෝලිමේ පුක දීගෙන ඇවිත් කොමෙන්ට් දානවා......

    කොල්ලත් පුක දීල කොමෙන්ට් එකක් දැම්ම


    "රෙන පුකට මොන කැටයම්ද??"

    ReplyDelete
  76. පුක නැති කරලනේ....
    අයියෝ....

    ReplyDelete
  77. පුක කූනුහරපයක් කියලා කියන උන් එහෙම කියන්නේ පුකෙන්.

    ReplyDelete
  78. පුකට ගිය කලක්...:ඩි

    ReplyDelete
  79. මමත් පුක ගැන පෝස්ටුවක් දැම්මට පස්සෙ කට්ටිය මේ ලිපිය ගැන කිව්ව නිසා ඔන්න මමත් බලන්න ආවා... කථාව ඇත්ත...

    ReplyDelete
    Replies
    1. ඒ කතාවට ලින්ක් එකක් කමෙන්ට් එකක් ලෙස දාන්න.

      Delete
    2. http://siragekamare.blogspot.com/2012/07/blog-post_25.html

      මෙන්න ඒ ලින්කුව

      Delete
  80. පොඩ්ඩක් මේ ලිපියේ ලක්ෂණ හොඳින් විශ්ලේෂනය කරලා බැලුවොත් කතන්දරකාරයාගේ අඩවියට පුකපට්ටම කියන නම ගැලපෙනවා වගේ නේද ඈ?

    ReplyDelete
  81. This comment has been removed by the author.

    ReplyDelete
  82. Pukawal walin hedakara pukawal thiyenne getissiyontalu...

    ReplyDelete
  83. 'පුක' යනු කුණුහරුපයක් තමයි. කතන්දරකාරයාගේ මේ පෝස්ට් එක ලියන්න මුල පිරුනෙත් 'පුක' යන වචනය කුණුහරුපයක් බව ලාංකික සමාජයේ පිළිගැනීමක් තියෙන නිසානේ. ඉතින්, ඒකෙන් ම ඔප්පු වෙනවා 'පුක' කියන වචනය කුණුහරුපයක් බව.

    ReplyDelete
  84. පුක ලඟම පිහිටා ඇති අනිත් ඉතා වැදගත් අවයව දෙක සහ ඒවා ආශ්‍රිත කටයුතු ⁣වර්තමානයේ ෆේස් බුන් වැනි මාද්‍ය වල නිදහසේ (ඇඩ්ඩින් වරුන්ගේ හෝ කියවන්නියන්ගේ විරුද්දත්වයෙන් තොරව) ප්‍රකාශ වේ. මා අදහස් කරන්නේ හුත්ත, හුත්තා, හුකනවා, ටහුකනවා, පක, පයිය, පයියා, හැමිනෙනවා වැනි වදන්ය.

    ReplyDelete
  85. පුක ලඟම පිහිටා ඇති අනිත් ඉතා වැදගත් අවයව දෙක සහ ඒවා ආශ්‍රිත කටයුතු ⁣වර්තමානයේ ෆේස් බුන් වැනි මාද්‍ය වල නිදහසේ (ඇඩ්ඩින් වරුන්ගේ හෝ කියවන්නියන්ගේ විරුද්දත්වයෙන් තොරව) ප්‍රකාශ වේ. මා අදහස් කරන්නේ හුත්ත, හුත්තා, හුකනවා, ටහුකනවා, පක, පයිය, පයියා, හැමිනෙනවා වැනි වදන්ය.

    ReplyDelete
  86. Hello there! I know this is kinda off topic however I'd figured I'd
    ask. Would you be interested in exchanging links or maybe guest authoring a blog post or vice-versa?
    My site discusses a lot of the same subjects as yours and
    I think we could greatly benefit from each other. If you might be
    interested feel free to send me an email. I look
    forward to hearing from you! Wonderful blog by the way!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.