ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Friday, 5 July 2013
කතන්දරකාරයා කණ්ණාඩි පොළඟා වුණු හැටි - Four eyed monster
"සාමා සහ අමර සල් මල් කඩනවා"
"අම්මේ අන්න මාමා එනවා"
වැනි දශක කිහිපයකට පසුවත් මතකයේ රැඳී ඇති වැකි අඩංගු වූවද, සමස්තයක් වශයෙන් බැලූ කල, පළමුවෙනි ශ්‍රේණියේ සිංහල කියවීමේ පොත ඉතා නීරස එකක් වූ බව මගේ මතයයි. පස් වසරක දරුවෙකු ගේ කුතුහලය අවුස්සන, කියවීමේ හෝ ලිවීමේ උනන්දුව නිසි පරිදි ඇතිකරවන වැඩි දෙයක් එහි අඩංගු වූවා යැයි මම නොසිතමි.
මා "කුමර දිවිය" ගත කළ ඒ කාලයේ අද මෙන් ළමා කියවීමේ පොත් සුලභව නොතිබුණි. ගම්බද කණිෂ්ඨ පාඨශාලා පරිසරයේ දී පුස්තකාලය යන්න කිසිදා අසා නොතිබුණු මහාප‍්‍රාණ පිරි අමාරු වචනයක් ම විය.
දෙවන තුන්වන ශ්‍රේණිවලදී මේ තත්වය තරමක් හෝ හොඳ අතට වෙනස් විණි.
ඩෙංකුටු, ඩෙංකුටු පෙරහැර එනවා කවි පන්තිය,
මෙන්න අපේ පූසී
ඉල්ලනවා දෝසී
ඌට ටිකක් වීසි
කරන්න කෝ සීසී
එහෙම දෝසි වීසී
කරන්නේ නෑ සීසී
ඕනෑ නම් දෝසී
දෙන්න ඕනැ කාසී
යනාදී වශයෙන් කියවුණු දෝසි කවි,
විලියම් ටෙල් ඔහු ගේ පුතා ගේ හිස මත තැබූ ඇපල් ගෙඩියකට දුන්නෙන් විදි වීර කතාව,
වැනි සිංහල පොතේ ආ පාඩම් අපේ කියවීමේ රුචිය වැඩි දියුණු කළේය.
පෙර කී පරිදි ළමුන් සඳහා ලියවුණු අමතර කියවීමේ පොත් නොතිබුණු ඒ කාලයේ ඒ අඩුව පිරවුණේ පිරවුනේ ලේක් හවුසියෙන් පල කළ “මිහිර” ළමා පත්තරයෙනි.
මා දෙවෙනි ශ්‍රේණියේ සිටියදීම වාගේ මගේ පියා මා වෙනුවෙන් මිහිර ළමා පත්තරය මිලට ගන්නට පටන් ගත්තේය. මිහිර පත්තරයට මුහුදු වෙරළ ගැන කවියක් ලියා මා තුන්වෙනි ශ්‍රේණියේ දී ම කවියෙකු බවට පත්වූ හැටි ගැන කතාව මම මින් පෙර මෙහි සඳහන් කර ඇත්තෙමි.
මිහිර ළමා පත්තරයට අමතරව සිළුමිණ පත්තරයේ ළමා පිටුවද, එහි පලවූ බන්දුල හරිශ්චන්ද්‍රගේ චිත‍්‍රකතාව ද මා ඉතා ආශාවෙන් කියවූවෙමි.
කුඩා කළ සියට එලෙස කියවීමට හුරුවීම ඉතා හොඳ දෙයක් බවට කිසිදු විවාදයක් නොමැත. නමුත් ඒ ඇබ්බැහි වීමේ යම් අනිසි ප‍්‍රතිපල ද ඇති බව මට නොබෝ කලෙකින් වැටහිණි.
එයට හේතුව නම් මා පුවත්පත් කියවන විට ඒවා දෙඇසට ඉතා ලංකරන බව තාත්තා ගේ ඇස ගැටීමයි.
"මාත් දැක්කා ලොකු පුතා හැම තිස්සේම පත්තරේ මූණේ ඇලවෙන තරමට ලං කරළා තමයි කියවන්නේ!" අම්මා ද තාත්තාගේ නිරීක්ෂණය තවත් තහවුරු කළාය.
