Wednesday 23 February 2011

සරොම් අස්සේ ජොකා බලකාය


කාන්තාවන්ට ලංකා සමාජයේ සම තැන තාමත් සම්පූර්ණ වශයෙන් ලැබිලා නැති බව පෙන්වන පොස්ට් එකක් මං පෙරේදා දැම්මා. ඒකට ලැබුණු ප්‍රතිචාරය නං හොඳයි.

කාන්තාවන් ට අසාධාරණකම් වෙන විදියට සෙට් කරලා තියෙන නීතිවලට මූලික හේතුව නම් අනිවාර්යෙන් ම පුරුෂාධිපත්‍යය කියලයි මට හිතෙන්නේ.

සමාජ අසාධාරණයන් ට භාජනය වෙන අය වෙනුවෙන් ඒ ගැන කතා කිරීම ප්‍රගතිශීලී දෙයක්. හැබැයි පහුගිය දවස්වල මට තේරුණා ඕක හැම තිස්සෙම වෙන දෙයක් නොවේය කියලා. අපි පිරිමි වශයෙන් ගෑනුන් ගේ අයිතිවාසිකම් ගැන කතා කළාට අද නැතිවී යන පිරිමින් ගේ අයිතිවාසිකම් ගැණ කවුද කතා කරන්නේ?

දැන් ඔය කොට ගවුම් තහනම් කරන්න යනවාය, ගවුම් වල දිග තීරණය කරන්න කාලෝ ෆොන්සේකා ලොක්කට බාර දීලාය කියල පහුගිය දවස්වල ලොකු හා හෝවක් ගියා මතකද?

ආණ්ඩුවෙන් දාන්න යනවාය කියූ ඒ අවනීතිය ගැන බැනලා නොයෙකුත් ලිපි පවා ලියවුණා. තමන්ට ඕනෑ කොට ගවුමක් ඇඳීමේ කාන්තා පක්‍ෂයේ අයිතිය ගැන පිරිමි පක්‍ෂයේ පුදුම සපෝට් එකක් තිබුනේ.

පුදුමේ කියන්නේ ඒ එක්කම දානවාය කියපු තවත් සංස්කෘතික පොලිස් නීතියක් ගැන වැඩි කතා බහක් ඇති වුනේ නෑ. මේක හැබැයි අපේ පිරිමින් ට බලපාන නීතියක්.

යට ඇඳුම් නැතුව සරොම් ඇඳීම තහනම්!

මේක නං මහා අපරාදයක්. ඝාන්ඨාර මාක් සරමක් ඇඳගෙන නිදහසේ පාරක බැහැලා යන්න ලංකාවේ පිරිමින් ට තිබුණු පරම නිදහස නේද මේ නැතිවෙන්න යන්නේ?

ඕනෑම නීතියක් ක්‍රියාවට නංවලා ඒකෙන් බලාපොරොත්තු වුණු ප්‍රතිපලය ලබාගන්න නම් නීතිය රකිනවාදැයි බලන්න පිරිසක් ඕනෑ. ඒ ගොල්ලෝ නීතිය කඩන අය අල්ලන්නත් ඕනෑ.

දැන් ඔය හයි ස්පීඩ් යනවා අල්ලන්න, අරක්කු බීල කාර් එලවනවා අල්ලන්න පොලීසිය ඉන්නේ. අන්න ඒ වගේ.

ඉතිං මේ සරොම් සහ යට ඇඳුම් නීතියේ තියෙන හොඳම ප්‍රතිපලය මෙන්න මේකයි.

මේ නීතිය කඩන අය අල්ලන සංස්කෘතික හමුදාව තනිකරම "කාන්තා බලකායක්" කරන්න පුළුවන් නේ.

ඒ ගොල්ලන්ට තියෙන්නේ සරොම් ඇඳන් යන අය නවත්තලා සරොම් කාරයෝ නීති ගරුක පුරවැසියෝ ද කියලා බලන්න විතරයි. ඒක සිම්පල් වැඩක් නේ.

නීතිය කඩපු අයට එතනම "දඩ කොළ" දෙනවා. රිපීට් ඔෆෙන්ඩර්ස් ලා ව අධිකරණය හමුවට ගෙන එනවා.

හොඳයි නේද වැඩේ!

මගේ මේ යෝජනාවේ මුලික අරමුණ, ලංකාවේ කාන්තා පක්‍ෂයට රැකියා අවස්ථාවන් තව තවත් වැඩි කිරීමයි.

