Sunday, 27 February 2011

වෙන්ට කතන්දර සීය


හෝව්, හෝව්, පොඩ්ඩක් ඉන්න, මේ කියන්නේ කතන්දර සීය කෙනෙක් ගැන නම් නෙමේ. ඒක ලඟින් යන එකක්.

ගිය සුමානේ දවසක හොඳ සිද්ධියක් වුණා. ඇත්තම කියනව නං සිද්ධි දෙකයි. වඩාත් හොඳින් කියනව නං, එකම සිද්ධිය දෙපාරක් වුණා, දෙතැනක එකම දවසේ වගේ.

ඒ සිද්ධි දෙක (හෝ එක) තමයි අපේ සිංහල බ්ලොග් දෙකක ම සියවෙනි ලිපිය පලවීම.

අභීත ලියන ටිකක් හිනාවෙන්න බ්ලොග් එකෙයි, පූසෝ ලියන බ්ලොග් ගඩොල් බ්ලොග් එකෙයි, දෙකේම සියවෙනි ලිපිය පල කෙරුණේ එකම දවසේ වගේ. ඇත්තටම පැය කීපයක් එහා මෙහා වෙලා.

මේ සිද්ධියේ මට තියෙන වැදගත් කම තමයි, මේ බ්ලොග් පෝස්ට් දෙකෙන් ම මට පොඩි තෑන්ක් යූ පාරක් ගානේ දාලා තිබීම.

ඉතිං, මේ පෝස්ට් දෙක කියවලා මට පොඩි පහේ අවංක ජොලියක් ආවා ය කිව්වොත් නිවරදියි.

ඒ සතුට වෙනුවෙනුත්, අභීතත්, පූසෙන් තුන් දෙනාත් එක්ක ඒ සතුට බෙදා ගන්නත් එක්ක මට හිතුණා පොඩි අමුතු වැඩක් කරන්න.

ඒක තමයි, මං ඉස්සරහට කතන්දර බ්ලොග් එකේ දාන්න හිතා ගෙන ඉන්න කතන්දර සීයක ලයිස්තුවක් පල කරන්න. මේක තමයි වෙන්ට කතන්දර සීය කියන්නේ. මතකනේ මං මේ ගැන කිව්වා මට රයිටර්ස් බ්ලොක් එක හැදුණු වෙලාවේ.

ඉතිං, මෙන්න ඒ වෙන්ට කතන්දර සීයේ ලයිස්තුව.