මේ කාලය වෙන විට මගේ පියා හතළිස් හතලිස් ඇඳිරිය ලබා කණ්ණාඩි පලඳින්ට පටන් ගෙන බොහෝ කල් ගොස්ය.
"මං මෙයාව මේ සෙනසුරාදාම සිරිවර්ධන එකට එක්කරගෙන යනවා ඇස් බලවලා කණ්ණාඩි දෙකක් අරං දෙන්න" තාත්තා කීවේය.
කණ්ණාඩි සාප්පුවේ දී කරණ ලද විවිධ අක්ෂී පරීක්ෂාවන් ගැණ මගේ මතකයේ වැඩි විස්තරයක් නැතත් එහි අවසාන ප‍්‍රතිපලය ලෙස සතියකට පසුව මට කුඩා කණ්ණාඩි දෙකක සාඩම්බර හිමිකරුවා වීමට මට ඉඩ ලැබුණි.
මගේ උපැස් යුවල දුම්මල පැහැ ගත් ප්ලාස්ටික් රාමුවකින් ද, ඕවාලාකාර වීදුරු කැබලි දෙකකින් ද සමන්විත විය. එය පාසලේදී ද, පොත්පත් කියවන වේලාවේදී ද නිතිපතා පාවිච්චි කළ යුතු යැයි මට උපදෙස් ලැබුණි.
තුන්වන ශ්‍රේණියේ දෙවන වාරයේ පමණ එක් සඳුදාවක මා පාසල් ගියේ කොණ්ඩය පීරන්නට පහසුවෙන පරිදි ගෑ පොල් තෙල් බිදු කාන්දුවෙන නළලට මදක් යටින් දෙඇස වැසෙන සේ පැළඳි මගේ දුම්මල පාට කණ්ණාඩි කුට්ටමෙන් සැරසීගෙන ය.
අපේ පන්තියේ පමණක් නොව, අපේ මුලූ ප‍්‍රාඨමික පාසලේම සිටි කණ්ණාඩි දැමූ එකම සිසුවා මා වී යැයි සිතමි. ඉදින් එදිනම කණ්ණාඩි පොළඟා යනුවෙන් වූ සුරතල් නමක් අපේ පන්තියේ සිටි කවුදෝ මදාවි කොල්ලෙක් මට පට බැඳීම එතරම් පුදුමයක් නොවේ.
ඒ කණ්ණාඩි පොළඟා යන අන්වර්ථ නාමයේ සුරතල් බව කොතරම් ද යත්, මා ඒ කණ්ණාඩි යුවල පැළඳ පසල් ගියේ එකම එක සතියක් පමණි.
ඉනික්බිතිව (තවත් වසර දහතුනක් යනතෙක්ම) මගේ කණ්ණාඩි පැළඳීම ගැන මගේ පියාටත් මටත් අමතකව ගියේය.
මම ද මිහිර ළමා පත්තරයෙන්, සිළුමිණ පත්තරේ ළමා විශේෂාංගයෙන්, චිත‍්‍රකතාවෙන් ඔබ්බට ගොස් නවකතා කියවන්නට පටන් ගත්තෙමි.
මා එලෙස මුලින්ම කියවූයේ ගුණදාස ලියනගේ ලියූ "මුළු හදින් මම ඇයට පෙම්කොට" නමැති නවකතාවයි.
එතෙක් මිහිර ළමා පත්තරය කියවූ "කණ්ණාඩි පොළඟා" ඒ පිම්මත් සමගම මිහිරෙන් මිහිරට පත් වූයේය.
-කතන්දරකාරයා
(image: http://kidglasa.info/harry-potter-prescription-glasses-frames/)
Subscribe to:
Post Comments (Atom)
කන්නාඩි දෙකක හිමි කරුවකු වුනාද එක සැරේ?
ReplyDeleteඇස් දෙකයි, උපැස් දෙකයි, හතරයි
Deleteදෙවරක් දෙකත් හතරයි, දෙකයි දෙකයි එකතු කළාමත් හතරයි!
