Monday 2 May 2011

පx යනු පදාර්ථයක් ද පරමාණුවක් ද - Is Penis a "matter" or an "atom"?


කලින් දවසක මං ස්ථිර වශයෙන්ම කිව්වනේ පුක කියන්නේ කුණුහරුපයක් නෙමේ කියලා.

හැබැයි පx කියන්නේ නම්, අමු කුණුහරුපයක්. ඒකයි ඔය ටයිටල් එකේ තියෙන්න ඕනෑ "ක" යන්න වෙනුවට මං x සලකුණ දැම්මේ.

මං නමේ පන්තියේ ඉගෙන ගන්න කාලේ වැඩිය ටියුෂන් පන්ති ව්යාපාරය ලංකාවේ පැතිරිලා තිබුණේ නෑ. කොළඹ පැත්තේ නං තියෙන්න ඇති.

අපි කොළඹින් හැතැප්ම දහතුනක් විතර විශාල දුරකින් තිබුණු ගමකයි පදිංචි වෙලා හිටියේ. ඒ ළඟ ටවුමේ නං, පොඩි පොඩි කඩ තිබුණා, ඔය ඉංගිරිසි, ගණිතය වගේ උගන්වන.

ඒත් ඒවට ගියේ සාමාන්යයෙන් "වැඩබැරිදාස" ලා හින්දා ඒ ටියුෂන් කඩ මට අදාළ වුණේ නෑ. ගුණරත්න සර් ගේ ටියුෂන් පන්තියේ ක්‍රිකට් ගහන්න ගියත් ඒක ටික කාලෙකින් ම නැවතුනානේ!

ඉතිං, ඔහොම ගිහින් අපේ ජාතික අධ්යාපන පොදු සහතික විභාගෙටත් ළංවුණා කියමුකෝ. අපේ පන්තියේ කාගෙවත් වැඩි අදහසක් තිබුණේ නෑ විභාගේ ගැන. මං ගිය ඉස්කෝලෙත් ඔහේ ඇදගෙන ගියා මිස අපිට ඕකේ තියෙන බරපතල කමක් පෙන්නුවේ නෑ.

ඔහොම ඉන්න අතරේ පන්තියේ එකෙක් ආරංචියක් ගෙනවා, කඩවත පැත්තේ තියෙනවා කියලා එක් දින සම්මන්ත්රණයක් විභාගෙට ළමයින් ට උදව් කරන්න.

නොමිලේ! නොමිලේ!! නොමිලේ!!!

ඔන්න ඉතිං අපි කට්ටියත් සෙට් වුණා ඒකට යන්න.

මගේ ක්ලික් එකේ හිටියා තව කොල්ලෝ තුන් දෙනෙක්. එයින් ලොක්කා තමයි මං අර කුරුමිට්ටෝ කතන්දරේ කියපු මේඝ.

ඔන්න අපි එදා සෙනසුරාදා වගේ දවසක උදේ අටට ගිහින් මහා සම්මන්ත්රණයට සෙට් වුණා.

සු ගාලා සෙනග!

උදේවරුවේ මුලින්ම තිබුණේ, ගණිතය, ඉංගිරිසි, සමාජ අධ්යයනය වගේ සබ්ජෙක්ට්ස් ගැන පැයක විතර දේශන. සේරම කෙරුවේ යුනිවසිටි වයසේ වගේ හිටපු පොරවල්. ඔය අතරේ පොඩි වතුර, ටොයිලට් බ්රේක් එකකුත් තිබුණා.

දවල් කෑමෙන් පස්සේ (අපි ගල් බනිස් කාලා තේ බිව්වා -ජන්ෂන් හෝටලෙන්. දැන් ඒක නෑ මයෙ හිතේ, ඒක උඩින් බස් පාරක් ගිහින්) ඉස්සෙල්ලාම තිබුණේ විද්යාව.

