ජීවිතේත් නිකං සෙක්කුවක් වගේ කියල කතාවට කියනව අහල තියෙනව නේද?
අපේ ගම් පැත්තේ තිබුණා සෙක්කු පොළ කියල හරියක්. පාර අයිනේ කඩ මංඩියක් තිබුණා එච්චරයි. අපි දන්න කාලෙ නං එතන තිබුණු සෙක්කුවක් නෑ.
මාර්ටින් වික්‍රමසිංහ ගේ "කළුවර ගෙදර" පොතේ සෙක්කුවක ක්‍රියාවලිය ලියවිලා තියෙනව මට මතක හැටියට. ඒත් ටෙලිය මිස් වෙච්ච නිසා මං තාමත් හැබැහින් තියා රූපෙකින්වත් ජීවිතේට සෙක්කුවක් දැකල නෑ.
ජීවිතේ සෙක්කුවක් වගේ, එහෙම නැත්තං, සෙක්කුවක බැන්ද හරකෙක් වගේ ජීවත් වෙනවා ය කියන්නේ, ඔහේ එක තැන කැරකැවෙන එක විස්තර කරන්නයි.
උදේට නැගිටිනවා. තේකක් බීලා, ටොයිලට් ගිහිල්ලා, ඇඟ හෝදලා, ඇඳ පැලඳගෙන කෝච්චිය අල්ලගන්න දුවනවා. ඊට පස්සේ කෝච්චියේ යන ගමං කතන්දර ලියනවා. වැඩ පොලේදී ඩූඩල් ඇඳ ඇඳ ඉඳලා කෝච්චියේ ම ගෙදර එනවා. එන ගමන් බ්ලොග් එකේ කොමෙන්ට්ස් බලනවා, කතන්දර එඩිට් කරනවා. ගෙදර ඇවිත් තේ බීලා, ඇඟ හෝදලා, බත් කාලා, බ්ලොග් බලලා, තේකක් බීලා, නිදා ගන්නවා.
ඔන්න සෙක්කු ජීවිතේ.
අපි බොහෝ දෙනෙක් සතියේ දවස් පහ ගෙවන්නේ ඔය වගේ මොකක් හරි රටාවකට තමයි. සති අන්තයට විතරක් ටිකක් හරි වෙනසක් වෙන්නේ. ඒත් ඒක ටිකක් ලොකු රවුමක සෙක්කුවක් විතරයි. මේ සෙනසුරාදා, ඉරිදාම තමයි ලබන සතියේ එන්නේත්.
ජොබ් එක ගැන කියනව නං, හොඳම දේ තමයි පඩිය.
එපාම කරපු දේ තමයි තමයි එකම දේ නැවත නැවත කරන්න වෙන එක, චක්කරේ කැරකිලා ආපහු ආවම. ඒ වගේම ජරා, වාත, අල, චා, එපාම එපා කරපු දෙයක් තමයි ජොබ් එක හිතේ තියාගෙන ගෙදර ගෙන්න වෙන එක.
නිවාඩුවක් ගත්තත් තේරුමක් නෑ, මොකද පහුවදා ගියාම මගේ වැඩ ටික එහෙමම තියෙනවා. ඉතිං සතියේ දවස් පහක වැඩ දවස් හතරකින් කරන්න තමයි වෙන්නේ.
ඒ මදිවාට, ලබන සතියේ සඳුදා නිවාඩු දානවා නං, සිකුරාදා ගෙදර යන්න වෙන්නේ මහ රෑ වෙලා, සේරම වැඩ ටික සෙට් කරලා තියලා තමයි.
මේ මොන කරුමයක් ද කියලා හිතෙනවා වෙලාවකට! අන්න ඒ වෙලාවටම තමයි මතක් වෙන්නේ මං කැමතිම "මයි අයිඩියල් ජොබ්" එක.
මෙන්න ඒ පිලිබඳ විස්තර.