Deleteකකා දන්නවද ම, මැ, මා, මෑ පිලිවෙලට පෙලගස්සගන්න නොදන්න බ්ලොග් කාරය කවුද කියල?
Deleteකවුරු උනත් ඊයෙ ලක්ෂපති තරගෙට හිටපු එකෙක් නේද? කවුද ඩයල් එක?
Deleteඒකනං චාටර් මෙයා. අර පොලු අබීතය නේද ඕක අල කරගත්තෙ ලක්ශපතියෙක් වෙන්න ගිහින්.
Deleteඅනේ ඌ පරාදයිද? මං හිතුවෙ ලක්ෂපතියෙක් වෙලා ඉන්දික ලොක්කගෙ ණය බේරයි කියලා.
Deleteමාත් පොඩි කාලේ ඉදන්ම කණ්ණාඩි පොළගෙක්
ReplyDeleteමං නං දිගටම දාන්න ගත්තේ වයස 32 දී!
Deleteපාසල් යන සමයේ කතන්දර මඩොල් දූව පොත කී සැරයක් විතර කියවල ඇද්ද?
ReplyDeleteමඩොල්දුව පොත කියෙව්වේ පහේ පන්තියේදීයි. ඊට කලින් වෙන ලව් කතා පොත් තමයි බැලුවේ!
Deleteකතන්දරගේ කතන්දරයක් කියෙව්වේ ගොඩාක් කාළේකින්. අපේ පොඩි එකත් කන්නාඩි පොළඟෙක්. මුල් දවස්වල අප්සට් ගියාට, දැන් ගානක් නෑ. ඒ උනාට මෙයාල පොත් කියවනවා සෑහෙන අඩුයි. ගේම්ස්ම තමයි ජීවීතේ..
ReplyDeleteමිහිර පත්තරේ මතක් කලාට පින්. මමත් කවි ලියලා යැව්වට එකක්වත් පල උනේ නේ. කොහොමත් මගේ කවි අගේ කලේ සර්ලා මිස්ලා කීප දෙනෙක් විහරයි. පොඩි කාලේ ලිව්වෙත් කචල් කවිම තමයි.
සමහර දවසට දැන් ලියන බයිල කියෙව්වම හිතාගන්න පුළුවන් පොඩ් කාලේ ලිව්ව කවි ගැන.
Deleteමිහිර පත්තරේට යවපු කවි මහා එවුන් බලන පත්තර වල දැම්මද දන්නෙ නැහැ.
මිස්ල බඩවෙයි කියල කියවන්න නැතුවැති.
Deleteමංතුමාටත් කණ්නාඩි තාම නං ඕනවුනේ නෑ. මම ගිය ප්‍රාථමික විද්‍යාලයේ කණ්නාඩි පොලඟුන් එකෙක්වත් හිටියෙ නෑ.
Deleteපොඩි ළමයි ගැන දෙමව්වපියෙන් නීරීක්‍ෂණය කළොත් මිසක ඇස් පෙනීමේ වරදවල් අහුවෙන්නේ නෑ ඒ කාලේ.
Deleteඇසීමේ අඩුවකමත් එහෙමම තමයි.
කන්නාඩි පොල්න්ගෙක් වෙන ලකුණු පහල වී ඇත
ReplyDeleteවෙල්කම් ටු ද ක්ලබ්, මේට්!
Deleteඉන්පසු ඔහු කියවූයේ 'යොවුන් ජනතා' පත්‍රයයි....
ReplyDeleteඒක තිබ්බද මන්දා ඒ කාලේ... මම නම් 'මිහිරෙන්' දික්'විජය' කලාම කියවන්න ගත්තේ තරුණයා සහ යොවුන් ජනතා. සමුදුර, විදුසර ගත්තා බැලන්ස් කරන්න. මගේ මතකයේ හැටියට මම මුලින්ම වැඩිහිටි නවකතාවකට කියෙව්වේ "අවිදු අඳුර" කියලා නව කතාවක්. සරත් විජේසූරියගෙද මන්දා...
යොවුන් ජනතාවටත් කවි දැම්මා සීයක් විතර දෙකක් පල වුණා!