සාමාන්යයෙන් මේ වගේ තැන්වලදී වාචික ප්රශ්න ඇහිමක් නෑනේ. දේශනය යන අතරේ, කොල්ලෝ, කෙල්ලෝ පොඩි "චිට්" ලියලා අරිනවා ඉස්සරහට. දේශකයා ඒවා කියවලා තමන්ට කැමති ඒවට උත්තර දෙනවා.

මේ වෙනකොට උගන්නමින් තිබුණු මාතෘකා තමයි, පදාර්ථ, මූලද්රව්ය වගේ දේවල්.

මාත් එක්ක හිටිය සෙට් එකේ එකෙක් පොඩි කොළ කෑල්ලක මෙන්න මේ ප්රශ්නය ලියලා ඉස්සරහට ඇරියා.

"පx යනු පදාර්ථයක් ද පරමාණුවක් ද?"

විනාඩියක් විතර ඇතුළත මේ චිට් එක දේශකයා අතට ගියා. පොර ඒක කියවලා බැලුවා විතරයි නිකං හොල්මන් වුණා. කතා කිරීම නතර කළා. එතන හිටපු අනිත් දේශකයින්ව ගෙන්නුවා. උන්ටත් මේක පෙන්නුවා.

දැන් මුළු සම්මන්ත්රණයම නතර වෙලා. කෙල්ලෝ කසු කුසු. කොල්ලෝ කතා බහ. ටිකක් විතර කාලගෝට්ටියක්.

දේශක මණ්ඩලේ හොඳටම කැළඹිලා.

මෙන්න එතනින් එකෙක් පෝඩියම් එකට නැගලා කිව්වා "නරක දෙයක් ලියලා එවලා තියෙනවා. අපි ඒක ලියපු කෙනාව අත් අතුරු බලලා අල්ලගන්නවා. කවුරුත් හෙලවෙන්නේ නැතුව ඔහොමම ඉන්න!" කියලා.

නමුත් වැඩේ හරිගියේ නෑ. මෙතන දෙසීයක් විතර කොල්ලෝ, කෙල්ලෝ. දේශක මඩුල්ල තුන් හතර දෙනයි. අන්තිමේදී උන් වැඩේ අතහැරලා දාලා, සම්මන්ත්රණය එතනින් ම විසිරෝලා දැම්මා.

-කතන්දරකාරයා

ප/ළි:
හොඳ වෙලාවට ඒ ප්රශ්නය විභාගෙට ආවේ නෑ. ආවා නං අපි කෙළින්ම ෆේල්. ඇයි ඉතිං, තාමත් දන්නේ නෑනේ "පx යනු පදාර්ථයක් ද? පරමාණුවක් ද?" කියන ප්රශ්නයට හරි උත්තරේ.

මේ කතන්දරයේ අක්ෂර වින්යාසය චෙක් කරගත්තේ - http://www.subasa.net/spellerweb.py

(image: http://www.bbc.co.uk/comedy/lookaroundyou/series1/periodic.shtml)

29 comments:

  1. මමත් ඕකට හරි උත්තරේ දෙන්න දන්නේ නෑ.හැබැයි ඔය දෙකම උත්තරේ නෙමේ කියලා නම් දන්නවා.:D

    මාත් එක්ක ක්ලාස් ආපු කොල්ලො කට්ට්යක් ලෝක ඒඩ්ස් දිනය දවසේ කෙමිස්ට්‍රි ටියුශන් ගිය සර්ට බැලුමක්(වගේ එකක්,පුම්බන ඒවා නෙමේ,පිම්බෙන ඒවා) ලියුම් කවරෙකට දාලා ඒක උඩ සර්ගේ නම එහෙමත් ගහලා රතු රිබන් පටියක් සම්මත හැඩේට නවලා කරලා ලියුමේ උඩ ගහලා යැව්වා.

    මේක දැකලා සර්ට අම්බානට මල.........,ලොකු පන්තියක් නිසා කරපු එකා හොයාගන්නත් බෑනේ.සර් මොකක්ද කලේ ෆෑන් ටික ඕෆ් කරලා 7 කට විතර අමාරුවෙන් ඉන්න පුලුවන් පේලිවලට 10 ක් විතර දාලා පන්තිය කරා.දැන් කොහේ ඉගෙනගැනිල්ලක්ද?.කලුතර අය නම් දන්නවා ඇති දවල්ට රසන්යා එකේ තියෙන රස්නේ කොහොමද කියලා........

