Saturday 10 August 2013

හන්තානට පායන සඳ - රිවර්ස් ඇක්ෂන් කේස් එකක් :: A loser with a big L...!


අමරසිරි පීරිස් ගායනා කරන හන්තානට පායන සඳ කියන සින්දුව ඉතිං නොදන්න කෙනෙක් නෑ නේ?

මං මේ කියන්න යන්නේ ඒකේ රිවර්ස් ඇක්ෂන් එක විදියට සලකන්න පුළුවන් කතන්දරයක්.

ඊට ඉස්සෙල්ලා බලමු මේ කියන සින්දුවේ පද මාලාව.

හන්තානෙට පායන හඳ
ලස්සනයි ද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න

අඳුරුලලා වහිනා කළ
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කළ
එපා තනිය දැනෙන්න

ලතා මඩුලු අතවනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න


මේක ලියලා තියෙන්නේ ධම්මික බණ්ඩාර. සංගීතය ඩෙනිස්ටර් පෙරේරා.

මේ සින්දුවේ කේස් එක ඉතාම කෙටියෙන් කියනවා නම් එකට උසස් පෙළ කරපු තමන්ගේ පෙම්වතිය පේරාදෙනිය විශ්ව විද්‍යාලයට යද්දී, විභාගෙන් ෆේල් වෙච්ච අසරණ පෙම්වතෙක් ලව් එකෙනුත් තමන් ම පරාජය බාරගන්නා සිද්ධියක් තමයි මේකේ තියෙන්නේ.

කෙල්ලට විශ්ව විද්‍යාලයේ දී කුඩේ යටින් යන්න පොරක් සෙට් වේවා කියලා ප්‍රාර්ථනය කරන ගමන්, ඒ අළුත් කොල්ලා එක්ක ලවර්ස් ලේන් එකෙන් ගිහින් මහවැලි ගඟ අයිනේ ගස් යට තුරුළු වෙන කොට තමන් ගැන අමතක කරලා දාන්න කියලත් මේ පරාජිතයා කියනවා.



මීට සමාන අදහසක් තියෙන සින්දුවක් කාලෙකට ඉස්සර සනත් නන්දසිරිත් කියලා තියෙනවා. ඒ තමයි නවාතැනෙන් ඇය යනවා කියන සුනිල් සරත් පෙරේරා ලියපු සින්දුව.

හැබැයි ඒක නම් මෙච්චර පරාජිත සින්දුවක් නොවෙයි.

නවාතැනින් ඇය යනවා
වරම් ලබා සරසවියට
මගේ දුකට නුඹ නාඩන්
පාන් කිරිත්තෝ

භද්‍ර යොවුන් විය සපැමිණ
සක්මන් මළුවල පෙම් බැඳ
සිනා කවට බස් පවසති
කුමර කුමරියන්

ඇසුර පතන දූත හසුන්
අවට මැවෙන නවක දසුන්
කුමර වියේ කුමර විකුම්
සසල කරයි සිතුම්

මතක විමන් කවුළු දොරින්
හිස පීරන උදෑසනින්
ඇගේ රුවට ගී ගයන්න
එපා කුරුල්ලෝ

සිල්ප සතර දැන එන තුරු
කල්පකාල පසුවන තුරු
ඉර අවරින් පායන තුරු
සිහින දකින්නම්




ඒ සංසන්දනය කෙසේ වෙතත් මං කියන්න යන හන්තානට පායන සඳ රිවර්ස් ඇක්ෂන් කේස් එක මෙන්න මෙහෙමයි.

ඔන්න එක්තරා කාලෙක එක්තරා විද්‍යාලයක උසස් පෙල පන්තියක හිටියාලු පෙම්වතුන් යුවලක්.

කොල්ලා හොඳට විභාගේ පාස් වෙලා පේරාදෙනිය විශ්ව විද්‍යාලයට තේරුණා. ඒත් කෙල්ල විභාගේ ෆේල් වෙලා වැඩේ අල්ලලා දැම්මා.