001. රෝයල් එකේ ටීචර්
002. දකුණු කුරු දිව් කව්
003. කඩේ යැවීම -කුමාර ට එන්න එපා කියන්න
004. මැයි 22 - ජාතික වීරයෙකු ගේ දිනය
005. වැරදි නමින් කතා කලොත්?
006. අපේ එවුන් ගේ මල් කැඩිලි
007. හන්තානට පායන සඳ -රිවර්ස් ඇක්ෂන්
008. කැම්පස් එකේ කොම්පියුටර් සෙන්ටරේ
009. යූ.ඇම්.පී. ජනරජය
010. මට මේ කුමරුන් කවුදෝ දුන්නේ
011. දළදා මැදුරේ බාරය
012. කුලේ ගේ පරණ ලව් කෝන්තරේ
013. ගලඋඩ කෝලිත
014. දම්පාගම - විදේශප්‍රිය
015. මයි අයිඩියල් ජොබ්
016. පරණ බැග් එක එල්ලා ඇත
017. කුලවංශ බිකම්ස් කූල්
018. මල ගෙදර කතාව -කෝස්වර්ක්
019. එලවලු ජීවිතේ
020. මේක චිකන් ද, ෆිෂ් ද?
021. නාඩි වාක්‍ය බැලීම සහ කේන්දර බැලීම
022. ස්ටාෆ් බස් එක
023. කුසුමලතා ගේ දුව ට සම තැන
024. සන්ග්ලාස් ඇට් ටෙම්පල්
025. සුදු හාමිනේ ට මොකටද ඉස්පිරිතාලේ ඉන්න සල්ලි
026. මොහිදීන් බෙග් මැරුණු දා
027. චී, චී, චී, ලැජ්ජ නැද්ද
028. ලන්ච් ද ඩිනර් ද ? –උදුල් ධර්මවර්ධන ගේ පාටි පොජ්ජ
029. ජනේලට තට්ටු කරන්න මං කන්නම්
030. සතිෂ් පෙරේරා ගේ මනමාලි සෙවීමේ ක්‍රයිටීරියාව
031. අනේ තාම ආවෙ නෑනේ
032. අත ඉඹලා කාල ද බලන්න
033. ෆෝන් එතික්ස්
034. මහරාජා ගේ දොස්තර ක්‍රොස් එක
035. කාර් එකක් ගත්තා
036. කාර් එකේ ප්‍රයෝජන
037. ධර්මායතන යේ සිල් ගැණීම
038. ෂෙයා කරපු කාමරේ
039. හව් ඊස් යුවර් ප්‍රොබ්ලම් Sivakumar?
040. ලක්සෙට බින්දු කීයද?
041. බූරු ඇඳේ ඉංජිනේරුවා
042. ගොවියෝ කැමති කිරීම
043. පිටුවකට ගාන කීයද?
044. භූගෝලීය අසමතුලිතතාවය
045. දුමින්ද ගේ කඩේ යන බඩු ලයිස්තුව
046. හික්කඩුව ලියනගේ -තාත්තාගෙන් පුතාට
047. හාමිනේ ගේ අයිෆෝන් එකේ පාස්වර්ඩ් එක
048. හාමිනේ පෝස්ට් ග්‍රැජුවෙට් කළ හැටි
049. ගෑනි ගේ පඩිය
050. අම්මා බුදුවේවා
051. ස්ලැබ් එක යට ජීවිතේ
052. මගේ ඝනත්වය අඩුයි
053. බඩගිනිවෙලා මා ගිය කල පුතුගෙ ගෙට
054. නියුසන්ස් වැලියු එක
055. පුංචි අම්මා මට කවපු හැටි
056. අංජනී, රසෝ සහ බෝඩිම
057. අඹ වාරේ සහ තුවාල
058. කුප්පි ලාම්පුවෙන් පාඩම් කළ හැටි
059. තුවායයි, මග් එකයි, සරමයි
060. ණුවනක්කාරයෙක්?
061. තිත්ත ඇත්ත -මාතලේ බස් එකේ කතාවක්
062. රිජු දිසානායක = 063 (එකම කතාවට ඈඳුවෙමි)
063. වයිස් චාන්සලර් ගේ පඩිය කීයද?
064. යුතුකම් ඉටු කිරීම
065. ටින්-ටින් පොත්
066. හැඩ්ලි චේස්
067. කිරිපිටි-සීනි–ටිංකිරි
068. එලකියුෂන්
069. හෙට්‍රසාන් පෙත්ත ලොකුද?
070. ලා මෝඩ් එකේ ගායකයෝ සහ මෝරෝන්ස්
071. හදවත ට අත = #73 (එකම කතාවට ඈඳුවෙමි)
072. ටී.එම්. ගේ අල්ලපු ගෙදර
073. ප්‍රේමරත්න ගේ පුතා ප්‍රේමතිලක?
074. හෙය්යංමාරුව
075. රෝමය ගිනි ගනී -මල කෙලියයි
076. රහස් පරීක්‍ෂක කතා සිංහලෙන්
077. බෝඩිමේ කතා-සබන් කෑල්ල, පාං කෑම, නූඩ්ල්ස් කෑම
078. මහදැණමුත්තා ගේ ශිෂ්‍යාව - 2
079. මල්ලි ට කැල්කියුලේටරේ දුන්නා
080. ඒ-ලෙවල් ලකුණු කීයද?
081. ස්විනීතා -නමක වත
082. සල්ලි වෙනුවට මුද්දර
083. ඉංගිරිසි කරාටේ
084. පව්ලේ වැඩි බර
085. අයියේ තෑන්ක්ස්
086. ජනිතා ඉන් නේපෝල්
087. චාරිකා ලර්නර්ස්
088. බැච් එකේ පොර
089. හිල්ටන් එකේ වයින්
090. සුභ අළුත් අවුරුද්දක් වේවා
091. හේමරත්න ගේ අයියා
092. ෆේස් බුක් රැවටිල්ල
093. ඒ-ලෙවල් රී-කරෙක්ෂන්
094. අහමඩාබාඩ් ගමන
095. ආච්චි ගේ මලගෙදර
096. පරගස්දෙනියේ බුද්ධවංශ
097. සර්, මහත්තයා, ටීචර්,මිස්
098. බල්ලා බත් කයි
099. චීත්ත මෝස්තරේ
100. ඉන්ටර්වීව් එක සහ ඩබල් පඩි