    ReplyDelete
  2. මලා ජෝන්. මාර ප්‍රශ්ණ තමයි තියෙන්නේ.
    :D

    ReplyDelete
  3. අෆ්ෆොය් ඔය වගේ දෙකට සම්මන්ත්‍රණේ නැවැත්තුව නම් අපේ උන් ඔය වලට තිබ්බ සම්මන්ත්‍රණ වල කොරපු කෙලිවලට අය සම්මන්ත්‍රණ තියන්නේ නැතුව ඉඳි......
    මොනව උනත් ඔය කාලේ කස්ටියගේ හැටි කොහොමත් ඔහොමනේ...හික්

    ReplyDelete
  4. මං හිතන්නේ ලොකු පර්​යේෂනයක් කරන්න වෙයි ඒක හොයාගන්න. සමහරවිට ලංකාවේ බැරිවෙයි නේද...

    ReplyDelete
  5. ඇත්තට පx කියන්නේ පදාර්ථයක්ද පරමාණුවක්ද?
    මට හිතෙන්නේ දෙකෙන් ඕනම එකක් වෙන්න පුළුවන්..

    ReplyDelete
  6. මම නම් දන්න විදිහට ඒක 'පරමාණු යුධ සිරසක්' (Nuclear warhead) සවි කරපු මිසයිලයක්......!

    ReplyDelete
    Replies
    1. Px ta Px kiyanne nethewa wena mokak kiyannada

      Delete
  7. මට නම් හිතෙන්නේ ඔය කියන කතන්දරේ සාපේක්ශ කතාවක්....
    මොකද කවුරු හරි ඔය වැදගත් කියල සම්මත කස්ටිය ඉන්න තැනක එහෙම ඔය පx කතාව කිව්වොත් ඔන්න ඒක මහා අසමජ්ජාති වචනයක් වෙනවා....
    ඒත් බජාර් එකේදි ඕක කිවුවොත් එහෙම එහෙම ගින්නක් හිටින්නේ නෑ....!!!!!
    එහෙම උනොත් ඕක අහපු ඒකා උත්තර දෙන්නෙත් මොන පx ද කියල තමා...
    :D

    ReplyDelete
  8. api dannwa, oya set 1k hitapu anith denne newai kiyala ooka liwewe!

    ReplyDelete
  9. කතන්දර කොහොමද සර් ට යවපු චිට් එක කියෙව්වේ ?

    ReplyDelete
  10. ජන්ෂන් හෝටලේ මේ මෑතක් වෙනකල්මනං තිබුනා..කතන්දරලගේ මහ ගෙවල් පැත්තට හැරෙන ජන්ෂන් එකේම..ඒත් දවසින් දවස කඩවත නවීකරණය වෙන හින්දා අද නැද්ද මංදා..විපුල හෝටලෙයි..ඩිපෝ එක ලග ප්‍රියංගිකා එකයිනං ගිය සතියෙත් තිබුණා...

    ReplyDelete
  11. ක.සූ ගෙ ගෙවල් කඩවත පැත්තෙද??

    ReplyDelete
  12. අයියෝ.... පකක් කියන්නෙ ගෙඩියක් කියන එකනේ.....
    ඔය ව‍චනෙ තියන කවියක් මම කියවල තියෙනවා.

    ReplyDelete
  13. අනේ මම නම් ඔය රසායනික මූලදර්ම දන්නේ නෑ .. මම කරේ කලා ..! හැබැයි අපේ කලාකාමි හදවත් වල. මෙන්න මෙහෙම කියමනක් තිබුනානම් මතකයි

    කොල්ලෙක් ඈලි මෑලි දුබල ගතියෙන් යනවනම් . එයාගෙන් අහනවා .

    "සහෝදරයා මොනාද උදේට කෑවේ පානුයි ලුකයි ද ?"