ඒ එක්කම, මේ කාන්තා සංස්කෘතික බලකායට කාන්තාවන් ගේ ගවුම් කොච්චර කොටද කියලා මැනලා බලන්න දාන අර කාලෝ ෆොන්සේකා බලකායේ අයට දෙන පඩියම හරි හරියට දෙන්න ඕනෑ.

මොකද ලංකාව කාන්තාවන් ට සම තැන දෙන එක ගැන ලෝක ප්‍රසිද්ධ රටක් නේ!

-කතන්දරකාරයා

ප/ලි
ඔය කියන කාලෝ ෆොන්සේකා බලකායට ඒ නම දාන්නේ අපේ කාලෝ ෆොන්සේකා ට උපහාර පිණිසයි. අර කල්පයකට විතර කලින් තිබුණ කුඩහපොල බලකාය, බාලසූරිය බලකාය, චාල්ස් ඇන්තනි බලකාය වගේ.

සරොම් අස්සේ ජොකා බලන බලකායටත් නමක් දාන්න ඕනැ. තාම හිතට ආවේ නෑ හොඳ ගැලපෙන නමක්.

(image: http://halloween-craft.blogspot.com/2010/06/halloween-cop-costume.html)

28 comments:

  1. ෆට්ට අදහස් ටිකක් නේ. මොකද කියන්නේ අයියේ දේසපාලනේට බහිමුද? ඔය කතා ටික වේදිකාවක කිව්වනම් පබාට වඩා මනාප ලැබෙනවා සුවර්!

    ReplyDelete
  2. සරොම් අස්සේ ජොකා බලන බලකායක් ඔය කියන විදියට ආවොත් කොල්ලො යයි සරම ඇඳලා හෝ ගාලා. හැබැයි ඔය බලකා දෙකේම සෙබළ/සෙබළියන්ගෙ උපරිම වයස 35ක් වත් වෙන්න ඕනේ. 50ක විතර අය දාලා හරියන්නෙ නෑ. LOL

    ReplyDelete
  3. අම්මපා මේකනං එහෙං පිටිංම අපේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්..
    ඇත්තටම ඔහොම නීතියකුත් ආවද..?
    කොහේද අපි මේ කාන්තාවන්ගේ කොට ඇඳුම් ටික පරිස්සං කොරන්ට ගෙහුං එහෙම එකක් දැක්කෙම නැහැනේ..

    දැන් ඔතනදී අනිවාර්යයෙන්ම අපි වෙනුවෙන් කාන්තා පාර්ෂවය ඉදිරිපත් වෙන්ට ඕන..මොකද මාත් ඔය කොට ඇඳුං නැති කරන නීතියට සම්පූර්ණයෙන්ම විරුද්ධයි..හැබැයි කවුරුවත් හිතන්ට එපා මං මේ එයාලා නිකං දෙන ඇහැට සැප නැති වෙන හින්දා කියනවා කියලා..
    කවුරුත් කැමතියිනේ ඒසී පාරක් දාගෙන ඉන්න..
    එහෙවු එකේ අපිට දෙයියනේ කියලා හුළං ටිකක් වදින්න තියෙන අවස්ථාවට කෙළවන්න දෙන්න පුළුවන්ද..?
    මං කොහොමත් තව අවුරුදු දෙකකට පස්සේ සම්පූර්ණයෙන්ම කලිසම අතෑරලා සරමට බහින්න හිතාගෙන ඉන්න හින්දා ඔය නීතියට මං එක හෙලාම විරුද්ධයි..
    එහෙම උනොත් ආණ්ඩුව පෙරලනවා මම..ආයේ ඒකේ දෙකක් නැහැ...

    ReplyDelete
  4. ඔන්න එහෙනම් මයියාටත් දඩයක් ලිව්වනම්....වැරැද්ද ඕන තරම් කරන්නත් පුලුවන් නේද?

    ReplyDelete
  5. ෂිහ්... ඒ ගමන සරමක් ඇඳන් පාරේ බැහැලා යන්නත් බැරි වෙන හැඩක්ද...? (ඒ/සී දාගෙන)

    ReplyDelete
  6. සරම් වලට යටින් ඇති දේ ගැන නම් ටැබූට අවබෝධයක් නැහැ. නමුත් අඳන වලට යටින් ඇති දේ ගැන ඇහුවොත් නම් 50%කට වඩා වැඩිය nothing at all කියන්ට පුළුවන්. මා මේ කියන්නෙ පන්සල් වලින් පිටදි. ගෙදර ඉන්නකොට නම් ඉතින් සිවිල් පිට ඉන්න ගිහි පැවිදි භේදයක් ඕනැ නැහැනෙ.