Deleteඅපේ මලයට පොෙළාන්නරුවෙදි ට්‍ර්ප් එකක් ගිය වෙලාවක බෝඩ් එකක් කියවන්න කිව්වම ඌ වෑන් එකෙන් බැහැලා, බෝඩ් එක ළඟට ගිහින් කියෙව්වේ.. ගෙදර ආපු ගමන් ඇස් බලවලා කණ්ණාඩි අරන් දුන්නා.. එයා නම් නිකම්ම කණ්ණාඩි පොළඟෙක් නෙවෙයි.. බෝතල් අඩියෙක්...
ReplyDeleteමාත් කතන්දර වගේම සතියක් කණ්ණාඩි දාලා අතෑරලා දැම්මා වැඩේ.. ඇස් වල අමාරුවක්ම නෙවෙයි, ඔලුවෙ කැක්කුමක් හැදිලා... පොත් කියවිල්ල තමයි මටත් හරහට හිටියේ... හැබැයි ඒ සා/පෙ කරන කාලේ..
මාර වැඩ තමයි ඔයාටත් වෙන්නේ..
Deleteහි..හි...
හි..හි...
හි..හි...
හි..හි...
බෝතල් අඩි වීදුරු නම්, දැන් ප්ලාස්ටික්වලින් ඊට වඩා හොඳ ඒවා හදන්න පුළුවනි.
Deleteමම අදමයි මේ පැත්තේ ආවේ.අක්කත් කණ්ණාඩි දානවද ? මාත් කොම්පියුටරේ පාවිච්චි කරන දා ඉදන් ආලෝක පෙරණ කණ්ණාඩි දෙකක් දානවා.
ReplyDeleteඅක්ක නිකං කෙක්ක වගෙයි, හැමතිස්සෙම කොක්ක දාන්නමයි බලන්නේ!
Deleteකකා දැන් කවි වලට නශ්ඨකාමය ද ?
ReplyDeleteමේ බ්ලොගේ නම් දැන් ගූ හැත්තෑවයි, පඩ හැත්තෑ හතයි.
ReplyDeleteඒවායින් ගූ හැට නමයක්මයි, පඩ හැත්තෑ හතරක්මයි ඔහේ ගේ කමෙන්ට්ස්!
Deleteමේකත් ස්පෑම් වෙලායි තිබුණේ!
බුහාහා... නියම උත්තරේ කකා..
Deleteඇඩ්‍රස් නෑ...
පළවෙනි වතාවට කකාගේ පෝස්ට් එකක් ඉවර වෙනකම් කියෙව්වේ නැත්තේ අදයි..අපිත් කියෙව්වේ සාමා අමර තමයි කකෝ ඒත් මට නම් අදටත් ඒවා නීරස නැහැ..( එහෙන් මෙහෙන් කමෙන්ට් ගොඩේ දැක්කා කණ්නාඩි කේස් එකක්...මාත් කණ්නාඩි පළදින්නෙක් වෙමි )
ReplyDeleteකණ්ණාඩි දෙක දාගෙන ඇවිල්ලා සේරම කියවන්න. මොකද හතලිස් ඇඳිරියද?
Deleteමිහිරෙන් තරුණයාට පැන්නට පස්සේ අර විද්‍යා පත්තරේ (සරණ) ආවා. එය නම් හරිම ප්‍රයෝජනවත් පත්තරයක්.
ReplyDeleteසරණ නොවෙයි සතර!
Deleteඔබට සතර සරණයි! ඔබට සතර සරණයි!
අපේ රත්නායක මහත්තයාත් සතර කියෝලා ගොඩ ගිය කෙනෙක් තමයි.
මොන සතරක්ද කකා. එහෙම පත්තරයක් මා දන්නෙත් නැහැ. මා කියුවේ අර සරණ කියන විද්‍යාත්මක ලිංගික අධ්‍යාපනික පත්තරය.
Deleteගොඩක් කල් එහෙම ලං කරලා කියෙව්වම හොදට තිබුනත් ඇස් දෙක අවුල් යනවා කියනවා.මගෙත් දැන් දැන් කන්නාඩි පොලගෙක් වෙන්න යනවා වගේ...