    ReplyDelete
  14. "පුක" පෝස්ට් එක රසවත් වුනේ කතාවට වඩා කමෙන්ට් වලින්.මාත් මේ බලන් ඉන්නේ ඒක පටන් ගන්නකා...න්.කෝ බොලේ මේ කට්ටිය.බලපු "පුක" ද ලස්සන "ප*" ද කියල(හැබෑටම බොලේ ප* නම් කුනුහරුපයක්ම තමයි.ඒක ලියන්නත් බයයි වගේ)

    ReplyDelete
  15. කාන්තා පාර්ශවයේ කමෙන්ට් නෑ නේද?.මම හිතන්නේ තාම කල්පනා කරනවා ඇති.

    ReplyDelete
  16. හිස් අහස මල්ලිගෙ ප්‍රශ්නෙට කොල්ලො මෙහෙම උත්තර දෙන්නෙ නැද්ද?

    නෑ සඳරූ... උදේට කෑවේ පානුයි, පාන් අයියගේ ජොයියයි කියලා ....

    ReplyDelete
  17. "The momentum change of the helium atom is PX..."

    "The universe consists only of atoms and the void; all else is opinion and illusion."
    මම නෙමේ මෙහෙම කීවේ Democritus.


    @rajith,

    ඔන්න කාන්තාවකගෙන් කමෙන්ට් එකක්...

    ReplyDelete
  18. පිස්සු හැදෙයි, අම්මප ඕක නං මොකක්ද කියල මාත් හරියට දන්නෙ නෑ. මොකක් උනත් ඕක සෑහෙන්න වන්දනීය දෙයක් නෙව. ක‍ටු ගෙදර නං තියෙනව එක එක සයිස් එකෙන්.
    ඕං අපේ ඇල්කෙමියගෙන් ඇහැව්වනං උත්තරයක් ගන්න තිබුන. මිනිහ හරි දසය නෙව.

    ReplyDelete
  19. @Podi Kumarihami -හූ............නෑනේ අක්කේ ඒකත් පිරිමියෙක්ගේ කමෙන්ට් එකක්..(Democritus ගේ):D

    ReplyDelete
  20. Is Penis a "matter" or an "atom"?

    මගෙ බුද්ධි මට්ටමට වඩා ඉහල ප්‍රශ්නයක්, දුමී ගෙ උත්තරේ විතරය් යන්තං වත් ලඟින් යනව කියලවත් මට හිතන්න පුළුවන්.

    ReplyDelete
  21. @rajith ඔය ප්‍රසන්න සර් ගේ ක්ලාස් එකක වෙච්ච දෙයක්ද? :D

    ReplyDelete
  22. පක කියන්නෙ මට මතක විදියට ගෙඩියට (ඵලය). හරිම තේරුම බලාගන්න පුලුවන් සුමංගලේ බැලුවනං . . . .

    ප.ලි. මල කෙලියක් නෙ මට උනේ . . . මේ කොමෙන්ට් එක වැරදිලා චානුකගෙ සිහි සටහන් එකට දැම්මනෙ . . . . .

    ReplyDelete
  23. @ඕනයා -ඔය ප*ක් කරලා තියෙන්නේ...........:D

    ReplyDelete
  24. @niroshinie -හ්ම්......හ්ම්,එහෙදි තමයි.........

    ReplyDelete
  25. පිළිතුරු - විභාගය ලියන අතරතුර මුඛයෙන් පිටවෙන වචනයකි......

    ReplyDelete
  26. ධෆොයි.. ලේසි ප්‍රශ්නයක්නෙ.. පක යනු පදාර්තයක්. අවකාශයේ ඉඩක් ගන්න ස්කන්දයක් ඇති දෑ පදාර්ත නම් වේ.. :D :D පරමාණුව කියන්නෙත් පදාර්තයක්නේ.. ;) :D :D

    ReplyDelete
  27. පෙර එක් අඟනක් මහ සඟණට පකක් පුදා
    අමා මහ නිවන්සුව ලබාගත් කවිය කියවල නැත්ද හැබෑටම ?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.