- උදේ වරුවේ පහසු ඕනැ වෙලාවක වැඩට යන්න තියෙන්න ඕනෑ.
- හවස් වරුවේ පහසු වෙලාවක ආපහු එන්න තියෙන්න ඕනෑ.
- කෝච්චියේ යන එන ගමන් වැඩ කරන්න පුළුවන් වෙන්නත් ඕනෑ.
- සතියකට දවසක්වත් ගෙදර ඉඳල වැඩ කරන්න තියෙන්නත් ඕනෑ.
- ගෙදර එන කොට හිතේ හරි, බෑග් එකේ හරි දාගෙන ගෙදර අරං එන්න බැරි ජොබ් එකක් වෙන්න ඕනෑ.
- වැඩට නොගිය දවසක වැඩ, පස්සේ ගියාම කරන්න තියෙන ජොබ් එකක් වෙන්න බෑ.
-කතන්දරකාරයා
(image: http://www.learnamericanenglishonline.com/)
කතන්දර;
ReplyDeleteඔය රස්සාවට කියන්නෙ සෙල්ෆ්-එම්ප්ලෝයිමන්ට් කියල නේද?
වෘත්තියෙන් බ්ලොගර් කෙනෙකු වන ඔබට මේ තරම් ප්‍රශ්න එන්නේ ඇයි? බ්ලොග් එකක් පවත්වා ගෙන යන නිසා මාසෙකට ඩොලර් හයදාස් ගානක් හම්බු කරන ඇමරිකන් ගෘහණිය ගැන අහල තියෙනවද? [ලින්ක් එක හොයා ගන්න බැරි වුනා]
මාත් කතන්දරත් එක්ක එකඟයි ජොබ් කියන්නෙ චාටර් සබ්ජෙක්ට් එකක්. පහුගිය අවුරුදු දොළහේ වැඩ කරපු කාලයෙන් ලෝකෙට සමාජයට යහපතක් වෙන්න ඇත්තේ සියයට දශම ගානක් වෙන්න ඇති. ඒ වුනාට අපි හිටියේ හැමදාමත් නිදි මරාගෙන.
වැඩ කරන්න එක වේලාවකුයි ජොලි කරන්න වෙන වේලාවකුයි තියා ගත්තොත් ජිවිතේ අල වෙනවා. මං මේ සටහන ලිව්වේ ඔය ගැන. ඒ කාලේ සිංහලෙන් බ්ලොග් ලියන්න ගදන හිටියේ නම් නැහැ.
I have one. I can go to work in the morning between 6:00 am and 7:30am. Work 10.5 hours. Since I work 10 hours a day I am off 3 days a week - Fri, Sat, and Sun. Out of the 4 days I work, I do tele-work 2 days (work from home)- Mon and Tue. Can't complain.
ReplyDeleteහයියෝ සිම්පල්නේ...
ReplyDelete1. (පාරේ මිනිසුන්ගෙන්) සිඟාකෑම
2. (බස් වල විරිඳු කියා) සිඟාකෑම
3. (ගෙන් ගෙට ගොස්) සිඟාකෑම
ඔය තියෙන්නෙ ජොබ් 3ක් ම... තව ලිස්ට් කරතහැකි...
පහසු වෙලාවක වැඩට යන්න එන්න පුලුවන්... කෝච්චි බස් වල යන ගමන් වැඩ කරන්න පුලුවන් විතරක් නෙවි ටිකට් නැතුව යන්නත් පුලුවන්... පාර ගෙදර වගේ උනාම දවස් පහම ගෙදර ඉඳන් තමයි වැඩ කරන්නෙ... ඔලුවෙ බරක් ඇත්තෙම නෑ... වැඩ ගොඩගැහෙන්නෙත් නෑ. කාරණා 6 ම හරි නේ?
ස්වයං රැකියාවක් එහෙම හොද නැද්ද කතන්දරතුමෝ..