දැන් කොල්ලා හිතනවා:

මං පේරාදෙනියේ ගිහිල්ලා එහෙන් කෙල්ලෙක් සෙට් කරගෙන හන්තානේ හඳ බලඤ්ඤං;
කුඩේ යටින් නොතෙමී යඤ්ඤං;
ලවර්ස් ලේන් එක පල්ලෙහා මහවැලි ගඟ අයිනේ ලතා මඩුල්ලේ පෙම් කෙලිඤ්ඤං;

යනාදී වශයෙන්.

එහෙම හිතලා මූ මොකද දන්නවද කෙරුවේ? අර කෙල්ලට බූට් එක දුන්නා.

හැබැයි පොරට වැරදුණ තැන තමයි පොර ආවේ පේරාදෙනිය විශ්ව විද්‍යාලේ කියන මල් උයනෙන් අනිත් පැත්තේ වැලිකතරක තියෙන කම්මල නම් සුරතල් නමින් හැඳින්වෙන ඉංජිනේරු පීඨයට කියන එක.

අන්තිමේදී පොර අවුරුදු හතරක්ම වේලි වේලි ඉඳලා විශ්ව විද්‍යාලෙට ආපු විදියටම තනිකඩයෙක් විදියට අවුට් වෙලා යන්න ගියා!

මේ කේස් එක ගැන ඇත්තටම සින්දු දෙකක් ලියන්න පුළුවනි.

එකක් පොර යුනිවසිටි එකකොට කෙල්ලට බූට් එක දීලා කියපු සින්දුව. ඒක ජොලි බීට් එකකින් කියවෙන ප්‍රීතිජනක ගීයක්. අමරසිරි පීරසිත් ගේ සින්දුවේ රිවර්ස් එක.

අනික අවුරුදු හතරක් ම වේලි වේලී ඉඳලා අවුට් වෙලා යන කොට කියපු සින්දුව. මේ දෙවෙනි එක ගැණ නං ඉතිං කියලා වැඩක් නෑ!

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න පේරාදෙනියේ ලව් එකක් ගැන රසවතිය බ්ලොග් එක කරන හෂිත ලියපු කතන්දරයක්.
http://rasawathiya.blogspot.com/2010/07/blog-post_11.html

55 comments:

  1. කම්මල ඇතුලේ නැති උනාට වට පිටාව ලස්සනයි නේද? මට නං හිතෙන්නේ නොහැකියාව..:)

    ReplyDelete
    Replies
    1. මට අන් අය ගැන කිව නොහැක!

      ;-)

      Delete
  2. අපේ මාරයා මලය නම් ටොප් එකට ලියයි.

    ReplyDelete
  3. මේන්... මෑත කාළයේ පේරා එක වහ දාපු වෙලාවක්. මහාචාර්ය මාතලන් විසින් "හන්තානට පායන සඳ" පද මලාව රෙගේ වර්ශන් එකට නගපු අකාරය...

    http://maathalan.blogspot.com/2012/08/18-campus-closed-2-18.html

    ReplyDelete
    Replies
    1. ඉස්සර පේරාදෙනිය ගැණ ලියවුණු ගීතවලින් මං කැමතිම සින්දුව නන්දා නැන්දා ගයන සුනල් අංකල් ලියූ "හන්තාන අඩවියේ" සින්දුචයි.

      Delete
  4. අඩේ මේ කවියනම් ටිකක් අවුල් වගේ ...... එකට කමක් නෑ ..... එකයි..... දෙකයි....... තුනයි ........ දැන් ඇනොලා ටික එන්න පෝලිමේ .......

    ReplyDelete
    Replies
    1. සතුටු වන්නට එන්න මා පුත
      ගුණේ අයියන්ඩියගෙ කුටියට
      අගුලු ලා නැත දොර පියන් පත
      නිර්ව්‍යාජයට දෙන්න සවනත

      http://kathandara.blogspot.com/2013/07/blog-post.html

      Delete
  5. මට නම් මේ බ්ලොග් කෙරුවාව ගැන කලකිරිලා ඉන්නේ. කකා කමෙන්ට් කපනවා නහුතෙට. මම අද1ද මන්දා ?

    මම එක ඇනෝ. .

    ReplyDelete
    Replies
    1. මොකක්ද මං කපපු ඔබේ කමෙන්ටුව?