ReplyDeleteකණ්ණාඩි දැම්මාමත් ඒවාට පුරුදු වෙන්න කාලයක් යනවා. මුල් දවස්වල වැටෙන්න යනවා.
Deleteකකා අද ඇනෝ කමෙන්ට් දාගෙන නෑ වගේ
ReplyDeletehttp://kathandara.blogspot.com/2010/09/blog-post.html
Deleteමමත් ඔය ඇස් හතරකින් බලන්න පටන් ගත්තේ තුන වසරේ ඉඳන්!
ReplyDeleteමං නං තුන වසරේ සතියක් දැම්මාට පස්සේ ඊලඟට වයස 23 දී මාස දෙකක් විතර, ඊට පස්සේ වයස 32 සිට අද වෙනතුරුම!
Deleteමම 'ගුලි' ගෙ මුලින්ම කියවපු පොත 'මල්ලිගෙ විත්ති'. මිහිර පත්තරේ තාම තියෙනවද දන්නෙ නෑ. මිහිර, විජය, විදුසර, මුතුහර, සිව්දෙස තමයි ඒ කාලෙ අද අන්තර්ජාලෙන් කෙරෙන දේ කලේ.
ReplyDeleteමිහිර පත්තරේ තාම තියෙනවා, ළඟදී අවුරුදු 40 ද 50 ද සංවත්සරයක් තිබුණා!
Deleteඇයි ඒකාලෙ රිපෝටර් මදුරුවා හිටිය නාරිලතා තිබ්බෙ නැද්ද ?
ReplyDeleteX-Porter
ඒව එන කොට අපි ලොකු ළමයි!
Deleteඒ පන්ති පාස් කරලා.
අද සිංහල බ්ලොගර්ස් සහ ලාංකීය සින්ඩිකේටර්වල මගේ පෝස්ට් එක පලවීමේදී අවුලක් වී තිබේ!
ReplyDeleteසිංහල බ්ලොග් රීඩරයේ මෙය ඇත්තේම නැත.
ලාංකීය සිතුවිලි අඩවියේ කතන්දරයේ නම මනිස බ්ලොගයේ නම නැත.
එක අතකට ඒකත් හොඳයි.
Deleteමේ වගේ ගූ හැත්තෑවේ පෝස්ට් බ්ලොග් ලෝකය පුරාම ගිහින් බ්ලොග් ලෝකෙම ගඳ ගස්සනවට වඩා එහෙම දෙයක් සිද්ධ වෙච්ච එක කොච්චර නම් හොඳයි ද
ඔබේ කමෙන්ටුවත් සමහම දැන් සංඛ්‍යාව හැත්තෑ එක දක්වා ඉහල ගියා.
Deleteශිෂ්ඨාචාර මිනිසුන් අතර කණ්ණාඩි පොළඟුන් දැක්ක ද, ඒවා වැළැක්වීමට ප්‍රචණ්ඩත්වය පාවිච්චි කිරීම නුසුදුසු යැයි සැලකෙන ක්‍රියාවන් බොහොමයක් ඇත. බොරු කීමේ දී යම් ගිවිසුම් කැඩීමක් හෝ අනෙකාට දේපල හානියක් නොවන්නේ ද කණ්ණාඩි පොළඟුන් තමන් ගැන හෝ අනුන් ගැන සිත කළකිරෙන ගජබින්න දෙසා බෑම අශීලාචාර යැයි සැලකුන ද එයට දඬුවම් දෙන්නට ශිෂ්ඨ සමාජයක ප්‍රචණ්ඩත්වය උපයෝගී කර නොගනී. කණ්ණාඩි පොළඟුන්ට හෝ යහළු මිත්‍රාදීන්ට සිත් පීඩා ඇතිවෙන විදියට හැසිරෙන අයෙක්, කළගුණ නොදන්නා අයෙක්, නියමිත වේලාවට තැනකට එන්න දන්නෙ නැති අයෙක් යනාදීන් අශීලාචාර යැයි නම් වූවත් ඔවුන් හදාගන්නට ප්‍රචණ්ඩත්වය පාවිච්චිය ශිෂ්ඨ සමාජයක දී අනුමත නොවේ.