    ටැබූ දන්නෙ කොහොමද?

    ටැබූ තමන්ගේ පරණ පොස්ට් එකකින් උපුටා දක්වන්නට කැමැතියි.

    "සරසවියේදී ඔහුට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සමඟ කුළුපග ඇසුරක් තිබුණු අතර, භික්ෂු නේවාසිකාගාරය අසළ මැද මිදුලෙහි කාටත් නොපෙනෙන සේ අඳනය කැහැපට ගසාගෙන ක්‍රිකට් ගසද්දී ඔවුන් සමඟ සෙල්ලම් කිරීමට තරම් ගිහි විශ්වාසවන්තයකු විය."



    ඒ කාලෙ ටැබූ ඉතින් ඔය යට ඇඳුමක් දෙකක් මහා සංඝරත්නයට පූජා කරලා පිනක් දහමකුත් කර ගෙන තියෙනවා. (නැතුව ඔය කෑගහන මහ ලොකු බෞද්ධ ඇත්තො ඕව අට පිරිකරට දෙනවයැ!)

    මේ මාතෘකාව ගැන තව බොහෝ රසවත් දේ ලියන්ට හැකියි. නොලියන්නේ හේතු දෙකක් නිසා. එකක් ගිහි වුණත් පැවිදි වුණත් තමන් අඳින ඇඳුම තමන්ගේ නිදහස. දෙක ඕවා ලියන්ට ගිහින් ආගමට අපහාස කරනෝ කියල ගෝත්‍රික ජනතාව කෑ මොර දෙන්ට පටන් ගත්තාම කතන්දරගේ බ්ලොග් එකට තමයි කෙළ වෙන්නේ.

    - Taboo

    ReplyDelete
  7. මම සරං අඳින්නේ නැති නිසා මට ඔය නීතිය බලපාන්නේ නෑ . හැබැයි සරංවල අභ්‍යන්තරය පරීක්‍ෂා කරන්න කාන්තා බලකායක් යෙදුවොත් නම් මමත් සරම් අඳිනවා ...

    ලියම ලියවිල්ල පට්ට ඈ ...කාන්තාවොත් බලනවා ඇති .. :)

    ReplyDelete
  8. @පූසා
    මේ කතා කිව්ව නං, පබා තමයි මට ඉස්සෙල්ලාම චන්දේ දෙන්නේ!

    ReplyDelete
  9. @ ~WiX!
    ඔව් ඇත්තටම මේ යෝජනා වේ එක අදහසක් තරුණ පරපුරේ විරැකියාව නැති කරන එක තමයි.
    දෙවෙනි අරමුණ - ඇත්තටම ඔය ජොක් නැතුව සරොං අඳින්න බැරි නීතිය ක්‍රියාත්මක කරන්න සාර්ථක වැඩ පිළිවෙලක් යෝජනා කිරීමයි. මෙහෙම බලකායක් නැතුව මේ නීතිය පිළිපදිනවාද කියලා බලන්න බෑ.

    ReplyDelete
  10. @මාරයා
    යටින් ටැබූ දාලා තියෙන කොමෙන්ටුව මාරයා ගේ පැවිදි සමයට අදාල වෙන්නේ නැතුව ඇති නේද? ඇයි ලොකු වෙලානේ පැවිදි වුනේ!

    ReplyDelete
  11. @මයියා
    තුන් පාරක් දඩ. ඊ ලඟට කර-අඹනවා.

    ReplyDelete
  12. @Jeew
    පිරිමින් ට එක ඒ/සී එකයි නේ. අර කොටුවේ හාමුදුරුවෝ කීව වගේ ගෑනු පාර්ෂවයට නං ඩබල් ඒ/සී.

    ReplyDelete
  13. @Taboo,
    /*සරම් වලට යටින් ඇති දේ ගැන නම් ටැබූට අවබෝධයක් නැහැ.
    */

    අනේ මොකද ඒ? මෙන්න මේ වගේ සිද්ධියක් ද?

    ReplyDelete
  14. @Taboo
    හාමුදුරුවරු විතරක් නෙමේ -ගිහියොත් සරම් ඇඳන් යනකොට ඇයි ෆ්‍රී ඇන්ඩ් ඊසි නොයන්නේ කියලා මට හිතාගන්න බෑ.