ReplyDeleteචන්දෙ ඉල්ලන්නකෝ. ටිකක් බැනුම් ඇහුවට පරම්පරාවකට හම්බ කරලා ඊට පස්සේ නිකන්ම ඉන්න පුළුවන්. බ්ලොග් ලියන අය චන්දෙත් දෙයි.
ReplyDeleteකතන්දර හොයන ජාතියේ ජොබ් එකක් නම් මේ ලෝකෙ නැතුව ඇති :D
ReplyDeleteඅනිත් අයළඟ ජොබ් කරන්නෙ නැතුව කතන්දර අනිත් අයට ජොබ්
දෙන්න, කතන්දරගෙම ව්‍යාපාරයක් පටන් අරගෙන දියුණු කරගන්න.
මම කියන්නෙ කතන්දරගෙ බොස් කතන්දරම වෙන්න :)
මට නං ඔය ඔක්කොම තියෙන අයිඩියල් ජොබ් කට්ට ලැබිල තියෙනව. අනික පාන්දර නැගිටින්න ඕනෙත් නැහැ, දවල්ට කාල එහෙම වැඩට යන්නෙ. එහෙම වෙලා තියෙන්නෙ නං මාත් එක්ක වැඩ කරන පොර උදේ වරුවෙත්, මං හවස් වරුවෙත් වැඩ කරන්න කැමති නිසා.
ReplyDeleteකෝච්චියෙ බස් එකේ යන්න ෆ්‍රී පාස් එකක් තිබුනත්, විනාඩි දොළහකින් යන්න පුළුවන් ගමනට, පැයක් විතර නාස්ති කොරන්නෙ මොකටද කියල සල්ලි, සල්ලි, කියල බලං නැතුව කාර් එකේ යනවා.
ජොබ් එකට සම්භන්ද කිසි දෙයක්, ගෙදර ගිහින් හිතන්න, ප්ලෑන් කොරන්න වගෙ කරදර නැහැ.
ගෙදර ඉන්නවට වඩා ජොලි වැඩට යන එක, ඒ නිසා නිමාඩු ඉතුරු වෙනව, ඕනෙවට වඩා ඉතුරු වුනාම මොනවද මන්ද ආණ්ඩුවේ ප්‍රතිපත්ති වගේකට අනුකුලව බලෙනුත් නිමාඩු යවනව.
හොඳම හරිය තමා, ජංජාලෙ සැරි සරන්නත් සෑහෙන්න නිදහස තියෙනව,එකම ප්‍රොබ්ලම් එක ආයතනේ කොම්පියුටර් වල සිංහල බාගන්න ඉඩ දෙන්නැති එක, එකට ඉතිං ලැප්ටොප් රාජයා ඉන්නවනෙ. ලඟදි, ලඟදි, දැක්ක හැබය් සමහර සයිට් වල දාල තියෙනව සිංහල බාන්නෙ නැතුව ඕනෙම කොම්පියුටරේකින් ඒ සයිට් කියවන්න, ගාල්ලේ කෂ්ටිය කියන වගෙ "ඇහැකි" කියල.
තව පොඩ්ඩෙන් මතක් කොරන්නම හිටිය එකක් අමතක වෙන්න ගීයෙ.
දැන් සුමානෙක හමාරක ඉඳල "කතන්දර" සයිට් එක ස්ක්‍රෝල් අප් ඩවුන් කොරන්න අමාරු වෙලා, වෙනස් මැෂින් වලින් ට්‍රය් කොලා එකම ලෙඩේ. අනිත් අයටත් මේ ප්‍රශ්නෙ තියෙනවද දන්නැහැ.
මේක ලියල ඉවර වුනාට පස්සෙ දැක්කේ සම්පත් ශ්‍රී ගේ කොමෙන්ට් එක, ඒ ජොබ් එකට ගහන්න නං වෙන එකක් නැහැ.