ReplyDeleteෂාහ්, මාරයි ඔයාගේ කමෙන්ටුව.
Deleteකොච්චර හොඳඳ කියනව නං මට මෙලෝ හසරක් තේරුණේ නෑ!
මීට පස්සේ ඔරිජිනල් එකේ යුආර්එල් එකත් දෙන්න.
කකා,
ReplyDeleteනිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක බත්තලංගුණ්ඩුව පොත කියවන්න. මම මේ දවස්වල ඒක කියවන ගමන් ඉන්නේ. ලස්සන පොතක්
බත්තලංගුණ්ඩුව - මංජුල වෙඩිවර්ධන
සූරිය ප්‍රකාශන
නියම පොතක්. මාත් කියවලා තියෙනවා.
Deleteකකා මෙතනින් බාගෙන කියවහන් මචං
මා මේ පොත මිළදී ගෙන කියෙව්වේ වසර කිහිපයකට පෙර.
Deleteමං මේ ගැන රේඩියෝ එකක විචාරයකුත් කළා.
ඕක හත් අට වතාවක් කියවලා තියෙනවා
Deleteකොච්චර කියෙව්වත් ඇති වෙන්නෙත් නෑ
හොඳ ලිපියක් සහ කියවන්න ආසා හිතෙන comments කිහිපයක්. ඇත්තෙන්ම අපහාස,කුණුහරප සහ double meaning තියෙන comments වලට වැඩිය තම අද්දැකීම් පත පදනම්වූ මේ comments කොච්චර ප්‍රිය මනාපද?
ReplyDeleteමටත් මතකයි අපේ ගෙදර උන්දැට (එයා ටීචර් කෙනෙක්) උදේට ඉස්කෝලෙට යන්නට තිබෙන බස් එක අඳුනා ගන්නේ ඒකෙ ශබ්දයෙන් කියල කිව්වම තමයි දුර පෙන්නේ නැහැ කියන හොරෙ අහු උනේ . එතකොට ගන්න උන උපැස් උවලට තියෙන්නේ බෝතල් අඩි කන්නාඩි . ඒ තරමටම වීදුරුව ගනකමයි. මේ ලඟදි අපේ පොඩි එකාත් (මිනිබිරි) මුනටම ලං කරලා පොත් කියවන විට මම අඳුනා ගත්තා එයාගේ ඇස් අමාරුවක් තියෙන බව.දොස්තර කන්නාඩියක් නියම කලත්,ඒක මිලදී ගත්තත් ඒක නිතරම දාන්න ඕන කියල මම කිව්වත්,පාවිච්චි කරවීමට පුතත් ලේලිත් කල්පනා කලේ නැහැ.(නාකි මිනිස්සු කියන ඒවා කව්රුත් ගණන් ගන්නේ නැහැනෙ.) මේ ලඟදි අයෙත් දොස්තර චැනල් කරලා කන්නාඩි නොපැලන්දවිම ගැන ගෙඩි රුපියල් 1000ටම හොඳටම බැනුන් අහල තියෙනවා . දැන් පොඩි එකා නිතරම කන්නාඩි දානවා. මේකෙදි මම ඉගෙන ගත්ත කාරණය තමයි ඒක සල්ලි වලට ගත්තේ නැත්නම් නිකන් දෙන උපදේසයකින් උනත් කිසිම පලක් නැහැ .
හිතවත් wmk,
Deleteමා මේ ලිපිය ලිව්වේ කණ්ඩාඩි නොදන අය ගැන සමග හෝ කණ්ණාඩි දාන අයට කණ්ණාඩි පොළඟා යැයැ සරදම් කරන අය සමග වෛරයකින් හෙම නම් නොවේ.
;-)
umbe genita retire wenna kiyapan
Deleteකකා මතකද බං පේරා රැග් සීසන් එක ?
ReplyDeleteඒ කාලේ ජුන්නෙක් කණ්ණාඩි දැම්මොත් කියන්නේ තමා කණ්ණඩි දාන්නේ ක්ෂණික මෝචනයට කියලා. ජේශ්ඨයෙක් කණ්ණාඩි දැම්මොත් කියන්නේ බුද්ධියෙන් මුහුකුරා ගිය නිසයි කණ්ණාඩි දාන්නේ කියලා.