මෙහෙමයි, මේවා වෙන්ට කතන්දර විතරයි. කවදා (ලිය)වෙයිද, කොයි ඕඩර් එකෙන් (පල)වෙයිද කියල කියන්න බෑ. මේ වෙන්ට කතන්දර සීය ලියවිලා, පලවෙලා ඉවර වෙන්න කලින්, වෙනම ම කතන්දර සීයක් එන්නත් ඉඩ තියෙනවා.

-කතන්දරකාරයා

ප/ලි
අභීත සහ පූස් සෙට් එක වගේ කතන්දර බ්ලොග් එක කියවලා කික් එකක් අරගෙන විතරක් නෙමේ, කතන්දර බ්ලොග් එකේ තමන් ලියූ කතන්දර පල කරලා, බ්ලොග්කරණයට පිවිසුණු අයත් ඉන්නවා. ඒ අය ගැනත් පස්සේ දවසක ලියන්න ඕනෑ.

අන්න බලන්න වෙන්ට කතන්දර ගාන දැන් ම ම 105 ක් විතර වගේ වුන හැටි!

දැන් ඉතිං හොයන්න කෝ පුළුවන් නං, ඒ බ්ලොග් ටික මොනවාද කියලා.

28 comments:

  1. එල එල... නියමයි නෙ..

    ReplyDelete
  2. හරී එක්කෙනෙක් හරිද?

    ReplyDelete
  3. දවස හැර දවසක් පෝස්ට් දාන නිසා මාසෙකට ආසන්නව පෝස්ට් 15ක් වැටුනොත් ආසන්නව මාස 7ක් විතර යයි මේ පොස්ට් 100ම බ්ලොග් එකේ වැටන්න. o_O

    මාස 7ක් තිස්සේ ලියන්න ඉන්න දේවල් කලින්ම ප්ලෑන් කරන ලෙඩේට මොකක්ද කියන්නේ? :D

    ReplyDelete
  4. @පූසා

    රයිටර්ස් ලූස් ...

    ReplyDelete
  5. කතන්දර 100 ක් නෙමෙයි 1000 කටත් වඩා පලකරන්න ඔබට ශක්තිය හා ධෛර්යය පහලවේවායි මා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  6. පිනි පලස ලියන - හරී
    දැනට එච්චරයි මතක.........

    ReplyDelete
  7. "Writing is a socially acceptable form of schizophrenia." කියලා කවුදෝත් කීවලු.

    ReplyDelete
  8. ජය වේවා!

    ReplyDelete
  9. @වැම්පයර්
    @Heeniyata

    තෑන්ක්ස් පීපල්.

    ReplyDelete
  10. @බුද්ධි
    @සොඳුරු සිත

    ඔබ හරි දැයි මගේ 103 ලිපියෙන් බලන්න.

    ReplyDelete
  11. @පූසා
    ඕකට කියන්නේ අමතක වීමේ රෝගය කියායි.
    මං ඔය ලයිස්තුව හැදුවේ, මතක් වෙන මතක් වෙන වෙලාවට එක එක එකතු කරලායි.

    ReplyDelete
  12. @දිනේෂ් දීපාල්
    ප්‍රාර්තනාව නං හොඳයි ස්තුතියි.
    දැං ඔය ඉතුරු කතන්දර 900 කවුද මට කියන්නේ ලියලා දාන්න?