මං හිතන්නේ කතන්දර හොයන්නේ අර උඩ පින්තූරේ වගේ ජොබ් එකක් වෙන්න ඕන. කවුරුත් ඔය වගේ ජොබ් වලටනම් ආස ඇති. ඇත්තටම අපේ ජීවිත සෙක්කුවක් වගේ තමා. හැමදාම එකතැන කැරකෙනවා නේද කියලත් හිතෙනවා. ඒත් ඉතින් ඕක වෙනස් කරන්න පුළුවන් වෙන්නෙත් අපිටම තමා. සෙක්කුව ගැන නොදන්න අයට මේ සටහන වැදගත් වෙයි කියා හිතනවා.
ReplyDeleteකතන්දර ත්‍රීවීලර් එකක් අරගෙන හයර් දුවන්න පටංගන්න . . . . කෝච්චියෙ යන එක ඇරෙන්න අනිත් ඔක්කොම තියනව.
ReplyDeleteමෙන්න වැඩක්. සෙක්කුවක් දැකල නැහැලු.... හිහි..
ReplyDeleteමටත් දැන් එකම රස්සාව කරල ඇති වෙලා.ඒත් දැන් ඉතින් ලංකාවේ නම් වෙන රස්සාවකට යන එකක් හිතන්නවත් අමාරුයි.
බ්ලොග් ලියල සල්ලි හොයන්න පුලුවන් ද සුජීව අයියේ....
අනේ.. කතන්දර අය්යෙ ජොබ් නැතුව අද කීදෙනෙක් දුක් වින්දිනවද?? උපාධි තියාගෙනෙ පාරක් පාරක් ගානෙ ජොබ් සොය සොයා රස්තියදු වෙනෙ අය කොපමනද?? ඔබ පින්කරල තියෙනෙව නේද . දැන්වත් සිතන්න ඔබ වාසනාවන්තයෙක් කියල.
ReplyDeleteපත්තර කන්තෝරුවක වැඩ හොයාගන්ට.
ReplyDeleteමගේ ජොබ් එකත් ඔහොම තමයි. ඒ කියන්නේ උදේ ආවාම මම ඉන්නේ මගේම තැනක මම කරන වැඩ ගොඩක් නෙට් එකෙන් කරනවා. මගේ ලෙඩ්ඩු ගොඩක් ඉන්නේ පිටරට ඊට පසේ සතියට දින තුනක් විතර මම යන්න ඕනේ කැම්පස් එකට ඒත් 2 වෙනකොට මම ෆ්‍රීරී. ආයිත් හවස මම වැඩ 4 - 8 එතනින් වැඩ ඉවරයි කෙලින්ම ගෙදර. නෝනයි බබයි දවල්ට ඉන්නෙත් මම ඉන්න තැනම. එයාලට ඉන්න පුළුවන් වෙන්න හදලා තියන්නේ. ඉතිං මම කොච්චර වැඩ කලත් ගානක් නැහැ. ස්ට්‍රෙස් නැහැ. ඒ නිසා ආයුර්වේද වෛද්‍යවරයෙක් විදියට මම නම් ගොඩක් සතුටුයි මගේ ජොබ් එකට.
ReplyDeleteඔය වගේ ජොබ් එකක වැටුප් ගෙවිල්ලත් ඒ වගේම වෙයි නේ ද? අර ඉස්සර වගේ "සාධාරණයි හිතෙන ගානක්" ගෙවන්න ගත්තොත් බොස්?
ReplyDeleteසෙක්කුවෙ බැඳපු ගොනා එකතැන කැරකුනත් හැමදාම යන්නේ ඉදිරියටමයි. ඒ ගැන හිතුවෙ නැද්ද?
http://slview.tk/Karuwala-Gedara-95-0-2
සෙක්කු බලන්න.
මගේ රස්සාවට ඕන වෙලාවක යන්න පුළුවන්. වැඩියෙන් වැඩ කරන ඒවා එකතු කරන්න පුළුවන්. ඒවා එකථු වුනාම මම කරන්නේ ටිකක් පරක්කු වෙලා වැඩට යන එකයි. මගේ රස්සාවේ තියෙන එකම හොඳේ එපමණයි.