හෙහ්, හෙහ්!
Deleteඒ අවුරුදු හතරයි මාස තුනටම මං කණ්ණාඩි දැම්මේ ෆයින්ල් ඉයර් එකේ මැද හරියේ මාසයක් විතරයි!
අපි ඉස්කෝලේ යන කාලේ හිටිය කණ්නාඩි පොලොන්ගු සේරම වගේ හොඳ වැදගත් ඉගෙන ගන්න දක්ෂ ළමයි.කණ්නාඩි දාන එකාල වැඩිය වලි වලට ගියෙත් නෑ වගේ මතකයි....
ReplyDeleteඔය කියන්නේ ජෝති කණ්ණාඩි දැම්මේ නෑ කියලනේ?
Deleteනවකතා කියවනවා වැඩි කියල ගෙදරින් පොත් තහනමට ලක්වුණු නිසා මම හොරෙන් ටෝච් එළියෙන් පොත් කියවන්න ගිහින් තමා ඇස් පොට්ට උනේ :( දොස්තර කිව්වේ උපතින්ම තිබුණු ඇස් දුර්වල කම තවත් වැඩි කරගෙන කියල. කොහොම හරි නවයේ පන්තියේ ඉඳන් කන්නාඩි පොළන්ගෙක් උනා.
ReplyDeleteහැබැයි දැන් ටික කාලෙක ඉඳන් ලෙන්සස් වලට මාරු වෙලා තියෙන්නේ :)
මගේ කවි කෙසේවෙතත් චිත්‍ර නම් බින්දු පත්තරේ සහ හපනා පත්තරේ පළ උනා මතකයි...අම්මා ගාව ඒ පත්තර තවම පරිස්සමට තියෙනවා!
කණණාඩි වලට හොඳ ප්‍රොෆෙෂනල් ලුක් එකක් එනවා කාන්තාවන්ට!
Deleteමුලින්ම පුංචි පත්තරේ
ReplyDeleteඊළඟට හපනා
ඊළඟට මිහිර
ඊළඟට විජය
ඊට පස්සෙ මධුර, සත්සිරි, සිත්තර
මේවා තාම තියෙනවද?
ඇයි ඊට පස්සේ,
Deleteමියුරුසර, සොරි ආන්ටි, ශ්‍රී දේවි, මල් පබා, A to Z ,
ඇයි බන් ඊට පස්සේ රසදුන, සොඳුර ,
Delete
ReplyDeleteඋපරිම ලිංගික තෘප්තියක් ලබා ගන්නේ කෙසේද ( 18 + )
කතන්දර කියන්නේ නම් ටැබූ නෙවෙයි. ටැබූ වෙනත් නමකින් බ්ලොග් කරණයේ ඉන්නවා.ඔහුව ඔබට හමු වී තිබීටත් හැකියි. ටැබුගේ හැසිරීම් සහ දැනුම ගැන වැටහීමක් ඇත්තෙකුට ටැබූව හඳුනා ගතහැකියි. ( හඳුනාගත්තද එය ප්‍රසිද්ධ නොකරන්න )
අනෙ මෙහෙම ආසවක් අනේ මෙහෙම තන්හාවක් මිනිසුනේ ලැබෙයිද මින් සැනසිමක්.
Deleteතවත් එක් මන්පොර ජතකයක්.
රැග් කාලේ සිදුවීමක් මතක් වුනා.. ජ්‍යෙෂ්ටයෙක් අපි (ජුන්නෝ) කට්ටියක් තියාගෙන හොඳටම බනිනවා (බැනීම රැගෙහි අංගයක් නොවැ). අපි අතර හිටපු කන්නාඩි දාපු ප්රෙශියෙක් ගෙන් මෙයා අහනවා 'මම දැන් උඹේ කන්දෙක කැපුවොත් උඹේ මොන සංවේදනය ද නැතිවෙන්නේ' කියල. අපේ කෙල්ල කිව්වා 'ඇස් පෙනීම' කියල. ජ්‍යෙෂ්ටයට බකස් ගාල හිනා ගියා.. එදාට රැග එතනින් ඉවර වුණා
ReplyDeleteමෙන්න බොලේ මේ යෝදයා ඇවිත්!