      ඔය තියෙන්නේ සේරම මං එක කමෙන්ට්ස්.

      Delete
  6. ආදරය ගැන නොදැනුවත්කම නිසා තවමත් අනවශ්‍ය අන්දමින් මිනිසුන් මිය යෑම සැබැවින්ම ඛේදවාචකයකි. පේරාදෙණිය කම්මලේ බලතණ්හාධිකයන් වපුරන අසත්‍යය, දුර්මත සහ ඔවුන් ගෙනෙන නීති වලින් සිද්ධ වෙන හානිය සඟවමින් කරන දූෂණය ඉදිරියේ මිනිසා මුහුණ දෙන රෝග වලට හේතුපාදක වූ ද්‍රෝහියන් යනු ආදරය යැයි ජනතාව රවටන්නට තවත් ඉඩ දී බලා සිටින හැදියාව ලොව අවසන් කළ යුතු කාලය එළඹී ඇත. මිනිසා විඳින දුකට ප්‍රධාන හේතූන් වී ඇත්තේ වතුර පිරිසිදු කරන භාස්මික ක්ලෝරීන්කරණ තාක්ෂණය පාවිච්චියෙන් තොරවීම, මහජන ජලනල මාර්ග ගැන රජයන් දක්වන නොසැලකිල්ල හා මංකොල්ලය නීත්‍යානුකූල කර පිරිසකට බෙදමින් අනුන්ට නීති හා දඬුවම් කරන හැදියාවයි.

    ReplyDelete
  7. හාන්තන ගෑන අර්ථ දෑක්විම වෑරදියි කකා.මෙක පරාජිත් පෙම්වතෙක් ගෑන නෙමෙයි.පරිත්‍යාගශිලි පෙම්වතෙක් ගෑන සින්දුවක්.ධම්මික පෙරෙරා පෙරේ නෙමෙයි කොලඹ.මෑන් නිවාඩුවට ගිහින් යාලුවොත් එක්ක පෙරේ ඉන්නව.එක නිසා පෙරෙ ගෑන සින්දුවක් ලියන්න ඔන කියලා පස්සෙකාලෙක හිතාගෙන ඉදල තියෙනව.ඔහොම ඉදිද්දි දවසක් එයාට මුන ගෑහෙනව එයාගෙ සිසුවෙක එය ඉස්කොලෙක් උගන්වපු.මෙ ලමයගෙ එ දවස්වල තිබිල තියෙනව ලවු එකක් ගුරුවරයත් දෑනගෙන ඉදපු.එ එක මතක් වෙල මෙ ගිත රචකය අහල"කො ඉස්සර උබත් එක්ක බත් කාපු කෙල්ල "කියල.එතකොට එ ලමය කියල තියෙනව එයා පෙරේට සිලෙක්ට් වුනා.මට යුනිවසිටියන්න ලකුනු මදි උනා.එයා දිගටම සම්බන්දෙ තියාගෙන ගිහින් තියෙනව.නමුත් කොල්ල හිතල තමන්ගෙ සම්බන්දය නිසා මෙ ලමයට පෙරෙ ජිවිතෙ සතුට විදින්න බෑරිවෙනව නෙද කියල.එක නිසා මෑන් එක නතර කරන්න කියල.එත් කෙල්ල කෑමත් වෙලා නෑ.පස්සෙ මෙය ලියුම් වලට උත්තර නොලිය කෙල්ලව මග ඈරල සම්බන්දෙ කඩල දාල.
    එ කොල්ලගෙ හෑගිම තමයි මෙ සින්දුවෙ තියන්නෙ.මෙක තමයි ඈත්තම කතාව.
    ලතා මඩුලු අතවනාවි
    එපා අහක බලන්න
    මා ගැන මතකය ගුලිකර
    මහවැලියට දමන්න

    ReplyDelete
    Replies
    1. දමිත්,
      මේ ගීතය ගැන සිළුමිණ පුන්කලසේ පලවූ ලිපිය මෙන්ම, මා උඩින් දමා ඇති යූටියුබ් වීඩියෝවේත් ඔබ ඔය කියන කතාව සඳහන් වෙනවා.