ReplyDelete@ වෙද ගෙදර මහ වෙදනා,
ReplyDeleteපින් සිද්ධ වෙනව බැරිද කතන්දරටය් ආයෙ ඕනෙ කියන අයටය් වෙදකම උගන්නන්න,හැබය් මේවා කියෝන කෂ්ටිය හුඟක් අය රටේ වෙද්දු, නැත්තන් ලෝක වෙද්දු(ලෝකෙ කාල වතුර බීපු එවුන්)
@ක.ශු.
මොනවා හරි කලාද? දැන් නම් ස්ක්රෝලින් අප් & ඩවුන් කිසි ප්‍රොබ්ලම් එකක් නැහැ.
ජොබ් එකක්ම නොවුනට පස්තාච්චි උපාදි ඔය වගේ කරතහැකි... හැබැයි ඉතින් Loku කිව්වා වගේ පඩි අප්සෙට්! අනිත් එක ඉතින් publication deadline ලං උනාම රෑ තිස්සේ වැඩ කරලා කොහොම හරි ගොඩ දාන්නත් වෙනවා. (මේ මම අද කරනවා වගේ හික්ස්)
ReplyDeleteමගේ ජොබත් මට තිත්ත වෙලා ඒත් ඉතින් මම ඉන්න දිහාවේ ජොබ් එකක් හොයාගන්න තියන අමාරුව මතක් වෙනකොට මොන දහදුක විඳගෙන හරි මටත් ජොබට යන්න වෙලා .. මම කරන්නේ එපාවෙන ජොබක් ..
ReplyDeleteඔයා මාස් පඩිය හරි ගන්නවා ක:ශු . ඒත් මම ගන්නේ දෙමාස් පඩිය . මම ලැබෙන්නේ මාස දෙකකට වරක්..
ගොඩක් තියෙනව... මේවට ගෙවීමක් කොරනවනම් තමා හොඳ..
ReplyDelete* ධනාත්මක චින්තනය, මනෝ විද්‍යාව හා චින්තන වර්ධනය පිළිබඳ ආයතනයක්,
* හැර ගිය පෙම්වතුන් නැවත් ගෙන්වීමේ හා නොවිකෙනන ඉඩම් නැවත විකුණා දෙන ආයතනයක්
* පෙම්වතුන්ට උපදෙස් දීමේ ආයතනයක්
සහ තවත් බොහෝ ව්‍යාපාර ඇත..
නිවසින් දුර බැහරක ආරම්භ කිරීමෙන් කෝච්චීඅ ගමනේ යෙදිය හැකි අතර ඉතා ඉක්මනින් මොන්ටෙරෝවක යාමට වාසනාව උදාවනු ඇත.
අනේ මේ නහින දෙහින කාලෙ රස්සා මාරු නොකර පැන්සොන් යනකල් ඔය රස්සාවම කලොත් නරක ද?
ReplyDeleteමම අද තමා දැක්කෙ අර අසෙනිය කුසුම වීඩියෝ එක.... කතන්දර කාරයට සම්මානය දෙන්න නිවේදන කටයුතු කරන්නෙ මගෙ සත්තලං මල්ලි සුරේන්. මල්ලි දැන් ඉන්නෙ ඩුබායි වල. මට පාළුයි ඌ නැතුව. වීඩියෝ එක දැක්කම මට හරි දුක හිතුන.
අපි තාම ජොබ් කරන්න පටන් ගත්තේ නැති හන්දා දැනට මොකුත් කියන්නේ නැහැ......... කොහොම වුණත් ජොබ් එකේ ඒකාකාරීබව යන්න කරන්න මොකුත් නැද්ද ??
ReplyDelete7. හිතෙන ඕනෙම වෙලාවක ඇවිදින්න/trips යන්න
ReplyDeleteකියන criteria එකත් දා ගන්න කැමති නම්, මගෙ job එක දෙන්නම්..!!