Deleteහික් හික්.. මම නම් දිගටම මේ පැත්තේ ආව ගියා කොමෙන්ට් නොකරට.
Delete2012 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා අවසාන වටයට තේරුන පොත් 12
ReplyDelete1 වාලුකා
ශාන්ති දිසානායක
සරසවි ප්‍රකාශන
2 මාගම් සෝලිය
මොහාන් රාජ් මඩවල
බිසෝ ප්‍රකාශන
3 සෙංකොට්ටං
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
සංථව ප්‍රකාශන
4 බොල් පොළව නිල් අහස
රංජිත් ධර්මකීර්ති
සඛිල ප්‍රකාශන
5 ප්‍රේත වස්තුව
සේපාලි මායාදුන්නේ
ගොඩගේ ප්‍රකාශන
6 මහා නගරය
කන්දේගම කුලරත්න
ආරිය ප්‍රකාශන
7 එකොළොස් ගිණි
ටෙනිසන් පෙරේරා
සරසවි ප්‍රකාශන
8 අත අත නෑර
සුමිත්‍රා රාහුබද්ධ
සුමිත්‍රා රාහුබද්ධ ප්‍රකාශනයක්
9 පර්ජන්‍යා
සුසන්ත මහඋල්පත
ගොඩගේ ප්‍රකාශන
10 කන්දේ වීදිය
කපිල කුමාර කාලිංග
කිංකිණි ක්‍රියේෂන්ස් ප්‍රකාශන
11 කාල සර්ප
කීර්ති වැලිසරගේ
සරසවි ප්‍රකාශන
12 තැප්පා සේ ම ගිණි
සමරවීර විජයසිංහ
සූරිය ප්‍රකාශන
කකා, මෙන්න කියවනවා නම් පොත් සෙට් එක. මේ ටික තමා මේ අවුරුද්දේ නොමිනේට් වෙලා තියෙන්නේ.
මං 2012 රාජ්‍ය සාහිත්‍ය සම්මානයට නිර්දේශ වෙච්ච පොත් කිහියපක් ගත්තා සැප්තැමථබරයේ පොත් ප්‍රදර්ශනයේදී.
Deleteතාම එකක්වත් බලන්ණ බැරි වුණා. රාහුබද්දගේ පොත මං ගෙදර ගේන කොටම අපේ ඇන්ටි කෙනෙක් ඉල්ලා ගත්තා, අඩු ගානේ එයාවත් ඒ පොත කියවන්න ඇති!
ඉස්සෙල්ලම කියෙව්වේ සිබිල් නැන්දගේ බිංදු පත්තරේ.ඊට පස්සේ මල් මාමා පෙනී සිටින “මකා ගේ යලක්“ තිබ්බ විජය.ඊළඟට විදුසර.
ReplyDeleteමට මතක් වෙනවා කතන්දර වගේ අපේ පංතියේ ඉස්සෙල්ලම කණ්නාඩි පොළඟෙක් වෙච්ච ළමයව. එයාව එදා පංතියේ තියන්න අම්මයි තාත්තයි දෙන්නම ආවා.ඒ ළමයා දවසම ඇඩූ කඳුලින් හිටියේ.එයාට විහිලු කරන්න එපා කියල පංතිභාර ගුරුතුමී අපට අවවාද කළා.
ඇත්තටම ඔය කේස් නිසා කොච්චරක් නම් ළමයි ඇස් නරක් කර ගන්නවා ඇතිද?
Deleteඅද පෝස්ට් එකට කමෙන්ට් ගණන 74
ReplyDeleteමා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 9
වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 11
කකා විසින් දමපු කමෙන්ට් ගණන 27
වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 27
කකා කණ්ණාඩි දාපුවාම ඉන්න ඇති පරණ මහාචාර්ය කෙනෙක් වගේ. අපේ පැත්තෙත් ඉන්නවා පරණ ටයි කෝට් දාගත්තු ඉංගිලිස් කතා කරන ටයි කෝට් බුවෙක්.
ReplyDeleteඅද මම 1ද මන්දා
මම එක ඇනෝ