      එය නැවත කෙටියෙන් ලිවීම ගැණ මගේ ස්තුතිය.

      නමුත් මා කියා ඇත්තේද එය තමයි. නැවත කියවා බලන්න.

      "...විභාගෙන් ෆේල් වෙච්ච අසරණ පෙම්වතෙක් ලව් එකෙනුත් තමන් ම පරාජය බාරගන්නා සිද්ධියක් ...."

      කොල්ලා කර ඇත්තේ තමන්ම පරාජය බාර ගැනීමකි. එනිසා ඔහු පරාජිතයෙක් වෙයි.

      මෙය හීනමානයක් නිසා සිදුවූවක් ලෙසද සමහරු අර්ථ දක්වනු ඇත.

      Delete
    2. ඉතාම සුපරික්ශාකාරිලෙස ලිපිය නොකියවිම ගෑන කනගටුවෙනව කකා.සොරි

      Delete
  8. ගීත දෙකේ අරුත් දෙක සහමුළින්ම මාරු වෙලා සිද්ධ වුණේ නේද?

    ReplyDelete
    Replies
    1. ගීත දෙකත් එකිනෙකට වෙනස් නේ.

      Delete
  9. හොඳ වැඩේ අර කෙල්ලක් නැතුව අවුරුදු හතරක් වේලුනු කොල්ලට. ඔහොම තමා වැරදි නොකරන කෙල්ලන්ට බූට් දෙන කොල්ලන්ට වෙන්ට ඕනි. :D

    ReplyDelete
    Replies
    1. මා හොඳින් දන්නා පරිදි කෙල්ල නං වේලුනේ නෑ!

      Delete
  10. dan sinhalen type karanna amaruyi kaka google walakulu adana mewalam wada karanne naha...

    ReplyDelete
  11. තව එකක් ලියන්න පුලුවන් .. ඇයි කොල්ල බූට් එක දීල කැම්පස් ගියහම කෙල්ල කියපු එක...ඒක අමරසිරි ගෙ සින්දුවෙ ඔපොසිට් වර්ෂන් එක...

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නං, ඒක හොඳයි නීලා වික්‍රමසිංහට කියන්න දෙන්න.

      Delete
    2. ඇයි අර අක්කට දෙන්න ගිහිලා පුක බිම ඇණ ගත්තාම ඔයා කියපු එක...?

      Delete
  12. ඇයි බොස් .. "සීගිරියේ කුරුටු ගීත ලස්සනයී - ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි " වර්ශන් එක.. නොදන්නාකොමට හිනා වෙන්නෙපා ඕන් .



    ReplyDelete
    Replies
    1. ඒ සින්දුව මං අහලා නෑ. හොයලා බලන්නම්!

      Delete
    2. ඇහුවා.

      http://www.youtube.com/watch?v=POfCrtdL_vU

      මේ ගායකයා වගේ නේද අර බ්ලොග් ලියන අමිල චතුරංග සින්දු කියන්නේ.

      Delete
  13. ඇයි බං ආපහු එන දවසේ කොල්ලා කියපු සින්දුව කියන්න පුළුවන්.. කබාය ඉරිලා එකේ පොඩ්ඩක් ලාබාල වර්ෂන් එක!

    ReplyDelete
    Replies
    1. ම්හු, ඒක වයස ගැන කේස් එකක් නේ. මෙතනට කෙලින්ම සෙට් වෙන්නේ නෑ කියලයි මට නං හිතෙන්නේ.

      Delete
  14. ඔය කතාදෙකෙන් අන්තිමට කිව්ව කතාව ගලපන්න පුළුවන් යාලුවෙක් මටත් ඉන්නවා . ඌනම් කොච්චර කිව්වත් අහන්නෙම නෑ . උටත් ඔච්චර තමයි .
    හඃ හඃ හඃ
    සෝයි කතා පොඩ්ඩ !

    ReplyDelete
    Replies
    1. එල්ලෙන්න වැලක් නැතුව අල්ලන් ඉන්න වැල අත අරින්න නරකයි!