මං දන්න මනුස්සයෙක් හිටියා..උදේට ට්‍රේල් බයික් එකේ එනවා..ඒ එන්නෙත් 11ට විතර..ආවා පැය දෙක තුනක් වැඩ කලා..නාලා කරලා සෙන්ට් පාරක් ගහගෙන ආපහු බයික් එකේම යනවා...සතියට දවස් 4කට වඩා එන්නෙත් නැහැ...ආයමත් කරන රස්සාව ගෙදර ගෙනියන්නෙත් නැහැ...
ReplyDeleteඅන්න ජොබ් එක...කැමතිනං කියමු..හැබැයි ඒකටත් අදාළ වෘත්තීය සුදුසුකමක්නං තියේ..ඒත් කෙටි කාලීන පුහුණුවකින් පස්සේ ඒකත් බැරි වෙන එකක් නැහැ...හැබැයි ගොයියෝ ජොබ් එක කරන්නනං ඔහේ ඉඳලා බැරි වෙයි..ලංකාවටම ගාටන්න වෙනවා.
සෙක්කු බලන්න නඔ ඉතිං කොළඹ දිහාවෙ ආපු වෙලාවක ඇන්ටික් බඩු කඩේකට ගොඩවැදුනනං ඇහැකි. ඉස්සර නං ගාල්ලෙ මාතර අතරෙ පොල් ඉඩම් වල බාගෙට පස් වලට යටවෙච්ච සෙක්කු ඕනෙ තරං තිබුන. ඒත් දෑන් ඒව සේරම උගුල්ලගන ඇවිල්ල නේ. සෙක්කු ගෙදර කියල ටෙළියකත් ඔය සෙක්කුවක් පෙන්නුව මතකයි, ඒකෙ අධ්‍යක්ෂක ඒකාලෙ පත්තරේකට කියල තිබුන සෙක්කුවක් හොයාගන්න නැතුව ආයෙ ගලෙන්ම එකක් කැප්පෙව්ව කියල [ඒ කාලෙ නං ඔය වැලිගම දිහාවෙ වත්තක සෙක්කුවක් තිබුන මතකයි]
ReplyDeleteරස්සා ගැනන නම් ඉතිං ආයෙ ඔය කට්ටිය කියල තියෙන්නෙ හරි හරියට.
@ සංජු
ReplyDeleteසුරේන් කොලුවා ඔයාලගේ නැයෝද ???
@ All
ReplyDeleteසියළු දෙනාටම
පිලිතුරු දෙන්න ප්‍රමාද වැඩියි. හැමෝටම ස්තුතියි.
තව කාලයක් සෙක්කුවම පදින්නම්!
මගේ ජොබ් කටුවත් ඔය කතන්දරගේ අයිඩියල් ජාතියේ එකක්.
ReplyDeleteමට කැමති වෙලාවක යන්න එන්න පුළුවන්, එකම දේ ලොක්කට කියන එක විතරයි..පොර ජීවිතේට එපා කියන්නේ නෑ.
ඔපිසියෙන් ගන්න පුළුවන් ඩොන්ගල් එකෙන් කෝච්චියේ යන ගමන් වැඩ කරන්න පුළුවන්.
ඔය ගෙදර ඉදන් වැඩ කරන එක නම් කොහොමත් මම කරනවා.
අපේ ලොක්කත් කියන්නේ "It's only a job" කියලා... ඉතින් තව මොනවද හිතේ ගෙදර අරන් යන එක ගැන කියන්නේ..අනික පොරමයි කියන්නේ නිවාඩු දවසට උබ නිවාඩු බ්ලැක්බේරිය ඔෆ් කරලා තියපන් කියලා.
මට තියෙන වැඩ ගොඩක් වෙලාවට මම දන්නවා ඉතින් එහෙම ගොඩ ගැහෙන්න නෑ.