    මොකද කලිසම් අඳින කොට වගේ කානුවේ යනවයැ?

    ReplyDelete
  15. @හිස් අහස
    බලාගෙන යනකොට වැඩේ විෂම චක්‍රයක් වෙයි වගේ. නීතිය රකිනවා බලන්න බලකාය ඕනෑ. බලකාය ආවාම නීතිය කඩන අය වැඩි වෙනවා, බලකාය තවත් වැඩි කරන්න වෙනවා!

    ReplyDelete
  16. අමාරුවෙන් හරි අරාබියටත් ආදේශ උනොත් බඩුම තමයි ඉතින්......

    ReplyDelete
  17. /හාමුදුරුවරු විතරක් නෙමේ -ගිහියොත් සරම් ඇඳන් යනකොට ඇයි ෆ්‍රී ඇන්ඩ් ඊසි නොයන්නේ කියලා මට හිතාගන්න බෑ./

    ඔන්න ඩෙස්මන්ඩ් මොරිස් අමතක කරන්ට හිටියාම ආයෙත් මතක් කරනවා!

    මේ The Naked Man පොතේ Testicles පරිච්ඡේදයෙන් කොටසක්.

    මිනිසාගේ ඇඳුම් සකස් වීම කෙරෙහි (අවිඥානකව ) බලපෑ එක් ප්‍රධාන සාධකයක් ඉදිරි පරම්පරාව වෙනුවෙන් ජාන ආරක්ෂා කිරීම. මේ පරිණාමීය අවශ්‍යතාවයක්. හැම මානව කල්තරයකම ඇඳුම් සකස් වීම තුළ වෘෂණ කෝෂ ආරක්ෂා කිරීමට දරා ඇති අවිඥානක වෙහෙස පැහැදිළියි. කොටින්ම මානව පිරිමියාගේ ඇඳුම පටන් ගන්නේම වෘෂණ කෝෂ වසා ගැනීමෙන්. සමහර ප්‍රාථමික ගෝත්‍රික කල්තරයන්හි ඇඳුමින් වැසෙන එකම කොටස වෘෂණ කෝෂ.

    ඉතින් මේ නීතිය පසුපස විද්‍යාත්මක හේතුවක් නැතැයි කියන්ටම බැහැ.

    ඩෙස්මන්ඩ් මොරිස් කියන තව දෙයක් ඍජුව අදාළ නැතිවත් කියන්නම්.

    අප පාසල් යන කාලයේ නම් උසස් පෙළට පවා ඉගැන්නුවේ වෘෂණ කෝෂ ශරීරයෙන් පිටත පිහිටීමට හේතුව ශරීර උෂ්ණත්වය නිසා ශුක්‍රාණු විනාශ වීමට ඇති ඉඩ අවම කිරීමට කියලයි. (තාමත් එහෙමද නැද්ද කියලා පුරු පුරු කියයි.) නමුත් මොරිස් කියන්නේ නවතම පරීක්ෂණ වලින් පැහැදිළි වේගවත් ක්ෂීරපායින්ගේ fast moving mammals (මිනිසා, කොටියා, බළලා) වෘෂණ කෝෂ ශරීරයෙන් පිටත තිබුණාට මන්දගාමී ක්ෂීරපායින්ගේ slow moving mammals (කැබල්ලාවා, ප්ලැටිපස්) එසේ නොවන බවයි. එනිසා සැබෑ හේතුව ලෙස මොරිස් කියන්නේ චලනයේදී වෘෂණ කෝෂ මිරිකීම තුළින් ශුක්‍රාණු විනාශ වීමට ඇති ඉඩ අවම කිරීමට වේගවත් ක්ෂීරපායින් සම්බන්ධයෙන් එසේ වී ඇති බවයි.