      Delete
  15. මේ බ්ලොග් එකට දවස් දෙක තුනක් ආවට කොමෙන්ට් එකක් දාන්නේ අද කොහෙද

    සින්දුව නම් එල එත් ඉස්කෝලේ උදේ රැස්වීමේ කියන්නේ ම ඕක නිසා අහල එපා වෙලා .

    ඊළගට maths කරන අපිටම කෙල වෙන බව තේරුනා

    ReplyDelete
    Replies
    1. මලා!

      දැන් ඉස්කෝලවල ඔය වගේ ලව්/බූට් සින්දුත් දානවාද?

      අපේ කාලේ නං දැම්ම එක ලව් සින්දුව අර "කබරගොයා උගේ සුරතලී, සොයා ඇදේ නගා දිය රැලී" කියන එක විතරයි.

      Delete
  16. යකෝ පෙරේ අවුරුදු හතරක් ඉදලා ගොඩ යන්න බැරි උනු කොල්ලා මොකාද? ඇයි දෙවියනේ අර අනිත් ඒවා වහලාද තිබ්බේ. ඔන්න අපේ එකට ඇවිත් ගොඩ යන්න බෑ කිව්වා නම් ඒක පිළිගන්න පුළුවන්.

    හන්තානට පායපු සඳ පරාජිත කෙනෙක්ගේ ගීතයක් නෙවේ. ඔය ගීත ඇල්බමය කිර්ති ධර්මසිරි කියන අපේ ආදරණිය භෞතික විද්‍යා ගුරුවරයා මුලික වෙලා කරපු නිල් කැට වැස්ස ඇල්බම් එකේ තියෙන්නේ. අපිට සර් කිව්වෙත් දමිත් ගුණවර්ධන කියපු කතාවමයි. කොල්ලෙක්ට කරන්න පුළුවන් උපරිම කැපකිරීමක් ඒ.

    ReplyDelete
    Replies
    1. /* යකෝ පෙරේ අවුරුදු හතරක් ඉදලා ගොඩ යන්න බැරි උනු කොල්ලා මොකාද? */

      කිර්ති ධර්මසිරි ??? මා දන්නේ නෑ, අසා බලන්න.

      කීර්ති ධර්මසිරි කිව්වේ නැද්ද තමන් ගේ ශිෂ්‍යයින් ට පේරාදෙනි නම් යන්න එපා පුතෝ කියලා?

      Delete
    2. /* අපිට සර් කිව්වෙත් දමිත් ගුණවර්ධන කියපු කතාවමයි. කොල්ලෙක්ට කරන්න පුළුවන් උපරිම කැපකිරීමක් ඒ. */

      කීර්ති ධර්මසිරිට, ඔබට හෝ දමිත්ට එලෙස පෙනීමේ වරදක් මා දකින්නේ නෑ.

      නමුත් අවසානයේ සිදුවුනේ කුමක්ද?

      කොල්ලා තමන්ම පරාජය බාර ගැනීමක් නොවේද? කෙල්ල ඒ තත්වයට මුහුණ දුන්නේ කොහොමද යැයි සිතන්න!

      Delete
    3. පරාජයටත් වඩා යතාර්ථය වෙන්නත් පුළුවන්. පිරිමියාට වඩා ගැහැණිය ලොකු රස්සාවක් කරනවා නම් ඒ මිනිහාට වෙන්නේ මුලු ජිවිත කාලයම යටත් වෙලා ඉන්න. මම කියන්නේ ගැහැණිය වහලෙක් වෙලා ඉන්න ඕනේ කියලා නෙවේ. ඒ උණාට තියෙන්න ඕන ගරුත්වය නැති වෙන්න පුළුවන්. ඒ ගැන හිතලා ගත්ත තීරණයක්ද දන්නේ නෑ. ඒ මොනවා උණත් පැහැදිලි අනාගතයක් තිබ්බ කෙල්ලට යන්න ඉඩ දීලා කොල්ලා පරාජිතයෙක් වුණා වෙන්න ඇති. ඒත් ඒක කරන්නේ නැතිව ඒ කෙල්ල පස්සේ ගියා නම් මොකද වෙන්නේ. අනිත් කැම්පස් ගිය හැම කෙල්ලම කරන දේම වෙන්න පුළුවන්. අපේ කැම්පස් එකෙත් පලවෙනි අවුරුද්දේ ඉන්න සේරම කෙල්ලන්ට එළියේ කොල්ලෙක් ඉන්නවා. ඒත් දෙවැනි අවුරුද්ද වෙද්දී ඒක ඉවරයි. අන්තිම අවුරුදු දෙක වගේ වෙද්දී බැජ් එකේම හරි ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් එක්ක හරි ගොඩ යනවා. ඒක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ.