    ReplyDelete
  13. @Podi Kumarihami

    Yes, but socially acceptable only as far as you dont quote from Ajith Perakuma Jayasinghe's novel - Shasthroo.

    ReplyDelete
  14. මම මේ බ්ලොග් එකට සෙට් උනේ ලගදී.වැඩේ අල්ලලා ගියා.දිගටම එනවා හරි.වැඩේට මම ඉත සිතින් සුභ පතනවා.

    ReplyDelete
  15. නියමයි අයියා ඔයා නමට විතරක් නෙවේ හැබෑවටත් කතන්දර
    කාරයෙක් .

    බලමු බලමු මමත් ලඟදී තමයි කතන්දර කියවන්න එකතු උනේ ...බලන්න දේ ගමකට සෙට් වෙලා වගේ ..

    ReplyDelete
  16. මං හිතුවේ සීය කෙනෙක් ගැන ලියන්න යනවා කියලනේ...☺ ☺

    ReplyDelete
  17. පුලින තලාව ලියන අක්කණ්ඩි, තුන් වැන්නි, හරී...තව??

    ReplyDelete
  18. මාතෘකාව දැක්ක ගමන් හිතුනේ ක.ශු.ට එච්චර වයසකුත් නැතුව කොහොමද බොලේ සීය කෙනෙක් වෙනද යන්නෙ කියල. කතන්දරේ කියෝලා යන්තන් හුස්ම පහලට දැම්මේ. මොකද මන් දන්නා විදියට කතන්දර කියෝන සීය කෙනෙකුට ඉන්නේ මන් විතරය්, තව සීයල ආච්චිලා ඉන්නවා නං අත උස්සන්න.

    කොහොම වුනත් තව කතා 100 කට නිමිති තියෙනව කියල දැක්කම හරි තන්තෝසය්. .

    ReplyDelete
  19. හප්පා දවසට එක ගානෙ ලියන මමත් ප්ලෑන් කරන්නෙ සති දෙක තුනකට කතා විතරයි.

    මේ 100 ම ලියන්න ලැබේවා. ඔබට ජය. මටත් ලියන්න හිතුනෙ මුචලින්ද, කතන්දර, දුකා, ටැබූ වගේ බ්ලොග් බලල

    ReplyDelete
  20. හෆෝයි මම හිතුවෙ කතා 100ක්ම එක පාර දාල කියලා

    දැන් ඉතින් ඕවා එන්න කොච්චර කල් යයිද ? :P

    ReplyDelete
  21. දැන් මේකටත් කතන්දරයක් කියලද කියන්න ඕනි

    ReplyDelete
  22. බොලං මූදට හත් ගව්වක් තියං අමුඩ ගහල නේද? :) මාත් ඉතිං කතන්දර, ටැබූ, දුකා එහම කියවලයි ලිවිල්ලට බැස්සෙ.

    ReplyDelete
  23. @රජිත් අබේසිංහ
    @හිස් අහස

    තෑන්ක්ස්. ලියන්නේ කියවන්නයි. හැබැයි මේක පණ යන වැඩක්!

    ReplyDelete
  24. @ප්‍රියන්ත
    තව කෙනෙක් ඉන්නවා, මං හිතන්නේ මං තාම ප්‍රසිද්ධියේ කියලා නෑ.

    ReplyDelete
  25. @Observer

    කවුරු කවුරුත් සීයලා වෙයි කාලයක් යනකොට.

    ReplyDelete
  26. @රංග
    @ඉෂාර
    @නිෂ්
    @නවම්

    තෑන්ක්ස් ෆ්‍රෙන්ඩෆ්ස්. බලමු, බලමු, මං වැල යන තාලෙට මැස්ස ගහන එකත් කරනවා. හෙට බලන්නකෝ!

    ReplyDelete
  27. හරි කසූ වෙහෙස මහන්සි කම්මැලිකම් නොබලා මේ කතා ටික ලියන්න ගත්තා නම් නේද හොඳ :)

    ReplyDelete
  28. විදේශ කතුවරුන් ගැන ලිපිය " වෙන්ට කතන්දර " එකට දාන්න එපා කකා.. :(

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.