    - Taboo

    ReplyDelete
  18. 1. "ජොකා" යනු ඇඩ් එකකි.
    2. අමුවෙන් සරම ඇඳ බස්වල යනවිට ටිකට් දෙක බැගින් ගැනීමට සිදුවිය හැක. එනිසා කාණුවේ නොගියද අමුඩයක්වත් "සතා" පාලනයට (නිරෝගී මිනිසුන්ට ) අවැසිය.
    3. කලකට පෙර කටාර් රාජ්යේ කඩිමුඩියේම පැනවුන නීතියකි "සියලු සේවකයන් (කර්මාන්තශාලාවෙදීම ආසන සවිකරන ලද ) බස් රථ වල පමණක් ප්‍රවාහනය කල යුතුය" යන්න. මෙම නීතිය සති දෙකකට පමණ පසු බලපැවැත්වෙන නිසා සියලු සමාගම් හතර අතේ බස් සොයන්නට විය. ඒ සමඟ ආ ආරංචිය වූයෙ එක්තරා සමාගමක් ඇමරිකාවේ පාවිච්චිකල පාසැල් බස් තොගයක ගෙනැවිත් අඩු මිලට විකුණන බවයි. පසුව දැනගන්නට ලැබුනේ සති දෙකක් තුල බස් රථ සියයකට ආසන්න ගනනක් ඔවුන් විකුන්න් බවද, එම නීතිය රජ පවුලේ සාමජිකයෙක් ගෙනැවිත් විකුනා ගන්නට බැරිව ගාල් කොට තිබූ බස් තොගය තල්ලු කරන්නට ගැසූ ගැටයක් බවත්ය ( එහේ මෙහෙට වඩා වෙනස් නිසා නීතිය තාම තීනව - අර බසුත් දිගටම ගෙන්නනව ). එහෙම බැලුවම දැං කවුරු හරි ( අර වැහෙන්න යන සළු සල වත් )"ජොක්කු" බිස්නස් එකකට අත ගහන්න යනවද දන්නෑ!

    ReplyDelete
  19. වෙනද මේකේ ටෝක් දෙන කාන්තා පාර්ශ්වය හැංගිලා නේද? කැතයි හොඳේ. කොට සාය වෙනුවෙන් අපි නම් ක්‍රියා කලේ ක්ෂණික ව ම. දැක්කද අපේ සද්දෙට ටි බි අන්කල් බය වුනා. අපි එයාට කිව්වේ වැඩිය දැඟලුවොත් "අර කතාව" කියනවා කියලා විතරයි.

    මේකට සපෝට් අඩු ඔය වැඩේ කරන පිරිමින් ඇත්තටම නැති නිසා නේද?

    ReplyDelete
  20. ඉස්සර ජොකා නැතුව යනවට කිව්වෙ ඇතා පිටේ යනවා කියලය්.

    ReplyDelete
  21. @Observer

    ඒ කියන්නේ හොඬවැල පෙන්න පෙන්නා ද ගියේ?

    ReplyDelete
  22. @Sujeewa Kokawala

    කමක් නෑ, මොනව කරන්නද, අපේ ප්‍රශ්ණය අපිම කතා කරමු.
    හැබැයි මේ බලකායේ ඇබෑර්තුවලට නං හොඳට ඉල්ලුම තියෙයි!

    ReplyDelete
  23. @ඉන්දික උපශාන්ත
    එහෙත් එහෙමද ඈ?? මෙහෙත් එහෙමනේ!!!

    ReplyDelete
  24. @Heeniyata
    අරාබියෝ ලෝගුවට යටින් කලිසම අඳිනවා නේද?

    ReplyDelete
  25. @Taboo,
    /* චලනයේදී වෘෂණ කෝෂ මිරිකීම */

    මේ කියන්නේ Testicular torsion නේද?

    ReplyDelete
  26. @All
    කියවූ, කමෙන්ට් කළ සියළු දෙනාටම ස්තුතියි.

    හෙට කතන්දරය කතන්දරහාමිනේ ගේ මෙව්ව එක ගැනයි.

    ReplyDelete
  27. "හෙට කතන්දරය කතන්දරහාමිනේ ගේ මෙව්ව එක ගැනයි"

    මල කෙලියය් හොන්ඩ වැල පෙන්නපු හැටි කියන්න හදනකොට දැක්ක යන්තන්,මගෙ වෙලාව හොඳ හින්දද කොහෙද(කෑමට පෙර යාන්තමට අනුමැතිය ඇතුව අනුමත වෙලා හිටියත්)හෙට ක.ශු.ගේ මාතෘකාව මොකද්ද කියල.බොහොම අමාරුවෙන් බ්රේක් ගහල,ලිස්සල වැටිල බෙල්ල කඩා නොගෙන ශේප් වුනා අද.

    ReplyDelete
  28. හැබැයි කාන්ත‍ාවෝ ජොකා බලන්න දැම්මොත් ෂුවර් කලිසන් අදින එවුනුත් ‍ජොකා නැතුව සරම් අදිනවා. ජොකා ඇදගෙන ගිය එවුන් ඒක නැතුව යනවා.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.