      Delete
    4. "පිරිමියාට වඩා ගැහැණිය ලොකු රස්සාවක් කරනවා නම් ඒ මිනිහාට වෙන්නේ මුලු ජිවිත කාලයම යටත් වෙලා ඉන්න."

      එහෙමනම් මේ ලෝකෙ ලොකුම නිවට පිරිමිය පිලිප් අන්කල්නෙ.

      Delete
    5. මටත් ඕක ඒ කාලේ ඉදන්ම තිබ්බ ගැටලුවක්. ටිකක් හිතලා බලන්න තමුන්ගේ බිරිද මුලු රටේම නායිකාව.

      Delete
  17. ෆැකල්ටි යන්න කලින් වගේ දෙතුන් ගුණයක් කොල්ලො කෙල්ලො ෆැකල්ටි ගියාට පස්සේ පිටින් යාළු වුණ කෙනාට බූට් එක දෙනවා.මේවට කවි කතා ලියන්න ගියොත් පුළුවන් වේවි පොත් පිටින් ලියන්න... :) :)

    මම නං ආස ජොලි මූඩ් පලවෙනි සිංදුවට නෙවේ , වැලේ වැල් නැතුව කියන අන්තිම සිංදුව අහන්න... :D

    ReplyDelete
    Replies
    1. /* ෆැකල්ටි යන්න කලින් වගේ දෙතුන් ගුණයක් කොල්ලො කෙල්ලො ෆැකල්ටි ගියාට පස්සේ පිටින් යාළු වුණ කෙනාට බූට් එක දෙනවා. */

      ඒවා රාගම පැත්තේ කේස්. අපිට අදාල නෑ!

      ;-)

      Delete
  18. කතන්දරකාරයාගේ මූලික අභිප්‍රාය වන්නේ මොනවා ලියුවත් තමන්ගේ හිට් සංඛ්‍යාව වැඩි කර ගැනීමයි.
    ඇනොනීමස් කතන්දරකාරයාට ගසන වාරයක් වාරයක් පාසා වන්නේත්, ඇනොනීමස් තමන්ගේ ලිපිවල කතන්දරකාරයාගේ ලිපිවලට සබැඳි දමනා වාරයක් වාරයක් පාසා වන්නේත් කතන්දරකාරයාගේ අභිප්‍රාය වක්‍රව ඉටු කිරීමකි.
    එසේ නැතහොත් ඇනොනීමස් ආතල් ලියන්නේ තමන්ගේ හිට් සංඛ්‍යාව වැඩි කර ගැනීමට කතන්දර කාරයාම විය හැකිය...

    කෙසේ වුවත් ඇනොනීමස් - ඇනොනීමස්ව සිට බ්ලොග් අවකාශයේ නව මානයක් කරා යන බව මගේ හැඟීමයි.

    Alchemist

    ReplyDelete
    Replies
    1. ඇලාටත් හිතෙන දේවල්!

      Delete
    2. මේ කමෙන්ටුව කොපි පොස්ට් කර ඇත්තේ පහත ස්ථානයෙනි.
      http://anonymousaya.blogspot.com/2013/08/loser-with-big-l.html

      ඔය කියන ලිපිය කියවූ විට මට නම් හිතුනේ දවස් ගානක් උත්සාහ කෙරුවත් මට නම් මේ වගේ භාෂාවකින් ලියන්න බැරි බවයි.

      Delete
  19. ඔන්න හොඳේ....කෙල්ල කියනවලු මෙහෙම ....

    අරලිය මල් සෙවනැල්ලේ
    කුළුදුල් ආදරය
    යන එන විට බඩ වැටියේ
    කුළුදුල් හාදුව ද
    දුන් හැටි අමතක කර නුඹ
    හන්තානට ගිය ද
    අමතක කර හැකි වේවි ද
    කුළුදුල් ආදරය

    හන්තානේ ලස්සන මල්
    පිපී සැලෙන නිබඳ
    නෙලා ගෙනත් නුඹෙ හදවත
    සුවඳ කරාවි............
    පැරණි මතක සුවඳ ඇවිත්
    සිත පාරාවි.............

    ලන්දෙ කුඹුරෙ ගොයම් මලක්
    ලෙස පීදේවි.....
    ගම ගෙදරක මලක් වෙලා
    මා සුපිපේවී......
    පැරණි සුවඳ වෙල් යායේ
    සුළඟට යාවි.......

    ඔන්න ඉතින් කොල්ල නියර දිගේ ගමට එනවලු අර කම්මලේ සිවු වසර නිමා කරල. ඒ එද්දි කෙල්ල ලස්සන කොළු පැංචෙකුත් අතින් අල්ලන් ඒ නියරෙම ප්‍රතිවිරුද්ධ දිහාට යද්දි මූණටම මූණ හමු වෙනවලු.අම්ම කෙනෙක් වුනාට පස්සේ අර ස්කෝල කාලේ කෙඩෑරිව හිටපු කෙලී දැන් හරි ලස්සන වෙලාලු. (පනුවන්ගෙ වැඩ තමයි ඉතින්)

    ගියා මාත් මල් නෙලන්න
    නෙලූ මල දමා
    මල් නැති සුන්දර කතරක
    සිවු වසක් ගෙවා
    එද්දි පරණ මල් මතකය
    සුවඳ දී හමා
    කුමක් කරන්න ද කල පවු
    සමාවෙනු නඟා

    ReplyDelete
    Replies
    1. කකා අහල නැද්ද හොඳ ගෙඩි ගන්නේ පනුවෝ කියල? එක වෙන්නැති මේ කියල තියෙන්නේ.

      Delete
  20. @ All
    මෙන්න මං ලිව්වා අපේ පොර ගේ බූට් සින්දුව - හන්තානට පායන සඳ තාලයට.

    හන්තානෙට පායන හඳ
    ලස්සනයි ද බලන්න
    මා යනවා පේරාදෙනි
    ඔබ ගමේම ඉඳින්න

    ආසිරි වැසි වසිනා කළ
    සරසවි බිම තෙමෙන්න
    කුඩේ යටින් ඇය හා යමි
    එපා නොහොඳ සිතන්න

    ලවර්ස් ලේන් මං යන කොට
    ඇය හා පෙම් කෙලින්න
    මා ගැන මතකය ගුලිකර
    ඇනිකට් එකට දාන්න

    ReplyDelete
    Replies
    1. මා ගැන මතකය ගුලි කර
      පහල ඇලට දාන්න

      Delete
  21. "ඇනිකට් එකට දාන්න"

    මේක රයිම් වෙන්නෙ නෑ. අඩු ගානෙ දෙපා ඇළටවත් දාන්න කිව්වනම් ටිකක් යනව.

    ReplyDelete
  22. මං මේ සිංදුවට කැමතියි. හැබැ‍යි කොල්ලා නම් පට්ට නිවට පොරක් කියලා මට හිතෙන්නේ....

    ReplyDelete
  23. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 53
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 1
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 6
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 24
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 22

    ReplyDelete
  24. කෙල්ල කැම්පස් ගියාම කියන සින්දුවක් තියෙනවා, සුනිල් එදිරිසිංහ කියන 'ශිල්ප සොඳීන් දැන ගන්න ගිහින් නුඹ'.කැම්පස් කියල නැතත් අර්ථය ඒකමයි.මිල්ටන් මල්ලව ආරච්චි ගේ 'දෙනෝදාහක් ගැවසෙන ගැවසෙන සරසවියේ' සින්දුවේ හොඳින්ම තියෙන්නේ මේ කතාවමයි(Not the reverse version but the original one).අහල බලන්න .

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.